Jump to content

ශ්‍රී ලාංකික ජාතික ජනමත විචාරණය, 1982

විකිපීඩියා වෙතින්
1982 ශ්‍රී ලංකා ජාතික ජනමත විචාරණය
පාර්ලිමේන්තුවෙහි ආයු කාලය වසර හයකින් දිගු කරයි
ප්‍රතිඵල
ඔව් හෝ නැහැ ඡන්ද ප්‍රතිශතය
ඔව් 3,141,223 &0000000000000054.66000054.66%
නැහැ 2,605,983 &0000000000000045.34000045.34%
වලංගු චන්ද 5,747,206 &0000000000000099.63000099.63%
අවලංගු හෝ හිස් ඡන්ද 21,456 &0000000000000000.3700000.37%
මුළු ඡන්ද 5,768,662 100.00%
ඡන්දය දැමීම &0000000000000070.82000070.82%
කොට්ඨාශය 8,145,015
දිස්ත්‍රික්කය අනුව ප්‍රතිඵල
  ඔව්
  නැහැ
[1]


1982 දෙසැම්බර් 22 දිනදී, 1982 ශ්‍රී ලාංකික ජාතික ජනමත විචාරණය පවත්වන ලද්දේ, පාර්ලිමේන්තුවෙහි ආයු කාලය වසර 6 කින් දිගු කිරීමේ විකල්පය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබා දෙනු සඳහාය. එය පළමුවන මෙන්ම, මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැත්වුණු එකම ජාතික ජනමත විචාරණය වෙයි. [1] 1982 ඔක්තොම්බර් මාසයේදී, සය-වසරක නව නිල කාලයකට ජනාධිපති ලෙසින් තේරී පත්වූ, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින්, මෙම ජනමත විචාරණය කැඳවන ලදි. 1983 අගෝස්තු මාසයේදී, එවකට පැවති පාර්ලිමේන්තුව කල් ඉකුත් වීමට නියමිතව තිබියදී, ජයවර්ධන මහතා මුහුණ දුන් ගැටළුව වූයේ, සාමාන්‍ය ලෙසින් මහා මැතිවරණයන් පැවැත්වුවහොත්, ඔහුගේ පාලක එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුව තුල භූක්තිවිඳිමින් සිටි අතිමහත් සුපිරි-බහුතරය අහිමි වීමේ අවදානමයි. ඔහු එබැවින්, පාර්ලිමේන්තුවෙහි අවයවයන් නොවනස්ව තබමින්, එහි ආයු කාලය දික් කිරීම සඳහා ජනමත විචාරණයක් යෝජනා කල අතර, එමගින් එක්සත් ජාතික පක්ෂය විසින් එහි තුනෙන්-දෙකක පාර්ලිමේන්තු බහුතරය පවත්වාගෙන යෑමට ඉඩ සලස්වා ගැනීමට සිතීය.

ඔහු ඇරඹූ වැඩසටහන් නිම කිරීමට, එවිට පැවති පාර්ලිමේන්තුව දිගටම පැවතීම අවශ්‍ය බව ජනාධිපති ජයවර්ධන කියා සිටි අතර, එබැවින් එහි වාරය දිගුකිරීමට ජනමත විචාරණය යෝජනා කලේය. ජයවර්ධන මහතාගේ ඒකාධිපතිමය පියවරක් ලෙසින් මෙම ජනමත විචාරණය විග්‍රහ කල විපක්ෂ දේශපාලන පක්ෂ විසින් ජනමත විචාරණයට දැඩි ලෙසින් විරුද්ධ වෙමින් ජනමත විචාරණය හරහා පාර්ලිමේන්තුවේ යෝජිත දිගුව පරාජය කිරීමට දැඩි ප්‍රයත්නයක යෙදුනහ.

මැතිවරණයෙහිදී, ඡන්දදායකයන් වෙත ඉදිරිපත් කෙරුණේ පාර්ලිමේන්තුවෙහි ආයුකාලය දිගු කර ලීම සඳහා යෝජනාවක් වන අතර, “ඔව්” ලෙසින් හෝ “නැහැ” ලෙසින් ඡන්දය ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටිණි.මෙහිදී 'ඔව්' යන්න දැක්වීමට ලාම්පුවක'සලකුනක් ද'නැත යන්න දැක්වීමට කළගෙඩියක සලකුනක් ද යොදාගෙන ඇත. ප්‍රකාශිත ඡන්ද අතුරින් 54 ප්‍රතිශතයක්, පාර්ලිමේන්තුවෙහි ආයු කාලය දිගු කිරීමට කැමැත්ත පල කළහ. එබැවින්, පැවැති පාර්ලිමේන්තුව, 1983 අගෝස්තු මස සිට බල පවත්වන පරිදී, තවද වසර හයකින් දිගු කෙරුණු අතර, 1989 මහා මැතිවරණය පැවැත්වෙන තුරු සක්‍රීයව පැවතිණි.

පසුබිම

[සංස්කරණය]

නිදහස ලැබීමෙහි සිට, ශ්‍රී ලංකාවට නායකත්වය සැපයුවේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හෝ මෙම පක්ෂ දෙකෙන් එකක් විසින් මෙහෙයවුනු සභාග රජයන් විසිනි. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් නායකත්වය සැපයුණු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, 1970 මහා මැතිවරණයේදී වසර-5 ක ජන වරමක් ලැබුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සංශෝධන සම්මත කරලීමට හැකි වන පරිදී තුනෙන්-දෙකක සුපිරි-බහුතරයක් පාර්ලිමේන්තුව තුල දිනා ගනිමිනි. බණ්ඩාරනායක මහත්මිය විසින්, 1972දී, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කල අතර, එසේ කිරීමේදී ඒකපාර්ශවිකව පාර්ලිමේන්තු ආයු කාලය වසර 2කින් දිගු කලේ 1977 දක්වාය..[2]

1977 වන විට, ශ්‍රිලනිප රජය අතිශයින් ජන අප්‍රසාදයට ලක්වී තිබුණු අතර, ජේ. ආර්. ජයවර්ධන මහතා නායකත්වය හෙබවූ එක්සත් ජාතික පක්ෂය විසින් විශාල බහුතරයක් සහිතව 1977 මහා මැතිවරණය දිනා ගත්තේ, පාර්ලිමේන්තුවෙහි ආසන 168 අතුරින් ආසන අතුරින් -- හයෙන්-පහකට කිට්ටු සංඛ්‍යාවක් වන-- 140 ක් දිනා ගනිමිනි.ශ්‍රීලනිප දිනාගත්තේ ආසන 8 ක් පමණක් වන අතර, ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර දෙමළ බහුතරයක් සහිත ප්‍රදේශ වල ඡන්ද පදනමෙන් පමණක් ආසන 18 ක් දිනාගත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පසුපසින්, පාර්ලිමේන්තුව තුල තුන්වන විශාල පක්ෂය බවට පත් විය.[3] ජයග්‍රහණයෙන් අනතුරුව, එජාප විසින් පාර්ලිමේන්තුව තුල ඔවුන්ගේ තුනෙන්-දෙකක බහුතරය භාවිතා කරමින්, විධායක ජනාධිපති තනතුරක් එක් කල හා, මන්ත්‍රීවරුන් 225 ක් දක්වා විස්තාරණය කල පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කිරීමට සමානුපාතික නියෝජන ක්‍රමයක් හඳුන්වා දුන්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත් අතර, තෝරා පත් වන ජනාධිපතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු වල ආයු කාලයන්, තේරී පත්වන දිනයෙහි සිට වසර 6 ක් දක්වා දිගු කර ගති. 1978දී, ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙසින් තමන් නම් කර ගත් ජයවර්ධන මහතා, බටහිර-ලැදි විදේශ ප්‍රතිපත්තියක් සහ නිදහස් ව්‍යවසාය ක්‍රමයක් ඉදිරිපත් කිරීම තුලින් සිදු කෙරෙන ආර්ථික සංවර්ධනයක් පොරොන්දු විය.[3]

මින් අනතුරුව, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු පත් කර ගැනුමට පළමු සෘජු ඡන්දය පැවතියේ 1982දී වන අතර, ජනාධිපති ජයවර්ධන විසින් ප්‍රකාශිත ඡන්ද වලින් 52% ලබා ගති.[4] අගමැතිනිය ලෙසින් ඇයගේ ධූර කාලයේදී බලය අනිසි ලෙසින් භාවිතා කිරීමේ චෝදනාව මත 1980දී ඇයගේ සිවිල් අයිතිවාසිකම් අහිමි කිරීම නිසා, හිටපු අග්‍රාමාත්‍යය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට මෙම මැතිවරණයෙහිදී තරග වැදීමට නොහැකි විය.[4][5]එමනිසා, ශ්‍රීලනිප අපේක්ෂකයා වශයෙන්, එතරම් ප්‍රකට නොවූ හෙක්ටර් කොබ්බෑකඩුව ඉදිරිපත් කොට,ජනමතයෙන් 35% ලබාගැනුමට ඔහු සමත් විය.[2] වසර 30 කින් පසුව, බලයේ සිටි පක්ෂයක් ශ්‍රී ලංකාවේ ජාතික මැතිවරණයක් දිනා ගැනුමට සමත් වූ ප්‍රථම අවස්ථාව වශයෙන් මෙය සටහන් විය. ඒ වන විට, මෙවැන්නක් සිදුවී තිබූ පළමු අවස්ථාව වූයේ, ඩී.එස්. සේනානායක මහතා විසින් මෙහෙයවුනු එක්සත් ජාතික පක්ෂය විසින්, 1952 මහා මැතිවරණය ජයග්‍රහණය කිරීමය.

විධායක ජනාධිපති වශයෙන්, රජයේ ප්‍රතිපත්ති නිශ්චය කිරීමේ මහත් බලයක් ජයවර්ධන මහතා සතුව තිබුණි. කෙසේවෙතත්, අයවැය සම්මත කරවාගැනුමට සහ ප්‍රධාන ආර්ථික තීරණ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඔහු හට අවශ්‍ය විය.[3] එබැවින්, ඔහුගේ ජයග්‍රහණයේ සීමාන්තිකය, එජාපය වෙත ගැටළුවක් ඇති කර ලීය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ, මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ අවස්ථාවක, ඔවුන් දැන සිටියේ, ජනාධිපතිවරණය වැනි ප්‍රතිඵලයක් විසින්, පක්ෂය භුක්ති විඳිමින් සිටි සුපිරි බහුතරය අහිමිවන බවයි. 1982 වන විට, අතුරු මැතිවරණ ගණනාවක ප්‍රතිඵලයක් වශයෙන්, තවත් ආසන දෙකක් එක් කර ගෙන ආසන 142 හිමි කර ගෙන තිබූ එජාප, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සංශෝධන සම්මතය සඳහා අවශ්‍යව තිබු තුනෙන් දෙකක බහුතරය අභිබවා සිටියහ. [3][4] මාධ්‍යය ඉදිරියේ ජයවර්ධන මහතා පිළිගෙන තිබුණේ, විස්තීරණය කරනු ලැබූ පාර්ලිමේන්තුව සඳහා පැවැත්වෙන මැතිවරණයකදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවම වශයෙන් ආසන 60 ක් හෝ දිනා ගන්නා බවත්, එවැනි හැකියාවක් ඔහු පවසන පරිදී රටට ව්‍යසනකාරී බවත්ය.[3][4]

මූලික පියවර

[සංස්කරණය]

එජාපයෙහි පාර්ලිමේන්තු සුපිරි-බහුතරය පවත්වාගෙන යෑමට, සෘජු මැතිවරණ නොපවත්වා, පාර්ලිමේන්තුවේ ආයු කාලය දීර්ඝ කිරීමට ජයවර්ධන මහතා තීරණය කලේය. මෙය සිදු කිරීම සඳහා, පාර්ලිමේන්තුවේ තුනෙන්-දෙකකට වඩා කොටසක සහයෝගය ලබා ගැනීමට රජයට අවශ්‍යවූ අතර, ජාතික ජනමත විචාරණයක් තුලින් ජනතාවගේ අනුමැතිය මෙම දීර්ඝ කිරීම වෙත ලබා ගැනුමටද ජයවර්ධන මහතා තීරණය කලේය. එහි පළමු පියවර වශයෙන්, 1989 අගෝස්තු 4 දින දක්වා බල පවත්වන පරිදී, පාර්ලිමේන්තුවේ ආයු කාලය සය වසරකින් දිගු කිරීම යෝජනා කරමින්, රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 4වන සංශෝධනය ඉදිරිපත් කලේය.[2] මෙම පණත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීමේදී, විනිශ්චය මණ්ඩලය 4-3 ලෙසින් බෙදී සිටියහ. විනිශ්චය විසින් දක්වා සිටියේ "මෙම අධිකරණයෙහි බහුතරය අදහස් කරනුයේ, පළමු පාර්ලිමේන්තුවේ වාර කාලය, යෝජිත පරිදී දිගු කර හැක්කේ (මෙසේ නම් පමණි) 83 ඡේදය ප්‍රකාර (පාර්ලිමේන්තුවෙහිදී) විශේෂ බහුතරයක් සහිතව සම්මත කර ගැනීමෙන් සහ ජනමත විචාරණයක් තුල ජනතාවගේ අනුමැතියට පාත්‍ර කිරීමෙනි."[2]

පසුව, 1982 නොවැම්බර් 5 දිනදී, මෙම පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.[2] පාර්ලිමේන්තු සභා ගර්භයෙහි සිටි සියළු එජාප මන්ත්‍රීවරු පණතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ශ්‍රීලනිපයෙහි මෛත්‍රීපාල සේනානායක සහ හලීම් ඉෂාක් යන මන්ත්‍රීවරුද පණතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. 1975 දී පාර්ලිමේන්තුව වසර දෙකකින් දීර්ඝ කිරීමට සහාය පලකිරීමට තමන් පෙරදී ක්‍රියා කල බැවින්, මෙම සංශෝධනයට විරුද්ධ වීමට සදාචාරාත්මක අයිතියක් තමන් හට නොමැති බව සේනානායක මහතා පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශ කර සිටියේය. තම පක්ෂය පණතට විරුද්ධ වන බවට ප්‍රධාන විරුද්ධ පක්ෂයවූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙහි නායක අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් ප්‍රකාශ කර සිටියද, දෙඑවිපෙ පක්ෂයෙහි සියළු මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැලකී සිටියහ. පණතට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කෙරුණේ, ශ්‍රීලනිප පක්ෂයෙහි ලක්ෂ්මන් ජයකොඩි, අනුර බණ්ඩාරනායක සහ ආනන්ද දසනායක වෙතින් සහ කොමියුනිස්ට් පක්ෂයෙහි මන්ත්‍රීවරයෙකුවූ සරත් මුත්තෙට්ටුවගම වෙතින් පමණි.අවශ්‍යව තිබූ තුනෙන්-දෙකක බහුතරය පහසුවෙන් පසු කරමින් පණත සම්මත වූයේ, පක්ෂව ඡන්ද 142 ක් සහ විරුද්ධව ඡන්ද සතරක් ලබමිනි.[2]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b "රෙෆරන්ඩම්ස්". හෑන්ඩ්බුක් ඔෆ් පාර්ලිමන්ට්. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 2010-02-27.
  2. ^ a b c d e f කේ. ටී. රාජසිංහම්. ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
  3. ^ a b c d e ෂාර්මා, කේ. කේ. (1982-12-22). "ජයවර්ධන රිස්ක්ස් බීං ඩබ්ඩ් අ ඩික්ටේටර්". ද ෆයිනෑන්ෂල් ටයිම්ස්. 
  4. ^ a b c d "මිස්ටර් ජේ ආර් ජයවර්ධන, ප්‍රසිඩන්ට් ඔෆ් ශ්‍රී ලංකා, හෑස් ආස්ක්ඩ් ද කන්ට්‍රීස් 1මිලියන් වෝටර්ස් ටු එක්ස්ටෙන්ඩ් ද ලයිෆ් ඔෆ් ද ප්‍රසන්ට් පාර්ලිමන්ට් බයි සික්ස් ඉයර්ස්". ද ෆයිනැන්ෂල් ටයිම්ස්. 1982-12-22. 
  5. ^ ෂර්මා, කේ. කේ. (1982-12-24). "පෝල් වින් ගිවුස් ජයවර්ධන ෆ්‍රී හැන්ඩ්". ද ෆයිනෑන්ෂල් ටයිම්ස්. 

බාහිර සබැඳි

[සංස්කරණය]