ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2004

විකිපීඩියා වෙතින්
13වන ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය
ශ්‍රී ලංකාව
← 2001 2004 අප්‍රියෙල් 2 2010 →

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සියළු ආසන 225
බහුතරයක් සඳහා ආසන 113 අවශ්‍ය විය
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය75.96%
  පළමුවන පක්ෂය දෙවන පක්ෂය
  Chandrika Kumaratunga.jpg Ranil Wickremesinghe.jpg
නායකයා චන්ද්‍රිකා කුමාරතුංග රනිල් වික්‍රමසිංහ
පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පෙරමුණ
නායකයාගේ ආසනය n/a කොළඹ දිස්ත්‍රික්කය
අවසන් මැතිවරණය ආසන 109, 45.60% ආසන 77, 37.20%
දිනා ගත් ආසන 105 82
ආසන වෙනස +12 -27
ජනප්‍රිය ඡන්ද 4,223,970 3,504,200
ප්‍රතිශතය 45.60% 37.83%
වෙනස්වීම -0.01% -7.73%

Sri Lankan Parliamentary Election 2004.png
මැතිවරණ කොට්ඨාශයන්හී ජයග්‍රාහකයෝ. එජනිස නිල් පැහැයෙන්ද, එජාපෙ කොළ පැහැයෙන් ද දැක්වේ.

අගමැති මැතිවරණයට පෙර

රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පෙරමුණ

අගමැති-නාමෝද්දේශිත

මහින්ද රාජපක්ෂ
එක්සත් ජනතා නිදහස් සන්ධානය

2004 අප්‍රේල් 2 දිනදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විණි. ආණ්ඩු බලයේ සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වූ අතර, මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සවන්විතවූ ශ්‍රී ලාංකික පාර්ලිමේන්තුවෙහි ආසන අසූ දෙකක් පමණක් දිනාගැනීමට ඔවුහූ සමත් වූහ. විපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 105 දිනාගත්හ. නියත බහුතරයක් සඳහා මෙහිදී ආසන අටක හිඟයක් තිබුනද, රජයක් පිහිටුවීමට සන්ධානය සමත් විය.