බ්‍රිතාන්‍ය ලංකාවේ ව්‍යවස්ථාදායක සභා මැතිවරණය, 1911

විකිපීඩියා වෙතින්


බ්‍රිතාන්‍ය ලංකාවේ මුල්ම ව්‍යවස්ථාදායක සභා මැතිවරණය 1911 වසරෙහිදී පැවැත්විණි.[1] ආසන සතරක් සඳහා තෝරා පත් තරගනු ලැබූ අතර, සෙස්ස ආණ්ඩුකාරවරයා විසින් පත් කෙරිණි. ග්‍රාමීය සහ නගරබද වැසියන් සඳහා නව ආසන දෙක වෙනුවෙන් (පෙරදී මෙම ප්‍රදේශ නියෝජනය වන පරිදී ආණ්ඩුකාරවරයා විසින් මන්ත්‍රීවරුන් තිදෙනෙකු පත් කරන ලදි) එක් එක් ආසනයක් සඳහා ඉදිරිපත්වී තිබුණේ එක් අපේක්ෂකයෙක් බැගින් වූ අතර, "උගත්" ලාංකිකයන් සඳහා වූ ආසන දෙක සඳහා පැවති තරගයෙහිදී, ජයග්‍රහණය කල අපේක්ෂකයන් දෙදෙනම විශාල පරතර සහිතව ජයග්‍රහණය කලහ.[1]


ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 "අවුට්පෝස්ට්ස් ඔෆ් එම්පයර්" ද ටයිම්ස්, 3 මැයි 1912