ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1947

විකිපීඩියා වෙතින්
1වන ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය
බ්‍රිතාන්‍ය ලංකාව
← 1936 1947 අගෝස්තු 23 - 1947 සැප්තැම්බර් 20 1952 →

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සියළු ආසන 95
බහුතරයක් සඳහා ආසන 48 අවශ්‍ය විය
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය61.3%
  පළමුවන පක්ෂය දෙවන පක්ෂය
 
නායකයා ඩී.එස්. සේනානායක එන්. එම්. පෙරේරා
පක්ෂය එක්සත් ජාතික පක්ෂය ලංකා සම සමාජ පක්ෂය
මෙදින සිට නායකයා 1946 1945
නායකයාගේ ආසනය මීරිගම රුවන්වැල්ල
දිනා ගත් ආසන 42 10
ජනප්‍රිය ඡන්ද 751,432 204,020
ප්‍රතිශතය 39.81% 10.81%

අග්‍රාමාත්‍යවරයා මැතිවරණයට පෙර

තනතුර නොපැවතිනි

අග්‍රාමාත්‍යවරයා මැතිවරණයට පසු

ඩී.එස්. සේනානායක
එක්සත් ජාතික පක්ෂය

ක්‍රි.ව. 1947 අගෝස්තු 23 සිට සැප්තැම්බර් 20 දක්වා බ්‍රිතාන්‍ය ලංකාවේ මහා මැතිවරණය පැවැත්විණි.

පසුබිම[සංස්කරණය]

මෙය ශ්‍රී ලංකාවේ (එකල සිලොන් නම් වූ) පැවති පළමු ජාතික මැතිවරණය ලෙස සලකනු ලැබේ. එහෙත් සැබැවින්ම එය සිදු වූයේ නිදහස ලැබීමට පෙර වන අතර, සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ පැවැත් වූ පළමු මැතිවරණය ද මෙයයි.

නිදහස් අරගලය සඳහා නායකත්වය දුන් නායකයින් කීපදෙනෙක් ම ඩී.එස්. සේනානායක මහතා නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය තුළ දැකිය හැක. විරුද්ධ පක්ෂයන් වූයේ ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂය සහ ඉන්දියාවේ බොල්ෂෙවික් ලෙනින් පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා ඉන්දියානු කොංග්‍රසය සහ ස්වාධීන පෙළ ය.

ප්‍රතිඵල[සංස්කරණය]

සේනානායක මහතාගේ එජාපය ට බහුතරයක් ලබා ගැනීමට නොහැකි වුව ද, දෙමළ ප්‍රදේශ වල ආසන වලින් වැඩිම ප්‍රමාණයක් දිනාගත් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය සමග සන්ධානගත වීමෙන් ආණ්ඩුවක් පිහිටුවීම ට සමත් විය.

ශ්‍රී ලංකාව සම්පූර්ණ නිදහස ලබා නොගෙන ඩොමිනියන් රාජ්‍යයක් බවට පත් විය. බ්‍රිතාන්‍යය මෙරට හමුදා කඳවුරු පවත්වා ගෙන ගිය අතර ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව ලෙස පැවතෙමින් පාලන පද්ධතියේ බොහෝ කොටස් බ්‍රිතාන්‍යය නිලධාරීන් සමග ම බ්‍රිතාන්‍ය අත පැවතිණි.


සං • සා 1947 ලාංකික පාර්ලිමේන්තු මැතිවරණයෙහි සාරාංශය
පක්ෂය අපේක්ෂකයන් ඡන්ද % ආසන
  එක්සත් ජාතික පක්ෂය 98 751,432 39.81 42
  ලංකා සම සමාජ පක්ෂය 28 204,020 10.81 10
  සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය 9 82,499 4.37 7
  ලංකා ඉන්දියානු කොංග්‍රසය 7 72,230 3.83 6
  බොල්ෂෙවික් ලෙනින් පක්ෂය / බොල්ෂෙවික් සමසමාජ පක්ෂය 10 113,193 6.00 5
  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය 13 70,331 3.73 3
  ලංකා කම්කරු පක්ෂය 9 38,932 2.06 1
එක්සත් ලංකා කොංග්‍රසය 2 3,953 0.21 0
ස්වරාජ්‍ය පක්ෂය 3 1,393 0.07 0
  ස්වාධීන 181 549,381 29.11 21
වලංගු ඡන්ද 360 1,887,364 100.00 95
ප්‍රතික්ෂේපිත ඡන්ද
මුළු ඡන්ද
මුළු ඡන්දායකයෝ1 1,710,150
ලියාපදිංචි ඡන්දදායකයෝ 3,048,145
ඡන්දය ප්‍රකාශ කිරීම2 56.10%
මූලාශ්‍රය: ශ්‍රී ලංකා සංඛ්‍යාලේඛන
Some variation exists over the exact results.
1. Total electors polled is less than total votes polled due to
multiple-member seats where electors can cast more than one vote.
2. Actual turnout was slightly higher due Puttalam electoral district which
was uncontested and returned H. S. Ismail (UNP).


මූලාශ්‍ර[සංස්කරණය]

  • "Result of Parliamentary General Election 1947" (PDF). Department of Elections, Sri Lanka.
  • "1947 General Election Results". LankaNewspapers.com.
  • "Table 31 Parliament Election (1947)". Sri Lanka Statistics. 10 February 2009.
  • රාජසිංහම්, කේ.ටී. (2001 ඔක්තෝබර් 20). "Chapter 11: On the threshold of freedom". Sri Lanka: The Untold Story. Asia Times. {{cite web}}: Check date values in: |date= (help)
  • රාජසිංහම්, කේ.ටී. (2001 ඔක්තෝබර් 27). "Chapter 12: Tryst with independence". Sri Lanka: The Untold Story. Asia Times. {{cite web}}: Check date values in: |date= (help)