Jump to content

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2015

විකිපීඩියා වෙතින්
(ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2015 වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකාවේ 7වන ජනාධිපතිවරණය
ශ්‍රී ලංකාව
← 2010 8 ජනවාරි 2015 (2015-01-08) 2019 →
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය81.52%
 
අපේත්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ
පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
සන්ධානය පොදු අපේක්ෂක[N 1] එක්සත් ජනතා නිදහස් සන්ධානය
ජනප්‍රිය ඡන්ද 6,217,162 5,768,090
ප්‍රතිශතය 51.28% 47.58%

මැතිවරණ කොට්ඨාසයන්හි ජයග්‍රාහකයෝ

– මෛත්‍රීපාල සිරිසේන

– මහින්ද රාජපක්ෂ

ජනාධිපති මැතිවරණයට පෙර

මහින්ද රාජපක්ෂ
එක්සත් ජනතා නිදහස් සන්ධානය

ජනාධිපති මැතිවරණයට පසු

මෛත්‍රීපාල සිරිසේන
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය නියමිත කාලයට වසර දෙකකට පෙර 2015 ජනවාරි 8 වන දින පවත්වන ලදී.[1][2] තනතුරුධාරී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තුන්වන වරට තනතුරට පත්වීමේ බලපොරොත්තුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා ලෙස තරග වැදුණේ ය.[3][4] එක්සත් ජාතික පක්ෂ (එජාප) නායකත්වයෙන් යුත් විපක්ෂ හවුල විසින් මහින්ද රාජපක්ෂගේ රජයේ හිටපු සෞඛ්‍යය ඇමති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) - එජනිස හි ප්‍රධාන සංයෝගී පක්ෂය - හිටපු මහලේකම් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේ ය.[5][6]

සිරිසේන මහතා මුළු ඡන්ද ප්‍රමාණයෙන් 51.28% ක් ද රාජපක්ෂ මහතා 47.58% ක් ද ලබා ගැනීමෙන් අනතුරු ව සිරිසේන මහතා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ කරන ලදී.[7]

පසුබිම

[සංස්කරණය]
රාජපක්ෂ තෙවන ධූර කාලයක් ඉල්ලා සිටීමට එරෙහි උද්ඝෝෂණය, 2014 නොවැම්බර් 18

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී, ජනාධිපතිවරයෙකුගේ සාමාන්‍ය ධූර කාලය වසර හයක් වුව ද, ධූර කාලය වසර සතරක් ඉක්මවත්ම තනතුරුධාරියෙකු හට මැතිවරණයක් කැඳවිය හැක.[8] 2009 වසරෙහි නොවැම්බර් මාසයේ දී, රජය විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි පැරදවීමෙහි උද්‍යෝගීභාවයෙන් ඉපිලෙමින්, රාජපක්ෂ විසින් ඉක්මන් ජනාධිපතිවරණයක් කැඳවීය.[9] 2010 වසරෙහි ජනවාරි මාසයේ දී පැවති මැතිවරණයෙහිදී රාජපක්ෂ විසින් දෙවන ධූර කාලය සඳහා බලය ලබා ගත්තේ පොදු විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකා පරාජයට පත් කරමිණි.[10][11] ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2010 පෙබරවාරි මාසයේදී තින්දු කෙරුණේ, රාජපක්ෂගේ දෙවන ධුර කාලය, 2010 නොවැම්බර මාසයේ දී ඇරඹෙන බව වන අතර, ඒ අනුව 2010 නොවැම්බර් 19 දිනදී දිවුරුම් දුන්නේ ය.[12][13][14]

2010 වසරේ සැප්තැම්බර් මාසයේ දී, එජනිස විසින් හික්මවනු ලැබූ පාර්ලිමේන්තුව විසින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා දහ අටවන සංශෝධනය අනුමත කළ අතර එය විසින් ජනාධිපතිවරුන් සඳහා පැනවී තිබුණු දෙවරක ධූර කාල සීමාන්තය ඉවත් කොට, රාජපක්ෂ සඳහා තෙවන ධූර වතාවට තරග කිරීමට අවකාශ සැලසී ය.[15]

රාජපක්ෂ විසින් තවද ඉක්මන් ජනාධිපතිවරණයක් කැඳවනු ඇති බවට 2014 වසරෙහි දී අනුමානයක් පැවති අතර, 2014 ඔක්තොම්බර් 20 දිනදී ජනමාධ්‍ය සහ තොරතුරු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් තහවුරු කරන ලද්දේ 2015 ජනවාරි මාසයේදී මැතිවරණය පැවැත්වෙන බවයි.[16][17] ඔහු විසින් තම දෙවන ධූර කාලය සඳහා ජයග්‍රහණය ලැබුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දහඅටවන සංශෝධනය සම්මත කිරීමට පෙර බැවින්, නීතිඥ සංගමය සහ හිටපු අග්‍ර විනිශ්චයකාර සරත් එන්. සිල්වා ඇතුළු රාජපක්ෂගේ විවේචකයන් තර්ක කළේ ඔහුට යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවයි.[18][19][20] 2014 නොවැම්බර් මුල දී රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා සිටියේ ඔහුට යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි ද යන්න ය.[21][22] අධිකරණය නියම කලේ රාජපක්ෂ හට යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවයි.[23][24] රාජපක්ෂගේ මිත්‍ර පාක්ෂිකයෙක් සහ නීති උපදේශකයෙක් වූ, හිටපු නීතිපති මොහාන් පීරිස් අග්‍ර විනිශ්චයකාරවරයා ලෙසින් පත් කරගැනුමට ඉඩ සලසමින් හිටපු අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගේ එජනිස දෝෂාභියෝගයෙන් පසුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්න පැන නගිමින් පවතියි.[25][26][27]

2014 නොවැම්බර් 20 වන දින රාජපක්ෂ විසින් තමා නැවත මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන ජනාධිපතිවරණයක් කැඳවමින් නිවේදනයක් නිකුත් කළේ ය.[28][29][30] එම දිනයේ ම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා 2014 දෙසැම්බර් 8 වන දින නාමයෝජනා ලබාගන්නා බවත් 2015 ජනවාරි 8 වන දින මැතිවරණය පැවැත්වෙනු ඇති බවත් නිවේදනය කළේ ය.[31][32] රාජපක්ෂ යළි පත්වුවහොත් ඔහුගේ තෙවන ධූර කාලය ඇරඹෙනුයේ 2015 නොවැම්බර් 19 දින දී වන අතර, වෙනත් අපේක්ෂකයෙක් මැතිවරණය ජයග්‍රහණය කළහොත් ඔවුන් විසින් මැතිවරණ දිනයේ දී ම ධුරන්දර වනු ඇත.[තහවුරු කර නොමැත]

ශ්‍රී ලාංකිකයින් 15,044,490 ක් මැතිවරණයේ දී ඡන්දය දැමීමට සුදුසුකම් ලබනු ඇත.[33][34] තැපැල් ඡන්ද විමසීම 2014 දෙසැම්බර් 23 හා 24 දින වල දී පැවැත්විණි.[35][36] එක්සත් ජාතීන් හැර විදේශ නිරීක්ෂකයන් හට මැතිවරණ නිරීක්ෂණයට ආරාධනා කර ඇත.[37]

මැතිවරණ ක්‍රමය

[සංස්කරණය]

ක්ෂණික-අපධාව ඡන්ද ක්‍රමයක් ප්‍රකාර, ශ්‍රී ලාංකික ජනාධිපති තෝරා පත් කර ගනු ලැබේ. ඡන්දදායකයන් විසින් අපේක්ෂකයන් තිදෙනෙකු දක්වා ශ්‍රේණිගත කල හැකි අතර, ඡන්දය ප්‍රකාශ කිරීමේ පළමු වටයෙහිදී කිසිම අපේක්ෂකයෙකු විසින් බහුතරයක් ලබා නොගතහොත්, ජයග්‍රාහකයා තේරීම සඳහා, පළමු මනාපිත අපේක්ෂකයා ඉවත් කල ඡන්ද පත්‍රිකාවන්හී දෙවන හා තෙවන මනාප භාවිතා කෙරෙයි.[38]

සමකාලීන සිදුවීම්

[සංස්කරණය]

අපේක්ෂකයෝ

[සංස්කරණය]

මහින්ද රාජපක්ෂ

[සංස්කරණය]

පෙර නොපැවති තෙවන පදවි වාරයක් බලාපොරොත්තුවෙන් එජනිස අපේක්ෂකයා ලෙසින් වත්මන් ධූරන්ධර මහින්ද රාජපක්ෂ තරග කරනු ඇත.[39] ලංකා කම්කරු කොංග්‍රසය,[40] කොමියුනිස්ට් පක්ෂය,[41] ලංකා සම සමාජ පක්ෂය (ලසසප),[42] ජාතික නිදහස් පෙරමුණ,[43] කම්කරු ජාතික සංගමය[44] සහ කදුරට ජනතා පෙරමුණ[45] ඇතුළු එජනිස සංඝටක සුළු පක්ෂ කිහිපයක සහයෝගය ඔහු හට ලැබී ඇත.

මෛත්‍රීපාල සිරිසේන

[සංස්කරණය]

මැතිවරණය සඳහා පෙර සුදානම් කාලය තුල දී විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙසින් යෝජනා කිරීමට බොහෝ නම් ඉදිරිපත් කෙරිණි: හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයෙහි නායක රනිල් වික්‍රමසිංහ, එජාප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත තෙරණුවෝ යන අය ඒ අතර වූහ.[46][47] කෙසේ වෙතත්, 2014 නොවැම්බර් 21 දින මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එජාපය විසින් හෙළි කරන ලද්දේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන බව ය.[48][49] විපක්ෂ සන්ධානය වෙත පිල් මාරු කිරීමට පෙර සිරිසේන මහතා විසින් රාජපක්ෂ රජයේ සෞඛ්‍යය ඇමති හා ශ්‍රිලනිපයේ මහ ලේකම් තනතුරු දරනු ලැබී ය.[50][51]

සුළු අපේක්ෂකයෝ

[සංස්කරණය]

අනෙකුත් අපේක්ෂකයින් දහ හත්දෙනා සුළු දේශපාලන පක්ෂයන් හා ස්වාධීනයන් ලෙස පැමිණ ඇත.[52]

චර්යාව

[සංස්කරණය]

අතීතයේ පැවැති ශ්‍රී ලාංකික මැතිවරණ මෙන්ම, මෙම මැතිවරණයද, ප්‍රචණ්ඩත්වය, රාජ්‍ය සම්පත් අයථා පරිහරණය සහ මැතිවරණ නීති වල අනෙකුත් කඩකිරීම් වලින් ලක්ෂණෝපේත විය.

ජාහෙඋ පක්ෂය, එජනිස රජයෙන් ඉවත් වී දින දෙකකට පසුව, බොරැල්ල ප්‍රදේශයේ ජාහෙඋ පාම අතුරලියේ රතන තෙරණුවන්ට හිමි බෞද්ධ විහාරයක් වෙත, 2014 නොවැම්බර් 20 දිනදී ප්‍රහාර එල්ල කෙරිණි.[53][54][55]

මැතිවරණ අභිමන්ත්‍රණය

[සංස්කරණය]

මාධ්‍ය අපයෙදුම

[සංස්කරණය]

රාජ්‍ය දේපළ අයථාභාවිතය

[සංස්කරණය]

ප්‍රතිඵල

[සංස්කරණය]

ජාතික

[සංස්කරණය]
සං • සා 2015 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණයේ සාරාංශය
අපේක්ෂක පක්ෂය ඡන්ද %
  මෛත්‍රීපාල සිරිසේන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 6,217,162 51.28%
  මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය 5,768,090 47.58%
රත්නායක ආරච්චිගේ සිරිසේන දේශප්‍රේමි ජාතික පෙරමුණ 18,174 0.15%
නාමල් අජිත් රාජපක්ෂ අපේ ජාතික පෙරමුණ 15,726 0.13%
මෞලවි ඉබ්‍රාහිම් මොහොමඩ් මිෂ්ලාර් එක්සත් සාම පෙරමුණ 14,379 0.12%
ඒ. එස්. පී. ලියනගේ ශ්‍රී ලංකා කම්කරු පක්ෂය 14,351 0.12%
රුවන්තිලක පේදුරු එක්සත් ලංකා ජනතා පක්ෂය 12,436 0.10%
  අයි. එම්. ඉල්යාස් ස්වාධීන 10,618 0.09%
දුමින්ද නාගමුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය 9,941 0.08%
  සිරිතුංග ජයසූරිය එක්සත් සමාජවාදී පක්ෂය 8,840 0.07%
සරත් මනමේන්ද්‍ර නව සිහළ උරුමය 6,875 0.06%
  පානි විජේසිරිවර්ධන සමාජවාදී සමානතා පක්ෂය 4,277 0.04%
  අනුරුද්ධ පොල්ගම්පොළ ස්වාධීන 4,260 0.04%
  සුන්දරම් මහේන්ද්‍රන් නව සම සමාජ පක්ෂය 4,047 0.03%
මුතු බණ්ඩාර තැමිණිමුල්ල ඔක්කොම වැසියෝ, ඔක්කොම රජවරු සංවිධානය 3,846 0.03%
බත්තරමුල්ලේ සීලරතන හිමි ජනසෙත පෙරමුණ 3,750 0.03%
ප්‍රසන්න ප්‍රියංකර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය 2,793 0.02%
ජයන්ත කුලතුංග එක්සත් ලංකා මහා සභාව 2,061 0.02%
විමල් ගීගනගේ ශ්‍රී ලංකා ජාතික පෙරමුණ 1,826 0.02%
වලංගු ඡන්ද 12,123,452 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 140,925
සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය 12,264,377
ලියාපදිංචි ඡන්දදායකයෝ 15,044,490
ඡන්දය ප්‍රකාශ කිරීම 81.52%


දිස්ත්‍රික්ක

[සංස්කරණය]
මැතිවරණ කොට්ඨාස අනුව වැඩි ඡන්ද ලැබූ අපේක්ෂකයන්:
  මෛත්‍රීපාල සිරිසේන
  මහින්ද රාජපක්ෂ
  මෛත්‍රීපාල සිරිසේන
  මහින්ද රාජපක්ෂ
සිරිසේන මහතා දිනූ දිස්ත්‍රික්ක
රාජපක්ෂ මහතා දිනූ දිස්ත්‍රික්ක
මැතිවරණ
දිස්ත්‍රික්ක
පළාත් රාජපක්ෂ සිරිසේන වෙනත් වලංගු ඡන්ද ප්‍රකාශ කිරීම
ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද %
අනුරාධපුරය උතුරු මැද 281,161 53.59% 238,407 45.44% 5,065 0.97% 464,432 100% 77.98 %
කළුතර බස්නාහිර 395,890 52.65% 349,404 46.46% 6,690 0.89% 751,984 100% 82.08 %
කෑගල්ල සබරගමුව 278,130 51.82% 252,533 47.05% 6,108 1.14% 536,771 100% 98.80 %
කුරුණෑගල වයඹ 556,868 53.46% 476,602 45.76% 8,154 0.78% 1,041,624 100% 78.82 %
කොළඹ බස්නාහිර 562,614 43.40% 725,073 55.93% 8,673 0.67% 1,266,085 100% 81.49 %
ගම්පහ බස්නාහිර 664,347 49.49% 669,007 49.83% 9,142 0.68% 1,342,496 100% 80.77 %
ගාල්ල දකුණ 377,126 55.64% 293,994 43.37% 6,691 0.99% 677,811 100% 80.46 %
ත්‍රිකුණාමලය නැගෙනහිර 52,111 26.67% 140,338 71.84% 2,907 1.49% 195,356 100% 72.50 %
දිගාමඩුල්ල නැගෙනහිර 121,027 33.82% 233,360 65.22% 3,430 0.96% 357,817 100% 73.85 %
නුවර එළිය මධ්‍යම 145,339 34.06% 272,605 63.88% 8,822 2.07% 426,766 100% 79.25 %
පුත්තලම වයඹ 197,751 48.97% 202,073 50.04% 4,027 1.00% 403,850 100% 72.50 %
පොළොන්නරුව උතුරු මැද 105,640 41.27% 147,974 57.80% 2,382 0.93% 242,140 100% 79.38 %
බදුල්ල ඌව 249,243 49.15% 249,524 49.21% 8,303 1.64% 458,104 100% 79.56 %
මඩකලපුව නැගෙනහිර 41,631 16.22% 209,422 81.62% 5,533 2.16% 256,586 100% 69.30 %
මහනුවර මධ්‍යම 378,585 44.23% 466,994 54.56% 10,329 1.21% 855,908 100% 79.71 %
මාතර දකුණ 297,823 57.81% 212,435 41.24% 4,892 0.95% 491,398 100% 99.07 %
මාතලේ මධ්‍යම 158,880 51.41% 145,928 47.22% 4,214 1.36% 309,022 100% 78.76 %
මොණරාගල ඌව 172,745 61.45% 105,276 37.45% 3,095 1.10% 281,116 100% 79.90 %
යාපනය උතුර 74,454 21.85% 253,574 74.42% 12,723 3.73% 340,751 100% 64.22 %
රත්නපුර සබරගමුව 379,053 55.74% 292,514 43.01% 8,517 1.25% 680,084 100% 98.89 %
වන්නි උතුර 34,377 19.07% 141,417 78.47% 4,431 2.46% 126,725 100% 98.05 %
හම්බන්තොට දකුණ 243,295 63.02% 138,708 35.93% 4,073 1.05% 386,076 100% 81.23 %
එකතුව 5,768,090 47.58% 6,217,162 51.28% 138,201 1.14% 12,123,452 100% 81.52%%

සටහන්

[සංස්කරණය]
  1. ^ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු විපක්ෂය.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ප්‍රසිඩන්ෂල් පොල් ජැන්. 8; නොමිනේෂන්ස් ඔන් ඩිස්. 8". ද ඩේලි මිරර්. 21 නොවැම්බර් 2014.
  2. ^ "සවුත් ඒෂියා ශ්‍රී ලංකාස් රාජපක්ෂ ෆේසිං ඉලෙක්ටරල් රිබෙල්යන්". ඩාච් වාලා. 21 නොවැම්බර් 2014.
  3. ^ "ශ්‍රී ලංකා කෝල්ස් එර්ලි ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන්ස්". බීබීසී නිව්ස්. 20 ඔක්තොම්බර් 2014.
  4. ^ "ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් කෝල්ස් එර්ලි ඉලෙක්ෂන්". අල් ජසීරා. 20 නොවැම්බර් 2014.
  5. ^ "ශ්‍රී ලංකා ඉලෙක්ෂන්: හෙල්ත් චීෆ් ටු චැලෙන්ජ් රාජපක්ෂ". බීබීසී නිව්ස්. 21 නොවැම්බර් 2014.
  6. ^ "ශ්‍රී ලංකන් මිනිස්ටර් ක්විට්ස් ටු චැලෙන්ජ් රාජපක්ෂ ෆො ප්‍රසිඩන්සි". රොයිටර්. 21 නොවැම්බර් 2014.
  7. ^ බෙන්, ඩොහර්ටි; මන්ක්, ඩේවිඩ් (9 ජනවාරි 2015). "ශ්‍රී ලංකා ඉලෙක්ෂන්: ප්‍රසිඩන්ට් මහින්ද රාජපක්ෂ කන්සීඩ්ස් ඩිෆීට් — ලයිව්". ද ගාඩියන්.
  8. ^ බැස්ටියන්ස්, ධරිෂ (2 ජනවාරි 2014). "කන්ස්ටිට්‍යුෂනල් ටැංගලස් ඉන් ඇන් ඉලෙක්ෂන් ඉයර්". ඩේලි එෆ්ටී. http://www.ft.lk/2014/01/02/constitutional-tangles-in-an-election-year/. 
  9. ^ "ප්‍රසිඩන්ෂල් ඉලෙන්ෂන් ටු බී හෙල්ඩ් ෆර්ස්ට්". ටැමිල්නෙට්. 23 නොවැම්බර් 2009. http://www.tamilnet.com/art.html?catid=13&artid=30666. 
  10. ^ "ශ්‍රී ලංකන් ප්‍රසිඩන්ට් මහින්ද රාජපක්ෂ හේල්ස් වික්ටරි". බීබීසී නිවුස්. 28 ජනවාරි 2010. http://news.bbc.co.uk/1/hi/world/south_asia/8484669.stm. 
  11. ^ "මහින්ද රාජපක්ෂ ඩික්ලෙයාර්ඩ් සික්ස්ත් එක්සකටිව් ප්‍රසිඩන්ට් ඔෆ් ශ්‍රී ලංකා". ටැමිල්නෙට්. 27 ජනවාරි 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=31083. 
  12. ^ "ශ්‍රී ලංකා කෝට් එක්ස්ටෙන්ඩ්ස් ප්‍රසිඩන්ට් රාජපක්ෂස් ටෙනර්". බීබීසී නිවුස්. 2 පෙබරවාරි 2010. http://news.bbc.co.uk/1/hi/world/south_asia/8493712.stm. 
  13. ^ "රාජපක්ෂස් සෙකන්ඩ් ටර්ම් බිගින්ස් ෆ්‍රොම් නොවෙම්බර් 2010: එස්එල් සුප්‍රීම් කෝට්". ටැමිල්නෙට්. 2 පෙබරවාරි 2010. http://www.tamilnet.com/art.html?catid=13&artid=31129. 
  14. ^ හාවිලන්ඩ්, චාල්ස් (19 නොවැම්බර් 2010). "ශ්‍රී ලංකාස් ප්‍රසිඩන්ට් රාජපක්ෂ ස්වෝන් ඉන් ෆෝ නිව් ටර්ම්". බීබීසී නිවුස්. http://www.bbc.co.uk/news/world-south-asia-11795299. 
  15. ^ "ශ්‍රී ලංකා එහ්පීස් වෝට් ඉන් ස්වීපිං පවර්ස් ෆෝ ප්‍රසිඩන්ට්". බීබීසී නිවුස්. 8 සැප්තැම්බර් 2010. http://www.bbc.co.uk/news/world-south-asia-11225723. 
  16. ^ වර්ණකුලසූරිය, දීපාල් (20 ඔක්තොම්බර් 2014). "ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් ඩියු ඉන් ජැනවරි -2015". ද නේෂන් (ශ්‍රී ලංකා). http://www.nation.lk/edition/breaking-news/item/34431-presidential-election-due-in-january-2015.html. 
  17. ^ "ප්‍රසිඩන්ෂල් පොල් ඉන් ජැනවරි කන්ෆර්ම්ඩ්". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 20 ඔක්තොම්බර් 2014. http://sundaytimes.lk/news/presidential-poll-january-confirmed.html. 
  18. ^ ප්‍රනාන්දු, සුසිත් ආර්. (29 අගෝස්තු 2014). "ප්‍රසිඩන්ට් රාජපක්ෂ කැන්නොට් කන්ටෙස්ට් ෆෝ තර්ඩ් ටර්ම්, ෆෝර්මර් සීජේ". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/opinion/172-opinion/51690-president-rajapaksa-cannot-contest-for-3rd-term-former-cj.html. 
  19. ^ ජබාර්, සැකි (7 නොවැම්බර් 2014). "ලෝයර්ස් ඔපෝසිං ඩිනයිඩ් ඔපරටියුනිටි ටු ෆයිල් එස්සී මෝෂන්ස්". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව). http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=113687. 
  20. ^ එදිරිසිංහ, දසුන් (26 සැප්තැම්බර් 2014). "ජේවීපී වෙහිමන්ට්ලි ඔපොසර්ස් ප්‍රසිඩන්ට් සීකිං අ තර්ඩ් ටර්ම්". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව). http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=110948. 
  21. ^ අනීස්, ෂිහාර්; සිරිලාල්, රංග (5 නොවැම්බර් 2014). "ශ්‍රී ලංකන් ප්‍රසිඩන්ට් සීක්ස් සුප්‍රීම් කෝට් නොඩ් ෆෝ තර්ඩ් ටර්ම්". රොයිටර්ස්. http://www.reuters.com/article/2014/11/05/us-sri-lanka-politics-court-idUSKBN0IP1JR20141105. 
  22. ^ "රාජපක්ෂ සීක්ස් කෝට් ඔපීනියන් ෆෝ තර්ඩ් ටර්ම් ඉන් ඔෆිස්". ද හින්දු. ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා. 5 නොවැම්බර් 2014. http://www.thehindu.com/news/international/south-asia/mahinda-rajapaksa-seeks-court-opinion-for-third-term-in-office/article6567668.ece. 
  23. ^ ඔන්ටාඩ්ජි, අනුෂ (11 නොවැම්බර් 2014). "රාජපක්ෂ මේ සීක් තර්ඩ් ටර්ම් ඈස් ශ්‍රී ලංකා ලීඩර්: කෝට්". බ්ලුම්බර්ග් නිවුස්. http://www.bloomberg.com/news/2014-11-11/rajapaksa-allowed-to-seek-third-term-as-sri-lankan-leader.html. 
  24. ^ අනීස්, ෂිහාර්; ශ්‍රීලාල්, රංග (11 නොවැම්බර් 2014). "ශ්‍රී ලංකාස් සුප්‍රීම් කෝට් ඕකේස් ප්‍රසිඩන්ට්ස් තර්ඩ් ටර්ම්". රොයිටර්ස්. http://www.reuters.com/article/2014/11/11/us-sri-lanka-politics-court-idUSKCN0IV1GQ20141111. 
  25. ^ ඔන්ටාඩ්ජි, අනුෂා (21 නොවැම්බර් 2014). "ශ්‍රී ලංකන් ප්‍රසිඩන්ට් ටු ෆේස් චැලෙන්ජ් ෆ්‍රොම් ඇලයි". චිකාගෝ ට්‍රිබියුන්. http://www.chicagotribune.com/sns-wp-blm-news-bc-srilanka21-20141121-story.html. 
  26. ^ "මිනිස්ටර් ඩිෆෙක්ට්ස් ටු චැලෙන්ජ් රාජපක්ෂ". ද පෙනින්සියුලා (පුවත් පත). ඇජොංස් ෆ්‍රාන්ස් ප්‍රෙස්. 22 නොවැම්බර් 2014. http://thepeninsulaqatar.com/news/asia/308805/minister-defects-to-challenge-rajapaksa. 
  27. ^ "ශ්‍රී ලංකාස් රාජපක්ෂ ගෙට්ස් කෝට් නොඩ් ටු සීක් තර්ඩ් ටර්ම්". ද මැලේ මේල්. ඇජොංස් ෆ්‍රාන්ස් ප්‍රෙස්. 11 නොවැම්බර් 2014. http://www.themalaymailonline.com/world/article/sri-lankas-rajapakse-gets-court-nod-to-seek-third-term. 
  28. ^ "කොටස I : අංශය (I) — ජෙනරල් ප්‍රොක්ලමේෂන්ස්, ඇන්ඩ් සී., බයි ද ප්‍රසිඩන්ට් බයි හිස් එක්සලන්සි ද ප්‍රසිඩන්ට් ප්‍රොක්ලමේෂන්" (PDF). ද ශ්‍රී ලංකාව ගැසට් (1889/31). 20 නොවැම්බර් 2014. 2014-11-29 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-01-06.
  29. ^ පාරුස්සිනි, ගාබ්‍රියෙල් (20 නොවැම්බර් 2014). "ශ්‍රී ලංකන් ප්‍රසිඩන්ට් කෝල්ස් ෆො අර්ලි ඉලෙක්ෂන්ස්". ද වෝල් ස්ට්‍රීට් ජර්නල්.
  30. ^ මල්ලවාරච්චි, භාරත (20 නොවැම්බර් 2014). "ශ්‍රී ලංකන් ප්‍රසිඩන්ට් මහින්ද රාජපක්ෂ කෝල්ස් ස්නැප් ඉලෙක්ෂන් අමිඩ් රෝ ඕවර් හිස් වයිඩ්-රේන්ජින් පවර්ස්". දි ඉන්ඩිපෙන්ඩන්ට්. ඇසෝෂියේටඩ් ප්‍රෙස්.
  31. ^ "එස්එල් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් ටු බී හෙල්ඩ් ඔන් ජැනුවරි 08, 2015". ටැමිල්නෙට්. 21 නොවැම්බර් 2014.
  32. ^ "ප්‍රසිඩන්ටල් පොල් ජැන්. 8; නොමිනේෂන්ස් ඔන් ඩිස්. 8". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 21 නොවැම්බර් 2014.
  33. ^ "15මි රෙජිස්ටර්ඩ් වෝටර්ස් ෆො පොල්ස්". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 23 නොවැම්බර් 2014.
  34. ^ සෝමවර්ධන, මෙලිස්සා (24 නොවැම්බර් 2014). "ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන්: ඇක්සෙප්ටිං ඔෆ් ඩිපොසිට්ස් ටු කමෙන්ට් ටුඩේ". නිව්ස් ෆස්ට්. 2014-12-09 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-01-06.
  35. ^ "වීඩියෝ: ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් පෝස්ටල් වෝටිං ඔන් ඩිස් 23,24". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 25 නොවැම්බර් 2014.
  36. ^ "පෝස්ටල් වෝටිං ඔන් ඩිසෙම්බර් 23 ඇන්ඩ් 24". සිලෝන් ටුඩේ. 26 නොවැම්බර් 2014. 2015-08-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-01-06.
  37. ^ "ශ්‍රී ලංකා නොට් ටු ඉන්වයිට් යූඑන් මොනිටර්ස් ෆො ප්‍රසිඩන්ෂල් පොල්ස්". ද හින්දු. ඉන්දු-ඒෂියන් නිව්ස් සර්විස්. 25 නොවැම්බර් 2014.
  38. ^ ඩිමොක්‍රටික් සෝෂලිස්ට් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා: ඉලෙක්ෂන් ෆො ප්‍රසිඩන්ට් (ප්‍රසිඩන්ට්) IFES
  39. ^ ජයකොඩි, රුවන් ලක්නාත් (21 ඔක්තොම්බර් 2014). "මහින්ද ඉන් ද ෆ්‍රේ". සිලෝන් ටුඩේ. http://www.ceylontoday.lk/51-75958-news-detail-mahinda-in-the-fray.html. 
  40. ^ "ටැමිල් පාටි ටු සපෝට් රාජපක්ෂ ඉන් පොල්ස්". ද හින්දු. ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා. 16 ඔක්තෝබර් 2014.
  41. ^ "කොමියුනිස්ට් පාටි ප්ලෙජ්ස් ඉට්ස් සපෝට් ෆො ප්‍රසිඩන්ට් රාජපක්ෂ". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකා). 13 නොවැම්බර් 2014.
  42. ^ හේරත්, අනුරාධ (5 නොවැම්බර් 2014). "බට් වෝන්ට්ස් එක්සෙක්. ප්‍රසිඩන්සි ඇබොලිෂ්ඩ්". සිලෝන් ටුඩේ. 2015-08-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-12-06.
  43. ^ "විමල් ටු බැක් එම්ආර්". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 19 ඔක්තොම්බර් 2014. http://www.dailymirror.lk/54465/wimal-says-backing-mr. 
  44. ^ "එන්යූඩබ් ප්ලෙජ්ස් සපෝට් ෆො ප්‍රසිඩන්ට් රාජපක්ෂ ඇට් අප්කමිං ඉලෙක්ෂන්ස්". නිව්ස් ෆස්ට්. 25 ඔක්තෝබර් 2014. 2014-11-29 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-12-06.
  45. ^ "අප්කන්ට්‍රි ටැමිල් පාටි ටු සපෝට් ප්‍රසිඩන්ට් ඇට් ඉලෙක්ෂන්ස්". ඩේලි එෆ්ටී. 11 නොවැම්බර් 2014. 2016-03-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-12-06.
  46. ^ "එක්ස්ට්‍රීමිස්ට් බුඩිස්ට් මූව්මන්ට් ඉන් ශ්‍රී ලංකා සේස් රනිල් ඊස් ද මෝස්ට් සූටබල් කොමන් කැන්ඩිඩේට්". කලම්බු පේජ්. 19 නොවැම්බර් 2014. http://www.colombopage.com/archive_14B/Nov19_1416336176CH.php. 
  47. ^ "හූ ෂුඩ් දි ඔපොෂිෂන් ෆීල්ඩ් ඈස් කොමන් නැන්ඩිඩේට් ඇට් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන්?". අද දෙරණ. 3 ඔක්තොම්බර් 2014. http://www.adaderana.lk/yourvoice/who-should-the-opposition-field-as-common-candidate-at-presidential-election/. 
  48. ^ "අයෑම් ද කොමන් කැන්ඩිඩේට්: මෛත්‍රිපාල". ඩේලි මිරර්. 21 නොවැම්බර් 2014. http://www.dailymirror.lk/budget/57103. 
  49. ^ ඩලිමා, බෙල්ලා (21 නොවැම්බර් 2014). "යූඑන්පී ටු එක්ස්ටෙන්ඩ් දෙයාර් සපෝට් ටු මෛත්‍රිපාල සිරිසේන". නිවුස් ෆර්ස්ට්. http://newsfirst.lk/english/2014/11/unp-extend-support-maithirpala-sirisena/63954. 
  50. ^ "මෛත්‍රිපාල සිරිසේන ඔෆ් එස්එල්එෆ්පී ඉමර්ජර්ස් ඈස් කොමන් ඔපෂිෂන් කැන්ඩිඩේට් කන්ටෙස්ටිං රාජපක්ෂ". ටැමින්නෙට්. 21 නොවැම්බර් 2014. http://www.tamilnet.com/art.html?catid=13&artid=37495. 
  51. ^ එදිරිසිංහ, දසුන් (22 නොවැම්බර් 2014). "මෛත්‍රීපාල ප්‍රොමිසස් ටු ස්ක්‍රැප් ප්‍රසිඩන්සි විතින් 100 ඩේස්". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව).
  52. ^ "නයින්ටීන් කැන්ඩිඩේට්ස් ෆයිල් නොමිනේෂන්ස්". ද නේෂන් (ශ්‍රී ලංකාව). 8 දෙසැම්බර් 2014. 2014-12-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-12-16.
  53. ^ "බුඩිස්ට් විහාර ඔෆ් ජේඑච්යූ පාර්ලිමෙන්ටේරියන් ඇටෑක්ඩ් ඉන් සවුත්". ටැමිල්නෙට්. 20 නොවැම්බර් 2014. http://www.tamilnet.com/art.html?catid=13&artid=37493. 
  54. ^ "ස්ටෝන් ඇටෑක් ඇට් සදහම් විහාර ඔෆ් රතන තේරෝ". සිලෝන් ටුඩේ. 20 නොවැම්බර් 2014. http://www.ceylontoday.lk/16-78186-news-detail-stone-attack-at-sadaham-sewana-vihara-of-rathana-thero.html. 
  55. ^ "රතන තේරෝ ස්ටෑන්ඩ්ස් හිස් ග්‍රවුන්ඩ්, රිෆියුසර්ස් ටු හෑන්ඩ් ඕවර් ආශ්‍රම්". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකා). 21 නොවැම්බර් 2014. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=114568. 

අතිරේක සබැඳි

[සංස්කරණය]