ද්වාරය:ආසියාව
- العربية
- ܐܪܡܝܐ
- Azərbaycanca
- Беларуская (тарашкевіца)
- বাংলা
- کوردی
- Deutsch
- Zazaki
- Ελληνικά
- English
- Español
- فارسی
- Français
- Gagauz
- हिन्दी
- Հայերեն
- Bahasa Indonesia
- Italiano
- 日本語
- ქართული
- Қазақша
- Македонски
- മലയാളം
- ဘာသာမန်
- Bahasa Melayu
- မြန်မာဘာသာ
- Nederlands
- Norsk bokmål
- Polski
- پنجابی
- Português
- Русский
- سنڌي
- Soomaaliga
- தமிழ்
- Türkçe
- Українська
- اردو
- Vèneto
- Tiếng Việt
- 中文
- 粵語
Portal maintenance status: (2020 නොවැම්බර්)
|
හැඳින්වීම
ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය.[1]
ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි[2]. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.
තෝරාගත් ලිපි
-
Image 1
පිලිපීන (i/ˈfɪləpiːnz/ FIL-ə-peenz; Tagalog: Pilipinas [ˌpɪlɪˈpinɐs] or Filipinas [ˌfɪlɪˈpinɐs]) සමූහාණ්ඩුව බටහිර පැසිෆික් සාගරයේ ගිනිකොණ ආසියාවේ පිහිටි රටකි. මායිම් උතුරින් ලුසාන් සමුද්‍ර සන්ධිය, බටහිරින් හා දකුණින් චීන මුහුද, නිරිතදිගින් සුලූ මුහුද, නැගෙනහිරින් පිලිපීන මුහුදට මායිම් වේ. කොදෙව් දුපතක් වන මෙම දූපත් 7,641 හා භූගෝලීය වශයෙන් ප්‍රදේශ 03 වන ලූසෝන්, විසායාස් හා මන්ඩානෝ වලට බෙදේ. අගනුවර වන්නේ මැනිලාය. ජනගහනය මිලියන 92 වන අතර ලෝකයේ ජනාකීර්ණ 12 වන නගරයයි. විදේශ රටවල පිලිපීන ජාතිකයන් මිලියන 11 වෙසේ.සෞම්‍ය දේශගුණය ජෛව විවිධත්වයෙන් ඉහළය. මෙහි මුල් පදිංචිකරුවන් වශයෙන් නෙග්රිටෝ ජනයා විසීය. මොවුන්ගෙන් පසු ඔස්ට්‍රොනේසියන් ජනතාව මැලේ, හින්දු සහ ඉස්ලාම් සංස්කෘතීන් ගෙන ආවේය. චීනුන් විසින් වෙළදාම හඳුන්වා දෙනු ලැබීය. 1521 ෆර්ඩිනන් මැගලන් ස්පාඤ්ඤ යුගයක් ඇති කළේය. 19 වන 20 වන ශත වර්ෂ වල පැවති යුධමය හා විප්ලවකාරී පසුබිමකින් පසු ඇමරිකාව ස්පාඤ්ඤය හට බලය පවරන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු පිලිපීනය නිදහස ලැබීය. (තව දුරටත්...) -
Image 2
කීර්ගිස්තානය නිළ වශයෙන් කීර්ගිස්තාන් සමුහාණ්ඩුව, මධ්‍යම ආසියාවේ රටකි. එය මායිම් වන්නේ උතුරින් කසක්ස්තානය, බටහිරින් උස්බෙකිස්ථානය, නිරිත දෙසින් ටජිකිස්තානය සහ නැගෙනහිරින් චීනයට ය. පුරාවෘත්තයක සඳහන් මනාස් යන වීරයාගේ ගෝත්‍රයන් 40 යක නාමයෙන් බිදී ආ නමක් ලෙස කීර්ගිස්තානය හඳුන්වයි. ඒ රටේ ජාතික කොඩියේ ඇති හිරු කිරණ 40 යෙන් එම ගෝත්‍ර 40 විදහා දක්වයි. (තව දුරටත්...) -
Image 3
සෞදි අරාබිය, සවුදි අරාබියාව, නිල වශයෙන් සවුදි අරාබි රාජධානිය යනු මැද පෙරදිග පිහිටි විශාලතම රටයි. එහි මායිම් වන්නේ උතුරින් හා ඊසාන දිගින් ජෝර්දානය හා ඉරානය නැගෙනහිරින් කුවේට්, කටාර්, බහරේන් හා එක්සත් අරාබි එමිරේට්ස්, ගිණිකොණ දිගින් ඕමාන් හා දකුණෙන් යේමනය වේ. පර්සියානු අගාධය ඊසානයට හා බටහිරට රතු මුහුද වේ. ජනගහනය මිලියන 28 වන අතර එය වර්ග කි. මී. 21 49 690 (වර්ග සැතපුම් 830 000) විශාලය. ඉස්ලාමය තුල ඇති පුජනීයම ස්ථානයක් වන මෙඩීනා හා මක්කම මෙහි ඇති බැවින් මෙය පුජනීය දේවස්ථාන 2 ඇති නගරය වශයෙන් ද හදුන්වයි. වර්තමාන රාජධානිය සොයා ගනු ලැබුවේ, අබ්දුල් අසීස් බින් සවුද් විසිනි. 1902 ඔහුෙග් වෑයම නැරඹුන අතර අල් සවුද් පුරාතන නිවහන වන රියාද් සහ 1932 එය පිලිගැනුනු අතර හා ප්‍රත්‍යාගණනය කරනු ලැබු අතර එය සවුදි අරාබිය තුල උච්චාවචනයට ලක් විය. එහි ජාතික මුලාරම්භයක් 1744 පලමු සවුදි රාජ්‍ය ස්ථාපනය දක්වා දිව යයි. සවුදි ආර්ථිකයේ ප්‍රධානතම අපනයනය වන්නේ පෙට්ට්‍රෝලියම්ය. අපනයනයෙන් 90% හා 75% ක් රාජ්‍ය ආදායම සුභසාධන රාජ්‍යයන් ගොඩ නැගීමට ඉවහල් වි ඇත.
නිළ වශයෙන් සවුදි අරාබි රාජධානිය මැද පෙරදිග පිහිටි විශාලතම රටයි. එහි මායිම් වන්නේ උතුරින් හා ඊසානෙන් ජෝර්දානය හා ඉරානය, නැගෙනහිරින් කුවේට්, කටාර්, බහරේන් හා එක්සත් අරාබි එමිරේට්, ගිණිකොණින් ඕමාන් හා දකුණෙන් යේමනය වේ. පර්සියානු අගාධය ඊසානයට හා බටහිරට රතු මුහුද වේ. ජනගහනය මිලියන 28 වන අතර එය වර්ග කි.මී. 21,49,690 (වර්ග සැතපුම් 830,000) විශාලය. ඉස්ලාමීය තුල ඇති පුජනීයම ස්ථානයක් වන මදීනා හා මක්කම මෙහි ඇති බැවින් මෙය පුජනීය දේවස්ථාන දෙකක් ඇති නගරය වශයෙන් ද හඳුන්වයි. වර්තමාන රාජධානිය සොයා ගනු ලැබුවේ, අබ්දුල් අසීස් බින් සවුද් විසිනි. 1902 දී අල් සවුද් පුරාතන නිවහන වන රියාද් සොයා ගැනීමත් සමඟම ඔහුගේ වෑයම ඇරඹුනි. එය 1932 දී පිළිගැනීම හා ප්රකාශනය කරනු ලැබු අතර එය සවුදි අරාබිය තුල උච්චාවචනයට ලක් විය. එහි ජාතික මුලාරම්භයක් 1744 පළමු සවුදි රාජ්‍ය ස්ථාපනය දක්වා දිව යයි. සවුදි ආර්ථිකයේ ප්‍රධානතම අපනයනය වන්නේ ඛනිජ තෙල්(පෙට්ට්‍රෝලියම්)ය. අපනයනයෙන් 90% හා 75% ක් රාජ්‍ය ආදායම සුභසාධන රාජ්‍යයන් ගොඩනැගීමට ඉවහල් වි ඇත. (තව දුරටත්...) -
Image 4
ඕමාන් සුල්තාන් රාජ්‍යය (Sultanate of Oman) යන නිල නාමයෙන් හඳුන්වන ඕමාන් දේශය අරාබි අර්ධද්වීපයේ ගිණිකොන දිග වෙරළ තීරය වන නිරිත දිග ආසියාවේ පිහිටි අරාබි රටකි. වයඹට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බටහිරට සවුදි අරාබිය, නිරිත දිගට රෝමයද, ඕමාන් රාජ්‍යයේ දේශ සීමාවන් වේ.
වෙරළ තීරය සමන්විත වන්නේ, දකුණින් හා නැගෙනහිරින් අරාබි මුහුදෙන් හා ඊසාන දිගින් ඕමාන් මුහුදු බොක්කෙනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වටවී ඇති මධ" (Madha) සහ 'මුසන්ඩම්' (Mausandam) යන ප්‍රදේශයන් ද මෙරටට අයත් වේ. (තව දුරටත්...) -
Image 5
ඉරාකයේ නිල නාමය 'ඉරාක ජනරජය' යන්නය. ඉරාකය 'සක්රොස්' (Zaqros) කඳු පෙලෙහි වයඹ දිග කෙළවරෙහි වැඩි ප්‍රදේශයක් පුරා විහිදී පවත්නා බටහිර ආසියාවට ද, සිරියානු කාන්තාරයේ නැගෙනහිර කොටසට ද, අරාබියානු කාන්තාරයේ උතුරු දිග කොටසට ද විහිදී පවත්නා රටක් වෙයි. (තව දුරටත්...) -
Image 6
රුසියානු සමූහාණ්ඩුව උතුරු ආසියාවේ පිහිටි රටකි. එය අර්ධ ජනාධිපති සමූහාණ්ඩුවක් වන අතර විෂයන් 83 ක් ඇතුළත්ය. රටේ මායිම් වයඹේ සිට ගිනිකොණ දක්වා නෝර්වේ, ෆින්ලන්තය, එස්තෝනියා, ලැට්වියා, ලිතුවේනියා, පෝලන්තය, බෙලාරුස්, යුක්රේනය, ජෝර්ජියා, අසබර්ජාන්, කසකස්තාන්, චීනය, මොන්ගෝලියාව සහ උතුරු කොරියාවට මායිම් වේ. එහි වරාය මායිම ජපානය, ඇමරිකාව සහ බෙරීන් බොක්ක දක්වා ඇත. 17,075, 400km2 වර්ග සැතපුම් 6,592, 800 වේ. මෙය ලෝකයේ විශාලම රට වන අතර පෘථිවියේ බිමි ප්‍රමාණයෙන් 9% ක් ආවරණය කරයි. එහි ජනගහනය මිලියන 142 ක් වන අතර ලෝකයේ ජනාකීර්ණම රටවල් අතරින් 9 වන ස්ථානයට පත්ව ඇත. එය මුළු ආසියාව පුරාම හා යුරෝපයෙන් 40% ක් හා කලාප 09 කට අයිතිය. එහි ලෝකයේ විශාලතම ඛණිජ හා බලශක්ති සංචිතයන් වේ.එහි ලොව විශාලතම වනාන්තර සංචිතය ඇති අතර ලෝකයේ පිරිසිදු ජලයෙන් 1/3 ක් මෙහි අඩංගුවේ. මෙහි ඉතිහාසය ශත වර්ෂ 3 ක් 8 ත් අතර නැගෙනහිර ස්ලේවිස් වරුන්ගේ පැවත එයි. කේමන් රෝස් රාජ්‍යයේ ප්‍රබලම අනුප්‍රාප්තිකයා වන්නේ මොස්කව් ය. 18 වන ශත වර්ෂයේ දී මෙම රාජ්‍ය අත්කර ගැනීම් බද්ධ කිරිම් හා ගවේෂණය කිරිම් මඟින් රුසියානු රාජ්‍යය බිහිවිය. මෙය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය වේ. සෝවියට් සංගමය ලොව ප්‍රථම ව්‍යවස්ථාදායික සමාජවාදී රජයයි. 1991 සෝවියට් සංගමය අහෝසි වී සෝවියට් සමූහාණ්ඩුව බිහි විය. මෙහි ලොව 11 වන විශාලතම දළ ජාතික නිෂ්පාදිත (GDP) සාමාන්‍ය මත ආර්ථිකයක් පවතී. මෙහි ලොව 05 වන විශාලතම හමුදා අයවැය පවතී. මෙය පිළිගත් න්‍යෂ්ටික ආයුධ රාජ්‍යයක් හා විනාශකාරී ආයුධ ගබඩාවක් ඇති විශාලම රටයි. රුසියාව එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල G8, G20 යුරෝපානු සංගමය, ආසියානු පැසිපික් ආර්ථික සහයෝගීතාවය, ෂැංහයි සහයෝගීතා සංගමය, යුරේෂයන් ආර්ථික සංගමය, OSCE සහ පොදු රාජ්‍ය නිදහස් රාජ්‍යයේ සාමාජිකයෙකි. මෙහි කලාවට හා විද්‍යාවට විශිෂ්ට සම්ප්රදායක් ඇති අතර තාක්ෂණික විද්‍යාව පිළිබඳව දැඩි සම්ප්රදායක් ඇත. පළමු මානව අභ්‍යාවකාශ ගමනට රුසියාව මුලික විය. (තව දුරටත්...) -
Image 7
උතුරු සයිප්‍රසය (තුර්කි: Kuzey Kıbrıs), නිල වශයෙන් උතුරු සයිප්‍රසයේ තුර්කි ජනරජය (TRNC; තුර්කි: Kuzey Kıbrıs Türk Cumhuriyeti) ලෙස හැඳින්වෙන්නේ සයිප්‍රස දිවයිනේ ඊසාන දිග කොටසේ පිහිටි ස්වයං ප්‍රකාශිත රාජ්‍යයක් වේ. එය පිළිගනු ලබන්නේ තුර්කිය විසින් පමණි. උතුරු සයිප්‍රසය, සයිප්‍රස් ජනරජයේ කොටසක් විය යුතු බවට අන්තර්ජාතික ප්‍රජාව විසින් සළකනු ලබයි.
උතුරු සයිප්‍රසය ඊසානදිගින් කර්පාස් අර්ධද්වීපයේ කෙළවරේ සිට මොර්ෆියු බොක්ක, කොර්මකයිටිස් තුඩුව සහ බටහිරින් කොකිනාව තෙක් විහිදී පවතී. එහි වඩාත් දකුණින්ම පිහිටා ඇත්තේ ලොව්රව්ජිනා ගම්මානය යි. එක්සත් ජාතීන්ගේ පාලනය යටතේ පවතින ප්‍රේරක කලාපයක් උතුරු සයිප්‍රසය හා සයිප්‍රස දිවයිනේ ඉතිරි ප්‍රදේශය අතරමැදින් විහිදී පවතින අතර එමගින් දිවයිනේ විශාලතම නගරය වන නිකොසියාව බෙදීමකට ලක් කරයි. රාජ්‍යයන් දෙකෙහිම අගනගරය වන්නේ නිකොසියාව යි. (තව දුරටත්...) -
Image 8
තුර්කි සමූහාණ්ඩුව යුරෝපියානු රටක් වන අතර එය බටහිර ආසියා ඇනටෝලියන් අර්ධද්වීපය ට්‍රේස් ගිනිකොණ යුරෝපය දක්වා විහිදේ. එහි මායිමේ රටවල් 08 ක් වන වයඹ දෙසින් බල්ගේරියාව, බටහිරින් ග්‍රීසිය,ඊසාන දෙසින් අමේනියා අසබයිජාන්,නැගෙනහිරින් බටහිර ඉරානය, ගිනිකොණ දෙසින් ඉරාකය සහ සිරියාව, දකුණු දෙසින් මධ්‍යධරණී මුහුද හා සයිප්‍රසය, බටහිර දෙසින් එයිගියන් මුහුද සහ උතුරින් කළු මුහුදට අයත් වේ. ජනගහනයෙන් බහුතරයක් ජනවාර්ගික තුර්කි හා කර්ටිස් වේ.එරට ප්රබලතම ආගම වන්නේ ඉස්ලාම්ය. රාජ්‍ය භාෂාව වන්නේ තුර්කිය. අගනුවර අන්කරා වේ.තුර්කිය ඔටෝමන් අධිරාජ්‍යයේ අනුප්රාප්තිකයෙකි. එය ප්රජාතන්ත්රවාදි ලෞකික එකමුතු ව්‍යවස්ථදායක සමූහාණ්ඩුවකි. 1923 මුස්තෆා කොමාල්ගේ නායකත්වයෙන් දේශපාලන පද්ධතිය පිහිටුවන ලදී. ඉන්පසු තුර්කිය බටහිර හා සමඟ බද්ධ වි ඇති අතර යුරෝපා කවුන්සිලය, නේටෝ, ඕ.ඊ.සී.ඩී (Organisation for Economic Co-operation and Development), ඔ.එ.ස්.සී.ඊ (Organization for Security and Co-operation in Europe) සහ ජි විස්ස කණ්ඩායම යන සමුළුවල සාමාජිකත්වය දරයි.2005 වර්ෂයේ යුරෝපානු සංගමය සමඟ සම්පූර්ණ සාමාජිකත්වය සඳහා සාකච්ඡා කර ඇත. 1963 සිට යුරෝපානු ආර්ථික කමිටුවේ සහකාර සාමාජිකයෙක් හා 1995 ආචාර සංගම් එකඟතාවයකට පැමිණියහ. මෙරට නැගෙනහිර ආසියාව,මැදපෙරදිග,තුර්කික් රාජ්‍යය මධ්‍යම ආසියාව සමඟ සංස්කෘතික, දේශපාලන ආර්ථික හා කාර්මික සබඳතාවයන් ගොඩනගා ඇත. (තව දුරටත්...) -
Image 9
ඊජිප්තුව ( අරාබි: مصر ), නිල වශයෙන් ඊජිප්තු අරාබි ජනරජය, යනු අප්‍රිකාවේ ඊසානදිග කෙළවරේ සහ ආසියාවේ නිරිතදිග කෙළවරේ සිනායි අර්ධද්වීපයේ විහිදී ඇති මහාද්වීපික රටකි. එය උතුරින් මධ්‍යධරණී මුහුද, ඊසාන දෙසින් පලස්තීනය සහ ඊශ්‍රායලයේ ගාසා තීරය, නැගෙනහිරින් රතු මුහුද, දකුණින් සුඩානය සහ බටහිරින් ලිබියාව මායිම් වේ. ඊසාන දෙසින් පිහිටි අකාබා බොක්ක ජෝර්දානය සහ සෞදි අරාබිය ඊජිප්තුව වෙන් කරයි. කයිරෝ ඊජිප්තුවේ අගනුවර සහ විශාලතම නගරය වන අතර දෙවන විශාලතම නගරය වන ඇලෙක්සැන්ඩ්‍රියාව මධ්‍යධරණී වෙරළ තීරයේ වැදගත් කාර්මික සහ සංචාරක කේන්ද්‍රස්ථානයකි. ආසන්න වශයෙන් මිලියන 100 ක ජනගහනයක් සිටින ඊජිප්තුව ලෝකයේ 14 වැනි වැඩිම ජනගහන රට වන අතර අප්‍රිකාවේ තුන්වන වැඩිම ජනගහණයෙන් යුත් රට වන්නේ නයිජීරියාවට සහ ඉතියෝපියාවට පසුවය.
ඊජිප්තුවට ඕනෑම රටකට වඩා දීර්ඝතම ඉතිහාසයක් ඇති අතර, නයිල් ඩෙල්ටාව දිගේ එහි උරුමය ක්‍රි.පූ. ශිෂ්ටාචාරයේ තොටිල්ලක් ලෙස සැලකෙන පුරාණ ඊජිප්තුව ලේඛන, කෘෂිකර්මාන්තය, නාගරීකරණය, සංවිධානාත්මක ආගම සහ මධ්‍යම ආන්ඩුව යන මුල්ම වර්ධනයන් කිහිපයක් පැවතියේය. ඊජිප්තුවේ දිගු හා පොහොසත් සංස්කෘතික උරුමය එහි ජාතික අනන්‍යතාවයේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර, එය මධ්‍යධරණී, මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව යන එහි අනන්‍ය මහාද්වීපික පිහිටීම පිළිබිඹු කරයි. ඊජිප්තුව ක්‍රිස්තියානි ධර්මයේ මුල් හා වැදගත් මධ්‍යස්ථානයක් වූ නමුත් හත්වන සියවසේදී බොහෝ දුරට ඉස්ලාමීයකරණය විය. නූතන ඊජිප්තුව 1922 දක්වා දිව යයි, එය රාජාණ්ඩුවක් ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගන්නා විට තිබුනි. 1952 විප්ලවයෙන් පසු ඊජිප්තුව ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර 1958 දී එය සිරියාව සමඟ ඒකාබද්ධ වී එක්සත් අරාබි ජනරජය පිහිටුවා ගත් අතර එය 1961 දී විසුරුවා හරින ලදී. 20 වන ශතවර්ෂයේ දෙවන භාගය පුරාම ඊජිප්තුව සමාජ හා ආගමික ආරවුල් සහ දේශපාලන අස්ථාවරත්වය විඳදරාගත් අතර, 1948, 1956, 1967 සහ 1973 දී ඊශ්‍රායලය සමඟ සන්නද්ධ ගැටුම් කිහිපයකට එරෙහිව සටන් කළ අතර 1967 දක්වා ගාසා තීරය කඩින් කඩ අල්ලා ගත්තේය. 1978 දී ඊජිප්තුව ගාසා තීරයෙන් නිල වශයෙන් ඉවත් වී ඊශ්‍රායලය පිළිගනිමින් කෑම්ප් ඩේවිඩ් ගිවිසුම් අත්සන් කළේය. 2011 ඊජිප්තු විප්ලවයට සහ හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමට තුඩු දුන් අරාබි වසන්තයෙන් පසුව, රට දිගුකාලීන දේශපාලන නොසන්සුන්තාවයකට මුහුණ දුන්නේය. (තව දුරටත්...) -
Image 10
භාරතය දකුණු ආසියානු රටකි. එය ජම්බුද්වීපය, හින්දුස්ථාන් හා ඉන්දියාව යන නම්වලින් ද හැඳින්වේ. ප්‍රමාණය අතින් ලොව සත්වන තැන භාරතයට හිමිවෙයි. 2023 ජුනි මස වන විට චීනය අභිභවා ඉන්දියාව ලෝකයේ වැඩිම ජනතාවක් වෙසෙන රට විය. එමෙන්ම ප්රජාතන්ත්රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අරාබි මුහුදින් ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද වටවී ඇති භාරතය බටහිරින් පකිස්තානයෙන් ද, උතුරින් චීනය, නේපාලය සහ භූතානය යන රටවලින් ද, නැගෙනහිරින් බංගලාදේශයෙන් සහ බුරුමයෙන් ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද භාරතයට ආසන්න ව පිහිටයි. භාරතයට අයත් අන්දමන් සහ නිකොබාර් දූපත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්නව පිහිටා ඇත. භාරතය සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි.
අතීතයේ සිටම වෙළෙඳ සහ සංස්කෘතික අතින් දියුණු ප්‍රදේශයක් වූ ඉන්දියානු උප මහාද්වීපය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, අධිරාජ්‍ය සහ වෙළෙඳ මාර්ග ගණනාවකට නිජභූමිය විය. හින්දු ධර්මය, බුදු දහම, ජෛන ධර්මය සහ සිඛ ධර්මය යන ප්‍රධාන ධර්ම හතරක් භාරතයේ බිහිවුණ අතර ශරතුස්ත්‍රවාදය (Zoroastrianism), යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ද බොහෝ කලක සිට පැවතීම මෙහි සංස්කෘතික විවිධත්වය ඇති කිරීමට හේතුවිය. දහඅට වැනි සියවස මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම මගින් එක්සත් රාජධානියට අයත් යටත් විජිතයක් කර ගන්නා ලද භාරතය අවිහිංසාවාදී අරගලයකින් පසු 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය. (තව දුරටත්...) -
Image 11
නිල වශයෙන් කසක්ස්තාන සමූහාණ්ඩුව යනුවෙන් හඳුන්වන කසක්ස්තානය යනු රුසියාවට දකුණු දෙසට වන්නට පිහිටි ලෝකයේ 9 වන විශාලතම රාජ්‍යයයි. වර්ග කි.මි. 2,727,300 වන මෙය බටහිර යුරෝපයට වඩා විශාලය.එහි අසල්වැසියන් වන්නේ උතුරින් පිහිටි රුසියාව, චීනය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ ටර්ක්මෙනිස්ථානය ය. මෙහි ජනගහනය ලෝකයේ 62 වන තැනට විශාල ජනගහනය වන අතර ජන ඝනත්වය වර්ග කි.මී. 1 කට 6 දෙනෙක් සිටිති. වර්තමාන කසකස්ථානයේ භූමිය, පෙර නෝමන් වරුන් විසූ ප්‍රදේශය විය. 19 වන ශතවර්ෂය වන විට කසකස්ථානය රුසියානු අධිරාජයේ කොටසක් විය. 1936 එය කසක් සොවියට් සමූහාණ්ඩුව විය. 1991 දෙසැම්බර් 16 වෙනිදා නිදහස ලැබීය. එහි ජනාධිපති ලෙස නර්සුල්තාන් නසාර්බසෙව් පත්විය. මෙහි හයිස්‍රොනබන් කර්මාන්තයේ දියුණුවක් ඇති විය. මෙය සමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, නෝමෝ, පොදු රාජ්‍ය මණ්ඩලය හා ෂැංග්හයි සංවිධානයේ වේ. මෙහි ජාතීන් වශයෙන් 131 වන අතර කසාක් රුසියානු, යුක්රේනියන්, අස්බෙන් හා ටාටාය මෙහි ජනගහනය මිලියන 16.0 වන අතර 63% කසාක් වරුන්ය. මෙය රාජ්‍ය ආගම් නිදහස අගය කරන අතර ඉස්ලාම් මූලික ආගම වේ. රාජ්‍ය භාෂාව වන්නේ කසාක්ය. (තව දුරටත්...) -
Image 12
මාලදිවයින (ඉංග්‍රීසි - Maldives) (දිවෙහි - ދިވެހިރާއްޖެ දිවෙහි රාජ්ජේ), නිල වශයෙන් මාලදිවයින් ජනරජය (ඉංග්‍රීසි - Republic of Maldives) (දිවෙහි - ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ දිවෙහි රාජ්ජේ ජමහාරියා) ඉන්දියානු සාගරයේ ඇති දූපත් රාශියකින් සැදුනු කුඩා රාජ්‍යකි. එය දූපත් පොකුරු 26 කින් සමන්විත වන අතර, ලක්ෂද්වීප් දූපත් වලට නුදුරින් මිනිකොයි දූපත් සහ චාගොස් කොදෙව්ව අතරින්, ලක්ක්දිව් මුහුදේ, ඉන්දියාවට කිලෝ මීටර 400 නිරිත දිගින් සහ ශ්‍රී ලංකාවට කිලෝ මීටර 700ක් නිරිත දිගින් පිහිටා ඇත.
දහසය වන සියවසේ සිට පෘතුගීසි, ඕලන්ද සහ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ අවධානයට ලක් වූ මාලදිවයින, බ්‍රිතාන්‍ය යටතේ කටයුතු කල සුල්තාන් වරයෙකුගේ පාලන ක්‍රමයකින් මිදී 1965 දී පූර්ණ නිදහස ලබා ජනරජයක් බවට පත් විය. (තව දුරටත්...) -
Image 13
ලෙබනන් සමුහාණ්ඩුව නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ බටහිර ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් සිරියාවටත්, දකුණින් ඊශ්‍රායලයටත්ය. ලෙබනනයේ මධ්‍යධරණියේ හා අරාබියේ පිහිටීම මත එයට පොහොසත් ඉතිහාසයක්, සංස්කෘතිමය අනන්‍යතාවයක්, ආගමික හා මානව විවිධත්වයක් ලැබී ඇත. එහි ඉතිහාසයට අනුව මීට වසර 7000 ට පෙර මානව ශිෂ්ඨාචාරයක් පැවතුණි. එය අවුරුදු 2500 ක සිට ෆිනිෂියන්වරුන්ගේ කාලයේ සිට පැවැත එන්නකි. 2 වන ලෝක යුද්ධයෙන් පසු ඔටොමන් අධිරාජ්‍යයේ කඩා වැටිමත් සමඟ එහි තිබු ප්‍රදේශ 5 ක් නිල වශයෙන් ප්‍රංශය යටතට ගන්නා ලදි. ප්‍රංශය විසින් ලෙබනනයේ මායිම් වන මවුන්ට් ප්‍රදේශය පුළුල් කරන ලදි. එහි මැරොනයිට් කතෝලිකයන් සහ වැඩි වශයෙන් මුස්ලිම්වරුන් පදිංචි කරන ලදි.1943 දි මෙම රට නිදහස ලැබු අතර ඔවුන් පාපොච්චාරණ ප්‍රතිපත්ති ප්‍රකාශය යනුවෙන් දේශපාලන පද්ධතියක් නිර්මාණය කළ අතර, එය ආගමික සංවිධාන මත බලය බෙදීමේ ක්‍රියාවලියකි. 1975 – 1990 පැවැති සිවිල් යුද්ධයට පෙර එරටෙහි සාමය හා සෞභාග්‍යය පැවති අතර සංචාරක, කෘෂිකාර්මික හා බැංකු කටයුතු පැවතුණි. එහි තිබු ආර්ථික බලය හා විවිධත්වය හේතුවෙන් එය නැගෙනහිර ස්විස්ටර්ලන්තය වශයෙන් හඳුන්වනු ලැබීය. එය විශාල සංචාරකයින් ඇදගත් අතර අගනුවර වන බීරුට් මැදපෙරදිග පැරිසිය වශයෙන් හඳුන්වනු ලැබීය. 2006 ජූලි 26 වන තෙක් ලෙබනනයේ ස්ථිරත්වයක් පැවති අතර 2006 ඊශ්‍රායලය හා හිස්බුල්ලා අතර යුද්ධයෙන් සිවිල් ජනතාව මරණයට පත් වු අතර එහි සිවිල් පද්ධතියට හානි පැමිණියහ. එහි පැවැති මනා ආර්ථික පාලනය හේතුවෙන් 2007 – 2010 පැවැති ආර්ථික අර්බුදයෙන් එහි බැංකු කටයුතු වලට හානියක් නොවීය. ලෝක ආර්ථික පසුබෑම අභියස ලෙබනනය ආර්ථික වර්ධනය 90% හා එහි ඉතිහාසයේ විශාලතම සංචාරකයන් පිරිසකට සත්කාර කළහ. (තව දුරටත්...) -
Image 14
යේමන ජනරජය නිරිතදිග ආසියාවේ පිහිටි අරාබි අර්ධද්වීපයේ පිහිටයි. සවුදි අරාබිය උතුරින්ද, බටහිරින් රතු මුහුදද, දකුණින් අරාබි මුහුද හා ඒඩන් (Aden) බොක්කද, නැගෙනහිරින් ඕමානයද දේශ සීමා ලෙස පිහිටයි. යේමන භූමි ප්‍රමාණයට දූපත් 200 ක් පමණ අයත් වේ. එහි විශාලම දූපත වන Socotre (සොකෝට්‍රා) ප්‍රධාන භූමියට කි. මී. 415 ක් දකුණින් සෝමාලියානු මුහුදු තීරයට ආසන්නයේ පිහිටයි. අරාබියාවේ ඇති එකම ජනරජය යේමනයයි. (තව දුරටත්...) -
Image 15
මකාවෝ යනු, මහජන චීන ජනරජයේ විශේෂ පරිපාලන භූමිප්‍රදේශ දෙක අතුරින් එකක් වන අතර, අනෙක වන්නේ හොංකොං ය. (තව දුරටත්...) -
Image 16
ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය, එසේත් නැතිනම් පොදු ව්‍යවහාරයට අනුව ඇෆ්ගනිස්ථානය යනු දකුණු-මධ්‍යම ආසියාවේ පිහිටි සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ කඳුකර රාජ්‍යයකි. එය දකුණින් සහ නැගෙනහිරින් පාකිස්ථානයට ද, බටහිරින් ඉරානයට ද, උතුරින් තුර්කමෙනිස්ථානයට, උස්බෙකිස්ථානයට සහ ටජිකිස්ථානයට ද, ඊසානදිගින් චීනයට ද මායිම් වී ඇත. වත්මන් ඇෆ්ගනිස්ථාන භූමිය අතීතයේ දී සේද මාවතේ සහ මානව සංක්‍රමණයේ සන්ධිස්ථානයක් විය. ක්‍රිපූ 50,000 තරම් ඈත අතීතයේ මෙහි මිනිස් වාසය පැවති බවට සාක්ෂි පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. මේ ප්‍රදේශයේ නාගරික ජනාවාස ක්‍රිපූ 3000-2000 අතර කාලයක ඇරඹෙන්නට ඇතැයි සැළකේ.
කාලයත් සමග ජනවර්ග රාශියක් ජීවත් වී ඇති ඇෆ්ගනිස්ථානය, මධ්‍යම ආසියාව සහ මැදපෙරදිගත් ඉන්දියානු උපමහාද්වීපයත් යා කරන වැදගත් ස්ථානීය පිහිටුමක පවතියි. මේ නිසාම පුරාණයේ සිටම මහා ඇලෙක්සැන්ඩර්, මෞර්ය අධිරාජ්‍යය, ජෙන්ගිස් ඛාන් වැන්නන්ගේ හමුදා ආක්රමණවලට ඇෆ්ගනිස්ථානය ගොදුරු වී ඇත. (තව දුරටත්...) -
Image 17
හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරය නැගෙනහිර දෙසින් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි. (තව දුරටත්...) -
Image 18
-
Image 19
කටවහරේ බොහෝ විට චීනය (චීන: 中国; පින්යින්: Zhōngguó), නමින් හැඳින්වෙන්නේ මහජන චීන සමූහාණ්ඩුවයි (PRC; චීන: 中华人民共和国; පින්යින්: Zhōnghuá Rénmín Gònghéguó), නැගෙනහිර ආසියාවේ රටකි. එය බිලියන 1.5කට වඩා වැඩි ජනගහනයක් සිටින ලොව දෙවනුවට වැඩිම ජනගහනයක් සහිත රටයි. නැගෙනහිර ආසියාවෙහි පිහිටි චීනය, භූගෝලීය කාල කලාප පහක් පුරා විහිදෙන අතර රටවල් 14කට මායිම් වන අතර, රුසියාවෙන් පසු ලෝකයේ ඕනෑම රටකට වඩා දෙවැනි ස්ථානයයි. දළ වශයෙන් වර්ග කිලෝමීටර් මිලියන 9.6 ක (වර්ග සැතපුම් 3,700,000) ප්‍රදේශයක් ආවරණය වන පරිදි එය ලොව තුන්වන හෝ හතරවන විශාලතම රට වේ. රට පළාත් 23කින්, ස්වයං පාලන කලාප පහකින්, මහ නගර සභා හතරකින් සහ විශේෂ පරිපාලන කලාප දෙකකින් සමන්විත වේ. (හොංකොං සහ මැකාවු). ජාතික අගනුවර බීජිං වන අතර විශාලතම නගරය ෂැංහයි වේ.
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරනු ලබන තනි-පක්ෂ රාජ්‍යයකි. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පළාත් 22 ක් මතද , ස්වතන්ත්‍ර ප්‍රදේශයන් පහක් මතද, සෘජු ලෙසින් පරිපාලිත මහ නගර සභා ප්‍රදේශයන් සතරක් (බෙයිජිං, ටියාංජිං, ෂැංහයි, සහ චොංකිං) මතද, අතිශයින් ස්වතන්ත්‍ර විශේෂ පරිපාලන ප්‍රදේශයන් දෙකක් – හොං කොං සහ මැකාවු – මතද සිය අධිපත්‍යය පතුරවයි. එහි අගනගරය බෙයිජිං වෙයි. (තව දුරටත්...) -
Image 20
කාම්බෝජියා රාජධානිය ගිනිකොන ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් හා නිරිත දෙසින් තායිලන්තයෙන්ද, උතුරින් ලාඕසය, නැගෙනහිරින් හා ගිනිකොණින් වියට්නාමයෙන්ද, දකුණින් තායිලන්ත ආගාධයට ද මායිම් වේ. කාම්බෝජියාවේ භූගෝලීය පසුබිම බැලු කල මීකොන්ග් ගංගාව ප්‍රධාන වේ. කාම්බෝජියාහි ව්‍යවස්ථාදායක රාජ්‍යතන්ත්‍රයක් තිබෙන අතර, නොම් පෙනේ එහි අගනුවර වෙයි. එය එරට විශාලතම නගරයද වේ. ආර්ථික, කර්මාන්න, වානිජ සහ සංස්කෘතික කේන්ද්‍ර ස්ථානයද මෙම නොම් පෙනේ නගරයයි . සියම් රීප් යනු පෞරාණික ප්‍රදේශයක් ලෙස ප්‍රකට අන්ගෝබොට් සහ අන්ගෝ ප්‍රදේශයට ඇති ප්‍රවේශය කාම්බෝජියාව සතු ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයවේ. බටම්බන්ග් බටහිර කාම්බෝජියාවේ පිහිටි විශාලතම නගරයවේ. මෙහි සහල් නිෂ්පාදනයට මූලික තැනක් හිමිවේ. සිහනොක්විල් වෙරළබඩ නගරය එරට මුලික වරාය වේ. කෘෂිකර්මය කාම්බෝජියානු ආර්ථිකයේ ප්‍රධාන අංගයයි. ජනගහනයෙන් 59% ක් කෘෂිකර්මය, ඔවුන්ගේ ජිවනෝපාය බවට පත්කොට ගෙන තිබේ. ඇඟලුම්, සංචාරක හා ඉදිකිරීම් කර්මාන්තද එරට වැදගත් කර්මාන්ත අතර වේ. ඇන්කොබොට් වෙත ලඟාවෙන විදේශිකයන් ගණන මිලියන 4 ක් ලෙස 2005 වර්ෂයේ සඳහන් විය. තෙල් සහ ස්වාභාවික ගෑස් නිධි කාම්බෝජියාවේ ජලජ ප්‍රදේශවලින් හමු වී ඇත. වානිජ කැණීම් 2011 ආරම්භ වු පසු මෙම තෙල් නිධි කාම්බෝජියානු ආර්ථිකයට ගැඹුරු ලෙස බලපානු ඇත. නිරීක්ෂකයින් පවසන පරිදි මෙම නිධි මනා ලෙස ආරක්ෂා කර නොගතහොත් ඒවා බොහෝමයක් සංවර්ධිත රටවල්වලින් හා දේශපාලන බලවතුන් විසින් අත්කර ගනු ලබනු ඇත.
වර්ථමානයේ ඛ්මේර් රාජය ලෙස හදුන්වයි.[තහවුරු කර නොමැත] (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ආසියාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
-
Image 1ටයිශෝ යුගයේ නාගසාකි නගර කාර්යාලය. (නාගසාකි වෙතින්)
-
Image 3හරප්පාවේ ධාන්‍යාගාරය සහ මහා ශාලාවේ දර්ශනයක් (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
-
Image 5ඉන්දියානු උප මහාද්වීපයේ ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණය (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
-
Image 6ලිස්බන් සිට නාගසාකි දක්වා නාවික ගමන් මාර්ගය (නාගසාකි වෙතින්)
-
Image 7නාගසාකි නුවර නකශිමා ගංගාව හරහා ඉදිකර තිබූ ගල් පාලම් කිහිපයක්. 1870 දශකයේදී උචිඩා කුයිචි විසින් ගත් ඡායාරූපයකි. (නාගසාකි වෙතින්)
-
Image 8නාගසාකි වෙත පැමිණෙන පෘතුගීසි කැරැක් නෞකාවක චිත්රයකි. මෙය 1571 දී පමණ නිර්මාණය වූ ජපාන නැන්බැන් යුගයට අයත් බ්යෝබු නිර්මාණයකි. (නාගසාකි වෙතින්)
-
Image 9ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත කලා කෞතුකාගාරයේ ඇති 2600–2450 BCE කාලයේ හරප්පන් ශිෂ්ටාචාරයට අයත් බඳුනක් (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
-
Image 10නාගසාකියේ සැලැස්ම, හයිසෙන් පළාත, 1778 (නාගසාකි වෙතින්)
-
Image 11වෛශාලියේ ඇති අශෝක ස්ථම්භය (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
-
Image 12මෙයිජි යුගයේ නාගසාකි දිස්ත්‍රික් කාර්යාලය. (නාගසාකි වෙතින්)
-
Image 13ඉදිරියේ පිහිටන මහා ස්නානාගාරය ඇතුළු කැණීම් වලින් මතුකරගත් මොහෙන්ජෝදාරෝවේ නටඹුන් (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
-
Image 15නාගසාකියේ සැලැස්ම, 1860 (නාගසාකි වෙතින්)
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
උප මාතෘකා
ස්වාධීන රාජ්‍යයන් |
| ||||||
---|---|---|---|---|---|---|---|
සීමිත පිළිගැනීමක් ඇති රාජ්‍යයන් | |||||||
යටත් ප්‍රදේශ සහ විශේෂ පාලන ප්‍රදේශ |
|
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව
- ^ "Like herrings in a barrel". The Economist. December 23, 1999.
- ^ National Geographic Atlas of the World (7th ed.). Washington, DC: National Geographic. 1999. ISBN 978-0-7922-7528-2. "Europe" (pp. 68–9); "Asia" (pp. 90–1): "A commonly accepted division between Asia and Europe ... is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles."