ඉස්ලාම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඉස්ලාම්

අන්තර්ගතය

Istanbul, Hagia Sophia, Allah.jpg
මුලික විශ්වාසය
අල්ලාහ්

 • තව්හීද්
 • මුහම්මද් නබි
 • දෙවියන්ගේ දුතයා
 • නබිතුමාගේ අවසාන දේශනය


මූල ග්‍රන්තය සහ නිතිය

කුර්ආන්


ඉස්ලාම් යනු ඒක දේවවාදී අබ්‍රහිමික ආගමකි , අල් කුරානය හා හදිසයන් එහි මුලාශ්‍රයන් වේ,ඉස්ලාම් දහම අදහන ජනයා මුස්ලිම් යනුවෙන් හදුන්වයි.මුස්ලිම් වරුන් ඒකීය අසමසම දෙවිවරයෙක් විශ්වාශ කරයි,[1]ඒ වගේම ඉස්ලාම් දහම ආදිකල්පිත දහමක් ලෙසත් ආබ්‍රහම් ,මෝසස් ,යේසුස් නබි වරුන් ලෙසත් හදුන්වයි,[2]ඔවුන් ගේ පසුකාලින අනුගාමිකයන් විසින් කාලයත් සමග දහම විකුර්ති කර ඇති බවත්ය,[3]ඒ නිසා අවසාන වශයෙන් අල් කුරානය හෙළිදරවු කෙරුණු[4] බව මුස්ලිම් වරුන් විශ්වාශ කරයි .ඉස්ලාමය සම්පුර්ණ ජිවන සැලැස්මක් ලෙස හදුන්වයි.[5][6] බහුතර මුස්ලිම් වරු සුන්නි(75–90%) හා ෂියා(10–20%) කොටස් වලට අයිති වේ .13% පමණ මුස්ලිම් වරුන් ඉන්දුනීසියාවේ ජිවත් වේ.දකුණු ආසියාවේ 25 % ක් ද ,මැද පෙරදිග 20 % ක් ද උප සහරා අප්‍රිකාවේ 15% සිටිති.ආසන්න වශයෙන් බිලියන 1.57 ප්‍රමාණයක් හෙවත් 23 % ක් පමණ මුළු ලොවම සිටි .ඉස්ලාමය දෙවැනි විශාලතම හා ලොව වේගයෙන් වර්ධනය වන දහමකි

පටුන

ඉස්ලාම් වදනේ උපත සහ අර්ථය[සංස්කරණය]

ඉස්ලාම් නමැති වචනය අරාබි භාෂාවේ එන ස්-ල්-ම්නම් වචනයෙන් බිහි වී ඇත.[7]“ඉස්ලාම්” යන අරාබි පදයට අර්ථ දෙකක් ඇත.

  • අවනත වීම
  • සාමය

සර්ව බලධාරී ඒකක දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ.[8][9]ඉස්ලාම් ආගම අදහන ලෝකයේ ඕනෑම රාජ්‍යයක ජීවත්වන ජනයා මුස්ලිම් ගණයට අයත් වේ. (Islam) ඉස්ලාම් ආගම. අරාබි අර්ධද්වීපය මුල්කොටගෙන පැන නැගුනු ලොව ප්රධානතම හා ඉතාම වේගයෙන් වර්ධනය වන ආගමකි. අල්ලාහ් නම් සර්වබලධාරියා විසින් එවන ලද මුහම්මද් නබි(සල්) නම් අනගතවක්තෘතුමන් විසින් එතුමන්ට වහි මගින් අනාවරණය වූ දහම ලෙස ලොවට ප්රකාශ කර ඇත. ලොව ජනගහනයෙන් සෑම 6 දෙනකුගෙන්ම එක් අයකු ඉස්ලාම් බැතිමතෙක් වන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ඉස්ලාම් ගැන ප්‍රසිද්ධ හදීසයක මෙසේ සදහන් වේ මුහම්මද් (සල්) තුමාණන් තම අනුගාමික පිරිස සමඟ එක්තරා ස්ථානයක අසුන්ගෙන සිටින විට එම ස්ථානයට පැමිණී ආධූනික තැනැත්තෙකු නබිතුමාණන් සමීපයේ අසුන්ගෙන ‘ඊමාන් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ඊමාන් යනු අල්ලාහ් (දෙවි) ද, ඔහුගේ දේවදූතයන් ද, (මරණින් මතුවට) අල්ලාහ් (දෙවි) හමුවන බවද, ඔහුගේ වක්තෘවරුන් (හෙවත් නබිවරුන්)ද විශ්වාස කිරීමයි. තවද මරණින් මතු යලි නැඟිටීමත් විශ්වාස කිරීම (ඊමාන් බව )’ පවසන ලදී. එයට එම තැනැත්තා ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ඉස්ලාම් යනු අල්ලාහ් (දෙවි) හට කිසිවක් (හෝ කිසිවෙක් කිසිදු ආකාරයකට) නුඹ සමාන නොකොට වන්දනාමාන කිරීමත්, (පංච වේල් සලාතය) වන්දනය ඉටු කිරීමත්, ඉස්ලාම් අනිවාර්‍ය කරන (සකාත්) දානධර්ම බෙදාදීමත්, රමලාන් (උපවාස) මාසයේ උපවාසය රුකීමත් වේ’ යනුවෙන් පවසන ලදී. එයට එම තැනැත්තා ‘ඉහ්සාන් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමානණ් ‘(ඉහ්සාන් යනු) අල්ලාහ් (දෙවි) තමා අබියස සිටින බව සිතා ඔහුට වැඳුම්පිඳුම් ඉටු කිරීමයි. නුඹට ඔහු නොපෙනුනත් නියත වශයෙන්ම ඔහු නුඹගේ ක්‍රියාවන් සියල්ල බලාගෙන හිදී.’ යනුවෙන් පවසන ලදී… මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී මුස්ලීම්

ඉස්ලාම් ඉතිහාසය[සංස්කරණය]

ඉස්ලාමීය ඉතිහාසයේ සංවර්ධනයේ ප්‍රතිඵලය ප්‍රධාන වශයෙන් දේශපාලනික , ආර්ථික , ආරක්ෂක අංශවල දියුණුව ඉස්ලාමීය ලෝකයාට මෙන්ම එයින් එපිටටද බලපෑම් ඇති කළේය. මුහම්මද් නබි තුමාට මුල්වරට අල් කුරානය අනාවරණය වී සියවසක් ඇතුළත ඉස්ලාමීය රාජ්‍යය බටහිරින් අත්ලාන්තික් සාගරයේ සිට නැගෙනහිරින් මධ්‍යම ආසියාව දක්වාම ව්‍යාප්ත විය. මෙම අළුත් මතය ඉක්මණින්ම සරළ යුධමය තත්වයන් රාජ්‍යයේ අභ්‍යන්තර මට්ටමින්ද බාහිරව බලපෑවේය. කෙසේ වෙතත් ඉස්ලාමීය ව්‍යාප්තිය අප්‍රිකානු ප්‍රාන්තවලද , ඉන්දියානු ප්‍රාන්තවලට හා ගිනිකොණ දිග ආසියාතික රටවලටද ප්‍රචාරය මගින් නෙ‍ාකඩවා සීග්‍රයෙන් පැතිරී ගියේය. එය යුරෝපයෙන් එපිට ආර්ථික හා ආරක්ෂක අතින් වර්ධනයක්ද සමගින් අතීතයේ කිසිකලෙකත් නොවූ ලෙස බටහිර දක්වාම වර්ධනය විය. 18 හා 19 වන සියවස්වල ඉස්ලාමීය අධිරාජ්‍යය අතීතයේ සිට නොකඩවා පැවති ක්‍රමය උස්මානීය හා මෝගල් අධිරාජ්‍යයන් යුරෝපීය බලපෑමත් සමගම ක්‍රම ක්‍රමයෙන් බිඳවැටෙන්නට විය. විසිවන සියවසේ එය නව මුහුණුවරකින් සංවර්ධනයක්ද සමගින් හිස ඔසවන අතර එය මතභේදවලටද තුඩු දෙමින් පවතී.

ඉස්ලාම් දින දර්ශණය[සංස්කරණය]

කි‍්‍ර.ව 622 ඉස්ලාම් ආගමේ ආරම්භය ලෙස සලකන අතර, එය ඉස්ලාමීය දින දර්ශණයේ පළමු වසර ලෙස සටහන් වේ. මෙය කැලිෆ් උමාර් විසින් නිර්මාණය කරන ලද වසර තිහක චක‍්‍රයකින් සමන්විත දින දර්ශණයකි. මෙම වසර තිහ දවස් 354 සහිත සාමාන්‍ය අවුරුදු දහනවයකින් ද දවස් 355 සහිත අධික අවුරුදු එකොලහකින්ද සමන්විතවේ. මෙම දිනදර්ශණයේ ශතවර්ෂයක් කි‍්‍රස්තියානු දිනදර්ශණයක අවුරුදු 97 කට සමානය.

ඉස්ලාමීය දින දර්ශණය චන්ද්‍ර මාස ක‍්‍රමයද අනුව සකස් වූවක් බැවින් එහි ආගමික දිනයන් සඳහා නියමිත වූ දිනයන් දක්නට නැත.

කාලීෆා රාජධානියේ නැගීම (ක්‍රි. ව. 632 -750)[සංස්කරණය]

මුහම්මද් නබි (සල්) තුමා මදීනාවට සංක්‍රමාණය වීමට පෙර මක්කාවේද ධර්ම දේශනා කළහ. මදීනාවේදී එතුමා විසින් අරාබි ගෝත්‍ර සියල්ල එකමුතු කොට ඒකීය අරාබි මුස්ලිම් ආගමික පාලනයක් යටතට ගෙන එන ලදී. ක්‍රි. ව. 632 දී එතුමාගේ වියෝවෙන් පසු, මුස්ලිම් ජනතාවගේ නායකත්වය හිමි විය යුත්තේ කාටද යන්න පිළිබඳ වාද විවාද ඇති විණි. මුහම්මද් නබි (සල්) තුමාගේ ප්‍රමුඛ සහායකයෙකු වු උමාර් ඉබ්නු අල් - කත්තාබ් ගේ අනුමැතිය මත සහ බහුතරයකගේ කැමැත්ත මත, මුහම්මද් නබිතුමාගේ සහායකයෙකු මෙන්ම ළඟම මිතුරෙකු වු අබු - බකර් තුමා පළමුවෙනි කාලිෆ් වරයා ලෙස පත් වුයේ ය. එහෙත් තවත් පිරිසක් මෙම තේරීමට විරුද්ධ වුයේ මුහම්මද් නබි (සල්) තුමාගේ ඥාති සහෝදරයෙකු හා බැණනුවන් වු අලි ඉබ්නු තාලිබ් තුමාට නායකත්වය හිමිවිය යුතු බව ඔවුන් විශ්වාස කළ හෙයිනි. අබු බකර් තුමා නායකත්වයට පත් වු විගස බිසන්ටීන (නැගෙනහිර රෝම අධිරාජ්‍යය) හමුදාව පරාජය කිරීම ඔහුගේ වගකීමක් විය. එහෙත් ඊට පෙර අරාබි ගෝත්‍ර අතර ඇති වු කැරලි (රිද්දා) යුද්ධයන් මර්දනය කිරීමට එතුමාට සිදුවිය.

750 දී පිහිට වූ කැලිපේට් රාජවංශ භූමිප්‍රදේශය

ක්‍රි. ව. 634 දී අබු බකර් තුමාගේ වියොවෙන් පසු කලීෆා බවට උමාර් තුමාද, ඉන්පසු උස්මාන් ඉබ්නු අල් - අෆ්ගන් තුමාද, ඊටත් පසු අලි ඉබ්නු අබි තාබ්ලි තුමාද පත් විය. මොවුන් සතර දෙනා අල්- කුලෆා අර් - රෂිදුන් ("නියමාකාරයෙන් මඟ පෙන්වනු ලැබු කාලිෆ්වරු") යන විරුදාවලිය ලැබුහ. ඔවුන්ගේ පාලන කාලය තුළ මුස්ලිම් පාලනයට යටත් වු දේශ සීමාව පර්සියාව හා නැගෙනහිර රෝමය දක්වා පැතිර තිබිණි.

ක්‍රි. ව. 644 දී උමාර් කලීෆාවරයාගේ ඝාතනයත් සමඟ උස්මාන් තුමා ඊළඟ කලීෆාවරයා ලෙස පත්වීම පිළිබඳ දැඩි විරෝධයක් පැන නැගුණි. ක්‍රි. ව. 656 දී උස්මාන් තුමාගේ ඝාතනයෙන් පසු අලි ඉබ්නු අබි කාලිබ් තුමා කාලිෆා වරයා බවට පත්වී පළමුවෙනි සිවිල් යුද්ධය හෙවත් "පළමු ෆිත්නාව" මෙහෙය වූ පසු ක්‍රි. ව. 661 දී කරිජිවරුන් විසින් එතුමාව ඝාතනයට පත් කෙරිණි. අනතුරුව ආණ්ඩුකාර වූ මු:අවියාහ් බලයට පැමිණ උමයියාද් රාජවංශය ආරම්භ කළේය.

ආගමික හා දේශපාලනික නායකත්වය නිසා පැවති විවිධ ආරවුල් හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව අතර ආගමික නිකාය භේදයක් ඇති විය. බහුතරයක් අලි තුමාට පෙර පැවත ආ කලිෆාවරුන්ගේ නායකත්වය පිළි ගත්හ. ඔවුන් සුන්නිවරුන් ලෙස හැඳින්විණි. සුඛි පිරිසක් නියමාකාර නායකයා අලි පමණක් ම යැයි පිළිගත්හ. ඔවුන්ව හැඳින්වූයේ ෂියාවරු යනුවෙනි. ක්‍රි. ව. 680 දී මු: අවියාහ් ගේ වියෝවෙන් පසු නැවතත් නායකත්වය පිළිබඳ ගැටුම් ඇති වී දෙවෙනි සිවිල් යුද්ධය ඇති විය. උමයියාද් රාජවංශය වසර හැත්තෑවක් පුරාවටම පැවතුණි. මග්රිබ්, අල් - අන්දලුස් (අයිබීරියානු පෙනින්සුලා, හිටපු විසිගෝතික් හිස්පානියා), නාර්බොනෙස්සි ගුවාල් මෙන්ම සින්දු නදිය හා මධ්‍යම ආසියාවේ යම් ප්‍රදේශ පවා ඔවුන් යටතට පත් කරගැනීමට සමත් විය. මුස්ලිම් අරාබි ප්‍රධානීන් යුද්ධ කර යටත් විජිත අත්පත් කරගනිමින් සිටියදී, ඇතැම් සැදැවත් මුස්ලිම්වරු ලෞකික ජීවිතයකට ඉඩදීම කෙතරම් ධර්මිෂ්ට ද යන්න විමසමින් සිටියහ. මෙසේ අදහස් දැරූ හසන් අල් බස්රි ආදී අය සුෆි වාදයේ ප්‍රමුඛයෝ වූහ.

උමයියාද් ප්‍රභූතන්ත්‍රය දුටු ආකාරයට, ඉස්ලාම් යනු අරාබි ජාතිකයන්ට පමණක් සීමා වු දහමකි. ඔවුන්ගේ ආර්ථිකය පදනම් වුයේ මුස්ලිම් නොවන අරාබි ජාතිකයන් (දිම්මවරු) , මුස්ලිම් අරාබි ජාතිකයන් වෙනුවෙන් ගෙවන බදු මතයි. අරාබි නොවන පුද්ගලයෙක් ඉස්ලාම් දහම වැළඳගැනීමට පෙර අරාබි ගෝත්‍රයක අනුගාමිකයෙක් විය යුතු විය. ඔහුට අරාබි ජාතිකයන් මෙන් සමතැන ලැබුණේද නැත. මුහම්මද් නබිතුමාගේ පරම්පරාවෙන් පැවතගෙන එන අය උමයියාද්වරු බලයෙන් පහකර ක්‍රි. ව. 750 දී අබ්බාසිද් රාජවංශය ආරම්භ කළහ. අබ්බාසිද්වරු යටතේ ඉස්ලාමීය ශිෂ්ටාචාරය එහි අගනුවර විශ්වදේශී නගරයක් වු බැග්ඩෑඩයේ පිහිටුවා ඉස්ලාමයේ ස්වර්ණමය යුගය කරා එළඹිණි.

ඉස්ලාම් ඉතිහාසය - ස්වර්ණමය යුගය (750 -1258)[සංස්කරණය]

සලාදින් අයියුබිද්ගේ හමුදාව ජෙරුසලම නැවත ලබා ගැනීමට සිදු කළ හතින් යුද්ධය 1187, චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්,

9 වන සියවසෙහි අගභාගයෙහි විවිධ පළාත් ස්වයං පාලනයක් කරා යාම හේතුවෙන් අබ්බාසිද් කලීෆා රාජධානිය බිඳ වැටෙමින් පැවතිණ. පළාත් කැඩී යාමත් සමඟම උතුරු අප්‍රිකාව, පර්සියාව සහ මධ්‍යම ආසියාව පුරා එමිර් රාජ්‍යයන් බිහි විය. දැඩි ලෙස ඒකශ්මිකව තිබු අරාබි රාජධානිය ආගමික වශයෙන් සමජාතීය මුස්ලිම් ලෝකයක් දක්වා වෙනස් විය.එමනිසා කලීෆාවරයාගේ ආගමික අධිකාරියට පවා විරුද්ධ විය හැකි තත්ත්වයක් ෂියා ෆතිමිදි වරුන්ට හිමිවිය. ක්‍රි.ව.1055 වන විට සෙල්ජුක් තුර්කිවරුන් විසින් අබ්බාසිද්වරුන්ගේ හමුදාමය බලය දුර්වල කරනු ලැබ තිබුණද, ඔවුන් කාලී‍ෆාවරයාගේ නාමමාත්‍ර අධිකාරියට ගෞරව කළහ. මේ වනවිට ඉස්ලාම් ධර්මය සහ මුස්ලිම් වෙළඳ ජාලයන් සහරාව, බටහිර අප්‍රිකාව, මධ්‍යම ආසියාව, බල්ගේරියාව සහ මැලේ දුපත් කරා පැතිරි තිබුණද, ආක්‍රමණ සහ සාමකාමීව ආගමට හරවා ගැනීම් මඟින් මුස්ලිම් රාජධානිය තවදුරටත් ප්‍රසාරණය වෙමින් පැවතුණි.

ස්වර්ණමය යුගය නව නීතිමය, දාර්ශනික සහ ආගමික සංවර්ධනයන්ගේ ආරම්භය විය. ප්‍රධාන හදීස එකතුන් සම්පාදනය වුයේ ද, නුතන සුන්නි මද්හබ් සතර පිහිටවුයේ ද, මෙම කාල වකවානුවේදීය. 9 වැනි සියවසෙහි මුල් භාගයේ විසු නීතිවේදීයෙකු වන අල් - ෂාෆි විසින් ඉස්ලාමීය නීතියේ දියුණුවට සිදුවු සේවය අති මහත්ය. එකළ මුස්ලිම් විද්වතුන් අතර දැඩි මතභේදයකට තුඩු දුන් මාතෘකාවක් වන හදීස් වල විශ්වාසනීයත්වය තහවුරු කරගත හැකි ක්‍රමවේදයක් අල් - ෂාෆි විසින් හඳුන්වා දෙන ලදී. ඉබ්නු සිනා (අවිසින්නා) සහ අල් - ෆරාබි වැනි විද්වතුන් ඉස්ලාමීය දේව ධර්මය තුල ග්‍රීක මුලධර්ම අන්තර්ගත කිරීම පිළිබඳ සොයා බැලුහ. මෙයට විරුද්ධ තර්කයන් ඉදිරිපත් කළ 11 වැනි සියවසෙහි විසු දේවධර්මධරයෙකු වන අබු හමීඩ් අල් ගසාලි, අවසානයේදී ජය ගත්තේය. 9 වන සියවස තුළදී සුෆි වාදය සහ ෂි’වාදය විශාල වෙනස්කම් රැසකට භාජනය විය. සුෆි වාදය එහි මුල්ම පැවිදි ප්‍රතිපත්ති වලින් ඈත් වී සම්පුර්ණයෙන්ම ගුඩ වාදය පදනම් කරගත් එක්ක බවට පත් විය. ෂි’වාදය, ඉමාම්වරුන්ගේ අනුප්‍රාප්තිය පිළිබඳ මතු වු ගැටළු හේතුවෙන් බෙදී ගියේය.

ඉස්ලාම් ආධිපත්‍යය පැතිර යාම මධ්‍යතනික පූජ්‍යයාතන වල සිටි කතෝලික කතෘන් අතර සතුරුකම් ඇති වීමට හේතුවක් විය. පිරිස් විශාල ගණනින් ඉස්ලාම් ධර්මය වැළඳගැනීම ඔවුන් දුටුවේ එදිරිවාදිකමක් හැටියටයි. මෙම විරුද්ධත්වය, ඉස්ලාම් ධර්මය ක්‍රිස්තු විරෝධී ආගමත් බවටත්, මුස්ලිම්වරු කාමයෙන් මත් වු නොමිනිසුන් ලෙසත්, නිරූපණය වන විවාදාත්මක නිමන්ධන රැසකට මුල් විය. මධ්‍යතන යුගයේ විසු අරාබි දාර්ශනිකයෙකු වන අල් ම:අරි වැනි අය ඉස්ලාමය කෙරෙහි විචාරාත්මක ප්‍රවේශයක් ඇති කරගත් අතර, යුදෙව් දාර්ශනිකයෙකු වන මයිමොනිදස් විසින් යුදෙව් දහමේ එන සදාචාරයත්, ඉස්ලාම් දහ‍මේ එන සදාචාරයත් අතර ඇති වෙනස පෙන්වා දෙනු ලැබීය.

තුර්කිවරු සහ ඉන්දියාවේ ඉස්ලාමීය රාජධානි (1258-1918)[සංස්කරණය]

සෙල්ජුක් තුර්කිවරු අබ්බාසිද් භූමිය යටත් කර ඉස්ලාම් ධර්මයද පිළිගෙන කලීෆා රාජධානියේ පාලකවරු බවට පත් විය. ඔවුන් මෑන්සිකර්ට් යුද්ධයේ දී ඇන්ටෝලියාව අල්ලාගෙන නැගෙනහිර රෝම අධිරාජ්‍යය ද පැරදුහ. 12 වන සියවසේ දෙවන භාගයේදී තුර්කි රාජධානිය බිඳවැටී අර්ධ - ස්වයංපාලිත තුර්කි රාජ වංශ ගණනාවක් බිහි විය. බෝල්කන්, ග්‍රීසිය හා බටහිර ඇනටෝලියාවේ සිදු වු විජයග්‍රහණ තුළින්, 13 හා 14 සියවස් තුළදී තුර්කි අධිරාජ්‍යය නැවතත් බලවත් විය. 1453 දී දෙවන මෙහෙමද් යටතේ තුර්කිවරු කොන්ස්තන්තිනෝපලය වටලා යටත් කරගන්නා ලදී.


13 වන සියවස මුලදී සුෆි වාදය, අල්-ගස්සාලිගේ නායකත්වයෙන් සිදු වු යම් ප්‍රතිසංවිධාන හේතුවෙන් විපර්යාසයකට ලක් විය. ඔහු ආධ්‍යාත්මික ශාස්තෲවරු හා ශිෂ්‍ය පිරිස් සුෆි සංවිධානයේ ආකෘතිය අනුගතිව නිර්මාණය කරන ලදී. මෙම කාලවකවානුව තුළ සුෆිවරුන්ට සිදු වු තවත් වැදගත් සිදුවීමක් නම් පර්සියානු කාව්‍ය රචකයෙකු වන රුම් විසින් මස්නම් නැමැති ගුප්ත කාව්‍යමය ග්‍රන්ථයක් රචනා කිරීමයි.


මෝගල් රජු විසින් ඉදිකරන ලද ටාජ් මහල් සොහොන් ගැබ, අග්රා , ඉන්දියාව

16 වන සියවස මුලදී ෂියා ජාතික සෆාවිද් රාජවංශය පර්සියාවේ බලය පිහිටුවාගෙන ෂියා ඉස්ලාමය එහි රාජ්‍ය භාෂාව ලෙස පිහිටුවා, සියවස් දෙකක් පුරාවටම පාලනයේ යෙදුනහ. 1517 දී මාම්ලුක් හා ඊජිප්තුව තුර්කි රාජධානියට නතු වු පසු, තුර්කිවරු 1529 දී වියෙන්නා දක්වා යුරෝපය යටපත් කළහ. පර්සියානු ආක්‍රමණයෙන් පසුව බැග්ඩෑඩය මොන්ගෝල රාජධානිය විසින් අල්ලාගත් පසු දිල්ලිය පෙරදිග මුස්ලිම් රාජධානියේ කෙන්ද්‍රස්ථානය බවට පත්විය. 12 වන සියවසින් පසු දිල්ලි සුල්තාන් රාජ්‍යය (1206 -1526) හා මෝගල් රාජධානිය(1526-1857) ඉන්දියාව පාලනය කොට දකුණු ආසියාවේ ඉස්ලාම් දහම පැතිරවීමට කටයුතු කළහ. 18 වන සියවසේ මැද භාගය වන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් මෝගල් අධිරාජ්‍යය බිඳ වට්ටන ලදී.


17 හා 18 වන සියවස වනවිට තුර්කි අධිරාජ්‍යය නුතනකරණය වීමට උත්සාහ දැරුවද යුරෝපීය ආර්ථික හා හමුදාමය බලය තර්ජනයක් ලෙස සැලකූහ. 19 වන සියවසේදී ජාතිකවාදයේ නැඟීමත් සමඟ, 1877-1879 දී සිදුවු රුසියානු තුර්කි යුද්ධයෙන් තුර්කිවරු පරාජයට පත් වී, ග්‍රීසිය 1829 දීත්, බෝල්කන් ප්‍රාන්ත ඉන්පසුවත් නිදහස ලබා ගන්නා ලදී. පළමුවන ලෝක යුද්ධය අවසානයේදී තුර්කි යුගය අවසාන විය.


19 වන සියවසේදී සලාෆි, දියෝබැන්ඩ් හා බරෙල්වි ව්‍යාපාරය ආරම්භ විය.

ඉස්ලාමයේ නුතන ඉතිහාසය (1918 - වර්තමානය)[සංස්කරණය]

පළමුවෙනි ලෝක යුද්ධයෙන් පසුව මුස්ලිම් අධිරාජ්‍යයේ ඉතිරි වු ප්‍රදේශ යුරෝපීයයන්ගේන් ආරක්ෂිත ප්‍රදේශ වශයෙන් කොටස් ලෙස බෙදී ගියේය. ඉන්පසු බොහෝ මුස්ලිම් සමාජයන් ස්වාධීන රාජ්‍යයන් ලෙස නැගී සිටියහ. ඒ වනවිට ඛනිජ තෙල් සහ ඊශ්‍රායලය සමඟ පවතින සම්බන්ධතා වැනි ගැටළු ප්‍රමුඛත්වයක් ගත්හ.

ඉස්ලාමය පණ ගැන්වීමේ ව්‍යාපාර බොහෝමයක් 20 වෙනි සියවසෙහි දැකගත හැක. ඊජිප්තුවේ "මුස්ලිම් සහෝදරත්වය" සහ පාකිස්ථානයේ “ජමාත් - ඉ - ඉස්ලාම්” වැනි කණ්ඩායම්, අගාරික දේශපාලනය සංකල්පවේදයන්ට සම්පුර්ණයෙන්ම න්‍යායාත්මක වූ විකල්ප හඳුන්වා දෙයි. මොවුන් සමහර අවස්ථා වලදී ඉස්ලාම්වාදීන් ලෙස හඳුන්වයි. ඔවුන් බටහිර සංස්කෘතික සාරධර්ම තර්ජනයක් හැටියට සලකන බැවින් සියලුම පොදු සහ පෞද්ගලික වැදගත්කමක් ඇති ගැටළු සඳහා පිළියමක් ලෙස ඉස්ලාම් ධර්මයේ එන ඉගැන්වීම් ප්‍රචාරණය කරයි. ඉරානය සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවල් වල ඉස්ලාමීය ප්‍රාන්තවල තිබුණු අගාරික පාලන ක්‍රම වෙනුවට විප්ලවකාරී ව්‍යාපාර යොදා ගෙන ඇත. ඒ අතර ඔසාමා බිල් ලාඩන්ගේ අල්-කයිඩා වැනි සංවිධාන තමන්ගේ ඉලක්ක කරා යාම සඳහා ත්‍රස්තවාදය යොදාගනිමින් පවතී. මෙයට ප්‍රතිවිරෝධී "නිදහස් ඉස්ලාම්" ව්‍යාපාරය අගාරික පාලන ක්‍රමවලින් යුත් නුතන සම්ප්‍රදායන්ගේ සහ මානව අයිතීන් ආගමික් සම්ප්‍රදායන් සමඟ ඒකාබද්ධ කිරීමේ උත්සහායක් යෙදේ. එහි ආධාරකරුවන් පෙන්වා දෙන ආකාරයට ඉස්ලාමයේ පූජනීය ලේඛණ කියවා විග්‍රහ කරගත හැකි ක්‍රම කීපයක් පවතින අතර ආගමික කරුණු සම්බන්ධව ස්වාධීන චින්තනයක් ඇතිකර ගත යුතුය.

ඉස්ලාම් ධර්මය විවේචනය දරා නොගන්නා බවත් ආගම හැර යන්නට ඉස්ලාමීය නීති පරුෂ ලෙස සලකන බවටත් නුතන විචාරකයින් චෝදනා කරයි. ඉබ්නු වර්රාක් වැනි විචාරකයින් අල්-කුරානයේ සදාචාරත්මක බව විමසන අතර එය කාන්තාවන්ට නරක ලෙස සැලකීම හා මුස්ලිම් දේවධර්මධරයන් විසින් කරන යුදෙව් විරෝධී ප්‍රකාශ සාධාරණීකරණය කරන බවට විශ්වාස කරයි. මෙම චෝදනා බොහෝමයක් මුස්ලිම් ලේඛකයන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. තවත් සමහරු ඉස්ලාමීය මුලධර්මවාදයේ පැතිරීම ගැන අනතුරු අඟවයි. බටහිර රටවල් තුළ ධර්මය ගැන පවතින ඝෘණ ආකල්ප හේතුවෙන් ඉස්ලාම් - භීතිකාව ඇති වී ඇති බව කාර්ල් අර්නස්ට් ගේ මතයයි.

සියල්ල දෛවයන් සිදුවේ යන විශ්වාසය[සංස්කරණය]

ඉස්ලාමීය විශ්වාසයන්ට අනුව දෛවය නැතහොත් දිව්‍යමය කලින් නියම කිරීම (al - gada wal gadar) දෙවියන්ට සර්ව ඥානයම ඇති අතර සිදුවන සියලු දේ පාලනය කිරිමද සිදුවේ. මෙය 'ක්වර් ආනික්' පද්‍යයෙහි මෙසේ විස්තර කරයි. " අපට අල්ලාහ් නියම කරන දෙය හැර අන් කිසිවක් සිදු නොවේ. අපගේ ආරක්ෂකයා ඔහුය" මුස්ලිම් ජාතිකයන්ට ලෝකයේ සිදුවන සියළු හොඳ හෝ නරක දේවල් යනු දෛවයට අනුව සිදුවන දේවල් වේ. දෙවියන්ගේ අවසරයක් නොමැති කිසිම දෙයක් මොලොව සිදු නොවේ.

ඉස්ලාමීය න්‍යායන්ට අනුව දිව්‍යමය කලින් නියම කිරිම (දෛවය) යන්න මඟින් නරකේදී දෙවියන්ගේ බලපෑමක් නැත යන්න අදහස් නොකෙරේ. මක්නිසාද යත්, සියලුම සිදුවන නරක දේ මඟින් මිනිසාට නොපෙනෙනා අනාගතයකදී සුබදායක කටයුත්තකට, හොඳ ප්‍රතිඵලයකට මගපෑදීමක් සිදුකරන බැවිනි. මුස්ලිම් න්‍යායාචාර්යවරුන්ට අනුව කරුණු පෙර සැළැසුම් කර තිබුනද හොඳ නරක දෙක තෝරා ගැනීමේ නිදහසක් මිනිසා සතුව ති‍බේ. එමනිසා මිනිසා කරන කාර්යන්ගේ වගකීම මිනිසා සතු වේ.

ඉස්ලාමීය සංස්කෘතියට අනුව දෙවියන් විසින් නියම කරන ලද සියලු දෙය Lawh al - mahif හි ලියවී තිබෙන ආකාරයට එය සුරැකුම් පෙත්ත යනුවෙන් හඳුන්වනු ලැබේ.

දෛවය පිළිබඳ ෂියාවරුන්ගේ පිළිගැනීම හඳුන්වන්නේ දිව්‍යමය සාධාරණය (Adala) ලෙසය. මෙම මතවාදය නියම වශයෙන් දියුණු කර ඇත්තේ Muitzila මඟිනි. මෙයින් දැක්වෙන්නේ මිනිසාගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔහු සතු වගකීමයි.

ඉස්ලාමීය පුනර්ජීවනය හා විනිශ්චය

පුනර්ජීවනයේ දිනය (විනිශ්චය දෙන දිනය, අවසන් හෝරාව) පිළිබඳ විශ්වාසය මුස්ලිම්වරුන්ට ඉතා වැදගත් දිනයක් වේ. ඔවුන්ගේ විශ්වාසයේ හැටියට oiyamah ගේ වෙලාව ද දෙවියන් විසින් මිනිසාට නොහැඟෙන ආකාරයෙන් කලින් නියම කල දෙයකි.

ඉස්ලාම් ආගම පිළිබඳ විවේචන[සංස්කරණය]

ඉස්ලාමිය ධර්මයේ ආරම්භක යුගවල සිට දහම විවේචනය කළ පුද්ගලයන් පිළිබඳ වාර්තා වේ. මුල්ම ලිඛිත විවේචන කිතුනුවන් විසින් ක්‍රි.ව 1200 ට පෙර ඉදිරිපත් කර ඇත. ඔවුන්ට අනුව ඉස්ලාම් දහම යනු රැඩිකල්වාදි ක්‍රිස්තියානි ධර්මයක් වේ. පසුව මුස්ලිම් ලෝකය තුළින් ද, යුදෙව් ලේඛකයන්ගෙන් ද, කිතුනුවන්ගෙන් ද විවේචන එල්ල වී ඇත. වර්තමානයේ එම විවේචන විවිධ මාතෘකා පදනම් කරගෙන ඉස්ලාමිය හා ඉස්ලාමිය නොවන අයගෙන් එල්ල වී ඇත.


මෙලෙස එල්ල වු විවේචන පහත මතයන් මත පදනම් ව ඇත. විවේචනයට ඉස්ලාම් දහම දක්වන විරෝධය, ඉස්ලාම් දහමින් දැක්වෙන නව මත හා ආගම හැර යන අයට ඉස්ලාම් දහම දෙන දඬුවම් මෙම විවේචනයට හේතු වී ඇත. තවත් විවේචන මුහම්මද්ගේ අමරණීයත්වය පිළිබඳව හා ඔහුගේ පුද්ගලික හා සමාජීය ජිවිතය මත පදනම්ව එල්ල වී ඇත. කුරානයේ සදාකාලිකත්වය හා සත්‍යභාවය පිළිබඳව මෙම විවේචන එල්ල වී ඇත. අනෙකුත් විවේචන පදනම් වනුයේ මානව අයිතීන් පිළිබඳව වේ. එනම් නුතන ඉස්ලාමික ජාතින් අතර පවතින මානව අයිතීන් හා කාන්තාවන්ට දක්වන සැළකිල්ල මේ අතර ප්‍රධාන වේ. මෑතකදි විවේචනයට ලක් වී ඇති කාරණය නම් ඉස්ලාම් දහමෙහි බලපෑම නිසා බටහිර රටවල සිදුවන මුස්ලිම් සංක්‍රමනිකයන්ගේ එක්රැස් වීමයි.

ඉස්ලාම් නිකායන්[සංස්කරණය]

ඉස්ලාමි ආගම නිකාය රැසකින් සමන්විත වේ.මෙම නිකාය අතර පැහැදිලි න්‍යායාත්මක වෙනස්කම් දක්නට ලැබේ. සුන්නි සහ ෂියා යනුද එවැනි නිකාය දෙකකි. ලෝක ජනගහණයෙන් 85% සුන්නිවරුන් වන අතර ෂියා වරුන් සිටිනුයේ 15% කි. අනෙකුත් නිකායවල් එතරම් ව්‍යාප්තව නැත.


සුන්නි මුස්ලිම් නිකාය[සංස්කරණය]

සුන්නි මුස්ලිම්වරු යනු ඉස්ලාම් හි පවතින විශාලතම කාණ්ඩය වේ. අරාබි භාෂාවට අනුව 'සුන්නි' යනු ප්‍රතිපත්තිය හෝ මාවත වේ. සුන්නි දර්ශනයේ පදනම වනුයේ 'සුන්නාහ්' වේ. මෙය කුරානයේ සඳහන්ය. සුන්නි වරුන්ට අනුව පළමු කාලිවරු හතර දෙනා මුහම්මද්ගෙන් පැවත එන්නන් වේ. දෙවියන් විසින් නායකත්වය නොපිරු නිසා ඔවුන් තෝරාපත් කර ගැනීමට සිදුවිය. සුන්නිවරු නිති සම්ප්‍රදායන් හතර ක් විශ්වාස කරති. හනෆි, මලිති, ෂෆායි, හා හනබලි යනු ඒ හතර වේ. ඒ හතර ම අන් අයගේ වලංගු බව පිළිගන්නා අතර මුස්ලිම්වරයෙකුට තම සිතැඟි අනුව එක සම්ප්‍රදායක් ‍තෝරාගත හැකිය. නමුත් ඇතැම් කණ්ඩායම් නව්‍යතා හඳුන්වා දෙමින් මෙයින් බැහැරව ඇත. එසේම සුන්නිවාදය තුළ විවධ දාර්ශනික සම්ප්‍රදායන් ඇත. උදාහරණයක් ලෙස නුතන සලාෆි ව්‍යාපාරයට අනුව එය ඉස්ලාම් වල මූලික පටන් ගැනීමකින් ව්‍යුත්පන්න වූ ඉගැන්වීම් වලින් යුක්තය.

ෂියා මුස්ලිම් නිකාය[සංස්කරණය]

මුස්ලිම්වරුන්ගේ දෙවැනි විශාලතම අනු කොටස ෂියා අනුගාමික‍යන්ගෙන් යුක්ත වන අතර, ඔවුන් අලි ඉබ්නු අබි තාලිබ් පරම්පරාවෙන් පැවතගෙන එන ඉමාම්වරුන්ගේ දේශපානික හා ආගමික නායකත්වය අනුගමනය කරයි. අලි ක්‍රබ්නු අවිතාලින් , මුහම්මද් නබි (සල්) තුමාගේ ඥාති සොහොයුරා මෙන්ම බෑණනුවන්ද වන බැවින් ඔහු මුහම්මද් නබි (සල්) තුමාගේ නීත්‍යානුකූල අනුප්‍රාප්තිකයා වන බව ෂියා අනුගාමිකයන්ගේ විශ්වාසයයි. ෂියා අනුගාමිකයින් අලි ඉබ්නු අකුමාගේ ප්‍රථම ඉමාම්වරයා (නායකයා) ලෙස පිළිගන්නා අතර ඔවුන් ඊට පෙර පාලනයේ යෙදුනු මුස්ලිම් කලීෆාවයරුන්ගේ නීත්‍යානුකූල බලය ප්‍රතික්ෂේප කරයි.


ඔවුන්ගේ විශ්වාසයට අනුව ඉමාම් පදවිය දෙවියන් වහන්සේ විසින් ලබා දෙන අතර ඉමාම්වරයා විසින් මුස්ලිම්වරුන්ගේ ඒකාන්ත අධ්‍යාත්මික බලය දරනු ලබයි. තවද ධර්මය හා දිව්‍යමය හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය ඇත්තේ ද ඉමාම්වරයාටමය. ෂියා අනුගාමිකයින් හා සුන්නි අනුගාමිකයින් අතර පවතින සිරිත් විරිත් වල හරයන්ගේ විශාල වෙනස්කම් නැතිවුවද, යම් සුවිශේෂි සිදුවීම් වල නිසි වලංගුභාවය හා වැදගත්කම ගැන මෙම දෙපාර්ශවය එකඟත්වයක් පළ නොකරයි.


ෂියාවරු ‘ඡයෆාරි නීතිම්මාංසය’ නැමති නීති සම්ප්‍රදායන් අනුගමනය කරති. ෂියා මුස්ලිම්වරු අතර අනු කොටස් කිහිපයකි. විශාලතම ෂියා අනු කොටස වන්නේ Twelvers (ඉත්නා අෂාරියාහ්)ය. අනෙක් අනු කොටස් නම් ඉස්මයිලි සහ සැයිදියාහ් (Zaidi) වේ.

ඉස්ලාම් - වෙනත් ආගම්[සංස්කරණය]

ජෙරුසලම්හි ගල මත වු පුජනීය ස්ථානයේ ගෝලාකාර කොත. ජෙරුසලම යනු ඉස්ලාම් හා යුදෙව් ආගමේ පූජනීය ස්ථානයක් මෙන්ම මත බේදයට තුඩු දුන් ස්ථානයකි.
මේ අල් අක්සා දේවස්ථානය නමින් හැඳින්වෙන රැස්වීම් ගොඩනැගිල්ලයි. මුහම්මද්තුමා දිව්‍ය ලෝකයට සැපත් වුයේ මෙම ප්‍රදේශයේ දි බව මුස්ලිම්වරු විශ්වාස කරති.

ඉස්ලාමීය මතවාදයට අනුව මිනිස් ශිෂ්ටාචාරය ආරම්භයේදී පැවති ආගම් ආදම්ගෙන් පහළ වු ඒවායි. ඔවුන් දක්වන පරිදි අනුව යම් කලෙක සිදුවු ආගමික භේදයක් වැළැක්වීමට දෙවියන් විසින් විවිධ ශාස්තෘවරු මෙහි එවා මිනිසුන්ට දේශනා පැවත්වන ලද බව සැලකේ. මෙම සිද්ධිය හේතුකොට ගෙන එබ්රහම්, මෝසෙස්, ගීබා ශාස්තෘවරු හා යේසුස් නැමැති ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරුහු පහළ වුහ. නමුදු ඔවුන්ගේ "ටෝරාව" සහ පරම "සත්‍ය" වැනි දේශනා කිස්තියානුවන් හා යුදෙව්වන් නිසා විකෘති විණි.


ඓතිහාසික වශයෙන් බලන කළ ඩිම්මිස්වරුනට මේ තත්ත්වය ඉතා හොඳින් ප්‍රයෝජනයට ගෙන ඔවුන්ගේ ආගමික නායකයින් යටතේ ස්වයං පාලනයක් ගෙනයාමට හැකියාව ලැබිණි. නමුත් ඔවුන්ගේ පහත්(හීන) තත්වය නිසා විවිධ සමාජ සහ ආගමික නීතිවලට යටත් විමට ඔවුනට සිදු විය. ශාස්තෘවාදය සහ විටෙක බහුදේව වාදය (හින්දු පරිදි) වැනි දේ අනුගමනය කළවුන්ට මෙම තත්වයට මුහුණ පෑමට සිදුවු අතර ඒකදේවවාදීන්ට හෝ න්‍යාෂ්ටික දෘෂ්ටිකයින්ට මෙය ආදාළ නොවීය. මුස්ලිම්වරු වාසය නොකරන ප්‍රදේශවල (සර්-අල්-හබ්) වෙසෙන්නවුන් "හාබාස්" ලෙස හැඳින්විණි. මුස්ලිම් පෙදෙසක් සමඟ එවැනි පෙදෙසක් එක්වු විට "අල්-අල්- අහිඩ්" ලෙස ව්‍යවහාර විය. මුස්ලිම් ජනවාසවලට තාවකාලික ආරක්ෂාවක් ලබා දෙමින් ජීවත්වන්නන් "අල් -අල් - අමාන්" ලෙස හැඳින්වේ. මොවුන්ගේ නීතිමය තත්ත්වය "ඩිම්මි" වරුන් හා සමාන වන නමුත් "ජිස්සාව" ට මුදල් ගෙවීම අනිවාර්ය වේ. මුස්ලිම් ජනාවාස වලට පිටතින් වාසය කරන යුද්ධ මුක්ත කාමී ජන කොටස් (අල්-අල් හුඩානා) මුස්ලිම්වරුන්ට පහරදීමෙන් වැළකිමට එකඟ වෙති. ආගම හැරදැමිම ජීවිතය නැති කිරිම දක්වා දඬුවම් පැනවිය හැකි වරදකි.

අලෙව්, යසිඩ්, ඩෘස්, අහ්මඩේයියා, බාබි, බර්ගාට්ට්රා සහ හා - ම්මි වැනි ආගමික ව්‍යාපාර ඉස්ලාම් දහමින් පැන නැගී ඇත. ඉන් සමහර ඒවා ආගමික විශ්වාස මත ‍පදනම් වී ඇත. ඇතැමෙක් තමන් වෙන් කොට සලකන අතර, තවත් අය මතභේදාත්මක නිකාය බෙදීම් ඇති කර ගනී. "සික් " දර්ශනය එවැන්නකට උදාහරණයකි. එය 50 වැනි ශතවර්ශයේ අග භාගයේදී ගුරු නානක් විසින් හඳුන්වා දෙන ලදී. ඒ අනුව සික් දහම හින්දු සහ මුස්ලිම් යන ධර්මයන්ගේ මිශ්‍රණයක් ලෙස සැලකිය හැකිය.

ඉස්ලාම් වර්ගීකරණය[සංස්කරණය]

සුෆි වාදය[සංස්කරණය]

නියමාකාරයෙන් වර්ගීකරණයක් ලෙස නොසැලකුණ ද, සුෆි වාදය ඉස්ලාමයේ ගුප්තාර්ථවත්, පැවදි බව පිළිගන්නා ස්වරූපයක් වෙයි . සුෆි වරු භාවාත්මක ඉන්ද්‍රියන් භාවිත කරමින් මනා ශික්ෂණයෙන් හා ඥානයෙන් යුතුව, දෙවියන් වහන්සේගේ සෘජු අත්දැකීම, ධර්මයේ අධ්‍යාත්මික පැතිකඩවලට අවධානය යොමු කරමින්, ලබා ගනිති. සමහර මුස්ලිම්වරු සුෆි වාදය අසාධාරණ ආගමික සංකල්පයක් හැටියට චෝදනා කරති. තවත් සමහරු සුෆි වාදය හා ඉස්ලාමීය නීතිය එකිනෙකට අනුපුරක වන බවට විශ්වාස කරති. තරිකාවරු වැනි සුෆි ගෝත්‍ර, සුන්නි හෝ ෂියා ලෙස වර්ග කළ හැක.


වෙනත්[සංස්කරණය]

කජිරිවරු ආදි ඉස්ලාමයේ පටන් පැවැත ගෙන එන පිරිසකි. වර්තමානයේ පවතින එකම කජිරිවරුන්ගේ අනු ශාඛාව වන්නේ 'ඉබාදියියාහ්' වාදයයි. බොහෝ වෙනත් කජිරි අනුකොටස් මෙන් නොව 'ඉබාදියියාහ් වාදය' පාපතර මුස්ලිම්වරුන් මිත්‍යාදෘෂ්ඨිකයන් ලෙස ‍නොසලකයි. ඉම්වරයා ඉබාදි නෛතික සාහිත්‍යයේ ඉතා වැදගත් පුද්ගලයෙක්ය. ඔහු තෝරාපත් කර ගත යුත්තේ ඔහුගේ දැනුම හා සිල්වත් බව මතය. ඔහු අසාධාරණව හැසිරුනහොත් ඔහුව බලයෙන් පහ කළ යුතු බව පැවසේ. ඉබාදි මුස්ලිම්වරු බහුතරයක් ඕමානයේ ජීවත් වේ.

ඉස්ලාම්හි යුතුකම් සහ පිළිවෙත්[සංස්කරණය]

ශරිආට යනු සාම්ප්‍රදායික ඉස්ලාමීය පණ්ඩිතයින් විසින් සකසන ලද ඉස්ලාමීය නීතියකි. එය දේව කැමැත්ත පිළිබඳ කියමනක් ලෙසද සැලකේ. "ඒ අනුව කටයුතු කිරීම මුස්ලිම්වරු හට තම ආගමික විශ්වාසය තහවුරු කිරීම සඳහා ස්ථාපිත කරන ලද ක්‍රමයකි”.

පුද්ගලයෙකුගේ ඉස්ලාමීය නීතිය ජීවිතයේ පැතිකඩකටම අදාලව සැකසී තිබේ. දේශපාලන හා විදේශ සම්බන්ධතා වැනි ක්ෂේත්‍ර ගණනාවකටද එම නීති අදාල වේ. කුරානයයේ හුදු විස්තර කර ඇත්තේ කිසියම් අපරාධ පහකට දඩුවම් දීමටයි. නීති විරෝධී සමාගම් පවත්වාගෙන යෑම, නීති විරෝධී සමාගම් පවත්වාගෙන යෑම පිළිබඳව බොරු චෝදනා එල්ල කිරීම, මත්පැන් භාවිතය, සොරකම හා මං පැහැරීම, කුරානය හා සුහානයේ උරුමය පිළිබඳව නීති, විවාහය පිළිබඳව නීති, මිනීමැරුම් හා තුවාල කිරීම් සඳහා වන්දි ගෙවිම මෙන්ම අපවාද පිළිබඳ නීති හා යාච්ඥා පිළිබඳවද එහි සඳහන් වේ. කෙසේ නමුත් මෙම නියෝග හා තහංචි ඒවායේ ප්‍රායෝගික අදාලත්වය මත වෙනස් වීමටත් පුළුල් වීමටත් ඉඩ තිබේ. ඉස්ලාම් ශාස්ත්‍රඥයන් විසින් උලේමා නමින් ඉහත කී නීති පද්ධති වලට අදාල විස්තර සහිත පදනම් ගැන නීති හා විවරණයක් ආරෝපණය කර ගනු ලැබ ඇත.

ෆික්න් හෝ "නීති විද්‍යාව" මගින් ආගමික ප්‍රායෝගික නීති පිළිබඳ වූ දැනුම ගැන විග්‍රහ කරයි. ඉස්ලාමික නීතිවේදීන් නීතිය හැඳින්විමට යොදා ගත් ක්‍රමය උසුල් අල් - වික්න්(නීතිමය කරුණු හෝ නීති විද්‍යාව පිළිබඳ මුලධර්ම”) නම් වේ. ඉස්ලාම් නීතියේ න්‍යායන්ට අනුව එම නීති වලට බලපාන මුලික ධාතු සතරක් ඇත. ඒවා පිළිවෙලින් කුරානය, නුනාහ්හය (මුහම්මද් පිළිබඳව වූ ක්‍රියා හා කියමන්), මුස්ලිම් ජුරිය පිළිබඳ පොදු එකඟතාවය (ඉජ්මා) හා සාදෘශ්‍ය හේතු (නියාස්) වේ. මුල් ඉස්ලාමීය ජුරීන් හට මුලධර්මවලට වඩා නීතිවල ප්‍රායෝගික බැඳීම වැදගත් විය. 9 වන ශතවර්ෂයේ දි ඇග් ශාෆි නැමැති නීතිඥයා විසින් ඉස්ලාමීය නීතිය පිළිබඳ මුලධර්ම වලට පදනමක් ලබාදුනි එම නීති විද්‍යාව පිළිබඳව මුලධර්ම ඔහුගේ " අල් - රිසාලාහ්" නැමැති පොතේ සඳහන් වේ. (මුලික ධාතු සතර පිළිබඳ වද එහි අන්තර්ගත වේ.)

ජිහාඩ්[සංස්කරණය]

ජිහාඩ් යනු උත්සාහ දැරීමෙන් දුෂ්කර සටනක් යෙදීම" යන්නයි.

ජිහාඩ් යනු කුමක්ද?

අසීරු අවස්ථාවක සිනාසීම ජිහාඩයයි. දුෂ්කර අවස්ථාවක ඉවසීමෙන් සිටීම ජිහාඩයයි. නිවැරදි දෙයක් වෙනුවෙන් වෙහෙස වීම ජිහාඩයයි. මහළු දෙමාපියන් ආදරයෙන් රැකබලා ගැනීම ජිහාඩයයි. සමාව දීම ජිහාඩයයි.

ජිහාඩය යනු ඉහත සඳහන් කල පරිදි අල් කුරානයේ සඳහන් වන දේ මිස මාධ්‍යයෙන් පෙන්වන භායනක දෙයක් නොවේ..." ඉස්ලාමිය නීතිය අනුව ජිහාඩ් සාමාන්‍යයෙන් ගැනෙනුයේ ඉස්ලාමික රාජ්‍යය බේරා ගැනීම හෝ පුළුල් කිරීමේදී මුස්ලිම් නොවන සටන්කරුවන් වෙත දක්වන යුදමය ආයාසයයි. ජිහාඩ් යනු ඉස්ලාම් දහම තුල සිදු කළ හැකි එකම යුද්ධයයි. මෙය විප්ලවකරුවන්, ප්‍රචණ්ඩ කණ්ඩායම් හෝ ඉස්ලාමීය නොවන අනෙකුත් නායකයන්ට හෝ ඉස්ලාමීය අධිකාරීන්ට යටත් නොවන රාජ්‍ය වලට විරුද්ධව දියත් කළ හැකිය. [10][11]වර්තමාන මුස්ලිම්වරුන්ට අනුව ජිහාඩ් යනු ආරක්ෂාව සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයක් වේ.[12]

ජිහාද් සහ ත්‍රස්තවාදය යන මාතෘකාව සාධාරණ ලෙස සහ යුක්ති සහගත ලෙස අධ්‍යයනය කිරීමට නම් ජිහාද් යන පදය එහි සියලූම දෘෂ්ටිකෝණයෙන් විමසා බැලිය යුතුය. එමෙන්ම ත්‍රස්තවාදය යන පදය ද සියලූම දෘෂ්ටිකෝණයෙන් විමසා ජිහාද් යන පදය සමග සසඳා බැලිය යුතුය. එවිටය, ජිහාද් සහ ත්‍රස්තවාදය දෙක යහමින් අවබෝධ කර ගත හැකි වන්නේ. ජිහාද් යනු පුළුල් ගැඹුරු අදහස් කීපයක් දෙන පදයකි. ඒ අදහස්වල එකිනෙකට අන්‍යෝන්‍ය සබැඳියාවක් තිඛෙන නමුත් පරස්පරතා දක්නට නොලැබේ. මුස්ලිම්වරයෙක් ස්වකීය ඉච්ඡාවන් ආශාවන් දමනය කරමින් යටපත් කරමින් ඉස්ලාමීය රාමුව තුළ දිවි පැවැත්ම පවත්වා ගෙන යෑම සඳහා දරන වෑයම, උත්සාහය සටන ජිහාද් යන්නෙහි මූලික අර්ථයයි. ජිහාද් යන්නෙහි දෙවැනි අර්ථය කුමක්ද යත්, විස්තීර්ණ, විසිරුණු තම ජන සමාජයේ ගෞරවය හා සාර ධර්ම සුරැකීම ඇපකැප වී වෙහෙසීම වේ. මෙහි අවසානය නම්, මුස්ලිම්වරුන්ගේ භූමිය සුරැකීම සඳහා හෝ තාඩන පීඩනවලට පාත්‍ර වූ ජනයින්ට පිහිට වීමේ අරමුණින් ඉස්ලාමීය සීමාව තුළ සිට සටන් කිරීම, අප්‍රහතික උත්සාහයේ නියැලීම යනාදී අදහස් මෙහි ගැබ් වී ඇත.

ආගම හා තත්වය[සංස්කරණය]

මුස්ලිම් නීතියට අනුව රාජ්‍යය පාලනය සම්බන්ධ කරුණු හා පල්ලියට සම්බන්ධ කරුණු වෙනස් කොට නොසලකයි. උලේඛා උත්සවය වැනි ජුරි සභිකයන් හා දේවධර්මාචාර්යවරයා පිළිබඳ ප්‍රායෝගිකව, ඉස්ලාම් නීතිය, නිතර මඟහැරයාම, ශරියා අධිකරණයේ "ර්‍ශ්‍රවන්ස් අධිකරණය" ලෙස හඳුන්වන පද්ධතියේ සමාන්තරව ඔවුන් ආත්ම පාලනයක් ගෙන ගියේය. බටහිර ලෞකික කල්පිත පිළිබඳව දැන ගැන්මෙන් පසු,මුස්ලිම් ලෝකයා ඊට වෙනස් ලෙස ප්‍රතිචාර දක්වන්නට පටන් ගත්හ. මුස්ථාස කෙමාල් අමාරුක්ගේ ප්‍රතිසංස්කරණ වලින් පසුව තුර්කිය ආරක්ෂිත රාජ්‍යයක් වශයෙන් පරිපාලනය විණි. ඊට ප්‍රතිවිරුද්ධව කටයුතු කළ අයටොල්ලා රුහුල්ලා ක්හෝමිනි විසින් ඉරාක විප්ලවය තුළින් ඉතාමත් ආරක්ෂිත ආධිපත්‍යයක් ඉරාකයේ සිථාපිත කරන ලදී.

ජනගහනය[සංස්කරණය]

World Muslim population by percentage (Pew Research Center, 2009).

ජාත්‍යන්තර සාමය සදහා වූ පරිත්‍යාගශීලී කානගි සංවිධානය ට අනුව 2008 වන විට ලෝකයේ මුස්ලිම් ගහණය බිලියන 1.65 කි. එවකට ලෝක ජනගහනය බිලියන 6.69 ක් විය. ඒ අනුව 2008 වන විට පමණක් ලෝකයේ ජනගහනයෙන් සියයට 24.31 ක් ඔවුහු අල්ලාගෙන සිටියහ. ඇමෙරිකාවේ ‘පිච් පර්යේෂණ මධ්‍යස්ථානය’ ට අනුව 2009 දී ලෝක ජනගහනය බිලියන 6.8ක් වූ අතර, එයින් 1.57ම මුස්ලිම් ය. 2010 සමීක්ෂණවලට අනුව මුස්ලිම් ජනගහන වර්ධන වේගය සෑම වසරකම සියයට 1.5කින් වැඩිවන අතර, මුස්ලිම් නොව ප්‍රජාවගේ වාර්ෂික වර්ධනය සියයට 0.7 ක් පමණි. ක්‍රිස්තියානි ලෝකය අද බියට පත්ව සිටින්නේ මුස්ලිම් ජනගහන වර්ධනය තමාට වඩා තුන්ගුණයක් වන නිසා ය. 1900 දී ලෝක ජනගහනයෙන් සියයට 12ක් වූ මුස්ලිම් ගහණය 2000 වන විට සියයට 25කට ආසන්න වී තිබුණි. The Force of Reason කෘතියේ දී ඔරියානා ෆැලැසි, අධික ලෙස අන්‍යාගමිකයින් ඉස්ලාමය කරා ආකර්ෂණය වීම ඉස්ලාම්ෆොනියා ලෙස හදුන්වයි . ඇය කියා සිටින්නේ 2011 දී පාකිස්තානයේ ලාහෝර් හි දී පැවැත්වූ ඉස්ලාමීය සමුළුවේදී ස්ථිර වූ යෝජනාවක් අනුව, ක්‍රිස්තියානුවන් විශාල ප්‍රමාණයක් මුස්ලිම් වීම වැළක්විය නොහැකි බවයි . යුරෝපයේ සෑම මුස්ලිම් පල්ලියක ම සිකුරාදා යාඥාව සිදුකරන ‘ඉමාම්’ වරයාගේ අනුශාසනාව වන්නේ වැඩිවශයෙන් පින් රැස් කරන ලෙසත්,මරණින් මතු ජීවිතය සැපවත් කරන ලෙසත් ලෙස දැනුවත් කිරීම ය.

ආහාර පාන සහ සමාජ[සංස්කරණය]

මෙම පිළිවෙත් බහුතරයක් 'අඩාබ්' ගණනයට වැටේ. ඊට 'අස්සලාම් අලෙයිකුම්' කියා ආචාරය කිරීම (ඔබට යහපතක්ම වේවා), 'බිස්මිල්ලාහ්' (දෙවියන්ගේ නාමයෙන්) ලෙස ආහාරයට පෙර ප්‍රකාශ කිරීම, ආහාර ගැනීමට දකුණු අත පමණක් භාවිතා කිරීම අයත් වේ. ඉස්ලාමික සනිපාරක්ෂක පිළිවෙත් ප්‍රධාන වශයෙන් පුද්ගල පිරිසුදු භාවයට බලපාන ඒවා වේ. ඉස්ලාම් අවමගුල් චාරිත්‍ර අතරට 'සලාත් අල් ජන සාහ්' යනුවෙන් පවසමින් හොදින් ‍ඔතන ලද දේහය භුමිදානය කිරීම අයත්වේ. මුස්ලිම්වරු යුදෙව්වන් මෙන් ඌරු මස්, ලේ, පිකුදු සහ මත්ද්‍රව්‍ය ආහාරයට නොගනිති. සියලුම මාංශ ශාක භක්ෂකයෙකුගෙන් පැමිණිය යුතු අතර ඒවා දෙවියන් වෙනුවෙන් මරණ ලද සතුන් විය යුතුය. මුස්ලිම්වරුන්ගේ ආහාරයට ගැනීමට සුදුසු ආහාර 'හලාල්' ලෙස හැදින්වේ.හලාල් යන්නෙහි වචනාර්ථය අනුමත කළ අල්ලාහ් විසින් අනුමත කළ යන්නයි. ආහාර පිළිබඳව මෙම මතය කුරාණයෙහි අල් බකරාවේ - එළදෙන /2 පරිචය/ 173 කොටසෙහි අහාර පිලිබඳ නියමය දක්වන්නේ මෙසේය. ඉබේ මැරුණු, ලේ, උරු මස් හා අල්ලාගේ නම නොකියා මරනලද සතුන්ගේ මස් අනුමත නොමැත. එහෙත් වැරදි මනසකින් තොරව කවරකුගේ හෝ බලපෑමක් මත ඒවාම කවද අල්ලාහ් ඔහුට සමාව් දෙන බව එහි දැක්වේ. තවද අල්-මායිදා නම් පරිචයේ 3 කාණ්ඩයේ දි ද නොකෑයුතු දෑ පිලිබඳ විස්තරයක් දක්වා එතැනදීද නැවතත් කන්නටම දෙයක් නොමැති විට හෝ බල කිරීමකදී තහනම් කළ ජාති කෑම වරදක් නොවන බව දක්වයි./ පාරිශුද්ධ වූ අල්-කුර්ආන් , අර්ථය සිංහල භාෂාවෙන්-- කර්තෘ අබ්දුල් ඛාදර් මසූර් මව්ලානා, ඒ.බි.එම්.කලීල් මව්ලවි ආදී/

භෝජන විධි[සංස්කරණය]

කුරානයේ සඳහන් වන පරිදි ආහාර ද්‍රව්‍ය ‘හලාල් ’ (නීතිමය) සහ ‘හරාම් ’ (නීතිමය නොවන ) ලෙස බෙදා වෙන් කර ඇත. ඉස්ලාම් නීතියට අනුව මද්‍යසාර , රුධිරය පරිභෝජනය, සමහර මාංශ භක්‍ෂකයින් සහ සර්වභක්‍ෂකයින්ගේ මාංශ අනුභවය තහනම් වේ. ඌරන් , වඳුරන් , බල්ලන් සහ බළලූන්ගේ මාංශ අනුභවය මේ අනුව තහනම් වී ඇත. කුරානයේ සඳහන් සමහර නියම කිරීම් අනුව පමණට වඩා ආහාර ගැනීමද පාපයක් ලෙස සමහර මුස්ලිම්වරුන් සලකයි.

ඉස්ලාමීය අධ්‍යාපනය[සංස්කරණය]

ඉස්ලාමීය අධ්‍යාපනයට ඉස්ලාම් ආගමට අදාළ න්‍යායන්ද නීතිමය අධ්‍යාපනයද අයත් වේ. ඊට අමතරව ඉස්ලාමීය විද්‍යාව සහ ආර්ථික ක‍්‍රම වේදයන්ද ඊට අයත්ය. මුස්ලිම් නොවන පිරිස් ඉස්ලාමීය අධ්‍යාපන ලෙස හඳුන්වන්නේ ඉස්ලාම් ආගම, සංස්කෘතිය , ඉතිහාසය සහ දර්ශනය පිළිබඳ අධ්‍යාපනයයි. වර්තමාන ලෝකයේ ඉස්ලාමීය අධ්‍යාපනය වඩාත් ව්‍යාප්තව ඇති අතර ඒ සඳහා සරසවි උපාධි පිරිනමන සරසවි බහුලව ඇත.

ඉස්ලාමීය ආචාර ධර්ම[සංස්කරණය]

ඉස්ලාම් ආචාරධර්ම පද්ධතිය කුරානයේ ඉගැන්වීම්, සුනාහි එන අනාගත වක්තෘ, මහමුද්තුමාගේ ඉගැන්වීම් , අරාබි සංස්කෘතිය ආදි විවිධ දේ වලින් සැදුම් ලද්දකි. ඉස්ලාම් බුද්ධිමතුන් විසින් කලින් කලට අවශ්‍යතා අනුව මෙම ආචාර ධර්ම පද්ධති නියම කරනු ලබන අතර සමහර ආචාර ධර්මයන් වෙනස් කරනු ලබයි.

"යහපත් චරිතයක්" ලෙස නිර්වචනය කර ඇති ඉස්ලාමීය ආචාර ධර්ම (අල්ලාහ්) ඓතිහාසික වශයෙන් ගොඩ නැගුනේ 7 වන සියවසේ සිට 11 වන සියවසේ ස්ථාපිත වීමෙනි. එය අවසන් වශයෙන් අල් කුරානයේ ඉගැන්වීම්, මුහම්මද්ගේ සුන්නාහ් වේ ඉගැන්වීම්, ඉස්ලාමීය නීතිවේදීන්ගේ පූර්වාදර්ශ (ෂරීආ සහ ෆික්හ් බලන්න ), පූර්ව ඉස්ලාමීය අරාබි සම්ප්රදාය සහ අරාබි නොවන මූලයන් (පර්සියානු සහ ග්රීක අදහස් සහිතව ), ඉස්ලාමීය රාමුවක් තුල කාවැදුණු හෝ සංකලනය කරන ලඳ සාර්ථක ස්ංයෝගයක් ලෙස එළි දැක්විණි. මුහම්මද්ගේ උපදේශනය "දේව භක්තිය සහ අවසාන දිනය පිලිබඳ ඇති බිය හේතුවෙන් සදාචාර වටිනාකම් වල විප්ලවවාදී වෙනසක්" ඇති කල නමුඳු අරාබිවරුන්ගේ ගෝත්රික චාරිත්ර වාරිත්ර මුළුමනින් ම නො නැවතුණි. පසුව මුස්ලිම් ශාස්ත්රඥ්යින් අල් කුරානයේ සහ හදීතයේ ආගමික සදාචාරය පිළිබඳව ගඹුරින් අධ්යයනය කරන ලදී.

ඉස්ලාම් පවුල් ජීවිතය[සංස්කරණය]

ඉස්ලාම් සමාජයේ මුලික ඒකකය පවුල වන අතර, එහි පවුල් සාමාජිකයන්ගේ බැඳීම් හා නීතිමය අයිතීන් පැහැදිලි කර ඇත. පවුලක ආර්ථික වශයෙන් වගකිව යුත්තේ පියා වන අතර සාමාජිකයන්ගේ අවශ්‍යතා සපුරා දීමට ඔහු බැඳී සිටි. කුරානයේ සඳහන් වන අන්දමට දායාද බෙදා දීමේදී වැඩි කොටසක් ආසන්නතම පවුලට ලැබෙන අතර ඉතිරිය ණය තුරුස් පියවීමටත්, අවසාන කැමැත්තක් ඉටු කිරීමටත් වෙන් කෙරේ. දායදයන්හි කාන්තා අයිතිය පුරුෂ අයිතියෙන් අඩක් වන අතර එයද පාරම්පරික අයිතිය වේ.

ඉස්ලාම් විවාහය, සුදුසුකම් ලත් පාර්ශව දෙකක් අතර සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපිට කරන සිවිල් ගිවිසුමකි. ගිවිසුම මඟින් ගිවිසගත් ආකාරයට මනාලයා විසින් මනාලියට අදාල මංගල තෑගි පිරිනැමිය යුතුය.

විවාහය සඳහා කාන්තාවන් සහ පිරිමින් උනන්දු කරවන ඉස්ලාමය ඉන් බැහැර වීමට ඇති දික්කසාදය නමැති මාර්ගය කටුක හා දුෂ්කර එකක් බවට පත්කර යුගදිවිය සතුටුදායක කරලීම සඳහාත්, ඔවුන් ජීවත්වන සමාජයේ යහපත සඳහාත් මග පෙන්වීම් ලබාදෙයි.

“පුරුෂයිනි ඔබලාගේ බිරියන් සමඟ කරුණාවෙන් හා යුක්ති සහගතව කටයුතු කරන්න. ඔබ ඔවුන්ගෙන් යමක් පි‍්‍රය නොකරන්නේ නම් ඔබට දෙවියන් වහන්සේ ආශීර්වාද කිරීමට එම කරුණම හේතුවීමට පුළුවන.”

(ශු. කුර්ආන් 4:19)

කරුණාව දයාව මෙන්ම සාධාරණය සහිත පවුලක් නඩත්තු කිරීම හා සිය බිරිය සමඟ දිවි ගෙවන ලෙස ඉස්ලාමය අණ කරන අතර, ඇතැම්විට අමනාපයක් සිදුවුවහොත් එය මුල්කරගෙන දික්කසාදයට නොඑළඹෙන ලෙස ඔහුට අවවාද කරයි.

“සැමියා වෙතින් අකාරුණික බවක් හෝ අලස කමක් දුටුවිට තමන් අතර සමථයක් ඇතිකර ගැනීම වඩා හොඳය. මන්ද සාමය වඩාත් හොඳය.

(අල්-කුර්ආන් 4: 18)

දික්කසාදයක් සඳහා ඉදිරිපත්වීමට පුරුෂයන්ට අවස්ථාවන් බහුලව තිබුන ද හිතුමතේට කටයුතු කිරීමට හෝ බිරියට හිරිහැර කිරීමට හෝ ඇය නිවසින් පිටමං කිරීමට හෝ කරදර වලට යොමු කිරීමට හෝ ඔහුට අයිතියක් නැත.

පවුල් ජීවිතයේ අත්විය හැකි ගැටලු හා අනවබෝධය තුරන් කර සාමකාමී හා ස්ථිර තත්ත්වයට නැවත ගොඩනැංවීම සඳහා සැමියාගෙත්, බිරියගේත් සමීපතම ඥාතීන් සහභාගී කර ගැනීම පිළිබඳව ද ඉස්ලාමය සඳහන් කර ඇත. මෙමගින් දෙපලගේම ආත්ම ගරුත්වය හා පුද්ගලිකත්වය ආරක්‍ෂා වන අතර දෙදෙනා දික්කසාදයෙන් මුදා ගැනීම සඳහා දැඩි අවශ්‍යතාවයක් සමීපතමයන්ට තිබෙන නිසා දික්කසාදයට යාමේ ඉඩකඩ බොහෝ සෙයින් අඩුවේ.

නමුත් අපහසුතා මධ්‍යයේ අපි‍්‍රයජනක වූ විවාහ ජීවිතයකට සදාකල් කොටු නොවී බිරියගේ අයිතීන් ආරක්‍ෂා කිරීමට ප්‍රායෝගික විසඳුම් ගණනාවක් ද ඉස්ලාම ඉදිරිපත් කරයි. ඒ අනුව පහත දැක්වෙන ඕනෑම කරුණක් ඇතුළත් කර ගැනීමට බිරියකට අයිතිය තිබේ.

  • භාවමය නොගැළපුම
  • නඩත්තු නොසැපයීම
  • අඩන්තේට්ටම්
  • අනිසි ගමන් බිමන්
  • සිය එකඟතාව නොලබා තව කෙනෙකු සමඟ විවාහ වීම.


මේ අන්දමට අවසන් කරනු ලබන විවාහ ගිවිසුමක දී ඉහත කරුණුවලින් එකක් හෝ උල්ලංඝනය කරනු ලබන විට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යම්කිසි බිරියකට අවකාශ තිබේ.

ඉස්ලාමය තුළ මෙන්ම විවාහය හා දික්කසාදය තුළ ද කාන්තාවගේ ඉතා සාධාරණ අයිතිවාසිකම් ආරක්‍ෂා කර තිබෙන්නේ මේ ආකාරයට ය.

ඉස්ලාම් විශ්වාසය සම්බන්ධ ලේඛන[සංස්කරණය]

කුරානයට අනුව සියළු මුස්ලිම්වරු දෙවියන් විශ්වාස කළ යුතුය. එමෙන්ම ඔහුගේ හෙළි කිරීම් දේවදුතයන්, සහ පණිවිඩකරුවන් සහ විනිශ්චයේ දිනය පිළිබඳවද විශ්වාස කළ යුතුය. එසේම විවිධ මුස්ලිම් ආගමික කණ්ඩායම් අතර එකිනෙකට වෙනස් විශ්වාස ද ඇත. මූලික ගමනාන්තය පිළිබඳ සුන්නි සංකල්පය හඳුන්වනුයේ 'දේව අණක්' වශයෙනි. සියා සංකල්පයට අනුව එය දේව සාධාරණය වේ. හියා දහමට විශේෂිත වනුයේ ඉමාමිස් සැපයු නායකත්වයයි.


මුස්ලිම් විශ්‍වාසයට අනුව දෙවියන්ගේ මනුෂ්‍යත්වය පිළිබඳව අවසන් පණිවිඩය ගැබ්‍රියෙල් දෙව් දූතයා හරහා මුහම්මද්තුමාට ලබා දෙන ලදී. ඔවුන්ට අනුව මුහම්මද් යනු දෙවියන්ගේ අවසාන අනාගත වක්තෘවරයාය. කුරානය යනු දශක දෙකකට අධික කාලයකදි එලෙස හෙළිවු දහම වේ. ඉස්ලාම් ධර්මයට අනුව වක්තෘවරුන්ව දෙවියන් විසින් පණිවිඩකරුවන් ලෙස ‍‍තෝරා ගනු ලබයි. මුස්ලිම්වරුන්ට අනුව එම වක්තෘවරුන් මනුෂ්‍යයන් වන අතර දෙවියන් නොවේ. එලෙස තො‍්රා ගන්නා සමහරුන්ට ප්‍රතිහාර්ය පෑ හැකිය. ඉස්ලාම් වක්තෘවරුන් සර්ව සම්පුර්ණ ලෙස සැලකෙන අතර ඔවුන්ට දෙවියන්ගේ හා දේව දුතයන්ගේ පණිවිඩ ලබා දිය හැකිය. කුරානයට අනුව මෙලෙස දැක්වෙන නම් කිහිපයකි. එනම ආදම්, නොවා, ඒබ්‍රහම්, මොස් සහ ජිසස්වේ . කුරානයට අනුව ඉස්ලාම් වනාහි දෙවියන් විසින් මිනිසා නිර්මාණය කරන මුලික ආකාරය වේ. කුරානයට අනුව මෙම මුස්ලිම් යන නාමය එබ්‍රහම් විසින් දෙන ලද්දකි.

‍ඓතිහාසික සංසිද්ධියක් ලෙස ඉස්ලාම් හි ආරම්භය අරාබියේ පුර්ව 7 වැනි සියවස දක්වා දිවෙයි. ඉස්ලාම් ග්‍රන්ථ වලට අනුව 'ජුදාස්වාදය' හා කිතු දහම ඒබ්‍රහම්ගේ ඉගැන්වීම් වල අනුප්‍රාප්තීන්ය. කුරානයට අනුව යුදෙව්වන් සහ කිතුනුවන් ග්‍රන්ථයේ මිනිසුන් ලෙස හැඳින්වේ.

ඉස්ලාම් ධර්මයේ පංචස්තම්භ[සංස්කරණය]

ඉස්ලාම් හි කුළුණු 5

ඉස්ලාම්හි කුළුනු 5 Sunni Islam අත්‍යාවශ්‍ය සිරිත් වේ. Shia's පුස්කර්ම 8ක් අනුසක් කරන අතර, එම 8 මෙම කුළුණු 5 ට සැලකිය යුතු ප්‍රමාණයක් අතිච්ඡාදනය වේ.

Shahadab ඉස්ලාම්හි මුලික ඇදහිම වේ. මෙයින් ප්‍රකාශ වනුයේ මම දෙවියන් හැර ඇදහිල්ලට සුදුස්සෙක් නොමැති බවත් Munammad දෙවියන්ගේ පණිවිඩකරු බවට සාක්ෂි දෙමි යන්නය. මෙම ප්‍රකාශය ඉස්ලාම්හි අනෙකුත් ඇදහිලි හා සිරිත්වල පදනම වේ. (Shi'a මෙය වෙනම කුළුණක් බව නොසලකන අතර, එය ඇදහිල්ලකට සිමා කර ඇත.) මුස්ලිම්වරුන් යාඥාවේදි Shanodan කටපාඩමින් කියන අතර, ඉස්ලාම් ආගමට හැරිමට අපේක්ෂාවෙන් සිටින්නන් මෙම ඇදහිම කටපාඩමින් කිය යුතුය.

Salah (මෙය දවසකට පස් වතාවක් කළ යුතුය) (Shia's ම්‍යෂ්ථ හා අපහරන යාච්ඥාව එකවරක්ද සවස හා රාත්‍රී යාඥාව එකවරක් කිරිමට අනුදන් ලබා ඇත) මෙම යාච්ඥාව Mecca හි kaaba වට මුහුණලා කළ යුතුය. මෙම යාච්ඥාව දෙවියන් වෙත මනස කේන්ද්‍ර කිරිමටත් දෙවියන් සමග පෞද්ගලික සන්නිවේදනයක් මගින් දෙවියන්ව ඇදහිමට හා ස්තුතිය ප්‍රකාශ කිරිමටත් යොදා ගනු අවස්ථාවකි. Salab අනිවාර්යය අතර අවස්ථාව අනුව නම්‍යතාවයන් සලසා දි ඇත. නම්‍ය මුස්ලිම් රටවල මෙම යාච්ඥාවට මතක් කිරිම් පොදුවේ ප්‍රචාරය කෙරෙයි. එය මුස්ලිම් දේවස්ථාන මගින් යෝග්‍ය වේලාවේදී සිදු කෙරේ. මෙම යාච්ඥාව අරාබි භාෂාවෙන් වන අතර කුරානයේ පද්‍ය වලින් සමන්විතවේ.

Zakat (දන්දිම) මෙය එකතු වු ධනයට සාපේක්ෂව සිදුකරන්නකි. මෙය සියලු ධනය තිබෙන මුස්ලිම්වරුන්ට අනිවාර්යවේ. අවශ්‍යවුවන්ට/ දුප්පතුන්ට දිමට ස්ථිර කොටසක් වෙන් කර ඇත. මෙය ඉස්ලාම් ආගම ද ව්‍යාප්ත කිරිම පිණිසද කරනු ඇත. Zakat ආගමික ගැති බවක් ලෙස සැළකන අතර ධනය ඇති අය දුප්පතුන්ට උදව් ලබා දිය යුත්තේ, ධනවතුන්ගේ ධනය දෙවියන්ගේ තිළිණයක් ලෙස සැලකෙන නිසාය. කුරානය හා Hadith යෝජනා කරන්නේ ධනය ඇත්තවුන් ස්වේච්ඡාවෙන් දන්දිම කළ යුතු බවයි. (Sodagah) බොහෝ මුස්ලිම්වරුන් වැඩිපුර මුදලක් Khums බදු ගෙවිය යුතුය. මෙය වෙන්වු ආගමික සිරිතක් ලෙස සැළකේ.

Sawm (රාමසාන් සමයේ උපවාස කිරිම) මුස්ලිම්වරුන් අළුයම සිට සන්ධ්‍යාව වනතුරු ආහාර හා බීම නොගත යුතය. තව ද එම මාසය තුළ තමන්ගේ පව් පිළිබදව සැලකිය යුතුය. මෙම උපවාසය මගින් දෙවියනට කිට්ටු බවක් ඇති කිරිමට උදව් කෙරේ. මෙම කාලයේදී මුස්ලිම්වරුන් ඔවුන්ගෙ දෙවියන් වෙනුවෙන් කෙළෙහිගුණ දැක්වීම හා යැපීම පෙන්විය යුතුය. කළ පව්වලට සමාව යැදීමට දුප්පතුන් පිළිබදව සිතිම ද කළ යුතුය.


Haji (Dhu-al- Hijjah මක්කම් නගරයේ ඉස්ලාම් මාසයේ වන්දනාව) සැම ශක්තිය හා වත්කම ඇති මුස්ලිම්වරුන් හා මුස්ලිම්වරියන් තම ජීවිතයේ එක් වතාවක් හෝ මෙම වන්දනාව කළ යුතුය. මුස්ලිම්වරයා වාටු මුටුටු ගෙතු රෙදි දෙකකින් සැදුණු lhram නමැති ඇදුම mecca වට කි.මී. 10 ක් ඇතින් සිටියදි ඇඳ ගත යුතුය. hajji හි සිරිතක් වශයෙන් Kabba වටේ 7 වරක් යාම අවශ්‍ය වේ. මෙහිදි කළු ගල (Blak stone)අල්ලමින් safa කන්ද හා Marwah කන්ද අතර හත් වතාවක් දුවමින් සංකේතමත් වශයෙන් Min stoning the devil කළ යුතුය. haji වන්දනාමාන කළ තැනැත්තා හෝ තැනැත්තිය තම සමාජයේ ගරුත්වයට පත්වේ. ඉස්ලාම් ගුරුවරුන් පවසන්නේ මෙම වන්දනාමානය දෙවියන්ට ඇති ශුද්ධාව පිළිබිමු කිරිමට මිස සමාජ තත්ත්වයක් ලබා ගැනිමට නොකළ යුතු බවයි.

මුස්ලිම්වරුන් විසින් khums බද්දය නමැති තවත් අමතර සිරිත 3 ක් ඉස්ලාම් ආගමට අතවශ්‍ය ලෙස අනුගමහනය කරනු ලබයි. මෙයින් සැම මුස්ලිම්වරයෙකුම සිල්වත් ජිවිතයක් ගත කිරිමට යොමු කරන අතර අනන්‍යන් ද මෙයට නැඹුරු කර ගැනිම සිදු කරයි.

තෙවනුව nahi-Anil- Mnkar අයහපත් ක්‍රියා කිරිමෙන් වැළකිමට අනුසස් දිම මෙමගින් මුස්ලිම්වරුන්ට දුසිරිතෙහි හා අකුසල් ක්‍රියාවලින් වැළකී සිටීමට පවසන අතර අනෙක් අයට ද එසේ කිරිමට ධෛර්යමත් කරයි.

ස්ලාම් - මොහමඩ් (මුහම්මද්)[සංස්කරණය]

ශාස්තෘවරයාගේ සොහොන (“මදිනා හි මුහම්මද්තුමාගේ සොහොන පවතින භූමිය")

මුහම්මද් (ක්‍රි.ව 570 ජුලි 6 - 632) යනු අරාබි ජාතිකයෙක් වන අතර ආගමික මෙන්ම හමුදාමය නායකයෙකි.මොහු ඉස්ලාම් ධර්මය ලොවට හඳුන්වාදිමේ පුරෝගාමියෙක්ද වේ. මුස්ලිම්වරුන් සලකන පරිදි මොහු ඉස්ලාම් දහමේ නිර්මාපකයා නොවන අතර මොහු ඒක දේව විශ්වාසයන්ගෙන් පැව‍තෙන, ආදම් හා එබ්රහම් වැනි අයගෙන් පැවතෙන මුලිකයෙක් මෙන්ම ප්‍රතිසංස්කාරකවරයෙක් ලෙස සලකයි. මුස්ලිම් සංස්කෘතියේදි මුහම්මද්තුමා සියලු දේ දැනගත් අවසාන ශාස්තෘවරයා ලෙස සලකනු ලැබේ. මෙතුමාගේ ජීවිතයේ අවසාන කාලයේ එනම් ඔහුගේ වයස අවුරුදු 40 සිට තවත් වසර 23 දක්වා මෙහු දෙවියන් සමඟ සබඳතා පවත්වා ගනිමින් විවිධ දේ අනාවරණය කරගත් බව අනුගාමිකයන්ට පැවසු අතර එම සොයා ගැනිම් ශුද්ධ වු කුරාණය නමින් ඔවුන් විසින් රචනා කරන ලදි.


මෙම කාලවකවානුවේදි මක්කමෙහි වෙසෙන ජනතාවට මුහම්මද්තුමා විසින් බහුදේව වාදය අන්තර්ගත දේශනා සිදු කරන ලදී. බහුතරයක් ඉස්ලාම් දහම වැළදගත් නමුදු, තවත් පිරිසක් එවක මක්කම පාලනය කල මුහම්මද්තුමාව සහ එතුමාගේ අනුගාමිකයන්ව විවිධ වධ බන්ධන වලට ලක් කළේය. ඉන් වසර 13 කට පසු මුහම්මද් සහ මුස්ලිම්වරු 'හිජ්රා' හෙවත් මදිනා නගරයට නික්මයාම (එවක යන්ර්බ් ක්‍රි.ව 622) සිදුවුණි. එහිදි ඔහුගේ මදිනා අනුගාමිකයන් (අන්සාර්වරුන්), මක්කම නරගයේ අනුගාමිකයන් (මුහාජ්රුන්) සමඟ එක්වී දේශපාලනික සම්බවයක් සහිත ආගමික අධිකාරියක් පිහිටවුයේය. වසර කීපයකට පසු මක්කමෙහි හමුදාවට එරෙහිව යුද්ධ 2 ක් ඇතිවිය. ඒවා නම් ක්‍රි.ව 624 දී මුස්ලිම්වරුන් ජයගත් බදර් යුද්ධය හා විසඳුම් රහිත වු ක්‍රි.ව 625 දී සිදුවු යුහුද් යුද්ධයයි. මදිනාහි යුදෙව්වන් සමඟ සිදුවු මෙම යුද්ධය නිසා යුදෙව්වන් පලායාම, වහලුන් බවට පත් විම හෝ මරණය වැනි දේ වලට මුහුණ පෑ අතර යුදෙව් ප්‍රාන්ත හෙවත් කසබාර් මැඩපැවැත්විණි. මෙම කාලයේදිම මුහම්මද්තුමා කාන්තාර ග්‍රෝත තමා යටතට පත් කර ගැනිම නිසා මක්කම ‍හි වෙළඳ මාර්ග අත්හිටවන ලදි. ක්‍රි.ව 629 දි පමණ ලේ වැගිරිම් අවම කර යුද්ධයෙන් ජයගත්තේය. පසුව මක්කම ආක්‍රමණය කළ මොහු ඔහුගේ ජිවිතයේ අවසන් කාලයේදි එනම් ක්‍රි.ව 632 දි මුළු අරාබිකරයම තම පාලනයට නතුකර ගැනීමට සමත් විය.


ඉස්ලාම් ධර්මයේදි මුහම්මද්තුමාගේ ප්‍රමාණික ජිවන නිදර්ශනය ලෙස පාදන ලද පාර 'සුන්නා' ලෙස හඳුන්වයි. ඔහුගේ ආදර්ශ, කියමන් හා චරිත ලක්ෂණ ඇතුලත් මෙම සුරුකි වර්තා 'හඩින' ලෙස හඳුන්වයි. සම්ප්‍රදායික මුස්ලිම් ජුරි සබිකයෝ හෝ නීතිවේදිහු (ක්‍රි.ව 820) මුස්ලිම් නීතියෙහි ඇති 'සුන්නා' හි වැදගත්කම පෙන්වා දෙන අතර මුස්ලිම්වරු මුහම්මද්තුමාගේ ජීවිතය ආදර්ශයට ගන්නා ලෙස පොළඹවති. 'සුන්න' යන්නෙන් කුරාණයට නිවැරදිව අර්ථකතනයට මග පෙන්වා දෙයි.

පුනරුත්ථානය සහ අවසන් විනිශ්වය[සංස්කරණය]

ඉස්ලාම් විශ්වාසයට අනුව ඉස්ලාම් භක්තිකයන් ඔවුන් ජීවත්ව සිටි කාලයේදී සිදු කරන ලද කි‍්‍රයාවන් අනුව දෙවියන් අතින් විනිශ්වයකට ලක්වන අතර ඒ අනුව පුනරුත්ථාපනය ලබයි. මේ පිළිබඳ විස්තරයන් කුරානයේ සහ හදීස් හි අන්තර්ගතය වේ.

කුරානයේ සඳහන් වන පරිදි ආගම කෙරෙහි විශ්වාසයක් නැති බව, අයුතු ලෙස පොලී අය කිරීම, වංකභාවය අපාගත වීමට කරන බලවත් පාපකර්මයන්ය. එහි සියළු භෞතිකර්මයන් පිලිබද විස්තර ද එයට පිවිසිම සඳහා ගත යුතු කි‍්‍රයාමර්ග ද යන සියළු දේ කුරානයේ සඳහන්ව ඇත.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

අඩවියෙන් බැහර පිටු[සංස්කරණය]

සැඳහුම[සංස්කරණය]

උපුටාගැනීම්[සංස්කරණය]

  1. See:
  2. "People of the Book". Islam: Empire of Faith. PBS. http://www.pbs.org/empires/islam/faithpeople.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-12-18. 
  3. See: * Accad (2003): According to Ibn Taymiya, although only some Muslims accept the textual veracity of the entire Bible, most Muslims will grant the veracity of most of it. * සැකිල්ල:Harvtxt * සැකිල්ල:Harvtxt* සැකිල්ල:Harvtxt *F. Buhl; A. T. Welch. "Muhammad". Encyclopaedia of Islam Online. * Hava Lazarus-Yafeh. "Tahrif". Encyclopaedia of Islam Online. 
  4. සැකිල්ල:Harvtxt
  5. සැකිල්ල:Harvtxt
  6. See: * සැකිල්ල:Harvtxt * "Shari'ah". Encyclopædia Britannica Online. 
  7. Dictionary listing for Siin roots derived from Lane's Arabic-English Lexicon via www.studyquran.co.uk
  8. Lewis, Barnard; Churchill, Buntzie Ellis. Islam: The Religion and The People. Wharton School Publishing. 2009. pp. 8. Books.google.com. 2009. ISBN 9780132230858. http://books.google.com/books?id=IVyMAvW9slYC&pg=PA8&dq=surrender+to+will+of+God+islam. Retrieved 2011-11-04. 
  9. What does Islam mean? The Friday Journal, Mumbai (6 Feb 2011)
  10. සැකිල්ල:Harvtxt
  11. "Djihād". Encyclopaedia of Islam Online. 
  12. Knowing the Enemy: Jihadist Ideology and the War on Terror, Mary R. Habeck, Yale University Press, p.108–109, 118
"http://si.wikipedia.org/w/index.php?title=ඉස්ලාම්&oldid=288728" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි