ආසියාව
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| භූමිප්‍රමාණය | 44,579,000 කිමී2 (17,212,000 වර්ග සැත) |
|---|---|
| ජනගහණය | 3,879,000,000 (1වන)[1] |
| ජනගහණ ඝණත්වය | 89/කිමී2 (226/වර්ග සැත) |
| ජාතිකත්ව නාමය | ආසියානු |
| රටවල් | එ:ජා ගේ සාමාජික රාජ්‍යයන් 48 සහ වෙනත් 6 කි. (රටවල් ලැයිස්තුව) |
| පරායත්ත රාජ්‍යයන් |
|
| හඳුනානොගත් ප්‍රදේශ |
|
| භාෂා | භාෂා ලැයිස්තුව |
| වේලා කලාප | UTC+2 සිට UTC+12 |
| අන්තර්ජාලය TLD | .ආසියාව |
| විශාලතම නගර |
|
ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය[2] .
ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි[3]. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.
නිරුක්ති විස්තරය[සංස්කරණය කරන්න]
අර්ථ දැක්වීම/පැහැදිලි කිරීම සහ මායිම්[සංස්කරණය කරන්න]
මධ්‍ය කාලීන යුරෝපා ජාතිකයන් ආසියාව වෙනම භූමි භාගයක් හෙවත් මහාද්වීපයක් ලෙස සැලකූහ.
මූලාශ්‍ර[සංස්කරණය කරන්න]
- ↑ List of continents by population. Worldatlas.com. සම්ප්‍රවේශය 2010-06-01.
- ↑ "Like herrings in a barrel". The Economist. December 23, 1999.
- ↑ National Geographic Atlas of the World (7th සංස්.). Washington, DC: National Geographic. 1999. ISBN 978-0-7922-7528-2. "Europe" (pp. 68–9); "Asia" (pp. 90–1): "A commonly accepted division between Asia and Europe ... is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles."