ඉරාක ජනරජය
| Republic of Iraq
جمهورية العراق
Ǧumhūriyyat al-ʿIrāq كؤماری عێراق Komara Îraqê |
||||||
|---|---|---|---|---|---|---|
|
|
||||||
| උද්යෝග පාඨය: الله أكبر (Arabic) "Allahu Akbar" (transliteration) "God is [the] Greatest" |
||||||
| ජාතික ගීය: موطني Mawtini (My Homeland) |
||||||
| අගනුවර | Baghdad 33°20′N 44°26′E / 33.333°N 44.433°E |
|||||
| විශාලතම නගරය | capital | |||||
| නිල භාෂාව(න්) | Arabic, Kurdish | |||||
| ජාති නාමය | Iraqi | |||||
| රජය | Federal parliamentary republic | |||||
| - | President | Jalal Talabani | ||||
| - | Prime Minister | Nouri al-Maliki | ||||
| Independence | ||||||
| - | from the Ottoman Empire | 1 October 1919 | ||||
| - | from the United Kingdom | 3 October 1932 | ||||
| - | Republic | 14 July 1958 | ||||
| - | Current constitution | 15 October 2005 | ||||
| වර්ග ප්‍රමාණය | ||||||
| - | සම්පූර්ණ | 438,317 කිමී2 (50th) 169,234 සතරැස් සැත |
||||
| - | ජලය (%) | 1.1 | ||||
| ජනගහණය | ||||||
| - | 2011 ඇස්තමේන්තුව | 34,322,000[1] (36th) | ||||
| - | ඝණත්වය | 73.5/කිමී2 (125th) 187.6/සතරැස් සැත |
||||
| GDP (PPP) | 2010 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $113.366 billion[1] | ||||
| - | ඒක පුද්ගල | $3,537[1] | ||||
| GDP (නාමික) | 2010 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $82.150 billion[1] | ||||
| - | ඒක පුද්ගල | $2,563[1] | ||||
| ව්‍යවහාර මුදල | Iraqi dinar (IQD) |
|||||
| වේලා කලාපය | GMT+3 (UTC+3) | |||||
| - | ගිම්හාන (DST) | not observed (UTC+3) | ||||
| රිය පදවන්නේ | right | |||||
| අන්තර්ජාල TLD | .iq | |||||
| ඇමතුම් කේතය | 964 | |||||
ඉරාකයේ නිල නාමය 'ඉරාක ජනරජය' යන්නය. ඉරාකය 'සක්රොස්' (Zaqros) කඳු පෙලෙහි වයඹ දිග කෙළවරෙහි වැඩි ප්‍රදේශයක් පුරා විහිදී පවත්නා බටහිර ආසියාවට ද, සිරියානු කාන්තාරයේ නැගෙනහිර කොටසට ද, අරාබියානු කාන්තාරයේ උතුරු දිග කොටසට ද විහිදී පවත්නා රටක් වෙයි.
ඉරාකයට අයත් දේශසීමාවන්[සංස්කරණය කරන්න]
බටහිරින් ජෝර්දානය, වයඹට සිරියාව, උතුරට තුර්කිය, නැගෙනහිරට ඉරානය සහ කුවේටය, දකුණට සවුදි ආරාබිය, යනුවෙනි. උතුරු පර්සියානු බොක්කෙහි කි.මී. 58 ක් දිග (සැතපුම් 35) පටු වෙරළ තීරයක් ද ඉරාකය සතුය. අගනුවර වන බැග්ඩෑඩ් නුවර පිහිටා ඇත්තේ රටෙහි නැගෙනහිර මැද කොටසෙහිය.
වයඹ දිග සිට ගිණිකොන දක්වා ගලා බස්නා මහා ගංගා දෙක වන යුප්‍රටීස් හා ටයිග්‍රීස් රට මැදින් ගලා යයි. බටහිර ආසියාවේ වැඩි කොටසක් ආවරණය කෙරෙන තණබිම් සහ කාන්තාර බිම් දසුන් හා සැසඳෙන මෙම ගංගා දෙක හේතුකොට ගෙන කෘෂිකර්මාන්තයට අනගි වූ ඉඩම් ඉරාකයට උරුම වී තිබේ.
ඵෙතිහාසිකව සලකා බැලීමේ දී ඉරාකය ඇතුලත් වන ප්‍රාන්තයේ ග්‍රීක ටොපෝනියම් (Land Toponym) නාමය වනුයේ 'මෙසපොතේමියාව' (Land between rivers) යන්නය. ක්‍රිස්තු වර්‍ෂයට පෙර එනම් ක්‍රි.පූ. 6 වන සහශ්‍රයේ සිට අඛණ්ඩව අනුක්‍රමික සභ්‍යත්වයකට ඉරාකය නිවහනව තිබිණි. ටයිග්‍රීස් හා යුප්‍රටීස් ගංගා අතර ප්‍රදේශය හඳුන්වනු ලබන්නේ 'සභ්‍යත්වයේ සමාරම්භය' සහ 'ලේඛනයේ' හා 'රෝදයේ' උපන් බිම යනුවෙන්ය.
එහි දිගු ඉතිහාසය පුරාම ඉරාකය, ආකේඩියන්, ඇසිරියන්, බැබිලෝනියන්, හෙලනිස්ට්ක්, පාතියන් සසනිඩ් සහ ඇබසිඩ් අධිරාජ්‍ය හා ආකිමිනිඩ්, රෂිඩුන්, උමයියාද්, මොනෝගල්. සෆාව්ඩ්, ඔටෝමන්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යනාදියෙහි මධ්‍යස්ථානයව තිබිණි. ඉරාක රාජධානිය පිහිටුවන ලද්දේ වර්‍ෂ 1932 දීය.
2003 ආක්‍රමණයත් සමඟ ඉරාකය, බහුජාතික( ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුලත්) හමුදා සංවිධාන විසින් බලෙන් අල්වා ගන්නා ලදි.
2004 ජුනි මස ඉරාකයේ ස්වෛරීයත්වය අතුරු ආණ්ඩුවකට මාරු කරන ලදි. අනතුරුව ජනමත විචාරණයක් හරහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා ලද අතර, මැතිවරණයෙන් නව රජයක් තෝරා පත්කර ගන්නා ලදි. 2010 මාර්තු වන විට රට තුළ රැදී සිටි ඇමෙරිකන් භට සංඛ්‍යාව 96,000 කි. ඇමෙරිකන් හමුදා සේනාංක සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමේ අවසාන දිනයක් නියම කර තිබේ. එය නම් 2011 දෙසැම්බර් 31 වන දිනය.