රාවණා රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
රාවණ
සිවු හෙලේ රජ
රාවණ රජුගේ සිතුවමක් සිත්තරෙකුගේ තෙළිතුඩින්.
රාජ්‍ය කාලය ක්‍රි:පූ 2554 - ක්‍රි:පූ 2517
පූර්වප්‍රාප්තිකයා කුවේර රජ
අනුප්‍රාප්තිකයා විභීෂණ රජ
වල්ලභයා මන්දෝදරී
දරුවන්
ඉන්ද්‍රජිත්
ත්‍රෛශීර්ෂ
අථිකාය
අක්ෂයකුමාර
නරන්ථක
දේවාන්ථක
පියා වෛශ්‍රව
මව කෛකසි
  • ක්‍රි:පූ 2554 සිට ක්‍රි:පූ 2517 දක්වා ලංකාවේ රාජ්‍යත්වය හෙබවීය. [1] මෙම කාලයේදී ලොව මෙම ප්‍රදේශයේ පැවතියේ ලෝකඩ යුගයයි. යකඩ යුගය පැමිණියේ මින් බොහෝ කළකට පසුවය.
  • දඬුමොණරය නම් ගුවන්යානය භාවිතා කලේය.

පෙලපත[සංස්කරණය කරන්න]

රාජධානිය[සංස්කරණය කරන්න]

අග නුවර - ලංකාපුර,

අලකමංඳාව, තපො වනය, ගොකණ්ණක,

රවිත ග්‍රන්ථ[සංස්කරණය කරන්න]

  • අර්ක ප්‍රකාශය
  • කුමාර තන්ත්‍රය
  • රසරත්නාකරය
  • වටිකා ප්‍රකරණය

රාමායණය[සංස්කරණය කරන්න]

රාවණා රජ ජීවත්වූයේ යයි සැලකෙන යුගයට ඉතාමත් පසු කලෙක ලියවුනු රාමායණය නම් ග්‍රන්ථයේ රාවණා රජ නම් චරිතයක් ඇත. රාමායණයෙහි අනෙක් ප්‍රධාන චරිතය රාම රජ වේ. රාමායණය පිළිබඳ හදාරන විද්වතුන් පවසන්නේ රාම යනු ක්‍රිපූ 7 වන හෝ 8 වන සියවසෙහි ඉන්දියාවේ ජීවක්වූ සුළු නායකයෙකු බවයි. [2]). මේ අනුව රාමායණයහි චරිත අතර කාලානුරූපී ගැලපීමක් නැත. රාජාවලිය පවසන ලෙස රාවන යුගය වූයේ කිතු වසින් පෙර 19වන සියවසේය. එනම් විජයාවගමනයෙන් වසර 1844කට පෙරය. එහෙත් එයට වඩා එදහිය හැකි වනුයේ රාජාවලිය දක්වන වකවානුවයි.රා + වන යන බිදුමෙන් පවසන පරිදි සූර්‍ය ගොත්‍රයට අයත් යන තේරුම දෙන අතර එම නාමය කිහිප දෙනකු භාවිත කරන්නට ඇති යයි සිතිය හැකි වේ. නමුත් ඉන් රාමායනයේ එන රාවනා රජු විශිෂ්ටතමයා ලෙස සැලකිය හැකිය. රාමයනය වාල්මිකී රාමා ඔසවා තැබීමට ලියුවක් බව අතිශයෝක්තියෙන් යුක්ත බව පෙනෙන්නට ඇති බැවින් සත්‍ය තරමක් අපහැදිලි වී තිබේ. සියලු කරනා අනුව සත්‍ය මෙසේ වටහගත හැක. සීතා ඉතාමත් ලස්සන ප්‍රිය උපදවන තරුණියක වූ අතර ඇගේ දෙමාපියන් ඈ විවහ කරදෙනු පිණිස ස්ව්‍යංවරයක් කැදවූහ. සාමාන්‍ය පුරුෂයෙකුට එසවිය නොහැකි ශිව දුන්න ඔසවා එහි දුනුදිය දැමීමට හැකි සමතෙකුට සීතා සරන පාවා දීමට දෙමාපියන් තීරනය කර තිබුණ. ලංකාධිපති රාවන රජුද ඊට සහභාගී වූ නමුත් ඔහුට තරගවැදී සිතාව ලබාගැනීමට කැමැත්තක් නොවීය. ඔහුට සීතා කෙරේ අවංක ආදරයක් හටගත් නමුත් ස්ව්යිංවර නීතිය වෙනස්ම එකකි. ලක්ස්මන් සමග පැමිණි රාමා රාවනා තරම් නොවූවද ශිවදුන්න එසවීමට තරම් දක්ෂ විය. නමුත් ඔහුට එහි දුනුදිය දැමීමට නොහැකි වූ අතර දුන්න බිදී ගියාය. රාමා සීතාව අයිති කරගත්තද රාවනාගේ සිතේ ඇතිවූ ආදරයේ අඩුවක් නොවීය. සීතාගේ වාසනාව ගිලිහී ගියේ ඇයටත් නොදැනීමය. ඉන්පසු විවහ වූ දෙපලට අයෝධ්‍යාවේ වැඩි කලක් සිටිය නොහැකි විය. ඒ අතර කාලයේ රාවනා දැඩි සිත්වේදනාවෙන් පෙළුනු අතර ඉන් මිදීමට භාවනාව ප්‍රගුණ කරන්නට විය. එහි ප්‍රතිපලයක් ලෙස සිත අරූපාවචර තලවලට ගැනීමට සමත් වූ ඔහු මෙතෙක් විශ්වයේ නොවූ නවතම ධර්ම රැසක් අවබෝධ කරගන්නා ලදි. අනතුරුව සුරූපී මන්දෝදරී හා විවහ වුනු රාවන සක්විති රජෙකු ලෙස කිරුළු පැළදූහ. අයෝධ්‍යාවෙන් නෙරපූ රාමා සීතා හා ලක්ස්මන රාවන රජුගේ සහොදරිය වන සුපර්ණකාගේ පාලනයේ වූ දන්ඩක වනයේ වාසස්ථානය කරගෙන විසූහ. සොර බමුණන් හා එක්ව සතුන් මරමින් අයොධ්‍යාව නැවත ඉල්ලා යාග හෝම කරන්නට විය. එය දුටු සුපර්ණකා එම ස්ථාන වටලා ඒව විනාශ කළ අතර කිපුනු ලක්ස්මන්ගේ කඩු පහරකින් ඇගේ නාසය කැපී ගියේය. පෙරළා ලංකාවට පැමිණි ඇගේ නාසය සුව කිරීමට අවශ්‍ය දැනුම පවා රාවනා සතු විය. සහෝදරියට පාළනය කරගත නොහැකිවූ තත්වය පාලනය කර වගකිවයුත්තන්ට දඩුවම් කිරීමේ අරමුණින් දඩුමොණරය නම් වූ විමානයට නැග දන්ඩක වනයට පිවිසි රාවනාට සීතා සිටින තත්වය දැක සියල්ල අමතක විය. ඔහුගේ ආදරය නැවත දලුලා වැඩුණි. තනිව සිටි සීතාවට තමාහා විවහවන්නට යෝජනා කළද සස්වාමික ඕ එය ප්‍රතිකේෂ්ප කළද රාවනා කෙරෙහි යම් ස්නේහයක් වැඩෙන්න්ට විය. රාවනද ඇගේ සුවදුක් ගැන විමසීමට නැගෙනියට පවරන ලදි. වරෙක සීතාවට මිහිපිට දිව්‍ය විමානයක් බදු ලංකාව දැකීමට අශාවක් පහළ වූ අතර එය සුපර්ණකාට පැවසීය. එයට එක් දිනක් සෑහෙන බැවින් රාම නැති අතරේ ලංකාවට පැමිනීමට ඉටගත් ඇය දිනක එය පූර්ණ කරගන්නා ලදි. එම ලංකාගමනය දුටු හනුමන් රාමා කරාගොස් සීතා රාවනාසමග පලාගිය බව පැවසීය. රාමා යනු සියුමැලි ගති මෙන්ම සිතක්ද ඇත්තෙකි. ඉක්මන් කෝපය නිසා රාවනාට විරුද්ධව යුධ ප්‍රකාශ කළහ. හනුමන් ලවා සේනවක් රැස් කරවූ ඔහු ලන්කාවට පාලම් බදින්නට වූ අතර සිය සහෝදරයගේ රජකමට ගිජුබැලුම් හෙලමින් සිටින විබීශන රාමා හා සාකච්ඡා කොට රාවන නාමය ඉතිහාසයෙන්ම අතුගා දැමීමට සැලසුම් සැකසූහ. ඒ අනුව සීතාව පැහැරගත් බවට කටකතා පැතිරුණි. ජනතාවද දේශපාලනිකව දෙකට බෙදුණි.

පූර්වප්‍රාප්තික 
කුවේර රජ
Emperor of Lanka අනුප්‍රාප්තික  :
විභීෂණ රජ

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

බාහිර යොමු[සංස්කරණය කරන්න]

තවද බලන්න[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=රාවණා_රජ&oldid=387939" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි