ද්වාරය:ආසියාව
- العربية
- ܐܪܡܝܐ
- Azərbaycanca
- Беларуская (тарашкевіца)
- বাংলা
- کوردی
- Deutsch
- Zazaki
- Ελληνικά
- English
- Español
- فارسی
- Français
- Gagauz
- हिन्दी
- Hrvatski
- Հայերեն
- Bahasa Indonesia
- Italiano
- 日本語
- ქართული
- Қазақша
- Madhurâ
- Македонски
- മലയാളം
- ဘာသာမန်
- Bahasa Melayu
- မြန်မာဘာသာ
- Nederlands
- Norsk bokmål
- Polski
- پنجابی
- Português
- Русский
- سنڌي
- Soomaaliga
- தமிழ்
- Türkçe
- Українська
- اردو
- Vèneto
- Tiếng Việt
- 粵語
- 中文
මෙවලම්
මුද්‍රණය/අපනයනය
වෙනත් ව්‍යාපෘති තුල
පෙනුම
විකිපීඩියා වෙතින්
(ද්වාරය:Asia වෙතින් යළි-යොමු කරන ලදි)
Wikipedia's portal for exploring content related to ආසියාවසැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to ආසියාව
Portal maintenance status: (2020 නොවැම්බර්)
|
හැඳින්වීම
Script error: The function "lead" does not exist.
තෝරාගත් ලිපි
-
Image 1

උස්බෙකිස්ථානය නිළ වශයෙන් උස්බෙකිස්ථාන් සමුහාණ්ඩුව මධ්‍යම ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් හා උතුරින් කසකස්ථානය, නැගෙනහිරින් කියර්ගිස්තානය හා නැගෙනහිරින් ටජිකිස්ථානය දකුණින් අෆ්ගනිස්ථානය හා ටර්ක්මෙනිස්ථානයටය. මුල් 16 වන ශතවර්ෂයේ දී නැගෙනහිර ටර්නින් භාෂාවන් කථා කල උස්බෙක් නොමෑඩ්වරුන් විසින් මෙම රාජ්‍ය අල්ලා ගත්හ. වර්තමානයේ උස්බෙකිස්ථාන ජනගහනය අයත් වන්නේ අස්බෙස් ජන වර්ගයට අනුව ඔවුන් එම භාෂාව කථා කරයි. 19 ශතවර්ෂයේ දී උස්බෙකිස්ථානය රුසියානු රාජ්‍යයට එක් කල අතර 1924 වර්ෂයේ දී සෝවියට් සංගමයේ ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් බවට පත් විය. එය නිදහස් සමුහාණ්ඩුවක් ලෙස 1991 පටන් පවතී. උස්බෙකිස්ථානය ආර්ථිකය මුලික වශයෙන් වෙළඳ භාණ්ඩ වන කපු, රත්තරන්, යුරේනියම්, පොටැසියම් සහ ස්වභාවික වායු මත යැපේ. එය වෙළඳ ආර්ථිකයකට මාරුවීමට ද පරමාර්ථ කොටගෙන තිබේ. රට ස්ථාවර ආර්ථිකයන් රදා පවත්වා ගන්නට උත්සාහ දරන අතර ඒ නිසා විදේශ ආයෝජකයින් ද වළක්වා ගෙන ඇත. මෙම ක්‍රමයෙන් හා ස්ථිරව මාරුවිමට දරණ පනත අනුව 1995 පසු ආර්ථික වශයෙන් යහපත් ප්‍රතිචාර දක්වා නොමැත. උස්බෙකිස්ථානයේ පවතින මානව හිමිකම් පනත හා ඒක පුද්ගල නිදහස් අන්තර්ජාතික සමාගම්වල විවේචනයට භාජනය වී ඇත. එහි 45% කට ආසන්න ජනගහනයක් දිනකට ඇ. ඩො. 1.25 කට වඩා අඩුවෙන් උපයයි.
(තව දුරටත්...) -
Image 2

ලාඕසය (නිල නාමය: ලාඕ මහජන ප්රජාතන්ත්රවාදී ජනරජය) ගිනිකොණදිග ආසියාවේ පිහිටි රටකි. සතර අතින්ම ගොඩබිමින් මායිම් වුණු ලාඕසයේ වයඹින් බුරුමය සහ චීනය ද, නැගෙනහිරින් වියට්නාමය ද, දකුණින් කාම්බෝජය ද, බටහිරින් තායිලන්තය ද පිහිටා ඇත. 2012 දී එහි ඇස්තමේතුගත ජනගහණය මිලියන 6.5ක් පමණ විය. රටේ ජනගහණයෙන් 33%ක් පමණ ලෝක දරිද්‍රතා මායිමෙන් පහළ, එනම් දිනකට ඇමෙරිකානු ඩොලර් 1.25කට වඩා අඩු ආදායමක් උපයමින්, ජීවත් වෙති.
ලාඕසයේ ඉතිහාසය 14 සිට 18 වැනි ශතවර්ෂය දක්වා පැවති ලන් සං රාජධානිය තෙක් දිවෙයි. එතෙක් රාජ්‍ය තුනක් ලෙස පැවති මෙම රාජධානිය 1893 දී ප්‍රංශ යටත්විජිතයක් ලෙස ලාඕසය නමින් එක් රටක් බවට පත් විය. 1945 දී ජපාන ආක්‍රමණයකින් පසුව තාවකාලිකව නිදහස ලබා ගත්තත්, නැවත ප්‍රංශ ග්‍රහණයට නතු වුණු ලාඕසය ස්වතන්ත්‍ර රජයක් බවට පත් වූයේ 1949 දීය. 1953 දී ලාඕසය සිසවං වොං යටතේ ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ලෙසින් නිදහස ලබා ගත්තේය. වසර කිහිපයකට පසු පැවැති සිවිල් යුද්ධයකින් රාජාණ්ඩුව පහකෙරුණු අතර පැතෙට් ලාඕ නමැති කොමියුනිස්ට් කණ්ඩායම 1975 දී බලය පැමිණෙන ලදී. (තව දුරටත්...) -
Image 3

ජෝර්ජියා යනු යුරේසියාවේ කෝකසස් ප්‍රදේශයෙහි පිහිටි ස්වෛරී රාජ්‍යයකි. බටහිර ආසියාව සහ නැගෙනහිර යුරෝපය අතර සන්ධියක පිහිටි මෙය, බටහිරින් කළු මුහුදෙන්ද, උතුරින් රුසියාවෙන්ද, දකුණෙන් තුර්කියෙන් හා ආර්මේනියාවෙන්ද සහ, ගිණිකොණ දෙසින් අසර්බයිජානයෙන්ද මායිම් වී ඇත. ජෝර්ජියාවෙහි අගනගරය ටිබිලිසි වෙයි. ජෝර්ජියාවට අයත් භූමි ප්‍රමාණය 69,700 කිමී² වන අතර එහි ජනගහණය 4.7 මිලියන පමණ වෙයි. ජෝර්ජියාව ඒකීය, අර්ධ-ජනාධිපතිමය ජනරජයක් වන අතර, රජය තෝරාපත් කර ගනු ලබන්නේ නියෝජිත ප්රජාතන්ත්රවාදයක් ඔස්සේය. (තව දුරටත්...) -
Image 4

සිංගප්පූරුව, නිල වශයෙන් සිංගප්පූරු ජනරජය, සමුද්‍ර අග්නිදිග ආසියාවේ දූපත් රටක් සහ නගර රාජ්‍යයකි. එය සමකයට උතුරින්, මැලේ අර්ධද්වීපයේ දකුණු කෙළවරට ඔබ්බෙන්, බටහිරින් මලක්කා සමුද්‍ර සන්ධියට, දකුණින් සිංගප්පූරු සමුද්‍ර සන්ධියට සහ ඉන්දුනීසියාවේ රියාව් දූපත් වලට මායිම්ව, සමකයට උතුරින් එක් අක්ෂාංශ (කිලෝමීටර් 137 හෝ සැතපුම් 85) පමණ වේ., නැගෙනහිරින් දකුණු චීන මුහුද සහ උතුරින් මැලේසියාවේ ජොහෝර් ප්‍රාන්තය සමඟ ජොහෝර් සමුද්‍ර සන්ධිය.
රටේ භූමි ප්‍රදේශය එක් ප්‍රධාන දූපතකින්, චන්ද්‍රිකා දූපත් සහ දූපත් 63කින් සහ එක් පිටත දූපතකින් සමන්විත වේ. රට නිදහස ලැබීමෙන් පසු පුළුල් ඉඩම් ගොඩකිරීමේ ව්‍යාපෘති හේතුවෙන් මේවායේ ඒකාබද්ධ ප්‍රදේශය ආසන්න වශයෙන් 25% කින් වැඩි වී ඇත. නාගරික සැලසුම්කරණයේ ප්‍රතිඵලයක් ලෙස හරිත හා විනෝදාස්වාද අවකාශයන් රාශියක් තිබුණද, එය ලෝකයේ ඕනෑම රටක තුන්වන ඉහළම ජනගහන ඝනත්වය ඇත. බහු සංස්කෘතික ජනගහනයක් සහිත සහ ජාතිය තුළ ඇති ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම්වල සංස්කෘතික අනන්‍යතා පිළිගැනීම සඳහා, සිංගප්පූරුවට නිල භාෂා හතරක් ඇත: ඉංග්‍රීසි, මැලේ, මැන්ඩරින් සහ දෙමළ. ඉංග්‍රීසි පොදු භාෂාව වන අතර, බොහෝ රාජ්‍ය සේවාවන්හි පමණක් භාවිතා වේ. බහු-වාර්ගිකත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත කර ඇති අතර අධ්‍යාපනය, නිවාස සහ දේශපාලනයේ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම දිගටම කරගෙන යයි. (තව දුරටත්...) -
Image 5

උතුරු සයිප්‍රසය (තුර්කි: Kuzey Kıbrıs), නිල වශයෙන් උතුරු සයිප්‍රසයේ තුර්කි ජනරජය (TRNC; තුර්කි: Kuzey Kıbrıs Türk Cumhuriyeti) ලෙස හැඳින්වෙන්නේ සයිප්‍රස දිවයිනේ ඊසාන දිග කොටසේ පිහිටි ස්වයං ප්‍රකාශිත රාජ්‍යයක් වේ. එය පිළිගනු ලබන්නේ තුර්කිය විසින් පමණි. උතුරු සයිප්‍රසය, සයිප්‍රස් ජනරජයේ කොටසක් විය යුතු බවට අන්තර්ජාතික ප්‍රජාව විසින් සළකනු ලබයි.
උතුරු සයිප්‍රසය ඊසානදිගින් කර්පාස් අර්ධද්වීපයේ කෙළවරේ සිට මොර්ෆියු බොක්ක, කොර්මකයිටිස් තුඩුව සහ බටහිරින් කොකිනාව තෙක් විහිදී පවතී. එහි වඩාත් දකුණින්ම පිහිටා ඇත්තේ ලොව්රව්ජිනා ගම්මානය යි. එක්සත් ජාතීන්ගේ පාලනය යටතේ පවතින ප්‍රේරක කලාපයක් උතුරු සයිප්‍රසය හා සයිප්‍රස දිවයිනේ ඉතිරි ප්‍රදේශය අතරමැදින් විහිදී පවතින අතර එමගින් දිවයිනේ විශාලතම නගරය වන නිකොසියාව බෙදීමකට ලක් කරයි. රාජ්‍යයන් දෙකෙහිම අගනගරය වන්නේ නිකොසියාව යි. (තව දුරටත්...) -
Image 6

භූතාන රාජධානිය යනු ස්වෛරීය රාජ්‍යයකි. සෑම පැත්තෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රට දකුණු ආසියාතික රටකි. හිමාලයේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති මෙය දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද, උතුරින් ටිබෙට් ස්වතන්ත්‍රික ප්‍රදේශයට ද මායිම් වී ඇත. භූතාන ජාතිකයෝ තම රට "මකරාගේ දේශය" යන තේරුම දෙන Druk Yul යන නමින් හඳුන්වති.
භූතානය කලක් යනතුරුම ලොව හුදෙකලාම රාජ්‍යයක් ලෙස පැවතුණි. වර්තමානය වන විට අන්තර්ජාතික ගුවන් ගමන්, අන්තර්ජාලය, ජංගම දුරකථන ජාල සහ රූපවාහිනී සේවා නිසා රටේ නාගරික ප්‍රදේශ නවීකරණය වී ඇත. නමුත් දළ ජාතික සතුට (GNH) සංකල්පය ඔස්සේ පැරණි සංස්කෘතිය සහ සම්ප්‍රදායන් අනුව යමින් මෙම නවීකරණය පාලනය කිරීමට භූතානය පියවර ගෙන තිබේ. පරිසර සංරක්ෂණයට ද වැඩි ප්රමුඛත්වයක් ලබා දි ඇත. භූතාන රජය සැම විටම රටේ සංස්කෘතිය, සංස්කෘතික අනන්‍යතාවය සහ පරිසරය සුරැකීමට ක්‍රියා කරයි. 2006 දී ලෙයිචෙස්ටර් විශ්වවිද්‍යාල සමීක්ෂණයකට අනුව සතුටෙන්ම දිවි ගෙවන ජනතාවක් සිටින රටවල් අතරින් දකුණු ආසියාවෙන් පළමුවැනි තැන ද, ලෝකයෙන් අටවැනි තැන ද භූතානයට හිමිවන බව Business Week සඟරාව වාර්තා කළේය. (තව දුරටත්...) -
Image 7

යේමන ජනරජය නිරිතදිග ආසියාවේ පිහිටි අරාබි අර්ධද්වීපයේ පිහිටයි. සවුදි අරාබිය උතුරින්ද, බටහිරින් රතු මුහුදද, දකුණින් අරාබි මුහුද හා ඒඩන් (Aden) බොක්කද, නැගෙනහිරින් ඕමානයද දේශ සීමා ලෙස පිහිටයි. යේමන භූමි ප්‍රමාණයට දූපත් 200 ක් පමණ අයත් වේ. එහි විශාලම දූපත වන Socotre (සොකෝට්‍රා) ප්‍රධාන භූමියට කි. මී. 415 ක් දකුණින් සෝමාලියානු මුහුදු තීරයට ආසන්නයේ පිහිටයි. අරාබියාවේ ඇති එකම ජනරජය යේමනයයි. (තව දුරටත්...) -
Image 8
ආර්මේනියාව, නිල වශයෙන් ආර්මේනියා ජනරජය, යනු බටහිර ආසියාවේ ආර්මේනියානු උස්බිම් වල ගොඩබිම් සහිත රටකි. එය කොකේසස් කලාපයේ කොටසක් වන අතර බටහිරින් තුර්කිය, උතුරින් ජෝර්ජියාව, නැගෙනහිරින් අසර්බයිජානය සහ ඉරානය සහ දකුණින් නක්චිවන් හි අසර්බයිජානියානු බාහිර ප්‍රදේශය මායිම් වේ. යෙරෙවන් අගනුවර, විශාලතම නගරය සහ මූල්‍ය මධ්‍යස්ථානය වේ.
ආර්මේනියානු උස්බිම් හයාසා-අසි, ෂුප්රියා සහ නයිරි ජනයාගේ නිවහන වී ඇත. අවම වශයෙන් ක්‍රි.පූ. 600 වන විට, ඉන්දු-යුරෝපීය භාෂාවක් වන ප්‍රෝටෝ-ආර්මේනියානු භාෂාවේ පෞරාණික ආකාරයක් ආර්මේනියානු උස්බිම් වලට ව්‍යාප්ත වී තිබුණි. පළමු ආර්මේනියානු රාජ්‍යය උරාර්ටු ක්‍රි.පූ. 860 දී පිහිටුවන ලද අතර ක්‍රි.පූ. 6 වන සියවස වන විට එය ආර්මේනියාවේ සැට්රැපි විසින් ප්‍රතිස්ථාපනය කරන ලදී. ක්‍රි.පූ. 1 වන සියවසේදී මහා ටයිග්රේන්ස් යටතේ ආර්මේනියා රාජධානිය එහි උච්චතම ස්ථානයට ළඟා වූ අතර ක්‍රි.ව. 301 දී ක්‍රිස්තියානි ධර්මය නිල ආගම ලෙස පිළිගත් ලොව පළමු රාජ්‍යය බවට පත්විය. ආර්මේනියාව තවමත් ලෝකයේ පැරණිතම ජාතික පල්ලිය වන ආර්මේනියානු අපෝස්තලික පල්ලිය රටේ ප්‍රාථමික පුරාණ ආගමික ආයතනය ලෙස පිළිගනී. ආර්මේනියානු රාජධානිය 5 වන සියවසේ මුල් භාගයේදී පමණ බයිසැන්තියානු සහ සසානියානු අධිරාජ්‍යයන් අතර බෙදී ගියේය. බග්රතුනි රාජවංශය යටතේ, ආර්මේනියාවේ බග්රැටිඩ් රාජධානිය 1045 දී වැටීමට පෙර 9 වන සියවසේදී ප්‍රතිසංස්කරණය කරන ලදී. ආර්මේනියානු ප්‍රාන්තයක් සහ පසුව රාජධානියක් වූ සිලිසියානු ආර්මේනියාව 11 වන සහ 14 වන සියවස් අතර මධ්‍යධරණී මුහුදේ වෙරළ තීරයේ පිහිටා තිබුණි. (තව දුරටත්...) -
Image 9

කොඩිය
ඕමාන් සුල්තාන් රාජ්‍යය (Sultanate of Oman) යන නිල නාමයෙන් හඳුන්වන ඕමාන් දේශය අරාබි අර්ධද්වීපයේ ගිණිකොන දිග වෙරළ තීරය වන නිරිත දිග ආසියාවේ පිහිටි අරාබි රටකි. වයඹට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බටහිරට සවුදි අරාබිය, නිරිත දිගට රෝමයද, ඕමාන් රාජ්‍යයේ දේශ සීමාවන් වේ.
වෙරළ තීරය සමන්විත වන්නේ, දකුණින් හා නැගෙනහිරින් අරාබි මුහුදෙන් හා ඊසාන දිගින් ඕමාන් මුහුදු බොක්කෙනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වටවී ඇති මධ" (Madha) සහ 'මුසන්ඩම්' (Mausandam) යන ප්‍රදේශයන් ද මෙරටට අයත් වේ. (තව දුරටත්...) -
Image 10

බහරේන් නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ බහරේන් රාජධානිය ලෙසයි. මෙය අල් සාෆීනා රාජකීය පවුල් විසින් පාලනය කරනු ලබන පර්සියානු ගල්ෆ්හි පිහිටි කුඩා දුපතකි. බහරේන් දුපත් 33 කින් සමන්විත කොදෙව්වකි. විශාලතම බහරෙන් දුපත කී.මී. 55 දිගින් හා කි.මී 18 පළල යුත් එකකි. සවුදි අරාබියට බටහිරට වන්නට පිහිටා ඇති අතර එය බහරේන් හා ෆාහාඩ් රජ මාවත (1986 නොවැම්බර් මස 25 දින විවෘත කරනු ලැබු මාවත) හා සම්බන්ධයි. කටාර් ගිනිකොන දෙසින් ගල්ෆ් හරහා පැතිරේ. යෝජිත කටාර් බහරේන් මාවත බහරේන් හා නාමර් සම්බන්ධ කරන අතර, එය ලෝකයේ දීර්ඝතම මාවත වන්නේය. බහරේන් එහි ඇති තෙල් හා මුතු වලට ප්රසිද්ධයක් දරයි. මෙහි ඉතා උස් වු ගොඩනැගිලි (Skyscrapers) ඉදිකර තිබේ. වර්තමානයේ යෝජිත මීටර් 1022 (අඩි 3353) කින් යුත් මුරුජාන් කුළුන වැනි ගොඩනැගිලිද ඇත. මෙහි බහරේන් ජාත්‍යන්තර ධාවන පථයද පිහිටා ඇත. එබැවින් බහරේන් F 1 ධාවන තරඟයද මෙහි පැවැත්වේ. (තව දුරටත්...) -
Image 11
අසර්බයිජානය, නිල වශයෙන් අසර්බයිජාන් ජනරජය, යනු බටහිර ආසියාවේ සහ නැගෙනහිර යුරෝපයේ මායිමේ පිහිටි අන්තර් මහාද්වීපික සහ ගොඩබිම් සහිත රටකි. එය දකුණු කොකේසස් කලාපයේ කොටසක් වන අතර නැගෙනහිරින් කැස්පියන් මුහුදෙන්, උතුරින් රුසියාවේ ඩැගෙස්තාන් ජනරජයෙන්, වයඹ දෙසින් ජෝර්ජියාවෙන්, බටහිරින් ආර්මේනියාව සහ තුර්කියෙන් සහ දකුණින් ඉරානයෙන් මායිම් වී ඇත. බකු යනු අගනුවර සහ විශාලතම නගරයයි.
වර්තමාන අසර්බයිජානය ලෙස හඳුන්වන භූමිය මුලින්ම කොකේසියානු ඇල්බේනියාව විසින් සහ පසුව විවිධ පර්සියානු අධිරාජ්‍යයන් විසින් පාලනය කරන ලදී. 19 වන සියවස දක්වා එය කජාර් ඉරානයේ කොටසක් ලෙස පැවතුනද, 1804–1813 සහ 1826–1828 රුසෝ-පර්සියානු යුද්ධ නිසා කජාර් අධිරාජ්‍යයට එහි කොකේසියානු ප්‍රදේශ රුසියානු අධිරාජ්‍යයට පවරා දීමට සිදුවිය; 1813 දී ගුලිස්තානය සහ 1828 දී ටර්ක්මෙන්චේ ගිවිසුම් මගින් රුසියාව සහ ඉරානය අතර දේශ සීමාව නිර්වචනය කරන ලදී. 19 වන සියවසේදී රුසියාව විසින් යටත් කර ගන්නා තෙක් අරාස් කඳුවැටියට උතුරින් පිහිටි ප්‍රදේශය ඉරානයේ කොටසක් වූ අතර, එහිදී එය කොකේසස් උපරාජයේ කොටසක් ලෙස පරිපාලනය කරන ලදී. (තව දුරටත්...) -
Image 12

ඊශ්‍රායලයේ නිල නාමය ‘ඊශ්‍රායල් රාජ්‍යය' යන්නයි.මෙය මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළේ පිහිටි බටහිර ආසියානු කලාපයට අයත් රටකි. උතුරට ලෙබනනය, ඊසාන දිගට සිරියාව, නැගෙනහිරට ජෝර්දානය, නිරිත දිගට ඊජිප්තුව යන දේශ සීමාවන්ගෙන් ඊශ්‍රායලය වට වී තිබේ. ඊශ්‍රායලයේ සාපේක්ෂ කුඩා භූමි ප්‍රදේශයන්හි භූගෝලීය වශයෙන් එකිනෙකට අසමාන වූ අංග ලක්ෂණ දැකගත හැකිය. මෙය ලෝකයේ පිහිටි එකම බලවත් යුදෙව් රාජ්‍ය වන්නේ ය. මිලියන 7.5 ක් වූ ජනගහනයෙන් මිලියන 5.7 ක් ම යුදෙව් ජාතීහු වෙති. ඊශ්‍රායලයේ අරාබි රට වැසියන්ගෙන් දෙවන විශාලතම ජනවාර්ගික කණ්ඩායම සෑදී තිබෙන අතර මුස්ලිම්වරු, ක්‍රිස්තියානි භක්තිකයින්, ඩෲස් (Druze) සහ සාමාරියානුවන් (ආදී සමාරියේ වැසියන් ) මීට ඇතුලත් වෙති. නූතන ඊශ්‍රායල් රාජ්‍යයේ ඵෙතිහාසික හා ආගමික ප්‍රභවයේ මුලාරම්භය වනුයේ බයිබලයේ දැක්වෙන ඊශ්‍රායල් භූමියයි (Biblical Land of Isreal). පුරාතන යුගයේ සිටම යුදෙව් ආගමට කේන්ද්‍ර වූ සංකල්පයක් වන 'ඊශ්රායෙන් භූමිය' 'සියොන්' (Zion) නමින් ද දැක්වේ. යුදෙව් රාජ්‍යයක් බිහිකිරීමේ දේශපාලන ව්‍යාපාරය 19 වැනි සියවසේ අගභාගයේ පටන් හැඩ ගැසෙන්නට විය. යුදෙව් රාජ්‍යයක් ස්ථාපිත කිරීම පිළිබඳ මනාපය රැගත් බ්‍රිතාන්‍යය ප්‍රතිපත්තිය, 1917 'බල්ෆොර් ප්රකාශනයෙන්' (Balfour Decla ration) විධිමත් කරන ලදි. පළමුවන ලෝක යුද්ධයෙන් පසුව පලස්තීනය සහ එතුළ 'යුදෙව් ජාතික නිජබිම ' පිහිටුවීමේ වගකීම, ජාතීන්ගේ සංගමය (League of Nations) විසින් මහා බ්‍රිතාන්‍ය වෙත පවරනු ලැබීය.
යුදෙව් රාජ්‍යයක් හා අරාබි රාජ්‍යයක් බිහි කිරීම සහ ජෙරුසලම එක්සත් ජාතීන්ගේ පාලනයට නතු කිරීම යන කර්තව්‍යයන් තුන සඳහා පලස්තීනයේ කොටස් වෙන් කිරීමට පක්ෂව 1947 නොවැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ වරම ලැබිණි. ප්රස්තුත කොටස් කිරීම යුදෙව් ජන නායකයින් පිළිගනු ලැබුවද, අරාබි නායකයෝ එය ප්‍රතික්ෂේප කළහ. මෙය සිවිල් යුද්ධයකට මග පාදන්නක් විය. 1948 මැයි 14 වන දින ඊශ්‍රායෙල් ස්වකීය නිදහස් රාජ්‍ය ප්‍රකාශයට පත් කළේය. පසුදිනම අරාබි රාජ්‍යයන් එක්ව පහර දුන්හ. එතැන් පටන් ඊශ්‍රායලය අසල්වැසි අරාබි රාජ්‍යයන් සමඟ අනුක්‍රමික යුද ගණනාවක පැටලී සිටී. මෙහි ප්‍රතිඵලයක් ලෙස, විවිධ පෙදෙස් ඊශ්‍රායලය විසින් බලෙන් අල්ලා ගෙන ඇත. බටහිර ඉවුර හා ගාසා තීරය එවන් ප්‍රදේශ දෙකකි. මේ තත්ත්වය 1949 'ආමිස්ටයිස්' ගිවිසුමේ සවිස්තරව සඳහන් කර ඇති වගන්ති අභිබවා ඇති නමුදු පලස්තීනය සමඟ ඇති ආරවුල සමථයකට පත් කර ගැනීමේ උත්සාහය මෙතෙක් ලබා ඇත්තේ සීමිත සාර්ථකත්වයකි. ඊශ්‍රායලයේ සමහර ජාත්‍යන්තර දේශසීමා පිළිබඳ මතභේද තවමත් අවසන්ව නැත. (තව දුරටත්...) -
Image 13

සෞදි අරාබිය, සවුදි අරාබියාව, නිල වශයෙන් සවුදි අරාබි රාජධානිය යනු මැද පෙරදිග පිහිටි විශාලතම රටයි. එහි මායිම් වන්නේ උතුරින් හා ඊසාන දිගින් ජෝර්දානය හා ඉරානය නැගෙනහිරින් කුවේට්, කටාර්, බහරේන් හා එක්සත් අරාබි එමිරේට්ස්, ගිණිකොණ දිගින් ඕමාන් හා දකුණෙන් යේමනය වේ. පර්සියානු අගාධය ඊසානයට හා බටහිරට රතු මුහුද වේ. ජනගහනය මිලියන 28 වන අතර එය වර්ග කි. මී. 21 49 690 (වර්ග සැතපුම් 830 000) විශාලය. ඉස්ලාමය තුල ඇති පුජනීයම ස්ථානයක් වන මෙඩීනා හා මක්කම මෙහි ඇති බැවින් මෙය පුජනීය දේවස්ථාන 2 ඇති නගරය වශයෙන් ද හදුන්වයි. වර්තමාන රාජධානිය සොයා ගනු ලැබුවේ, අබ්දුල් අසීස් බින් සවුද් විසිනි. 1902 ඔහුෙග් වෑයම නැරඹුන අතර අල් සවුද් පුරාතන නිවහන වන රියාද් සහ 1932 එය පිලිගැනුනු අතර හා ප්‍රත්‍යාගණනය කරනු ලැබු අතර එය සවුදි අරාබිය තුල උච්චාවචනයට ලක් විය. එහි ජාතික මුලාරම්භයක් 1744 පලමු සවුදි රාජ්‍ය ස්ථාපනය දක්වා දිව යයි. සවුදි ආර්ථිකයේ ප්‍රධානතම අපනයනය වන්නේ පෙට්ට්‍රෝලියම්ය. අපනයනයෙන් 90% හා 75% ක් රාජ්‍ය ආදායම සුභසාධන රාජ්‍යයන් ගොඩ නැගීමට ඉවහල් වි ඇත.
නිළ වශයෙන් සවුදි අරාබි රාජධානිය මැද පෙරදිග පිහිටි විශාලතම රටයි. එහි මායිම් වන්නේ උතුරින් හා ඊසානෙන් ජෝර්දානය හා ඉරානය, නැගෙනහිරින් කුවේට්, කටාර්, බහරේන් හා එක්සත් අරාබි එමිරේට්, ගිණිකොණින් ඕමාන් හා දකුණෙන් යේමනය වේ. පර්සියානු අගාධය ඊසානයට හා බටහිරට රතු මුහුද වේ. ජනගහනය මිලියන 28 වන අතර එය වර්ග කි.මී. 21,49,690 (වර්ග සැතපුම් 830,000) විශාලය. ඉස්ලාමීය තුල ඇති පුජනීයම ස්ථානයක් වන මදීනා හා මක්කම මෙහි ඇති බැවින් මෙය පුජනීය දේවස්ථාන දෙකක් ඇති නගරය වශයෙන් ද හඳුන්වයි. වර්තමාන රාජධානිය සොයා ගනු ලැබුවේ, අබ්දුල් අසීස් බින් සවුද් විසිනි. 1902 දී අල් සවුද් පුරාතන නිවහන වන රියාද් සොයා ගැනීමත් සමඟම ඔහුගේ වෑයම ඇරඹුනි. එය 1932 දී පිළිගැනීම හා ප්රකාශනය කරනු ලැබු අතර එය සවුදි අරාබිය තුල උච්චාවචනයට ලක් විය. එහි ජාතික මුලාරම්භයක් 1744 පළමු සවුදි රාජ්‍ය ස්ථාපනය දක්වා දිව යයි. සවුදි ආර්ථිකයේ ප්‍රධානතම අපනයනය වන්නේ ඛනිජ තෙල්(පෙට්ට්‍රෝලියම්)ය. අපනයනයෙන් 90% හා 75% ක් රාජ්‍ය ආදායම සුභසාධන රාජ්‍යයන් ගොඩනැගීමට ඉවහල් වි ඇත. (තව දුරටත්...) -
Image 14

නිල වශයෙන් ඉන්දුනීසියා ජනරජය ලෙසද හැඳින්වෙන ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ ගිනිකොණ දිග ආසියාව හා ඕෂේනියාවේ (පැසිපික් සාගරය අවට කලාපය ) ය. ඉන්දුනීසියාවට අයත් දූපත් සංඛ්‍යාව 17508 ක් වෙයි. මිලියන 230 ක ජනගහනයක් වෙසෙන ඉන්දුනීසියාව ලෝකයේ හතරවැනි අධික ජනගහනයක් වෙසෙන රට වේ. එසේම විශාලතම සංඛ්‍යාවක් මුස්ලිම් ජනතාවක් වෙසෙන්නේ ද මෙරටෙහිය. ඡන්දයෙන් තෝරාපත් කරගනු ලබන ව්‍යවස්ථාදායකයක් සහ ජනාධිපතිවරයෙක් ද සිටින ඉන්දුනීසියාව, සමුහාණ්ඩුවක් වේ. ජාතික අගනගරය වනුයේ ජකර්තා නුවරයි. මෙම රට පැපුවා නිව් ගිනියා, නැගෙනහිර තිමෝරය හා මැලේසියාව සමඟින් ස්වකීය දේශ සීමාවන් හවුලේ පරිහරණය කරයි. අවශේෂ අසල්වැසි රටවල් අතරට සිංගප්පූරුව, පිලිපීනය, ඕස්ට්‍රේලියාව, අන්දමන් හා නිකෝබාර් දූපත් හි ඉන්දියානු පාලන ප්‍රදේශද අයත් වේ.
යටත් පිරිසෙයින් දාහත්වන සියවසේ සිට ඉන්දුනීසියානු දූපත් සමූහය වැදගත් වෙළඳ කලාපයක් බවට පත්ව තිබුණේය. මුලින් ශ්‍රී විජය ද, අනතුරුව 'මාජපහිත්‍රාඩඩ්' (Majapahittraded) ද, චීනය සහ ඉන්දියාව සමඟ ද වෙළඳ සබඳතා පැවැත්වුහ. මුල් ශතවර්ෂයන්හි සිට දේශීය පාලකයෝ, සංස්කෘතික, ආගමික හා දේශපාලනික කේෂ්ත්රයන්හිලා ඉන්දියානු ආදර්ශක හා අකෘතීන් තෝරා ගත්හ. එහෙයින් එංගලන්ත සභාවට අයත් (church of England) හා හින්දු සහ බෞද්ධ රාජධානි සශ්‍රීක විය. ඉන්දුනීසියාවේ ස්වාභාවික සම්පත් වෙත ඇදී ආ විදේශ බලවතුන්ගේ ආභාශය නිසා ඉන්දුනීසියානු ඉතිහාසයට බලපෑමක් ඇතිවිය. මුස්ලිම් වෙළෙන්දෝ ඉස්ලාම් ධර්මය රැගෙන ආහ. දේශ ගවේෂණ සමයෙහි දී 'සයිප්‍රස්' දූපත් හි ද, මලුකුහි ද (Maluku) වෙළඳ ඒකාධිකාරය පවත්වාගෙන යනු පිණිස යුරෝපීය බලවත්තු එකිනෙකා සමඟ දබර කර ගත්හ. සියවස් තුනහමාරක ඕලන්ද යටත් විජිත වාදයෙන් ඉක්බිති, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඉන්දුනීසියාව ස්වකීය රටට නිදහස ලබා ගැනීමට සමත් විය. ස්වාභාවික ව්‍යසන, දූෂණ, බෙදුම් වාදය, ප්රජාතන්ත්රිකරණ ක්‍රියාවලිය, ඉක්මන් ආර්ථික වෙනස්කම් සිදුකළ කාල පරිච්ඡේදයන්, යනාදිය වෙතින් පැන නැංගා වූ අභියෝග හේතු කොට ගෙන, ඉන්දුනීසියාව නිදහසින් පසු අවුල් සහගත තත්ත්වයකට බඳුන් වුයේය. (තව දුරටත්...) -
Image 15

උතුරු කොරියාව, හෙවත් නිල වශයෙන් හඳුන්වන පරිදී ප්රජාතන්ත්රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව (DPRK) නැගෙනහිර ආසියාවේ පිහිටි කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටසේ පිහිටි රටකි. මෙය ට උතුරින් චීනයත් රුසියාවත් අම්නොක් ගඟින් (චීන බසින් 'යාලු' ගඟ) හා ටුමෙන් ගඟින් වෙන් වන අතර දකුණින් දකුණු කොරියාව අධි ආරක්ෂිත කොරියානු යුධ මුක්ත කලාපයෙන් වෙන් වේ. උතුරු කොරියාව, දකුණු කොරියාව ආකාරයෙන්ම මුළු අර්ධද්වීපයේත් ආසන්න දූපත්වලත් පාලනය හිමි රජය බවට හඳුන්වාගනී. මෙහි අගනුවර හා විශාලතම නගරය වන්නේ පියොංයෑන් නගරය යි.
1910 දී ජපාන අධිරාජ්‍ය විසින් කොරියාව යටත් කරගන්නා ලදී. දෙවන ලෝක යුද්ධය අවසානයේ ජපානය යටත් වීමත් සමඟ කොරියාව කොටස් දෙකකට බෙදා උතුරු කොටස සෝවියට් සමූහාණ්ඩුව යටතේත්, දකුණු කොටස ඇමෙරිකානු එක්සත් ජනපදය යටතේත් පාලනය කෙරිණ. නැවත එක් කිරීමට තිබූ සාකච්ඡා අසාර්ථක වූ අතර 1948දී රජයන් දෙකක් පිහිටුවනු ලැබිණ, එනම්: උතුරේ "ප්රජාතන්ත්රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව" හා දකුණින් ධනවාදී "කොරියානු ජනරජය" පිහිටවනු ලැබීය. උතුරු කොරියාව විසින් ඇරඹි ආක්‍රමණයකින් කොරියානු යුද්ධය (1950-1953) ඇරඹිණ. සටන් විරාම ගිවිසුමකින් යුද්ධය නතර වූවද සාම ගිවිසුමක් අත්සන් නොකෙරුණි. (තව දුරටත්...) -
Image 16

නිල වශයෙන් ඉරාන ඉස්ලාමීය ජනරජය (IRI)[a] ලෙස හැඳින්වෙන සහ පර්සියාව ලෙසින්ද හැඳින්වෙන,[b] , ඉරානය,[c] යනු, බටහිර ආසියාවෙහි රටකි. බටහිරින් ඉරාකයටද, වයඹ දෙසින් තුර්කියට, අසර්බයිජානයට, සහ ආර්මේනියාවටද, උතුරින් කැස්පියන් මුහුදටද, ඊසාන දෙසින් ටර්ක්මෙනිස්තානයටද, නැගෙනහිර දෙසින් ඇෆ්ගනිස්තානයටද, නිරිත දිගින් පකිස්තානයටද, සහ දකුණු දෙසින් ඕමාන් බොක්කට සහ පර්සියානු බොක්කටද එය මායිම්ව ඇත. 1,648,195 km2 (636,372 sq mi) ප්‍රමාණයක භූමිභාගයක් තුල මිලියන 92 කට අධික බහු-වාර්ගික ජනගහනයක් සහිත ඉරානය, භූගෝලීය ප්‍රමාණය අනුව සහ ජනගහනය අනුව යන දෙයාකාරයටම ගෝලීය වශයෙන් 17වන අනුස්ථිතිය හිමි කර ගනියි. එය සමස්ත ආසියාවෙහි හයවන-විශාලතම රට මෙන්ම ලෝකයෙහි වඩාත් කඳු සහිත රටවල් අතරින් එකකි. නිල වශයෙන් ඉස්ලාමීය ජනරජයක් වන ඉරානය, ප්‍රදේශ පහකට සහ පළාත් 31 කට බෙදා ඇත. ටෙහෙරාන් අගනුවර වේ. එහි තෙල් සංචිත වන පෙට්‍රොලියම් සහ ස්වභාවික වායු ලෝක ආර්ථිකයේ විශේෂ බලශක්ති ආරක්ෂණය සහ ලෝක ආර්ථිකයේ විශේෂ තැනක් ගනී. මෙහි පළමුවන රාජධානිය වන එලමයිට් පිහිටුවනු ලැබුවේ ක්‍රි.පූ. 2800 හිය. ඉරානයෙන් මේඩීස් බි.සි.ඊ. 625 න් ඉරානය රාජ්‍යයක් කරන ලදී. පර්ෂියානු වේ පිබිදීමත් සමඟ සාහිත්‍ය දර්ශන විද්‍යාව,ඖෂධ තාරකා විද්‍යාව, ගණිතය සහ සෞන්දර්ය මුස්ලිම් ජනාවාස වල මුලික පද්ධති විය. 1501 දී සෆවිසි රාජ්‍යය පාලනයෙන් නිදහස ලැබීය.1906 දී පර්සියානු ව්‍යවස්ථාදායක විප්ලවීය විසින් රටේ පළමු පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක රාජ තන්ත්රයක් ඇතිව නිර්මාණය කළහ. 1976 අප්‍රේල් 01 ඉරාන් විප්ලවයෙන් පසු නිල වශයෙන් එය ඉස්ලාමීය සමූහාණ්ඩුවක් විය. ඉරානය UN, NAM,OIC,OPAC සංවිධාන වල නිර්මාතෘ සාමාජිකයකි. ඉරාන දේශපාලන පද්ධතිය 1979 ව්‍යවස්ථාව මත පවතී. (තව දුරටත්...) -
Image 17

ඊජිප්තුව ( අරාබි: مصر ), නිල වශයෙන් ඊජිප්තු අරාබි ජනරජය, යනු අප්‍රිකාවේ ඊසානදිග කෙළවරේ සහ ආසියාවේ නිරිතදිග කෙළවරේ සිනායි අර්ධද්වීපයේ විහිදී ඇති මහාද්වීපික රටකි. එය උතුරින් මධ්‍යධරණී මුහුද, ඊසාන දෙසින් පලස්තීනය සහ ඊශ්‍රායලයේ ගාසා තීරය, නැගෙනහිරින් රතු මුහුද, දකුණින් සුඩානය සහ බටහිරින් ලිබියාව මායිම් වේ. ඊසාන දෙසින් පිහිටි අකාබා බොක්ක ජෝර්දානය සහ සෞදි අරාබිය ඊජිප්තුව වෙන් කරයි. කයිරෝ ඊජිප්තුවේ අගනුවර සහ විශාලතම නගරය වන අතර දෙවන විශාලතම නගරය වන ඇලෙක්සැන්ඩ්‍රියාව මධ්‍යධරණී වෙරළ තීරයේ වැදගත් කාර්මික සහ සංචාරක කේන්ද්‍රස්ථානයකි. ආසන්න වශයෙන් මිලියන 100 ක ජනගහනයක් සිටින ඊජිප්තුව ලෝකයේ 14 වැනි වැඩිම ජනගහන රට වන අතර අප්‍රිකාවේ තුන්වන වැඩිම ජනගහණයෙන් යුත් රට වන්නේ නයිජීරියාවට සහ ඉතියෝපියාවට පසුවය.
ඊජිප්තුවට ඕනෑම රටකට වඩා දීර්ඝතම ඉතිහාසයක් ඇති අතර, නයිල් ඩෙල්ටාව දිගේ එහි උරුමය ක්‍රි.පූ. ශිෂ්ටාචාරයේ තොටිල්ලක් ලෙස සැලකෙන පුරාණ ඊජිප්තුව ලේඛන, කෘෂිකර්මාන්තය, නාගරීකරණය, සංවිධානාත්මක ආගම සහ මධ්‍යම ආන්ඩුව යන මුල්ම වර්ධනයන් කිහිපයක් පැවතියේය. ඊජිප්තුවේ දිගු හා පොහොසත් සංස්කෘතික උරුමය එහි ජාතික අනන්‍යතාවයේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර, එය මධ්‍යධරණී, මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව යන එහි අනන්‍ය මහාද්වීපික පිහිටීම පිළිබිඹු කරයි. ඊජිප්තුව ක්‍රිස්තියානි ධර්මයේ මුල් හා වැදගත් මධ්‍යස්ථානයක් වූ නමුත් හත්වන සියවසේදී බොහෝ දුරට ඉස්ලාමීයකරණය විය. නූතන ඊජිප්තුව 1922 දක්වා දිව යයි, එය රාජාණ්ඩුවක් ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගන්නා විට තිබුනි. 1952 විප්ලවයෙන් පසු ඊජිප්තුව ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර 1958 දී එය සිරියාව සමඟ ඒකාබද්ධ වී එක්සත් අරාබි ජනරජය පිහිටුවා ගත් අතර එය 1961 දී විසුරුවා හරින ලදී. 20 වන ශතවර්ෂයේ දෙවන භාගය පුරාම ඊජිප්තුව සමාජ හා ආගමික ආරවුල් සහ දේශපාලන අස්ථාවරත්වය විඳදරාගත් අතර, 1948, 1956, 1967 සහ 1973 දී ඊශ්‍රායලය සමඟ සන්නද්ධ ගැටුම් කිහිපයකට එරෙහිව සටන් කළ අතර 1967 දක්වා ගාසා තීරය කඩින් කඩ අල්ලා ගත්තේය. 1978 දී ඊජිප්තුව ගාසා තීරයෙන් නිල වශයෙන් ඉවත් වී ඊශ්‍රායලය පිළිගනිමින් කෑම්ප් ඩේවිඩ් ගිවිසුම් අත්සන් කළේය. 2011 ඊජිප්තු විප්ලවයට සහ හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමට තුඩු දුන් අරාබි වසන්තයෙන් පසුව, රට දිගුකාලීන දේශපාලන නොසන්සුන්තාවයකට මුහුණ දුන්නේය. (තව දුරටත්...) -
Image 18

බංග්ලාදේශය දකුණු ආසියාතික රටකි. ගිනිකොණ දෙසින් ඇති ඉතා කුඩා මියන්මාර මායිම ද, දකුණෙන් පිහිටි බෙංගාල බොක්ක ද හැරුණු විට මුළු රටම ඉන්දියාවෙන් වට වී පවතියි. ඉන්දියාවට අයිති බටහිර බෙංගාල ප්‍රාන්තය ද බංග්ලාදේශය ද සහිත ප්‍රදේශයට බෙංගාලය යැයි කියනු ලැබෙයි. මෙහි නිල භාෂාව වන බෙංගාලි බසෙන් 'බංග්ලාදේශය' යන්න 'බෙංගාල රාජ්‍යය' යන අර්ථය ලබාදෙයි.
වත්මන් බංග්ලාදේශ දේශසීමා ලකුණු වූයේ 1947 දී සිදුවුණු බෙංගාල සහ ඉන්දියානු බෙදා වෙන්කිරීම් වලදීය. මෙහිදී පාකිස්ථානය නමින් රාජ්‍යයක් ඇතිවුණු අතර එයට අයත් නැගෙනහිර පාකිස්ථාන ප්‍රදේශය වත්මන් බංග්ලාදේශය වෙයි. කෙසේ වෙතත් පසුව ඇතිවූ දේශපාලනමය සහ භාෂාමය භේද නිසාත් ආර්ථික වශයෙන් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසාත් 1971 දී බංග්ලාදේශ නිදහස් සටන මගින් බංග්ලාදේශය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන ලදී. නිදහස ලැබීමෙන් පසු දුර්භික්ෂ, ස්වභාවික විපත් සහ දුගී බව මෙන්ම දේශපාලන ගැටුම් සහ හමුදා කුමන්ත්‍රණ ද බංග්ලාදේශයේ සුලභ දසුනක් විය. 1991 දී ප්රජාතන්ත්රවාදය නැවත ස්ථාපිත කිරීමෙන් පසු වාතාවරණය සන්සුන් වූ අතර ක්රමික ආර්ථික දියුණුවක් ඇතිවිය. අද බංග්ලාදේශය ආගමික දේශපාලන පක්ෂ තහනම් කර ඇති ප්රජාතන්ත්රවාදී, අනාගාමික (secular), ඒකීය, ව්‍යවස්ථානුකූල ජනරජයක් වෙයි. (තව දුරටත්...) -
Image 19

රුසියානු සමූහාණ්ඩුව උතුරු ආසියාවේ පිහිටි රටකි. එය අර්ධ ජනාධිපති සමූහාණ්ඩුවක් වන අතර විෂයන් 83 ක් ඇතුළත්ය. රටේ මායිම් වයඹේ සිට ගිනිකොණ දක්වා නෝර්වේ, ෆින්ලන්තය, එස්තෝනියා, ලැට්වියා, ලිතුවේනියා, පෝලන්තය, බෙලාරුස්, යුක්රේනය, ජෝර්ජියා, අසබර්ජාන්, කසකස්තාන්, චීනය, මොන්ගෝලියාව සහ උතුරු කොරියාවට මායිම් වේ. එහි වරාය මායිම ජපානය, ඇමරිකාව සහ බෙරීන් බොක්ක දක්වා ඇත. 17,075, 400km2 වර්ග සැතපුම් 6,592, 800 වේ. මෙය ලෝකයේ විශාලම රට වන අතර පෘථිවියේ බිමි ප්‍රමාණයෙන් 9% ක් ආවරණය කරයි. එහි ජනගහනය මිලියන 142 ක් වන අතර ලෝකයේ ජනාකීර්ණම රටවල් අතරින් 9 වන ස්ථානයට පත්ව ඇත. එය මුළු ආසියාව පුරාම හා යුරෝපයෙන් 40% ක් හා කලාප 09 කට අයිතිය. එහි ලෝකයේ විශාලතම ඛණිජ හා බලශක්ති සංචිතයන් වේ.එහි ලොව විශාලතම වනාන්තර සංචිතය ඇති අතර ලෝකයේ පිරිසිදු ජලයෙන් 1/3 ක් මෙහි අඩංගුවේ. මෙහි ඉතිහාසය ශත වර්ෂ 3 ක් 8 ත් අතර නැගෙනහිර ස්ලේවිස් වරුන්ගේ පැවත එයි. කේමන් රෝස් රාජ්‍යයේ ප්‍රබලම අනුප්‍රාප්තිකයා වන්නේ මොස්කව් ය. 18 වන ශත වර්ෂයේ දී මෙම රාජ්‍ය අත්කර ගැනීම් බද්ධ කිරිම් හා ගවේෂණය කිරිම් මඟින් රුසියානු රාජ්‍යය බිහිවිය. මෙය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය වේ. සෝවියට් සංගමය ලොව ප්‍රථම ව්‍යවස්ථාදායික සමාජවාදී රජයයි. 1991 සෝවියට් සංගමය අහෝසි වී සෝවියට් සමූහාණ්ඩුව බිහි විය. මෙහි ලොව 11 වන විශාලතම දළ ජාතික නිෂ්පාදිත (GDP) සාමාන්‍ය මත ආර්ථිකයක් පවතී. මෙහි ලොව 05 වන විශාලතම හමුදා අයවැය පවතී. මෙය පිළිගත් න්‍යෂ්ටික ආයුධ රාජ්‍යයක් හා විනාශකාරී ආයුධ ගබඩාවක් ඇති විශාලම රටයි. රුසියාව එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල G8, G20 යුරෝපානු සංගමය, ආසියානු පැසිපික් ආර්ථික සහයෝගීතාවය, ෂැංහයි සහයෝගීතා සංගමය, යුරේෂයන් ආර්ථික සංගමය, OSCE සහ පොදු රාජ්‍ය නිදහස් රාජ්‍යයේ සාමාජිකයෙකි. මෙහි කලාවට හා විද්‍යාවට විශිෂ්ට සම්ප්රදායක් ඇති අතර තාක්ෂණික විද්‍යාව පිළිබඳව දැඩි සම්ප්රදායක් ඇත. පළමු මානව අභ්‍යාවකාශ ගමනට රුසියාව මුලික විය. (තව දුරටත්...) -
Image 20
මෙම පිටුව රට පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, ලංකාව බලන්න.ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලන සමයේ දී සිලෝන් ලෙස හැඳින්වු අතර වර්තමානයේ නිල වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හදුන්වයි. ශ්‍රී ලංකාව සෙරන්ඩිබ්, සිලොන්, දීප්තිමත් දිවයින, ධර්ම දිවයින, ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින්ද හදුන්වයි. විවිධ නම් ගණනාවකින් පුරාණයේ හැඳින්වූ මෙම දූපත "නම් දහසක් ඇති දූපත" ලෙස ප්‍රචලිත ද විය. මෙය දකුණු ආසියානු දූපතකි. එය ඉන්දියානු සාගරයේ, බෙංගාල බොක්කෙහි නිරිත දෙසින් සහ අරාබි මුහුදේ ගිනිකොන දෙසින් පිහිටා ඇත; එය ඉන්දියානු උප මහද්වීපය මන්නාරම් බොක්ක සහ පෝක් සමුද්‍ර සන්ධිය මගින් වෙන් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ පිහිටීම ප්‍රධාන මුහුදු මාර්ගවල පිහිටීම හේතුවෙන් බටහිර ආසියාව සහ අග්නිදිග ආසියාව අතර උපායමාර්ගික නාවික සම්බන්ධකයක් ලෙස එය පුරාණ කාලයේ සිටම භාවිතය ගැණුනි. ඉන්දියානු ජනරජය සහ ශ්‍රී ලංකා ජනරජය 1976 මාර්තු 23 වන දින මනාර් බොක්ක සහ බෙංගාල බොක්කෙහි සමුද්‍ර මායිම් ස්ථාපිත කරමින් ගිවිසුමක් අත්සන් කරන ලදී. ශ්‍රී ලංකාවට ආසන්න ම රටවල් ලෙස ඉන්දියාව සහ මාලදිවයින හැදින්විය හැකි ය.
ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කි.මී 65,610 (වර්ග සැතපුම් 25,330) වේ. එය ලොව 123 වැනි විශාලතම රට වන අතර විශාලතම දූපත් අතරින් 25 වන ස්ථානයෙ සිටියි. එහි භූමි ප්‍රදේශය පළාත් නවයකට සහ දිස්ත්‍රික්ක විසිහතරකට වෙන් කර ඇත. රට පළාත් 9 කින්, දිස්ත්‍රික්ක 25 හා ප්‍රදේශිය ලේකම් කොට්ටාශය 331 හා ග්‍රාම නිලධාරි කොට්ටාශ 14,022 කින් සමන්විත වේ. අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ වන අතර විශාලතම නගරය කොළඹ වේ. කොළඹ ජාතියේ ආර්ථික, දේශපාලන කේන්ද්‍රස්ථානයයි. (තව දුරටත්...) -
Image 21

කොඩිය
බෲනායි නිල වශයෙන් බෲනායි දරුසලාමි හෝ බෲනායි රාජ්‍ය නමින් හැඳින්වේ. සාමයේ මුලස්ථානය (මැලේ, නෙගාරා බෲනායි දරුසලාම්, ජාවී)වන බෲනායි රාජ්‍යය දකුණු ගිණිකොන ආසියාවේ බෝනියෝහි උතුරු වෙරල තීරයෙහි පිහිටා ඇත. දකුණු චීනයේ වෙරළ තීරය හැරුණුකොට, එය සම්පූර්ණයෙන්ම මැලේසියාවේ සාරවත් රාජ්‍යයන්ගෙන් වට වී ඇත. තවද එය කොටස් දෙකකට වෙන් වී ඇත. එය ලිම්බාත් වලින් වෙන් වී ඇත. බෲනායි හි ඉහළම මානව වර්ධන ලැයිස්තුව පිහිටා ඇති රටක් වන අතර, එය දකුණු ගිනිකොණ රාජ්‍යයන් අතර වේ. සිංගප්පූරුව සංවර්ධිත රටක් ලෙස ලැයිස්තු ගත කර ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව (IMF), බෲනායි දල ගෘහස්ථ නිෂ්පාදිත මිලදී ගැනීම් අනුව ලෝකයේ හතරවන ස්ථානයේ සිටී.
(තව දුරටත්...) -
Image 22

මාලදිවයින (ඉංග්‍රීසි - Maldives) (දිවෙහි - ދިވެހިރާއްޖެ දිවෙහි රාජ්ජේ), නිල වශයෙන් මාලදිවයින් ජනරජය (ඉංග්‍රීසි - Republic of Maldives) (දිවෙහි - ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ දිවෙහි රාජ්ජේ ජමහාරියා) ඉන්දියානු සාගරයේ ඇති දූපත් රාශියකින් සැදුනු කුඩා රාජ්‍යකි. එය දූපත් පොකුරු 26 කින් සමන්විත වන අතර, ලක්ෂද්වීප් දූපත් වලට නුදුරින් මිනිකොයි දූපත් සහ චාගොස් කොදෙව්ව අතරින්, ලක්ක්දිව් මුහුදේ, ඉන්දියාවට කිලෝ මීටර 400 නිරිත දිගින් සහ ශ්‍රී ලංකාවට කිලෝ මීටර 700ක් නිරිත දිගින් පිහිටා ඇත.
දහසය වන සියවසේ සිට පෘතුගීසි, ඕලන්ද සහ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ අවධානයට ලක් වූ මාලදිවයින, බ්‍රිතාන්‍ය යටතේ කටයුතු කල සුල්තාන් වරයෙකුගේ පාලන ක්‍රමයකින් මිදී 1965 දී පූර්ණ නිදහස ලබා ජනරජයක් බවට පත් විය. (තව දුරටත්...) -
Image 23

ලෙබනන් සමුහාණ්ඩුව නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ බටහිර ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් සිරියාවටත්, දකුණින් ඊශ්‍රායලයටත්ය. ලෙබනනයේ මධ්‍යධරණියේ හා අරාබියේ පිහිටීම මත එයට පොහොසත් ඉතිහාසයක්, සංස්කෘතිමය අනන්‍යතාවයක්, ආගමික හා මානව විවිධත්වයක් ලැබී ඇත. එහි ඉතිහාසයට අනුව මීට වසර 7000 ට පෙර මානව ශිෂ්ඨාචාරයක් පැවතුණි. එය අවුරුදු 2500 ක සිට ෆිනිෂියන්වරුන්ගේ කාලයේ සිට පැවැත එන්නකි. 2 වන ලෝක යුද්ධයෙන් පසු ඔටොමන් අධිරාජ්‍යයේ කඩා වැටිමත් සමඟ එහි තිබු ප්‍රදේශ 5 ක් නිල වශයෙන් ප්‍රංශය යටතට ගන්නා ලදි. ප්‍රංශය විසින් ලෙබනනයේ මායිම් වන මවුන්ට් ප්‍රදේශය පුළුල් කරන ලදි. එහි මැරොනයිට් කතෝලිකයන් සහ වැඩි වශයෙන් මුස්ලිම්වරුන් පදිංචි කරන ලදි.1943 දි මෙම රට නිදහස ලැබු අතර ඔවුන් පාපොච්චාරණ ප්‍රතිපත්ති ප්‍රකාශය යනුවෙන් දේශපාලන පද්ධතියක් නිර්මාණය කළ අතර, එය ආගමික සංවිධාන මත බලය බෙදීමේ ක්‍රියාවලියකි. 1975 – 1990 පැවැති සිවිල් යුද්ධයට පෙර එරටෙහි සාමය හා සෞභාග්‍යය පැවති අතර සංචාරක, කෘෂිකාර්මික හා බැංකු කටයුතු පැවතුණි. එහි තිබු ආර්ථික බලය හා විවිධත්වය හේතුවෙන් එය නැගෙනහිර ස්විස්ටර්ලන්තය වශයෙන් හඳුන්වනු ලැබීය. එය විශාල සංචාරකයින් ඇදගත් අතර අගනුවර වන බීරුට් මැදපෙරදිග පැරිසිය වශයෙන් හඳුන්වනු ලැබීය. 2006 ජූලි 26 වන තෙක් ලෙබනනයේ ස්ථිරත්වයක් පැවති අතර 2006 ඊශ්‍රායලය හා හිස්බුල්ලා අතර යුද්ධයෙන් සිවිල් ජනතාව මරණයට පත් වු අතර එහි සිවිල් පද්ධතියට හානි පැමිණියහ. එහි පැවැති මනා ආර්ථික පාලනය හේතුවෙන් 2007 – 2010 පැවැති ආර්ථික අර්බුදයෙන් එහි බැංකු කටයුතු වලට හානියක් නොවීය. ලෝක ආර්ථික පසුබෑම අභියස ලෙබනනය ආර්ථික වර්ධනය 90% හා එහි ඉතිහාසයේ විශාලතම සංචාරකයන් පිරිසකට සත්කාර කළහ. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ආසියාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
-
Image 1ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත කලා කෞතුකාගාරයේ ඇති 2600–2450 BCE කාලයේ හරප්පන් ශිෂ්ටාචාරයට අයත් බඳුනක් (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
-
Image 2මෙයිජි යුගයේ නාගසාකි දිස්ත්‍රික් කාර්යාලය. (නාගසාකි වෙතින්)
-
Image 3ඉන්දියානු උප මහාද්වීපයේ ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණය (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
-
Image 4නාගසාකි නුවර නකශිමා ගංගාව හරහා ඉදිකර තිබූ ගල් පාලම් කිහිපයක්. 1870 දශකයේදී උචිඩා කුයිචි විසින් ගත් ඡායාරූපයකි. (නාගසාකි වෙතින්)
-
Image 5ඉදිරියේ පිහිටන මහා ස්නානාගාරය ඇතුළු කැණීම් වලින් මතුකරගත් මොහෙන්ජෝදාරෝවේ නටඹුන් (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
-
Image 6නාගසාකියේ සැලැස්ම, 1860 (නාගසාකි වෙතින්)
-
Image 7වෛශාලියේ ඇති අශෝක ස්ථම්භය (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
-
Image 8ලිස්බන් සිට නාගසාකි දක්වා නාවික ගමන් මාර්ගය (නාගසාකි වෙතින්)
-
Image 11හරප්පාවේ ධාන්‍යාගාරය සහ මහා ශාලාවේ දර්ශනයක් (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
-
Image 12ටයිශෝ යුගයේ නාගසාකි නගර කාර්යාලය. (නාගසාකි වෙතින්)
-
Image 13නාගසාකි වෙත පැමිණෙන පෘතුගීසි කැරැක් නෞකාවක චිත්රයකි. මෙය 1571 දී පමණ නිර්මාණය වූ ජපාන නැන්බැන් යුගයට අයත් බ්යෝබු නිර්මාණයකි. (නාගසාකි වෙතින්)
-
Image 15නාගසාකියේ සැලැස්ම, හයිසෙන් පළාත, 1778 (නාගසාකි වෙතින්)
උප ප්‍රවර්ග
උප මාතෘකා
| ස්වාධීන රාජ්‍යයන් |
| ||||||
|---|---|---|---|---|---|---|---|
| සීමිත පිළිගැනීමක් ඇති රාජ්‍යයන් | |||||||
| යටත් ප්‍රදේශ සහ විශේෂ පාලන ප්‍රදේශ |
| ||||||
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස්
පුවත්

විකික්වෝට්
කියමන්

විකිසෝර්ක්
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්ෂනරි
අර්ථ දැක්වීම්

විකිඩේටා
දත්ත ගබඩාව

සේවා දායකයේ කෑෂය හිස් කරන්න
උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/> ටැග සොයාගත නොහැකි විය.
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:ආසියාව&oldid=599603" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
























