ජාතීන්ගේ සංගමය
පෙනුම
ජාතීන්ගේ සංගමය (සිංහල) Societé des Nations (ප්‍රංශ) Sociedad de Naciones (ස්පාඤ්ඤ) League of Nations (ඉංග්‍රීසි) | |||||||
|---|---|---|---|---|---|---|---|
| 1919–1946 | |||||||
1939–1941 අර්ධ-නිල ලාංඡනය
| |||||||
ජාතීන්ගේ සංගමය හා ලෝකය විදහා දක්වන 1920–1945 කාල-විරෝධී ලෝක සිතියමක් | |||||||
| තත්ත්වය | ජාත්‍යන්තර සංවිධානය | ||||||
| අගනුවර | ජිනීවා | ||||||
| පොදු භාෂාවන් | ඉංග්‍රීසි, ප්‍රංශ සහ ස්පාඤ්ඤ | ||||||
| මහා-ලේකම් | |||||||
• 1920–1933 | ශ්‍රීමත් ජේම්ස් එරික් ඩ්‍රමන්ඩ් | ||||||
• 1933–1940 | ජෝසෆ් ඇවෙනෝල් | ||||||
• 1940–1946 | සෝන් ලෙස්ටර් | ||||||
| ඓතිහාසික යුගය | අන්තර්-යුද්ධ කාලසීමාව | ||||||
| 28 ජූනි 1919 | |||||||
• පළමු රැස්වීම | 16 ජනවාරි1920 | ||||||
| 20 අප්‍රේල් 1946 | |||||||
| |||||||
ජාතීන්ගේ සංගමය යනු, ලෝක සාමය පවත්වාගෙන යාමෙහි ප්‍රධාන අරමුණ සහිතව පිහිටවනු ලැබූ පළමුවන ලෝක ව්‍යාප්ත අන්තර් රාජ්‍ය සංවිධානය වෙයි.[1] පළමුවන ලෝක යුද්ධය අවසානයෙහි පැවැත්වුනු පැරිස් සාම සමුළුව විසින් 1920 ජනවාරි 10 දිනදී මෙය ආරම්භ කෙරිණි. ප්‍රධාන සංවිධානය විසින් එහි මෙහෙයුම් 1946 අප්‍රේල් 18 දිනදී අත්හිටවූ අතර, එහි සංරචක බොහෝමයක් දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව අළුතින් පිහිටුවනු ලැබූ එක්සත් ජාතීන් (එජා) වෙත පවරන ලදි. ජාතීන්ගේ සංගමය යනු එක්සත් ජාතීන්ගේ පුරෝගාමී සංවිධානය විය.
සංගමයෙහි ප්‍රාථමික අරමුණු, එහි අපිනාමික ගිවිසුමෙහි සඳහන් කර තිබුණි. සාමුහික ආරක්ෂාව සහ අවිහරනය තුලින් යුද්ධ වැලැක්වීමද සාකච්ඡා සහ සමථනය තුලින් ජාත්‍යන්තර ආරාවුල් බේරුම් කරගැනීමද ඒවා අතර අඩංගු විය.[2]
ජාතීන්ගේ සංගමය පිහිටුවීමේ අරමුණු
[සංස්කරණය]- ජාතීන් අතර ඇතිවන ආරවුල් සාකච්ඡා මඟින් විසඳාගැනීම.
- ආර්ථික සම්බාධක පැනවීම මඟින් ආක්‍රමණ වැළැක්වීමට කටයුතු කිරීම.
- මානව වර්ගයාගේ සාමකාමී පැවැත්ම සඳහා අවශ්‍ය වෙනත් පියවර ගැනීම.
- ජාත්‍යන්තර සහයෝගය සහ අවබෝධය ගොඩනැංවීම.
- කුඩා රාජ්‍යයන්ගේ නිදහස හා ස්වාධීනත්‍වය ආරක්‍ෂා කරගැනීම.
සාමය සඳහා දැරූ ප්‍රයත්න
[සංස්කරණය]- සංගමය පිහිටුවීමෙන් පසු ඉදිරියට වසර 20ක් පමණ කාලයක් යුඬ ඇතිවීම වළක්වා ගැනීම.
- ග්‍රීසිය හා ඉතාලිය අතර ඇතිවූ මතභේද විසඳීමට මැදිහත්වීම.
- ජාතික සංගමයේ භාරකාරත්‍වයට පත්කොට තිබූ යටත්විජිතවල පරිපාලන කටයුතු සාර්ථකව අධීක්‍ෂණය කිරීම.
- ඔස්ට්‍රියාව, හන්ගේරියාව හා ග්‍රීසිය යන රටවලට ආර්ථික ආධාර ලබාදුන් අතර සරණාගතයන් පුනුරුත්ථාපනය කෙරිණි.
- ලෝක යුඬයෙන් පසු පැතිරුණු ලෙඩරෝග මර්දනය හා නීති විරෝධී හා මත්ද්‍රව්‍ය වෙළඳාම මර්දනය කිරීම.
ජාතීන්ගේ සංගමය අසාර්ථකවීමට හේතු
[සංස්කරණය]- මෙම සංගමය නිමැවීමට මුල්වූ ඇමරිකාව පවා මෙහි සමාජිකයෙකු නොවිණි.
- රටවල් 55ක් පමණ මීට අයත්ව තිබුණ ද පළමු ලෝක යුඬයේ වැරදිකරුවූ ජර්මනියට ද රුසියාවට ද සාමාජිකත්‍වය අහිමිවිය.
- සාමාජික රටවල ආක්‍රමණික කටයුතු වැළැකීමට අවශ්‍ය හමුදා ශක්තියක් සංගමය සතු නොවීය.
- ඉතාලිය ඇබිසීනියාව ආක්‍රමය කළ අවස්ථාවේ සංගමය සම්බාධක පැනැවූව ද ඉතාලියට විරුඬව ඇබිසීනියාවට ආධාර කිරීමට සංගමය අපොහොසත් විය.
- ව්‍යවස්ථාව අනුව තීරණ ගැනීමේදී ඒකමතික තීරණයන්ට එළඹීමේදී අපොහොසත් වීම.
- අභ්‍යන්තර ආරක්‍ෂාවට පමණක් ආයුධ පවත්‍වා ගැනීමට රටවලට අවසර දුන්න ද එය ක්‍රියාත්මක කිරීමට අවැසි නිරායුධ කොමිසමක් කිසිදිනෙක පත් නොකෙරුණි.
මේවාත් බලන්න
[සංස්කරණය]- ^ ක්‍රිස්ටියන්, ටොමුස්චැට් (1995). ද යුනයිටඩ් නේෂන්ස් ඇට් ඒජ් ෆිෆ්ටි: අ ලීගල් පර්ස්පෙක්ටිව්. මාටිනස් නිජ්හොෆ් ප්‍රකාශකයෝ. p. 77. ISBN 978-90-411-0145-7.
- ^ "ද කොවිනන්ට් ඔෆ් ද ලීග් ඔෆ් නේෂන්ස්". දි ඇවලෝන් ප්‍රොජෙක්ට්. 26 ජූලි 2011 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 30 අගෝස්තු 2011.