සංස්කෘතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සංස්කෘතිය යන පදය නිර්මාණය වී ඇත්තේ ඉංග්‍රීසියේ යෙදෙන [Culture] නමැති වදනට අනුරුපීවය. මානව චර්යාව එනම් වාචික හා වාචික ‍නොවන නිෂ්පාදන ඇතුළත් ‍‍භෞතික නොවන සංස්කෘතිය අදාළ කරගත් සියල්ල පොදු‍වේ සංස්කෘතිය ලෙස සැලකේ. එහෙත් සංස්කෘතිය යන පදය විවිධ අවස්ථාවල නොයෙකුත් අර්ථ නිරූපණය කරයි. එසේම සාමාන්‍ය ව්‍යවහාරයේ ගත්කළ සංස්කෘතිය යන අර්ථයේ උසස් පහත් බවක් යනුවෙන් සහ ශිෂ්ට අශිෂ්ට යනුවෙන් බෙදීමක් දක්නට ඇත. උදා: ශිෂ්ට සංස්කෘතිය යැයි කී විට එයින් අදහස් වන්නේ ඉහළ පන්ති නි‍යෝජනය කරන සමාජය සම්බන්ධ කර ගත් චර්යාවයි. අශිෂ්ට යයි කී විට ම්ලේච්ඡ සමාජවල සංස්කෘතිය ගැන කියවේ. ඒ කෙසේ සංස්කෘතිය සමාජ සංවර්ධනයේ අනන්‍යතාවය පිළිබිඹු කරන සංකල්පයක් ලෙසද හදුන්වා දීමට පුළුවන. මානව විද්‍යාත්මක අර්ථයෙන් බලන කළ සංස්කෘතිය පිළිබද සංකල්පය සවිස්තරාත්මක ලෙස විග්‍රහ වෙයි. එසේම එමගින් විද්‍යාත්මක පදනමක්ද දැක ගත හැකිය.මානව පැවැත්මේ සෑම ක්‍රියාකාරකමක්ම සංස්කෘතියට සම්බන්ධවේ. එදිනෙදා භාවිතයට ගනු ලබන උපකරණ, අවි අවි ආයුධ,ඇඳුම් පැළඳුම්,සිරිත් විරිත්,විශ්වාස, සංස්ථා,පුදපූජා යනාදී සියල්ලම සංස්කෘතියට අයත්වේ. මෙහිදී ජීවන රටාව මෙහෙයවන ආර්ථික චර්යාව, සමාජ චර්යාව, දේශපාලන හා ආගමික චර්යාව, විනෝද කටයුතු ආදී මේ සියල්ලම සංස්කෘතිය තුළින් විද්‍යමාන වේ. ඇත්තවශයෙන්ම සංස්කෘතිය මිනිසාගේ සමාජ අවශ්‍යතා තෘප්තිමත් කරන ක්‍රියාවලියක් පමණක් නොව පරිසරයේ උචිත ආකාරයෙන් ජීවත් වීමට උගන්වන ක්රිරයාදාමයක් ලෙසද හැදින්විය හැකිය. මනසේ හා ශරීරයේ නිර්මාණයක් ලෙස සංස්කෘතිය මිනිසාටම ආවේණික සංසිද්ධියක් ලෙසද අපට හදුන්වා දීමට පුළුවන.සංස්කෘතිය ගතිකය.එය ගතික ක්‍රියවලියක ප්‍රතිඵලයකි.සංස්කෘතිය නොකඩවා වෙනස්වෙමින් පවති.සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන පරම්පරාගත නිපදවීමකි.සංස්කෘතිය සමාජයට බද්ධය.සමජයෙන් වෙන් කොට අධ්‍යයනය කළ හැකි පද්ධතියක් නොවේ.පුද්ගලයකු සංස්කෘතිය ඉගෙන ගන්නේ සමාජයෙනි.සංස්කෘතිය සමාජ උරුමයකි.සංස්කෘතිය සැම ක්ෂේත්‍රයක් පුරාම ව්හිදුණු පද්ධතියකි.

සංස්කෘතියේ මුලිකාංග[සංස්කරණය කරන්න]

 සංස්කෘතිය යනු ක්‍රියවලියකි.එනම් සංස්කෘතිය තුළ මුලිකාංග කිහිපයක් ඒකාබද්ධ වී පවතී.ඕනෑම සංස්කෘතියක් මුලිකාංග වලින් සමන්විතය.එවැනි මුලිකාංග කිහිපයකි

භෞතික සංස්කෘතිය[සංස්කරණය කරන්න]

සංස්කෘතිය අධයනයේදී මූලික වශයෙන් කොටස් 02 කට බෙදෙයි ඒ භෞතික සංස්කෘතිය හා අභෞතික සංස්කෘතියයි භෞතික සංස්කෘතියට මිනිසා විසින් නිර්මාණය කරන ලද සියළ හෞතික වස්තූන් අදාල වෙයි සංස්කෘතියට අයත් භෞතිකව ග්‍රහනය කරහැකි සියල්ලම මීට අයත්ය අදුම් පැළදුම් යාන වාහන ගේ දොර ගෘහ උපකරණ නොයෙත් වෘත්තීන් සදහා භාවිත කරණ උපකරණ ඇතුලු සියළ භෞතික වස්තු භෞතික සංස්කෘතියට අයත්ය

අභෞතික සංස්කෘතිය[සංස්කරණය කරන්න]

සංස්කෘතිය තුල පවතින සියළ භෞතික නොවන සියල්ල අභෞතික සංස්කෘතියට අයත්ය මෙයට භාෂාව අදහස් ආකල්ප චාරිත්‍ර වාරිත්‍ර ඇදහිලි විශ්වාස ආදී සංස්කෘතිය තුල පවතින භෞතිකව ග්‍රහණය කරගත නොහැකි සියල්ල අභෞතික සංස්කෘතියට අයත්ය අභෞතික සංස්කෘතිය තේරුම් ගැනීමට අදහස් ප්‍රතිමාන සාරධර්ම යන කාරණා පිළිබද අවබෝධය වැදගත්ය

අදහස්[සංස්කරණය කරන්න]

අදහස් යනු අප සිතන දේය සමාජවල ස්වභාවය අනුව අදහස් විවිධ වෙයි උදාහරණ ලෙස ප්‍රථමික සමාජවල ජන කතා ජන ගායනා ජන කවි ප්‍රස්ථා පිරුළ ජනප්‍රවාද ආදී මුඛ පරම්පරාගත අදහස් බහුලය නූතන සංකීර්ණ සමාජවල තාක්ෂණ දියුණුව අධායපනික දියුණුව සමග මිනිසාගේ අදහස් සංකීර්ණ ස්වභාවයක් ගනී එසේම නූතන සමාජයේ අදහස් පතුරුවා හැරීම ඉතා වේගයෙන් සිදුකල හැක සරල ප්‍රාථවික සමාජ වලට වඩා නූතන සංකීර්ණ සමාජයන්හි අදහස් අතර විෂමතාවය ඉතා ඉහලය ඇතමෙකුට චාරිත්‍රයක් වන දෙයත් තවකෙකු මිතයාවක් ලෙස දකී

ප්‍රතිමාන[සංස්කරණය කරන්න]

සමාජයක ජීවත්වන මිනිසුන් විසින් කලයුතු හා සොකල යුතු මොනවාද යන්න ප්‍රතිමාන හෙවත් ධර්මකා මගින් සමාජයට උගන්වයි ධර්මතා සමාජය විසින් පිළිගැනීම මත යුතියට අනුකූලකරණයට ලක්වේ ධර්මතා ආරක්ෂා කිරීමෙන් සිතේ සතුට ප්‍රසංශා තෑගි ලැබෙන අතර ධර්මතා බිදීමෙන් අසහනය දුක අපකීර්තිය හා දඩුවම් ලැබේ ප්‍රතිමාන හෙවත් සර්මතා සෑම සමාජයකම දක්නට ලැබේ ප්‍රතිමාන සංස්කාතියෙන් සංස්කෘතියට වෙනස් වෙයි උදාරණ ලෙස බටහිර සමාජයේ අඩනිරුවත්ව කාන්තාවක් සිටීම වරදක් නොවේ එසේ සිටීම නිසා සමාජයේ මනිසුන්ගේ අපවාදයට හෝ දඩුවමකට යටත් නොවේ එහෙත් මැදපෙරදිග එසේ සිටිය හොත් සමාජ අපවාද පමණක් නොව දඩුවම්ද ලැබේ
ප්‍රතිමාන ප්‍රධාන කොටස් තුනකට බෙදේ ඒවා නම් ජන චර්යා ගණාචාර හා නීතිය

ජන චර්යා[සංස්කරණය කරන්න]

ජන චර්යායනු සුදුසු යැයි සම්මත එහෙත් බලනොකරන ලෝක සම්මත චාරිත්‍රයන්ය ජන චර්යා කඩකිරීම නිසා දඩුවමකට යටත් නොවේ උදාහරණයක් ලෙස සිංහල අළත් අවුරුද්දේ නොනගත වෙලාවේ ආහාර අනුභවය ආහාර පිසීම මෙන්ම සියළ වැඩ අතහැර ආගමික වතාවත් කිරීම ගත හැක එහෙත් එය කඩ කළැයි කියා දඩුවමක් හෝ අපවාදයක් ඇති නොවේ ආහාර ගැනීමට පෙර අත් සේදීම වැසිකිළි භාවිතයෙන් පසු අත සේදීම උදෑසන නැගිට කට සේදීම ආදියද ජන චර්යාවනට උදාහරණ වෙයි සංස්කෘතියෙන් සංස්කෘතියට ජන චර්යා වෙනස් වෙයි බටහිර ජාතීන් කෑමට පෙර අත නොසෝදන අතර හැදි ගෑරුප්පු භාවිතයෙන් ආහාර ගනී ඈත පෙරදිග වාසීන්ද එසේ කුඩා කූරු විශේෂයකින් ආහාර ගනී

ගණාචාර[සංස්කරණය කරන්න]

ජනචර්යා වලට වඩා බලවත් ෙලස ගණාචාර දක්වයි ගණාචාර බිදීමෙන් දඩුවමක් නොලැබුනද අවවාද දීම් බැනවැදීම් රවා බැලීම් ඔපාදූප කටකතා පැතිරීම් ආදිය සිදුවේ ඇතැම් විට ගණචර්යා හා ගණාචාර නිශ්චිතව හදුනාගත නොහැක ගණාචාරයකට උදාහරණයක් ලෙස සභාවක් මැද අවිනීතව හැසිරීම එහිදී සමාජයෙන් ඔහුට අනුම බැනුම් අවලාද අසන්නට සිදුවේ

නීතිය[සංස්කරණය කරන්න]

නීති කැඩීම නිසා ඍජුවම දඩුවම් වලට ශාජනය වීම සිදුවේ ගණාචාර ජනාචාර හා නීති සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙයි කෙසේ වෙතත් නීති නම් බොහෝ සංස්කෘතීන්වල වෙනසක් පැහැදිලිව නොපෙනේ උදාහරණ ලෙස මිනීමැරුම් සොරකම් ස්ත්‍රී දූශන සෑම සමාජයකම පාහේ නීති ලෙස ක්‍රීයාත්මක වෙයි

මහා සංස්කෘතිය[සංස්කරණය කරන්න]

මහා සංස්කෘතිය යනුවෙන් හදුන්වනු ලබන්නේ යම් භුගෝල සීමාවක් තුල සිටින සිටින විවිධ ජනකණ්ඩායම් ගෙන් සමන්විත පුලුල් සමාජයකි උදාහරණ ලෙස ශ්‍රී ලංකීය සංස්කෘතිය දැක්විය හැකිය මහා සංස්කෘතිය තුල විවිධ භාෂා කතා කරන විවිධ ආගම් අදහන විවිධ කුලයන්ට අයත් විවිධ ජන කණ්ඩායම් එකම පොදු සංස්කෘතියක් අනුගමනය කරමින් එකට ජිවත් වෙයි මහා සංස්කෘතිය ජාතික සංස්කෘතිය යනුවෙන්ද හදුන්වයි

උප සංස්කෘතිය[සංස්කරණය කරන්න]

උප සංස්කෘතිය යනු මහා සමාජයට අයත් එත් ඔවුනට ආවේණික සංස්කෘතියක් ගොඩනගාගත් ජන සමූහයකටයි මෙ කුලකයක් තුල පවතින උපකුලකයට සමානය උප සංස්කෘතිය යනු මහා සංස්කෘතිය් කුඩා අංගයක් බව ඩන්කන් මිචෙල් දක්වයි උප සංස්කෘතියක් තුල මහා සංස්කෘතියට අයත් උපාංග වලට අමතරව ඔවුනට ආවේණික උපාංග පවතී උප සංස්කෘතීන් එහි සැලැස්ම මත කොටස් කිහිපයකට බෙදා දැක්විය හැක

  1. ප්‍රාදේශිය උපසංස්කෘතිය
  2. ජනවාර්ගික උපසංස්කෘතිය
  3. ග්‍රාමීය උපසංස්කෘතිය
  4. නාගරික උපසංස්කෘතිය
  5. වෘත්තීමය උපසංස්කෘතිය
  6. ආගමික උපසංස්කෘතිය

සංස්කෘතික ලැග්ම[සංස්කරණය කරන්න]

සංස්කෘතික ලැග්ම යනුවෙන් අදහස් කරන්නේ භෞතික සංස්කෘතිය හා අභෞතික සංස්කෘතිය වෙනස් වීමේ වේගය අසමබරවීමයි එනම් භෞතික සංස්කෘතිය වෙනස් වන වේගයට සාපේක්ෂව අභෞතික සංස්කෘතිය වෙනස් නොවීමයි

සංස්කෘතික විසරණය[සංස්කරණය කරන්න]

සංස්කෘතික විසරණය යනු එක් සංස්කෘතියක දක්නට ලැබුන ලක්ෂණයක් තවත් සංස්කෘතියක් වෙත ගලා යාමයි

මානව කේන්ද්‍රණ වාදය[සංස්කරණය කරන්න]

තමන්ගේ සංස්කෘතිය උසස් බවත් ඊට සාපේක්ෂව අනෙකුත් සංස්කෘතින් පහත් බවටත් මානවයා තුල ඇතිවන ආකල්පය මානව කේන්ද්‍රණ වාදය යනුවෙන් හදුන්වයි

නිර්වචනයන්[සංස්කරණය කරන්න]

විවිධ විද්වතුන් සංස්කෘතිය තමන්ගේ මත පදනම් කරගෙන නිර්වචනය කර ඇත. මුල්ම නිර්වචනය ඉදිරිපත් කරන ලද්දේ 1861 දී ප්‍රාථමික සංස්කෘතිය නමින් කෘතියක් ලියූ බ්‍රිතාන්‍ය මානව විද්‍යාඥ ඊ.බී.ටයිලර් (E.B.Tylor)ය. ජර්මන් වචනයක් වන කුල්ටූර් (Kultur) යන පදය උපුටා දක්වමින් ඔහු සංස්කෘතිය අපට හඳුන්වා දුන්නේය. ඔහුට අනුව සංස්කෘතිය යනු “සමාජයේ සමාජිකයෙක් වශයෙන් මිනිසා විසින් අගය කරන්නාවූත් පරිණතවූත් දැනුම, විශ්වාසය, කලා, සදාචාර ධර්‍මයන්, නීතිය, සිරිත හා අනෙකුත් සියළුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි. පරිණතවූත්

පසුකාලීන සමාජ හා මානව විද්‍යාඥයන් විසින් මෙම නිර්වචනයට තවතවත් අංග එකතුකොට ඇත්තේය. සංස්කෘතිය යන සංකල්පය සමාජ සංවිධානය හා සම්බන්ධ කරගනිමින් මලිනොවුස්කි හා ප්‍රාන්ස් ‍බෝආස් නම් මානව විද්‍යාඥයන් පැහැදිලි කර ඇත. මලිනොවුස්කි ප්‍රකාශ කළ පරිදි සංස්කෘතිය ශිල්පීය ක්‍රම, භාණ්ඩ තාක්ෂණික ක්‍රියාවලීන්, අදහස්, පුරුදු සහ ඇගයීම්වලින් සංයුක්ත වී ඇති බව කියවේ. ඔහු වැඩිදුරටත් පවසනුයේ මෙම සියළුම අංග ලක්ෂණ අන්තර් සම්බන්ධ වී ඇති අතර සමස්ත ජීවන රටාවේ ස්වරූපයක් එමගින් ගොඩ නංවන බවයි. එසේම මලිනොවුස්කි අවධාරණය කරන පරිදි පුද්ගලයාගේ ජීව මනෝ ප්‍රේරණයන් සංතෘප්තිමත් කිරීමේදී මෙම සංස්කෘතික අවශ්‍යතා ඉතා වැදගත් වේ. “ප්‍රාන්ස් බෝආස්” සංස්කෘතිය ගැන අවධාරණය කරමින් එය කෘත්‍යාමත්මක හා සංවිධානාත්මක සමස්තයක් ලෙස හඳුන්වා දෙයි. මලිනොවුස්කිට පසුව බොහෝ මානව විද්‍යාඥයන් සංස්කෘතියේ කෘත්‍යාත්මක අන්තර් සම්බන්ධතාවයේ වැදගත්කම අවබෝධ කර ගෙන ඇත.

මාග්‍රට් මීඩ්, ඒ.ඇල්.ක්‍රෝබර්, රූත් බෙනඩික්ට් සංස්කෘතිය සමාජයීය විද්‍යාවන්වල මධ්‍යගත සංකල්පය ලෙස හඳුන්වා දී ඇත. 1940 දී රැල්ෆ් ලින්ටන් සංස්කෘතිය හඳුන්වා දුන්නේ සමාජයේ සාමාජිකයන් විසින් පවරනු ලබන බෙදා හදා ගනුලබන ඉගෙනගත් හැසිරීම් රටාව ලෙසයි.ක්‍රෝබර්(Krober) සහ ක්ලක්හෝන් (Kluckhorn) සංස්කෘතිය නිර්වචනය කරන්නේ මිනිස් චර්යාවේ ප්‍රකට හා අප්‍රකට රටාවන් සංකේත මගින් ව්‍යාප්ත කරන මානව සමූහවල සුවිශේෂ සාධනයක් ලෙස ගොඩ නැගුණ ක්‍රියාවලියක් ලෙසයි. 1963 දී ක්‍රෝබර් සහ ක්ලක්හෝන් සංස්කෘතිය පිළිබඳ නිර්වචන සියගණනක් සොයා ගන්නා ලදි. ඔවුන්ට අනුව සංස්කෘතිය චර්යාවන්ගේ ගවේෂණයක් හෝ චර්යාවක් නොව එහි සමස්ත සංයුක්තියයි. සංස්කෘතියේ කොටසක් ලෙස චර්යාවේ ප්‍රමිතීන් හා ධර්මතා අඩංගු වේ. අනෙක් කොටස චර්යාවේ තෝරාගත් මාර්ග හා සංකල්පවේදයක් ලෙස ඔවුහු පෙන්වා දෙති. ක්‍රෝබර් සහ ක්ලක්හෝන් සංස්කෘතිය ප්‍රවර්ග හතරක් ඔස්සේ පැහැදිලි කරයි.

  1. විස්තරාත්මක නිර්වචනය
  2. ඓතිහාසික නිර්වචනය
  3. ප්‍රතිමානාත්මක නිර්වචනය
  4. මනෝ විද්‍යාත්මක නිර්වචනය

සංස්කෘතිය පිළිබඳ ව්‍යවහාරය 19 වන සියවසේ මානව විද්‍යඥයන් උපයෝගී කරගත්තත් එය සමාජ ශාස්ත්‍රවල ප්‍රබල බලපෑමක් බවට පත්වූයේ 20 වන සියවසේදීය. ගුඩ් ඉනෆ් (Good Enough) නම් මානව විද්‍යාඥයා සංස්කෘතියේ වෙනත් අර්ථ දෙකක් හඳුනා ගත්තේය. පළමු අර්ථයෙන් හඳුන්වන්නේ ප්‍රජාවක් තුළ ජීවන රටාවයි. එයින් අර්ථවත් කරන්නේ භෞතික හා සමාජයීය ක්‍රියා පිළිවෙලත් සමඟ ගොඩ නැගෙන ක්‍රමානුකූල බවයි. දෙවන අර්ථයෙන් අදහස් කරන්නේ දැනුම විශ්වාස මගින් ජනතාව එකිනෙක ආකාරයට අත්දැකීම් හා සංජානනයන් මගින් ඒ ඒ තත්වයන් මත සංස්කෘතික රටාව ගොඩ නැගෙන බවයි.

සංස්කෘතිය පිළිබඳ ඇති පොදු එකඟතාවයක් නම් එය ඉගෙනගත් හැසිරීමක් බවයි. ස්වාභාවික හා සමාජ තත්වය තුළ මිනිසා අනුවර්තනය කිරීමේ හැකියාව සංස්කෘතිය තුළින් ගොඩනැගී ඇත. භෞතික ලක්‍ෂණ, චර්යා රටා හා සංස්ථා එයට අනුබද්ධිත වී ඇත. සංස්කෘතියේ වාහකයක් ලෙස කටයුතු කරනුයේ භාෂාවයි. පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යනු ලබන අදහස් ව්‍යාප්ත කරන්නේ භාෂාව මගිනි. එය ජනකානු ගති ලක්‍ෂණ මෙන් උරුමයෙන් එන දෙයක් නොවේ. චර්යාරටාව හා සමස්ත දැනුම පුද්ගලයාගෙන් තවත් පුද්ගලයෙකුට ගෙනයන්නේද භාෂාව මධ්‍යගත කොට ගෙනයි. එසේම සංස්කෘතිය ඒ අනුව වෙනස්වීමකට මෙන්ම වර්ධනයකටද මුල පුරයි.

උපුටා ගැනීම[සංස්කරණය කරන්න]

  • මූලික මානව විද්‍යාව
"https://si.wikipedia.org/w/index.php?title=සංස්කෘතිය&oldid=373676" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි