බයිබලය

විකිපීඩියා වෙතින්
Part of a series of articles on
ක්‍රිස්තියානි ආගම

කිතු දහමේ ඉතිහාසය
Timeline of Christianity
අපෝස්තුළුවරුන්
Ecumenical councils
Great Schism
කුරුස යුද්ධ
Reformation

ශුද්ධවූ ත්‍රීත්වය
පියාණන් වහන්සේ
පුත්‍රයාණන් වහන්සේ (ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ)
ශුද්ධාත්මයානන් වහන්සේ

බයිබලය
පැරණි ගිවිසුම
නව ගිවිසුම
Apocrypha
සුවිශේෂ ප්‍රකාශන
දස පණත්
කන්ද උඩ දේශනාව
නයිසියානු ඇදහිල්ල

දේව ධර්ම ශාස්ත්‍රය
මිනිසාගේ වැටීම · Grace
විමුක්තිය · Justification
කිතු වන්දනාව Antichrist

ක්‍රිස්තියානි සභාව
කතෝලික ධර්මය
සාධාර්මික කිතු දහම
ප්‍රොතෙස්තන්ත වාදය Christian denominations
ක්‍රිස්තියානි ව්‍යාපාර
ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරය
Christian ecumenism

හැදින්වීම[සංස්කරණය]

ශුද්ධවූ බයිබලය කිතු දහම අනුගමනය කරන කිතුනුවන්ගේ අති පූජනීය ග්‍රන්ථයයි. ක්‍රිස්තු පූර්ව 1513 වන වසරේ පමණ සිට ක්‍රිස්තු වර්ෂ 96 වන වසර පමණ දක්වා කාලය තුළ ලියැවී ඇත. පැරණි ගිවිසුම හා අලුත් ගිවිසුමයැ යි දෙ කොටසකට මෙම පොත බෙදා ඇත. එම කොටස් දෙක තුළම වෙන් වෙන් මිනිස් සහායක කතුවරුන් විසින් ලියන ලද පොත් 66ක් පවතී. එනම් ශුද්ධ බයිබලයෙහි ප‍්‍රධාන කර්තෘ දෙවියන් වහන්සේ වන අතර උපකාරක කර්තෘ මිනිසා වේ. කිතුනුවන්ගේ ඇදහීම වන්නේ ශුද්ධවූ බයිබලය දේවානුභාවයෙන් (Divinely Inspired) ලියන ලද බවයි. ලොව වැඩිම භාෂා ගණනකට පරිවර්තනය කර ඇති පොතයි. මෙම පොත විවිධ භාෂා 400 කට පමණ ද මෙහි කොටස් විවිධ භාෂා 1810 කට පමණ ද පරිවර්තනය කොට ඇත. ලොව මෙතෙක් වැඩිම පිටපත් ගණනක් මුද්‍රණය කර ඇති හා අලෙවි කර ඇති පොත ද මෙයයි. මිනිසාට මෙලොවින් පසු ස්වර්ග රජ්‍යයට යාහැකි එකම මාර්ගය මෙම පොත පමනක් බව ලොකවසි බිලියන දෙකක පමණ් ක්‍රිස්තියනි ජනතාවගෙ එකම විශ්වසය වේ.

හෙබරවු බයිබලය මින් අතරින් පැරනිම වන අතර කි.පු 132 වන විට ග්‍රික භාශාවට පරිවර්තනය කරන ලදි. මුල් පොත් ටෝරා නමින් හදුන්වන අතර එවා දිවැසිවර මෝසස් විසින් දෙවියන් වහන්සෙගේ ආනුභාවයෙන් ලියු බව සටහන්වේ. බයිබලය ජුදා ආගම සහ ක්‍රිස්තියනි ආගම තුල ශුද්ධවු ග්‍රන්තයකි. නව ගිවිසුම ග්‍රික් භාශාවෙන් ලියා ඇති අතර පැරණි ගිවිසුමේ බොහො පොත් හේබ්‍රවු භාශාවෙන් ලියා ඇත. පැරණි ගිවිසුමේ පොත් 39ක් ඇති අතර එ්වා කොටස් 5කට බෙදිය හැකි ය.

  1. නීති පොත්   (උත්පත්ති, නික්මයාම, ලෙවී ව්‍යවස්ථාව, ගණන් කථාව, ද්විතීය නීති සංග‍්‍රහය)
  2. ඉතිහාස පොත් (ජෝෂුවා, වීරාවලිය, රූත් කථාව,1 සාමුවෙල්, 2 සාමුවෙල්, 1 රාජාවලිය, 2 රාජාවලිය, 1 වංශාවලිය, 2 වංශාවලිය, එස්රා, නෙහෙමියා, එස්තර්,)
  3. ප‍්‍රඥා සාහිත්‍යය (ජෝබ්, ගීතාවලිය, හිතෝපදේශය, ධර්මදේශකයා, පේ‍්‍රම ගී)

4.දිවැසිවර ග‍්‍රන්ථ (යෙසායා, ජෙරමියා, විලාප ගී, එසකියෙල්, හොසියා, ජෝවෙල්, ආමොස්, ඔබදියා, ජෝනා, මීකා, නාහුම්, හබක්කුක්, ශෙපනියා, හග්ගායි, සෙකරියා, මලාකි)

5. එළිදරව් සාහිත්‍යය (දානියෙල්)


දේවානුභාවයෙන් රචිත ශුද්ධවු බයිබලය ලෝකයේ සියළුම කිතුනු දේශයන්හි ජීවත්වන ක්‍රිස්තු භක්තිකයින්ගේ ඇදහිල්ලට පදනම් වන අති පූජනීය ග්‍රන්ථය වේ.ශුද්ධවූ බයිබලයෙන් ඉගැන්වෙන මූලික සත්‍යය වනුයේ සියල්ල මවා පාලනය කරන සදාතනික වූද අසම සම වු දෙවියන් වහන්සේ හා සම්භන්ධතාවයට හෙවත් උන්වහන්සේ සමග ගිවිසුමකට ඇතුලත් වීමෙන් මිනිසාට සදාතනික ජීවිතය සහ විමුක්තිය සුවය ලැබිය හැකි බවය.මිණිසාට ගැලවීම ලබාගත හැකි වනුයේ මෙම ගිවිසුමට ඇතුලත් විමෙන් පමනකි.බයිබලයෙහි ඒකායන පරමාර්ථය වනුයේ මිනිසා වෙත මෙම විමුක්ති මාර්ගය අනාවරණය කිරිමෙන් ඔහු දෙවියන් වහන්සේ සමග ගිවිසුමට ඇතුලත්ව එය පවත්වා ගත යුත්තේ කෙලෙසද යන්න දැක්වීමය. වසර එක්දහස් හයසියයක කාල පරාසයක් තුලදී දේවාතාවරණය ලත් කර්තෘවරැන් විසින් ලියන ලද මෙම ඉපැරණී පූජණීය ග්‍රන්ථයේ වැදගත්කම යම් යුගයකට හෝ කාල පරිච්ඡේදයකට හෝ සීමා කල නොහැක්කේ එහි ගැබ්වෙන දිව්‍ය පණිවිඩය සදාතනික වන්නක් වන හෙයිනි.මේ වන විට සම්පූර්ණ බයිබලය භාෂාවන් දෙසීය හැටකටත් අධික සංඛ්‍යාවකට ද එයින් උපටාගනු ලැබූ කොටස් භාෂාවන් දෙදහස් තුන්සිය පනහකට වැඩි සංඛ්‍යාවකට පරිවර්ථනය කර ඇත. සත්‍ය වශයෙන් මෙය පොත් මාලාවක එකතුවක් වන ශුද්ධ බයිබලය එකම ග්‍රන්ථයක් ලෙස සැලෙකනුයේ එහි කේන්ද්‍රීය තේමාව එකක් වන බැවිනි.මෙම තේමාව වනුයේ දෙවියන් වහන්සේ හා මිනිසා අතර සම්භන්ධතාවයයි.දේව සැලැස්මට අනුව පරිපූර්ණතාවයට හිමිකම් කියු මිනිසා

ගොනුව:Judebaible4.JPG
[නතෝලික ආගම] ශ්‍රී ලංකාl ------
ගොනුව:Judebaible5.JPG
රෝමාණු නතෝලික ආගම ශ්‍රී ලංකාl - ------

ශුද්ධවූ බයිබලය

පරණ ගිවිසුම:[සංස්කරණය]

උත්පත්ති[සංස්කරණය]

1 පරිච්ඡේදය[සංස්කරණය]

පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක.

2 පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මය ජලමතුයෙහි හැසිරෙමින් සිටිසේක.

3 දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක; එවිට එළිය විය.

4 එළිය යහපත් බව දෙවියන්වහන්සේ දුටුසේක. දෙවියන්වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට

5 එළියට දවාලය කියාද අන්ධකාරයට රාත්‍රියය කියාද නම් තැබූසේක. සවස විය, උදය විය, ඒ එක දවසක්ය.

6 දෙවියන්වහන්සේ: ජල මධ්‍යයෙහි අවකාශයක් වේවා, එය කරණකොටගෙන ජලය ජලයෙන් වෙන්වේවයි කීසේක.

7 දෙවියන්වහන්සේ අවකාශය සාදා අවකාශයට උඩින් තිබුණු ජලයෙන් අවකාශයට යටින් තිබුණු ජලය වෙන්කළසේක; ඒ එසේ විය. 8දෙවියන්වහන්සේ අවකාශයට අහසය කියා නම් තැබූසේක. සවස විය, උදය විය, ඒ දෙවෙනි දවසක්ය.

9 දෙවියන්වහන්සේ: අහසට යටින් තිබෙන ජලය එක් තැනකට රැස් වේවා, වියළි බිම පෙනේවයි කීසේක. ඒ එසේ විය.

10 දෙවියන්වහන්සේ: වියළි බිමට පොළොවය කියාද රැස්වූ ජලයට මුහුදය කියාද නම් තැබූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.

11 දෙවියන්වහන්සේ: පොළොව වනාහි තෘණද බීජ උපදවන පලාද ඒ ඒ වර්ග ලෙස ඵල දරන බීජ සහිත ඵල වෘක්ෂද පොළොව පිට හටගන්වාවයි කීසේක. ඒ එසේ විය.

12 තෘණද ඒ ඒ වර්ග ලෙස බීජ උපදවන පලාද ඒ ඒ වර්ග ලෙස බීජ සහිත ඵලදරන වෘක්ෂද පොළොවෙන් හටගත්තේය. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.

13 සවස විය, උදය විය, ඒ තුන්වෙනි දවසක්ය.

14 දෙවියන්වහන්සේ: රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට අහස්තලයෙහි ආලෝකයෝ වෙත්වා, ඒවා ලකුණු පිණිසද සෘතු පිණිසද දවස් පිණිසද අවුරුදු පිණිසද වෙත්වා,

15 පොළොවට එළිය දීමට ඒවා අහස්තලයෙහි ආලෝකයන් පිණිස වෙත්වයි කීසේක. ඒ එසේ විය.

16 දෙවියන්වහන්සේ මහත් ආලෝක දෙක සෑදූසේක; වඩා මහත් ආලෝකය දිවාභාගය කෙරෙහි අධිපතිකම්කරන පිණිසය, කුඩා ආලෝකය රාත්‍රි භාගය කෙරෙහි අධිපතිකම් කරන පිණිසය. උන්වහන්සේ තාරකාද සෑදූසේක.

17 පොළොවට එළිය දෙන පිණිසත් දවාල කෙරෙහිද රාත්‍රිය කෙරෙහිද අධිපතිකම් කරන පිණිසත්

18 අන්ධකාරයෙන් එළිය වෙන්කරන පිණිසත් දෙවියන්වහන්සේ ඒවා අහස්තලයෙහි තැබූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.

19 සවස විය, උදය විය, ඒ සතරවෙනි දවසක්ය.

20 දෙවියන්වහන්සේ: ජලය වනාහි එහි හැසිරෙන ජීවමාන සත්වයන් බොහෝකොට හටගන්වාවා, පක්ෂීහු පොළොවට උඩින් ආකාශ කුක්ෂියෙහි පියාසරකෙරෙත්වායි කීසේක.

21 තවද දෙවියන්වහන්සේ ඉතා මහත් ජලචර සත්වයන්ද ඒ ඒ වර්ගලෙස ජලයෙහි බොහෝසෙයින් හටගත්තාවූ එහි හැසිරෙන පණ ඇති සියලු සත්වයන්ද ඒ ඒ වර්ග ලෙස පියාපත් ඇති සියලු පක්ෂීන්ද මැවූසේක.

22 දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. දෙවියන්වහන්සේ උන්ට ආශීර්වාදකොට: ඔබ සැම සඵලව බෝවෙමින් මුහුදු ජලය පුරා පැතිර සිටිව්, පක්ෂීහුද පොළොවෙහි බෝවෙත්වයි කීසේක.

23 සවස විය, උදය විය, ඒ පස්වෙනි දවසක්ය.

24 දෙවියන්වහන්සේ: පොළොව වනාහි ඒ ඒ වර්ග ලෙස තිරිසනුන්ද බඩගා යන ජාතීන්ද පොළොවේ මෘගයන්ද යන ජීවමාන සත්වයන් ඒ ඒ වර්ග ලෙස හටගන්වාවයි කීසේක. ඒ එසේ විය.

25 දෙවියන්වහන්සේ ඒ ඒ වර්ග ලෙස පොළොවේ මෘගයන්ද ඒ ඒ වර්ග ලෙස සිව්පාවුන්ද ඒ ඒ වර්ග ලෙස භූමියෙහි බඩගා යන සියලු සතුන්ද සෑදූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.

26 තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක.

27 දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක.

28 දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ඔබ සැම බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක.

29 තවද දෙවියන්වහන්සේ: බලව, මුළු පොළෝතලයෙහි ඇති බීජ දරන සියලු පලාද බීජ දරන ඵල ඇති සියලු වෘක්ෂයන්ද ඔබ සැමට දුනිමි; එය ඔබ සැමට ආහාර පිණිස වන්නේය.

30 පොළොවේ සියලු මෘගයන්ටත් ආකාශයේ සියලු පක්ෂීන්ටත් පොළොව පිට බඩගා යන පණ ඇති සියලු සතුන්ටත් ආහාර පිණිස සියලු නිල් පලා දුනිමියි කීසේක. ඒ එසේ විය.

31 දෙවියන්වහන්සේ තමන් සෑදූ සියල්ලම දුටුසේක, බලව ඒ ඉතා යහපත්ව තිබුණේය. සවස විය, උදය විය, ඒ සවෙනි දවසක්ය.

නව ගිවිසුම[සංස්කරණය]

මතෙව් 1[සංස්කරණය]

ආබ්ර්හමිගේ ද දාවිත්ගේ ද පුත්ර් වූ ජේසුස් 1 ක්රිරස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේ ය-. 2 ආබ්ර.හමිට දාව ඊසාක් ද-, ඊසාක්ට දාව ජාකොබ් ද-, ජාකොබ්ට දාව ජූදා සහ ඔහුගේ සහෝදරයෝ ද උපන්හ-. 3 ජූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ් හා ශෙරා ද-, පෙරෙශ්ට දාව හෙශ්රොදන් ද-, හෙශ්රොහන්ට දාව ආරාමි ද-, 4 ආරාමිට දාව අමිනාදාබ් ද-, අමිනාදාබ්ට දාව නාෂොන් ද-, නාෂොන්ට දාව සල්මොන් ද-, 5 සල්මොන්ට දාව රාහාබ්ගෙන් බෝවස් ද-, බෝවස්ට දාව රූත්ගෙන් ඕබෙද් ද-, ඕබෙද්ට දාව ජෙස්සේ ද-, 6 ජෙස්සේට දාව දාවිත් රජ ද උපන්නෝ ය-. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්රි යගෙන් සලමොන් ද-, 7 සලමොන්ට දාව රෙහොබෝවමි ද-, රෙහොබෝවමිට දාව අ-,යා ද-, අ-,යාට දාව ආසප් ද-, 8 ආසප්ට දාව ජෙහොෂාපාත් ද-, ජෙහොෂාපාත්ට දාව ජෝරාමි ද-, ජෝරාමිට දාව උශ්ශියා ද-, 9 උශ්ශියාට දාව ජෝතාමි ද-, ජෝතාමිට දාව ආහස් ද-, ආහස්ට දාව හෙසකියා ද-, 10 හෙසකියාට දාව මනස්සේ ද-, මනස්සේට දාව ආමොස් ද-, ආමොස්ට දාව ජෝසියා ද-, 11 බ-,ලෝනියට විප්ර වාසගතවීම සිදුවූ මේ කාලයේ දී ජෝසියාට දාව ජෙකොනියා ද ඔහුගේ සහෝදරයෝ ද උපන්නෝ ය-. 12 බ-,ලෝනියේ විප්ර වාසයෙන් පසු ජෙකොනියාට දාව ෂෙයල්තියෙල් ද-, ෂෙයල්තියෙල්ට දාව සෙරුබාබෙල් ද-, 13 සෙරුබාබෙල්ට දාව අ-,යුද් ද-, අ-,යුද්ට දාව එලියාකිමි ද-, එලියාකිමිට දාව ආශොර් ද-, 14 ආශොර්ට දාව සාදොක් ද-, සාදොක්ට දාව ආකීමි ද-, ආකීමිට දාව එලියුද් ද-, 15 එලියුද්ට දාව එලෙයාසර් ද-, එලෙයාසර්ට දාව මත්තාන් ද-, මත්තාන්ට දාව ජාකොබ් ද-, 16 ජාකොබ්ට දාව මරිය තුමීගේ පුරුෂයා වූ ජෝසෙප් ද උපන්නෝ ය; මරිය තුමීගෙන් ක්රිගස්තුස් නමි වූ ජේසුස් වහන්සේ උපන් සේක-. 17 මෙසේ ආබ්රවහමි පටන් දාවිත් දක්වා පරමිපරා සියල්ල දස සතරකි; දාවිත් පටන් බ-,ලෝනියේ විප්රාවාසගතවීම දක්වා පරමිපරා දස සතරකි; බ-,ලෝනියේ විප්රාවාසගතවීමේ කාලයේ පටන් ක්රි ස්තුන් වහන්සේ දක්වා පරමිපරා දස සතරකි-.


ජේසුස් වහන්සේගේ උපත[සංස්කරණය]

18 ජේසුස් ක්රිකස්තුන් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය-. උන් වහන්සේගේ මෑණයන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටිය දී-, ඔවුන් එක් වන්න පෙර-, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී-. 19 ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්-, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්රසසිද්ය්යේ නින්දාවට නොපමුණුවන අදහසින්-, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය-. 20 එහෙත්-, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී-, සමිඳ්රුණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී-, දාවිත්ගේ පුත් ජෝසෙප්-, ඔබේ -,රිඳ වන මරියා පාවාගන්නට -,ය නොවන්න; මන්ද-, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසිනි-. 21 ඈ පුතෙකු -,හි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැ-,ය යුතු ය; මන්ද-, සිය සෙනභ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ යයි කී ය-. 22 මේ සියල්ල සිදුවූයේ සමිඳ්ර්ණන් වහන්සේ දිවැසිවරයා ලවා කියෙවූ කීම ඉටු වන පිණස ය-. එනමි: 23 මෙන්න-, කන්යාපවක් ගැබ්ගෙන පුතෙකු -,හි කරන්නී ය; උන් වහන්සේට එමිමානුවෙල් යන නාමය තබනු ඇත-, යනු ය-. ඒ නාමයේ අර්ථය නමි-, දෙවියන් වහන්සේ අප සමභ ය යනුයි-. 24 ජෝසෙප් නින්දෙන් අවදි වූ විට සමිඳ්ර ණන් වහන්සේගේ දූතයා ඔහුට අණ කළ ලෙස-, සිය -,රිඳ කැන්දාගෙන ගියේ ය-. 25 එහෙත්-, ඇයට පුත්රළයා ලැබෙන තුරු ඔහු ඇය සමභ එක් නො වී ය-. ඔහු උන් වහන්සේට ජේසුස් යන නාමය තැ-, ය-. මතෙව් 2

මතෙව් 2[සංස්කරණය]

ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම[සංස්කරණය]

1 හෙරොද් රජු දවස ජුදයේ බෙත්ලෙහෙමෙහි ජේසුස් වහන්සේ උපන් කල-, පෙර- දිගින් ශාස්ත්රේවන්තයෝ ජෙරුසලමට අවුත්-, 2 ජුදෙව්වරුන්ට රජ ව උපන් උතුමාණෝ කොතැන්හි ද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක-, එතුමාණන්ට නමස්කාර කරන පිණස ආවෙමුයි කී හ-. 3 එපවත් ඇසූ හෙරොද් රජ ද මු ළු ජෙරුසලමි ජනතාව ද කැළඹුණාහ-. 4 එකල ඔහු සෙනභගේ සියලු නායක පූජකයන් ද විනයධරයන් ද රැස් කරවා-, ක්‍රිස්තුන් වහන්සේ කොතැන්හි උපදින සේක් දැයි ඔවුන්ගෙන් විචාළේ ය-. 5 ඔව්හු කතා කොට-, ජුදයේ බෙත්ලෙහෙමෙහි ය; ඒ ගැන දිවැසිවරයා මෙසේ ලියා තිබේ; 6 'එමිබා-, ජුදා දේශයේ බෙත්ලෙහෙම! තී ජුදාගේ භූපතීන් අතර කිසි සේත් අල්ප නොවන්නී ය-. මන්ද; මාගේ ඉශ්රායෙල් සෙනභ පාලනය කරන මූලිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැ' යි ඔහුට කී හ-. 7 එකල හෙරොද් ශාස්ත්රගවන්තයන් රහසින් කැඳවා-, තාරකාව පෙනුණු වේලාව ඔවුන්ගෙන් හොඳින් දැනගෙන-, 8 ඔබ ගොස් ඒ ළදරුවා ගැන හරි ලෙස විමසන්න; ඔබ විමසා සොයාගත් පසු-, මාත් ගොස් උන් වහන්සේට නමස්කාර කරනු පිණස මටත් දන්වන්න කියා-, ඔවුන් බෙත්ලෙහෙමට යැවී ය-. 9 රජුගේ බස් අසා ඔව්හු පිටත් ව ගියහ-. පෙරදිග දී ඔවුන් දුටු තාරකාව-, ළදරුවා සිටි තැනට අවුත් ඉහළින් නවතින තුරු-, ඔවුන්ට පෙරටුවෙන් ගියේ ය-. 10 තාරකාව දැක ඔව්හු අතිශයින් ප්රී්ති ප්රේමෝද වූ හ-. 11 ඔව්හු ගෙට පිවිස-, ළදරුවා සිය මව වූ මරිය තුමී හා සමභ සිටිනු දැක-, පසභ පිහිටුවා වැඳ-, සිය කරඬු ඇර රන් ද-, තුවරලා ද-, ගන්ධරස ද යන පඬුරු උන් වහන්සේට පිදූ හ-. 12 තවද-, හෙරොද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔව්හු අන් මභකින් සිය රට බලා ගියහ-.

මිසරයට පලා යාම[සංස්කරණය]

13 ඔවුන් ගිය පසු සමිඳ්ර ණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ජෝසෙප්ට දර්ශනය වී-, ඔහු අමතා-, නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණයන් ද රැගෙන මිසරයට ගොස්-, මා දන්වන තුරු එහි නවතින්න-. මන්ද-, හෙරොද් රජ ළදරුවා මරාදැමීමට සොයතියි කී ය-. 14 ඔහු රාත්රිවයෙහි නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණයන් ද රැගෙන මිසරයට ගොස්-, 15 හෙරොද්ගේ මරණය දක්වා එහි සිටියේ ය-. මෙසේ වූයේ-, මිසරයෙන් මාගේ පුත්රදයා කැඳවාගතිමියි කියා සමිඳ්රුණන් වහන්සේ විසින් දිවැසිවරයා කරණකොටගෙන කියන ලද කීම ඉටු වනු පිණස ය-.


ගොනුව:Judebaible1.JPG
බයිබලය - ක්‍රිස්තියානි සභාව [[1]]-

පැරණි බයිබල් ඡායාරැප[සංස්කරණය]

මෙම බයිබල් ඡායාරැප(English Wikipedia එකෙන් ලබාගන්නා ලදි

ශුද්ධවූ බයිබලය

මතෙව් 3[සංස්කරණය]

ස්නාවක ජොහන්ගේ දේශනාව[සංස්කරණය]

1 ඒ දවස්වල දී ස්නාවක ජොහන් අවුත්, ජුදයේ පාළුකරයෙහි දේශනා කරමින්, 2 පසුතැවී සිත් හරවා ගන්න; මන්ද, ස්වර්ග රාජ්ය ය ළභ යයි කී ය. 3 කුමක් හෙයින් ද යත්: ' සමිඳුන්ගේ මාවත පිළියෙළ කරන්න; එතුමන් හට ඇද නැති මාවත් සාදන්නැ'යි පාළුකරයෙහි මොරගා කියන හඬක් යයි, දිවැසිවර යෙසායා පැවසුවේ මොහු ගැන ය. 4 මෙකී ජොහන් ඔටු ලොමි වස්ත්රායක් ඇඳ-, ඉණ වටා හමි පටියක් බැඳ සිටියේ ය. පළඟැටියන් හා වන මී ඔහුගේ ආහාරය විය. 5 එකල ජෙරුසලමේ ද මුළු ජුදයේ ද ජොර්දාන් අවට මුළු පෙදෙසේ ද වැසියෝ ඔහු වෙත පැමිණ, 6 පාපෝච්චාරණය කරමින්, ජොර්දාන් ගංගාවෙහි ඔහු අතින් ෆබව්තීස්ම-ස්නාපනය ලැබූ හ. 7 එහෙත්-, බව්තීස්ම-ස්නාපනය ලබන පිණස පරිසිවරුන්ගෙන් ද සද්දුසිවරුන්ගෙන් ද බොහෝ දෙනෙකු එනු දුටු ඔහු ඔවුන්ට කතා කොට, පොළොං වංශය, එන්න තිබෙන උදහසින් පලා යාමට ඔබට අවවාද කෙළේ කවරෙක් ද? 8 එසේ නමි-, ඔබ පසුතැවී සිත් හරවා ගත් බව ඔබේ හැසිරීමෙන් පෙන්වන්න. 9 'ආබ්රදහමි අපගේ පියාණෝ ය'යි කියාගන්නට නොසිතන්න-. ඒ මන්ද-, මේ ගල්වලින් වුව ද ආබ්රගහමිට දරුපරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනැ යි මම ඔබට කියමි-. 10 තවද-, දැනට ම පොරොව ගස් මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නොදෙන සියලු ගස් කපා ගින්නෙහි දමනු ලැබේ. 11 මම නමි-, පසුතැවී සිත හරවා ගැනීමේ ලකුණක් වශයෙන් වතුරෙන් බව්තීස්මස්නාපනය කරමි. එහෙත්-, මට පසුව එන තැනැත්තේ මට වඩා ආනුභාසමිපන්න ය-. මම උන් වහන්සේගේ පාවහන් ගෙන යාමට තරමි වත් නොවටිමි-. උන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරන සේක. 12 උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්යන අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැයි කී ය.

ජේසුස් වහන්සේගේ බව්තීස්ම-ස්නාපනය[සංස්කරණය]

13 එකල ජේසුස් වහන්සේ ස්නාවක ජොහන් විසින් බව්තීස්ම-ස්නාපනය කරගනු ලබන පිණස ගලීලයේ සිට ජොර්දානට වැඩම කළ සේක-. 14 එහෙත්-, ජොහන් උන් වහන්සේ වළක්වමින්-, ඔබෙන් බව්තීස්ම-ස්නාපනය ලැ,ය යුත්තේ මම ය; එහෙත්, ඔබ මා වෙත එන සේක් දැයි ඇසී ය. 15 ජේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින්, දැනට ඉඩ දෙන්න; මෙසේ දේව කැමැත්ත මුළුමනින් ඉටු කිරීම අපට සුදුසු යයි වදාළ සේක-. එවිට ජොහන් ඊට එකභ විය-. 16 ජේසුස් වහන්සේ බව්තීස්ම-ස්නාපනය ලැබ-, එකෙණෙහි ම දියෙන් ගොඩ ආ සේක-. එවිට ස්වර්ගය විවර විය-. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිමින් තමන් පිට පැමිණෙනු උන් වහන්සේ දුටු සේක-. 17 තවද, මොහු මාගේ පිර පැයාදර පුත්රේයා ය; මොහු කෙරේ මම ඉතා ප්රදසන්න වී සිටිමියි ස්වර්ගයෙන් හඬක් නික්මිණ.

මතෙව් 4[සංස්කරණය]

ජේසුස් වහන්සේ පරීක්ෂා කරනු ලැබීම[සංස්කරණය]

1 එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණස ශුද්ධාත්මයාණන් විසින් පාළුකරයට පමුණුවනු ලැබූ සේක. 2 දහවල් සතළිසක් ද රෑ සතළිසක් ද නිරාහාර ව උන් පසු, උන් වහන්සේට සාගිනි ඇති විය. 3 එවිට පරීක්ෂාකාරයා උන් වහන්සේ වෙත අවුත්, ඔබ දෙවියන් වහන්සේගේ පුත්ර්යා නමි මේ ගල් ගෙඩි-, පාන් ගෙඩි වන්න අණ කළ මැනවැයි කී ය. 4 උන් වහන්සේ උත්තර දෙමින්, 'මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව; දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය' කියා ලියා ඇතැයි වදාළ සේක. 5 එවිට යක්ෂයා උන් වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා, 6 ඔබ දෙවියන් වහන්සේගේ පුත්රගයා නමි-, පහතට පනින්න; 'උන් වහන්සේ සිය දූතයන්ට ඔබ ගැන අණ දෙනු ඇත-. ඔබේ පය කිසිසේත් ගලක නොවදින පිණස-, ඔව්හු සිය අත්වලින් ඔබ උසුලනු ඇතැ'යි ලියා තිබේ යයි උන් වහන්සේට කී ය-. 7 ජේසුස් වහන්සේ ද කතා කොට, 'තාගේ දෙවි ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන්න' කියාත් ලියා ඇතැයි වදාළ සේක-. 8 යළිත් යක්ෂයා උන් වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා-, ලෝකයේ සියලු රට රාජ්ය යන් සහ ඒවායේ යසශ්රිකය උන් වහන්සේට පෙන්වා, 9 ඔබ දණන් වැටී මට නමස්කාර කරන්නෙහි නමි-, මේ සියල්ල ඔබට දෙන්නෙමියි උන් වහන්සේට කී ය. 10 එවිට ජේසුස් වහන්සේ, කතා කරමින්-, සාතන් පලා යව! 'නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න' කියා ලියා ඇතැයි ඔහුට වදාළ සේක. 11 එකල යක්ෂයා උන් වහන්සේ අත්හැර ගියේ ය. දේව දූතයෝ අවුත් උන් වහන්සේට උපස්ථාන කළහ.

ගලීලයේ සේවය ඇරඹීම[සංස්කරණය]

12 ජොහන් හිරභාරයට ගනු ලැබූ බව අසා, ජේසුස් වහන්සේ ගලීලයට වැඩම කළ සේක. 13 උන් වහන්සේ නාසරෙත් නුවර හැර සාබුලොන් සහ නප්තලී පෙදෙසෙහි මුහුදුබඩ පිහිටි කපර්ණවුමට පැමිණ එහි විසූ සේක. 14 මෙසේ කෙළේ, යෙසායා දිවැසිවරයා මඟින් කියන ලද දේ ඉටුවන පිණස ය. එනමි: 15 ජොර්දානෙන් එතෙර මුහුදු මාවතෙහි පිහිටි, එමිබා! සාබුලොන් රට, නප්තලී රට, විජාතීන්ගේ ගලීලය! 16 ගනඳුරෙහි කල් යැවූ සෙනභ මහත් එළියක් දුටහ-. මරණ අඳුර ඇති දේශයෙහි වෙසෙන්නවුන්ට එළිය උදාවිය යනු යි-. 17 එවක් පටන් ජේසුස් වහන්සේ-, පසුතැවී සිත් හරවා ගන්න; ස්වර්ග රාජ්යඑය ආසන්න ය කියා දේශනා කරන්න පටන්ගත් සේක-. ධීවරයන් සතර දෙනා කැඳවීම 18 උන් වහන්සේ ගලීලයේ මුහුදුබඩ ඇවිදින විට, ධීවර සහෝදරයන් දෙදෙනෙකු වන පේදුරු නමි ලත් සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදේ දැළක් හෙළනු දැක, 19 මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමියි වදාළ සේක. 20 එකෙණෙහි ම ඔව්හු දැල් හැරදමා උන් වහන්සේ අනුව ගියහ. 21 උන් වහන්සේ එතැනින් ගොස් තවත් සහෝදරයන් දෙදෙනෙකු වන සෙබදීගේ පුත් ජාකොබ් ද ඔහු සොහොයුරු ජොහන් ද ඔවුන්ගේ පියා වන සෙබදී සමභ ඔරුවේ හිඳ දැල් එලලනු දැක, ඔවුන් කැඳවා වදාළ සේක. 22 එකෙණෙහි ම ඔව්හු ඔරුව ද පියා ද අත්හැර උන් වහන්සේ අනුව ගියහ.

මහා ජනකායකට සුව සෙත[සංස්කරණය]

23 තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්යදය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනභ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.. 24 උන් වහන්සේගේ කීර්ති රාවය සිරියාව පුරා පැතිරිණ. නානා රෝග පීඩාවලින් පෙළුණු සියලු රෝගීහු ද දුෂ්ටාත්මාවේශ වූ අය ද මීමැස්මොර රෝගීහු ද අංසබාග රෝගීහු ද උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දෝ ය. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක-. 25 ගලීලයෙන් ද දෙකපොලිසයෙන් ද ජෙරුසලමෙන් ද ජුදයෙන් ද ජොර්දාන් ගභ එගොඩින් ද මහා ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ..


පැරණි බයිබල් ඡායාරැප[සංස්කරණය]

මෙම බයිබල් ඡායාරැප(English Wikipedia එකෙන් ලබාගන්නා ලදි

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

ජේසුස් ස්වාමින් වහන්සේගේ ජීවිතයට සමීප ඡායාරැපයන් කිහිිපයක්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බයිබලය&oldid=611248" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි