දමස්කස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
දමස්කස්
دمشق
කසියන් කන්දේ සිට දමස්කස් පෙනෙන අයුරු
කසියන් කන්දේ සිට දමස්කස් පෙනෙන අයුරු
Nickname(s): ජැස්මින් නගරය
රට  සිරියාව
Governorates Damascus Governorate, අග නගරය
Government
 • ආණ්ඩුකාරවරයා බිෂ්ර් අල් සබ්බන්
සරිය[1]
 • නගරය 105 කිමී2 (41 වර්ග සැත)
 • Urban 77 කිමී2 (30 වර්ග සැත)
උන්නතාංශය 680 මී (2,230 අඩි)
ජනගහණය (2009 ඇස්ත.)[2]
 • නගරය 1,711,000
ගුප්තනාමය(න්) Damascene
වේලා කලාපය EET (UTC+2)
 • ගිම්හාන (DST) EEST (UTC+3)
ප්‍රදේශ කේතය(න්) රටේ කේතය: 963, නගර කේතය: 11
වෙබ් අඩවිය damascus.gov.sy/
Official name: දමස්කස් පුරාණ නගරය
Type: සංස්කෘතික
Criteria: i, ii, iii, iv, vi
Designated: 1979 (3වන වාරය)
Reference No. 20
State Party: සිරියාව
Region: අරාබි රාජ්‍යයන්

දමස්කස් (අරාබි: دمشقDimashq) යනු සිරියාවේ අගනුවර වන අතර එය අලෙප්පෝ වලට පසු සිරියාවේ දෙවන විශාලතම නගරය ද වෙයි. සිරියාව තුළ එය බහුලව හැඳින්වෙන්නේ අශ්-ෂාම් (අරාබි: الشامash-Shām) යන නමින් වන අතර ජැස්මින් නගරය (අරාබි: مدينة الياسمينMadīnat al-Yāsmīn) යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙයි. අඛණ්ඩව ජනාවාසව පැවති ලොව පැරණිතම නගරයක් වන දමස්කස්, ලෙවන්තයේ ප්‍රධාන ආගමික සහ සංස්කෘතික මධ්‍යස්ථානයක් වෙයි. ඇස්තමේන්තුගත 1,711,000 ක ජනගහණයක් (2009 est.).[2] වාසය කරයි.

දමස්කස් පිහිටන්නේ සිරියාවේ නිරිතදිග ප්‍රදේශයේ ය. මිලියන 2.6 ක ජනතාවක් වාසය කරන පරිපාලන කලාපයක කේන්ද්‍රය දමස්කස් වෙයි. භූගෝලීය වශයෙන් Anti-Lebanon කඳුකරයේ නැගෙනහිර පාමුල, මධ්‍යදරණී මුහුදු වෙරළේ සිට කිලෝමීටර් 80 (සැතපුම් 50) ක් රට තුළට වන්නට, මුහුදු මට්ටමේ සිට මීටර් 680 (2,230 ft) ක් ඉහළින් පිහිටි සානුවක පිහිටන දමස්කසයේ පවතින්නේ අර්ධ ශුෂ්ක දේශගුණයකි. එයට හේතු වන්නේ කඳුකරය මගින් වර්ෂාව ආවරණය කිරීම යි. බරදා නදිය දමස්කසය හරහා ගලා බසී.

ආශ්‍රිත[සංස්කරණය]

  1. Albaath.news statement by the governor of Damascus, Syria (Arabic), April 2010
  2. 2.0 2.1 Central Bureau of Statistics in Syria: Chapter 2: Population & Demographic Indicators Table 3: Estimates of Population actually living in Syria in 31 December 2011 by Mohafazat and six (in thousands)
"https://si.wikipedia.org/w/index.php?title=දමස්කස්&oldid=352247" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි