සුගත් තිලකරත්න

විකිපීඩියා වෙතින්

සුගත් තිලකරත්න (1973 ජූලි 30[1]) යනු ශ්‍රී ලංකාවේ, මීටර් 400 දිවීමේ ඉසව්ව නියෝජනය කල මළල ක්‍රීඩකයෙකි.

1998 වසර ඔහුගේ හොඳම සමය සේ සැළකෙයි. තිලකරත්න විසින් මීටර් 400 දිවීමේ ඉසව්ව සඳහා වාර්ථා කල පෞද්ගලික හොඳම කාලය වූ තත්පර 44.61 වාර්ථා කිරීමට එම වසරේදී ඔහු සමත් විය. එසේම එම වසර තුල ජාත්‍යන්තර තරගාවලි ත්‍රිත්වයක පදක්කම් හිමිකර ගැනීමටද ඔහුට හැකිවිය (පහත වගුව). 2001 වසරේ ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියේදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම, තිලකරත්නගේ හොඳම දස්කම ලෙස සැළකෙයි.[2][3]

ජයග්‍රහණ[සංස්කරණය]

වර්ෂය ක්‍රීඩා උළෙල පැවැත්වූ ස්ථානය ස්ථානය කරුණු
 ශ්‍රී ලංකාව නියෝජනය
1998 1998 ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය Fukuoka, ජපානය 1 වැනියා මීටර් 400
1998 ආසියානු ක්‍රීඩා උළෙල බැංකොක්, තායිලන්තය 1 වැනියා
1998 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ක්වාලාලම්පූර්, මලයාසියාව 3 වැනියා
2002 2002 ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය කොළඹ, ශ්‍රී ලංකාව 3 වැනියා

[4]

බාහිර සබැඳි[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ඔලිම්පික්ස්". sports-reference. සම්ප්‍රවේශය 15 මැයි 2012.
  2. සුගත් තිලකරත්න
  3. Sugath Tilakaratne best athlete at CP meet
  4. Asian Games Statistics – Men’s 400m, http://www.asianathletics.org/AG2010/stats/Men-400m.pdf, ප්‍රතිෂ්ඨාපනය 2014-08-01 
"https://si.wikipedia.org/w/index.php?title=සුගත්_තිලකරත්න&oldid=625444" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි