Jump to content

රිස්වි සාලි

විකිපීඩියා වෙතින්

රිස්වි සාලි
Rizvie Salih
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි නියෝජ්‍ය කථානායකවරයා
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
කථානායකවරයාඅශෝක රන්වල
ජගත් වික්‍රමරත්න
පූර්වප්‍රාප්තිකයාඅජිත් රාජපක්ෂ
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
බහුතරය73,018[1]
පුද්ගලික තොරතුරු
උපතශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ
වෘත්තියවෛද්‍යවරයෙකි

මොහොමඩ් රිස්වි සාලි[2] (ඉංග්‍රීසි: Rizvie Salih), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර පාර්ලිමේන්තුවේ වත්මන් නියෝජ්‍ය කථානායකවරයා ලෙස කටයුතු කරයි.[3] ඔහු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[4]

පෞද්ගලික ජීවිතය සහ අධ්‍යාපනය

[සංස්කරණය]

රිස්වි සාලි වෘත්තීය වශයෙන් වෛද්‍යවරයෙකු වන අතර ඔහු පාකිස්තානයේ මුල්තාන්හි Nishtar Medical College වෙතින් MBBS උපාධිය 1986 දී ලබාගත්තේය.[5]

පසුව ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් Laryngo Otorhinology (DLO) ඩිප්ලෝමාවක් හදාරන ලදී.[5]

ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු වන අතර වසර 38 කට අධික කාලයක් වෛද්‍ය වෘත්තියෙහි නිරත වී තිබේ.[6]

ඔහු රජයේ රෝහල් කිහිපයක සේවය කර ඇති අතර පසුව සාමාන්‍ය වෛද්‍ය සේවාවන් සිදුකරමින් පෞද්ගලික වෛද්‍ය වෘත්තියට යොමු විය.[6]

දේශපාලන ජීවිතය

[සංස්කරණය]

රිස්වි සාලි ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරමින් 2024 ශ්‍රී ලංකා මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය.[7] එම මැතිවරණයේදී ඔහු මනාප ඡන්ද 73,018ක් ලබාගත්තේය.[5]

2024 නොවැම්බර් 21 දින පැවති 10 වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමේදී ඔහු ඒකමතිකව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරී පත් විය.[7]

මැතිවරණ ඉතිහාසය

[සංස්කරණය]
මැතිවරණ ඉතිහාසය
මැතිවරණය මැතිවරණ දිස්ත්‍රික්කය පක්ෂය ඡන්ද ප්‍රතිඵලය මූලාශ්‍ර
2024 පාර්ලිමේන්තු කොළඹ දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","73,018 තේරීපත් විය [8]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
  2. ^ "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 2A. 15 නොවැම්බර් 2024. 20 නොවැම්බර් 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2024.
  3. ^ "කථානායක ධුරය අශෝක රංවලට". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
  4. ^ "කොළඹ මනාප ප්‍රතිඵලය". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
  5. ^ a b c "Deputy Speaker shares his qualifications on social media". Daily Mirror. 14 දෙසැම්බර් 2024.
  6. ^ a b "Deputy Speaker shares his qualifications on social media". News First. 13 දෙසැම්බර් 2024.
  7. ^ a b "MP Rizvie Salih elected Deputy Speaker of Parliament". Ada Derana. 21 නොවැම්බර් 2024.
  8. ^ "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
"https://si.wikipedia.org/w/index.php?title=රිස්වි_සාලි&oldid=783094" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි