චතුරංග අබේසිංහ
පෙනුම
චතුරංග අබේසිංහ | |
|---|---|
| Chathuranga Abeysinghe | |
| කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| අමාත්‍යවරයා | සුනිල් හඳුන්නෙත්ති |
| පූර්වප්‍රාප්තිකයා | බුද්ධික පතිරණ[a][b] |
| කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| බහුතරය | 127,166[1] |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 22 නොවැම්බර් 1983[2] ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | ව්‍යාපාර කළමණාකරණ උපදේශක |
චතුරංග අබේසිංහ (ඉංග්‍රීසි: Chathuranga Abeysinghe; උපත 22 නොවැම්බර් 1983), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[3] ඒ මහතා කොළඹ දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.[4] ඔහු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් නිහාල් අබේසිංහ මහතාගේ පුත්‍රයාය. මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
මැතිවරණ ඉතිහාසය
[සංස්කරණය]| මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
|---|---|---|---|---|---|---|
| 2024 පාර්ලිමේන්තු | කොළඹ දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 127,166 | තේරීපත් වෙයි | [5] | |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "කොළඹ මනාප ප්‍රතිඵලය". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 27 නොවැම්බර් 2024.
- ^ "ගරු චතුරංග අබේසිංහ මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 23 ජනවාරි 2025.
{{cite web}}: CS1 maint: url-status (link) - ^ "නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 23 ජනවාරි 2025.
- ^ "2024 පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල මෙන්න.. වැඩිම මනාප හරිනි අමරසූරියට". නිව්ස්ෆස්ට්. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.
- ^ "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 14 දෙසැම්බර් 2024.