Jump to content

නලින්ද ජයතිස්ස

විකිපීඩියා වෙතින්

නලින්ද ජයතිස්ස
Nalinda Jayatissa
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
18 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
පූර්වප්‍රාප්තිකයාහරිනි අමරසූරිය
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
පූර්වප්‍රාප්තිකයාප්‍රසන්න රණතුංග
කළුතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
තනතුර දරමින්
1 සැප්තැම්බර් 2015 – 3 මාර්තු 2020
පුද්ගලික තොරතුරු
උපත21 අප්‍රේල් 1977 (1977-04-21) (වයස 48)[1]
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජනතා විමුක්ති පෙරමුණ
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජාතික ජන බලවේගය
උගත් ශාස්ත්‍රාලයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
රැකියාවදේශපාලනඥ
වෘත්තියවෛද්‍ය වෘත්තික

නලින්ද ජයතිස්ස (Nalinda Jayatissa, උපත 21 අප්‍රේල් 1977), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, වත්මන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ වත්මන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා කළුතර දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කළ හිටපු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[1]

මුල් ජීවිතය හා අධ්‍යාපනය

[සංස්කරණය]

නලින්ද වජිරමාල් ජයතිස්ස 1977 අප්‍රේල් 21 දින උපත ලැබීය.[2] ඔහු මාතුගම පිහිටි සී. ඩබ්. ඩබ්. කන්නංගර මහ විද්‍යාලයේ (C. W. W. Kannangara MMV) අධ්‍යාපනය ලබාගත්තේය.

ඉන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා වෛද්‍ය වෘත්තියට සුදුසුකම් ලබාගත්තේය.

ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.[3][4]

දේශපාලන ජීවිතය

[සංස්කරණය]

ජයතිස්ස ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධ දේශපාලනඥයෙකුවේ.[5]

2024 දී පිහිටුවන ලද නව ශ්‍රී ලංකා ආණ්ඩුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහුව පත් කරන ලදී.[4]

විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ඔහු ශ්‍රී ලංකාවේ ඖෂධ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සහ ඖෂධ නියාමනය ශක්තිමත් කිරීම සඳහා නව  පද්ධති සංවර්ධනය කිරීමට උපදෙස් ලබා දී තිබේ.[6]

ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද ප්‍රතිපත්ති සංවර්ධනය කිරීමේ කටයුතු සිදුකරමින් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා පියවර ගන්නා බව ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.[7]

2025 මැයි 8 දින ඔහු ශ්‍රී ලංකා–ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.[8]

එමෙන්ම 2025 ජූනි මාසයේදී ඔහු ශ්‍රී ලංකා–නේපාල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙසද තේරී පත් විය.[9]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b "ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම." හිටපු මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2024.{{cite web}}: CS1 maint: url-status (link)
  2. ^ "Hon. (Dr.) Nalinda Jayatissa, M.P." Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
  3. ^ "Hon. (Dr.) Nalinda Jayatissa, M.P." Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
  4. ^ a b "Health projects worth Rs 69B stalled – Dr. Jayatissa". Ceylon Today. 8 ජනවාරි 2025. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
  5. ^ "Investor confidence rising as govt. streamlines support, says Minister Dr. Nalinda Jayatissa". Newsfirst. 12 ඔක්තෝබර් 2025. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
  6. ^ "Nalinda orders refined drug quality testing". Hiru News. 25 දෙසැම්බර් 2025. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
  7. ^ "National Media Policy to Be Launched Within Three Months, Says Minister Nalinda Jayatissa". Lanka News Web. 9 ජූලි 2025. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
  8. ^ "Minister Dr. Nalinda Jayatissa elected as the President of the Sri Lanka–India Parliamentary Friendship Association". Parliament of Sri Lanka. 9 මැයි 2025. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
  9. ^ "Minister Nalinda Jayatissa elected President of SL–Nepal Parliamentary Friendship Association". Department of Government Information. 20 ජූනි 2025. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
"https://si.wikipedia.org/w/index.php?title=නලින්ද_ජයතිස්ස&oldid=782881" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි