එරංග ගුණසේකර
එරංග ගුණසේකර | |
|---|---|
| Eranga Gunasekara | |
| තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| අමාත්‍යවරයා | සුනිල් කුමාර ගමගේ |
| පූර්වප්‍රාප්තිකයා | සාගල රත්නායක |
| කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| බහුතරය | 85,180[1] |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 9 සැප්තැම්බර් 1978[2] ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| රැකියාව | දේශපාලනඥ |
එරංග ගුණසේකර (Eranga Gunasekara), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[3] ඒ මහතා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.[4]
ආරම්භක ජීවිතය සහ අධ්‍යාපනය
[සංස්කරණය]එරංග ගුණසේකර 1978 සැප්තැම්බර් 7 දින උපත ලබා ඇත.[5]
ඔහු 1996 දී සාමාන්‍ය පෙළ (G.C.E. O/L) විභාගය සමත් වී ඇති අතර 1999 දී විදුලි කාර්මික ක්ෂේත්‍රයට අදාල Engineering Craft Practice පාඨමාලාව සඳහා ජාතික සහතිකයක් ලබාගෙන ඇත.[5]
දේශපාලන ජීවිතය
[සංස්කරණය]එරංග ගුණසේකර 2024 දී පැවති මහ මැතිවරණයෙන් පසු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දසවන පාර්ලිමේන්තුවට තේරී පත් විය.[5]
2024 නොවැම්බර් 21 දින නව රජය යටතේ ඔහු තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.[6]
2025 ජූනි 3 දින දසවන පාර්ලිමේන්තුවේ “යෞවන කටයුතු සඳහා පාර්ලිමේන්තු සභා කණ්ඩායම” (Parliamentary Caucus for Youth) පිහිටුවීමේදී එහි සභාපතිවරයා ලෙසද ඔහු තේරී පත් විය.[7]
2025 ඔක්තෝබර් මාසයේදී සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ ඔහු නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.[8]
ප්‍රසිද්ධ ප්‍රකාශ සහ ක්‍රියාකාරකම්
[සංස්කරණය]එරංග ගුණසේකර විසින් ආර්ථික සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවලදී ප්‍රකාශ රැසක් සිදු කර ඇත. කොළඹ ඩොක්යාර්ඩ් ආයතනය ඉන්දියානු සමාගමකට බදු දීම සම්බන්ධයෙන් ජනතාවට අසාධාරණයක් සිදු නොවන බවත් එම ගනුදෙනුව පාරදර්ශී ලෙස සිදු කරන බවත් ඔහු සඳහන් කර ඇත.[9]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "කොළඹ මනාප ප්‍රතිඵලය". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2024.
- ^ "ගරු එරංග ගුණසේකර මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 27 නොවැම්බර් 2024.
{{cite web}}: CS1 maint: url-status (link) - ^ "නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 27 නොවැම්බර් 2024.
- ^ "2024 පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල මෙන්න.. වැඩිම මනාප හරිනි අමරසූරියට". නිව්ස්ෆස්ට්. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2024.
- ^ a b c "Hon. Eranga Gunasekara, M.P." Parliament of Sri Lanka.
- ^ "New Deputy Ministers Appointed". Newsfirst. 21 නොවැම්බර් 2024.
- ^ "Deputy Minister of Youth Affairs Eranga Gunasekara elected as the Chair of the Parliamentary Caucus for Youth". Parliament of Sri Lanka. 5 ජූනි 2025.
- ^ "Sri Lanka's Cabinet Shake-Up to Accelerate Development Agenda". Lanka Sara. 10 ඔක්තෝබර් 2025.
- ^ "Colombo Dockyard Deal with India Won't Harm Public – Dept. Minister Eranga". Morning Telegraph. 29 ජූනි 2025.