Jump to content

ලක්ෂ්මන් නිපුණආරච්චි

විකිපීඩියා වෙතින්

ලක්ෂ්මන් නිපුණආරච්චි
Lakshman Nipuna Arachchi
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
23 සැප්තැම්බර් 2024
පූර්වප්‍රාප්තිකයාඅනුර කුමාර දිසානායක
තනතුර දරමින්
22 අප්‍රේල් 2004 – 9 පෙබරවාරි 2010
පුද්ගලික තොරතුරු
උපත4 අප්‍රේල් 1965 (1965-04-04) (වයස 61)[1]
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජනතා විමුක්ති පෙරමුණ
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජාතික ජන බලවේගය
රැකියාවදේශපාලනඥ

ලක්ෂ්මන් නිපුණආරච්චි (Lakshman Nipuna Arachchi, උපත 4 අප්‍රේල් 1965), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඒ මහතා කොළඹ දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[2]

ආරම්භක ජීවිතය සහ අධ්‍යාපනය

[සංස්කරණය]

ලක්ෂ්මන් නිපුණආරච්චි 1965 අප්‍රේල් 4 දින ශ්‍රී ලංකාවේ උපත ලබා ඇත.[3]

ඔහු උසස් පෙළ (A/L) විභාගය වාණිජ අංශයෙන් සමත් වී ඇත.[3]

දේශපාලන ජීවිතය

[සංස්කරණය]

ලක්ෂ්මන් නිපුණආරච්චි 1990 දශකයේ සිට දේශපාලන ක්ෂේත්‍රයේ සක්‍රීයව කටයුතු කරමින් ජනාතා විමුක්ති පෙරමුණ (JVP) සහ පසුව එහි දේශපාලන සන්ධානය වූ ජාතික ජන බලවේගය සමඟ සම්බන්ධ විය.

ඔහු පළමුවරට 2004 මහ මැතිවරණයෙන් පසු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්ව 2010 දක්වා මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කළේය.[4]

2019 සිට 2022 දක්වා ඔහු ජාතික ජන බලවේගයේ මහලේකම් ලෙස ද කටයුතු කළ බව වාර්තා වේ.[5]

2024 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්විය.[3]

වෙනත් ක්‍රියාකාරකම්

[සංස්කරණය]

දේශපාලන ක්ෂේත්‍රයට අමතරව සමාජ හා සංස්කෘතික ක්ෂේත්‍රවල ද ඔහුගේ සම්බන්ධතාව පවතින අතර, ඔහුගේ සහභාගිත්වයෙන් වේදිකා නාට්‍ය කටයුතුද සිදුකර ඇත.[6]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "ගරු ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා, පා.ම". මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2024.{{cite web}}: CS1 maint: url-status (link)
  2. ^ "ලක්ෂ්මන් නිපුණආරච්චි ගේ නම ගැසට් කෙරේ". ශ්‍රී ලංකාව: අද දෙරණ.
  3. ^ a b c "Hon. Lakshman Nipuna Arachchi, M.P." Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
  4. ^ "Fonseka's successor for Parliament named". Daily Mirror. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
  5. ^ "Lakshman Nipuna Arachchi predicts end of strikes". Onlanka. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
  6. ^ "ලක්ෂ්මන් නිපුණ ආරච්චිගෙන් 'පිජාමා' වේදිකාවට". මව්බිම. 20 අගෝස්තු 2025. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.[permanent dead link]
"https://si.wikipedia.org/w/index.php?title=ලක්ෂ්මන්_නිපුණආරච්චි&oldid=783672" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි