වාරාණසී

විකිපීඩියා වෙතින්
(වාරානාසි වෙතින් යළි-යොමු කරන ලදි)
වාරාණසී
කාශි
බනාරස්
බෙනාරස්
අවිමුක්ත
ආනන්දවන
රුද්‍රවාස[1]
පුරවරය
වමේ සිට දකුණට, ඉහළ සිට පහළට: අහිල්‍යා ඝාට්, චේත් සිං ඝාට්, කේදාර් ඝාට්, දශාශ්වමේධ් ඝාට් හි ගංගා ආර්ති, වාරාණසීයේ ගංගා නදී ඉවුර දිගේ පිහිටියේ ය, ගංගා නදියට පූජා පවත්වන පුද්ගලයෙක්, දශාශ්වමේධ් ඝාට්
අපනාමය(න්): ඉන්දියාවේ අධ්‍යාත්මික අගනගරය
වාරාණසී is located in උත්තර් ප්‍රදේශ්
වාරාණසී
වාරාණසී
වාරාණසී is located in ඉන්දියාව
වාරාණසී
වාරාණසී
වාරාණසී is located in Asia
වාරාණසී
වාරාණසී
උත්තර් ප්‍රදේශ් තුළ පිහිටීම
ඛණ්ඩාංක: 25°19′08″N 83°00′46″E / 25.31889°N 83.01278°E / 25.31889; 83.01278ඛණ්ඩාංක: 25°19′08″N 83°00′46″E / 25.31889°N 83.01278°E / 25.31889; 83.01278
රට ඉන්දියාව
ප්‍රාන්තයඋත්තර් ප්‍රදේශ්
කොට්ඨාසයවාරාණසී
දිස්ත්‍රික්කයවාරාණසී
රජය
 • අධිකරණ වර්ගයනාගරික සංස්ථාව
 • ඉහළම අධිකරණයවාරාණසී නාගරික සංස්ථාව
 • නගරාධිපතිමෘදුලා ජයිස්වාල් (BJP)
 • කොට්ඨාස කොමසාරිස්දීපක් අගර්වාල්, IAS
 • දිස්ත්‍රික් මහේස්ත්‍රාත්කෞශාල් ‍රාජ් ෂර්මා, IAS
 • පරීක්ෂක ජනරාල්, වාරාණසී කලාපයවිජයි සිංහ් මීනා, IPS
 • Senior Superintendent of Policeප්‍රභාකර් චෞධරි, IPS
සරිය[2]
 • පුරවරය82 කිමී2 (32 සතරැස් සැත)
 • පුරවර[3]163.8 කිමී2 (63.2 සතරැස් සැත)
උන්නතාංශය80.71 මී (264.80 අඩි)
ජනගහණය(2011)
 • පුරවරය1,201,815
 • අනුස්ථිතිය31වන
 • ඝණත්වයBad rounding here15,000/කිමී2 (Bad rounding here38,000/වර්ග සැත)
 • පුරවර[4]1,432,280 (32වන)
භාෂාව
 • නිලහින්දි[5]
 • අමතර නිලඋර්දු[5]
 • ප්‍රාදේශීයභෝජ්පූරි
වේලා කලාපIST (UTC+5:30)
PIN221 001 to** (** ප්‍රදේශ කේතය)
දුරකථන කේතය0542
වාහන ලියාපදිංචියUP 65
දදේනි$3.07 billion (2016–17)[6]
ඒක පුද්ගල ආදායමINR 1,93 616[7]
ලිංග අනුපාතය0.926 (2011) /
සාක්ෂරතාව (2011)80.31%[8]
HDI0.645[9]
වෙබ් අඩවියvaranasi.nic.in

වාරාණසී (හින්දුස්තානි උච්චාරණය: [ʋaːˈraːɳəsi] ( අසන්න)), හෙවත් බෙනාරස්,[10] බනාරස් (Banāras [bəˈnaːrəs] ( අසන්න)) හෝ කාශී (Kāśī [ˈkaːʃi] ( අසන්න)) යනුවෙන් හඳුන්වන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ගංගා නදියෙහි ඉවුර අසබඩ පිහිටි නගරයකි. මෙය ප්‍රාන්ත අගනගරය වන ලක්නව් සිට 320 කිලෝමීටර (200 mi) ගිනිකොණදිගින් ද, අලහබාද් සිට 121 කිලෝමීටර (75 mi) පමණ නැගෙනහිරට වන්නට ද පිහිටා තිබේ. ඉන්දියාවේ ප්‍රධාන ආගමික මූලස්ථානයක් වන මෙය, හින්දු ආගම සහ ජෛන ආගම තුළ එන සප්ත පූජනීය නගර (සප්ත පූරි) අතර වඩාත්ම ශුද්ධ වූ නගරය ලෙස සැලකෙයි. එසේම මෙය බුද්ධාගමෙහි සහ රවිදස්සියා හි වර්ධනය කෙරෙහි බෙහෙවින් ඉවහල් විය. වාරාණසී පිහිටියේ ජාතික අධිවේගී මාර්ග අංක 2 අසල වන අතර, එහි වාරාණාසි සන්ධිය දුම්රිය ස්ථානය සහ ලාල් බහදූර් ශාස්ත්‍රී අන්තර්ජාතික ගුවන්තොටුපල පිහිටා තිබේ.

වාරාණසී වානිජමය අතින් ද වැදගත් නගරයක් වූ අතර, එය මස්ලින් සහ සේද රෙදි, සුවඳ විලවුන්, ඇත්දළ නිර්මාණ සහ ප්‍රතිමා සඳහා ප්‍රසිද්ධියක් ඉසිලී ය. ක්‍රි.පූ. 528 අවට කාලයේ, බුදුන් වහන්සේ සිය මංගල ධර්ම දේශනය වූ "ධර්මචක්‍ර ප්‍රවර්තන සූත්‍රය" දේශනා කළේ මෙහි යාබද සාරනාත් හි දී ය. මෙම නගරයෙහි ඇති තවත් ආගමික වැදගත්කමක් ලෙස ක්‍රි.ව. 8වන සියවසෙහි දී ආදි ශංකර විසින් ශෛවාගමික නිකායයක් ස්ථාපනය කිරීම දැක්විය හැක. මධ්‍යකාලීන යුගයේ මුසල්මාන පාලන සමයේ පවා නගරය හින්දු ආගමෙහි වැදගත් ස්ථානයක් ලෙස පැවතිණි. රාමගේ දිවිය අලලා තුල්සිදාස් විසින් රාම් චරිත් මානස් ‍රචනා කරන ලද්දේ වාරාණසී හි ය. භක්ති ව්‍යාපාරයෙහි වැදගත් චරිත වන කබීර් සහ රවිදාස් උපත ලැබූයේ වාරාණසී හි ය.[11] සීක් ආගම බිහිකිරීමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉසිලූ ගුරු නානක් ක්‍රි.ව. 1507 දී මහා ශිවරාත්‍රිය වෙනුවෙන් වාරාණසී වෙත පැමිණියේ ය.

ආශ්‍රේයයන්[සංස්කරණය]

උද්ධෘත[සංස්කරණය]

  1. "Varanasi: About the city". Official website of Uttar Pradesh Tourism. 8 July 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 May 2013.
  2. "Varanasi City".
  3. "District Census Handbook Varanasi" (PDF). censusindia.gov.in. සම්ප්‍රවේශය 23 December 2020.
  4. "Urban Agglomerations/Cities having population 1 lakh and above" (PDF). Office of the Registrar General & Census Commissioner, India. 17 ඔක්තෝබර් 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 12 මැයි 2014.
  5. 5.0 5.1 "52nd REPORT OF THE COMMISSIONER FOR LINGUISTIC MINORITIES IN INDIA" (PDF). nclm.nic.in. Ministry of Minority Affairs. 25 May 2017 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 December 2018.
  6. "Yogi Adityanath is right. Route to UP's $1 trillion GDP goal passes through hinterland". සම්ප්‍රවේශය 25 September 2019.
  7. "Executive Summary" (PDF). සම්ප්‍රවේශය 29 December 2019.
  8. "Slum Free City Plan of Action Varanasi" (PDF).
  9. http://ssca.org.in/media/4_2016_HDI_t1hcMZm.pdf
  10. The name that appears on the 1909 version official map of India
  11. "When the spirit of Kabir took over the ancient ghats of Benares". The Sunday Guardian Live (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 30 November 2019. සම්ප්‍රවේශය 29 December 2019.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Varanasi සැකිල්ල:Hinduism (compact)

"https://si.wikipedia.org/w/index.php?title=වාරාණසී&oldid=593324" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි