භාෂාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
භාෂාමය හැකියාවන්ට අදාළ මොළයේ ප්‍රදේශ​

භාෂාව යනු සන්නිවේදන ක්‍රමයකි. මානව භාෂණ හා කථන භාෂා සංකේත සහ එම සංකේත හසුරුවන ව්‍යාකරණය ඇතුළත් පද්ධතිය ලෙස විස්තර කළ හැකි ය.

ප්‍රථම ලිඛිත භාෂා ක්‍රමය වුයේ නීලංකාරයයි. නමුත් කථාකරන භාෂාව ලිවිම ඇරඹිමට අඩු වශයෙන් අවුරුදු දසදහස් ගණනක් ගත වු බව විශ්වාස කෙරේ.

භාෂාවක් යනු දෘශ්‍ය ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය සන්නිවේදන සංකේතයන් හා ඒවා මෙහෙයවිම සදහා යොදාත් රීතින්ය. එවැනි ක්‍රමයක් සාමාන්‍ය සංසිද්ධියක් ලෙස යොදා ගැනිමද, භාෂාවක් යනුවෙන් හැදින්විය හැකි. භාෂාව විශේෂිත මිනිස් සංනිවේදන මාධ්‍යයක් ලෙස ‍සැලකේ. සතුන් විසින් සැලකිය යුතුලෙස සංකීර්ණ වු සංනිවේදන ක්‍රම භාවිතා කළද ඒවා කිසිවක් වාග් විද්‍යාඥයින් විසින් භාෂාව නිර්වචනය කිරිමට යොදා ගන්නා සියළු ගුණයන් අඩංගු වන බවත් දැනගන්නට නැත.


භාෂාවේ අඩංගු ලක්ෂණ[සංස්කරණය]

එකගතාවයට පත් සංකේත සමුහයක් ලිඛිති භාෂාවෙහි එක් ලක්ෂණයක් පමණි. සියළු භාෂාවන් විසින් ව්‍යාකරණ ක්‍රමයක් තුළ මෙම සංකේතයන් අතර ඇති ව්‍යුහාත්මක සම්බන්ධතාවන් නිර්වචනය කිරිම අනිවාර්යය‍ වේ. භාෂාව අනෙකුත් සංනිවේදන ක්‍රම වලින් වෙන් කොට දක්වනුයේ ව්‍යාකාරණ පිලිබද රීතින් වලිනි. ඒවා සම්භාවශ්‍ය වශයෙන් අපරිමිත වු භාෂාමය ප්‍රකාශයන් සංකේතවත් නිර්මාණය කිරීම සදහා සීමිත සංඛේත කට්ටලයක් මෙයෙවීමට ඉඩ සලසයි.

භාෂාවෙහි තවත් ලක්ෂණයක් වනුයේ යොදා ගනු ලබන සංඛේත අභිමානුකූල විමයි. ඕනෑම සංකල්පයක් ‍හෝ ව්‍යාකරණ රීතියක් සංකේතයකට අනුරූපණය කළ හැකිය. බො‍හෝ සෙයින් භාෂාවන් ශබ්දය යොදා ගන්නා නමුත් යොදා ගනු ලබන ශබ්දවල සංකලනයන්හි ඒවායේ අන්තර්ගත අර්ථයක් නොමැත. ඒවා එම භාෂාව යොදා ගන්නන් විසින් කිසියම් දෙයක් නියෝජනය කිරිම සඳහා එකගතාවට පත්වු ගිවිසුමක් පමණි. (උදාහරණයක් ලෙස "නඩා" යන ස්පාඤ්ඤ වචනයෙහි "කිසිවක් නැත" යන අරුතින් යොදා ගැනිමට අදාලව කිසිවක් නැත) තවත් ශබ්ද කට්ටලයක් (උදාහරණයක් ලෙස ඉංග්‍රිසයෙන් nothing යන වචනය) එම සංකල්පයේම නියෝජනය කිරිම සදහා ඒ හා සමානව යොදාගත හැකිය. කෙසේ වුවද සියළුම ස්පාඥ්ඤ කථිකයන් එම ශබ්ද රටාව සදහා එම කථිකයන් අර්ථය ඇතිකරගෙන ඉගෙන ගෙන ඇත. නමුත් කෝඒසියානු සර්බියානු/කෝසෝවානු හෝ බෝස්නියානු කථිකයින්ට නාඩා යන්නේහි අර්ථය බලාපොරොත්තුව යන්නය.

කෙසේ වුවද, මුලධර්මයක් හැටියට සංකේත අභිමානුකුල වුවද, භාෂාවක පරමාදර්ශය ලෙස සැලකෙන සංකේත, එවැනි භාෂාවක තිබිය නොහැකි යැයි ඉන් අදහස් නොවේ. "මියෝව්" (Meow) වැනි වචන ඒවා නියෝජනය කරන පදයට සමාන ශබ්දයක් ඇති කලද, ඒවා තේරුම් ගැනිම සදහා ඒවා එසේ විම අවශ්‍යම නැත. බොහෝ භාෂාවන් බළලෙක් නිකුත් කරන ශබ්දය නියෝජනය කිරිම සදහා එකතාවයට පත් සම්මුතියක් ලෙස විවිධ ශබ්දානුහරණයක් යොදා ගනී.

විධිමත් භාෂාව[සංස්කරණය]

මෙම ලිපිය ගණිතය, තර්ක ශාස්ත්‍රය සහ පරිගණක විදයාවේදී යොදා ගැනෙන පාරිභාෂික පදයක් සම්බන්ධයෙනි. ස්වභාවික භාෂා සම්බන්ධ ආශ්‍රිත අධ්‍යයනයන් පිලිබදව ව්‍යාකරණ රාමුව බලන්න. කථනයේ ආකාරයක් වශයෙන් විධිමත් භාෂව සම්බන්ධව ලේඛනය (වාග් විද්‍යාව) බලන්න.

විධිමත් භාෂාවක් යනු වචන කට්ටලයකි. එනම් නියමිත අකුරු හෝ සකේත වැල්ය. මෙම අකුරු ලබා ගනු ලබන වට්ටෝරුව භාෂාව නිර්වචනය කරනු ලබන ආකාරාදි ලෙස හැදින්වේන විධිහත් භාෂාවක් බොහෝ විට නිර්වචනය කරනු ලබන්නේ විධිමත් ව්‍යාකරණටයක් ඔස්සේය. විධිමත් භාෂාවන් හුදෙක් පද සාධනය සම්බන්ධ සංකල්පයකි. එනම් ප්‍රාග් අනුභූතිව ඒවා හා සම්බන්ධ අරුතක් නොමැත. භාෂාවක වචන එකි ආකාරාදිය අභිමතානුකූලව යොදා ගනු ලබන වදන වලින් වෙන්කොට හදුනා ගැනීම සදහා ඒවා සමහර විට හොදින් නිර්මාණය වු වචන හෝ (තර්ක ශාස්ත්‍රයේදි නම් ) හොදින් නිර්මාණය වු සුත්‍ර ලෙස හැදින්වේ.

විදිමත් භාෂාවන්, විධිමත් තර්ක ශාස්ත්‍රය හා පරිගණක විද්‍යාව යන විෂය ‍ක්ෂේත්‍රයන්හි දි අධ්‍යනය කෙරේ. ඒවායේ ඉතාමත් වැදගත් ප්‍රායෝගික උපයෝගීතාවය වන්නේ පරිගණක වැඩසටහන් සම්පාදන භාෂාවක නිවැරදි පද නිශ්චිත අර්ථ දැක්විම සදහාය. එවැනි භාෂාවන්හි ශුද්ධ වශයෙන් පද සටනත්මක පැති කෙරහි පමණක් සලකා බැලෙන ගණිත විද්‍යාවේ අංශය සහ පරිගණක විද්‍යාව (එනම් ඒවායේ අභ්‍යන්තර වියුහාත්ම රටා) විධිමත් භාෂා න්‍යාය ලෙස හැදිනවේ.

එය විධිමත්ව භාෂාවෙහි කොටසක් නොවුනද භාසාවක වචන වල ශබ්දාර්ථ විභානී මානයක් ද පවතී භවිතාවේදි මෙය සැම විටම භාෂාවෙහි ව්‍යුහය හා තදින් බැදි පවතී. විධිමත් ව්‍යාකාරණයක් (භාෂාවක් ආවර්තතිකව නිර්වචනය කරනු ලබන නිර්මාණ රීති කට්ටලය) වචනවල (හොදින් නිර්මාණය වු ) අර්ථය විග්‍රහ කර ගැනීම සදහා උපයෝගී කරගත හැකිය. මීට ඉතාමත් ප්‍රසිද්ධ උදාහරණයක් වුයේ ප්‍රථම ගණයේ තර්ක ශාස්ත්‍රය සදහා ටීස්කීමා ආශ්‍රයේ ‍ටාස්කිග් සාහත්‍යය පිලිබද නිර්වචනය සහ ලෙක්ස් සහ යැක් වැනි සම්පාදන උත්පාදනයන්ය.

භාෂා විචාරය[සංස්කරණය]

යම්කිසි සමාජයක මිනිසුන් විසින් භාෂාවක් කථා කරන (හෝ කරන ලද) ආකාරය පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් හා විස්තරයක් භාෂා විචාරය නම්වේ. සියලූ විද්වත් භාෂා විචාරයන් ඉතා විස්තරාත්මක ව කර ඇත. අන් සියලු විද්‍යාවන් මෙන්ම, භාෂා විචාරයේ ද මූලික අරමුණ වනුයේ භාෂාවේ භාවිතය පිළිබඳව ඇති සැටියෙන් කෙරෙන අධ්‍යයනයකි. මෙහිදී යම්කිසි භාෂාවක් කුමන ආකාරයෙන් විය යුතුද?” යන පක්ෂපාතී භාවයෙන් වැළකිය යුතුය. බ්ලූම්ෆීල්ඩ් සහ අනෙකුත් අය විසින් උදාහරණ සහිතව පෙන්වා දෙන පරිදි, නූතන භාෂා විචාරයන් සංවිධානාත්මක පදනමකින් කෙරේ.

භාෂා විචාරයක්, බොහෝ විටදී අධ්‍යාපනිකව හා මුද්‍රිත මාධ්‍ය වලදී හමුවන භාෂා වට්ටෝරුවකට වඩා වෙනස් වේ. (භාෂා වට්ටෝරුවක් යනු නීති මාලාවකි) නීති මාලාවකින් කෙරෙනුයේ භාෂාවක විවිධ මාදිලි සහ ව්‍යාකරණ නීති ආදිය හඳුන්වා දීමයි. මෙහිදී සාහිත්‍යමය අංග ද ඇතුළත් විය හැකිය. මෙම නීති මාලාවත් (වට්ටෝරුවක්) භාෂා විචාරයත් සමහර විට පරස්පර විරෝධී විය හැකිය.

භාෂා විචාරයකින් සර්ව සම්පූර්ණ භාෂා අධ්‍යයනයක් කිරීම දුෂ්කරය. එසේ වන්නේ, භාෂාවක උච්ඡාරණය, ව්‍යාකරණ නීති සහ සියලු වචන එකම රාමුවකට කොටුකර දැක්විය නොහැකි බැවිනි.

යම් භාෂාවක ප්‍රවීණයකු හට නිතැතින්ම භාෂා නීතිය පිළිබඳ දැනුමක් පිහිටයි. නමුත්, භාෂා විචාරයක් කිරීමට නම්, එම භාෂාව හසළව කථා කිරීමට පුළුවන් විය යුතුමයි නියමයක් නැත. භාෂාවක් පිළිබඳ මනා පුහුණුවක් නැති අය විසින් කරන ලද භාෂා විචාරයන් ද දහස් ගණනක් ඇත. 1900 ට පෙර කාලයේදී භාෂාවන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඉතා අවමය.

පහත කරුණු සියල්ලම හෝ කිහිපයක් වත් අඩංගු වේ නම් එය භාෂා විචාරයක් ලෙස හදුනාගත හැක.

(1) උච්ඡාරණය
(2) අන්තර්-වචන සබඳතා
(3) ව්‍යාකරණ
(4) එකම වචනයේ වෙනස් ස්වරූපය
(5) ශබ්දකෝෂයක්
(6) පාවිච්චි කිරීමේ උදාහරණ

භාෂා ප්‍රතිග්‍රහණය[සංස්කරණය]

භාෂා ප්‍රතිග්‍රහණය යනු මානවයා තුළ භාෂා හැකියාව වර්ධනය වන ක්‍රියාවලියයි. ප්‍රථම භාෂා ප්‍රතිග්‍රහණය ළමයින් තුල භාෂාවේ සංවර්ධනය සම්බන්ධයෙන් වන අතර ද්විතිය භාෂා ප්‍රතිගහණය වැඩිමහල්ලන් තුලද සිදුවන භාෂාවේ සංවර්ධනය කෙරහි යොමුවේ. ඓතිහාසිකව ප්‍රතිග්‍රහණයේ ඉතාම වැදගත් හේතු සාධකය ස්වභාවධර්මයා හෝ පුහුණුව යන දෙකින් එකක් බව අවධානය කරමින් න්‍යායවාදින් බොහෝ විට ‍බෙදි සිටිති.

වඩාත් උණුසුම් ලෙස විවාදයට භාජනය වු කාරණයක් වන්නේ බොහෝ විට විශ්ව ව්‍යාකාරණය ලෙස ද හදුන්වන භාෂාව අන්තර ගැනීමට යන්නයි. වර්ෂ ගනනක් තිස්සේ නෝම් දෝම්ස්කි සහ නැසීගිය එරික් ලෙබර්ග් නම් විශ්ව විද්‍යාලන ළමයින්ට භාෂාවය ඉගැනිම පහසු කරවන සහ ඒ සදහා බල කරවන සදහා භාෂාව විශේෂික හැකියාවන් ඇත යන උපකල්පවට පක්ව තර්ක කළහැක.

එලිසැබෙන් බේට්ස්, තැනරි‍ස්නාත් සහ මයිකල් ටොමැසේලෝ ඇතුළු අනෙකුත් පර්යේෂකයින් භාෂා අධ්‍යනය ඇතිවන්නේ පොදු හදුනාත්මක හැකියාවන් සහ ඉගෙන ගන්නන් සහ ඔවුන් වටපිටාවේ සිටින ජනතාව අතර ඇතිවන අන්තර් ක්‍රියාකාරකම් මගින් පමණක් බව උපකල්පනය කළහ. විලියම් ඕ ග්‍රේඩි විසින් මැතකදී කළ කෘතියකින් සංකීර්ණ පද සමාන පංචයන් ඇතිවන්නේ කාර්යක්ෂමතාව මගින් ඇති කරවන ‍රේඛිය සංඛ්‍යාත්මක ක්‍රමයක් මගින් බව යෝජනා කරයි. ඕ ග්‍රේස් සිය කාර්ය විශ්ව භාෂාවකින් දේශ ජනවාදය පිළිබද ඉතාමත් වැදගත් ප්‍රගමනයක් වනුයේ බුයන් මැක්විනි සහ කැතරින් විසින් ළමා දත්ත ගබඩාව ඇති කිරීමයි.

භාෂාව පිළිබද පුරාණෝක්තිකගත ආරම්භයන්[සංස්කරණය]

විද්‍යාත්මක න්‍යායන් කිසිවක් ඇතිවිමට පෙර භාෂාවේ ආරම්භය පිළිබද විවිධ හේතු දැක්විම් පැවතිනි. භාෂාවේ ආරම්භය, සංවර්ධනය සහ පවතින භාෂාවන්හි විවිධත්වය පිලිබද බොහෝ සංස්කෘතින් තුල හේතු විද්‍යාත්මක ප්‍රබන්ධයන් සහ වෙනත් කථා අදත් පවතී.

වාචික සම්ප්‍රදාය ඔස්සේ ඉදිරියට පැමිණි මෙම මිථ්‍යාවෙන්හි සාමානකම් සුනරාවර්ති තේමාවන් සහ වෙනස්කම්ද වේ. සමහර මිථ්‍යාවන් හුදු කථා වලට වඩා අර්ථයක්ද, තවත් සමහරක ව්‍යාප්තිය පිලිබද ඇති පුරාණෝතිකිවල, යලි යලිත් දක්නට ඇති තේමාවන් වනුයේ ජල ගැලිම් සහ මානව විනාශයන්ය. බොහෝ කථා මිහි මඩලේ සිටි ජනතාව ග්‍රහයා මතුපිට විසිර යන්නට ‍හේතු වු මහා ජලගැල්මක් පිලිබදව පවසයි. මිනිසා විසින් කරන ලදැයි තේරුම්ගත් වැරදි වලට දෙවියන් හෝ දෙවිවරුන් දඩුවම් ලබාදිම තවත් යලි යලිත් දැකිය හැකි තේමාවකි.

භාෂාවේ ආරම්භය පිළිබද පු‍රාණෝක්ති සාමාන්‍යයෙන් වඩා විශාල නිමැවුම් පිළිබද පුරාණෝක්තිවල උපග්‍රහණය වි හෝ වාද සටහන් ලෙස දැක්විම සිදුවි ඇත. සමහර කථා නිමැවුම් කරුවෙකු විසින් ආරම්භයේ සිට භාෂාව පවරා දෙන ලද බව පවසන අතර අනෙකුත් ඒවා භාෂාව පසුකාලීනය දන් ත්‍යාගයක් ලෙස සලකයි.

ආසියාව[සංස්කරණය]

බ්‍රහ්මයා විසින් උඩගු ගසකට දෙන ලද දඩුවමක් මගින් භාෂාවේ වෙනස්කම් පමණක් නොව සංස්කෘතියේ හෝ සිරිත් විරිත්වල විවිධත්වය පවා ඇතවුයේ කෙසේ දැයි හින්දු මිථ්‍යා කථාවක් පවසයි.

පෘථිවියේ මනුෂ්‍ය ඉතිහාසයේ ආශ්චර්යමත් ලෝක ගස/දැනුම් ගස වැඩිණි. එය කෙතරම් උස් විද යත්, එය දෙව්ලොව අසන්නයට ළං විය. එය තමාගේ හෘදය වස්තුවෙන් මෙසේ පැවසිය. "මම මගේ හිස දෙව්ලොවහි රදවම් මාගේ අතු ඉති මුලු පෘථුවිය පුරා විහිදුවමි. සියළු මිනිසුන් මගේ සෙවනැල්ල යටට රැස් කරමි. ආරක්ෂා කරමි. වෙන්විමෙන් වළකමි." නමුත් බ්‍රහ්මයා ගසෙහි උඩගුකමට දඩුවම් කිරිම සදහා එමි අතු ඉති කලා ඒවා පෘථිවිය මත හෙළිය. ඒවා වට ගස් ලෙස මතුවි වුට පෘථිවියෙහි මතුපිට මිනිසුන් විසුරුවා හැරීම සදහා අදහිලි කථාවෙහින් හා සිරිත් විරිත් වල වෙනස්කම් ඇති කරන ලදි.

බෙංගාල බොක්කෙහි අන්දමන් දුපත්වල දේශිය වැසියන්ගේ සාම්ප්‍රදායික විශ්වාසයන්ට අනුව භාෂාව යනු දෙවියන් විසින් ප්‍රථම මිනිසා සහ ගැහැණියට දෙන ලද්දකි. ඔවුන්ගේ විශ්වාසයට‍ අනුව එසේ දෙන ලද භාෂාව මධ්‍ය අන්දමින් හි දකුණුදිග සහ ගිණිකොණ දිග කෙන්ටස් වල ජීවත් වන ග්‍රෝත්‍රිකයකන් විසින් අද දක්වාම කථා කරන බව "බෝජිල් -යැබ්" නමින් හැදින්නෙ භාෂාවකි. මෙම භාෂාව මව් භාෂාව බවත් අනෙකුත් සියළු උප භාෂාවන් එයින් සැදුනු බවත් එහි වැසියන් විස්තර කරති.

ඔවුන්ගේ විශ්වාසය අනුව ප්‍රථම මිනිසාගේ මරණයටද පෙර ඔහුගේ දු දරුවන් ගනනින් තොරම් විශාල විද යක් ඔවුන්ගේ නිවසට තවදුරටත් ඔවුන් රදා තබා ගැවිමට නොහැකි විය. පුලුගා ගේ නියමය පරිදි ඔවුනට අවශ්‍ය සියලුම අවශ්‍ය උපකරණ සහ ගින්දර ඔවුන් වෙත සපයන ලදුව, දිවයින පුරා ජෝඩු වශයෙන් විසුරවා හරින ලදී. මෙම නික්මීම සිදු වු විට එ‍‍තෙක් එක් කණ්ඩායමට පුලුගා විසින් විශේෂ වු උප භාෂාවක් සපයන ලදී භාෂාවේ විවිධත්වය ඒ ආකාරයෙන් පැහැදිලි කෙරිණි.

භාෂාව යනු කුමක්ද?[සංස්කරණය]

භාෂාව යන්න නිර්වචනය කිරීමේදී සලකා බැලිය යුතු විශේෂ අංශ කීපයකි. ශිෂ්ටාචාරය හරහා මිනිසාගේ විශිෂ්ටතම නිර්මාණය වන භාෂාව විස්මිත බවක් ගනී. කෙසේ වුව ද මේ සියල්ල දෙස අවධානය යොමු කරමින් යම් ආකාරයක නිර්වචනයක් ඉදිරිපත් කිරීමට යොමු කළ යුතු අංශ කීපයකි. 1. වාග් විද්යාුවට විෂය විය යුත්තේ මනුෂ්‍ය භාෂාවයි. 2. එහිදී භාෂණයට මුල් තැනත් ලේඛනයට දෙවන තැනත් හිමි විය යුතුය. 3. නිර්වචනය කිරීමේදී සංයුතිය මෙන් ම කාර්යභාරය පිළිබදව ද අවධානය යොමු කළ යුතුය. 4. භාෂාව සමාජ නිර්මිතයක් බැවින් සාමාජීය කාර්යන්ටත් මුල් තැන දිය යුතුය. කාර්යභාරය පිළිබදව සැළකීමේදී අදහස් ඵල කිරීම, හැගීම් ඵල කිරීම, අභිලාෂයන් ඵල කිරීම, සන්නිවේදනය, අන්යෝන්‍ය සහයෝගිතාවය හා ක්‍රියාකාරිත්වය ආදිය ප්‍රධාන වේ. මේ සියලුම අංශ කෙරෙහි සැලකිලිමත් වෙමින් නිර්වචනයක් ඉදිරිපත් කිරීම අති දුෂ්කර කාර්යයකි. “මිනිසා මිනිසෙකු වන්නේ භාෂාව නිසාය.” - වීලේම් වෙන්හුම් “භාෂාව නම් මිනිසාගේ මානසික ක්‍රියාකාරිත්වයට පර්යාප්ත වන ප්‍රකාශනශීලී ගතියෙහි ආකෘතියයි.” - ලෙනාඩ් බ්ලූම්ෆීල්ඩ් “භාෂාමය පද්ධතියක් නම් අර්ථමය වෙනස්කම් මාලාවක් සමග බැදුණු ශබ්දමය වෙනස්කම් මාලාවකි” - සොසුයයෝ “භාෂාවක් නම් මිනිසුන් සාමාජීය සමූහයක සාමාජිකයන් ද සංස්කෘතියක කොටස් කරුවන් ද වශයෙන් අන්යෝමන්යය ක්රිකයාකාරිතා හා සන්නිවේදනය සදහා යොදා ගන්නා සම්මුතික වූ වාග් සංකේත පද්ධතියකි” - බර්නාඩ් බ්ලොක් ඉහත නිර්වචන සෑම අංශයක් කෙරෙහි ම සලකමින් විචාරයට ලක් කළ හොත් පරිපූර්ණ කුමක්දැයි යන්න හදුනාගත හැකි වෙයි. කෙසේ වුව ද ඕනෑම භාෂාවක දක්නට ලැබෙන ආකෘතිකමය වූ පොදු ලක්ෂණ කීපයක් මෙසේ දැක්විය හැක. • භාෂාවක් යන්න වාගාලාප හා වචන වලින් නිර්මාණය වී ඇති බව. • වාගාලාප, වචන නිර්මාණය වී ඇත්තේ කතා ශබ්ද අනුසාරයෙන් බව. • වචන හා කතා ශබ්ද, සංකේත(සංඥා) සමූහයක් බව. • සංකේතය හා -------- අතර සම්බන්ධතාව සමාජ සම්මුතියක් වන අතර ඒවා සහජ සම්බන්ධයක් නොදක්වන බව. • ඒ ඒ බසට සුවිශේෂී වූ රටා හා රීති අනුව පද්ධතියක් ලෙස පිහිටන බව. • ඕනෑම සාමාජයීය අවස්ථාවකට සරිලන ආකාරයෙන් නවතාවයන් සහිත වී ඇති බව. භාෂාවේ ඉතිහාසය. භාෂාවේ ආරම්භය සම්බන්ධව විවිධ මත පවතී. දෙවියන් වහන්සේ විසින් මෙය ආරම්භ කළ බවට ප්ර්කාශ කල ද භාෂාවේ ඉතිහාසය මිනිස් ශිෂ්ටාචාරය හා බැදුණු බව පිළිගත යුතු කරුණකි. ශිෂ්ටාචාරය මගින් විවිධාකාරයට පරිවර්තනය වූ මිනිසා උපකරණ නිර්මාණය කිරීමත් ඒවා පරිහරණය කිරීමත් ඉදිරි පරපුරට ඒවායේ නිර්මාණය හා පරිහරණය පිළිබදව කියා දීමත් සිදු කළ අතර ඒ සදහා භාෂාව භාවිතටය ද පෙළඹිණි. මේ ආකාරයට බලන කළ මීට අවුරුදු ලක්ෂයකට පමණ පෙර භාෂාව ඉපදී ඇති බව ඇතමෙක් ප්රමකාශ කරති. එසේම මෙම සංකල්පයට අනුව අවුරුදු පන්ලක්ෂයකට පමණ පෙර භාෂාව පැහැදිලි ලෙස දැක්වීම දුෂ්කර වන අතර වර්තමානය වන විට ලෝකයේ භාෂාවන් තුන් දහසක් පමණ භාවිතයේ ඇතැයි සැලකේ. (වැඩිම පිරිසක් චීන භාෂාව කතා කරයි) භාෂාවේ කාර්යභාරය. භාෂාව හදුනා ගැනීමේ දී නැතහොත් නිර්වචනය කිරීමේ දී එහි කාර්යභාරය හකුලා දැක්වීමක් සිදුකොට ඇති බව නිර්වචනයන් විමසා බැලීමේදී පෙනී යන කරුණකි. බොහෝ විට පොදුවේ නැතහොත් සමාජමය කාර්යන් ඉටු කිරීම සදහා භාෂාව උපයෝගි වනබව පෙනී ගිය ද මෙහි කාර්භාරයන් කොටස් 02 කට බෙදා දැක්විය හැකිය. 1. සාමාජයීය කාර්ය. 2. ආත්මීය කාර්ය. 1. සාමාජයීය කාර්ය මෙහිදී අදහස් කෙරෙන්නේ පොදුවේ සමාජය උදෙසා භාෂාවෙන් ඉෂ්ට කරනු ලබන විවිධාකාර කාර්යභාරය යි. ඒවා ද අධ්යඉනයේ පහසුව සදහා ප්රයධාන කොටස් 02 කට වෙන් කෙරේ. 1.1.1.1. සන්නිවේදන මූලික කාර්ය. 1.1.1.2. අන්යෝවන්යා ක්‍රියාකාරිතා පැවැත්වීම.

1.1. සන්නිවේදන මූලික කාර්ය. 1.1.1. සාමාන්‍ය සන්නිවේදනය. 1.1.2. ජන සන්නිවේදනය. 1.1.3. අධ්‍යාපනය a) විධිමත් අධ්‍යාපනය. b) අවිධිමත් අධ්‍යාපනය. 1.1.4. භාව ප්‍රකාශනය. (හැගීම් හා අභිලාශයන්) a) කලාත්මක හා සෞන්දර්යාත්මක. b) අන්තර් භාව මෝචනාත්මක (දුක, සතුට, වේදනාව ප්ර්කාශ කිරීම, මෝචනය කිරීම) 1.1.5. අන්‍යෝන්‍ය ක්‍රියාකාරී පැවැත්ම. A. අන්‍යයන් මෙහෙයෙවීම සංවිධානය හා පාලනය. B. එක් ව ක්‍රියාකිරීම. C. හොදහිත පැවැත්වීම. (සෞන්දර්යාත්මක) D. විනෝදය a) සාමාජීය විනෝදය. b) සවයං විනෝදය. 1.1.6. ආගමික හා අභිචාරික කාර්යය. 1.1.7. අනුෂ්ඨානීය කාර්යය. (සෙත්පැතීම හා අශිර්වාද) 1.1.8. මානව සංස්කෘතික ප්රිවාහය.

2. ආත්මීය කාර්යය. 2.1. චින්තනය හා අන්තර් භාෂණය. 2.2. ස්වයං භාෂණය. 2.3. සවයං විනෝදය. (පාලුව මකා ගැනීම) සාමාජීය කාර්යය. සමාජය සමග ගනුදෙනු කිරීමේ දී හා විවිධ ක්රිායාකාරකම් වලදී භාෂාවෙන් සිදුකෙරෙන කාර්යයභාරය මෙහිදී සැලකිල්ලට ගැනේ. සන්නිවේදන මූලික කාර්යයේදී සන්නිවේදන යන පදය අර්ථ දැක්වීම ඉතා වැදගත් ය. මේ සදහා සන්නිවේදයෙකු හා සන්නිවේදිතයෙකු (ග්රාදහකයා) යන දෙපාර්ශවය සංකේත උපයෝගි කර ගනිමින් අර්ථ සම්ප්රේපෂණය කිරීම ඇතැම් සමාජ විද්‍යාඥයින් මෙමගින් නිරූපණය කරනු ලබයි. ශබ්ද කෝෂයට අනුව “හවුල් කරගන්නවා” යන අර්ථය සන්නිවේදනය ලෙස දක්වා ඇත. 1.1.1 සාමාන්ය සන්නිවේදනය. එදිනෙදා ජීවිතයේදී අදහස් හා දැනුම හුවමාරු කර ගැනීම මෙහිදී අපේක්ෂා කෙරේ. කීවේ කවරෙක් ද? කාටද? කුමට ද? කෙසේද? කොතනද? කොයිවේලේද? කුමන අවස්ථාවක ද? කුමන හේතුවක් නිසාද? යන කරුණු මත සන්නිවේදනය කරනු ලබන කාර්යය සාර්ථක හෝ අසාර්ථක වේ. එබැවින් යම් සන්නිවේදනයක් සිදු කිරීමේදී ඉහත කරුණු සියල්ල පිළිබදව අවධානය යොමු කරමින් භාෂාව සාර්ථකව හැසිරවීමක් සිදු කිරීම ඉතා වැදගත් වැදගත් ය. 1.1.2. ජන සන්නිවේදනය. ජනසන්නිවේදනය සාමාන්ය. සන්නිවේදනයට වඩා සංවිධානාත්මක වූ දෙයකි. මේ සදහා සාම්ප්රනදායික ක්රධම මෙන් ම විද්යු.ත් හා මුද්රිවත මාධ්යෝ යොදා ගැනේ. (රූපවාහිනය, ගුවන් විදුලිය, පුවත්පත්, සගරා, අත්පත්‍රිකා) 1.1.3. අධ්යා පනය. මානව සමාජයේ සංවර්ධනය සදහා අධ්යානපනය අත්යාිවශ්ය ය. අධ්යාහපනය මුලුමනින්ම පාහේ රැදී ඇත්තේ භාෂාව මතය. විධිමත් අධ්යාුපනය ලෙස නිශ්චිත ආයතනයක දී නිර්දේශිත විෂය මාලාවක් සුදුසුකම් ලත් පුද්ගලයින් විසින් සංවිධානාත්මකව ලබා දීම අපේක්ෂා කෙරේ. උදා- පාසල විශ්ව විද්යා ලය කාර්මික විද්‍යාලය ගුරු විද්‍යාලය මෙලෙස සංවිධානය නොවූ අවස්ථා අවිධිමත් අධ්‍යාපනය ලෙස හැදින්වේ. උදා- පවුල සමවයස් කණ්ඩායම් ආගමික ස්ථාන ජනමාධ්ය් 1.1.4. භාව ප්‍රකාශනය. මිනිස් සිත තුළ උපදින විවිධ භාවයන් සිර කිරීමට යාමේදී පෞර්ෂ අනුක්‍රමිකතා පැන නැගීමට බලපෑම් සිදු කෙරේ. එබැවින් මෙකී භාවයන් ක්රකමන හෝ ආකාරයකට පිට කිරීම ඉතාම වැදගත් ය. උගත් සමාජයේ මේ සදහා භාෂාව වැදගත් ලෙස භාවිතයට ගනී. (ගීත, කවි, නවකතා, කෙටිකතා, නාට්යි) 1.1.5. අන්තර්භාව මෝචනය. කලාත්මකව ප්ර.කාශ කළ නොහැකි භාවයන් ප්රෙතකෝපකාරී ලෙස පිට කිරීම සදහා ඇතැම් අවස්ථා වලදී භාෂාව යොදා ගැනීම මෙහිදී අදහස් කෙරේ. උදා- වැළපීම, අසභ්යා වචන, ශාප කිරීම.

1.2. අන්‍යෝන්‍ය ක්‍රියාකාරිතා පාලනය. තමාගේ පාර්ශවය සදහා තනි තනිව හෝ සාමූහික වශයෙන් අන්යවයන් මෙහෙයවීම සංවිධානය හා පාලනය පහසු කර ගැනීම සදහා භාෂාව ඉතා වැදගත් කාර්යය භාරයක් සිදු කරයි. මෙහිදී යම් කාර්යයක් සාර්ථක හෝ අසාර්ථක වීමට යොදා ගන්නා භාෂාවේ තත්ත්වය බලපායි. 1.2.2. එක්ව ක්‍රියා කිරීම. සමූහයක් එක් වී බලය යොදවමින් සිදු කෙරෙන කටයුතු වලදී භාෂාව එකවර ශබ්ද නගා භාවිත කිරීමෙන් එම කටයුතු වලට පහසුවක් සිදුවේ. මෙවන් වෘත්තීන්හිදී මෙය විශේෂයෙන් දක්නට ලැබේ. උදා- මාදැල් ඇදීම ජම්බාර ගැසීම කඹ ඇදීම 1.2.3. හොදහිත පැවැත්වීම. (සෞහාර්ද්ය ය) සිහල භාෂාවේ සුවිශේසී ලෙස අර්ථයක් සහිතව හෝ රහිතව භාෂාත්මක යෙදුම් මෙම කාර්ය සදහා බොහෝ සෙයින් යොදා ගනී. උදා- කෙහෙද යන්නේ, නානවද? 1.2.4. විනෝදය. විනෝදය සදහා භාෂාත්මක භාවිතයන් බොහෝ සෙයින් උපකාරී වේ. මිනිස් සත්ත්වයා තෘප්ලිමත් වීම කෙරෙහි විශාල ලැදියාවක් දක්වායි. භාෂාත්මක නිර්මාණ වලින් තෘප්තිමත් නොවූ විට වෙනත් ආකාර වලින් අසම්මත ලෙස සමාජ විරෝධී ක්රිපයාවන්ට යොමුවීම දක්නට ලැබේ. මේ සදහා භාෂාත්මක නිර්මාණ වන කවි, ගී, නාට්යබ, නවකතා ආදී නිර්මාණ පරිශීලනය මෙන් ම විහිලු තහලු, සිනා කතා, හිටිවන කවි, කතන්දර කීම ආදිය විකල්ප ලෙස භාවිත කළ හැක. 1.2.5. ආගමික හා ආභිචාරික කාර්ය. සෑම ආගමක් ම චාරිත්රිවාරිත්රච ඉටුකිරීම සදහාත් වත් පිළිවෙත් පවත්වාගැනීම සදහාත් භාෂාව යොදා ගනී. උදා- බණ, පිරිත්, යාතිකා, ගීතිකා අභිචාර විධි වලදී මීට වඩා වෙනස් ආකාරයකට ඒ ඒ කාර්යයන් සදහා ආවේණික වූ භාෂාවන් යොදා ගනී. අර්ථ වටහා ගැනීමකින් තොරව යන්ත්ර මන්ත්රො ජප කිරීම් ආදී කටයුතු වලදී යොදා ගන්නා ගාථා, ශ්ලෝක මේ යටතට ගැනේ. 1.2.6. අනුෂ්ඨානීය කාර්යය. ජීවිතයේ බොහෝ අවස්ථාවලදී සෙත් පැතීම හා ආශිර්වාදයන් ඕනෑම ජන කොටසක දක්නට ලැබේ. නව පදවියක වැඩ බාර ගැනීම, දිවුරුම් දීම, අලුතින් යම් යම් කටයුතු ආරම්භ කිරීම ආදී අවස්ථාවල යොදා ගන්නා පාර්ථනා හා සෙත් පැතීම් භාෂාව මුල්කොට සිදු කෙරේ. 1.2.7. මානව සංස්කෘතික ප්රදවාහය. මිනිස් සංස්කෘතියට අදාල ද්රනව්යිමය දේවල් මෙන් ම විශේෂයෙන් ඇගයීම හා ප්රිතිමාන ඇතුලු හර පද්ධතීන් ඊලග පරම්පරාවට පවරා දීමේ දී භාෂාවෙන් සිදුවන කාර්යරභාරය අති විශාලය. උදා- ඇදුම් පැළදුම්, ආභරණ, සිරිත්විරිත්, චාරිත්රෝ.

2. ආත්මීය කාර්යයන්. ආත්මීය කාර්යයන් ලෙස හදුන්වන්නේ භාෂාව උපයෝගී කර ගනිමින් පුද්ගල ජීවිතයට ලබා ගන්නා කාර්යනභාරය වේ. 2.1. චින්තනය හා අන්තර්භාෂණය. පුද්ගලයෙකුගේ ජීවිතය ම ගොඩනගනු ලබන්නේ ඔහුගේ සිතිවිලි මතිනි. සිතුවිලි ශක්තිමත් වීමට නම් චින්තනය යහපත් විය යුතුය. ඒ අනුව යහපත් ව සිතීම සදහා භාෂාව මගින් සිදු කරනුයේ දැවැන්ත කාර්යභාරයකි. සිතිවිලි යහපත් වූ පමණින් ම ඒවා වැදගත් නොවේ. එම සිතිවිලි ක්රිඒයාත්මක කිරීම සදහා තවත් කෙනෙකුට භාෂාව යොදා ගනිමින් සම්ප්රෙ ෂණය කළ යුතුය. මෙය අන්තර්භාෂණය යි. 2.2. ස්වයං භාෂණය. ස්වයං භාෂණය යනු තමා සම්බන්ධව තමාගේ නිර්දේශය යි. තමා පිළිබද ව වටිනාකමක් නොදෙන පුද්ගලයා සමාජයට හිතකර නොවේ. තමාගේ වැදගත්කම සලකන්නා අයහපත් දේට යොමු නොවේ. එබැවින් තමා සම්බන්ධව ධනාත්මකව සිතීමට යෝජනාවන් කිරීමට භාෂාව මගින් වැදගත් කාර්යයක් ඉටු කෙරේ.



"http://si.wikipedia.org/w/index.php?title=භාෂාව&oldid=279374" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි