මානව සංවර්ධන දර්ශකය

විකිපීඩියා වෙතින්
මානව සංවර්ධන දර්ශකය අනුව ලෝක සිතියම වර්ණ ගන්වා ඇත. (2017 මාර්තු 21 ප්‍රකාශයට පත්, 2015 හා 2016 දත්ත මත පදනම්ව)
  0.900–0.949
  0.850–0.899
  0.800–0.849
  0.750–0.799
  0.700–0.749
  0.650–0.699
  0.600–0.649
  0.550–0.599
  0.500–0.549
  0.450–0.499
  0.400–0.449
  0.350–0.399
  දත්ත නොමැත
මානව සංවර්ධන දර්ශකය මගින් රටවල් වර්ගීකරණය (2017 මාර්තු 21 ප්‍රකාශයට පත්, 2015 හා 2016  දත්ත මත පදනම්ව).
  ඉහළම 25%
  මධ්‍යන්‍යයෙන් ඉහළ
  මධ්‍යන්‍යයෙන් පහළ
  පහළම 25%
  දත්ත නොමැත

මානව සංවර්ධන දර්ශකය, මාසද (ඉංග්‍රීසි:  Human Development Index, HDI) යනු ආර්ථික විද්‍යාත්මක දර්ශකයකි.

මානව සංවර්‍ධන දර්‍ශකය (මා.සං.ද) (Human Development Index) (HDI) යනු රටවල්වල ආයුෂ අපේක්ෂාව, අධ්‍යාපනය, හා ප්‍රතිශීර්ෂ ආදායම පෙන්වන දර්ශකයන් අනුව ලොව රටවල් මානව සංවර්ධන අවස්ථා හතරකට වර්ග කරන්නා වූ සංයුක්ත සංඛ්‍යානමය දර්ශකයකි. යම් රටක ආයු අපේක්ෂාව, අධ්‍යාපන මට්ටම හා ප්‍රතිශීර්ෂ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ විට රටක් මා.සං.ද. හි ඉහළ ලකුණු ලැබේ. මා.සං.ද හි නිර්මාපකයා වන්නේ පකිස්ථාන ආර්ථික විද්‍යාඥ මහබූබ්-උල්-හක් ය.

2010 මානව සංවර්ධන වාර්තාව මඟින් අසමානත්ව සැකසූ මානව සංවර්ධන දර්ශකය (අ.මා.සං.ද) ඉදිරිපත් කරන ලදී. සරල මා.සං.ද ප්‍රයෝජනවත් දර්ශකයක් වුව ද, "අ.මා.සං.ද යනු සැබෑ ම මානව සංවර්ධන මට්ටම (අසමානත්වත් ගණනයට එකතු වන නිසා)" බවත් "මා.සං.ද මානව සංවර්ධනයට ඇති 'හැකියාව' (අසමානතාවයන් නැතිවූයේ නම් ලබාගත හැකි වන උපරිම අ.මා.සං.ද ලකුණ) පෙන්වන දර්ශකයක් ලෙස තව දුරටත් දර්ශනය කළ හැකි ය."යි එම වාර්තාව මඟින් දක්වා ඇත.

මෙම දර්‍ශකය මානව සංවර්ධන ප්‍රවේශය මත පදනම් වී ඇත. උල් හක්ට අනුව මෙහි රාමුව වන්නේ මිනිසුන්ට කැමති දේ "වීමට" හා "කිරීමට" ඇති හැකියාව යි. උදාහරණ ලෙස ---වීම්: නිරාහාර නොවීම, හිසට වහලක් තිබීම, නිරෝගී වීම; කිරීම්: රැකියා, අධ්‍යාපනය, ඡන්දය භාවිතය, ප්‍රජා දිවියට සහභාගී වීම. තවත් ප්‍රධාන කරුණක් වන්නේ තෝරා ගැනීමට ඇති නිදහස යි; යමෙක් ස්වේච්ඡාවෙන් නිරාහාර ව සිටීම (උපවාසය) යමෙක් හට අහර මිලදී ගැනීමට නො හැකි ව නිරාහාර ව සිටීමෙන් ඉතා වෙනස් තත්ත්වයකි.

2016 මානව සංවර්ධන දර්ශකය[සංස්කරණය]

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් සම්පාදිත 2016 මානව සංවර්ධන දර්ශකය 2017 මැදින් මස 21 ප්‍රකාශනය වූ අතර 2015 හි ඇස්තමේන්තුගත දත්තවලට අනුරූප ව මා.සං.ද ගණනය කර ඇත. පහත ඇත්තේ "ඉතා ඉහළ මානව සංවර්ධනය"ක් ඇති රටවල් ය:

  • Increase = වැඩිවීම
  • Steady = වෙනස් නොවීම
  • = අඩුවීම.
  • වරහන් තුළ ඇති අංකයෙන් 2015 වාර්තාවට සාපේක්ෂව එම රට ස්ථාන කීයකින් වෙනස් වී ඇත්දැයි දක්වයි.
ශ්‍රේණිය රට ලකුණ
2015 දී ගත් 2016 ඇස්තමේන්තු
පෙර වසරේ ස්ථානයෙන් වෙනස්වීම
2015 දී ඇස්තමේන්තුගත 2016 ලකුණ
පෙර වසරින් වෙනස්වීම
1 Steady නෝර්වේ 0.949 Increase 0.001
2 Steady ඕස්ට්‍රේලියාව 0.939 Increase 0.002
2 Steady ස්විට්සර්ලන්තය 0.939 Increase 0.001
4 Increase (2) ජර්මනිය 0.926 Increase 0.002
5 Increase (1) ඩෙන්මාර්කය 0.925 Increase 0.002
5 Increase (6) සිංගප්පූරුව 0.925 Increase 0.013
7 (1) නෙදර්ලන්තය 0.924 Increase 0.001
8 Steady අයර්ලන්තය 0.923 Increase 0.003
9 Increase (7) අයිස්ලන්තය 0.921 Increase 0.002
10 (1) කැනඩාව 0.920 Increase 0.001
10 (2) ඇමරිකාව 0.920 Increase 0.002
12 Steady හොංකොං 0.917 Increase 0.001
13 (4) නවසීලන්තය 0.915 Increase 0.002
14 Increase (1) ස්වීඩනය 0.913 Increase 0.004
15 (1) ලිච්ටෙන්ස්ටයින් 0.912 Increase 0.001
16 (4) එක්සත් රාජධානිය 0.909 Increase 0.003
17 Increase (3) ජපානය 0.903 Increase 0.001
18 Steady දකුණු කොරියාව 0.901 Increase 0.002
19 Steady ඊශ්‍රායලය 0.899 Increase 0.001
20 Steady ලක්සම්බර්ග් 0.898 Increase 0.002
21 Increase (1) ප්‍රංශය 0.897 Increase 0.003
22 (1) බෙල්ජියම 0.896 Increase 0.001
23 Steady ෆින්ලන්තය 0.895 Increase 0.002
24 Steady ඔස්ට්රියාව 0.893 Increase 0.001
25 Increase (2) ස්පාඤ්ඤයේ 0.892 Increase 0.005
26 Steady ස්ලෝවීනියාව 0.890 Increase 0.002
27 Increase (1) ඉතාලිය 0.887 Increase 0.006
28 Steady චෙකියාව 0.878 Increase 0.003
29 Steady ග්‍රීසිය 0.866 Increase 0.001
30 Steady බෲනායි 0.865 Increase 0.001
30 Increase (1) එස්ටෝනියාව 0.865 Increase 0.002
32 Steady ඇන්ඩෝරා 0.858 Increase 0.001
33 Increase (1) සයිප්‍රසය 0.856 Increase 0.002
33 Increase (2) මෝල්ටා 0.856 Increase 0.003
33 Steady මෝල්ටා 0.856 Increase 0.001
36 Steady පෝලන්තය 0.855 Increase 0.003
37 Steady ලිතුවේනියාව 0.848 Increase 0.002
38 Increase (4) චිලී 0.847 Increase 0.002
38 Steady සවුදි අරාබිය 0.847 Increase 0.002
40 (5) ස්ලෝවැකියාව 0.845 Increase 0.003
41 Steady පෘතුගාලය 0.843 Increase 0.002
42 Steady එක්සත් අරාබි එමීර් රාජ්යය 0.840 Increase 0.004
43 Steady හංගේරියාව 0.836 Increase 0.002
44 Steady ලැට්වියාව 0.830 Increase 0.002
45 (5) ආර්ජන්ටිනාව 0.827 Increase 0.001
45 Increase (1) ක්‍රොඒෂියාව 0.827 Increase 0.004
47 (1) බහරේන් 0.824 Increase 0.001
48 Increase (1) මොන්ටිනිග්‍රෝ 0.807 Increase 0.003
49 (1) රුසියාව 0.804 0.001
50 Increase (1) රොමේනියාව 0.802 Increase 0.004
51 (1) කුවේට් 0.800 Increase 0.001

අසමානත්ව සැකසූ මා.සං.ද[සංස්කරණය]

අසාමානතාවන් සැකසන ලද මානව සංවර්ධන දර්ශකය (අ.මා.සං.ද)[1] යනු "අසමානතාවන් සැළකිල්ලට ගත් කළ සමාජයක මිනිසුන්ගේ මානව සංවර්ධන මට්ටම පිළිබඳ මිනුම" ය.

මෙහි ස්ථාන/ශ්‍රේණි මා.සං.ද ට නිසිලෙස ම නො ගැලපෙන්නේ අ.මා.සං.ද දත්ත නොමැති රටවල් මෙයට එකතු කර නැති බැවිනි (p. 206).

  1.  නෝර්වේ 0.898
  2.  අයිස්ලන්තය 0.868
  3.  නෙදර්ලන්තය 0.861
  4.  ඕස්ට්‍රේලියාව 0.861
  5.  ජර්මනිය 0.859
  6.   ස්විට්සර්ලන්තය 0.859
  7.  ඩෙන්මාර්කය 0.858
  8.  ස්වීඩනය 0.851
  9.  අයර්ලන්තය 0.850
  10.  ෆින්ලන්තය 0.843
  11.  කැනඩාව 0.839
  12. සැකිල්ල:රටේ දත්ත ස්ලොවිනියාව 0.838
  13.  එක්සත් රාජධානිය 0.836
  14.  චෙක් ජනරජය 0.830
  15.  ලක්සම්බර්ග් 0.827
  16.  බෙල්ජියම 0.821
  17.  ඔස්ට්‍රියාව 0.815
  18.  ප්‍රංශය 0.813
  19.  එක්සත් ජනපදය 0.796
  20. සැකිල්ල:රටේ දත්ත ස්ලෝවැකියාව 0.793
  21.  ජපානය 0.791
  22.  ස්පාඤ්ඤය 0.791
  23. සැකිල්ල:රටේ දත්ත එස්ටෝනියාව 0.788
  24.  මෝල්ටාව 0.786
  25.  ඉතාලිය 0.784
  26.  ඊශ්‍රායලය 0.778
  27.  පෝලන්තය 0.774
  28. සැකිල්ල:රටේ දත්ත හංගේරියාව 0.771
  29.  සයිප්‍රස් 0.762
  30.  ලිතුවේනියාව 0.759
  31.  ග්‍රීසිය 0.758
  32.  පෘතුගාලය 0.755
  33.  දකුණු කොරියාව 0.753
  34.  Croatia 0.752
  35.  ලැට්වියාව 0.742
  36.  Montenegro 0.736
  37.  රුසියාව 0.725
  38.  රොමේනියාව 0.714
  39.  ආර්ජන්ටිනාව 0.698
  40. සැකිල්ල:රටේ දත්ත චිලී 0.691

"ඉතා ඉහළ මානව සංවර්ධන" ලකුණක් තිබෙනමුත් අ.මා.සං.ද දත්ත නොමැති රටවල්: තායිවාන්, නවසීලන්තය, සිංගප්පූරුව, හොංකොං, ලීච්ටන්ස්ටේන්, බෲනායි, කටාර්, සෞදි අරාබිය, ඇන්ඩෝරාව, එක්සත් අරාබි එමීර් රාජ්යය, බහරේන් හා කුවේට්.

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

  • Human Development Index
  • Human Development Tools and Rankings
  • {{cite web}}: Empty citation (help) (5.54 MB)
  • New demographic datasets by 'Human Development Index (HDI)’
  • An independent HDI covering 232 countries, formulated along lines of the traditional (pre-2010) approach.
"https://si.wikipedia.org/w/index.php?title=මානව_සංවර්ධන_දර්ශකය&oldid=500860" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි