සෝමපුර මහා විහාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
පහර්පූර් බෞද්ධ විහාරය
ස්වදේශික නාමය
බෙංගාලි: পাহাড়পুর বৌদ্ধ বিহার
View of the central shrine
ප්‍රධාන පිළිමගෙය
පිහිටීම නොගෝන්, බංග්ලාදේශය
ඛණ්ඩාංක 25°01′52″N 88°58′38″E / 25.0311°N 88.9773°E / 25.0311; 88.9773ඛණ්ඩාංක: 25°01′52″N 88°58′38″E / 25.0311°N 88.9773°E / 25.0311; 88.9773
ආදිකර්තෘ පාල රාජවංශයේ දෙවැනි ධර්මපාල රජු හෝ පාල රාජ වංශයේ තෙවැනි දේවපාල රජු
ඉදි වූ දිනය ක්‍රි. ව. 8 වන සියවස
ගෘහනිර්මාණ ශෛලීන් ගුප්ත, පාල
ප්‍රභේදය පුරාවිද්‍යා
නිර්ණායකය i, ii, iv
නම් කළේ 1985 (9වන සැසිය)
යොමු අං. 322
State Party බංග්ලාදේශය
Region ආසියා-පැසිෆික්
සෝමපුර මහා විහාරය is located in බංග්ලාදේශය
සෝමපුර මහා විහාරය
සෝමපුර මහා විහාරය, නොගෝන්, බංග්ලාදේශය

සෝමපුර මහා විහාරය (බෙංගාලි: সোমপুর মহাবিহার ශෝම්පූර් මොහාබිහාර්) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටි ප්‍රසිද්ධම ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයකි. වර්තමාන දේශපාලන බෙදීම් අනුව එය පිහිටා ඇත්තේ බංග්ලාදේශයේ වයඹදිග ප්‍රදේශයේ පහර්පූර් හි ය. ක්‍රි. ව. 8 වන සියවසදී මෙය නිර්මාණය කරන ලද්දේ පාල රාජවංශයේ දෙවැනි රජු වූ ධර්මපාල විසින් බව සැළකේ. මේ අතර ඇතැම් මූලාශ්‍ර කියා සිටිනුයේ එය පාල රාජ වංශයේ තෙවැනි පාලකයා වූ දේවපාල රජුගේ සමයේ ඉදි කෙරුණ බවයි.[1].[2]

පාල රජ සමය ඉන්දියාවේ බුදුදහම ස්වර්ණමය යුගයක පැවති බෞද්ධ විහාර ගණනාවක් ඉදි වූ සමයකි. එකළ රටේ අධ්‍යාපන ආයතන ද ඉතා හොඳ තත්ත්වයේ පැවතිණ. වික්‍රමශීලා විශ්ව විද්‍යාලය, නාලන්දා විශ්වවිද්‍යාලය, ඕදන්තපුර, ජග්ගදාල සහ සෝමපුර වැනි විහාර එකළ ප්‍රකට ස්ථාන විය.[3]

සෝමපුර මහාවිහාරයේ සැලැස්ම එයටම ආවේණික වේ. එහි භූමිය චතුරස්‍රාකාර ය. එහි මධ්‍යයයේ විහාරයක් වන අතර භූමියේ පිටත පවුරට යාබද කුටි 177 ක් වේ. ප්‍රධාන විහාරය අඩි 70 ක් පමණ උසය. එහි ඉහළ සෘජුකෝණී සමතල මුදුනක් වේ. කෙසේ නමුත් මෙය නටබුන් වීමට පෙර එහි කොතක් වන්නට ඇතැයි සිතිය හැක.[4]

විහාර භූමියට ඇතුල් වීමට භාවිතා කළ ප්‍රධාන දොරටුව වූයේ උතුරු දෙසට වන්නටය. මුලුතැන් ගෙය සහ දාන ශාලාව භූමියේ ගිණිකොණදිග කොටසේ පිහිටි අතර ඊසානදිග කොටසේ ද වෙනත් ගොඩනැගිලි කිහිපයක් විය.

මෙම විහාරය ආගමික කටයුතු සඳහා මනාව ගැලපෙන, සරල සහ ඊටම ආවේණික සැළසුමකින් යුක්ත ය. එමෙන්ම එය එකළ ඉන්දියාවේ ප්‍රකට ආගමික මධ්‍යස්ථානයක් විය. එහි බලපෑම ගංගානම් ඩෙල්ටාවේ අවට ප්‍රදේශවල මෙන්ම බගාන් සහ ජාවා දූපතේ බෞද්ධ සිද්ධස්ථාන සමහරක් නිර්මාණයේදී ද දිස්වන බව යුනෙස්කෝව පවසයි.

එමෙන්ම 17 වන සියවස පමණ වනතෙක් මෙම ස්ථානය වැදගත් ආගමික මධ්‍යස්ථානයක් වූ බවත් යුනෙස්කෝව කියයි.

මධ්‍යම විහාරය[සංස්කරණය]

මළුවේ මැද භාගයේ පිහිටි මෙම මධ්‍යම ගොඩනැගිල්ලේ අරමුණ එහි ගවේෂණයෙන් අනතුරුවද නොවිසඳී පවතී. එමෙන්ම, සෝමපුර මහා විහාරයේ වාස්තු විද්‍යාව මත මෙතෙක් ජනනය කරන ලද විවාදයන් බොහෝමයක් එහි අතුරුදන්ව ඇති සැකිල්ල හඳුනාගැනීම සඳහා පහසු වී තිබේ. හේතූන් විවිධාකාර විය හැකිය, එහෙත් වඩාත් වැදගත්ම කරුණ වන්නේ පර්යේෂණයන් බැහැරකිරීමේදී, විස්තීර්ණ වාස්තු විද්‍යාත්මක ලියකියවිලි ඇතුළත් සැලකිය යුතු ප්රමාණයේ පලමු පෙළ සම්පත් නොමැතිවීමයි. සෝමපුර මහා විහාරයේ මධ්‍යම ව්යුහය අවසන් කිරීම සම්බන්ධයෙන් විවිධ තර්ක පවතී.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Rahman, SS Mostafizur (2012). "Sitakot Vihara". මෙම කෘතිය තුල: Islam, Sirajul; Jamal, Ahmed A.. Banglapedia: National Encyclopedia of Bangladesh (Second සංස්.). Asiatic Society of Bangladesh. http://en.banglapedia.org/index.php?title=Sitakot_Vihara. 
  2. Chowdhury, AM (2012). "Somapura Mahavihara". මෙම කෘතිය තුල: Islam, Sirajul; Jamal, Ahmed A.. Banglapedia: National Encyclopedia of Bangladesh (Second සංස්.). Asiatic Society of Bangladesh. http://en.banglapedia.org/index.php?title=Somapura_Mahavihara. 
  3. English, Elizabeth (2002). Vajrayogini: Her Visualization, Rituals, and Forms. Wisdom Publications. පි. 15. ISBN 0-86171-329-X. 
  4. Dutt, Sukumar (1988). Buddhist Monks and Monasteries of India: Their History and Their Contribution to Indian Culture. Delhi: Motilal Banarsidass. පිටු 352–353. ISBN 978-81-208-0498-2. https://books.google.com/books?id=lxRHYFd0fB4C&pg=PA352. 
"https://si.wikipedia.org/w/index.php?title=සෝමපුර_මහා_විහාරය&oldid=412360" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි