Jump to content

ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම්

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම්
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
සමනළ අඩවිය ශ්‍රී පාදය වට කොට පිහිටයි.
නිර්ණායකයස්වභාවික: ix,x
මූලාශ්‍ර1203
අභිලේඛනය2010 (34 වන සැසිය)
ඛණ්ඩාංක7°27′N 80°48′E / 7.450°N 80.800°E / 7.450; 80.800ඛණ්ඩාංක: 7°27′N 80°48′E / 7.450°N 80.800°E / 7.450; 80.800

ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම් යනු ශ්‍රී ලංකාවේ නවතම ලෝක උරුමයයි. 2010 ජූලි 31 වන දින ලෝක උරුම කමිටුව එහි 34 වෙනි සමුළුව බ්‍රසීලියාහි දී පැවැත්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම් සහ හවායිහි පපහානෝමොකුවාකියා ලෝක උරුම ලෙස ප්‍රකාශයට පත් කලේය.[1] මෙම උරුමයට සමනළ අඩවිය රක්ෂිතය, හෝටන් තැන්න ජාතික උද්‍යානය, නකල්ස් සංරක්ෂිත වනාන්තරය අයත් වේ. මේවා වැසි වනාන්තර වන අතර උච්චය මුහුදු මට්ටමේ සිට 2,500 මීටර (8,200 ft) දක්වා ළඟා වේ. මෙම ප්‍රදේශය වලස් වඳුරා (කළු වඳුරු උපවිශේෂයක්) සහ හෝටන් තැන්න උනහපුලුවා (රත් උනහපුලු උපවිශේෂයක්) ඇතුළු විවිධ ක්ෂීරපායි ජීවී විශේෂ කිහිපයකටම රැකවරණය සළසයි.[2]

මෙය ශ්‍රී ලංකාවේ 1988 දී සිංහරාජ රක්ෂිත වනාන්තරය නම් කිරීමෙන් අනතුරුව, වර්ෂ 22 කින් ප්‍රකාශයට පත් කල ප්‍රථම ලෝක උරුමයයි.[3] මුලින් මිශ්‍ර ස්වභාවික සහ සංස්කෘතික උරුමයක් ලෙස යෝජනාව භාර දුන් නමුත් කමිටුව පිලිගත්තේ උරුමයේ ස්වභාවික අගයන් පමණි.[4]

ශ්‍රී ලංකා කඳුකර වැසි වනාන්තර මධ්‍යම කඳුකරයේ සහ නකල්ස් කඳු වැටියේ 1,000 මීටර (3,300 ft) ට වඩා ඉහළින් පිහිටි කඳුකර සහ උපකඳුකර තෙත් වනාන්තර නියෝජනය කරයි.[5] ශ්‍රී ලංකාවට ආවේනික සපුෂ්පක ශාක වලින් අඩක් සහ ආවේනික පෘෂ්ඨවාංශිකයන් ගෙන් සියයට 51ක් මෙම පරිසර කලාපයට සීමා වේ. මෙම පරිසර කලාපය අතිශය ආවේනික ක්ෂීරපායි විශේෂ පහක් සහ ආසන්න ආවේනික විශේෂ අටක් වාසභූමි කොට ගනියි. එපමණක්ද නොව මෙම පරිසර කලාපයේ අතිශය ආවේනික පක්ෂි විශේෂ පහක් සහ ආසන්න ආවේනික විශේෂ 20ක් වාසය කරයි.[5] මෙම ලෝක උරුම අඩවියට ඇතුලත් වන රක්ෂිත ප්‍රදේශ තුන;

සමනළ අඩවිය අභය භූමියක් වන අතර හෙක්ටෙයාර් 22,380 ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර 25 ඔක්තෝබර් 1940 දින පිහිටුවා ඇත.[6] නැගෙනහිර මායිම හෝටන් තැන්න ජාතික උද්‍යානය සමඟ සම්බන්ධවේ. හෝටන් තැන්න ජාතික උද්‍යානය ප්‍රථමයෙන් 5 දෙසැම්බර් 1969 දින ස්වභාව රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදුව 16 මාර්තු 1988 ජාතික උද්‍යානයක් දක්වා උසස් කරන ලදියි. නකල්ස් කඳු වැටිය ඊසාන දිගින් පිහිටා ඇති අතර එහි අවශිෂ්ට ශාක සහ සත්ත්ව සංහතිය මධ්‍යම කඳුකරයෙන් වෙනස්වේ.[5]

මූලාශ‍්‍ර

[සංස්කරණය]
  1. ^ "World Heritage Committee inscribes two new sites on World Heritage List". unesco.org. UNESCO. July 30, 2010. සම්ප්‍රවේශය 8 August 2010.
  2. ^ Rodrigo, Malaka (8 August 2010). "Lanka's central highlands win heritage battle". The Sunday Times. සම්ප්‍රවේශය 8 August 2010.
  3. ^ Sirimane, Shirajiv (1 August 2010). "Central Highlands, a Natural World Heritage". Sunday Observer. 4 August 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 August 2010.
  4. ^ "Hawai'i and Sri Lanka added to the World Heritage List". IUCN. 31 July 2010. සම්ප්‍රවේශය 8 August 2010.
  5. ^ a b c Wikramanayake, Eric D. "Sri Lanka montane rain forests". worldwildlife.org. WWF. සම්ප්‍රවේශය 8 August 2010. {{cite web}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  6. ^ Green, Michael J. B. (1990). IUCN directory of South Asian protected areas. IUCN. p. 234. ISBN 2831700302.