ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවි is located in Sri LankaLua දෝෂය in Module:Location_map at line 346: The name of the location map definition to use must be specified.Lua දෝෂය in Module:Location_map at line 346: The name of the location map definition to use must be specified.Lua දෝෂය in Module:Location_map at line 346: The name of the location map definition to use must be specified.Lua දෝෂය in Module:Location_map at line 346: The name of the location map definition to use must be specified.Lua දෝෂය in Module:Location_map at line 346: The name of the location map definition to use must be specified.Lua දෝෂය in Module:Location_map at line 346: The name of the location map definition to use must be specified.Lua දෝෂය in Module:Location_map at line 346: The name of the location map definition to use must be specified.Lua දෝෂය in Module:Location_map at line 346: The name of the location map definition to use must be specified.
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම ( )

ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්ථාන අටක් ජගත් ලෝක උරුමයන් ලෙස යුනෙස්කෝ ආයතනය විසින් අභිලිඛිත කොට ඇත. නාමිකව ගත් කළ පුරාතන පොළොන්නරුව(1982), අතීත සීගිරි නගරය(1982), රන්ගිරි දඹුලු විහාරය(1991), පුරාතන ගාලු නගරය හා එහි ආරක්ෂාව සැපයීමේ ක්‍රමෝපායන්(1988), පූජනීය අනුරාධපුර නගරය(1982), පූජනීය මහනුවර නගරය(1988), සිංහරාජ වන රක්ෂිතය(1988) සහ ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම්(2010) ජගත් ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත්ව ඇත.

මහනුවර පූජා නගරය[සංස්කරණය]

මාළිගාවේ පිටත දර්ශනයක්

ශ්‍රී දළදා මාළිගාව වනාහි මහනුවර පූජා නගරය නගරය තුළ පිහිටි සුවිශේෂී ආගමික වැදගත්කමක් උසුලන පූජනීය ස්ථානයකි. එය රාජකීය මාළිග පරිශ්‍රයක් තුළ ඉදිවීම දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා වීමට හේතු පාදක විය. දන්ත ධාතූන් වහන්සේ බෞද්ධයාගේ නිරන්තර පිදුමට ලක්වන අතරම අතීතයේ සිට ශ්‍රී ලාංකික රාජ්‍ය පාලනය කෙරෙහි මහත් වූ බලපෑමක් ඇති කරන ලදී.එකල්හි දන්ත ධාතුවේ හිමිකාරිත්වය දරන පුද්ගලයාට රජකම හිමි වූ අතර එම නිසා දන්ත ධාතුව ආරක්ෂා කිරීමට පාලනයේ යෙදී සිටි රජවරු ඉමහත් වූ පරිශ්‍රමයක් දැරීය. සිංහල රජවරුන්ගේ අගනගරය ලෙස මහනුවර 1592 සිට 1815 දක්වා පැවතින. රාජධානිය වටා පිහිටි කඳු වලල්ලකින් සැදුම්ලත් භූමි භාගය රාජධානියේ ආරක්ෂාව තර කිරීමට සමත් විය. මහනුවර නගරය ජගත් ලෝක උරුමයක් නම් කිරීම සඳහා ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන කොට ගෙන හේතු පාදක වී ඇත.

මල්වතු මහා පාර්ශවය හා අස්ගිරි මහා පාර්ශව‍යේ බෞද්ධ භික්ෂූන් විහාරය ඇතුලත පිහිටි කුටිය තුළ බෞද්ධ වතාවත් ඉටු කරනු ලබයි. මෙම වතාවත් වාර්ෂිකව මල්වතු හා අස්ගිරි පාර්ශව‍ය මගින් සිදුවේ. දිනකට තෙවතාවක් අළුයම, දහවල්, හා සවස් යාමයේ මෙම චාරිත්‍ර ඉටු කෙරේ.

බදාදා දින වල විශේෂයෙන් පිළියෙළ කොට ගත් බෙහෙත් හා සුවඳ ගැල්වූ ජලය යොදා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ස්නානයකට භාජනය කරනු ලබයි. මෙය නානුමුර මංගල්‍යය ලෙස හැඳින්වේ.මෙම ශුද්ධ වූ ජලයට, වතාවත් සඳහා පැමිණ සිටින ජනතාවගේ ලෙඩ දුක් සුව කිරීමේ බලයක් ඇති බවට ව්ශ්වාසයක් පවතී. ත්‍රස්තවාදී ප්‍රහාර හේතු කොට ගෙන ශ්‍රී දළදා මාළිගාවට හානි සිදු වු අතර පසුව එම තත්වය සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කරන ලදී.

සීගිරිය[සංස්කරණය]

ප්‍රධාන දොරටුවේ සිට සීගිරි පර්වතය නිරීක්ෂණය වන අයුරු

සීගිරිය වනාහි හතර වන ශතවර්ෂයට අයත් පැරණි රජ වාසලකි. මෙය ඉදිකොට ඇත්තේ කාශ්‍යප රජු විසින් වන අතර සමහරෙක්, සීගිරිය ලොව අටවන පුදුමය ලෙසට සලකනු ලැබේ. සීගිරි පර්වතයේ ඉහලම තැනිතලා බිමෙහි සීගිරි රජ මාළිගයේ නටබුන් දක්නට ලැබේ. මැද මළුවෙහි සිංහ දොරටුව, කැටපත් පවුර සහ කැටපත් පවුරේ බිතු සිතුවම් දක්නට ලැබේ. පහළ මාළිග පරිශ්‍රය ඊට පහලින් පිහිටි බෑවුම් වලට තදින් සවි වී තිබෙන අතරම දිය අගල්, තාප්ප, සහ උද්‍යාන වලින් යුක්ත වේ. මෙම අංග මාලිගා පරිශ්‍රයේ පහළ කොටසේ සිට මීටර් සිය ගණනක් ඈතට විහිදී ඇත.

සීගිරිය වනාහි රජ මාළිගයක් මෙන්ම බලකොටුවක් ලෙසද භාවිත කල ස්ථානයකි. පෙර රජ දවස හෙළ කලාකරුවාගේ විස්මිත නිර්මාණ කුසලතාව විදහා දැක්වීමේ සාක්ෂි අදටත් සීගිරි පරිශ්‍රයේ දක්නට ලැබේ.

සීගිරි පර්වතයේ ඉහලම තැනිතලා බිමෙහි අඩංගු ගල් භාජනය ජලය රැස් කරන අතරම එම ජලය පහල පිහිටි දිය අගල් වලට හා උද්‍යාන වලට ලබා දීම තුලින් ඉමහත් වූ ආකර්ෂණයක් මාළිගා පරිශ්‍රයට ලබා දීමට හැකියාව ලැබී ඇත.

අනුරාධපුරය[සංස්කරණය]

රුවන්වැලි සෑය , අනුරාධපුර පූජා නගරය, ශ්‍රී ලංකාව.

අනුරාධපුරය වනාහි අතීතයේ ලක්දිව පැවති අග නගරයන්ගෙන් එකකි. එහි ආරක්ෂා වී ඇති අතීත නටබුන්, අතීත ශ්‍රී ලාංකීය ශිෂ්ඨාචාරයේ ශ්‍රී විභූතිය ලොවටම හෙළි කරයි. අනුරාධපුර නගරය වටා ආරම්භ වූ මෙම ශිෂ්ඨාචාරය ආසියාවේ හා ලෝකයේ පැවති දියුණුම ශිෂ්ඨාචාර වලින් එකකි. මෙම ලෝක උරුම නගරය ශ්‍රී ලංකා අග නගරය වන කොළඹ සිට කිලෝමීටර් දෙසිය පහක්(හැතැක්ම 127) දුරින් උතුරු මැද පළාතේ මල්වතු ඔයේ ඉවුරු දෙසට වන්නට පිහිටා ඇත. ක්‍රිස්තු පූර්ව හතර වන සියවසේ ආරම්භ වූ අනුරාධපුර රාජධානිය ක්‍රිස්තු වර්ෂ එකොළහේ ආරම්භය දක්වා පැවතින. මෙම කාලය වනාහි අනුරාධපුර නගරය, දකුණු ආසියාවේ දේශපාලන හා සමාජයීය වශයෙන් ඉතාමත් ස්ථාවර තත්වයක පැවතුන සමයකි. මෙසමයෙහි අනුරාධපුර නගරය අද්විතීය සංස්කෘතියකින් හා උසස් ශිෂ්ඨාචාරයකින් පොහොසත් විය. වර්තමාන අනුරාධපුර නගරයේ වර්ග සැතපුම් දහසයක්(ව:කිමී 40) පුරා පෞරාණික බෞද්ධ ආරාම පැතිරී ඇති අතර මෙම කලාපය අන්තර්ජාතික පුරාවිද්‍යාත්මක ස්ථාන අතර ප්‍රධාන ස්ථානයක් උසුලයි.

ගාල්ල[සංස්කරණය]

ගාලු කොටුව : ගාල්ල ප්‍රදීපාගාරයේ දර්ශනයක් , ශ්‍රී ලංකාව

ගාල්ල යනු ශ්‍රී ලංකාවේ නිරිතදිග ගැටියේ පිහිටි, කොළඹ සිට කිලෝ මීටර 119(හැතැක්ම 74)ක් දුරින් වූ නගරයකි. 16 වන ශතවර්ෂයේ පෘතුගීසි ආක්‍රමණයට පෙර ගිම්හාතිත්ත(14 වන සියවසේදී ඉබන් බතුතා විසින් ක්වාලි) ලෙසින්ද ගාලු නගරය හැදින්වීය. මෙසමයෙහි ගාලු වරාය ලංකාවේ ප්‍රධාන වරායක් ලෙසට නම් දරා තිබිණ. 18 වන ශතවර්ෂයේදී ගාලු නගරය දියුණුවේ හිණි පෙත්තටම නැගී සිටියේය. බ්‍රිතාන්‍යය ආගමනයෙන් පසු කොළඹ වරාය සංවර්ධනය වීමත් සමඟම තත්වය කෙමෙන් වෙනස් විය.

පොළොන්නරුව[සංස්කරණය]

පොළොන්නරුව රජ මාළිගය, ශ්‍රී ලංකාව.

ශ්‍රී ලංකාවේ රාජධානීන් අතර දෙවැනි තැනට පැරණි රාජධානිය වනුයේ පොළොන්නරුව රාජධානියයි. පළමුවන විජයබාහු රජතුමා ක්‍රිස්තු වර්ෂ 1070 දී චෝල ආක්‍රමණිකයින් පලවා හැරීමෙන් පසුව පොළොන්නරු රාජධානිය තම පාලනයට නතු කොට ගෙන එක්සේසත් කළේය. පළමුවන විජයබාහුගේ රාජ්‍යත්වයත් සමඟම සිදු වූ අධිරාජ්‍ය වෙනස් වීම් හේතුවෙන් පොළොන්නරුව සුවිශේෂී බවක් උසුලයි. පොළොන්නරුව එක්සේසත් කළ කතා නායකයා වනුයේ විජයබාහු රජුගේ මුණුබුරා වූ පළවෙනි පරාක්‍රමබාහු රජතුමායි. චෝල අධිරාජ්‍යයන්ගේ කෙටි පාලන සමය තුළ පොළොන්නරුව නගරය "ජනන්තමංගලම්" ලෙසට හැඳින්වීය.

කෙසේ වුවද පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව රජ වූ නිශ්ශංකමල්ල රජතුමාට ඇති විරුද්ධත්වය මත අනෙකුත් සියලු අභ්‍යන්තර පාලකයින් තුළ රාජ්‍ය පාලනයට තිබූ කැමැත්ත ක්‍රමයෙන් ගිලිහී යන්නට විය. මෙය හේතු කොට ගෙන නිශ්ශංකමල්ල රාජ්‍ය පාලනයට විරුද්ධව සටන් ඇවිලීමට පටන් ගැනිණ. මෙසේ රජුට විරුද්ධව කැරළි ඇති වෙද්දී අනෙකුත් පාලකයන් විසින් දකුණු ඉන්දියානු ප්‍රබල රාජ්‍යයන් සමඟ සීමා රහිත විවාහ සම්බන්ධතා ඇති කර ගත්තේය. එය හේතු කොට ගෙන ශ්‍රී ලාංකීය රජ පෙළපත අභාවයට යාමට පටන් ගත් අතර කාලිංග මාග වර්ෂ 1214 දී පොළොන්නරුව රාජධානිය ආක්‍රමණය කළේය. අවසාන වරට පොළොන්නරුව රාජධානිය ආක්‍රමණයකට නතු වුයේ වර්ෂ 1284 දී පාන්ඩ්‍යය රජ පෙළපතකට උරුමකම් කියූ ආර්ය චක්‍රවර්තී නම් රජුගෙනි. ඉන්පසුව ලංකාවේ අගනුවර ලෙසට දඹදෙණිය පත් විය.

වර්තමානයේදී දක්නට ඇති අතීත පොළොන්නරුව නගරයේ පුරාවිද්‍යාත්මක ස්ථාන ලාංකීය රජ දරුවන්ගේ විශිෂ්ටත්වය හා ශික්ෂණය මනාව පිළිඹිබු කරයි.

රන්ගිරි දඹුළු උයන්වත්ත රජමහා විහාරය[සංස්කරණය]

රන්ගිරි දඹුළු උයන්වත්ත රජමහා විහාරය

රන්ගිරි දඹුළු විහාරය යුනෙස්කෝ ලෝක උරුම අතරට පත් වුයේ 1991 වර්ෂයේදීය. මෙම විහාරය කොළඹ සිට කිලෝමීටර් 148(හැතැක්ම 92) නැගෙනහිර දෙසටද නුවර සිට කිලෝමීටර් 72(හැතැක්ම 45) උතුරු දෙසටද වන්නට පිහිටා ඇත. මෙම විහාරය ලංකාවේ ඇති වඩාත්ම ආරක්‍ෂිත මෙන්ම විශාලතම ලෙන් විහාරයයි. ගල් පර්වතය බිම පිහිටි තැනිතලා මට්ටමේ සිට මීටර 160(අඩි 525) උසක් දක්වා දිව යයි. ලෙන් විහාරය අවට ප්‍රලේඛගත ලෙන් 80කට වැඩි ප්‍රමාණයක් දැක ගත හැක. මෙම ලෙන් අතර විශේෂ ආකර්ෂණයක් දිනා ගන්නේ බුද්ධ චරිතය ඇතුළත් සිතුවම් හා බුදු පිළිම අඩංගු කර ඇති විහාර වේ. මෙම ලෙන් විහාරය තුළ බුදු පිළිම 153ක්, ශ්‍රී ලාංකික රජවරුන්ගේ පිළිම 3ක් සහ දෙවි දේවතාවන්ගේ පිළිම 4ක් අඩංගු වේ. දේවතා පිළිම අතර විෂ්ණු සහ ගණ දෙවිවරුන්ගේ පිළිම 2කක්ද අඩංගු වේ. ලෙනෙහි අඩංගු බිතු සිතුවම් වර්ග මීටර් 2100 ආවරණය කරයි. මෙම බිතු සිතුවම් අතර මාරයා විසින් බුදුන් පරික්ෂාවට ලක් කළ ආකාරය හා බුදුන්ගේ පළමු ධර්ම දේශනය ඇතුලත් වේ.

සිංහරාජ වනාන්තරය[සංස්කරණය]

සිංහරාජ වන රක්ෂිතයේ කඳුවැටි, ශ්‍රී ලංකාව

සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යානයකි. අන්තර්ජාතික වැදගත්කමක් උසුලන සිංහරාජ රක්ෂිතය, ජෛවගෝල රක්ෂිතයක් මෙන්ම ලෝක උරුම භූමියක් ලෙසට යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට ඇත. කඳු සහිත අදූෂිත වැසි වනාන්තරය හා පහත භූමී භාගයේ පිහිටි වැසි වනාන්තර වලින් සමන්විත ජෛව විවිධත්වය අවිධිමත් වාණිජ අතපෙවීම් වලින් ආරක්ෂා කිරීමට ලෝක ජෛව ගෝල රක්ෂිතයක් ලෙසට 1978 වර්ෂයේදී නම් කළ අතර 1989දී ලෝක උරුම රක්ෂිතයක් ලෙසට නම් කරන ලදී.

සිංහරාජ රක්ෂිතය නැගනහිර සිට බටහිර දක්වා කිලෝ මීටර 21(හැතැක්ම 13) සහ උතුරේ සිට දකුණ දක්වා කිලෝ මීටර 7(හැතැක්ම 4) පමණ විශාලත්වයෙන් යුතුවේ. එසේ වුවද එම භූමි භාගය ඒකදේශික විශේෂයන්ගෙන්- වෘක්ෂලතා, කෘමීන්, උභය ජීවින්, උරගයන්, පක්ෂීන් සහ ක්ෂීරපායින්ගෙන් අගතැන්පත් වේ.

ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම්[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම් වලින් වට වූ සමනල කන්ද

මෙම ප්‍රදේශය මිනිස් වාසයෙන් තොර රක්ෂිතයක් ලෙසට ප්‍රකාශයට පත් කොට ඇති අතර, හෝර්ටන් තැන්න, නකල්ස් කඳු පන්තිය මෙම ප්‍රදේශයට අයත් වේ. ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම් ලෝක උරුම ලේඛනයට 2010 වර්ෂයේදී ඇතුළත් වුයේ එහි වූ ජෛයව විවිධාත්මක වැදගත්කම නිසාවෙනි. [1]

යොමුව[සංස්කරණය]

  1. http://whc.unesco.org/en/newproperties/ New Inscribed Properties 2010

තව බලන්න[සංස්කරණය]

බාහිර යොමු[සංස්කරණය]