ශ්‍රී ලංකාවේ ජනාධිපති
ශ්‍රී ලංකාවේ ජනාධිපති | |
---|---|
ශෛලීය | අතිගරු (අවිධිමත්) උත්තමයා (විධිමත් සහ රාජ්‍යතාන්ත්‍රික) |
මෙහි සාමාජිකයෙකි | කැබිනට් මණ්ඩලය |
නිවහන | ජනාධිපති මන්දීරය |
පත් කරන්නා | සෘජු මැතිවරණ ඡන්දයෙන් |
ධූර කාල ප්‍රමාණය | වසර පහකි, එක් වරක් යළි තරග කල හැකිය |
සංස්ථාපන ලිඛිතය | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව |
සමාරම්භක දරන්නා | විලියම් ගොපල්ලව |
සංස්ථාපනය | 22 මැයි 1972 |
වෙබ් අඩවිය | ජනාධිපති ජනකාධිපති ලේකම් කාර්යාලය |
![]() |
පහත දැක්වෙන් කාණ්ඩවලට අයත් වේ: ශ්‍රී ලංකාවේ දේශපාලනය හා රජය |
දේශපාලන පක්ෂ |
විදේශ ප්‍රතිපත්තිය |
සබැඳි වාද විෂයයන් |
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිත සමාජවාදී ජනරජයෙහි ජනාධිපතිවරයා (ඉංග්‍රීසි: [ President of the Democratic Socialist Republic of Sri Lanka ] error: {{lang}}: text has italic markup (help) ප්‍රසිඩන්ට් ඔෆ් ද ඩිමොක්ට්‍රටික් සෝෂලිස්ට් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා; දෙමළ: இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் ஜனாதிபதி “ඉලංගෙයි යෙනනායක සෙයාසලිස කුඩියරස ජනාධිපති“) යනු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවෙහි ප්‍රධානියා සහ ආරක්ෂක හමුදාවන්හි සේනාධිනායකයා වෙයි. ජනාධිපතිවරයා යනු, ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන තනතුරුධාරියෙකි . මෙම තනතුර නිර්මාණය කෙරුණේ වසර 1978 දීය. ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 නොවැම්බර් මස 16 වන දින සර්වජන ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ 7වන විධායක ජනාධිපති ලෙස තේරී පත්විය..
ඉතිහාසය[සංස්කරණය]
ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ජනාධිපති[සංස්කරණය]
නිදහස ලැබෙත්ම, ලංකාවේ විධායක බලතල පැවරී තිබුණේ, අග්‍රාණ්ඩුකාරවරයා වෙතින් නියෝජනය කෙරුණු, ලංකාවේ රජ වෙත වන අතර, මෙම බලතල අග්‍රාමාත්‍යවරයාගේ උපදේශනය පරිදී ක්‍රියාත්මක කෙරිණි . 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් රජුගේ බලතල ඉවත් කොට, අග්‍රාණ්ඩුකාරවරයා වෙනුවට විධායක ජනාධිපතිවරයා යන තනතුර ආදේශනය කෙරුණි.