කරු ජයසූරිය
කරූ ජයසූරිය | |
---|---|
கரு ஜயசூரிய Karu Jayasuriya | |
![]() | |
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 20 වන කථානායකවරයා | |
තනතුර දරමින් 1 සැප්තැම්බර් 2015 – 3 මාර්තු 2020 | |
Deputy | ආනන්ද කුමාරසිරි තිලංග සුමතිපාල |
පූර්වප්‍රාප්තිකයා | චමල් රාජපක්ෂ |
අනුප්‍රාප්තිකයා | මහින්ද යාපා අබේවර්ධන |
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මන්ත්‍රණ සභාවේ සභාපති | |
තනතුර දරමින් 9 සැප්තැම්බර් 2015 – 20 අගෝස්තු 2020 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන ගෝඨාභය රාජපක්ෂ |
බුද්ධ ශාසන අමාත්‍ය | |
තනතුර දරමින් 12 ජනවාරි 2015 – 17 අගෝස්තු 2015 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | දි.මු. ජයරත්න |
රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ අමාත්‍ය [a] | |
තනතුර දරමින් 12 ජනවාරි 2015 – 17 අගෝස්තු 2015 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | දි.මු. ජයරත්න |
තනතුර දරමින් 2007–2008 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
විදුලිබල හා බලශක්ති අමාත්‍ය | |
තනතුර දරමින් 12 දෙසැම්බර් 2001 – 6 අපේ‍්‍රල් 2004 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 2015–2020 | |
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 2000–2015 | |
කොළඹ නගරාධිපති | |
තනතුර දරමින් 1997–1999 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 29 සැප්තැම්බර් 1940 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
උගත් ශාස්ත්‍රාලය | ආනන්ද විද්‍යාලය, කොළඹ |
රැකියාව | දේශපාලනඥ, රාජ්‍ය තාන්ත්‍රික |
වෘත්තිය | ව්‍යාපාරිකයා |
වෙබ් අඩවිය | parliament.lk/members-of-parliament/directory-of-members/viewMember/101 |
Military service | |
පක්ෂපාතීත්වය | ශ්‍රී ලංකාව |
ශාඛාව/සේවාව | ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාව |
සේවා කාලය | 1965–1972 |
නිලය | දෙවන ලුතිනන් |
ඒකකය | ලංකා ජාතික ආරක්ෂක බළකාය |
සටන්/ යුද්ධ | 1971 ජවිපෙ කැරැල්ල |
| |
ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසූරිය (දෙමළ: கரு ஜயசூரிய, ඉංග්‍රීසි: Karu Jayasuriya; උපත 29 සැප්තැම්බර් 1940) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්. ඔහු හිටපු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වේ. [1] කරු ජයසුරිය මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු,බුද්ධශාසන හා ආගමික කටයුතු,බල ශක්ති යන අමාත්‍ය තනතුරු සහ කොළඹ නගරාධිපති තනතුර දරා ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වේ. එමෙන්ම එතුමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පදවිය දරා අැත. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන එතුමා රණසිංහ ප්‍රේමදාස රජය විසින් ජර්මනියේ ශ්‍රී ලාංකීය තානාපති ලෙස එවකට පත් කරන ලදී.
කරු ජයසුරිය 1965 සිට 1972 දක්වා කාලය තුල හමුදාවේ නිල ලත් නිලධාරියෙක් ලෙස කටයුතු කරන ලදී. වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන ජයසුරිය 1996 වසරේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතාගේ ආරාධනය පරිදි පක්ෂ සභාපතිත්වයට පත් විය.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Karu elected as new Speaker". Adaderana. 3 September 2015. සම්ප්‍රවේශය 3 September 2015.