ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව
බ්‍රිතාන්‍ය ලංකාව
වර්ගය
වර්ගය
ඒකමණ්ඩල
ඉතිහාසය
සංස්ථාපනය13 මාර්තු, 1833
විසුරුවාහැරීම1931
පූර්ව ප්‍රපාප්තියකිසිවක් නැත
අනු ප්‍රාප්තියලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව
ආසන16 (1833-1889)
18 (1889-1910)
21 (1910-1920)
37 (1920-1923)
49 (1923-1931)
මැතිවරණ
අවසන් මැතිවරණය
ලාංකික ව්‍යවස්ථාදායක සභා මැතිවරණය, 1924
රැස්වන ස්ථානය
Repub building.jpg
කොළඹ කොටුවේ ව්‍යස්ථාදායක සභා ගොඩනැගිල්ල. ලංකාවේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් 1947 සිට 1971 දක්වා මෙම ගොඩනැගිල්ල භාවිතා කරන ලදි . වර්තමානයේ එය හැඳින්වෙන්නේ ජනරජ ගෙඩනැගිල්ල වශයෙන් වන අතර විදේශ කටයුතු අමාත්‍යාංශයෙහි කටයුතු එහි පවත්වාගෙන යයි.
Coat of arms of Sri Lanka, showing a lion holding a sword in its right forepaw surrounded by a ring made from blue lotus petals which is placed on top of a grain vase sprouting rice grains to encircle it. A Dharmacakra is on the top while a sun and moon are at the bottom on each side of the vase.
පහත දැක්වෙන් කාණ්ඩවලට අයත් වේ:
ශ්‍රී ලංකාවේ
දේශපාලනය හා රජය


ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව යනු, කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාර, ලංකාවේ විධායක සභාව හා සමගින් 1833 වසරෙහිදී පිහිටවුනු, ලංකාවේ (වර්තමානයේ ශ්‍රී ලංකාව) ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙයි. එය දිවයිනෙහි නියෝජනාත්මක රජයක පළමුවන ස්වරූපය විය. 1931 වසරෙහිදී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ව්‍යවස්ථාදායක සභාව වෙනුවට ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවන ලදි.

ඉතිහාසය[සංස්කරණය]

හැඳින්වීම[සංස්කරණය]

1833 වසරෙහිදී කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාව විසින්, බ්‍රිතාන්‍ය ලංකාවේ නියෝජනාත්මක රජයක පළමු පියවර ලෙසින්, ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව ස්ථාපනය කරන ලදි. ආරම්භයෙහිදී, ව්‍යවස්ථාදායක සභාව සමන්විත වූයේ සාමාජිකයන් 16 දෙනෙකු ගෙනි: බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා, ලංකාවේ විධායක සභාවේ පත්කල සාමාජිකයන් පස්දෙනා ( යටත්විජිත භාර ලේකම්වරයා, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, භාණ්ඩාගාරිකවරයා සහ සේනාධිනායකවරයා), වෙනත් රජයේ නිලධාරින් සතරදෙනෙක් (බස්නාහිර සහ මධ්‍යම පළතේවල දිසාපතිවරුන් ඇතුළුව) සහ පත්කල නිලනොලත් සාමාජිකයන් සයදෙනෙක් (යුරෝපියානුවන් තිදෙනෙක්, එක් සිංහල ජාතිකයෙක්, එක් දෙමළ ජාතිකයෙක් සහ එක් බර්ගර් ජාතිකයෙක්) යනුවෙනි. නිලනොලත් සාමාජිකයන්හට නීති සම්පාදන සඳහා මුල පිරීමට හිමිකම් නොවීය; ඔවුනට අවකාශ තිබුයේ සාකච්ඡා වලට සම්මාදම් වීමට පමණි. රටෙහි පරිපාලනය සඳහා හඬක් නැගීමට එහි ජනතාවට ලැබුනු පළමු අවස්ථාව මෙය විය. කෙසේවෙතත්, 1860 වසරෙහිදී, මූල්‍යමය කටයුතු හා සම්බන්ධ නොවූ නීති සම්පාදන ඉදිරිපත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ට අවසර ලැබිණි. [1]

1889 වසරෙහිදී, පත්කල නිලනොලත් සාමාජිකයන් ගණන අට දක්වා ඉහළ නංවන ලදි (යුරෝපියානුවන් තිදෙනෙක්, පහතරට සිංහල එක් අයෙක්, උඩරට සිංහල එක් අයෙක්, එක් දෙමළ ජාතිකයෙක්, එක් මුස්ලිම් ජාතිකයෙක් සහ එක් බර්ගර් ජාතිකයෙක්).

මැකලම් ප්‍රතිසංස්කරණ[සංස්කරණය]

1910 වසරෙහිදී සිදුකෙරුණු මැකලම් ප්‍රතිසංස්කරණ තුලින්, ව්‍යවස්ථාදායක සභාව ප්‍රතිසංස්කරණය කෙරිණි. සාමාජිකත්වය 18 සිට 21 දක්වා ඉහළ දමන ලද අතර, එයින් 11 දෙනෙකු නිල සාමාජිකයෝ සහ 10 දෙනෙකු නිල-නොවන සාමාජිකයෝ වූහ. නිල-නොවන සාමාජිකයන් අතුරින්, සය දෙනෙකු ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද අතර (පහත රට සිංහල ජාතිකයෝ දෙදෙනෙක්, දෙමළ ජාතිකයෝ දෙදෙනෙක්, උඩරට සිංහල ජාතිකයෝ එක් අයෙක් සහ මුස්ලිම් ජාතිකයෝ එක් අයෙක්) ඉතිරි සතර දෙන තෝරා පත් කර ගන්නා ලදි (යුරෝපියානුවෝ දෙදෙනෙක්, බර්ගර් ජාතිකයෝ එක් අයෙක් සහ උගත් ලාංකිකයෝ එක් අයෙක්).

මැකලම් ප්‍රතිසංස්කරණයන්හී ඉතාමත් වැදගත් පාර්ශවය වූයේ තෝරා පත් කර ගන්නා සාමාජිකයන් හඳුන්වාදීමයි. කෙසේවෙතත්, 3,000 ට අඩු (4%) ප්‍රමාණයක් ජනතාවට පමණක් ඡන්දය ප්‍රකාශ කල හැකිවූයේ, ඡන්දය දීමේ අයිතිය දානය කෙරුණේ උගත් බව සහ දැරූ වත්කම් මත පදනම්ව බැවිණි. තෝරා පත් කර ගත්, නිල-නොවන සාමාජිකයන් සතර දෙනා අතුරින් එක් අයෙකු වූයේ පොන්නම්බලම් රාමනාදන් මහතාය. ආදායම පාලනය කිරීමට, මූල්‍ය කාරක සභාවක්ද පත් කෙරිණි. එය සමන්විත වූයේ යටත් විජිත භාර ලේකම්, යටත් විජිත භාර භාණ්ඩාගාරික, ආදායම් පාලක සහ මියළු කිල-නොවන තෝරා පත් කර ගත් සාමාජිකයන් වෙතිනි. මෙම වෙනස්කම් විසින් ලාංකිකයන් සෑහීමකට පත් නොවූ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ව්‍යාපාරය තවදුරටත් තීව්‍ර විය.

පළමුවන මැනිං ප්‍රතිසංස්කරණ[සංස්කරණය]

1920 වසරෙහිදී සිදුවූ පළමුවන මැනිං ප්‍රතිසංස්කරණ වෙතින් තවද ප්‍රතිසංස්කරණ නීතිගත කෙරිණි. සාමාජිකත්වය 21 සිට 37 දක්වා ඉහළ නංවන ලද අතර, එයින් 14 දෙනෙකු නිලලත් සහ 23 දෙනෙකු නිල-නොවන වූහ. නිල-නොවන සාමාජිකයන් අතරින්, සතරදෙනෙකු ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද අතර (උඩරට සිංහල දෙදෙනෙක්, මුස්ලිම් එක් අයෙකු සහ ඉන්දියානු දෙමළ එක් අයෙකු) ඉතිරි 19 දෙනා තෝරා පත් කර ගන්නා ලදහ (11 දෙනෙකු ප්‍රාදේශික පදනමෙන්, යුරෝපියානුවෝ පස්දෙනෙක්, බර්ගර් ජාතිකයන් දෙදෙනෙක් සහ වාණිජ මණ්ඩලය වෙතින් එක් අයෙකු).

සැලකිය යුතු වෙනසක් වූයේ ප්‍රාදේශීය පදනමකින් ඡන්ද බල ප්‍රදේශ හඳුන්වාදීමයි. ප්‍රාදේශීය ඡන්ද බල ප්‍රදේශ 11 අතරින්, තුනක් බස්නාහිර පළාත තුලද අනෙක් පළාත් අට තුල එක බැගින්ද පිහිටියේය.විධායක සභාවට නිල-නොවන සාමාජිකයෝ තිදෙනෙක් තෝරා පත් කර ගන්නා ලදි. මෙම ප්‍රතිසංස්කරණ කෙරෙහිද ලාංකිකයෝ සතුටට පත් නොවූ අතර තවද වෙනස්කම් ඉල්ලා සිටියහ.

දෙවන මැනිං ප්‍රතිසංස්කරණ[සංස්කරණය]

1923 වසරෙහිදී ක්‍රියාත්මකවූ දෙවන මැනිං ප්‍රතිසංස්කරණ වෙතින්, 37 සිට 49 දක්වා සාමාජිකත්වය ඉහළ නංවන ලද අතර, එයින් 12 දෙනෙකු නිලලත් සාමාජිකයන්ද 37 දෙනෙකු නිල-නොවන සාමාජිකයෝද වූහ. නිල-නොවන සාමාජිකයන් අතරින්, ආණ්ඩුකාරවරයා විසින් අටදෙනෙකු පත් කරන ලද අතර (මුස්ලිම් තිදෙනෙක්, ඉන්දියානු දෙමළ දෙදෙනෙක් සහ වෙනත් තිදෙනෙක්) ඉතිරි 29 දෙනා තෝරා පත්කරගන්නා ලදහ (ප්‍රාදේශීය පදනමකින් 23 දෙනෙකු, යුරෝපියානුවන් තිදෙනෙකු, බර්ගර් ජාතිකයන් දෙදෙනෙකු, බස්නාහිර පළාත සඳහා ලංකා දෙමළ එක් අයෙකු). ප්‍රාදේශීය ඡන්ද බල ප්‍රදේශ 23 බෙදී ගියේ පහත පරිදීය:

ආශ්‍රිත[සංස්කරණය]

  1. සෙරින් සිරිවර්ධන, ශ්‍රී ලංකා ලෝ කොලේජ් එන්ට්‍රන්ස් එග්සැමිනේෂන් කෝර්ස් බුක්,(දි ඉන්කෝපරේටඩ් කවුන්සිල් ඔෆ් ලීගල් එඩියුකේෂන් /ශ්‍රී ලංකා ලෝ කොලේජ්, 1998), 26.

බාහිර සබැඳි[සංස්කරණය]