නවදුර්ගා

විකිපීඩියා වෙතින්
(නවදුර්ගාවෝ වෙතින් යළි-යොමු කරන ලදි)

නවදුර්ගා
යුධ දේවතාවෝ
නපුර පරදා යහපත ජයගැනීම
අනභිභවනීයයෝ
මාතෘ දේවතාවියගේ රෞද්‍ර ස්වරූප
Navadurga.jpg
නවදුර්ගාවෝ:
ශෛලපුත්‍රී, බ්‍රහ්මචාරිනී, චන්ද්‍රඝණ්ටා,
කුෂ්මාණ්ඩා, ස්කන්දමාතා, කත්‍යායිනී,
කාල්රාත්‍රී, මහාගෞරී සහ සිද්ධිධාත්‍රී.
දේවනාගරීनवदुर्गा
අනුබැඳියදේවී, දුර්ගා, ආදි-පරාශක්ති, චන්ඩිකා
වාහනයව්‍යාඝ්‍රයා, සිංහයා, ගවයා, බූරුවා
උත්සවනවරාත්‍රී, දුස්සේහ්රා, දුර්ගා පූජා, දුර්ගා අෂ්ටමි

නවදුර්ගා (සංස්කෘත: नवदुर्गा, සාහිත්‍ය. දුර්ගාගේ ස්වරූප නවය) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමෙහි එන දුර්ගා දෙවඟනගේ ස්වරූප නවයකි. විශේෂයෙන්ම නවරාත්‍රී උත්සවයේ දී මෙම ස්වරූප නවයේ සෑම ස්වරූපයක්ම රාත්‍රී නවයක් පුරා පිළිවෙලින් වන්දනාමාන කිරීම සිදුවේ. දුර්ගාගේ (පාර්වතී) ස්වරූප නවය මෙසේ ය: ශෛලපුත්‍රී, බ්‍රහ්මචාරිනී, චන්ද්‍රඝණ්ටා, කුෂ්මාණ්ඩා, ස්කන්දමාතා, කාත්‍යායිනී, කාල්රාත්‍රී, මහාගෞරී සහ සිද්ධිධාත්‍රී ය.

නව දුර්ගා දෙවඟනන් පිළිබඳව කතාව පාර්වතියගේ දිවියේ නොයෙකුත් අවධීන් වටා ගෙටී ඇති බව පෙනී යන්නකි. එමෙන්ම කාන්තාවකගේ දිවි මඟ හා එතුළින් සමාජයට සිදුවන යහපත පිළිබඳව නව දුර්ගාවන්ගේ කතාව තුළ අන්තරගතය.

තොරතුරු[සංස්කරණය]

නව දුර්ගා
නාමය රූපය වාහනය දරාගෙන සිටින ආයුධ/මුද්‍රා ආදිය මන්ත්‍රය
1 ශෛලපුත්‍රි Shailaputri Sanghasri 2010 Arnab Dutta.JPG ගවයා ත්‍රිශූලය සහ පද්මය

वृषारूढां शूलधरां शैलपुत्री यशस्विनीम्‌ ||

या देवी सर्वभू‍तेषु माँ शैलपुत्री रूपेण संस्थिता। नमस्तस्यै नमस्तस्यै नमस्तस्यै नमो नमः||

2 බ්‍රහ්මචාරිනි Brahmacharini.jpg ජප මාලය, කාමණ්ඩලු दधाना करपद्माभ्यामक्षमालाकमण्डलू। देवी प्रसीदतु मयि ब्रह्मचारिण्यनुत्तमा॥
3 චන්ද්‍රගන්ටා Chandraghanta Sanghasri 2010 Arnab Dutta.JPG ව්‍යාඝ්‍රයා ත්‍රිශූලය, පද්මය, ගදාව, කාමණ්ඩල්, අසිපත, දුන්න, ඊතලය, ජප මාලය, අභයමුද්‍රාව, ග්‍යාන් මුද්‍රාව पिण्डजप्रवरारुढा चण्डकोपास्त्रकैर्युता। प्रसादं तनुते मह्यं चन्द्रघण्टेति विश्रुता॥
4 කුෂ්මාණ්ඩා Kushmanda Sanghasri 2010 Arnab Dutta.JPG ව්‍යාඝ්‍රයා පද්මය, චක්‍රය, කාමණ්ඩලු, දුන්න, ඊතලය, ගධා, අක්ෂමාලාව, මී පැණි කෙණ්ඩිය सुरासम्पूर्णकलशं रुधिराप्लुतमेव च। दधाना हस्तपद्माभ्यां कूष्माण्डा शुभदास्तु मे॥
5 ස්කන්ධමාතා Skandamata Sanghasri 2010 Arnab Dutta.JPG සිංහයා නෙළුම් මල් දෙකක්, ස්කන්ධ කුමරු सिंहासनगता नित्यं पद्माश्रितकरद्वया। शुभदास्तु सदा देवी स्कन्दमाता यशस्विनी॥
6 කත්‍යායනී Katyayani Sanghasri 2010 Arnab Dutta.JPG සිංහයා දිගු අසිපත,පද්මය, අභයමුද්‍රාව, වරදමුද්‍රාව चंद्रहासोज्जवलकरा शार्दूलवरवाहना। कात्यायनी शुभं दध्यादेवी दानवघातिनि।।
7 කාලරාත්‍රී Kalratri Sanghasri 2010 Arnab Dutta.JPG බූරුවා වජ්‍රය සහ වක්වූ අසිපත, අභයමුද්‍රාව, වරදමුද්‍රාව एकवेणी जपाकर्णपूरा नग्ना खरास्थिता

लंंबोष्टी कर्णिकाकर्णी तैलाभ्यक्तशरीरिणी। वामपादोल्लसल्लोहलताकंठकभूषणा वर्धनमूर्धध्वजा कृष्णा कालरात्रिर्भयंकरी।।

8 මහාගෞරි Mahagauri Sanghasri 2010 Arnab Dutta.JPG ගොනා ත්‍රිශූලය, දමරූ, අභය මුද්‍රාව, වරද මුද්‍රාව श्वेते वृषे समारुढा श्वेताम्बरधरा शुचिः। महागौरी शुभं दघान्महादेवप्रमोददा॥
9 සිද්ධිධාත්‍රි Siddhidatri Sanghasri 2010 Arnab Dutta.JPG නෙළුම් මල සුදර්ශන චක්‍රය, සංඛය, ගදාව, පද්මය सिद्धगन्धर्वयक्षाघैरसुरैरमरैरपि।

सेव्यमाना सदा भूयात् सिद्धिदा सिद्धिदायिनी॥

वन्दे वांछित मनोरथार्थ चन्द्रार्घकृत शेखराम्। कमलस्थितां चतुर्भुजा सिद्धीदात्री यशस्वनीम्॥ स्वर्णावर्णा निर्वाणचक्रस्थितां नवम् दुर्गा त्रिनेत्राम्। शख, चक्र, गदा, पदम, धरां सिद्धीदात्री भजेम्॥


01.ශෛලපුත්‍රි දේවිය[සංස්කරණය]

ශෛලපුත්‍රි දේවිය

ආදි ශක්තිය සතී දේවිය ලෙස උපත ලැබීම...

ආදිශක්ති මාතාව ප්‍රථම වරට සතී දේවිය ලෙස දක්ෂ ප්‍රජාපතීට දාව ප්‍රසූති දේවියගේ කුසින් බිහිවිණ. ඇය කුඩා කාලයේ පටන් ශිව භක්තිකයකු විය. නමුත් ප්‍රජාපතී දක්ෂ ශිව දෙවියන් කෙරෙහි කැමැත්තක් දැක්වූයේ නැත. නමුදු සති දේවිය ඇයගේ දැඩි භක්තිය නිසාම කෙසේ හෝ ශිව දෙවියන් සමඟ විවහා වෙන්නේ ප්‍රජාපති දක්ෂගේ තීරණයට විරුදධව යමිනි.


ශිව දෙවියන් සමඟ සතී විවහා වෙයි...

පසුව කෛලාශයේ ශිව දෙවියන් සමඟ ඉතාමත් යහපත් යුග දිවියක් ගෙවන සති දේවිය එක් දිනක් සියලූම දෙවි දේවතාවුන් යම් කාර්‍යයක් සඳහා නික්මෙණු දුටු ඇයට අසන්නට ලැබෙන්නේ තම පියාගේ මැඳුරේ යාගයක් පවතින බවයි. ඒ සඳහා ශිව සතී යුවළට ආරාධනාවක් ලැබී නොතිබිණ.


සතී දේවියගේ මරණය...

දක්ෂගේ යාගයට සතී දේවිය යාම.

ඇය අනාරාධිතවම යාගයට යයි. එහිදී ප්‍රජාපති දක්ෂ ශිව දෙවියන්ට අවමන් කරයි. එහිදී සතී දේවිය එම අවමන් සමඟ තවත් දිවි ගෙවීමට නොහැකිව යාග ගින්නට ආරාධනා කොට තම සිරුර දවා ගනී. මෙය ඇසූ ශිව දෙවියන් කෝපාවිශ්ටව වීරභද්‍රව මවයි.භද්‍රකාලියව ද කැඳවයි. ඔවුහූ මහා සංහාරයක් කරති. ප්‍රජාපතී දක්ෂගේ හිස වීරභද්‍රයන් විසින් දෙකට කොට යාග ගින්නේ පුළුස්සා දමයි.

දෙවිවරුන්ගෙන් ශිව දෙවියන්ට ආයාචනයක්...

පසුව ශිව දෙවියන්ගේ විසින් ශිව දෙවියන්ට ආයාචනා කරයි. දක්ෂට එළු හිසක් සමඟ පුනර්ජීවය ලැබේ.

දක්ෂට එළු හිසක් ලැබීමට හේතුව ලෙස සමහර මූළාශ්‍ර වල සඳහන් වනුයේ නන්දි ගවයාට කළ අපහසයකදී නන්දි ගවයා විසින් පෙරළා දක්ෂට ශාප කරනුයේ ඔහුටද සත්ව හිසක් ලැබෙන ලෙසයි.

ශක්ති පීඨ පිහිටුවීම....

ශිව දෙවියන් සතී දේවියගේ සිරුර සහිතව

වීරභද්‍රගේ කෝපය භද්‍රකාලිය සන්සිඳවයි. නමුදු සතියගේ සිරුර ඔසවා මහා තාණ්ඩය සිදු කරන ශිව දෙවියන්ගේ කෝප ගින්නෙන් විශ්වය විනාශ වීමට සැරසේ. ඒ බව දක්නා මාහා විෂ්ණු දෙවියන් තම චක්‍රයෙන් සතී දේවියගේ සිරුර කොටස් වලට වෙන් කරයි. ඒවා පෘථිවියේ විවිධ ස්ථාන මත ස්ථාපිත වේ. ඒවා ශක්ති පීඨ ලෙස හඳුන්වයි.


විෂ්ණු දෙවියන් තම චක්‍රයෙන් සති දේවියගේ සිරුර කොටස් වල වෙන් කිරීම

නැවත උපතකට පසුබිමක්...

සතී දේවියගේ නික්මීමෙන් පසු මහා දෙවියන් හුදකලා භාවනායෝගී දිවියක් ගත කළා. විශ්වයට මෙම කාලයේදී අඳුරු කාලඡේදයක් උදා විය. විශ්වයේ සන්තුලනයට ආදිශක්තිය නැවත ජන්මය ලබා ගැනීම අවැසි විය.

පසුව දෙවිවරු බ්‍රහ්ම දෙවියන්ගෙන් මේ ගැන විමසුවා. මෙතෙක් කල් අදෘශ්‍යමානව සිටි ආදිශක්තිය ඔවුන් ඉදිරියේ ප්‍රකටව තමා හිමාවන් රජුගේ හා මේනාවතියගේ දියණියකව හිම වනයේ උපත ලබන බව සනාථ කළා.

සමහරක් මූලාශ්‍ර පවසන පරදි ප්‍රජාපතී දක්ෂගේ මිණිබිරියන් තෙදෙනෙකු සනත් කුමාරවරුන්ගෙන් ශාපයක් ලබනවා මනුලොව උපත ලබන්නට. පසුව සමාව ඇයැදීමෙන් පසු ඔවුන් ආශිර්වාද ලබනවා රාධා රාණියගේ, සීතා හෙවත් ජානකියගේ හා ආදිශක්ති දේවියගේ උප්පත්තීන් වලදී  මව් තනතුරු ලබන්නට. ඒ අනුවයි මේනාවන් උපත ලබන්නේ.

අසිරිමත් ආදිශක්තියගේ පහළ වීම... හිමාලාධිපති යුවල ආදිශක්තිය වෙනුවෙන් වෘත රැක මහා තපසක් සිදු කරයි. ආදි ශක්තිය ඔවුන් ඉදිරියේ පෙනී සිට ඔවුනගේ දරුවකු ලෙස උපත ලබන බවට වරම් දෙනු ලැබීය. මේනාවන් ගැබ් ගෙන දස මසක් ඇවෑමයෙන් දියණික බිහි කරන අතර එදින සමස්ත විශ්වය පුරාම සුභ නිමිති පහළ වෙනවා. සියලුම දෙවිදේවතාවියන් මේ සුභ අවස්ථාවට සාක්ෂි ලබා දෙන්න හිමාල මාළිගයට රැස් වූ අතර ලක්ෂ්මිය හා සරස්වතිය මෙතුමිය මේ විශ්වය තුළට පිළිගනු ලබනවා එතුළින් ත්‍රිදේවියන් සම්පූර්ණ විය.

thumb|ත්‍රිදේවියන්

පර්වත රජුගේ දියණිය යන අර්ථයෙන් ඇයට පාර්වතී යන නාමය ද එමෙන්ම සෛලපුත්‍රි යන නාමයද ලැබෙනවා.

උපතින් පසු දෙමාපියන්ගේ ආදරය හා රැකවරණය පිට පාර්වතිය හැඳී වැඩිණ.  ඇයට තම පෙර ජන්මය හෝ තමා සැබෑ අනන්‍යතාව ගැන මතකයක් නොමැතිව සාමාන්‍ය යෞවනියක බවට පත්වේ.

ශෛලපුත්‍රි නාමයේ අරුත...

ශෛල (ශිලා) නම් පාෂාණයි. එය හිමාලයයි. පුත්‍රි නම් දියණියයි. එවිය මෙහි සමස්ත අර්ථය ශෛලපුත්‍රි ලෙස ගත හැකිය.

ශෛලපුත්‍රි දේවියගේ නිරූපණය ශෛලපුත්‍රි දේවිය ස්වරූපයක් ලෙස වන්දනා කිරීමෙදී ඇය ගවයකු පිට ත්‍රිශූලයක් හා පද්මයක් සහිතව නිරූපණය කරයි.

එතුමිය කාන්තාවක් දියණියක ලෙස ගෙවන අවධිය නිරූපණය කරයි. කන්තාවක් තම උපතින් පසු ප්‍රථමයෙන්ම උරුම කරගන්නේ දියණියකගේ භූමිකාවයි. එම භූමිකාව ශෛලපුත්‍රි දේවියගේ චරිතය තුළින් කදිමට  ගම්‍යමාන වේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

|}

"https://si.wikipedia.org/w/index.php?title=නවදුර්ගා&oldid=533682" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි