කාලරාත්‍රී
Appearance
| කාල්රාත්‍රී | |
|---|---|
| වාසනාවේ සහ ධෛර්යයේ දෙවඟන | |
| දෙමළ අක්ෂර වලින් | காளராத்ரி |
| දෙමළ පරිවර්තනය | Kāḷarātri |
| අනුබැඳිය | ආදි පරාශක්තියගේ අවතාරය, නවදුර්ගා, දුර්ගා, පාර්වතී |
| ග්රහලොව | සෙනසුරු |
| මන්ත්‍රය | एकवेणी जपाकर्णपूरा नग्ना खरास्थिता,
लम्बोष्टी कर्णिकाकर्णी तैलाभ्यक्तशरीरिणी। वामपादोल्लसल्लोहलताकण्टकभूषणा, वर्धनमूर्धध्वजा कृष्णा कालरात्रिर्भयङ्करी॥ |
| ආයුධය | කොකු හැඩැති වජ්‍රය සහ වක්වූ අසිපත, අභයමුද්‍රාව, වරදමුද්‍රාව |
| වල්ලභයා | ශිව |
| වාහනය | බූරුවා, සිංහයා හෝ ව්‍යාඝ්‍රයා |

කාල්රාත්‍රී (ඇතැම් විටෙක කාලරාත්‍රී ලෙස ද උච්චාරණය කෙරේ) යනුවෙන් හැඳින්වෙන්නේ නවදුර්ගාවන් (එනම් දුර්ගා දෙවඟන පිළිබඳ හඳුනාගැනුණු පැරණිතම මූලාශ්‍රය වන මාර්කණ්ඩේය පුරාණයෙහි පරිච්ඡේද 81-93, දුර්ගා සප්තශතිහි සඳහන් වන හින්දු මාතෘ දේවතාවියගේ ස්වරූප නවය) අතුරින් සත්වැන්නියයි. කාල්රාත්‍රී දෙවඟන මාතෘ දේවතාවියගේ විනාශකාරී ස්වරූප අතුරින් එකක් යැයි පුළුල්ව පිළිගැනේ.[1] ඇගේ සෙසු විනාශකාරී ස්වරූප වන්නේ කාලී, මහාකාලී, භද්‍රකාලී, භෛරවී, මෘත්‍යු, රුද්‍රානි, චාමුණ්ඩා, චණ්ඩි සහ දුර්ගා ය.
දේවාල
[සංස්කරණය]- කාල්රාත්‍රී -වාරාණසී දේවාලය, D.8/17, කාලිකා ගාලි, අන්නපූර්ණ – විශ්වනාත් වීදියට සමාන්තර වීදියකි.
- කාල්රාත්‍රී දේවාලය, දුම්‍රි බුසූර්ග්, නායාගාඔන්, බිහාරය[2]
- කාල්රාත්‍රී -වින්ධ්‍යාචල්, මීර්සාපූර් (උප්‍ර).