සිංහයා
| සිංහයා[1] කාලීන ව්‍යාප්තිය: මුල්කාලීන ප්ලයිස්ටොසීන සිට වර්තමානය දක්වා
| |
|---|---|
| පිරිමි සිංහයා | |
| සිංහ ධේනුව | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | ඇනිමාලියා |
| Phylum: | කෝඩේටා |
| වර්ගය: | මමාලියා |
| ගෝත්‍රය: | කානිවෝරා |
| කුලය: | ෆෙලිඩේ |
| ගණය: | 'පැන්තරා' |
| විශේෂය: | 'පැ. ලියෝ' |
| ද්වීපද නාමය | |
| පැන්තරා ලියෝ (ලිනේයස්, 1758)
| |
| සිංහයන්ගේ ඓතිහාසික (රතු) සහ වර්තමාන (නිල්) ව්‍යාප්තිය | |
| Distribution of lions in India. The Gir Forest, in the State of Gujarat, is the last natural range of approximately 300 wild Asiatic Lions. There are plans to reintroduce some lions to Kuno Wildlife Sanctuary in the neighboring State of Madhya Pradesh. | |
| Synonyms | |
|
ලිනේයස්, 1758[3] | |
සිංහයා (පැන්තේරා ලියෝ) යනු ෆෙලිඩේ කුලයෙහි විසල් බිළාලයන් අතරින් එකෙක් වන අතර පැන්තේරා ගණයෙහි සාමාජිකයෙකි. 1996 වසරෙහි සිට, ඌ අන්තරයාට ලක්වූ ලෙසින් IUCN රතු ලැයිස්තුවෙහි ලැයිස්තුගත කර ඇත්තේ, අප්‍රිකානු කලාපයෙහි රටවල උගේ ගහණය, 1990 ගණන් වල මුල් අවදියෙහි සිට 43% පමණ ප්‍රමාණයකින් පහත බැස තිබුණු නිසාවෙනි. නිර්දේශිත සංරක්ෂණ ප්‍රදේශ වලින් පිටතදී සිංහයන්ගේ ගහණ ප්‍රමාණය තහවුරු කල නොහැකි බවක් දක්වයි. ගහණය අඩුවීමට හේතුව පූර්ණ වශයෙන් තේරුම්ගැනීම කල හැකි නොවුනද, වාසස්ථාන අහිමිවීම සහ මිනිසුන් සමග ඇතිවූ ගැටුම් යන දේවල් අතිශයින් අදාළ කරුණු බව සැලකිය මනාය.[4] බටහිර අප්‍රිකානු සිංහයන්ගේ ගහණය, 2016 වසරෙහි සිට අතිශයින් අන්තරායට ලක්වූ ලෙසින් ලැයිස්තුගත කර ඇත.[5] ආසියාවෙහි එකම සිංහ ගහණය, ඉන්දියාවෙහි ගිර් වන ජාතික උද්‍යානය තුල සහ එය අවට නොනැසී පවතින අතර, 1986 වසරෙහි සිට අන්තරායට ලක්වූ ලෙසින් ලැයිස්තු ගත කර ඇත..[6]
අප්‍රිකානු සිංහයා ලෙසින් පොදුවෙහි යෙදෙන පදය වෙතින් අප්‍රිකාවෙහි සිංහ ගහණයන් සමස්තයක් ලෙසින් විදහා දැක්වෙයි. ලයිගර් වැනි දෙමුහුම් නොසැලකූ කල, ව්‍යාඝ්‍රයාට පමණක් දෙවන වන, දැනට ජීවත්වන විශාලතම බිලාලයා වන මුගේ සමහරක් පිරිමි සතුන් බරින් 250 කිග්‍රෑ (550 රාත්) ඉක්මවයි[7]. [8][9] පුරාතන කාල සීමාවන්හීදී, නූතන සිංහයාගේ වාසස්ථාන පරාසය වෙත, උතුරු අප්‍රිකාව ඇතුළු අප්‍රිකාවෙහි බොහෝ කොටස්, ග්‍රීසිය සහ අග්නිදිග යුරෝපය සිට ඉන්දියාව දක්වා යුරේසියාව අයත් විය. අපර ප්ලයොස්ටොසීන යුගයෙහිදී, මිනිසුන් හැරුණු විට ලොව වඩාත් පැතිරුණු විශාලතම භූමි ක්ෂීරපායියා සිංහයා විය; උතුරු සහ බටහිර යුරෝපයෙහි පැන්තේරා ලියෝ ස්පිලියා ජීවත්වූ අතර ඇමරිකාවන්හී යූකෝන් ගංගාවෙහි සිට පේරු දක්වා පැන්තේරා ලියෝ අත්‍රෝක්ස් ජීවත් විය.[10]
වනගහනයෙහි දී, පිරිමි සතුන් වසර 10 සිට 14 දක්වා පමණට වඩා ජීවත් වීම ඉතා විරල වන්නේ, ප්‍රතිවාදී පිරිමි සතුන් සමඟ අඛණ්ඩ සටන් නිසා ඇති වන තුවාල හේතුවෙන් උන් ගේ ජීවිත කාල සීමාව විසල් ලෙසින් අඩු කෙරෙන බැවිනි. [11] බන්ධනගතව සිටියදී උන් වසර 20 කට වඩා ජීවත් වෙති. උන් සාමාන්‍යයෙන් සැවනා සහ තණ බිම් තුළ ජීවත් වන මුත්, ඔවුහු ලඳු කැලෑ සහ වනාන්තර තුළ ද සිටිති. අනෙකුත් බිලාලයන් හා සමඟින් සසඳන විට, සිංහයෝ විශ්වාස කළ නොහැකි තරමට සමාජශීලී වෙති. සිංහයන් ගේ ගහණ සමූහයක් සමන්විත වන්නේ ආශ්‍රිත ගැහැනු සතුන් සහ පැටවුන් සමඟ වැඩිහිටි පිරිමි සතුන් කුඩා සංඛ්‍යාවකිනි. බොහෝ විට එක්ව දඩයමෙහි යෙදෙන සිංහ ගැහැනු සත්තු බොහෝ විට විශාල සඛුරයන් ගොදුරු කර ගනිති. අවස්ථාවක් ලද විටෙක දී උන්ගේ ආහාර අවශ්‍යතාවයෙන් සියයට 50 ක් පමණ මළකුණු වළඳා පිරිමසාගන්නා උන් අතිදක්ෂ මලකුණු පරිභොජකයන්ද වුවද, සිංහයෝ අග්‍ර සහ මුදුන් විලෝපියන් වෙති. සිංහයන් සාමාන්‍යයෙන් මිනිසුන් දඩයම් නොකළ ද එසේ කළවුන් සිට ඇත. ප්‍රධාන වශයෙන් දිවා කාලය පුරා නිඳන සිංහයෝ, ප්‍රාථමික ලෙසින් රාත්‍රී කාලයේ දී සක්‍රීය වන අතර (නිශාචරමය), සමහර විට හිමිදිරියේ දී (අවරමය) සක්‍රීය වෙති.[12][13]
කේශර සහිත වීම නිසාවෙන්ම, පිරිමි සිංහයන් අතිශයින්ම වෙන්කර හඳුනාගත හැකි වන අතර, මානව සංස්කෘතියෙහි අතිශයින් පුළුල් ලෙසින් භාවිතව ඇති සත්ත්ව සංකේතය ලෙසින් පිරිමි සිංහ මුහුණ සැලකිය හැක. උච්ච පුරාශිලා සමයයෙහි, වසර 17,000 පෙර කාලසීමාවකට නිර්ණය කර ඇති ප්‍රංශයෙහි ලැස්කෝ සහ ෂෝවේ ලෙන් කැටයම් සහ සිතුවම් සිට, උන් සිටි සියලු පුරාතන සහ මධ්‍යතන සංස්කෘතීන් සමස්තය තුළ පාහේ උන් ගේ නිරූපණයන් දක්නට ඇත. මූර්තීන් තුළ, සිතුවම් තුළ, ජාතික කොඩි තුළ සහ සමකාලීන චිත්‍රපට සහ සාහිත්‍යය කෘතීන් තුළ අතිවිසල් වශයෙන් එය නිරූපණය කර ඇත. රෝමානු අධිරාජ්‍යය සමයේ සිට සත්ත්ව සංචිත තුළ සිංහයන් සිර කර තැබුණු අතර, දහඅටවන සියවසෙහි අග භාගයෙහි සිට ලොව පුරා සත්වෝද්‍යානයන්හී ප්‍රදර්ශන සත්ත්ව විශේෂයක් ලෙසින් වඩාත්ම ඉල්ලුමක් ඇති සත්ත්ව විශේෂයක් බවට සිංහයන් පත්ව ඇත. අන්තරයාට ලක්ව ඇති ආසියාතික සිංහයන් සඳහා අභිජනන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සත්වෝද්‍යාන සහයෝගයෙන් කටයුතු කරයි.
වර්ගීකරණය සහ පරිණාමය
[සංස්කරණය]
සිංහයාගේ සමීපතම නෑදෑයන් වන්නේ පැන්තේරා ගණයෙහි අනෙකුත් ජීවී විශේෂයන්ය: ව්‍යාඝ්‍රයා, හිම කොටියා, ජගුවරයා, සහ කොටියා. 2006 සහ 2009 වසරයන්හිදී කල අධ්‍යයන වලින් නිගමනය කෙරුණේ ජගුවරයා යනු සිංහයාගේ භගිනි විශේෂයක් බවත් කොටියා යනු ජගුවරයා/සිංහයා ශාඛාවේ ගේ භගිනි වර්ගයක් බවත් වන අතර [14][15] 2010 සහ 2011 වසර වලදී කෙරුණු අධ්‍යයන වලින් කොටියා සහ ජගුවරයාගේ ස්ථාන හුවමාරු කෙරිණි. [16][17] මිලියන 1 සහ වසර 800,000 දක්වා කාලසීමාවක් තුල, අප්‍රිකාවේ පරිණාමයට පත්වූ පැ. ලියෝ ඉන්පසුව හොලාක්ටික් ප්‍රදේශය පුරා පැතිර ගියේය.[18]
හැසිරීම
[සංස්කරණය]සිංහයෝ වැඩි කාලයක් විවේකීව ගත කරති. දවසේ විසි හතර පැයෙන් පැය විස්සක්ම මෙසේ අක්‍රීයව ගතකරති. එහෙත් ඔවුහු ඕනෑම අවස්ථාවන සක්‍රිය වියහැක. දවසේ පැය දෙකක් පමණ ඇවිදිමින් ගත කරති. ආහාර ගැනීම සදහා ගත කරන්නෙ මිනිත්තු පණහක් පමණය.
සාමූහික හැසිරීම්
[සංස්කරණය]බළල් පවුලේ අනෙකුත් සත්වයින් මෙන් සිංහයා ද සමාජශීලී සත්වයෙකි. බොහෝ සත්ව විශේෂවල මෙන් වඩාත් සමාජශීලී වන්නේ ගැහැනු සතුන්ය. පිරිමි සතුන් පරිණත අවධියේදී රැලෙන් පිටමං වන නමුදු ගැහැණු සතුන් දිගටම තම රැල අතහැර නොයයි. සිංහ රැලක සිංහයෝ 15ක් පමණ සිටිති. ඉන් වැඩිම කොටස ගැහැනු සතුන්ය. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අයත් පැටවුන් කිහිප දෙනකු එක් රැලකට අයත් වේ. බොහෝ විට සිංහ රැළක ඇත්තේ එක් වැඩුණු පිරිමි සිංහයකු පමණි.
ඇතැම් විට හුදෙකලා ව හෝ දෙ දෙනකු එක්ව හෝ වෙසෙනු දක්නට ලැබේ. පිරිමි සිංහ පැටවුන් වැඩිවියට පත්වූ විට තම කණ්ඩායමෙන් ඉවත්ව යන අතර එසේ ඉවත්ව යන පිරිමි සිංහයෝ මෙසේ හුදෙකලාවෙ හෝ දෙදෙනකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස හෝ සැරිසරති. සමලිංගික හැසිරීම් දක්වන ප්‍රධානතම සත්වයෙක් වන්නේද සිංහයන්ය. ප්‍රධාන සිංහ රැළක සිටින නායක සිංහයා තරුණ සිංහයන් තම කණ්ඩායමෙන් පිටුවහල් කරන අතර තවත් වෙනත් සිංහයෙකු තම රැළට එක්වීමද වළකයි. ඇතැම් වූ විට ශක්තිමත් තරුණ සිංහයෝ සිංහ රැළක නායක සිංහයා සමග සටන්කර ඔහු පරාජය කර රැලේ නායකත්වය ලබා ගනිති. මෙම සටන් වලදී හැමවිටම ශක්තිවන්තයා දිනන අතර පරාජිතයාට බොහෝ විට අත්වන්නේ මරණයයි. පිරිමි සිංහයෙක් තමාට අයත් රාජධානියක් සොයා වසරක් පමණ ඇවිදියි. අවසානයේ ඔහු තමාට අයත් රාජධානියක් තෝරා ගෙන තම මුත්‍රා මගින් එහි සීමාවන් සළකුණු කරගනී. මෙසේ තම සීමාවන් සළකුණු කිරීම සඳහා පිටකළ මුත්‍රා ටික කලකින් ඉවත්ව යන බැවින් නැවත නැවත මුත්‍රා පිටකර සීමාවන් සළකුණු කිරීම සිදුකරයි. මෙම මුත්‍රා තුළ විශේෂ රසායනික අඩංගු වන අතර එ මගින් සිංහයනට රසායනික වශයෙන් පණිවිඩ ලබාගත හැක. ඔවුන්ගේ ආඝ්‍රහන ශක්තිය ද ඉතා ඉහල බැවින් ඉතා හොඳින් රසායනික සන්නිවේදනය සිදුකළ හැක.
ආහාර
[සංස්කරණය]මස්
ප්‍රජනනය හා ජීවන චක්‍රය
[සංස්කරණය]හීලෑ කිරීම
[සංස්කරණය]සංස්කෘතිය
[සංස්කරණය]විවිධ ජන සමාජවල සිංහයා හා බැඳුන විශ්වාස ඇදහිලි අභිවාර ජනප්‍රවාද පවතී. සිංහයා නිර්භීත බව අභිමානය සංකේතවත් කිරීමට යොදාගනී. බොහෝ ජනකතා වලට අනුව සිංහයා කැළේ රජා ලෙස හඳුන්වාදී ඇත. අතීත ඉන්දියාවේ ශාක්‍ය වංශිකයන් සිංහයා තම ලාංජනය ලෙස යොදාගෙන ඇතිබව ත්‍රිපිටකයේ දැක්වේ. ධර්මාශෝක අධිරාජ්‍යයාද තම ලාංජනයට සිංහරුව යොදාගෙන ඇත. ශ්‍රී ලංකාද්වීපයේ වාසය කරන සිංහල ජනතාව ගේ ආරම්භය ගැන කියන මහාවංශය නම් ඓතිහාසික ග්‍රන්ථයේ දැක්වෙන ජනප්‍රවාදයකට අනුව සිංහලයන් සිංහයකුගෙන් පැවතෙන ජන කොටසකි.
එම සංෂිප්තව කතාව මේසේය. දඹදිව ලාට රට රජුගේ දියණිය වූ සුප්පා දේවිය ගැල් පංසියයක් සමග වනාන්තරයක් මැදින් යමින් සිටියා ය. එම වනාන්තරයේ අණසක පතුරුවාගෙන සිටි සිංහ රාජයා හදිසියේ මතුවී ගැල් පන්සීයේ සිටි ගවයන් හා පුරුෂයන් 499 දෙනාම මරා කෑවේය. එහි සිටි එකම ස්ත්‍රිය වූ සුප්පා දේවිය දැක රාගය උපදවා ඇයව ගල් ගුහාවක සිරකර තබා ගනිමින් ඇය හා සංවාසයේ යෙදෙයි. මෙසේ කාලයක් ගතවනවිට සිංහයාට දාව සුප්පා දේවිය කුසින් පිරිමි දරුවකු බිහිවේ. ඔහුට සිංහබාහු යන නම තබති. පසුව දෙවන වරටත් ඇයව ගැබ්ගන්නා අතර දෙවන වතාවේ දියණියක් ලබයි. එම දියණියට සිංහ සීවලී යන නාමය තබති. මෙම දරුවන් දෙදෙන වැඩිවියට පැමිණෙන විට තම මව පියා ගැන ප්‍රශ්න කරති. අවසානයේ සිදුවූ සියල්ල සුප්පා දේවිය තම දරුවන්ට පහදයි. සිංහයා පලවැල ගෙනඒමට ඉවතට ගියවිට සිංහබාහු කුමරා ගල්ලෙන බිඳ තම මව හා නැගණිය සමග තම සීයාවූ ලාට රට රජු වෙතට යයි. තම පවුලේ අය තමා අතහැර දමා ගොස් ඇතිබව දැනගන්නා සිංහයා ගම්බිම් වනසමින් මිනිසුන් මරා දමමින් කලහකාරීව හැසිරේ. රජු මෙම සිංහයා මරා දමන ලෙස අණ කරයි. පසුව සිංහභාහු කුමරා තම පියා වූ සිංහයා මරාදැමීමට ඉදිරිපත්වේ. සිංහබාහු කුමරා එම භයානක සිංහයා මරා දමයි. පසුව තම සීයාගේ ඇවෑමෙන් ලාට රට මහරජු බවට පත්වේ. ඔහුට විජය නමින් පුතු කුමරකු සිටි අතර ඔහු ඉතා දඩබ්බර මුරණ්ඩු පුද්ගලයෙකු විය. තම යහළුවන් 700 දෙනකු සමග රටවැසියන් බියපත් කරමින් සොරකම් මංකොල්ලකෑම් කරමින් ජනයා පීඩාවට පත් කලෝය. රටවැසියෝ මේ ගැන සිංහබාහු රජුට පැමිණිලි කළ හ. රජු තම පුත් විජය කුමරු හා යහළුවන් පන්සිය දෙනාගේ හිස පැත්තක් මුඩුකොට රටින් පිටුවහල් කළේය. ඔවුහු තම්මැණ්නා ප්‍රදේශයෙන් ලංකාවට ගොඩබට හ. පසුව විජය කුමරා ස්වදේශික යක්ෂ ගොත්‍රික ස්ත්‍රියක විවාහ කරගන්නා අතර යක්ෂ ගෝත්‍රිකයන් මරාදමා ලංකා රජ්‍ය ලබාගනී.
මේවාත් බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ Wilson, Don E.; Reeder, DeeAnn M., eds. (2005). Mammal Species of the World (3rd ed.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). ISBN 978-0-8018-8221-0.
- ^ Bauer, H., Nowell, K. & Packer, C. (2008). Panthera leo. In: IUCN 2008. IUCN Red List of Threatened Species. Downloaded on 9 October 2008.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;Linn1758නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;IUCNනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "පැන්තේරා ලියෝ (බටහිර අප්‍රිකා උපගහණය)". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2017-1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. 2015.
{{cite web}}: Invalid|ref=harv(help) - ^ බ්‍රෙයිටන්මෝසර්, යූ., මැලන්, ඩී. පී., අහමඩ් කාන්, ජේ. සහ ඩ්‍රිස්කෝල්, සී. (2008). "පැන්තේරා ලියෝ ජීවී විශේෂ ජීවිතාරක්ෂක සැලසුම පෙර්සිකා". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2017-2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය.
{{cite web}}: Invalid|ref=harv(help)CS1 maint: multiple names: authors list (link) - ^ නොවැක්, ආර්. එම්. (1999). වෝකර්ස් මැමල්ස් ඔෆ් ද වර්ල්ඩ්. බැල්ටිමෝර්: ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. pp. 832–34. ISBN 0-8018-5789-9.
- ^ රැෆර්ටි, ජේ. පී. (2011). කානිවෝර්ස්. නිව්යෝර්ක්: ද රොසෙන් ප්‍රකාශක සමූහය. p. 120. ISBN 978-1-61530-340-3. සම්ප්‍රවේශය 4 ජූලි 2014.
- ^ ෂී, ඩබ්. (2005). ග්‍රොත් ඇන්ඩ් බිහේවියර්: එපිජෙනටික් ඇන්ඩ් ජෙනටික් ෆැක්ටර්ස් ඉන්වෝල්ව්ඩ් ඉන් හයිබ්‍රිඩ් ඩිස්ජෙනසිස්. Vol. 11. උප්සලා: Acta Universitatis Upsaliensis. p. 9. ISBN 91-554-6147-6.
{{cite book}}:|work=ignored (help) - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;Harington69නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ ස්මට්ස්, ජී. එල්. (1982). ලයන්. ජොහැන්නස්බර්ග්: මැක්මිලන් සවුත් ඇෆ්රිකා. p. 231. ISBN 0-86954-122-6.
- ^ ලයන්ස් නොක්ටර්නල් කෝරස්. Earth-touch.com. සම්ප්‍රවේශය 31 ජූලි 2013 හිදී.
- ^ ඇෆ්රිකන් ලයන් පැන්තේරා ලියෝ. ඵීනික්ස් සූ ෆැක්ට් ෂීට්.
- ^ ජොන්සන්, ඩබ්.ඊ.; ඊසිර්ක්, ඊ.; පෙකොන්-ස්ලැටරි, ජේ.; මර්ෆි, ඩබ්.ජේ.; අන්ට්‍යුනස්, ඒ.; ටීලිං, ඊ.; ඕබ්‍රයන්, එස්.ජේ. (2006). "ද ලේට් මයොසීන් රේඩියේෂන් ඔෆ් මොඩර්න් ෆෙලිඩේ: අ ජෙනටික් ඇසෙස්මන්ට්". සයන්ස්. 311 (5757): 73–7. doi:10.1126/science.1122277. PMID 16400146.
- ^ වර්ඩෙලින්, එල්.; යමාගුචි, එන්.; ජොන්සන්, ඩබ්.ඊ.; ඕබ්‍රයන්, එස්.ජේ. (2010). "Phylogeny ඇන්ඩ් ඉවලූෂන් ඔෆ් කැට්ස් (ෆෙලිඩේ)" (PDF). බයලජි ඇන්ඩ් කන්සර්වේෂන් ඔෆ් වයිල්ඩ් ෆෙලිඩ්ස්: 59–82.
- ^ ඩේවිස්, බී.ඩබ්.; ලී, ජී.; මර්ෆි, ඩබ්.ජේ. (2010). "සුපර්මැට්‍රික්ස් ඇන්ඩ් ස්පීසීස් ට්‍රී මෙතඩ්ස් රිසෝල්ව් ෆයිලොජෙනටික් රිලේෂන්ෂිප්ස් විතින් ද බිග් කැට්ස්, පැන්තේරා (කානිවෝරා: ෆෙලිඩේ)" (PDF). මොලිකියුලර් ෆයිලොජෙනටික්ස් ඇන්ඩ් ඉවලූෂන්. 56 (1): 64–76. doi:10.1016/j.ympev.2010.01.036. PMID 20138224. 5 මාර්තු 2016 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 206: Called with an undefined error condition: maint_page_art_num.
- ^ යමාගුචි, නොබුයුකි; කූපර්, ඇලන්; වර්ඩලින්, ලාර්ස්; මැක්ඩොනල්ඩ්, ඩේවිඩ් ඩබ්. (අගෝස්තු 2004). "ඉවලූෂන් ඔෆ් ද මේන් ඇන්ඩ් ගෲප්-ලිවිං ඉන් ද ලයන් (පැන්තේරා ලියෝ): අ රිවීව්". ජර්නල් ඔෆ් සූලජි. 263 (4): 329–42. doi:10.1017/S0952836904005242.