ටර්ක්මෙනිස්තානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ටර්ක්මෙනිස්තානය
Türkmenistan (ටර්ක්මෙන්)
ජාතික ගීය: 
Garaşsyz Bitarap Türkmenistanyň Döwlet Gimni
ස්වාධීන, මධ්‍යස්ථ ටර්ක්මෙනිස්තානය රාජ්‍ය ගීය


Location of  ටර්ක්මෙනිස්තානය  (රතු)
අගනුවර
(සහ විශාලතම නගරය)
ඈශ්ගැබට්
37°58′N 58°20′E / 37.967°N 58.333°E / 37.967; 58.333
නිල භාෂාව(න්) ටර්ක්මෙන්
Inter-ethnic
languages
රුසියානු
ජනවාර්ගික කණ්ඩායම් (2003)
ජාති නාමය ටර්ක්මෙන්
රජය ඒකීය ජනාධිපති සමූහාණ්ඩුව
 -  ජනාධිපති ගර්බන්ගුලි බර්ඩිමුහමෙඩොව්
 -  මෙජ්ලිස් හි සභාපති අක්ජා නුබර්ඩියේවා
ව්‍යවස්ථාදායකය මෙජ්ලිස්
නිර්මාණය
 -  කිවා හි කානටේ 1511 
 -  ටර්කෙස්තාන් ASSR 30 අප්‍රේල් 1918 
 -  ටර්ක්මෙන් SSR 13 මැයි 1925 
 -  සෝවියට් සංගමයෙන් නිදහස ලබා ගන්නා ලදී 27 ඔක්තෝබර් 1991 
 -  හඳුනාගෙන ඇත 25 දෙසැම්බර් 1991 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 491,210 කිමී2 [1](53වන)
188,456 සතරැස් සැත 
 -  ජලය (%) 4.9
ජනගහණය
 -  2014 ඇස්තමේන්තුව 5,171,943[2] (117වන)
 -  ඝණත්වය 10.5/කිමී2 (208වන)
27.1/සතරැස් සැත
දදේනි (ක්‍රශසා) 2014 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $82.151 billion[3] 
 -  ඒක පුද්ගල $14,174[3] 
දදේනි (නාමික) 2014 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $47.542 බිලියන[3] 
 -  ඒක පුද්ගල $8,203[3] 
Gini (1998) 40.8
මධ්‍යම
මාසද (2013) 0.698[4]
මධ්‍යම · 103වන
ව්‍යවහාර මුදල Turkmen new manat (TMT)
වේලා කලාපය TMT (UTC+5)
රිය පදවන්නේ දකුණ
අන්තර්ජාල TLD .tm
ඇමතුම් කේතය +993

ටර්ක්මෙනිස්තානය (Listeni/tɜrkˈmɛnɪstæn/ හෝ Listeni/tɜrkmɛnɪˈstɑːn/; ටර්ක්මෙන්: Türkmenistan, තුර්කි උච්චාරණය: [tyɾkmeniˈθtan]) යනු මධ්‍යම ආසියාවේ පිහිටි රටකි. එය වයඹ දිගින් කසක්ස්තානයෙන් ද, උතුරින් සහ නැගෙනහිරින් උස්බෙකිස්ථානයෙන් ද, ගිනිකොණ දිගින් ඇෆ්ගනිස්ථානයෙන් ද, දකුණින් සහ නිරිත දිගින් ඉරානයෙන් ද, බටහිරින් කැස්පියන් මුහුදෙන් ද මායිම් වී පවතී.

ටර්ක්මෙනිස්තානය සියවස් ගණනාවක් තිස්සේ විවිධ ශිෂ්ටාචාරයන්ගේ සන්ධිස්ථානයක්ව පැවතුණි. මධ්‍යතන යුගයේ දී මර්ව්, ඉස්ලාමික ලෝකයේ මහා නගරයක් විය. එමෙන්ම එය සේද මාවතෙහි වැදගත් නැවතුම්පළක් ද විය. 1881 දී රුසියානු අධිරාජ්‍යයට ඈඳා ගත් ටර්ක්මෙනිස්තානය පසුව මධ්‍යම ආසියාවේ ප්‍රති-බොල්ෂෙවික් ව්‍යාපාරය තුල කැපී පෙනෙන අන්දමින් ක්‍රියාකාරී විය. 1924 දී ටර්ක්මෙනිස්තානය සෝවියට් සංගමයේ පාර්ශව ජනරජයක් (ටර්ක්මෙන් සෝවියට් සමාජවාදී ජනරජය [ටර්ක්මෙන් SSR]) බවට පත් වූ අතර 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමඟ එය, නිදහස් රාජ්‍යයක් බවට පත් විය.

ස්වාභාවික ගෑස් සම්පත් පිළිබඳ ලොව සිව්වන විශාලතම සංචිත ටර්ක්මෙනිස්තානය සතුව පවතී. රටෙහි වැඩි ප්‍රමාණයක් කරකුම් (කළු වැලි) කාන්තාරයෙන් ආවරණය වී පවතී. 1993 වසරේ සිට රජය මගින් පුරවැසියන්ට නොමිලයේ විදුලි බලය, ජලය සහ ස්වභාවික ගෑස් සපයනු ලබයි.

ජීවිතාන්තය දක්වා ජනාධිපති වූ සපර්මුරාට් නියාසොව් විසින් 2006 දී ඔහුගේ මරණය සිදු වන තෙක්ම ටර්ක්මෙනිස්තානය පාලනය කරනු ලැබුවේය. 2007 දී ගර්බන්ගුලි බර්ඩිමුහමෙඩොව් ජනාධිපති වශයෙන් ඡන්දයෙන් තේරී පත් විය. මානව හිමිකම් සංවිධාන වලට අනුව ටර්ක්මෙනිස්තානය ලොව වඩාත්ම මර්දනකාරී පාලනයක් සහිත රටවල් වලින් එකකි. මාධ්‍ය සහ ආගමික නිදහස ඉතා දැඩි සීමාවන්ට යටත් කොට ඇති අතර ස්වාධීන පරීක්ෂාවන්ට මුළුමනින්ම පාහේ ආවෘතකොට ඇත. මානව හිමිකම් පිලිබඳ ක්‍රියාකාරීන් සහ අනෙකුත් සමාජ ක්‍රියාකාරීන් ආණ්ඩුවේ පළිගැනීම්වලට ලක්වීමේ නිරන්තර තර්ජනයට මුහුණ පා සිටිති. ජනාධිපති බර්ඩිමුහමෙඩොව්, ඔහුගේ ඥාතින් සහ සමීපතමයන් සමඟ එකතුව පුද්ගලාරෝපණ ලබ්ධියක් ප්‍රවර්ධනය කරමින් පොදු මහජන ජිවිතයේ සියළු අංශ තමන් යටතට ගෙන අසීමිත වූ බලයක් භුක්ති විඳියි.

දේශගුණය[සංස්කරණය]

කරාකුම් කාන්තාරය ලෝකයේ වඩාත් වියළිතම කාන්තාර වලින් එකක් වන අතර එහි ඇතැම් ස්ථාන වල වාර්ෂික වර්ෂාපතන සාමාන්‍යය 12 mm (අඟල් 0.47) ක් පමණක් වෙයි. ඈශ්ගැබට් හි වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය 48.0 °C (118.4 °F) ක් වන අතර නිළ නොවන වාර්තා වලට අනුව රට තුළ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය, අමු දර්යා නදිය අසබඩ පිහිටි කරකි නගරයෙන් 51.7 °C (125.1 °F) ක් ලෙස 1983 ජුලි මාසයේ දී වාර්තා වී ඇත. රෙපිටෙක් ස්වභාව රක්ෂිතයෙහි වාර්තා වූ 50.1 °C (122 °F) ක උෂ්ණත්වය ටර්ක්මෙනිස්තානයේ පමණක් නොව කලින් සෝවියට් සංගමයට අයත් වූ සියළු රටවල් අතරින් වාර්තා වී ඇති වැඩිතම උෂ්ණත්වය ලෙස පිළිගනු ලබයි.

අමතර කියැවීම්[සංස්කරණය]

  • Brummel, Paul (2006). Bradt Travel Guide: Turkmenistan. Bradt Travel Guides. ISBN 978-1841621449. 
  • Abazov, Rafis (2005). Historical Dictionary of Turkmenistan. Scarecrow Press. ISBN 978-0810853621. 
  • Clammer, Paul; Kohn, Michael; Mayhew, Bradley (2014). Lonely Planet Guide: Central Asia. Lonely Planet. ISBN 978-1741799538. 
  • Hopkirk, Peter (1992). The Great Game: The Struggle for Empire in Central Asia. Kodansha International. ISBN 978-1568360225. 
  • Blackwell, Carole (2001). Tradition and Society in Turkmenistan: Gender, Oral Culture and Song. Routledge. ISBN 978-0700713547. 
  • Kaplan, Robert (2001). Eastward to Tartary: Travels in the Balkans, the Middle East, and the Caucasus. Vintage. ISBN 978-0375705762. 
  • Kropf, John (2006). Unknown Sands: Journeys Around the World's Most Isolated Country. Dusty Spark Publishing. ISBN 978-0976356516. 
  • Rall, Ted (2006). Silk Road to Ruin: Is Central Asia the New Middle East?. NBM Publishing. ISBN 978-1561634545. 
  • Theroux, Paul (28 May 2007). The Golden Man: Saparmurat Niyazov’s reign of insanity. The New Yorker. 
  • Vilmer, Jean-Baptiste (2009) (Frenchයෙන්). Turkménistan. Editions Non Lieu. ISBN 978-2352700685. 


ආශ්‍රිත[සංස්කරණය]

  1. Государственный комитет Туркменистана по статистике : Информация о Туркменистане : О Туркменистане : Туркменистан — одна из пяти стран Центральной Азии, вторая среди них по площади (491,21 тысяч км2), расположен в юго-западной части региона в зоне пустынь, севернее хребта Копетдаг Туркмено-Хорасанской горной системы, между Каспийским морем на западе и рекой Амударья на востоке.
  2. Department of Economic and Social Affairs Population Division (2009) (PDF). World Population Prospects, Table A.1. 2008 revision. United Nations. http://www.un.org/esa/population/publications/wpp2008/wpp2008_text_tables.pdf. ප්‍රතිෂ්ඨාපනය 12 March 2009. 
  3. 3.0 3.1 3.2 3.3 Turkmenistan. International Monetary Fund. සම්ප්‍රවේශය 22 April 2012. 
  4. 2014 Human Development Report Summary (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014. 

බාහිර සබැඳි[සංස්කරණය]

Government
Other
"https://si.wikipedia.org/w/index.php?title=ටර්ක්මෙනිස්තානය&oldid=352759" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි