ත්‍රිපුර සුන්දරී

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ත්‍රිපුරසුන්දරී වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

ත්‍රිපුර සුන්දරී
Tripura sundari 4.jpg
ශ්‍රී ලලිත ත්‍රිපුරසුන්දරී සිංහාසනයක අසුන්ගෙන සිය දකුණු පාදය ශ්‍රී චක්‍රය මත තබා සිටින අයුරු. ඇය වටා බ්‍රහ්ම, විෂ්ණු, ශිව, ඊශ්වර, පාරශිව සහ ගනේෂ අසුන්ගෙන සිටිති. ලක්ෂ්මී සහ සරස්වතී ඇයට පවන් සලති.
දේවනගරිत्रिपुरा सुंदरी
සංස්කෘත පරිවර්තනයTripura Sundarī
අනුබැඳියදේවී, ආදි-පරාශක්ති, මහාවිද්‍යා, පාර්වතී
වාසභවනයමණිද්වීපය
මන්ත්‍රයඕම් ඓම් හ්රීම් ශ්‍රීම් ශ්‍රී මාත්‍රී නමහා
ආයුධයතොණ්ඩුව, අංකුසය, ඊතල සහ දුන්න [1]
වල්ලභයාකාමේශ්වර

ත්‍රිපුර සුන්දරී (සංස්කෘත: त्रिपुरा सुंदरी, IAST: Tripura Sundarī) යනුවෙන් හැඳින්වෙන්නේ දශ මහාවිද්‍යාවියන්ගෙන් අයකු ලෙස සැලකෙන දෙවඟනකි.[2] ඇය වඩාත්ම ප්‍රචලිතව ඇත්තේ ලලිත සහස්‍රනාමයෙහි වඩාත්ම වර්ණනාවන්ට ලක්වූ දේවිය සහ හින්දු ආගමේ ලලිතෝපාඛ්‍යානයට වස්තු විෂය ලෙසයි.

නිරුක්තිය[සංස්කරණය]

තන්ත්‍රයන්ට අනුව මහා තත්ත්වය (පරබ්‍රහ්මන්) ද්විත්වයන් මත රඳා පවතී. එනම් ප්‍රකාශ සහ විමර්ශ වේ. ශ්‍රේෂ්ඨ ස්වාධින උද්දීපනය යනු ප්‍රකාශයයි. එය තුළින් යමක් බිහි වීමේදී ඒ තුළින් විචාරණයක් හටගනී එය විමර්ශනය යි. මෙම විමර්ශණය ක්‍රියාවේගයක් බවට පත් වී ඉච්ඡාවන් හට ගනි එය කාමය යි කාම යනු ලිංගිකත්වය පමණක් නොවේ, විශ්වය තිබෙන සියලු ඉච්ඡාවන් කාමය වේ. ඉච්ඡාවන් කොට්ඨාශ මගින් පුද්ගලයා තුළ ඇතිවෙන අතර එය පංගුවක් නොහොත් කලාවක් වේ. ඉච්ඡාවන්ගේ කලාව නැතහොත් පංගුව වන්නේ තෙවන විශ්ව මහාවිද්‍යව වන ශ්‍රී ලලිතා ත්‍රිපුරසුන්දරි දේවියයි.

ඉච්ඡාව යනු නිර්මාණයේ රහසයි, ඉච්ඡාව යනු පැවැත්මේ මූලයයි. ඉච්ඡාන් පළමුවෙන්ම කොටස් වශයෙන් බිහි වූ අතර පසුව සියලු ඉච්ඡාවන් අවශ්‍යතාවන් එක් කරගැනීමට වෙර දරයි. දිව්‍යමය ඉච්ඡාවන් නිර්මාණය සිදු කරන අතර නිර්මාපකය හා නිර්මාණය අතර ඉච්ඡාවන් රඳා පවතින්නෙ ස්නේහය ප්‍රේමය මතයි. ප්‍රෙමය යනු සියල්ලෙන් මුක්ත වූ ස්වාධිනත්වයෙන් යුක්ත වූවකි, මිනිසා තුල පමණක් නොවේ ගස් වැල් සතා සිවුපා මෙන්ම පාශාන තුල පව දිව්‍යමය ප්‍රේමය අන්තර්ගතය. ප්‍රේමයට ඉච්ඡාවක් උපාදානයක් හෝ ස්ථානයක් නැත. එය පිවිතුරු තත්වයකි.. දිව්‍යමය ප්‍රේමය සේවීම යනු සියල්ල අවබෝධ කරගැනීමට උත්සාහ කිරීමයි. දිව්‍යමය ප්‍රේමය ප්‍රධානය කරනවා මිස කිසිවක් බලාපොරොත්තු නොවේ.

එතුමිය ත්‍රිපුරසුන්දරි නම් වේ. ත්‍රිත්වයේ සුන්දරත්වයයි. පුර යනු ස්ථානය, විශය යන්නයි. ත්‍රිපුර යනු විශයන්‍ ත්‍රිත්වයයි. උපනිශද් වලට අනුකූලව බ්‍රහ්මන් ගේ ගුණ අකාර තුනකි (සත්-චිත්-ආනන්ද) එනම් සත්‍ය, විඤ්ඤාණය සහ ප්‍රමෝදයයි. එය අකාර තුනකින් විඥානය අතරමැදිය කොට ගනිමින් ගම්‍ය වේ එනම් බෞතික (physical), ජෛව(vital) සහ චිත්තමය (mental) ලෙසිණි. තන්ත්‍ර වලට අනුකූලව නිර්මාණ ක්‍රියාවලිය සිදුවූයේ ස්පන්දන, නාද යෙන් හට ගන්නා ප්‍රතිපලයක් ලෙස බිහි වූ ඉච්ඡාවන් මතයි (දිව්‍යමය ස්පන්දනය පිළිබඳ තාරා විද්‍යාව ලිපිය තුලින් දැනුවත් කෙළෙමු.) ස්පන්දනය තුළින් හටගන්නා ඉච්ඡාවන් සමාධියකට ලක් වී බිංදූන් ත්‍රිත්වයක් ප්‍රකට විය එනම් සත් චිත් සහ ආනන්ද ලෙසිණි. එම බිංදුන් ත්‍රිත්වයේ යෝනිය හෙවත් මූලය ශ්‍රීමද් කෝටිබ්‍රහ්මාණ්ඩනායිකා ලලිතා පරමේශ්වරිය යි. මෙලෙස විශ්ව මාතාව බිංදූන් ත්‍රිත්වයක් අකාරයේ ප්‍රකට වූ නිසා ඇය ත්‍රිපුර වන අතර එහි පරම ප්‍රේමය ආනන්දය වන බැවින් ත්‍රිපුරසුන්දරිය වේ.එතුමිය සියල්ල තුල ත්‍රිත්වාකාරයෙන් වැඩ සිටින්නිය. අවධිය (ජාග්‍රත්) සිහිනය (ස්වප්නය) සහ ගැඹුරු නිද්‍රාව ( සුෂුපති) මෙන්ම ඉච්ඡාව ඥානය සහ ක්‍රියාව ද, දැනුම (ඥාන) දැනුම සහිත(ඥානාත්‍ර) සහ දැනගත යුත්ත (ඥානෙය) ආදි සියලු කාරණා තුල ත්‍රිත්වාකාරයෙන් වැඩ හිඳින්නීය.

සටහන්[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Brooks, Douglas R. (1990), The Secret of the Three Cities: An Introduction to Hindu Sakta Tantrism, Chicago & London: University of Chicago Press 
  • Brooks, Douglas R. (1992), Auspicious Wisdom, Albany: State University of New York Press 
  • Kinsley, David (1997), Tantric Visions of the Divine Feminine: The Ten Mahavidyas, New Delhi: Motilal Banarsidass, ISBN 978-0-520-20499-7 

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • Dikshitar, V.R. Ramachandra (1991). The Lalita Cult. Delhi: Motilal Banarsidass. 
  • Kinsley, David (1998). Hindu Goddesses: Vision of the Divine Feminine in the Hindu Religious Traditions. Berkeley: University of California Press. 


"https://si.wikipedia.org/w/index.php?title=ත්‍රිපුර_සුන්දරී&oldid=431902" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි