Jump to content

කන්චි කාමාක්ෂී කෝවිල

විකිපීඩියා වෙතින්
කන්චි කාමාක්ෂී කෝවිල
කාමාක්ෂී අම්මන් දේවස්ථානයේ රන් ආවරණ සහිත ගෝපුරම
මූලික තොරතුරු
පිහිටීමකන්චිපුරම්
භූගෝලීය ඛණ්ඩාංක12°50′26″N 79°42′12″E / 12.840684°N 79.703238°E / 12.840684; 79.703238ඛණ්ඩාංක: 12°50′26″N 79°42′12″E / 12.840684°N 79.703238°E / 12.840684; 79.703238
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාකාමාක්ෂී දේවිය
දිස්ත්‍රික්කයකන්චිපුරම්
ජනපදයතමිල්නාඩුව
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පය
නිර්මාපකපල්ලව රජවරුන්

කන්චි කාමාක්ෂි කෝවිල යනු ලලිතා මහා ත්‍රිපුර සුන්දරී දේවියගේ ස්වරූපයක් වන කාමාක්ෂී දේවිය වෙනුවෙන් කැප කරන ලද පුරාණ හින්දු කෝවිලකි. එය පිහිටා ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි නගරයට ආසන්නයේ පිහිටි ඓතිහාසික කන්චිපුරම් නගරයේ ය. මදුරෙයිහි මීනාක්ෂී කෝවිල, තිරුචිරප්පල්ලි අසල තිරුවානායිකාවල්හි අඛිලාණ්ඩේශ්වරී කෝවිල සහ මෙම කාමාක්ෂී කෝවිල තමිල්නාඩු ප්‍රාන්තයේ දේවිය වන්දනා කිරීමේ වැදගත් මධ්‍යස්ථාන වේ. මෙම දේවස්ථානය බොහෝ විට ඉදිකර ඇත්තේ කන්පුචිරම් අගනුවර කරගත් පල්ලව රජවරුන් විසිනි.

ප්‍රධාන දේවිය වන කාමාක්ෂීගේ ස්වරූපය සාම්ප්‍රදායික හිටි ඉරියව්ව වෙනුවට සාමය සහ සමෘද්ධිය සංකේතවත් කරන යෝග ඉරියව්වක් වන තේජාන්විත පද්මාසන ඉරියව්වෙන් වාඩි වී ඇත. දේවිය උක් දුන්නක් සහ මල් පහකින් යුත් මල් පොකුරක් ඇගේ අත් දෙකේ පහළින් තබා ඇති අතර ඇගේ ඉහළ අත් දෙකෙහි පාසයක් සහ අංකුසය දරා සිටී. මල් පොකුර අසල ගිරවෙක් ද හිඳියි. කෝවිල් සිය ගණනක් ඇති සාම්ප්‍රදායික නගරයක අසාමාන්‍ය වූ මෙම දේවස්ථානය හැර වෙනත් දේවිය උදෙසා කැපවූ කෝවිල් කන්චිපුරම් නගරයේ නොමැත. මෙම කාරණයට හේතු වන විවිධ ජනප්‍රවාදයන් තිබේ. ප්‍රාදේශීය පුරාවෘත්තයකට අනුව, ආදි ශංකරාචාර්ය විසින් ශ්‍රී චක්‍රය මෙම කාමාක්ෂී දේවස්ථානයේ ඇති අගල වැනි ව්‍යුහයේ පිහිටුවා ඇත.[1]

වෘත්තාන්තය

[සංස්කරණය]

හින්දු ග්‍රන්ථවලට අනුව, කාමාක්ෂී අම්මන්, මදුරෙයිහි මීනාක්ෂී හා වරනාසිහි විසාලාක්ෂී සමඟ අනුකූලව සලකනු ලැබේ. අම්මන් සඳහා වෙනම සිද්ධස්ථාන නොමැති කාංචිපුරම් හි සියලුම ශිව කෝවිල් හරහා කේන්ද්‍රගත වූ එකම ශක්ත සිද්ධස්ථානය කාමාක්ෂී දේවස්ථානය වේ. ඇයව වන්දනා කරනු ලබන්නේ පරබ්‍රහ්ම ස්වරූපිනි (සර්වබලධාරී දෙවඟන) ලෙසිනි. ඇය අන් කවරෙකුවත් නොව ලලිතා ත්‍රිපුර සුන්දරී දේවිය යි. බ්‍රහ්මාණ්ඩ පුරාණය තුළ ඇය කන්චිපුරම්හි කාමකෝටි පීඨය තුළ විරාජමානව සිටින ආකාරය විස්තර කරනු ලබයි.[2]

ගෘහනිර්මාණ ශිල්පය

[සංස්කරණය]

දේවස්ථානය අක්කර 5ක භූමි ප්‍රමාණයක පිහිටා ඇත. ශිව, විෂ්ණු සහ බ්‍රහ්ම යන ත්‍රිත්වයන් විසින් දෙපස වාඩි වී සිටින ඉරියව්වෙන් යුත් කාමාක්ෂී දේවියගේ රුව පිහිටා ඇත. භූමිය වටා බංගරු කාමාක්ෂී, ආදි ශංකර සහ මහා සරස්වතී යන කුඩා සිද්ධස්ථාන ඇත. සෑම දිනකම දේවස්ථානයේ චාරිත්‍ර ආරම්භ කරන්නේ ගව පුජාව සහ් හස්ති පූජාවෙනි. අලි ඇතුන් සිටින වෙනම මඩුවක් ඇත, එහි සෑම දිනකම පාන්දර 5.00 ට හොරණෑවෙන් දෙවියන්ට පූජා කරයි. ග්‍රබග්‍රහය ඉදිරිපිට ගායත්‍රී මණ්ඩපයක් ඇත, එහිදි අපට අරූප ලක්ෂ්‍මී, ස්වරූප ලක්ෂ්මී යන ස්වරූපයන් දැකිය හැකිය. තමිල්නාඩු රජයේ හින්දු ආගමික සහ පුණ්‍යායතන දෙපාර්තමේන්තුව විසින් මෙම කෝවිල නඩත්තු කරනු ලැබේ.[3] වර්තමාන කාමාක්ෂී දේවස්ථානයට නුදුරින් පිහිටි ආදි කාමාක්ෂී දේවස්ථානයේ සිටින දේවිය, තන්ත්‍රචූඩාමණී වැනි තාන්ත්‍රික කෘතිවල කීර්තිමති, දේවගර්භා වැනි විවිධ නම්වලින් හඳුන්වනු ලැබේ.

කාමාක්ෂී ලලිතා මහා ත්‍රිපුර සුන්දරී දේවිය ලෙස

[සංස්කරණය]

ශ්‍රී ලලිතා පරා භට්ටාරිකා කාමකෝෂ්ඨයෙහි පස් ආකාරයකට මුලසුන හොබවයි:

  1. ශ්‍රී කාමාක්ෂී පරා භට්ටාරිකා - ශ්‍රී කාමාක්ෂී යනු ගයාත්‍රි මණ්ඩපය ලෙස හඳුන්වන කාංචිපුරම් හි පිහිටි සිද්ධස්ථානයේ අභ්‍යන්තර පුදබිමේ මධ්‍යයේ විරාජමානව සිටින කාමකෝටි පීඨයේ මුල දෙවඟනයි.
  2. තප කාමාක්ෂී - දේවියගේ මෙම ස්වරූපය මුල ස්දවරූපයට කුණු පසින් සහ බිල ද්වාරයට සමීපව දැකිය හැකිය. මහාදේවගෙන් වෙන් වූ පාර්වතිය පළමුව කාශියේදී අන්නපූර්ණා ලෙස පෙනී සිට පසුව කාත්‍යායන ඍෂිවරයාගේ උපදෙස් පරිදි කන්චියේ රුද්‍රකෝෂ්ඨයේ අඹ ගස යට ඒකාම්රනාථ (ශිව) වන්දනා කිරීමට පැමිණ එතුමා සමඟ විවාහ වූවාය.
  3. අංජන කාමාක්ෂී - ඇගේ දේවස්ථානය මුල දෙවඟනට වම් පසින්, උතුරට මුහුණලා සහ සෞභාග්‍ය ​​ගණපතිට ඉදිරියෙන් පිහිටා ඇත. ලක්ෂ්මී දේවිය මෙම ස්ථානයේ තම අහිමි වූ සුන්දරත්වය නැවත ලබා ගැනීම සඳහා තපසක් රැකි බව කියනු ලැබේ.
  4. ස්වර්ණ කාමාක්ෂී - බංගරු කාමාක්ෂී ලෙසද හඳුන්වන මෙම දේවාලය දෙවන ප්‍රාකාරයේ පිහිටා ඇත. මෙම ස්වරූපය ශ්‍රී විද්‍යා පරමේශ්වරිය විසින් ඇයගේ තුන්වන ඇසෙන් නිර්මාණය කරන ලද්දේ ඒකාම්බිකා නම් වූ ඒකාම්රනාථ ශක්තිය ලෙස සේවය කිරීම සඳහා බව පැවසේ.
  5. උත්සව කාමාක්ෂී - පෙරහැර අතරතුර පිටතට ගෙන එන උත්සව කාමාක්ෂීගේ දේවාලය දෙවන ප්‍රකාරයේ පිහිටා ඇත. මෙම මූර්තිය දෙපස ශාරදා සහ ලක්ෂ්මී මූර්තීන් පිහිටා ඇත.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Harshananda, Swami (2012). Hindu Pilgrimage Centres (second ed.). Bangalore: Ramakrishna Math. p. 61. ISBN 81-7907-053-0.
  2. ^ Diwakar, Macherla (2011). Temples of South India (1st ed.). Chennai: Techno Book House. p. 140. ISBN 978-93-83440-34-4.
  3. ^ "Thirukoil - Temple list of Tamil Nadu" (PDF). Hindu Religious & Charitable Endowments Department, Government of Tamil Nadu. p. 244.
"https://si.wikipedia.org/w/index.php?title=කන්චි_කාමාක්ෂී_කෝවිල&oldid=502762" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි