සුඩානය

සුඩානය, ඊසාන අප්‍රිකාවේ හා අරාබි ලෝකයේ පිහිටි විශාලතම රටයි. වර්ගඵලයෙන් ලොව විශාලතම 10 වන රටයි. එහි මායිම් උතුරින් ඊජිප්තුව, ඊසානින් රතු මුහුද, නැගෙනහිරින් එරිත්‍රියා සහ ඉතියෝපියාව, ගිණිකොණින් කෙන්යාව, උගන්ඩාව, නිරත දෙසින් කොන්ගෝ රාජ්‍ය, මධ්‍යම අප්‍රිකාව, බටහිරින් චැට්, වයඹ දෙසින් ලිබියාවද වේ. ලොව දිගම ගඟ වන නයිල්, මෙම රට නැගෙනහිරින් හා බටහිරින් දෙකඩ කරයි. මෙය ලෝකයේ පැරණිතම අඛණ්ඩ ජනාවාසයක් පවතින රටකි. එය අවුරුදු 3000 දක්වා ඈතටදිවයයි.වර්ෂ 1956 දී ඊජිප්තුවෙන් හා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීය. මෙරට අවුරුදු 17 ක සිවිල් යුද්ධයක් පැවතිණි.උතුරු හා දකුණු සුඩානය අතර පැවති ජනවාර්ගික, ආගමික හා ආර්ථික අරගලයන් 1983 සිවිල් යුද්ධයට හේතු විය. පෙට්‍රොලියම් සහ ශුද්ධ නොකළ ඛනිජ තෙල් මෙහි ආර්ථිකය වර්ධනය ට දායක වෙයි. චීනය හා ජපානය මෙහි වෙළඳ ගණුදෙනුකරුවන්ය. ඉස්ලාමීය නීති පද්ධතියක් හඳුන්වාදීමෙන් පසු ජාතික කොංග්‍රසය රජයේ එකම පක්ෂය ලෙස අරාබි හමුදාවන්ට ගරිල්ලා සටනේ දී සහයෝගය දැක්වීය. එය ඩෆුර්හි අද පවතින අරගලයට හේතුවිය. එයින් ජාත්‍යන්තර අවධානය ඩෆුර් වෙත යොමු විය. එම නිසා සුඩාන රාජ්‍ය වෙත යුධ අපරාධ චෝදනා එල්ලවූ අතර, 2008 මාර්තු 4 වැනි දින ජාත්‍යන්තර යුධ අධිකරණය යුධ අපරාධ හා මානව අපරාධ හේතුවෙන් ජනාධිපති ඔමාඅල්, බාෂිර් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කෙරිණි. මෙය අධිකරණයක් විසින් රටක නායකයකු අත්අඩංගුවට ගැනීමට නිකුත්කළ ප්‍රථම වරෙන්තුව විය. මෙහි ජනගහනයෙන් 17% ක් ඇ.ඩො. 1.25 ට වඩා අඩු ආදායමකින් ජීවත් වෙති. මෙම රට එක්සත් ජාතීන්ගේ AU,LUS,OIC,NAM හා WTO යන සංවිධානවල සාමාජිකත්වය දරයි.සුඩානයේ මිලියන 42 ජනතාවත් ජිවත් වන අතර ඔබිඩුමන් හා සුන්නී ඉස්ලාම් නිල ආගම් වේ.
- සුඩානය
- 1956 establishments in Africa
- Arabic-speaking countries and territories
- අප්‍රිකාව තුළ රටවල්
- East African countries
- Countries and territories where English is an official language
- Federal republics
- Least developed countries
- Member states of the African Union
- Member states of the Arab League
- Member states of the Organisation of Islamic Cooperation
- එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍ය
- Military dictatorships
- Saharan countries
- States and territories established in 1956