ගිනි කඳු

විකිපීඩියා වෙතින්
tiny globe
ශාන්ත හෙලේනා කන්ද, 1980 මැයි 18 පිපිරීමට පසු

පෘථිවි අභ්‍යන්තරයේ ඇති ලාවා හෙවත් ලෝදිය භූ පැළුම් ඔස්සේ පෘථිවි පෘෂ්ඨය කරා පැමිණ, කන්දක් තුළින් පිටතට නික්මේ නම් එය ගිනි කන්දකි. ගිනි කන්දක් බොහෝ විට නිර්මාණය වන්නේ පෘථිවි භූ තැටි දෙකක් එකිනෙක ගැටී කඳු වැටි නිර්මාණය වී ඇති තැන්හිදීය. එවන් ප්‍රදේශ ආශ්‍රිතව ගිනි කඳු මෙන්ම භූ කම්පන ද නිතර සක්‍රිය වේ.

පෘථිවි අභ්‍යන්තරය ඒකාකාරී ස්වරූපයක් නොදරයි. එහි අභ්‍යන්තරය අතිශය සක්‍රීය වේ. පෘථිවි අභ්‍යන්තරයේ සිට පැමිණෙන ලාවා ඝනීභවනය වීමෙන් යමහල් නිර්මාණය වේ. සක්‍රීය වු පෘථිවි අභ්‍යන්තර‍යේ බලපෑම යමහල් ක්‍රියානාරීත්වය කෙරේ ඍජුවම බලපෑම් කරයි. පෘථිවිය ස්ථර කීපයකින් නිර්ම්තය. පෘථිවි කබොල / ශිලා ගෝලය, ප්‍රාවරණය(ඉහළ හා පහළ), පෘථිවි හරය (ඇතුලත, පිටත), ලෙස ඒවා නම් කල හැක. පෘථිවි ප්‍රාවරණ කලාපයේ ඇති අධික තාපය හේතුවෙන් මූලද්‍රව්‍ය බවට පත්වේ. එනම් ලාවා/මැග්මා සකස් වේ. මෙසේ අධික පීඩනයකින් ඇති ද්‍රව ලාවා හෙවත් මැග්මා පෘථිවි තලයේ දූර්වල ස්ථාන වන තැටි මායිම්, ව්භේධ ඔස්සේ ඉභළට පැමිණ තැම්පත් වේ. ඇතැම් අවස්ථාවලදීපෘථිවි අභ්‍යන්තරයේ ඇති ස්තර අතරද ලාවා ගලා ගොස් තැම්පත් වී ඝනීභවනය වේ.

ලාවා ඝනීභවනය වන කලාප අනූව යමහල් කොටස් දෙකකි.

  1. නිශ්ක්‍රාන්ත යමහල්
  2. ආක්‍රාන්ත යමහල්

යමහල්වල සක්‍රීය භාවය අනූව[සංස්කරණය]

සක්‍රීය ගිනිකඳු[සංස්කරණය]

tiny globe
යමහල් විවරය හමා ලාවා ගලා යාම

මැග්මා ගිනිකඳු වර්ගීකරණය සඳහා යොදාගන්නා ප්‍රකටම ක්‍රමය වන්නේ ඒවායේ පිපිරුම් සංඛ්‍යාව අනුව වර්ග කිරීමයි. නිරතුරුව පිපිරීමට ලක්වන ගිනිකඳු සක්‍රිය ලෙසත්, ඉතිහාසයේදි පිපිරීම් වලට ලක්වු නමුත් වර්තමානයේ නිහඬ ගිනිකඳු උදාසීන ලෙසත්, ඉතිහාසයේ පිපිරීම් වලට ලක් නොවු ගිනිකඳු අක්‍රිය ගිනිකඳු ලෙසත් නම් කෙරේ. නමුත් මේ ප්‍රසිද්ධ වර්ගිකරණය, විශේෂයෙන්ම අක්‍රීය තත්වය, විද්‍යාඥයින්ට ප්‍රමාණවත් නොවේ. ඔවුන් කරන්නේ ගිනි කන්දෙ නිර්මාණය, පිපිරුම් ක්‍රියාවලිය හා එයින් හටගන්නා හඬ අනුව ගිනිකඳු වර්ග කිරීමයි. විද්‍යාඥයින්අතර සක්‍රිය ගිනි කන්දකට නිශ්චිත පැහැදිලි කිරීමක් පිළිබඳ ඒකමතික භාවයක් නැත. ගිනි කන්දක ආයු කාලය මාස කීපයක් සිට අවුරුදු මිලියන ගණනක් දක්වා විවිධාකාර වේ. එමනිසා එවැනි වර්ගීකරණයක් මිනිසාගේ ආයු කාලය, සමහර විට ශිෂ්ටාචාරයක පැවැත්මද සලකා බලන විට තේරුමක් රහිත වේ. උදාහරණයක් ලෙස‍ බොහෝ ගිනිකඳු පසුගිය අවුරුදු දහස් ගණනක් තුළ පිපිරුම් ඇති කළද වර්තමානයේ එවැනි ලක්ෂණ නොපෙන්වයි. එවැනි ගිනිකඳු ආයු කාලය අතින් සැලකූ විට ඒවා සක්‍රීය ගිනිකඳු ගණයට වැටේ. මනුෂ්‍ය ජීවිත කාලය හා සසඳන විට ඒවා අක්‍රීය හෝ උදාසීන ලෙස සැලකිය හැක. විද්‍යාඥයින්ට අනුව වර්තමානයේදී පිපිරීම් වලට ලක්වන හෝ අසාමාන්‍ය භූමිකම්පා සැලකියයුතු ලෙස දුම් පිටවිම් වැනි ක්‍රියාකාරි ලක්ෂණ පෙන්වයි නම් ගිනිකන්දක් සක්‍රීය ගණයට වැටේ. බොහෝ විද්‍යාඥයෝ ඈත අතීතයේ පිපිරීමට ලක්වු ගිනිකඳු සක්‍රීය ගණයේ ලා සලකති. මෙහිදී සැලකිය යුතු වැදගත් කරුණක් වන්නේ ලේඛනගත ඉතිහාස තොරතුරු ප්‍රමාණය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විමයි. මධ්‍යධරණී ප්‍රදේශයේ අවු 3000 ට ත් වඩා වැඩි ලේඛනගත ඉතිහාසයකට හිමිකම් කියන මුත් ඇමරිකා එක්සත් ජනපදයේ වයඹ පැසිෆික් කාලපය අවුරුදු 300 කුත්, හවායි දුපත් අවුරුදු 200 කටත් වැඩි ප්‍රමාණයකුත් තොරතුරු පවතී. ස්මිත්සෝනියන් ගෝලීය ගිනිකඳු වැඩසටහන අනුව සක්‍රීය ගිනිකන්දක් නම් එය පසුගිය අවුරුදු 10,000 කාලය තුළ පිපිරීම් වලට ලක්විය යුතුය.

උදාසින ගිනිකඳු[සංස්කරණය]

උදාසින ගිනිකඳු යනු ඉහතින් දැක්වු ආකාරයට වර්තමානයේ සක්‍රීය නොවන මුත් නැවත පිපිරීමකට හෝ නැවත චංචල ස්වභාවයට පත්විය හැකි ඒවාය. මෙහිදී විද්‍යාඥයින් සක්‍රීය ලෙස සලකන ගිනිකඳු බොහොමයක් සාමාන්‍ය ජනයා හෝ මාධ්‍ය මඟින් උදාසීන ලෙස හැඳින්වීම මඟින් යම් ව්‍යාකූල තත්වයක් හටගනී. අක්‍රීය ගිනිකන්දක් යනු ලාවා සැපයුමක් නොමැති නිසා නැවත පිපිරීමට ලක් නොවන ඒවාය.

අක්‍රීය ගිනිකඳු[සංස්කරණය]

යමහල්වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් විවිධ භූරූප නිර්මාණය වේ. යමහල් හෙවත් ගිනිකඳුවල හිතකර බලපෑම් ද වන බව කිව යුතු ය. අක්‍රීය ගිනිකඳු වලට උදාහරණ ලෙස ඇ.එ. ජනපදයට අයත් හවායි දුපත්වල බොහොමයක් ගිනිකඳු හා පැරකුටින් ගිනිකඳු දැක්විය හැක. ගිනිකන්දක් සැබැවින්ම අක්‍රීය දැයි තීරණය කිරීම අපහසුය. අධියමහල් විවර වලට පිපිරීම් සඳහා ගතවන කාලය සමහර විට අවුරුදු මිලියන ගණනක් නිසා අවුරුදු දස දහස් ගණනක් නිසා පිපිරීමට ලක් නොවු මෙවැනි ගිනිකඳු අක්‍රීය ලෙස නොව උදාසීන ලෙස සැලකීම යෝග්‍ය වේ. උදාහරණ ලෙස යෙලොස්ටොන් ජාතික වන උද්‍යානයේ පිහිටි යෙලොස්ටොන් ගිනිකන්ද අවුරුදු මිලියන 2 ක් පමණ පැරණි වන අතර, එය දරුණු පිපිරුමක් අවු 640,000 කාලය තුළ නොපෙන්වුවද, අවු 10,000 කට පමණ පෙර ජල තාපන පිපිරීම්ද අවු 70,000 පමණ පෙර ලාවා ගලායාමද වාර්තා විය. මෙම කරුණු නිසා විද්‍යාඥයෝ යෙලෝස්ටෝන් ගිනිකන්ද අක්‍රීය ලෙස නොසලකති. එය අවට නිරතුරුවම සිදුවන භූකම්පන හා ක්‍රියාකාරී භූ තාපන පද්ධති (යෙලෝසටෝන් ජාතික උද්‍යාන පුරාම පවතින භූ තාපන ක්‍රියාකාරිත්වය) සහ වේගවත්ව පොළොවෙන් ඉහළට එසවීම හේතුවෙන් විද්‍යාඥයෝ යොලෝසටෝන් සක්‍රීය ගිනිකන්දක් ලෙස සලකති.

නිශ්ක්‍රාන්ත යමහල්[සංස්කරණය]

පෘථිවි අභ්‍යන්තරයේ ප්‍රාවරණ කලාපයේ සිට පැමිණෙන ලාවා කබොලේ ඇතිපාෂාණ තැටි මායිම්, විභේද ආදි දුර්වල ස්ථාන ඔස්සේ පැමිණ නිර්මාණය වූ කඳුගැට/කේතුරූපාකාර ලක්ෂණය නිශ්ක්‍රාන්ත යමහල් වේ.සාමාන්‍යයෙන් ගිනි කන්දක් මීටර් සිය ගණනක්උසට හා කිලෝමීටර් කිහිපයක විශ්කම්භයකින් යුක්ත වේ.මෙවැනි ගිනිකඳු ක්‍රියාත්මක වීමේදී මුලින්ම දුම් හා අළු ඉහළට විහිදෙයි.ඉන්පසු සුළු පිපිරීම් ඇති වේ. ඉන් පසු විශාල පිපිරීම් ඇති වී ලාවා විධාරණය වීමත් ඝනීභවනය වීමත් සිදු වේ. ලාවාවලට අමතරව ගිනි කන්දකින් ජලය,කාබන්ඩයෝක්සයිඩ්,හයිට්‍රජන්,නයිට්‍රජන් වැනි වායු වර්ග ද පිට වේ.ඇතැම් යමහල්වල ලාවා විධාරණයේදී සිදුවන ප්‍රබල පිපිරීම් හේතුවෙන් විශාල මෙන්ම විවිධ ප්‍රමාණයේ ලාවා කොටස් ඉහළට විසි වේ.එනම් ලාවා කුට්ටි,රවුම් හැඩයේ ලාවා ‍‍බෝම්බ,ලැපිලි හෙවත් ලාවා පටි,සියුම් ධාන්‍ය වැනි කොටස් ද ඒවා අතර වේ.නිශ්ක්‍රාන්ත යමහල් විවිධාකාර වූ හැඩයන්ගෙන් යුක්ත වේ.(සිරස් හා තිරස් ස්වභාවයේ හා විශාල මුඛ සහිත).යමහලක හැඩය තීරණය කිරීම ෙකරේ බලපාන ප්‍රධාන සාධක 02 කි.එනම්,

  1. ලාවාවල අඩංගු රසායනික ද්‍රව්‍යවල ස්වභාවය
  2. ලාවා විධාරණයේදී පිපිරීමක් සිදුවේද,නොවේ ද යන්න

ලාවාවල අඩංගු රසායනික ද්‍රව්‍ය පිළිබඳ ගත් විට ඇතැම් යමහල්වලින් පිටවන ලාවාවල සිලිකා ප්‍රමාණය ඉතා ඉහළය.එවැනි ලාවා උකු බවින් වැඩි ය.ඒවා ආම්ලික බවින් වැඩි ලාවා වේ.ඒවායේ තිරස් විහිදීම අඩු අතර සිරස් විහිදීම වැඩි ය.ඇතැම් යමහල්වලින් පිටවන ලාවාවල යකඩ ප්‍රමාණය ඉහළ ය.ඒවා භාෂ්මික ලාවා වන අතර ම ඒවායෙහි තිරස් විහිදීමක් ඇති අතර සිරස් විහිදීම අඩු ය. උදා:මොන ලෝ ආ හා කිලෝ ඉ ආ යමහල් (හවායි දූපත්)

එමෙන්ම යමහලක් සක්‍රීය වීමේදී ප්‍රබල පිපිරීමක් සිදුවීමෙන් පළල් යමහල් මුඛ නිර්මාණය වේ. උදා:ඉන්දුනීසියාවේ ක්‍රෙකටෝවා යමහල් පිපිරීම-1883 (මෙම පිපිරීමෙන්යමහලෙන් 2/3 ක ප්‍රමාණයක් විනාශ විය. නමුත් ප්‍රබල පිපිරීමක් සිදු නොවන යමහල් ආශ්‍රිතව ඇත්තේ කුඩා යමහල් මුඛ ය.

නිශ්ක්‍රාන්ත යමහල් වර්ග[සංස්කරණය]

යමහල් අළු කේතුව[සංස්කරණය]

මෙය සිරස් වර්ධනයක් සහිත ගිනි කන්දකි.ලාවා හා අළු ස්තර කීපයකින් නිර්මාණය වී ඇත.සිලිකා ප්‍රමාණය ඉහළ බැවින් ලාවාවල උකුස්වසදදද

භාශ්මික ලාවා පලිහ(පලිස් යමහල්)[සංස්කරණය]

මෙය තිරස් වර්ධනයක් පෙන්නුම් කරයි.විශාල ප්‍රදේශයක පැතිර යයි.යකඩ ප්‍රතිශතය ඉහළ බැවින් ලාවාවල ද්‍රව ස්වභාවයක් ගනී.බහුල වශයෙන් පැසිපික් සාගරය ආශ්‍රිතව දැකිය හැක. උදා:මොන ලෝ ආ,කිලෝ ඉ ආ යන ගිනි කඳු

අම්ල ලාවා ශඛර[සංස්කරණය]

අම්ල ලාවා ශිඛර උත්තල ස්වභාවයකින් යුක්ත ය.මෙවැනි යමහල් කේතු සුළු පිපිරීම් සහිතව ලාවා විධාරණය වීමෙන් නිර්මාණය වී ඇත.සිලිකා ප්‍රතිශතය ඉහළ බැවින් උකු ස්වභාවයක ලාවා වේ. උදා:ඇමෙරිකාවේ ශාන්ත හෙලේනා හා මවුන්ට් රේන්ජ්, මධ්‍යධරණී මුහුද-ස්ට්‍රොම්බෝලි,ලිපාරි දූපත- වුල් කැනෝ, අප්‍රිකාව- කිලිමන්ජාරෝ

සංයුක්ත යමහල[සංස්කරණය]

සංයුක්ත යමහල යනු,විවර කීපයක් සහිත ගිනි කදු විශේෂය කි.මේවායේ ලාවා ප්‍රමාණය අධික ය.ප්‍රධාන ජීද්‍රයෙන් ලාවා විධාරණය වීමට අමතරව කුඩා කුඩා ජීද්‍රවලින් ද ලාවා ගලා යයි. උදා:සිසිලි දූපත-එට්නා, මෙක්සිකෝව-ජුදයිදෝ ගිනි කඳු

යමහල් කල්දේරාව හා යමහල් මුඛ විල්[සංස්කරණය]

යමහල ප්‍රබල පිපිරීමකට ලක් වීමෙන් යමහල් මුඛයේ කොටස් ලාවා කුට්ටි,ලාවා බෝම්බ වශයෙන් වායුලගෝලයට එක් වේ.මේ හේතුවෙන් පුළුල්ව බේසමක ස්වරූපයෙන් නිර්මාණය වන යමහල් මුඛ කල්දේරා නමින්හැඳින් වේ.ලොව විශාලතම කල්දේරාව ජපානයේ "අසෝ" කල්දේරාව යි.(පරිධිය-112 කි.මී) මෙවැනි කල්දේරාවලට ජලය එක් පිරීමෙන් පසු නිර්මාණයවන්නේ මුඛ විල් ය. උදා:ටිටිකාකා විල,ඉන්දුනීසියාවේ ටෝබා ව්ල

යමහල් ප්ලගය[සංස්කරණය]

තුඩක ස්වරූප‍යෙන් නිර්මාණය වී ඇති ගිනි කඳු මීට අයත් වේ.මේවායේ ලාවා වල සිලිකා ප්‍රතිශතය 80% කි. උදා:මාටිනික් දුපත- පෙලී ගිනි කන්ද -බ්‍රිතාන්‍ය,ඇමෙරිතාවල ප්‍රංශයලඅප්‍රිකාව ආදී රටවල පැරණි බලකොටු පිහිටා ඇත්තේ ප්ලගය ආශ්‍රිතවය

ලාවා සානු හා ලාවා ගුහා[සංස්කරණය]

ගිනිකදුවලින් පිටවන ලාවා පුළුල් විශාල ප්‍රදේශයක ගලාලව දක්නට ලැබේ.එමනිසා බැසෝල්ට් සානු ලෙස හැඳින් වේ. උදා:කොලොම්බියා සානුව,පැරානා සානුව, සයිබීරියානු සානුව, ග්‍රීන්ලන්ත සානුව


උණුදිය උල්පත් හා ගීසර[සංස්කරණය]

යමහල් කලාපවල පෘථිවි අභ්‍යන්තරයේ දැඩි උණුසුම් පාෂාණ ස්තර අතරින් ජලය ඉහළට විදීමෙන් ගීසර හා උණුදිය උල්පත් නිර්මාණය වේ.මේවා බහුලව දැකිය හැකි රටවල් ලෙස නවසීලන්තය,අයිස්ලන්තය,ඇලස්කාව,සයිබීරියාව ආදී රටවල් දැක්විය හැක. උදා:ලොව විශාලතම ගීසරය-USA යෙලොස්ටෝන් ජාතික උද‍්‍යානයේ ඕල්ඩ්ෆේත් පුල් ගීසරයග( මිනිත්තු .66 ට වරක් 46 km ඉහළට ජලය විදී) ෆවුන්ටන් ගීසරය, නවසීලන්තය-රොටරුවා ගීසරය ,ගිසර ආශ්‍රිතව බලශක්ති නිශ්පාදනය සිදු කෙරේ.

ආක්‍රාන්ත යමහල්[සංස්කරණය]

පෘථිවි අභ්‍යන්තරයේ සිට පැමිණෙන ලාවා පෘථිවි පෘෂ්ඨය මතුපිටට නොපැමිණ අභ්‍යන්තර පාෂාණ ස්තර ඔස්සේ ගලා යාමෙන් ආක්‍රාන්ත යමහල් නිර්මාණය වේ.පෘථිවි අභ්‍යන්තර පීඩනය අඩුවීම , ලාවා ගමන් කරන මාර්ගය ආශ්‍රිතව තද පාෂාණ තිබීම ද මීට හේතු වේ. කාලයත් සමඟ ම ජලය, ග්ලැසියර හා සුළඟ වැනි නග්නීකරණ බලවේග හේතුවෙන් මතුපිටපාෂාණ තට්ටු ඛාදනය වු පසු මෙවැනි ආක්‍රාන්ත යමහල් පෘථිවි තගය මත දර්ශනය වේ.

ආක්‍රාන්ත යමහල් ආශ්‍රිතව නිර්මාණය භූ රූප කිහිපයකි.

  1. ඩයිකය
  2. ආස්තරය
  3. ලැකොලිතය හා සීඩර් ගස්
  4. තලිසෙල/ ලොපොලිත
  5. බැනොලිතය

සක්‍රීය යමහල්, නිදන යමහල් හා මළ යමහල්[සංස්කරණය]

නිතරම ක්‍රියාකාරී වන යමහල් සක්‍රීය යමහල් වේ.මේවා වර්ෂ කීපයකට වරක් හෝ වර්ෂයකට කීප වරක් විධාරණය වේ. උදා:මධ්‍යධරණීය-ස්ට්‍රොම්බෝලි,මෙක්සිකෝව-පැරකුටින්, පිලිපීනයේ- පිහාටුබෝ. විටින් විට ක්‍රියාත්මක වන යමහල් නිදන යමහල් වේ.මෙවැනි යමහල් එක් වරක් විධාරණය වී වර්ෂ 10-15 ක් හෝ නැතිනම් වසර සියගණනක් ගත වී සක්‍රීය වේ. උදා:ඉතාලියේ-විසුවියස්, හවායි- කි ලෝ ඉ ආ යන ගිනි කඳු. අක්‍රීය තත්වයේ පවතින යමහල් මළ යමහල් ලෙස හඳුන්වයි.මෙවැනි යමහල් මීට වසර දහස් ගණනකට පෙර නිර්මාණය වී ඇත.මෙම ගිනිකඳු වසර මිලියන ගණන් තිස්සේ සක්‍රීය නොවී නිශ්චලව පවතී.

යමහල්වල හිතකර බලපෑම්[සංස්කරණය]

  1. යකඩ, නිකල්,මැග්නීසියම්, වැනි ඛනිජ පසට මිශ්‍ර වීම නිසා සාරවත් පසක් නිර්මාණය වේ.
  2. නිර්මාණය වන සාරවත් පස් තට්ටුවල වගා කිරීමෙන් කෘෂිකර්මාන්තය සංවර්ධනය වේ.
  3. ගීසර හා උණුදිය උල්පත් ආශ්‍රිතව සංවාරක කර්මාන්තය දියුණුවීමෙන් ආර්ථික වාසි ලැබේ.
  4. භූ තාප බලශක්තියෙන් ශීත රටවල හරිතාගාර පවත්වා ගැනීම.
  5. ආග්නේය හා විපරීත ආදී විවිධ පාෂාණ නිර්මාණය වීම හේතුවෙන් මැණික්,දියමන්ති, තඹ,නිකල් නිධි බිහි වීම නිසා ඒවා අපනයනය කිරීමෙන් හා කර්මාන්ත සඳහා යොදා ගැනීමෙන් ආර්ථික වාසි අත්කර ගත හැකි වීම.
  6. යමහල් ආශ්‍රිත ඉහළ භූතාපය යොදාගනිමින් බලශක්ති නිපදවීම හරහා බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම.

යමහල් විදාරනය අනුව යමහල් වර්ග[සංස්කරණය]

  1. අය්ස්ලන්ත විදාරනය (iceland type)
  2. හවායියන් විදාරනය (hawaiian type)
  3. ස්ට්‍රිම්බෝලියන් විදාරනය (strombolian type)
  4. වෝල්කැනියන් විදාරනය (volcanian type)
  5. විසුවියන් විදාරනය (vesuvian type)
  6. ක්‍රැකටොන් විදාරනය (krakatone type)
  7. පීලියන් විදාරනය (pelean type)
  8. ප්ලීනීයන් විදාරනය (plinian type)

මේ අඩවියත් බලන්න[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගිනි_කඳු&oldid=591920" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි