Jump to content

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

විකිපීඩියා වෙතින්
(International Monetary Fund වෙතින් යළි-යොමු කරන ලදි)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
ගොනුව:International Monetary Fund logo.svg
Headquarters in Washington, D.C.
සංක්ෂිප්තයIMF
සංස්ථාපනය27 දෙසැම්බර් 1945; වසර 78 කට පෙර (1945-12-27)
වර්ගයInternational financial institution
අභිප්‍රායPromote international monetary co-operation, facilitate international trade, foster sustainable economic growth, make resources available to members experiencing balance of payments difficulties, prevent and assist with recovery from international financial crises[1]
මූලස්ථානය700 19th Street NW, Washington, D.C., U.S.
ඛණ්ඩාංක38°53′56″N 77°2′39″W / 38.89889°N 77.04417°W / 38.89889; -77.04417
ප්‍රදේශය
Worldwide
Membership
190 countries (189 UN countries and Kosovo)[2]
නිල භාෂා
English[3]
Managing Director
Kristalina Georgieva
First Deputy Managing Director
Gita Gopinath[4]
Chief Economist
Pierre-Olivier Gourinchas[5]
Main organ
Board of Governors
පීතෘ සංවිධානය
 United Nations[6][7]
අයවැය (2022)
$1.2 billion USD[8]
Staff
2,400[1]
වෙබ් අඩවියInternational Monetary Fund


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැදින්වීම.[සංස්කරණය]

ඇමරිකා‍වේ බ්‍රේට්න්වුඩ් නගරයේදී 1944 පවත්වනලද එක්සත් ජාතීන්ගේ මූල්‍ය සම්මේලනයේදී ඇතිකරගත් බ්‍රේට්න්වුඩ් ගිවිසුමට යටතේ 1945 දෙසැම්බර් 27 වන දින ජාත්‍යන්තර මූල්‍යය අරමුදල අරඹන ලදි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට එකඟත්වය පල කල රටවල් 29 ක් එහි මුල් සාමාජිකත්වය හිමිකරගත් අතර 1946 වසර අවසන් වන විට රටවල් 39 දක්වා සාමාජිකත්වය වැඩි විය.

1947 මාර්තු 01 වනදා මූල්‍ය ක්‍රියාන්විත ආරම්භ කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදලක් ලබාගත් පලමු රට ප්‍රංශයයි . 1947 මාර්තු 08 වනදා ප්‍රංශය එම ණයමුදල ලබාගන්නා ලදි.

1930 ගණන්වල ඇතිවූ ලෝක ආර්ථීක අවපාතය නිසා ලෝකයේ සෑමරටකම පාහේ ජාත්‍යන්තර වෙළදාමෙන් වාසිදායක තත්වයක් ඇතිකර ගැනීම සඳහා ආරක්‍ෂක තීරු බදු ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම, මුදල් අවප්‍රමානය කිරීම හා වෙනත් වෙළඳ බාධක පවත්වන ලදි. සෑම රටක්ම මේම ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට පටන්ගත් නිසා විදේශ වෙළඳාම බිද වැටීම, සේවා නියුත්තිය පහල වැටීම, අකාරියක්‍ෂයම ලෙස සම්පත් ඛෙදීයාම යනඅහිතකර තත්වයන්ට මුහුණ දීමට සෑම රටකටම සිදුවිය. මේනිසා විදේශිය වෙළදාම හා ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙණු හැසිරවීම සඳහා සමිමත නීතිමාලාවක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව සපුරා ගැනීම අපේක්‍ෂවෙන් ජා‍ත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවා ගන්නා ලදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සාමාජිකයන්ට තාවකාලික ගෙවුම් ශේෂ හිගයන් පියවා ගැනීමට ණය දීම කරයි.

අරමුදලේ ප්‍රධාන අරමුණ හා කාර්යභාරය[සංස්කරණය]

සාමාජික රටවල තාවකාලික ගෙවුම් ශේෂ අසමතුලිතතා තුලනය කරගැනීමට අවශ්‍ය කෙටිකාලීන ණය සැපයීම අරමුදලේ ප්‍රධාන කර්යය යි. එසේම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් සාමාජිකයන්ට අවශ්‍ය උපදෙස් හා සහයෝගය දැක්වීම,විනිමය ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම, ක‍්‍රමාණුකූල විනිමය වැඩපිළිවලක් සැකසීම, හා තරගකාරී ලෙස විනිමය අවප්‍රමාණය ඉවත්කිරීම සඳහා සහය වීම මෙයින් සිදුකරයි.

සාමාජිකයින්ට ණය ලබාදීමේ කොන්දේසි[සංස්කරණය]

ණය ලබාගත හැක්කේ ගෙවුම් තුලනයට වර්තන ගෙවීම් හිඟය පියවීම සඳහා කෙටිකාලීන ණයයි. එසේම සාමාජික රටවලට අරමුදලේ සිය දායකත්ව පංගුවෙන් වර්ෂයකට 25% කට වඩා ණය ලබාගත නොහැක. එසේම අරමුදලෙන් ණයට ගන්නා මුදල් රටකින් රටකට සිදුවන ප්‍රාග්ධන පැවරුම් සඳහා භාවිතා කළ නොහැක.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය අරමුදල් ගන්නේ සාමාජික රටවල් විසින් ගෙවනු ලබන සාමාජික මුදල් සංවර්ධිත රටවලින් ලබාගන්නා ණය ආධාර හා දියුණු රටවල මුදල් වෙළඳපොලට සුරැකුම්පත් හා ණයකර නිකුතුව මගිනි.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව - ඓතිහාසික පසුබිම[සංස්කරණය]

1950 අගෝස්තු 30 වන දින ශ්‍රී ලංකාව මූල්‍යය අරමුදලේ සාමාජිකත්වය ලබාගත් අතර ශ්‍රී ලංකාවට වෙන්කර දෙන ලද දායකත්වය ආරම්භයේදී ඇමරිකානු ඩොලර් දශලක්ෂ 45 කි. 1960 න් පසු ශ්‍රී ලංකාව ගෙවුම් ශේෂ හිඟයන්ට මුහුණ දුන් නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනී මට යොමු විය.

ශ්‍රී ලංකාව පළමු වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගෙන ඇත්තේ 1977 වර්ෂයේදීය. එය ඇමරිකාණු ඩොලර් මිලියන 133.6 ක සමස්ථ ණය පහසුකමකි. ඉන්පසුව 1979,1980,1981,1982,1983,1988,1989, යන වර්ෂවලදී ද ණය මුදල් ලබාලෙන තිබේ. මේ වර්ෂ අතරින් වැඩිම ණය මුදල ලබාගෙන තිඛෙන්නේ 1981 දී ය. පහත දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ විවිධ අවස්ථා වලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගෙන ඇති ණය පිළිබඳ විස්තරයකි.

1977 සහ 2009 කාලපරිචිඡේදය තුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගෙන ඇති ණය පහසුකම් (වි.ගැ.හි. දශ ලක්ෂ)


වර්ෂය විස්තර අනුමත කරන ලද ප්‍රමාණය ලබාගත් ණය ප්‍රමාණය
1977 සමීපස්ථ ණය පහසුකම -- 133.6
1979 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි හර ගැනීම් -- 29.7
1980 ජාත්‍යන්තර මූල්‍යඅරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම් -- 55.1
1981 හිලව් ණය සැපයීමේ ක්රලමය හා විස්තීර්ණ ණය පහසුකම් -- 176.0
1982 හිලව් මුදල් ණය පහසුකම් -- 39.2
1983 සමීපස්ත ණය පහසුකම් 100.0 50.0
2001 සමීපස්ථ ණය පහසුකම 200.0 200.0
2003 දිළිඳුකම අඩු කිරීම සහ ආර්ථීක වර්ධන පහසුකම 269.0 38.4
2005 ස්වාභාවික ආපදා තත්ත්වයන්ට කඩිනම් ආධාර 103.4 103.4
2009 සමීපස්ථ ණය පහසුකම 1653.6 --

මෙම ණය සැමවිටම ලංකාව ලබාගෙන ඇත්ේත් විවිධ කොන්දේසි වලට යටත්වය. මෙම කොන්දේසි වලට අනුකූලව කටයුතු නොකරන සෑම අවස්ථාවකදීම ඉතිරි වාරික මුදල් ලබාදීම අත්හිටවනු ලැබේ. මෙම ලබාගන්නා මුදල් වැය කරන ආකාරය හා රජයේ ආර්ථීක ක්‍රියා පිළිවෙත අධීක‍ෂණය කිරීම නිරන්තරයෙන් සිදු වේ.

2009 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය ලබා ගැනීමට හේතු වූ පසුබිම[සංස්කරණය]

පසුගිය කාලය පුරාවට රටේ තිබූ විදේශ සංචිත ප්‍රමාණය විශාල වශයෙන් අඩුවිය. මෙයට වසරකට පමණ පෙර නිල විදේශ සංචිත මාස 51/2 ක කාලයක් විදේශ ආධාර වලින් තොරව යැවීමට තරම් ප්‍රමාණවත් විය. එහෙත් ශ්‍රී ලංකාවේ මහ බැංකු ප්‍රතිපත්ති සම්පාදකයින් රුපියල අව ප්‍රමාණ වීමට ඉඩ නොදී වැඩි අගයක් ලබා දීම සඳහා රජයේ විදේශ විනීමය සංචිත යොදාලනිමින රුපියලේ අගය රැක ගැනිමට කටයුතු කල නිසා විදේශ සංචිත විශාල ලෙස අඩුවීමක් සිදුවිය. එකේ මාස 51/2 කට ප්‍රමාණවත් වූ සංචිත මේ වන විට මාසයකට පමණක් ප්‍රමාණවත් මට්ටමට කඩා වැටුණි. මෙම විදේශ සංචිත අඩුවීම මත පසුගිය පෙබරවාරි මාසයේදී පමණ සම්පස්ථ ණය මුදලක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1.9 ක් (රුපියල් කෝටි 1900 පමණ) පමණ අපේක්‍ෂා කරන බවට වූ ඉල්ලීම මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන ලදි. මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම් ‍දෙකක් මෙම ඉල්ලීම විමර්ශණය කරන ලදි. සාමාන්‍යයෙන් සමීපස්ථ ණය මුදල් මූල්‍ය අරමුදල සපයන්නේ හදිසියේ ඇතිවන ගෙවුම් ශේෂ හිගයක් මග හරවා ගැනීමටය. මෙම මුදල් ගෙවුම් ශේෂය පියවීමට හැර වෙනත් කිසිම කරුණකට යෙදවීම තහනම්ය. මෙම ණය කෙටිකාලීනය. උපරිම මාස 5 න් ගෙවීමට සිදුවේ. සංවර්ධන ණය මුදලකට වඩා පොළියද ඉහලය. සාමාන්යකයෙන් 4% ත් 5% ත් අතර මට්ටමක පවතී.


මතභේදයට තුඩුදුන් 2009 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය අනුමත වෙයි[සංස්කරණය]

.

ලංකාවේ ගෙවුම් තුලනය ශක්තිමත් කිරීමට සහයෝගයක් වශයෙන් 2009 ජූලි 24 දින මෙම ණය මුදල අනුමත කරන ලදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට පිරිනමන ලද විශාලතම ණය පහසුකම මෙයයි. පළමු මුදාහැරීම වශයෙන් එ.ජ./ දශ ලක්ෂ 322 ක් ශ්‍රී ලංකාවට ලැබුණි. අයහපත් හේතු කිහිපයක බලපෑමෙන් ගෙවුම් ශේෂය හිඟයකට හැරුණු අතර විදේශීය නිල සංචිත සැලකිය යුතු ලෙස පහත වැටුණි. මේවාට පිළියමක් ලෙස ණය පහසුකම බලාපොරොත්තු විය. මාස 20 ක් තුල සපයන මෙම ණය අවසාන වාරිකය 2011 මාර්තු මාසයේදී මුදාහැරේ. 2012 අ‍ප්‍රේල් මාසයෙන් අරඹා වසර 4 ක් ඇතුලත මෙය ගෙවා නිමකළ යුතුය. පොලී අනුපාතිකය කොටස් 2 කි. විදේශ ගැණුම් හිමිකම් අනුපාතිකය මත සතියකට වරක් සේවා ගාස්තු ගනනය කරයි. පොලී අනුපාතිකය වෙළඳපොල පොලියට සාපේක්ෂව ඉතා ඉහල අගයක් ගනී.

සමීපස්ථ ණය පහසුකම වැඩසටහන යටතේ තිඛෙන සාර්ව ආර්ථීක ප්රවථීපත්ති සහ ඉලක්ක

01 2009 සඳහා රජයේ අයවැය හිඟය ද.දේ.නි යෙහි ප්‍රතිශතයක් ලෙස 7% ක් ලෙස පවත්වා ගැනීමට අපේක්ෂා කෙරේ

02 රාජ්‍ය මූල්‍ය එකාග්‍රතා මාවත මාවත මගින් මගින් සෞඛ්‍ය, අධ්‍යාපන හා සමෘද්ධි දීමනා සඳහා වන වියදම් වැනි සාමාජීය අවශ්‍යතා වෙනුවෙන් වූ වියදම් ආරක‍්ෂා කරමින් ගැටුම් වලට බඳුන් වූ වියදම් ආරක්ෂා කරමින් ගැටුම් වලට බඳුන් වූ ප්‍රදේශවල සහන සැලසීම, නැවත පදිංචි කරවීම සහ යළි ගොඩනැගීම සඳහා වැයවන වියදම් වෙනුවෙන් ඉඩ සලසා දීම.

03 මෙම ප්‍රතිපත්ති සහතික කිරීමත් සමඟ ශ්‍රී ලංකාව පිළිබඳ ආයෝජිකයින්ගේ විශ්වාසය වැඩිවන අතර දේශීය හා විදේශීය ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීම සඳහා මෙන්ම ද්විපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ආයතන මගින් ණය මුදල් ආකර්ශනය කර ගැනීමට හැකියාව ලැබීම.

04 මෙසේ ලබාගන්නා ආයෝජන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම ගැටුම් පවතින ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතු සහ සහන සැලසීම සඳහා යොදාගත හැකි අතර එමගින් දිගු කාලීනව රටේ නිශ්පාදනය සහ රැකියා අවස්තා වැඩිකර ගැනීම මගින් අනාගත ආර්ථීක වර්ධනය සහ සාර්ව ආර්ථීක සමතුලිතතාවය අත්කර ගත හැකිවනු ඇත.

01- පවතින අර්බුදයෙන් වැලකීම සඳහා ශ්‍රී ලංකාවේ සංචිත නැවත වර්ධනය කිරීම.

02- ගැටුම් අවසන් වීමෙන් පසු නැවත ගොඩනැංවීමේ ප්රායත්නය සඳහා සහයෝගය දැක්වීම.

03- දිලිඳු පුද්ගලයන්ට රැකවරනය - ආධාර සැපයීම.(Protection for poor,assisting the most vulnerable) මෙහි ප්‍රධාන අරමුණු වේ.


*සංචිතවර්ධනය.

*දැරිය හැකි මට්ටමට අයවැය හිගය අඩු කිරීම.

*මූල්ය අංශය ශක්තිමත් කිරීම.

ගැටුම් පැවති ප්‍රදේශ ප්‍රතිසංස්කරනය යන කරුණු ඔස්සේ ලංකා රජය සකසන ලද වැඩසටහනට අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවට මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාදීමේ මෙහෙයුම් ප්‍රධානී බ්‍රයන් අයිට්කින් (Brian Aitken) මහතා පවසන පරිදි ශ්‍රීලංකාව වසර ගණනාවක් පුරා විශාල අයවැය හිඟයක් පවත්වාගෙන යමින් එය කෙටිකාලීන ණය මුදල් මගින් මූල්යදනය කර ගත්තත් ගෝලීය මූල්‍ය අරමුදතුල ජාත්‍යන්තර වෙළඳපොලෙන් ලබා ගැනීමට නොහැකි වී ඇත. එබැවින් විනිමය අනුපාතය අවපමාණය වීම එරට විදේශ සංචිත මත පීඩනයක් ඇතිකිරීමට හේතු වූ බැවින් එය වැලැක්වීම සඳහා මැදිහත් වීමක් වශයෙන් මෙම ණය මුදල ලබා දීමට එකඟ වී තිබේ.

මෙම ණය මුදල ලබා ගැනීමේදී රජයේ ප්රූධාන අරමුණක් වී තිඛෙන්නේ අයවැය හිඟය දැරිය හැකි මට්ටමට අඩු කිරීමයි. මෙම අරමුණ ලඟා කර ගැනීම සඳහා බදු පදනමේ සංශෝධනයක් හදුන්වා දීම තුළින් අධිභාරය වැඩිකර ගැනීමට 2010 අයවැය ආරම්භයේදී සැලසුම් කර ඇත. එසේම සමාජ සේවා බලාපොරොත්තු වන අයට හා දිළිඳු අයට රැකවරණය සැලසීමේ කටයුතු පවත්වාගෙන යාමද අත්‍යාවශ්‍ය වේ.

මෙම ණය මුදල සෘජුවම යොමුවන්නේ මහ බැංකුවේ සංචිත වලටයි. එහිදී නම්‍ය විනිමය අනුපාතය යොදාගනිමින් විදේශ සංචිත නැවත ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙය ආර්ථීකයේ කම්පන දරාගැනීමේ හැකියාව වර්ධනය වීමට හේතුවේ. රටේ පවතින ගෙවුම් ශේෂ අර්බුදය වැලැක්වීමටත්මෙය හේතුවනු ඇතැයි රජය අපේක්ෂා කරයි. එමගිනි ආයොජකයන්ගේ විශ්වාසය ආරක්ෂා කරගත හැකි බැවින් ඉහල ආර්ථීක වර්ධනයක් ළඟාකර ගත හැකිවේ.තව දුරටත් රජයේ ප්‍රධාන අරමුණක් වන ගැටුම් ඇති ප්‍රදේශ වල අවතැන් වූවන් නැවත පදිංචි කරවීම හා ඔවුන්ට අවශ්යත සමාජීය ආරාක‍ෂාව සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටද මෙම මුදල් යෙදවීමට අපේක‍ෂා කර ඇත.

මෙම ණය මුදල මගින් රජයට වැඩි සම්පත් ප්‍රමාණයක් ක‍ෂණිකව සැපයෙන අතර එම මුදල යළි ගොඩනැංවීමේ වෑයම සඳහා යෙදවිය හැකිය. එසේම මෙම ක්‍රියාදාමය මගින් ජාත්‍යන්තර ප්‍රධානයන් ලබාදෙන්නට රාමුවක් සලසා දෙන අතර ඔවුන්ට මෙරටට පැමිණ රජයයට යළි ගොඩ නැංවීමේදී අවශ්ය‍ සහයෝගය ඉදිරි වර්ෂ වලදී ලබාදීමට හැකියාව ලැඛෙනු ඇත. මේ නිසා යටිතල පහසුකම් නැවත ගොඩනැගීම්, මාර්ග, රෝහල්, පාසල් ගොඩනැගීම යළි පදිංචි කරවීම ආදිය කඩිනමින් සිදුකිරීමේ හැකියාව ලැඛෙනු ඇත. මේ වන විටත් රජය 2007 දී ආරම්භ කරන ලද නැගෙනහිර පළාත යළි ගොඩනැගීමේ අත්දැකීම් පදනම් කරගෙන සම්පූර්ණ යළි ගොඩනැගීමක් මේ වන විට සිදුකරමින් පවතී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයෙහි සාර්ව ආර්ථික බලපෑම[සංස්කරණය]

මූල්‍ය අරමුදලෙන් ලැබුණාවූ ණය සාමාන්යෙන් සිදුවන්නේ විදේශ සංචිත වැඩි වීමයි. විදේශ සංචිත යන්නු රජය මහ බැංකුව හා වාණිජ බැංකු මාර්ගයෙන් භාණ්ඩ හා සේවා අපනයන ඉපයීමයි. විදේශ ආයෝජන ගලා ඒම් විදේශ ණය ආධාර හා විදේශ ප්‍රදාන වශයෙන් රටට ගලා ආ විදේශ විනිමය ප්‍රමාණයේ විදේශ වත්කම් ලෙස හැදින්වෙ. විදේශ සංචිත ශක්තිමත් වන විට පිරිහෙමින් පැවැති විදේශ විනිමය අනුපාතිකය ශක්තිමත්වේ. එහිදී රුපියලේ බාහිර අගය ශක්තිමත් කර ගැනීමට හැකිවේ. රුපියලේ බාහිර අගය ශක්තිමත් වීම යනු මුදල් ඒකකයකින් මිලට ගත ගැකි විදේශිය මුදල් ඒකක ප්‍රමාණය අනුව මෙරටමුදල් ඒකකයකට ඇතිවන අගය ඉහල යාමයි. මේ සමගම රුපියල ජාත්‍යන්තරය පිළිගැනීමට ලක්වේ. මෙමගින් ආනයන ශක්‍යනතාව ඉහල යන අතර ආර්ථීකයේ විදේශ ගේවීම් ශක්තිය වැඩිවේ. මෙම බලපෑම මත ස්වෛර්ත‍ව ණයේ ශේණි ගත කිරීම යහපත් තත්වයකට පත්වේ. මෙමගින් ඍජු විදේශ ආයෝජන මෙන්ම කොටස් වෙළඳ පලට එන ආයෝජනය ආකර්ශනීය විය හැකිය.

මෙම ණය මුදල ලබාගැනීමේදී රජයේ ප්‍රධාන කොන් දේසියක් වුයේ අයවැය හිගය 07% දක්වා අඩුකිරීමයි. (ද.දේ.නි ප්‍රතිශතයක් වශයෙන්) එම අරමුණ ඉටු කර ගැනීමට නම් රජයට විශාල වශයෙන් තම වියදම් කලමණා කරණයට යාමට සිදුවණු ඇත. නැතිනම් වර්තන වියදම් සැලකිය යුතු ආකාරයකින් කපා හැරීමට රජයට සිදුවන බව පැහැදිලිය. එසේත් නැතිනම් ආයෝජක වියදම් කපා හැරීම සිදු කළ හැකිය. මෙම පියවර අනුගමනය නොකරන්නේ නම් රජ්‍ය ආදායම සැලකිය යුතු ලෙෂ වැඩි කර ගැනීමට රජයට සිදු වනු ඇත. නමුත් පසු ගිය වසර කීපය තුල ශ්‍රී ලංකාවේ රාජ්යි ආදායම දෙස බැලීමේදී එය අපේක්ෂාන මට්ටමට ළගාවු බවක් පෙනෙන්නට නැත. පසුගිය වසරේ රාජ්යය ආදායම රුපියල් බිළියන 750 ක් පමණ වෙතැයිඅපේක්ෂාට කළත් වසර අවසාන විට රජයට ලැබුනේ රුපියල් බිලියන 655 ක් පමණි. එසේම මෙම වසරේ රජ්යද ආදායම රුපියල් බිලියන 854 ක් වෙතැයි ඇස්තමේන්තු කර තිබුනත් වසරේ මුල් මාස 04 දී රජයට ලබා ගත හැකිවී තිඛෙන්නේ රුපියල් බිලියන 190 ක ආදියමක් පමණි. ඒ අනුව පෙනීයන්නේ මේ වසරේදීද රජය අපේක්ෂාක කරන ආදියම් ලබාගැනීමට අසීරු කරුනක් වී ඇති බවයි. අපනයනය වැඩිවී ආනයනය ඉහල යන තත්වයක් පෙනෙන්නට නැති අතර එයට සාපේක්ෂකව ආනයනයේ වියදම් ඉහල ගොස් ඇති ස්වරූපයක් පෙනෙන්නට තිබේ. ආදායම වැඩි කරගැනීමේ අරමුණු ඉටු කරගැනීම සඳහා රජයට බදු ගෙවන මාර්ග වලින් ආදායම වැඩිකර ගන්නා බවට එකතුවී ඇති අතර එයට රාජ්යන ව්ය වසායන්ගේ ලාභ ලබා ගැනීමත් ගාස්තු හා අයකිරීම් වැඩි කිරීමටත් තීරනය කර ඇත. මෙම අරමුන ඉටුකර ගැනීමටණය මුදලේ කොන්දේසියක් වී තිඛෙන්නේ දැනට පාඩු ලබන ඛනිජ තෙල් සංස්ථාව හා විදුලි බල මණ්ඩලය පාඩු නොලබන තත්වයට පත් කරලීමයි. එය පාඩු නොලබන තත්වයට පත් කිරීමට අපේක්ෂාද කරයි. එය ප්‍රයෝගිකව අත් කරගැනීම අසීරුය.

ආදායම වැඩි කරගැනීමට නොහැකි නම් ගතහැකි අනෙක් ක්‍රියා මාර්ගය වියදම් සීමා කිරීමයි. නැතිනම් වියදම් කපා හැරීමයි. එහෙත් රජයේ වියදම් කපා හැරීමද මේ වනවිට යම් ගැටලූ සහගත තත්වයකට පත්ව ඇති බව පෙනෙන්නට ඇත. විශේෂයෙන් යුද්ධයෙන් අවැතැන් ජනතාවගේ ගැටලූව නිසා මේ වනවිට රජයට විශාල වියදම් දැරීමට සිදුවී ඇත. රජය කිසිදු වියදමක් කපා හැරීමට අපේක්ෂාේ නොකරයි. නමුත් 2010 අයවැය සකස් කිරීමේ දී ප්‍රග්ධන වියදම් කපා හැරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එමගින් රජයේ ආයෝජන පහල යෑමේ ප්‍රවනතාවක් ඉදිරි කාලයේදී ඇති විය හැක. ආර්ථීකයේ ආයෝජන අඩු කිරීම තුලින් සමහර ඉල්ලූමේ අඩු වීමක් සිදුවිය හැකි අතර දිගු කාලයේදී එය ආර්ථීකයේ නිමවුම් මට්ටම අඩුවීමකට බලපා එය ආර්ථීක වර්ධන අරමුණට ලගාවීම වලක්වයි.

මෙම ණය මුදලෙන් 70%-80% අතර ප්‍රමාණයක් උතුරු නැගෙනහිර අවැතැන්වූවන් සඳහා යොදවන බවට රජය එකග වී ඇත. මෙහිදී මතුවන ගැටලූව වන්නේ සමස්ත ජනගහනයෙන් ඉතා සුළු ප්රනථීසතයක් වෙනුවෙන් සමස්ත ණය මුදලෙන් මෙතරම් විශාල ප්‍රමාණයක් වැය කිරීමෙන් අතිමහත් බහුතර ජනතාවගේ සුභ සාධන අවශ්යමතා වෙනුවෙන් යෙද වීමට තිඛෙන මුදල් සීමා වීමක් වේ.

මෙය සමානාත්මතා අරමුණ විවාධයට ලක් කරයි. මෙසේ යොදවනු ලබන ලද මුදල් ප්‍රධාන වශයෙන් ඛෙදී යන්නේ එම අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීමේ හා යළි ගොඩනැංවීමේ කටයුතු සඳහාය. මෙහිදී මෙම මුදල සීමිත වශයෙන් ආයෝජන වෙත යොමු කරන අතර වැඩි වශයෙන් ආර්ථීක වර්ධනයක් සිදුවේ යයි අපේක්ෂා කිරීම අපපහසු වේ.

ශ්‍රී ලංකා බලධාරීන් අනුගමනය කල ප්‍රතිපත්ති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහතික කිරීමත් සමග ශ්‍රී ලංකාව පිළිබඳ ආයෝජකයන්ගේ විශ්වාසය වැඩිවන අතර දේශීය හා විදේශීය ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා මෙන්ම ද්වි පාර්ශ්වීය හා බහු පාර්ශ්වීය ආයතන මගින් ණය මුදල් ආකර්ශනය කර ගැනීමට රටට හැකිවනු ඇත. මෙසේ ලබාගන්නා ආයෝජන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම ගැටුම් පැවති පූදේශවල ප්රකතිසංස්කරණ කටයුතු සහ සහන සැලසීම සඳහා යොදාගත හැකිවන අතර එමගින් දිගුකාලීනව රටෙහි නිශ්පාදනය සහ රැකියා අවස්ථා වැඩිකර ගැනීම මගින් අනාගත ආර්ථීක වර්ධනය සහ සාර්ව ආර්ථීක සමතුලිතතාව අත්කරගත හැකිවනු ඇත


ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • මහ බැංකු වාර්තා
  • ලංකාදීප පුවත්පත
  • දිවයින පුවත්පත
  • අන්තර්ජාල වාර්තා

අමතර අවධානයට[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

a. ^ There is no worldwide consensus on the status of the Republic of Kosovo: it is recognised as independent by 88 countries, while others consider it an autonomous province of Serbia. See: International recognition of Kosovo.

මූලාශ්‍ර[සංස්කරණය]

පාද සටහන්[සංස්කරණය]

  1. ^ a b "About the IMF". International Monetary Fund (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 16 October 2012 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 14 October 2012.
  2. ^ "IMF Members' Quotas and Voting Power, and IMF Board of Governors". IMF. 17 October 2020.
  3. ^ Boughton 2001, p. 7 n.5.
  4. ^ "First Deputy Managing Director Geoffrey Okamoto to Leave IMF, Gita Gopinath to Be IMF's New First Deputy Managing Director". International Monetary Fund.
  5. ^ "IMF Managing Director Names Pierre-Olivier Gourinchas as IMF Economic Counsellor and Head of Research Department". International Monetary Fund.
  6. ^ "Factsheet: The IMF and the World Bank". International Monetary Fund. 21 September 2015. 3 June 2004 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 December 2015.
  7. ^ "About the IMF Overview". International Monetary Fund. සම්ප්‍රවේශය 1 August 2017.
  8. ^ "IMF Executive Board Approves FY 2022–FY 2024 Medium-Term Budget". International Monetary Fund. 27 May 2021. සම්ප්‍රවේශය 9 April 2022.

භාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත: