Jump to content

දුර්ගා දේවිය

විකිපීඩියා වෙතින්
(මහීෂාසුරමර්දිනී වෙතින් යළි-යොමු කරන ලදි)

දුර්ගා දේවිය
සර්මාවබලධාරී දෙවඟන, මාතෘ දෙවඟන
සංග්‍රාමය සහ ආරක්ෂාවට අධිපති දෙවඟන,
දුර්ගා මහීෂාසුර-මර්දිනී, මහීෂාසුර මර්දනය කරන්නිය
සංස්කෘත පරිවර්තනයदुर्गा Durgā (\dûr-gā\)[1]
අනුබැඳිය
ආයුධයචක්‍රය, ශංඛය, ත්‍රිශූලය, ගදාව, දුන්න සහ හීය, දෑකැත්ත සහ පලිහ, ඝණ්ටා
වල්ලභයාශිව
වාහනයව්‍යාඝ්‍රයා හෝ සිංහයා (මනස්තාල))[2][1]
පාඨ ග්‍රන්ථ
උත්සවදුර්ගා පූජා, දුර්ගා අෂ්ටමි, නවරාත්‍රී, දුස්සෙහ්රා, විජයදශාමි

දුර්ගා (සංස්කෘත: दुर्गा)දේවිය යනු වඩාත්ම ජනප්‍රිය හින්දු දෙවඟනන් අතුරින් අයෙකි.[3][4][5] ඇය උත්තරීතර මව් දෙවඟන වන මහාදේවියගේ ප්‍රධාන ස්වරූපයන්ගෙන් එක් ස්වරූපයක් ලෙස වන්දනාමාන කරනු ලබන අතර හින්දු බැතිමතුන් අතර වඩාත් ජනප්‍රිය හා පුළුල් ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ ස්වරූපයකි. දේවී භාගවත පුරාණයට අනුව ඇය භුවනේශ්වරී දේවියගේ ප්‍රධාන ස්වරූප පහෙන් එකකි.[6] ඇගේ පුරාවෘත්තය කේන්ද්‍රගත වන්නේ සාමය, සමෘද්ධිය සහ ධර්මයට එරෙහි වන යහපත් බලවේගයන්ට එරෙහිව සංග්‍රාම කිරීම වටා ය. දුර්ගා දේවිය පීඩිතයන්ගේ විමුක්තිය සඳහා දුෂ්ටයන්ට එරෙහිව ඇගේ දිව්‍ය උදහස මුදාහරින බව විශ්වාස කෙරේ. ආගම සහ කලාව පිළිබඳ ඉතිහාසඥයින් දුර්ගා දේවියගේ ඉතිහාසය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා දිවයන බව පවසයි. මුල් වෛදික ග්‍රන්ථවල ඇය පිළිබඳ ඉඟි කිහිපයක් ඇති අතර පුරාණ සම්පාදනය කරන යුගය වන විට ඇය ස්වාධීන දෙවඟනක් ලෙස ඉස්මතු වේ. හින්දු ආගමේ එක් නිකායන් වන ශක්ත නිකාය තුළ ඇය වැඩි වශයෙන් වන්දනාවට පාත්‍ර වේ.

නිරුක්තිය

[සංස්කරණය]

දුර්ගා (दुर्गा) යන වචනයේ අර්ථය වන්නේ "අපරාජිත", පහර දිය "නොහැකි" හෝ ''කිසිවෙකුට ලං වීමට නොහැකි" යන්නයි.

ඉතිහාසය සහ ලිඛිත සාධක

[සංස්කරණය]

දුර්ගා දේවිය හා ඇයගේ විවිධාකාර ස්වරූප පිළිබඳව ක්‍රිස්තු යුගය ආරම්භයත් සමඟ විවිධ වීර කාව්‍යන් තුළ රචනා කෙරිණි. මහාභාරත තුළ යුධිස්තිර සහ අර්ජුන විසින් දුර්ගා දේවිය උදෙසා ස්තෝත්‍ර ගායනා කෙරූ බව දක්වා ඇත.[7] එමෙන්ම මාර්කන්ඩේය පුරාණයේ තිබෙන දේවී මාහාත්ම්‍යම් තුළත් දේවී භාගවත පුරාණය ආදි ග්‍රන්ථ තුළත් දුර්ගා දෙවඟන පිළිබඳව විශේෂයෙන් සඳහන් වේ.[8][9]

මූලාරම්භය

[සංස්කරණය]
නාගර්ජුනි ගුහාවක තිබෙන ඉපැරැණි සෙල් ලිපියක්

1916 දි ඉතිහාසඥයෙකු වන රාම්ප්‍රසාද් චන්ද දක්වන අකාරයට දුර්ගා දේවිය ඉන්දියානු මහද්වීපය පුරා ක්‍රමයෙන් සංක්‍රමණය වූවකි. ඔහුට අනුව දුර්ගා දේවිය මූල ස්වරූපය යනු හිමාලයේ, වින්ද්‍යාවේ සහ අභිරා ගෝත්‍රිකයන් වන්දනා කළ දේවතාවියන්ගේ සංකලනයකි.

ශිලාලේඛනයන්ට අනුව දුර්ගා දෙවඟන ඉතාමත් පැරණි දෙවඟනක් වේ. සිද්ධමාත්‍රිකා ලියවිලි වල සෙල් ලිපි වලට අනුව සහ නාගර්ජුන ගුහාවන් තුළ ඇය සහ මහිෂාසුර අතර ඇති වූ සංග්‍රාමය පිළිබඳව දක්වා ඇත.[10]

ප්‍රතිමාශිල්පය

[සංස්කරණය]

දුර්ගා දේවිය තුළින් වීරත්වය සංකේතවත් කෙරේ. ප්‍රධාන වශයෙන් ස්වරූප ත්‍රිත්වයක් ඔස්සේ ප්‍රකට වේ. එනම් මහාලක්ෂ්මි දුර්ගා (මහිෂාසුර-මර්ධිනි), මහාසරස්වති දුර්ගා (කෞෂිකි) සහ මහකාලි දුර්ගා ලෙසිණි. එයිනුත් දුර්ගා දේවියගේ වඩාත් ප්‍රචලිත ස්වරූපය වන්නේ මහිෂාසුර-මර්ධිනි ස්වරූපයයි. එහිදි ඇය අෂ්ටබුජ (අත් අටක්), දසබුජ (අත් දහයක්) සහ අෂ්ටදසබුජ (අත් දහඅටක්) සහිතව නිරූපණය කරයි.[11] දුර්ගා මෑණියන්ගේ ප්‍රමුඛ වාහනය වන්නේ කේසර සිංහයාය. මහිෂාසුර-මර්ධිනි ස්වරූපයේදි දෙවියන් විසින් ඇයට ලබා දුන් විවිධ අස්ත්‍ර දරා සිටින අතර එවායෙ සංකේත රාශියක් තිබේ.

  • ශංඛය - ප්‍රීතිමත් බව
  • චක්‍රය - ධාර්මික බව
  • ගධාව - පක්ෂපාතීත්වය
  • දුන්න - යහපත් චරිතය
  • ත්‍රීශූලය - නිර්භීත බව
  • අසිපත - විමංසන බුද්ධිය
  • පද්මය - මධ්‍යස්ථ බව

දුර්ගා දෙවඟන තුළින් විශ්ව මාතාවගේ බෞතික නිර්මාණය පිළිබිඹු වන්නේ මේ ආකාරයට විවිධ දෙවිවරුන්ගේ අස්ත්‍රයන් දරා සිටින හෙයිනි. පුරාවිද්‍යා සොයාගැනීම් වලින් සනාථ වන අකාරයට දුර්ගා දේවියගේ මෙම ස්වරූපය ඉන්දියාවේ ප්‍රචලිත වන්නේ සිව්වන ශතවර්ෂයේදී පමණය. මහාචාර්‍ය ඩේවිස් කිංස්ලී[12] පවසන ආකාරයට දුර්ගා ස්වරූපය ඇතැම් දේවස්ථාන වල ඇති උනේ මහාවිද්‍යන් හී සහ සප්තමාත්‍රිකා වල කොටසක් වශයෙනි. සුප්‍රසිද්ධ හින්දු දේවස්ථාන තුළ දුර්ගා දේවිය සිතුවම් දේවී මාහාත්ම්‍යම් හී පැවසෙන ආකාරයට සිතුවම් කර ඇත.[13]

පූජා සහ උත්සව

[සංස්කරණය]
දුර්ගා පුජා උත්සව

දුර්ගා වන්දනය නගෙනහිර ඉන්දියාව සහ නෙපාලයේ ශක්ත බැතිමතුන් අතර වඩාත් ප්‍රචලිතය.

දුර්ගා පූජාව

[සංස්කරණය]

මාර්කණ්ඩේය පුරාණයට අනුව දින 9ක් හො 4ක් පැවැත්විය හැකිය. දින 4 දුර්ගා පූජාව බෙංගාලය, ඔඩිශාව, ඇසෑමය, බිහාරය ආදි ප්‍රදේශයන්හී වඩාත් ප්‍රචලිතය.[1][14] එය පැවැත්වෙනුයේ හින්දු දින දර්ශනයට අනුව අශිවින මාසයේය.[15] (සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර කාලය) සරත් ඍතුවේ පැවැත්වෙන් බැවින් එයට ශාරදීය දුර්ගා පූජාව සහ අකාල බෝධන් නමින් හැඳින්වේ. බෙංගාල සම්ප්‍රදාය අනුව දුර්ගා පූජාව සඳහා මැටියෙන් නිර්මාණය කළ ප්‍රතිමා භාවිතා කරයි. ප්‍රතිමා නෙළන විට එයට වෛශ්‍යාවකගේ නිවසෙන් ලබා ගත් පස් ස්වල්පයක්ද එක් කිරිම බෙංගාලයේ එන සිරිතකි. එහිදි උතුරු ඉන්දියානුවන් දින 9ක් පුරා දෙවඟන උදේසා භක්ති සේවය කරන අතර බෙංගාලි වැසියන් අවසාන දින සතරෙහි පමණක් එය උත්සවාකාරයෙන් සමරණු ලබයි.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ a b c Wendy Doniger 1999, පිටු අංකය: 306.
  2. ^ Robert S Ellwood & Gregory D Alles 2007, පිටු අංකය: 126.
  3. ^ Encyclopedia Britannica 2015.
  4. ^ David R Kinsley 1989, පිටු අංක: 3-4.
  5. ^ Charles Phillips, Michael Kerrigan & David Gould 2011, පිටු අංක: 93-94.
  6. ^ Vijnanananda (2007). Simad Devi Bhagavatam (English බසින්). MUNSHIRAM MANOHARLAL PUBLISHERS PVT LTD. p. 797. ISBN 9788121505918.{{cite book}}: CS1 maint: unrecognized language (link)
  7. ^ Rachel Fell McDermott 2001, පිටු අංක: 162–163.
  8. ^ Ludo Rocher 1986, පිටු අංක: 168–172, 191–193.
  9. ^ C Mackenzie Brown 1990, පිටු අංක: 44–45, 129, 247–248 with notes 57–60.
  10. ^ Richard Salomon (1998). Indian Epigraphy: A Guide to the Study of Inscriptions in Sanskrit, Prakrit, and the Other Indo-Aryan Languages. Oxford University Press. pp. 200–201. ISBN 978-0-19-509984-3.
  11. ^ https://www.exoticindiaart.com/book/details/devi-and-her-aspects-IDC931/
  12. ^ David Kinsley 1988, පිටු අංක: 95–105.
  13. ^ David Kinsley 1997, පිටු අංක: 30–35, 60, 16–22, 149.
  14. ^ James G Lochtefeld 2002, පිටු අංකය: 208.
  15. ^ David Kinsley 1988, පිටු අංක: 106–108.

අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=දුර්ගා_දේවිය&oldid=544157" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි