Jump to content

විද්‍යාලෝක විද්‍යාලය

විකිපීඩියා වෙතින්
විද්‍යාලෝක විද්‍යාලය, ගාල්ල
logo of the vidyaloka college
ලාංඡනය
ස්ථානය
Map

ඛණ්ඩාංක6°02′05″N 80°13′00″E / 6.0348°N 80.2167°E / 6.0348; 80.2167
තොරතුරු
වර්ගයරජයේ ජාතික පාසලක්
ආදර්ශ පාඨයපාලි: සුඛෝ පඤ්ඤාය පටිලාභෝ
(ප්‍රඥාව ලැබීම සැපයකි)
ආරම්භ කලේ1941; වසර 85 කට පෙර (1941)
ආදිකර්තෘවැලිවිටියේ පුණ්‍යසාර හිමි
එච්. ඩබ්. අමරසූරිය
ශ්‍රේණි1 සිට 13 දක්වා
බාලක/බාලිකාබාලක
Age6 to 19
සිසුන් ගණන2900
වර්ණ(ය)ලෝහිත සහ සුදු         
අනුබැඳියබෞද්ධ
වෙබ් අඩවියvidyalokabcg.sch.lk

විද්‍යාලෝක විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රිකයේ ඇති පිරිමි පාසලකි. පාසල ආරම්භ කරන ලද්දේ 1941 ජනවාරි මස 14 වැනිදාය.

විද්‍යාලෝක විද්‍යාලය දකුණු පළාතේ හොඳම ක්‍රීඩා පාසලක් වන අතර විද්‍යාලයේ ක්‍රීඩා අතර මලල ක්‍රීඩා, කබඩි, බොක්සිං, චෙස්, ක්‍රිකට්, රග්බි, පාපන්දු, පිහිනුම්, වොලිබෝල්, මේස පන්දු, බැඩ්මින්ටන්, ජිම්නාස්ටික්, කැරම්, හොකී සහ කරාතේ ඇතුළත් වේ.

ක්‍රිකට්

[සංස්කරණය]

ගාලු මහිමයේ සටන යනු විද්‍යාලෝක විද්‍යාලය සහ ශාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර වාර්ෂික එක්දින ක්‍රිකට් තරඟයකි. මෙම තරගය ආරම්භ වූයේ 2019 දී ය.

2025 වන විට වාර්ෂික තරඟ පහක් ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමඟ පවත්වා ඇති අතර, එයින් ඇලොසියස් විදුහල තුන් වතාවක් ජයග්‍රහණය කර ඇති අතර, විද්‍යාලෝක විද්‍යාලය තවමත් ජයග්‍රහණය කර නොමැත. 2024 සහ 2025 දී, අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. මේ සමඟම, අවුරුදු 15 න් පහළ එක්දින තරඟයක් ද වාර්ෂිකව පවත්වනු ලැබේ. තරඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මීට පෙර, පාසල විසින් සෑම වසරකම පෙබරවාරි මාසයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මීපාවල අමරසූරිය විද්‍යාලයට එරෙහිව දින දෙකක තරඟයක් "මිතුරන්ගෙ සටන" ලෙස ක්‍රීඩා කරන ලදී.[1] මෙම විද්‍යාල දෙක අතර තරඟ 1998 දී ආරම්භ වූ අතර සියලුම තරඟ ජය පරාජයෙන් තොරව අවසන් විය. තරඟය 2012 දී අවසන් විය. [2]

  1. ^ https://www.pressreader.com/sri-lanka/daily-mirror-sri-lanka/20120223/294660527966963
  2. ^ https://www.pressreader.com/sri-lanka/daily-mirror-sri-lanka/20120223/294660527966963
"https://si.wikipedia.org/w/index.php?title=විද්‍යාලෝක_විද්‍යාලය&oldid=767634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි