මාර්ටින් වික්‍රමසිංහ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මාර්ටින් වික්‍රමසිංහ
උපත 1890 මැයි 29 වන දින
මරණය 1976 ජූලි 23වන දින
නාවල
මරණයට හේතුව රෝගී තත්ත්වයක්
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
වෘත්තිය නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි.
දෙමාපියන් ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි
වෙබ් අඩවිය මාර්ටින් වික්‍රමසිංහ නිල වෙබ් අඩවිය

මාර්ටින් වික්‍රමසිංහ (1890 මැයි 29 - 1976 ජූලි 23) වැදගත් ශ්‍රී ලාංකික නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි. සිංහල යථාර්ථවාදී නවනවකතාවේ පුරෝගාමියා ලෙස සැලකෙන වික්‍රමසිංහ, දකුණු ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයෙහි දී උපත ලැබී ය. ඔහු 'කොග්ගල ප්‍රාඥයා' යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබයි.

මුල් කාලය[සංස්කරණය]

මාර්ටින් වික්‍රමසිංහ 1890 මැයි 29 වන දිනදී ළමාහේවගේ දොන් බස්තියන් සිල්වා (පසුකාලීනව දොන් බස්තියන් වික්‍රමසිංහ යන නමින් හඳුන්වා තිබෙයි)[1][2] සහ මාගාල්ල බලපිටිය ලියනගේ නොච්චිහාමි යුවලගේ දස දෙනෙකුගෙන් යුතු පවුලේ එකම පිරිමි දරුවා ලෙස ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයේ දී උපත ලැබීය. කොග්ගල ග්‍රාමය එක් පැත්තකින් ගල් පරය කින්ද, අනෙක් පසින් කොග්ගල ඔයේ අතු ගංගාවන් විශාල ප්‍රමාණයකින් එකතුවන ජල ප්‍රවාහය විසින් නිර්මාණය කළ විශාල වැවකින්ද සමන්විත විය.මුහුද කුඩා දුපත් වලින් සමන්විත වූ වැව ශාක හා සතුන් ද පසෙකින් වූ වන ගහනයෙන් ද සුසැදි භූ දර්ශන මෙන් ම ගම්මානයේ ජනතාවගේ වෙනස්වන ජීවන ක්‍රම සහසංස්කෘතිය ඔහුගේ පසුකාලීන නිර්මාණ කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේ ය.

වයස අවුරුදු පහේදී වික්‍රමසිංහ සිය නිවසේ දී සහ ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් සිංහල අකුරු උගත්තේ ය. ඔහු දේවනාගරී අක්‍ෂර ද උගත් අතර හිතෝපදේශයේ පරිච්ජේද කටපාඩමින් කිවහැකි විය. අවුරුදු දෙකකට පසු ඔහුව ගමේ පාසලට ඇතුළත් කරනු ලැබූ අතර, ඔහු 1897 දක්වා එහි අධ්‍යාපනය ලැබීය. අනතුරුව ඔහුව ඔහුව ගාල්ලේ ඉංග්‍රීසි පාසලක් වූ බොනවිස්ටා විද්‍යාලයට ඇතුළත් කෙරිණි. එහි අධ්‍යාපනය ලැබූ වසර දෙක තුළ වික්‍රමසිංහ ඉංග්‍රීසි මෙන් ම ලතින් භාෂාවද ව්‍යක්ත ලෙස හැසිරවීමට උගත්තේ ය. ඔහුගේ පියා මියයාමෙන් අනතුරුව ඔහු නැවතත් අහංගම පිහිටි සිංහල පාසලට ඇතුළත් කරනු ලැබූ අතර, එහි දී ඉගෙනීම කෙරෙහි වූ ඔහුගේ උනන්දුව වියැකී ගියේය.

නිර්මාණකරුවා සහ පුරෝගාමී විචාරකයා[සංස්කරණය]

වික්‍රමසිංහ සිය සාහිත්‍ය ජීවිතය ආරම්භ කළේ ලීලා(1914) නවකථාව සහ සාහිත්‍ය විචාර ලිපි සංග්‍රහයක් වූ ශාස්ත්‍රීය ලේඛන (1919) යන කෘතීන් එළිදක්වමිනි. ඒ කාළයේදීම සිංහල සාහිත්‍යයේ ප්‍රමිතීන් ඉහල නැංවීම සඳහා වූ ව්‍යාපාරයක් ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අතර එම අරමුණින් සම්පාදිත සාහිත්‍යෝදය කතා (1932) විචාර ලිපි (1941) ගුත්තිල ගීතය (1943) සිංහල සාහිත්‍යයේ නැගීම (1946) වැනි කෘතීන් තුලින් ඔහු උත්සාහ කළේ සාම්ප්‍රදායික සාහිත්‍ය උරුමය ඉන්දියානු සහ බටහිර සාහිත්‍ය විචාර සම්ප්‍රදායන් සංකලනය කිරීමෙන් නිර්මාණය කළ සාහිත්‍යමය මිනුම් දඬු යොදාගනිමින් තක්සේරු කිරීමයි.

1940 ගණන් පුරාවටම වික්‍රමසිංහ සාහිත්‍ය විචාරකයකුගේ භූමිකාව මෙන්ම නිර්මාණාත්මක රචකයෙකුගේ භූමිකාව ද ඉටු කළේය. අන්තර්ගතය සහ තාක්‍ෂණය අතින් නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකථාවන් සමග සැසඳිය හැකි ප්‍රථම සිංහල නවකථාව වන්නේ 1944 දී පළවූ වික්‍රමසිංහගේ ගම්පෙරළිය යි. නූතනත්වය වෙතින් එල්ලවන පීඩනය හමුවේ සාම්ප්‍රදායික ගම කඩාහැලෙන ආකාරය ඉන් නිරූපණය විය. ගමේ සාම්ප්‍රදායික ආර්ථික හා සමාජ ව්‍යුහය වාණිජකරණය වූ නගරය විසින් ක්‍රමයෙන් ආදේශ කරනු ලැබීම නිරූපණය කිරීම සඳහා දකුණේ ගමක සාර්ථක පවුලක කථාන්තරයක් යොදාගැනිණ.

වික්‍රමසිංහ විසින් පසුව ගම්පෙරළිය(1944),යුගාන්තය (1948) සහ කලියුගය (1957) තුන් ඈඳුතු නවකථාවක් නිර්මාණය කරනු ලැබිණ. සාම්ප්‍රදායික ජීවිතය ගරාවැටීමෙන් අනතුරුව නාගරික පදනමක් සහ ව්‍යාපාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් ඒ සමඟ සිදුවන කම්කරු ව්‍යාපාරයේ සහ සමාජවාදී දර්ශනයේ ආරම්භයත් අවසානයේ නව සාමාජ පිළිවෙළක් පිළිබඳ අපේක්‍ෂාවත් මෙම නවකථා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කෙරිණ.

50 දශකයේ මුල්භාගයේදී සාහිත්‍ය විචාරයේ වර්ධනයත් සමග වික්‍රමසිංහ, සාහිත්‍ය කලාව (1950) සහ කාව්‍ය විචාර (1954) නම් කෘති දෙක රචනා කරන ලදී. වික්‍රමසිංහගේ විශිෂ්ඨතම කෘතිය වූ විරාගය 1956 දී ප්‍රකාශයට පත් කෙරිණ. එහි තේමාවේ සුවිශේෂීත්වය සහ එහි ශිල්ප ක්‍රමයේ සංකීර්ණත්වය හේතුකොටගෙන එය සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ විශිෂ්ඨතම නිර්මාණය ලෙසින් සැලකෙයි. සාම්ප්‍රදායික බෞද්ධ නිවසක හැදී වැඩුණු සිංහල තරණයකු සමාජය නූතනකරණය වීම තුළ සංකීර්ණත්වයට පත්වූ වැඩිහිටි ජීවිතය සහ ඒ සමග එන වගකීම් හේතුවෙන් නිර්මාණය වන්නාවූ ගැටළු සහගත තත්වය ඉන් නිරූපිත ය. මෙහිදී කාලානුක්‍රමික පිළිවෙළකට නොව ප්‍රති-වීරයා විසින් ලියන ලද උපස්ථිතිවාදී ග්‍රන්ථාලංකාරයක් ලෙසින් ප්‍රථම පුරුෂ ආඛ්‍යාතයෙන් මෙම කෘතිය රචනා වී ඇත. මෙම කෘතියෙන් ඇතිවූ පෙළැඹුම මත විවිධ නවකථාකරුවන් අතින් මෙවැනි කෘතීන් රැසක් ම පසුව බිහිවූ නමුත් විරාගය ඒ සියල්ලට ම ඉහළින් විශිෂ්ඨ ස්ථානයක වැජඹෙයි.

නවකතා[සංස්කරණය]

  • ලීලා(1914)
  • සෝමා(1920)
  • ඓරාංගනි(1923)
  • සිතා(1923)
  • බවතරණය(1973)
  • මිරිගු දිය(

කෙටිකතා[සංස්කරණය]

  • ගැහැනියක්
  • බිල්ල සහ අපූරු මුහුණ

ජීවිතය ඇසුරින්[සංස්කරණය]

  • කළුනික සෙවීම

ජීව විද්‍යාත්මක ග්‍රන්ථ[සංස්කරණය]

  • සත්ත්ව සන්තතිය

පාඨශාලා පොත්.........

  • සාහිත්‍ය ශික්ෂා

ආආඅ

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මාර්ටින්_වික්‍රමසිංහ&oldid=408840" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි