රිච්මන්ඩ් විද්‍යාලය

විකිපීඩියා වෙතින්
රිච්මන්ඩ් විද්‍යාලය
ගොනුව:Richmond College Crest.jpg
නිළ ලාංඡනය
Nisi dominus frustra
All is in vain without the Lord

අර්ථය: "දෙවියන් වහන්සේ නොමැති සියල්ල නිෂ්ඵල වේ"
Location
ගාල්ල
 ශ්‍රී ලංකාව
තොරතුරු
වර්ගය රජයට පවරාදුන් පාසලකි
ස්ථාපිත 1814
විදුහල්පති ඩබ්. පී. නිලූක දිල්රුක් වීරසිංහ[1]
වසර ප්‍රාථමික අංශයේ සිට අ.පො.ස. උසස් පෙළ දක්වා
ලිංගය බාලක
වයස 6 to 19
සිසුන් 5000
පාසල් වර්ණ Maroon, Electric Blue, Navy Blue

            

වෙබ් අඩවිය

රිච්මන්ඩ් විද්‍යාලය ශ්‍රී ලංකාවේ, ගාල්ලෙහි පිහිටි ප්‍රාථමික සහ ද්විතියික යන අංශ ද්විත්වයෙන්ම යුතු පාසැලකි. අද වන විට රිචිමන්ඩ් විද්‍යාලය ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම පාසැල් ගොන්නෙහි ප්‍රමුඛ ස්ථානයකට හිමිකම් කියයි. තම දෙවන සියවස ගතකරමින් සිටින රිච්මන්ඩ් විද්‍යාලය බිහිකල ලෝ පතල පුද්ගලයන් බොහෝය.

ඉතිහාසය

ආරම්භය

ක්‍රි.ව. 1814 දී ලංකාවේ හා ආසියාවේ පළමු මෙතෝදිස්ත පාසැල ලෙස උපත ලැබීය. 1876 මැයි මස මෙම විද්‍යාලය ගාලු අග්‍ර පාසල ලෙස උසස් කිරීම සිදු විය. ක්‍රි.ව. 1882 දී රිච්මන්ඩ් විද්‍යාලය ලෙස නැවත නම් ලැබූ අතර (එංගලන්තයේ මෙතොදිස්ථ සභාවේ අනුමැතියෙන්) රිච්මන්ඩ් විද්‍යාලය පිහිටි කඳු ගැටය රිච්මන්ඩ් කන්ද ලෙස නම් ලැබීය.

ආදී කතෘන්

පළමු පාසලේ ආදී කතෘ වන්නේ බෙන්ජමින් ක්ලෆ් දේව ගැතිතුමය. ගාලු අග්‍ර පාසලේ විද්‍යාලයේ ආදි කතෘ වන්නේ ජෝර්ජ් බෝ දේව ගැතිතුමාය. ජේ. එච්. ඩැරල් දේව ගැතිතුමා විසින් විද්‍යාලයේ විෂය නිර්දේශය සැකසීමට මහත් වෙහෙසක් ගත් අතර විද්‍යාලය පුරා එවකට පැතිරුණු වසංගත රෝගයෙන් (ටයිපොයිඩ් උණ) පීඩා විඳි සිසුන් හට උපස්ථාන කරන අතරතුර එම රෝගයටම ගොදුරු වී මිය ගියේය. ස්මෝල් දේව ගැතිතුමා සලකනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ගණිතයේ පියා ලෙසය. විද්‍යාලයේ පළමු ශ්‍රී ලාංකික විදුහල් පති තුමා වූයේ ඊ. ආර්. ඩි සිල්වා මැති තුමාය. ඔහු ස්මෝල් දේව ගැතිතුමා ගේ ශිෂ්‍යයෙකු විය. ඩී.ජී. වැලිකල මැතිතුමා විද්‍යාලයේ පළමු බෞද්ධ විදුහල්පති විය.

කැපී පෙනෙන ආදි සිසුන්

  • මහින්ද රාජපක්ෂ - හිටපු ජනාධිපති හා නීතීඥ සම්මාන ආචාර්ය
  • ආචාර්ය විජයානන්ද දහනායක - දකුණෙන් බිහිවූ මුල්ම අගමැති
  • ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර - නිදහස් අධ්‍යාපනයේ පියා
  • ඩී ඒ රාජපක්ෂ - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
  • ආචාර්ය ඩබ්ලිව් ඒ ද සිල්වා - හිටපු සෞඛ්‍ය ඇමති
  • ශ්‍රීමත් සිරිල් ද සොයිසා - හිටපු සෙනෙට් සභාපති
  • ඩී එම් රාජපක්ෂ - හිටපු මන්ත්‍රී
  • ජෝර්ජ් රාජපක්ෂ - හිටපු මන්ත්‍රී
  • ලක්ෂ්මන් රාජපක්ෂ - හිටපු මන්ත්‍රී
  • පී ද එස් කුලරත්න - අධ්‍යාපනඥ
  • එල් එච් මෙත්තනන්ද - අධ්‍යාපනඥ
  • මේජර් මොන්ටිගු ජයවික්‍රම - හිටපු මන්ත්‍රී

වර්තමානය

ශිෂ්‍යයන්

දැනට විද්‍යාලයේ ශිෂ්‍යයන් 5000 ක් පමණ ඉගෙනුම ලබයි.

අධ්‍යාපනය

ක්‍රීඩා කටයුතු

බැඩ්මින්ටන්

ක්‍රිකට්

දකුණු ලක ආදරවන්තයින්ගේ සටන යන විරුදාවලිය ලද වාර්ෂික ක්‍රිකට් තරගාවලියෙහි එක් පාර්ශවයක් වන්නේ රිච්මන්ඩ් විද්‍යාලයයි. අනෙක් පාර්ශ්වය වන්නේ ගාල්ලේ මහින්ද විද්‍යාලයයි. 2013 වර්ෂය වන විට වාර්ෂික විද්‍යාලන්තර තරග 108 පවත්වා ඇත. රිච්මන්ඩ් විද්‍යාලය තරග 23 ක් ද මහින්ද විද්‍යාලය තරග 21 බැගින් ජයග්‍රහණය කර ඇත

පිහිනුම්

පා පන්දු

දැල් පන්දු

චෙස්

බේස් ‍බෝල

හොකී

රගර්

පහසුකම්

දැනට පවතින එෛතිහාසික වටිනාකමින් යුත් දෑ

විද්‍යාලයේ ප්‍රධාන ශාලාව

විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලය

විද්‍යාලයේ ප‍්‍රධාන නේවාසිකාගාරය

ප්‍රධාන පාලකයෙක් ලෙස සුප්‍රසිද්ධ නිශේධ වාදියෙකු වූ ඒබ්‍රහම් මෙහි හොල්මන් තිබූ බවට වූ මතයන් ප්‍රතික්ෂේප කිරීමට එතුමා මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළ බව පැවසේ.

විද්‍යාලයේ පල්ලිය

බාලදක්ෂ ගෘහය

පැරකුම්බා ප්‍රතිමාව

ගුරුවරයා සහ ගෝලයා ප්‍රතිමාව

පාසල් ගීය (සිංහල)

පෙම්බර රිච්මන්ඩ් මෑණියනි
ගයනෙමු ඔබෙ ගුණ භක්තියෙනි
ඔබ සේයා අප හදෙහි ඇඳී
පුන්සද විලස දිලේ

සැම දුක සැප යස අයසෙහිදී
ඉන්නෙමු තුරුලේ ඔබේ
යුක්තිය සත්‍යය වෙතට නැමී
ලෝ වැඩ සදමු අපේ

උතුම් ඔබේ නම මනෝහරයි
මිහිරියි සොඳුරුයි අමාරසයි
වික්මැති ඔබ නිති සැරදේවා
රිච්මන්ඩ් නාමය බැබලේවා

ගණිත මිණිත නෙක ශිල්ප කලා
නව විද්‍යා ඇත දියුණු වෙලා
සිසු කැල හට දෙනු මැනවි බෙදා
රිච්මන්ඩ් මෑණියනි

උතුම් ඔබේ නම......

ආශ්‍රිත

  1. ඇඩ්මිනිස්ට්‍රේෂන්. රිච්මන්ඩ් විද්‍යාලය.
"https://si.wikipedia.org/w/index.php?title=රිච්මන්ඩ්_විද්‍යාලය&oldid=589155" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි