විජයානන්ද දහනායක

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
විජයානන්ද දහනායක

පාසලෙහි ගත කළ අවදිය[සංස්කරණය]

වර්ෂ 1902 ඔක්තෝම්බර් මස විසිවැනිදා උපත ලද විජයානන්ද දහනායක මූලික අධ්‍යාපනය ලැබුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙනි. අනතුරුව 1917 දී කේම්බ්‍රිජ් ජුනියර් විභාගයට පෙනී සිට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කේම්බ්‍රිජ් ජුනියර් විභාගය සමත් වී ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුලත් වූයේය.ඔහුගේ වඩාත් සිත් ගත්තේ ලතින් ගුරුවරයෙකු වූ සී වී පෙරේරා මහතා වේ. පසුව මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට ඇතුලත් වූ අතර ඔහුගේ මූලික අරමුණ වූයේ ගුරු තනතුරක් දැරීමයි. අනතුරුව විජයානන්ද කිංස්වුඩ්හි ගුරුවරයෙකු ලෙස තෙවසරක කාලයක් ගත කළ අතර සෑම විෂයක්ම පාහේ ඉගැන්වීමට සිදු විය.

Attack.jpg

යොවුන් විජයානන්දගේ විප්ලවකාරී සමය[සංස්කරණය]

කිංස්වුඩ්හි ගත කළ කාලය තුල ඔහුගේ භද්‍ර යෞවනත්වය ඉස්මතු වී පැමිණුන අතර ජීවිතයේ මුල් වරට ඔහුගේ සිත ඇදීගිය කාන්තා රුව මුන ගැසුනේ ද කිංස්වුඩ්හි ගත කළ කාලය තුලදීය.ඇය සයිමන් ද සිල්වාගේ දියණියක වූ රොනී ලීලාවතී ද සිල්වාය.පසුව ඔහු එම විද්‍යාලයෙන් සමු ගත් පසු ඔහුට ඇය හමු වූයේ නැත.තරුණ විජයානන්ද සිය සොහොයුරු සමග රජයේ ගුරු විදුහලෙහි ප්‍රවේශ විභාගය සමත් වී කොළඔ තර්ස්ටන් පාරේ ගුරු විදුහලට ඇතුළු වූහ.කුඩා කළ සිටම විප්ලවකාරයෙකු වූ ඔහු ඉංග්‍රීසි බසින් හා සිංහල බසින් කවි ලිවීමට සමතෙකු විය.එකල ඔහු ලියූ උපහාසාත්මක කවි පසු කාලයේ පාර්ලිමේන්තු‍වේ ගිගුම් දුන්නේය. විජයානන්දට මුල්ම පත්වීම බලපිටියේ සිද්ධාර්ථ විදුහලට ලැබුන අතර පසුව 1928 දී ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට පත්වීමක් ලැබ එහි සියළුම සිසුන් අතර ජනප්‍රියත්වයට පත් වූයේය.

"1933 දී"රුහුණු හඩ" නමින් පුවත්පතක් පළ කල ඔහු එහි කතුවරයා‍,සෝදු පත් කියවන්නා ,ප්‍රකාශකයා මෙන්ම බෙදාහරින්නා ද වූයේය.

"1935දී සූරිය මල් ව්‍යාපාරය ඔස්සේ බිහි වූ ලංකාවේ සමසමාජ පක්ෂය හා එහි නායකයන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ විජයානන්ගේ සිත තුල අධිරාජ්‍ය විරෝධී හැගීම් මතු වන්නට විය.එනිසාම එංගලන්තයේ ජෝර්ජ් රජුගේ මෞලි මංගල්‍යය වෙනුවෙන් විරෝධතාවය ප්‍රකාශ කිරීමට කළු කොඩියක් එසවූයේය. 1939දී වැඩි ජන්ද වලින් විජයානන්ද ගාල්ලේ ප්‍රථම නගරාධිපතිවරයා ලෙසත් ලක්දිව ප්‍රථම සිංහල බෞද්ධ නගරාධිපතිවරයා ලෙසත් තේරුණි.1942 දී සිරභාරයට ගත් විජයානන්ද‍යන් මාස කිහිපයකට පසු නිදහස් වී බිබිල අතුරු මැතිවරණයට ඉදිරිපත් වූයේය.මුලදී ඔහු පරාජය වුවද පසුව බිබිලේ මහජන මන්ත්‍රී ලෙස පත් විය.

ව්‍යවස්ථාදායක ජීවිතයේ වැදගත්ම අවදිය[සංස්කරණය]

Group photo.jpg

විජයානන්දගේ ව්‍යවස්ථාදායක ජිවිතයේ වැදගත්ම කාල පරිච්චේදය වූයේ 1944-1947 කාලයයි.ලංකා ව්‍යවස්ථාදායක ඉතිහාසයේ මෙන්ම වත්මන් පාර්ලිමේන්තු ඉතිහාසයේද එදා මෙදා තුර වාර්තාගත දීර්ඝතම කතාව කර ඇත්තේ ඔහුය.

"1947ප්‍රථම පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු 1952 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඔහු ඉදිරිපත් වූයේ නව ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙසිනි.කල් යත්ම ඔහු සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළ යුතුය යන ස්ථාවරයට නැඔුරු වී "භාෂා පෙරමුණ "නම් පෙරමුණක් සාදා ගෙන බණ්ඩාරනායක දේශපාලන‍ය සහිත මහජන එක්සත් පෙරමුණට හවුල් විය.

"1956 පැවති මහ මැතිවරණය වන විට විජයානන්ද එයට මහජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වී ගාල්ල අසුන ජය ගත්තේය.එපමණක් නොව ඔහු රජයේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස වැදගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළේය.ලක්දිව සෑම පාසල් දරුවෙකුටම දිවා කාලයේ බනිස් ගෙඩියක් හා කිරි වීදුරුවක් දීමට වැඩපිළිවෙලක් ඇරඔුවේය.එනිසාම ඔහුට ළමයින් "බනිස් මාමා "යන සුරතල් නමින් ඇමතීමට පටන් ගත්තේය.එසේම විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් දෙක විශ්ව විද්‍යාල බවට පත් කිරීමත් ගුරු විද්‍යාල පුහුණු කාලය තුල වැටුප් ගෙවීමත් සිදු වූයේ ඔහුගේ මැදිහත් වීමෙනි.

බණ්ඩාරනායක අගමැති තුමාගේ වියෝවින් පැය කිහිපයකට පසු විජයානන්ද දහනායක නිදහස් ලංකාවේ පස්වන අගමැති ලෙස ආණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක ඉදිරියේ දිවුරුම් දුන්නේය.අගමැති වීමත් සමග ඔහු හදිසි තත්වයක් රට පුරා ප්‍රකාශයට පත් කළ අතර ප්‍රවෘත්ති පාලනයක්ද පැනවූයේය.අනතුරුව දහනායක රජයේ ඇතුල හා පිටත අර්බුද වැඩිවන්නට විය.මාස කිහිපයකින් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ඔහු ශ්‍රී ලංකි නිදහස් පක්ෂයෙන් ඉවත් වී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමින් නව පක්ෂයක් බිහි කර ගත්තේය.ඔහු වෙත දැඩි විවේචන ගලා ආ අතර 1960 පැවති මැතිවරණයෙන් ඔහු පරාජයට පත් විය.

"1963 නොවැම්බර් 19 වැනි දින විජයානන්දට විද්‍යොදය විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී සාහිත්‍ය සූරී (D. Lit) සම්මාන උපාධිය පිරිනැමිණි.යළිත් 1965 පැවති මැතිවරණයෙන් ජයගත් විජයානන්දට ස්වදේශ ඇමති පදවිය පිරිනැමිණි.1970 මහ මැතිවරණයෙන් ඔහු ජය ගත්තද යළි 1977 මහ මැතිවරණයේදී ඔහු පරාජයට පත් විය.එමගින් පසුබට නොවූ විජයානන්ද ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට ගොස් තමා වෙනුවෙන් තර්ක කර දිනුවේය.1986 දී ජේ. ආර් ජයවර්ධන රජයේ සමුපකාර අමාත්‍ය පදවියට ඔහු පත් විය.

විජයානන්දගේ අවසාන සමය.[සංස්කරණය]

1944 සිට විජයානන්ද දහනායක නාමය නොමැතිව ව්‍යවස්ථාදායක‍ය නියෝජනය වූ අතර එය ඔහුගේ දේශපාලන සමුගැනීම විය.නමුදු ඔහු කිසි දිනක පොදු ජන ජීවිතයෙන් සමු නොගත්තේය.නාන කාමරයෙන් වැටී උකුල් ඇටයක් බිදී ඔත්පල වෙන තෙක්ම , ඔහු සිය හිතාදර ඡන්ද දායකයන්ගේ ඕනෑ එපාකම් සදහා සිය විශ්‍රාම වැටුප පවා ලබා දීමට මැලි නොවීය. සිය ජීවිත කාලය තුල විජයානන්දගේ සියළු ප්‍රමුඛතා දේශපාලනය පමණක් කර ගත් අතර අනූ පස් වසරක් ආයු වලදා 1997 මැයි මස හතර වැනිදා ජීවිතයෙන් සමු ගත්තේය.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=විජයානන්ද_දහනායක&oldid=444136" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි