මලාවි සමුහාණ්ඩුව

ආදර්ශ පාඨය | එකමුතුව සහ ස්වාධීනත්වය |
ජාතික ගීය | |
සිතියම | |
අගනුවර සහ විශාලම නගරය | ලිලොනියව් |
දකුණු අක්ෂාංශ 13° 57' නැගෙනහිර දේශාංශ 33° 42' | |
රාජ්‍ය භාෂාවන් | ඉංග්‍රීසි |
රාජ්‍ය | බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය |
ජනාධිපති | බින්ගු වා මුතරිකා |
අගමැති | ජෝවිස් ඔන්ඩා |
කථානායක | |
අගවිනිසුරු | |
නිදහස | එක්සත් රාජධානියේ සිට |
නිදහස ප්‍රකාශයට පත් කිරිම | ජුලි 06, 1964 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 118 484 |
වර්ග සැතපුම් 45 747 | |
ජලය (%) | 20.6% |
ජනගහනය | |
2009 තක්සේරුව | 15 028 757 |
2000 ජන සංගණනය | 9 933 868 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 128.8 |
වර්ග සැතපුම් 333.6 | |
දළ ජාතික නිෂ්පාදිතය | 2009 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 12.81 |
සාමාන්‍ය | ඩොලර් 900 |
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 4.268 |
සාමාන්‍ය | ඩොලර් 312 |
මානව සංවර්ධන දර්ශකය HDI (2007) | 0.457 (පහළ) |
මුදල් | ක්වචා |
මං තීරුව | වම |
අන්තර්ජාල TLD | mw |
දුරකථන සංකේත |
මලාවි සමුහාණ්ඩුව ගිණිකොණ අප්‍රිකාවේ පිහිටි රටකි. එහි මායිම් වන්නේ වයඹින් සැම්බියාව, ඊසානෙන් ටැන්සානියා, නැගෙනහිර, බටහිර හා දකුණින් මොසැම්බික්ය. මලාවි විලෙන් රට ටැන්සානියාවෙන් හා මොසැම්බික් රාජ්‍යයෙන් වෙන්ව ඇත. ජනගහනය 13,900,000 වන අතර වර්ග කි.මී. 118,000 (වර්ග සැතපුම් 45,560) වන අතර අගනුවර වන්නේ ලිලොන්ග්වේ හා විශාලතම නගරය බ්ලන්ටයර්ය. 10 වන ශතවර්ෂයේ මලාවි ජනාවාස වු අතර, 1891 වන තෙක් ස්වදේශී පාලනය යටතේ පැවැති අතර, බ්‍රිතාන්‍යයින් ජනාවාස කරගත් පසු එය 1964 වන තෙක් ඔවුන්ගේ යටතේ විය. නිදහසෙන් පසුව එය තනි පක්ෂ රාජ්‍යයන් වු අතර, 1994 වන තෙක් ජනාධිපති හස්ටින්ග්ස් බන්ඩා යටතේ විය. 2004 වර්ෂයේ ජනාධිපති වු බින්ගු මුතාරිනා එහි වර්තමාන ජනාධිපතිවරයාය. එහි ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ රාජ්‍යයන් තිබේ. මලාවියෙහි කුඩා හමුදාවන් තිබෙන අතර, එයට යුද, නාවික හා ගුවන් හමුදා අයත් වේ. එහි ඇති විදේශ ප්‍රතිපත්තිය බටහිරකරණය වූ ධනාත්මක රාජ්‍යතාන්ත්‍රියක් වන අතර එය නොයෙක් රටවල් හා විදේශ සංවිධාන අතර සබඳකම් පවත්වයි. මලාවි ලොව සුළු වශයෙන් සංවර්ධනය වු රටවල් අතර සිටින අතර ජනගහනය වැඩිම රටකි. කෘෂිකර්මය මත ආර්ථිකය තිබෙන අතර, ඔවුන්ට සංවර්ධන කටයුතුවලට බාහිර ආධාර බෙහෙවින් බලපායි. නමුත් 2000 වන විට මෙය තරමක් දුරට අඩු විය. මලාවි රාජ්‍ය මුහුණ දී තිබෙන අභියෝග නම් ආර්ථික වර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය හා පරිසර රැකවරණය හා ආර්ථිකව ස්වාධීනත්වය ලඟා කර ගැනීමයි. මලාවි 2005 සිට මේ සම්බන්ධව වැඩපිළිවෙළක් දියත් කර ඇත. 2007 – 2008 වර්ෂවල දියුණුවක් පෙන්වා ඇත. එහි ජිවිතාපේක්ෂා කාලය අඩු අතර, ඉහළ ළදරු මරණ අනුපාතයක් ඇත. එහි AIDS බහුලව ව්‍යාප්ත වන අතර, එය කම්කරු බලකාය, ස්වදේශී ජනතාව, ආසියානු හා යුරෝපියන් හා විවිධ භාෂාවන් කථා කරන හා විවිධ ආගම් අදහන ජාතීන් සිටියි. මලාවිහි පෙර ජනවාර්ගික ගැටුම් තිබු අතර, 2008 වන විට රට සංවර්ධනය කරා යමින් සිටි. මලාවි තුල ස්වදේශී සහ යටත්විජිත වැසියන්ගෙන් සමන්විත සංස්කෘතියක් ඇත. එයට ක්‍රීඩා, සෞන්දර්ය හා සංගීතය ඇතුලත් වේ.