නෙෆර්නෙෆරුආටන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(නෙෆර්නෙෆරුආටෙන් වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
නෙෆර්නෙෆරුආටන් නැමැති වෙනත් පුද්ගලයන් සඳහා, බලන්න නෙෆර්නෙෆරුආටන් (වක්‍රෝක්තිහරණය).

අන්ඛෙපෙරුරේ-මෙරි-නෙෆර්ඛෙපරුරේ/ -මෙරි-වේන්රේ/ -මෙරි-ආටන් නෙෆර්නෙෆරුආටන් යනු මෙරිටා‍ටන් රැජින හෝ බොහෝ විට නෙෆර්ටිටි රැජින හැඳින්වීම සඳහා යොදාගත් නාමයකි.

ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ අමර්ණ යුගය අවසානයේ පාරාවෝ ලෙස රාජ්‍ය පාලනය සිදුකළ කාන්තාවක් පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක හමුවී ඇත. ඇය කාන්තාවක බව සනාථ වන්නේ මෙහි නාමයේ ඇති ස්ත්‍රී ස්වරූපය සහ ඇගේ දෙවන කාර්ටුෂයේ ප්‍රභේදයක සඳහන් අඛෙට්-එන්-හ්යෙස් ("ඇගේ සැමියා කෙරෙහි ක්‍රියාකාරී") නැමැති විරුදය හේතුවෙනි.[1][2][3]

නමුත් ඇයව අන්ඛෙපෙරුරේ ස්මෙන්ඛ්කරේ-ඩ්ජෙසර් ඛෙපරු යන නාමය සහිත පිරිමි පාරාවෝවරයා සමග වරදවා වටහා නොගත යුතු ය. මේ පිරිමි පාරාවෝවරයා සතු විරුදයන් හෝ කාර්ටුෂයන් මෙතෙක් හමු වී නොමැත.

සාමාන්‍ය කාලානුක්‍රමය[සංස්කරණය]

2011 මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ[4] හොරෙම්හෙබ් පිළිබඳ පැවති සම්මන්ත්‍රණය අනුව, පසුකාලීන 18වන රාජවංශයේ කාලානුක්‍රමය පහත පරිදි වේ:

රජු ආසන්න වර්ෂ
අක්නාටන් වර්ෂ 17
අන්ඛෙපෙරුරේ-නෙෆර්නෙෆරුආටන් වර්ෂ 2+
අන්ඛෙපෙරුරේ ස්මෙන්ඛ්කරේ වර්ෂ 1–2
ටුටන්ඛාටන්/ටුටන්ඛාමන් වර්ෂ 10
ආයි වර්ෂ 3
හොරෙම්හෙබ් වර්ෂ 14

ස්මෙන්ඛ්කරේ සහ නෙෆර්ටිටිගේ අනුප්‍රාප්ති අනුපිළිවෙල පිළිබඳ විද්වතුන් පොදු එකඟත්වයකට පැමිණ නැත. ඔවුන්ගේ සමයයන්ට අයත් දින නිර්ණිත සාධක ඉතා ස්වල්පයක් හමුවී ඇති නමුත්, ඒවා අර්ථකථනය කරන ආකාරය අනුව එම පිළිවෙල වෙනස් විය හැක. 1845 සම්ප්‍රදායික කාලනිර්ණ ක්‍රමය මත පදනම්ව බොහෝ විශ්වකෝෂීය මූලාශ්‍ර සහ සිතියම් ස්මෙන්ඛ්කරේ අක්නාටන්ගෙන් පසුව සිහසුනට පත් වූ බව සඳහන් කරයි. තවත් සමහරු ස්මෙන්ඛ්කරේ සහ නෙෆර්නෙෆරුආටන් යනු එක් අයකුම බව තවමත් විශ්වාස කරති.

අක්නාටන්ගේ රාජ්‍ය සමයේ සිට ටුටන්ඛාටන්ගේ අනුප්‍රාප්තිය දක්වා වූ වසර 13ක කාලසීමාව බෙහෙවින් අපැහැදිළි ය. ස්මෙන්ඛ්කරේ සහ නෙෆර්නෙෆරුආටන්ගේ රාජ්‍ය සමයයන් ඉතා කෙටි වන අතර, එකල දේශපාලන සිදුවීම් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට තරම් එම කාලයන්ට අයත් ස්මාරක හෝ ශිලාලේඛනමය සාධක ප්‍රමාණවත් නොවේ. මීට අමතරව නෙෆර්නෙෆරුආටන්ගේ පුද්ගල නාමය හෙවත් සිහසුන් නාමය ස්මෙන්ඛ්කරේ විසින් ද භාවිතයට ගෙන ඇත. ඇගේ නාමය (හෝ උපන් නම) නෙෆර්ටිටි/නෙෆර්ටිටි-නෙෆර්නෙෆරුආටන් රැජිනගේ නාමයම වීම නිසාත් ඇගේ අනන්‍යතාව හඳුනාගැනීමේ දී ඇතැම් අවස්ථාවන්හි බෙහෙවින් අපහසුතාවන්ට ලක්වීමට සිදු වේ.

ඊජිප්තුවරුන් අමර්ණ රජවරුන් පිළිබඳ සාධක අනාගතයෙන් වසන් කිරීමට උත්සාහ දරා ඇත. නෙෆර්නෙෆරුආටන්ගේ අනුප්‍රාප්තික රජු ඇයට රජකුගේ භූමදානයක් ලබා දීම ප්‍රතික්ෂේප කොට ඇති බව පෙනේ. එසේම පසුව හොරෙම්හෙබ් රජ සමයේ සම්පූර්ණ අමර්ණ යුගයම පිළිකුලට භාජනය කෙරිණි. එහි දී අක්නාටන්‍ගේ සිට ආයි දක්වා අමර්ණ රජවරුන්ගේ නම් ඉතිහාසයෙන් මකා දමා ඇති අතර, එම රජවරුන්ගේ සම්පූර්ණ රාජ්‍ය සමයයන් හොරෙම්හෙබ්ගේ නාමයට ඇතුළත් කොට දක්වා ඇත. නමුත් ඉන් වසර 3300කට පසු වත්මන් විද්වතුන් සිදුවීම් එකිනෙක ගලපා ගනිමින් මකාදැමූ පාඨයන්හි කොටස් අනුසාරයෙන් ඉතිහාසය යළි ගොඩනැගීමට සමත්ව සිටිති.

පුරාවිද්‍යාත්මක සාධක අපැහැදිළි හෝ සැක කටයුතු හෙයින් නෙෆර්නෙෆරුආටන්ගේ නාමය, ලිංගය, අනන්‍යතාවය මෙන්ම එවන් රැජිනියක සිටියේද යන්න ඊජිප්තුවේදීන්ගේ මතභේදයට තුඩු දී ඇත. අනන්‍ය නාමයන් නොමැති වීම හේතුවෙන්, 1980 දශකයේ මුල්කාලයට පෙර ලියැවුණු ග්‍රන්ථ සහ ලිපිවල තොරතුරු ගැටලුකාරී වී ඇත. එකල "අන්ඛ්ඛෙපරුරේ" යන නාමය අන්තර්ගත භාණ්ඩ ස්මෙන්ඛ්කරේට අයත් යැයි දක්වා තිබීම එයට හේතුවයි. නමුත් එම භාණ්ඩය මේ පුද්ගලයන් දෙදෙනාගෙන් අයකුට අයත් වූවක් විය හැක.

මැනතෝ[සංස්කරණය]

මැනතෝ යනු ක්‍රි.පූ. තුන්වන සියවසේ ටොලමිවරුන්ගේ යු‍ගයේ සිටි පූජකවරයෙකි. ඔහු විසින් ලියන ලද "ඊජිප්තියානු ඉතිහාසය" ග්‍රන්ථයේ රජවරුන් රාජවංශ අනුව බෙදා දක්වා ඇත. මෙය පුරාතන ඊජිප්තුව කාලනිර්ණය කිරීමේ නූතන පිළිවෙතට ද පාදක විය. නමුත් වර්තමානය වන විට ඔහුගේ කෘතිය දක්නට නොමැති අතර, පසුකාලීන රචකයින් විසින් ඔහුගේ කෘතියේ කොටස් උපුටා දක්වා ඇති අවස්ථා පමණක් ශේෂ ව ඇත. අමර්ණ රජවරුන්ගේ නම් ඉතිහාසයෙන් මකා දමා ඇති හෙයින්, මේ පිළිබඳ තොරතුරු සඳහන් එකම පුරාතන වාර්තාව මැනතෝගේ වාර්තාවයි.

මැනතෝගේ විස්තරය නැමැති ඔහුගේ කෘතියේ සාරාංශය පසුකාලීන 18වන රාජවංශයේ අනුප්‍රාප්තිය මෙසේ දක්වයි. "අමෙනෝෆිස් වර්ෂ 30ක් සහ මාස 10ක්"[5] යනුවෙන් සඳහන් රජු බොහෝ විට IIIවන අමේනහොටෙප් බව පෙනේ. අනතුරුව "ඔහුගේ පුත් ඕරස් වර්ෂ 36ක් සහ මාස 5ක්" යනුවෙන් සඳහන් පාඨයේ නම හොරෙම්හෙබ්‍ගේ නාමය ඇසුරෙන් තැනුනක් බවත්, එහි රාජ්‍ය සමය සම්පූර්ණ අමර්ණ යුගයේම රාජ්‍ය සමය බවත් විශ්වාස කෙරේ. නමුත් ඇතැමුන් පවසන්නේ ඕරස් යනු අක්නාටන් බවයි.

ඕරස්ගෙන් පසු "ඔහුගේ දියණිය අචෙන්චෙරෙස් වර්ෂ 12ක් සහ මාස 1කුත්, අනතුරුව ඇගේ සොයුරු රතෝටිස් වර්ෂ 9කුත්" රාජ්‍ය පාලනය කළ බව සඳහන් වේ. ගැබෝල්ඩි අනුව මේ අචෙන්චෙරෙස් යනු අන්ඛ්ඛෙ‍පරුරේ ය.[6] ඔහු පවසන්නේ පිටපත් කිරීමේ වරදක් හේතුවෙන් වර්ෂ 2ක් සහ මාස 1ක කාලය, වර්ෂ 12 සහ මාස 1ක් බවට සඳහන්ව ඇති බවයි. (ඇෆ්‍රිකානස් සහ යුසේබියස් මේ තැනැත්තාගේ රාජ්‍ය සමය පිළිවෙලින් වර්ෂ 32 සහ 16 ලෙස දක්වති) බොහෝ දෙනකු එකඟ වන්නේ රතෝටිස් යනු ටුටන්ඛාමුන් බවයි. මේ අනුවථ මේ අනුව අනුප්‍රාප්තික අනුපිළිවෙල අනුව, අචෙන්චෙරෙස් යනු අන්ඛ්ඛෙපෙරුරේ බවට සාධක සපයයි. රතෝටිස්ගෙන් පසු "ඔහුගේ පුත් අචෙන්චෙරෙස් වර්ෂ 12ක් සහ මාස 5කුත්, ඔහුගේත් පුත් අචෙන්චෙරෙස් II වර්ෂ 12ක් සහ මාස 3කුත්"රාජ්‍ය පාලනය කළ බවට දැක්වෙන පාඨය[5] හේතුවෙන් ඉන් ඔබ්බට මැනතෝගේ වාර්තාව පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බව පෙනී යයි.

ප්‍රධාන සාක්ෂි[සංස්කරණය]

ස්මෙන්ඛ්ඛරේ සහ මෙරිටාටන්ගේ යැයි පැවසෙන කැටයමක්, නමුත් ඇතැම් විට මෙමගින් නිරූපණය වන්නේ ඔවුන් නොවිය හැක.

නෙෆර්නෙෆරුආටන් නැමැත්තියක සිටි බවටත්, ඇයගේ ස්ත්‍රී/පුරුෂ භාවයත්, අනන්‍යතාවත් පැහැදිළි කිරීමට දායක වන සාධක මෙසේ ය. මෙම වස්තූන් වර්තමානයේ නොයෙකුත් මතවාදයන්ට පාදක වී ඇත.

  • IIවන මෙරිරේගේ සොහොන්ගැබේ අන්ඛෙපෙරුරේ ස්මෙන්ඛ්කරේ-ඩ්ජෙසර්ඛෙපරු යන රජුගේ නාමය සඳහන්ව ඇති බව 1845 තරම් ඈත කාලයේ සිට දන්නා දෙයකි. එහි ඔහු සහ මහා රාජකීය බිරිඳ යන පදවිය දරන මෙරිටාටන් විසින් සොහොන්ගැබේ හිමිකරුට ත්‍යාගයක් පිරිනමනු නිරූපිත ය. මෙහි රජුගේ නාමය සහිත කොටස ඉවත් කොට තිබුණත්, එය ඉවත් කිරීමට පෙර 1850දී ලෙප්සියස් විසින් වාර්තා කොට ඇත.[7] මෙම සොහොන්ගැබෙහිම වෙනත් බිත්තියක, වෙනක් දසුනක් ඇති අතර, එහි රාජ්‍ය වර්ෂය 12ට අයත් ප්‍රකට රාජසභා දර්ශනය දක්නට ලැබේ.
  • ටුටන්ඛාමුන්ගේ සොහොන්ගැබෙන් හමු වූ කැල්සයිට් "ගෝලීය බඳුනක" අක්නාටන්ගේ සම්පූර්ණ ද්විත්ව කාර්ටුෂය සමග, ස්මෙන්ඛ්කරේගේ සම්පූර්ණ ද්විත්ව කාර්ටුෂය ද දක්වා ඇත. මේ නාමයන් දෙකම එකට සඳහන් එකම වස්තුව මෙයයි.[8]

මේ අනුව සහ-රාජ්‍යාධිකාරිවරුන් දෙපළක් සිටි බව පැහැදිළි වේ. කෙසේවුවත්, මෙරිරේගේ මෙරිරේගේ සොහොන්ගැබේ දර්ශනයෙහි දිනයන් සඳහන්ව නොමැති අතර, එහි අක්නාටන් පිළිබඳ සඳහනකුදු නැත. එසේම සොහොන්ගැබේ අයිතිකරුවා මියගිය දිනය හෝ ඔහු නව රජුට සේවය කළේ ද යන්න පිළිබඳව ද සනාථ කළ නොහැක. බඳුන මගින් හවුල් පාලනයක් පිළිබඳ අදහසක් ඇති වුවද, එය රජකු සිය නාමය සිය පූර්වප්තිකයාගේ නාමයට සම්බන්ධ කිරීමට ගත් උත්සාහයක් වන්නට ද හැක. මේ හෙයින් මෙම සරල සම්බන්ධතාවය මගින් හැමවිටම හවුල් පාලනයක් පිළිබඳ නිරූපණය වේ යැයි සිතිය නොහැක.[9] මේ යුගයේ බොහෝ කරුණු මෙන්ම මෙම කරුණ ද යෝජිත එකක් මිස, නිගමනයක් නොවේ.

ටුටන්ඛාමුන්ගේ සොහොන්ගැබෙන් හමු වූ කාටර් 001k නැමැති මංජුසාවේ සඳහන් ලේඛනය.
  • ස්මෙන්ඛ්කරේගේ යැයි පැහැදිළිව පැවසිය හැකි රූ දුරුලභ ය. IIවන මෙරිරේගේ සොහොන්ගැබේ කොනක දකුණුපසින් ඇති උද්‍යානයක සිටින අමර්ණ රජකු සහ රැජිනක නිරූපිත කැටයමේ ඔහු නිරූපණය වේ යැයි යෝජනා වී ඇත. මෙහි කිසිදු ලේඛනයක් ඇතුළත් නොවේ. නමුත් එම රූ ටුටන්ඛාමුන් සහ ඔහුගේ බිසවගේ මෙන් නොපෙනෙන නිසා මෙම රූප බොහෝ විට ස්මෙන්ඛ්කරේ සහ මෙරිටාටන්ගේ යැයි යෝජනා වී ඇත. නමුත් ඒවා අක්නාටන් සහ නෙෆර්ටිටිගේ යැයි පැවසුණු අදහස් ද ඇත.
  • තනි වයින් සටහනක 'වර්ෂය 1, ස්මෙන්ඛ්කරේගේ ගෘහයේ වයින්' යනුවෙන් සඳහන්ව ඇත. මෙමගින් ඔහුගේ කෙටි රාජ්‍ය සමය පිළිබඳ සාක්ෂි සපයයි.[10] ස්මෙන්ඛ්කරේගේ 1වන වර්ෂයට දින නිර්ණිත යැයි පැවසෙන 'ස්නේඛ්කරේ (මියගිය) ගේ ගෘහය' නැමැති පාඨය[11] මගින් ඔහු සිය පළමු වසරේ අස්වනු නෙළන සමයේ මියගිය බව හැඟ වේ. නමුත් මෑතක දී යෝජනා වී ඇත්තේ, ඉන් පැවසෙන්නේ ඔහුගේ අනුප්‍රාප්තිකයාගේ පළමුවන වර්ෂයේත්, ඔහුගේ වත්තේ වයින් නිපදවන බව ය.
  • හානියට පත් නොවූ ඔහුගේ නාමයෙන් වැඩි කොටසක් අන්තර්ගත මුදු කිහිපයක් හමු වී ඇත.[12] ඉන් එක් උදාහරණයක් නම් අංගය UC23800 නැමැති පෙට්‍ර‘ කෞතුකාගාරයේ ඇති මුදුවයි. මෙම මුදුවේ පැහැදිළිව "ඩ්ජෙසර්" සහ "ඛෙර්පරු" යන අක්ෂර සහ 'කා' සංකේතයේ කොටසක් හඳුනාගත හැක.
  • මීට පෙර ආසන්න වශයෙන් සම්පූර්ණ ස්මෙන්ඛ්කරේ රජු සහ මෙරිටාටන් මහා රාජකීය බිරිඳගේ නාමය අන්තර්ගත රේඛා සටහන් අන්තර්ගත ගල් කුට්ටියක් පිළිබඳ වාර්තා විය. නමුත් වර්තමානයේ එම ගල් කුට්ටිය දක්නට නැත.

ටුටන්ඛාමුන්ගේ සොහොන්ගැබේ (KV62) ඇති වස්තූන් ගණනාවක්ම මුලින් නෙෆර්නෙෆරුආටන් වෙනුවෙන් නිර්මාණය කළ ඒවා වේ මේ අතර කාටර් 261p(1) නැමැති නුට් දෙවඟන නිරූපිත වටිනා රන් ආභරණයක් ද වේ. සෙසු අංග අතර, ශෛලමය මිනීපෙට්ටිය, මමී දැවටුම්, රාජකීය කුඩා ප්‍රතිමා; කැනපික් අංග (අල්මාරි,කුඩා මිනීපෙට්ටි සහ බඳුන්වල මූඩි), විවිධ අත් පළඳනා මෙන්ම ෂැබ්ටි රූප පවා වේ. ශෛලිය මත පදනම්ව, නාමයක් අන්තර්ගත නොවූ ඇතැම් භාණ්ඩ මුලින් කාන්තාවක සඳහා නිමකළ ඒවා බව විශ්වාස කෙරේ. 2001 සිට ඊජිප්තුවේදියකු වන නිකොලස් රීවස් විසින් සිදුකළ පර්යේෂණයකින් පෙනී ගොස් ඇත්තේ සුප්‍රකට රන් වෙස්මුහුණ පවා මුලින් නෙෆර්නෙෆරුආටන් රැජින වෙනුවෙන් නිමවූවක් බවයි. ටුටන්ඛාමුන්ගේ මෙම අවමංගල වෙස්මුහුණේ ඇගේ රාජකීය නාමය වන අන්ඛ්ඛෙපෙරුරේ යන්න සඳහන් කාර්ටුෂයක් අර්ධව මකා තිබිය දී හමු විය.[13][14]

  • ස්මෙන්ඛ්කරේගේ නම්කළ නිරූපණයන් දුලබ වුවත්, නෙෆර්නෙෆරුආටන් සඳහා කිසිදු නම්කළ නිරූපණයක් හමුව නැත.
  • වැදගත් පුරාවිද්‍යාත්මක සාක්ෂියක් වන මංජුසාවක (කාටර් 001k) (සැබැවින්ම, එහි දිගු කැබැල්ලක) පහත පාඨය සටහන් කොට ඇත:

ඉහළ සහ පහළ ඊජිප්තුවේ රජ, සත්‍යයෙන් දිවි ගෙවන, භූමි ද්විත්වයෙහි අධිපති, නෙෆර්ඛෙපෙරුරේ-වේන්රේ
රේගේ පුත්, සත්‍යයෙන් දිවිගෙවන, කිරුළට අධිපති, අක්නාටන්, ඔහුගේ සමයේ ශ්‍රේෂ්ඨ වූ
ඉහළ සහ පහළ ඊජිප්තුවේ රජ, භූමි ද්විත්‍වයෙහි අධිපති, අන්‍ඛ්ඛෙපෙරුරේ මෙරි-නෙෆර්ඛෙපෙරේ
රේගේ පුත්, කිරුළට අධිපති, නෙෆර්නෙෆරුආටන් මෙරි-වේන්රේ
මහා රාජකීය භාර්යා, මෙරිටාටන්, ඇය සදා වැජඹේවා.

  • නෙෆර්නෙෆරුආටන් පිළිබඳ සනාථ කරන වඩාත් ස්ථිර ශිලාලේඛනය පායිරිගේ සොහොන්ගැබෙන් (TT139) හමු වූ පූජකයන් පිළිබඳ ශිලාලේඛනයකි:

රාජ්‍ය වර්ෂය 3, ජලගැලුම් තෙවන මාසයේ, 10වන දිනය. ඉහළ සහ පහළ ඊජිප්තුවේ රජ, භූමි ද්විත්වයෙහි අධිපති අන්ඛ්ඛෙපෙරුරේ ආටන්ගේ ප්‍රියතමයා, රේගේ පුත්‍ර නෙෆර්නෙෆරුආටන්, වේන්රේගේ ප්‍රියයා. අමුන්ට වන්දනා කිරීමෙන්, තීබ්ස්හි අන්ඛ්ඛෙපෙරුරේගේ මාලිග [දෙවොලේ], යොටෙෆ්සෙනෙබ්ට උපන්, ගිහි පූජක, අමුන්ගේ දිව්‍යමය පූජාවන්ගේ ලේකම් වෙනෙන්නෙෆර් සඳහා භූමිය සිප ගන්නා පාවාහ් විසිනි. ඔහු මෙසේ පවසයි:

"මාගේ පැතුම ඔබව දැකුමයි, පර්සියා වෘක්ෂන්ගේ අධිපතිඳුනි! ආහර නොගෙන තෘප්ත වන, පානයන් නොගැනීමෙන් පවා බීමත් වන ඔබගේ ග්‍රීවය උතුරු සුළඟ විසින් රැගෙන යත්වා. මාගේ පැතුම ඔබ දෙස බලා සිටීමයි. එමගින් මාගේ හදවන පිනා යයි. අමුන්, දිළින්දන්ගේ ආරක්ෂකයාණෙනි: ඔබ මව නැත්තවුන්ගේ පියායි. වැන්දඹුවගේ සැමියායි. ඔබගේ නාමයේ උච්චාරණය පවා මිහිරි ය: එය දිවියේ රසය වැනියි . . . [යනාදී.]
"අප වෙත යළි පැමිණෙන්න, චිර පැවැත්මේ අධිපතිඳුනි. අනෙක් සෑම දෙයක්ම ජීවීත්වයට පත්වීමට පෙර ඔබ මෙහි සිටියේ ය. ඒ ‍දෑ මෙහි නොමැති විට ඔබ මෙහි හිඳීවි. ඔබ මා හට අඳුර දැක්මට අවස්ථා සලසා දුණි. මා හට ඔබව දැකගැනීමට මා වෙනුවෙන් එළිය ගෙනෙන්න . . .
"අමුන් දෙවිඳුනි, ගවේෂණය කිරීමෙන් හඳුනාගත හැකි මහා අධිපතිඳුනි, බිය පලවා හරිනු මැනවි! ජනතාවගේ හද තුළ ප්‍රීතිය ඇතිකරනු මැනවි. ඔබව දකින තැනැත්තා ප්‍රීතියට පත්වන්නේ ය. අමුන් දෙවිඳුනි: ඔහු සෑම දිනකම උත්සවශ්‍රීයෙන් දිවි ගෙවයි!"
අන්ඛ්ඛෙපෙරුරේගේ මාලිගයේ අමුන් දෙවොලේ ගිහි පූජක සහ ලියන්නාගේ කා යොටෙෆ්සෙනෙබ්ට දාව පාවාහ් උපත ලැබී ය: "ඔබගේ කා වෙනුවන්! ඔබගේ නගරවැසියන් සමග යහපත් දිනයක් ගත කරන්න." ඔහුගේ සොයුරු, අන්ඛ්ඛෙපෙරුරේගේ මැදුරේ දළ සැලසුම්ශිල්පී බැචේ.[15]

නිකොලස් රීවස් පායිරිගේ සොහොන්ගැබේ පාවාහ් විසින් ලියවන ලද වර්ෂය 3ට අයත් ශිලාලේඛනය පිළිබඳ මෙසේ නිගමනය කරයි:

"මෙම කුරුටු ලිපියෙහි අප දකින දෙය නම්... මෙය අධෛර්යයට පත්කළ අමුන් පූජකවරය පිළිබඳ බවයි. මීට මෑතකදී සිදු වූ [අක්නාටන්ගේ] [ආගමික] හිංසනයෙන් පසු, එය යළි නිල වශයෙන් ක්‍රියාත්මක වීමට පටන්ග‍ත්තේ ය. පුදුමයට කරුණ එය මේ අන්‍ය දෘෂ්ටික සහ-පාලකයාගේ මතකාගාර දේවස්ථානයේම ආරම්භ වීමයි. අමර්ණ විප්ලවය පැහැදිළිව නව මානයන් කරා එළැඹ තිබිණි. ඇතැම්විට භූමියේ අධිකාරී බලය ඒ වන විට අක්නාට‍න්ගේ අතේ නොව ඔහුගේ අභිරහස් සහ-පාලකයාගේ අතේ රැඳුණු නිසා විය හැකියි. මේ සහ-පාලකයා අන්ඛ්ඛෙපෙරුරේ නෙෆර්නෙෆරුආටන් විය. ඇය තරමක් මෘදු ප්‍රතිපත්තියක්" අමුන් පූජකවරය පිළිබඳ අනුගමනය කරන්න‍ට ඇති බව පෙනේ.[16]

මේ නිසා, අමුන් පූජකවරුන්ට අවකාශය සලසා දී, අමුන් වන්දනාව යළි ස්ථාපනය කළ පළමු අමර්ණ යුගයේ පාලකයා මුලින් සිතූ පරිදි ටුටන්ඛාමුන් නොව නෙෆර්නෙෆරුආටන් වන්නට ඇත. ඇගේ මතකාගාර දේවස්ථානය අමුන් පූජකවරුන්ගේ ආගමික අගනගරය වූ තීබ්ස්හි පිහිටා තිබූ බැවින්, අමුන් පූජකවරුන් එය තුළ සේවය කරන්නට ඇත. කෙසේනමුත්, ඊජිප්තුවේ දේශපාලන පරිපාලනය නෙෆර්නෙෆරුආටන්ගේ සමයේ තවමත් තීබ්ස්වල නොව අමර්ණ නගරය කේන්ද්‍රකොට පැවතිණි.

කාන්තා රජ[සංස්කරණය]

දකුණු පසින් දිවියකු මත නැඟි පාරාවෝ රුවක් නිරූපිත කුඩා ප්‍රතිමාවක් වේ. කාන්තා ලක්ෂණවලින් යුත් මෙය ඊජිප්තු කෞතුකාගාරයේ ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබේ ප්‍රතිෂ්ඨාපනය කොට ඇත.

ඇතැම් පිළිගත් අර්ථ නිරූපණ අනුව, ස්මෙන්ඛ්කරේ, අන්ඛ්ඛෙපෙරුරේ යන සිංහාසන නාමයෙන් යුතුව අක්නාටන් රජු සමග 15වන වර්ෂයේ සිට ආරම්භ වූ හවුල් පාලනයක් ගෙනගිය බවට මතයක් ඉදිරිපත්ව ඇත. ඒ අනුව ඔහු තනි පාලනය අතට ගෙන, සිය නාමය අන්ඛ්ඛෙපෙරුරනෛෆර්නෙෆරුආටන් ලෙස වෙනස් කරගන්නට ඇත. මීට සමාන්තර මතයක් අනුව, නෙෆරුනෙෆරුආටන් යනු නෙෆර්ටිටි රැජිනයි. ඇතැම් මතයන් අනුව ඇය ස්මෙන්ඛ්ඛරේ යන නාමය ආරූඪ කොට ගෙන පුරුෂයකු මෙන් රාජ්‍ය පාලනය කළ බව පැවසේ.

1970 දශකයේ මුල්කාලයේ ඉංග්‍රීසි ජාතික ඊජිප්තුවේදියකු වූ ජෝන් හැරිස් විසින් ලිපි මාලාවක් ප්‍රකාශයට පත්කරන තෙක්ම ඉහත පරිදි වාදවිවාද පැවතිණි[17] එමගින් ඔහු ප්‍රකාශයට පත්කළේ පළමු කාර්ටුෂයෙහි අන්තර්ගත ප්‍රභේදය මගින් ස්ත්‍රී ලක්ෂණ පිළිබිඹු වන බවයි. මේ සඳහා සම්බන්ධ වන ටුටන්ඛාමුන්ගේ සොහොන්ගැබෙන් හමුවූ කුඩා ප්‍රතිමාවක් ද ගෙනහැර දක්වා ඇත.[18] මෙහි රජකු නිරූපිත අතර, එහි පෙනුම කාන්තාවකගේ මෙනි. අමර්ණ කලාවේ පවා රජවරුන් උභයලිංගික ස්වරූපයෙන් දක්වා තිබේ. රජකු සහ තවත් අයකු —බොහෝ විට රජකුගේ කිරුළක් පැළඳ සිටින— සමීපව සිටින අයුරු නිරූපිත ශිලාස්තම්භ කිහිපයක් ද හමුව ඇත. ඒ සියල්ල අසම්පූර්ණ හෝ ලේඛන රහිත ඒවායි. තවත් සමහරක් විකෘති කොට ඇත. මේ අතර පහත දෑ අන්තර්ගත වේ:

  • නිම නොකළ ශිලාස්තම්භයක (#17813, බර්ලින්) රාජකීය රූප ද්විත්වයක් හුරුපුරුදු නමුත් ඉතා සමීපව නොසිටින විලාසයකින් කැටයම් කොට ඇත. එක් රූපයක් ද්විත්ව කිරුළ පැළඳ සිටින අතර, අනෙක් රුව නෙෆර්ටිටි උඩුකය ප්‍රතිමාවේ ඇති ශීර්ෂ පළඳනාවට සමාන නමුත්, රජුන් පළඳින ඛෙප්‍රෙෂයක් හෙවත් "නිල් කිරුළක්" පැළඳ සිටියි.
ඒඩන් ඩොඩ්සන් පවසන්නේ මෙහි කිරුළේ ස්වරූපය අනුව නෙෆර්ටිටි රැජින සහපාලකයකු වැනි තත්ත්වයක් උසුලා ඇති නමුත්, නමුත් ද්විත්ව කාර්ටුෂය සහිත සම්පූර්ණ පාරාවෝ ගෞරව නාමයක් උසුලා නොමැති බවත් ය.
  • බර්ලින් 25574 කෞතුකාංගයේ අක්නාටන් සහ මුදුන පැතලි ශීර්ෂාවරණය පැළඳි නෙෆර්ටිටිගේ රුව පැහැදිළිව හඳුනාගත හැක. ඔවුනගේ පසෙකින් රජවරුන්‍ දෙදෙනකුගේ නම් යෙදීමට තරම් ප්‍රමාණවත් හිස් කාර්ටුෂයන් සතරක් වේ. ඉන් එකක් පසුව එබ්බවා ඇති බව පෙනී යයි.
නෙෆර්ටිටි යැයි සිතිය හැකි රැජිනක පාරාවෝවරුන්ගේ නිල් කිරුළ පැළඳ, සෙනෙහසින් යුතුව අක්නාටන්ට ජලය වත්කරන අයුරු, ඒජිප්ටිස්කස් මියුසියම් අන්ඩ් පැපිරසැම්ලුං, ඇල්ටෙස් කෞතුකාගාරය, බර්ලින්
නෙෆර්ටිටි පිළිබඳ ගැටලුව විසඳීමට මෙය වැදගත් අංගයක් ලෙස රීවස් දකියි. මෙම ශිලා ස්තම්භය නිර්මාණය ආරම්භ කරන සමයේ ඇය රැජිනව සිටි හෙයින් ඇයව පැතලි මුදුනක් සහිත ශීර්ෂාවරණයෙන් යුතුව දක්වා ඇත. ඉන් මඳ කලකට පසුව ඇයව හවුල් පාලන තනතුරට ඔසවා තැබුණු හෙයින්, රජවරුන් දෙදෙනා ගැනම සඳහන් කිරීමට සිව්වන කාර්ටුෂයක් කොටවා තිබේ.[19]
  • 1891දී පෞද්ගලික එකතුවක තිබී ෆ්ලින්ඩර්ස් පෙට්‍රී විසින් හුනුගල් කැබලි හතක් සොයාගන්නා ලදී. මේවා දැනට පෙට්‍රී කෞතුකාගාරයේ, U.C.410 යනුවෙන් අංකනය කොට ඇති අතර, ඇතැම්විට මෙය සමරාජ්‍යාධිකාරී ශිලාස්තම්භය ලෙස ද හඳුන්වයි.[20] එහි එක් පසෙක අක්නාටන්ගේ ද්විත්ව කාර්ටුෂය සමග අන්‍ඛ්ඛෙපරුරේ මෙරි-වේන්රේ නෙෆර්නෙෆරුආටන් අඛෙට්-එන්-හ්යෙස් ("ඇගේ සැමියා කෙරෙහි ක්‍රියාකාරී") යන නෙෆර්ටිටිගේ තනි කාර්ටුෂයක දක්වා ඇත.[21]

වර්තමානය වන විට, කාන්තා සහපාලකයකු පිළිබඳ පැහැදිළි ඉඟි හිමිවුවද, අනතුරුව රාජ්‍යත්වයට පත් රජවරුන්ගේ අනන්‍ය සිංහාසන නාමයන් යොදා ගැනීම හේතුවෙන් මෙය වාදවිවාදයන්ට හේතු වී ඇත. ශිලාස්තම්භ ගණනාවක ඇති සමීප දර්ශන හේතුවෙන් සමලිංගිකතාවක් පිළිබඳ අර්ථකථන පල වුවද, පසුකාලීන සාක්ෂි සහ අනාවරණ හේතුවෙන් එය නොසලකා හැරිණි.

බර්ලිනයේ ඊජිප්තු කෞතුකාගාරයේ රොල්ෆ් ක්‍රවුස්ගේ පත්‍රිකාවක් අනුව, මැදිහත් අර්ථකථනයක් යෝජනා කෙරුණේ ස්මෙන්ඛ්කරේ/නෙෆර්නෙෆරුආටන් යනු පිරිමියකු බවත්, අක්නාටන්ගේ මරණයට පසු ස්මෙන්ඛ්කරේගේ සිංහාසනාරූඪයට පෙර ස්මෙන්ඛ්කරේගේ බිසව වූ මෙරිටාටන් විසින් ‘අන්ඛ්-එට්-ඛෙපරුරේ’ යන ස්ත්‍රී පෙරනාමයෙන් යුතුව රාජ්‍ය පාලනය කර ඇති බවයි.[1] ඇයව විවාහ කරගෙන සිහසුනට පත්වීමෙන් පසු ස්මෙන්ඛ්කරේ විසින් ඇගේ පෙරනාමයේ පුරුෂ ලිංග ස්වරූපය සිය නාමය ලෙස භාවිතා කොට ඇති බව ඉන් කියැවේ.[22] රාජ්‍ය කරන රැජිනයක පිළිබඳ තර්කය ඉදිරියට ගෙන ආ පියවරක් ලෙස මෙය හඳුනාගත හැක. මේ හේතුවෙන් මෙරිටාටන් සහ ස්මෙන්ඛ්කරේට සම්බන්ධ සාක්ෂි පිළිබඳ නව මතවාද ගොඩනැගෙන්නට විය.

පැටලවිල්ල විසඳීම[සංස්කරණය]

අන්ඛෙපෙරුරේ නාමය කාන්තා දර්ශක සහිතව (93, 94) සහ රහිතව (95). මේවායින් කියැවෙන්නේ:
(93) නෙෆර්ඛෙපෙරුරේ (අක්නාටන්ගේ) ගේ ප්‍රිය (f) අන්‍ඛ්ඛෙපෙරුරේ .
(94) වා-එන්-රේ ගේ ප්‍රිය (f) අන්ඛ්-එට්-ඛෙප්රුරේ (f) (නාමයේ සහ විරුදයේ දර්ශක භාවිතා කොට ඇත).
(95) වා-එන්-රේගේ ප්‍රිය අන්ඛ්‍ඛීප්රුරේ.
ටෙල් එල් අමර්ණ වලිනි, ෆ්ලින්ඩර්ස් පෙට්‍රී; 1894

1988දී, ජේම්ස් පී. ඇලන් යෝජනා කළේ ගෝර්ඩියානු පටලැවිල්ල ලිහා ස්මෙන්ඛ්කරේ සහ නෙෆර්නෙෆරුආටන් වෙන්කර දැක්විය හැකි බවයි.[21] ඔහු පැවසූයේ 'අන්ඛ්ඛෙපෙරුරේ' යන නාමය, එය ස්මෙන්ඛ්කරේ හෝ නෙෆර්නෙෆරුආටන් යන නාමය සමග සම්බන්ධ කර දක්වන ආකාරය අනුව එහි අර්ථය වෙනස් වන බවයි. එය නෙෆර්නෙෆරුආටන් සමග සම්බන්ධ කළ විට, එහි පෙරනාමය 'වා එන් රේගේ ප්‍රිය' වැනි අක්නාටන්ට අදාළ විරුදයක් නිරූපණය වන බවයි. මෙකල 'ස්මෙන්ඛ්කරේ' යන නාමය සමග ‘දිගු’ පෙරනාමයක් යෙදුණු අවස්ථාවන් හමු නොවේ. එසේම 'නෙෆර්නෙෆරුආටන්' යන නාමය සමග ‘කෙටි’ පුද්ගල නාමයන් යෙදුණු අවස්ථාවන් ද දක්නට නොලැබේ.

දකුණෙහි ඇති රූපයෙහි දැක්වෙන් පරිදි, මෙහි ස්ත්‍රීරූපී ආකාරය සහ සම්මත ආකාරය අතර වෙනස ඉතා කුඩා ය: නාමය හෝ විරුදය (හෝ දෙකේම #94 මෙන්) අමතරව අන්තර්ගත 't' අක්ෂරය විශේෂයෙන් කුඩා භාණ්ඩවල අන්තර්ගත නොවිය හැකි හෝ වැරදි ලෙස කියවිය හැක. ඇලන් අනුව, ස්ත්‍රීරූපී දර්ශක සැලකිල්ලට නොගතහොත් ඉහත නාමයන් තුනෙන්ම හැඳින්වෙන්නේ නෙෆර්නෙෆරුආටන් රජුව ය. එයට හේතුව ඇගේ විරුදයන් ඇයව අක්නාටන් ('වා-එන් රේගේ ප්‍රිය / නෙෆර්ඛෙපෙරුරේ') සමග සම්බන්ධ කොට දක්වා තිබීමයි.

1994 ප්‍රකාශනයක,[2] ඇලන් යෝජනා කරන්නේ නම්වල වෙනස් නිරූපණය මගින් හැඳින්වෙන්නේ එක් පුද්ගලයකු නොව වෙනස් පුද්ගලයන් දෙදෙනකු බවයි: "..මෙම සාක්ෂිය මගින් ස්මෙන්ඛ්කරේ, නෙෆර්නෙෆරුආටන් සමග හඳුනාගැනීමක් අවශ්‍ය නොවේ. සැබැවින්ම, මෙම නාමයන් කට්ටල ද්විත්වය එක් අයකුට අයත් යැයි කීම එකිනෙකට පරස්පර වේ."[2]

ඇලන් මෙම නාමයන්හි ඇති තවත් සියුම් වෙනස්කමක් දක්වයි: නෙෆර්ටිටි ස්වරූපය සමග සම්බන්ධ කොට දක්වන විට 'නෙෆර්නෙෆරුආටන්' යන නාමයේ ඇති පනා හැඩැති රූපාක්ෂරය (jtn), නාමයේ අග ඇති අසුන්ගත් කාන්තාවගේ රූපාක්ෂරයට මුහණලා දිශාව මාරුකොට දක්වා ඇත. අනන්‍ය හේතුවක් නොවන්නට, අන්ඛ්ඛෙපෙරුරේ නාමය සමග එම පනා හැඩැති රූපාක්ෂරය දිශාව වෙනස් කොට දක්වා නැත. බාහිර වෙනස්කම් සලකා මෙය නෙෆර්නෙෆරුආටන් යනු නෙෆර්ටිටි හැර වෙනත් පුද්ගලයකු බවට හෝ හිඳගත් රුව සහිත අනන්‍ය රූපාක්ෂර ක්‍රමය මත පදනම්ව නෙෆර්නෙෆරුආටන් යනු නෙෆර්ටිටිම බව ද පැවසිය හැක. (පහළ බලන්න)

පසුව, ප්‍රංශ ඊජිප්තු වේදියකු වන මාක් ගැබෝල්ඩි සඳහන් කළේ ටුටන්ඛාමුන්ගේ සොහොන්ගැබෙන් සොයාගත් අංග කිහිපයක් මුලින් නෙෆර්නෙෆරුආටන් වෙනුවෙන් තැනවූ ඒවා බවයි. මේවායේ ඇතුළත් "...අක්නාටන්ගේ ප්‍රිය" යන වදන මුලින් කැටයම් කොට තිබුණේ අඛෙට්-එන්-හ්යෙස් හෙවත් "ඇගේ සැමියා කෙරෙහි ක්‍රියාකාරී" යනුවෙනි.[23] ඔහුගේ අනාවරණ පසුව ජේම්ස් ඇලන් විසින් සනාථ කරන ලදී.

ශිලාලේඛනයක් ආශ්‍රය කරගනිමින් රජුව හඳුනා ගැනීමට විරුදයන් භාවිතය (හෝ ඒවා නොමැති වීම) ක්‍රමයෙන් බොහෝ විද්වතුන් විසින් අනුමත කළ අතර, ඒවා ඔවුන්ගේ කෘතිවල සඳහන් කොට ඇත.[24] මෙලෙසින් ස්මෙන්ඛ්කරේ සහ නෙෆර්නෙෆරුආටන් වාදය මැඬ පැවැත්වුණු හෙයින්, සාක්ෂි සඳහා නව අර්ථ කථන සිදු කිරීමට මගවිවර විය.

අසහාය රාජ්‍ය සමය?[සංස්කරණය]

නෙෆර්නෙෆරුආටන්ගේ විරුදයන් ආකාර තුනකට බෙදිය හැකි බව ඇලන් පසුව පෙන්වා දුන්නේ ය. ඒවා බෝහෝවිට "...ගේ ප්‍රිය" යන ආකාරයෙන් යුතු වුව ද, ඇතැම්විට "ඇගේ සැමියා කෙරෙහි ක්‍රියාකාරී" යුනවෙන් ද දැකිය හැක. ඉතා කලාතුරකින්, මේ නාමයන්ට පසුව ස්ත්‍රීරූපී ගුණාංග සහිතව 'යුක්ති සහගත' යන පදය යොදා තිබෙනු හමු වේ.[2] 'යුක්ති සහගත' (මඑට් ඛෙරු) යන වදන අදාළ පුද්ගලයා මියගිය බවට යොදන පොදු සලකුණකි. ‍මීට සමාන අවස්ථාවක් පෙන්යැටිගේ සොහොන්ගැබෙහි හට්ෂෙප්සුට් හට සම්බන්ධව දක්වා ඇති පාඨයෙහි ද දැකගත හැක. එමගින් ඇය (හට්ෂෙප්ප්සුට්) ඒ ආසන්න කාලයක මියගිය බව කියැවේ.[25] අවසානයේ ඇගේ කාර්ටුෂයන් ඉතා සුළු සංඛ්‍යාවක අන්තර්ගත ඇගේ අනන්‍ය විරුදයන් අක්නාටන් සමග සම්බන්ධව දක්වා නැත. මේ අතර "ආටන්ගේ ප්‍රිය" සහ "පාලකයා" යන විරුදයන් ද වේ.[2]

ආචාර්ය ඇලන් නිගමනය කළේ[2] මෙම විරුදයන්හි අක්නාටන් සමග සබැඳිව දක්වා ඇති ආකාරය සහ ඒවායේ සංඛ්‍යාව සැලකිල්ලට ගත් විට පෙනෙන්නේ නෙෆර්නෙෆරුආටන් රැජිනිය අක්නාටන් සමග හවුල් පාලනයක් ගෙනගොස් ඇති බවයි. මේ අනුව ඇය ස්මෙන්ඛ්ඛරේට පෙර සිහසුනට පත්වන්නට ඇත. "... ක්‍රියාකාරී" යන විරුදයන් මගින් අක්නාටන් දුබලව සිටි සමයක හෝ අක්නාටන්ගේ මරණින් පසු සමයක් පිළිබඳ පැවසෙනවා වන්නට ඇත.[26] අවසානයේ, එතරම් සුලබ නොමැති 'අක්නාටන්-නොමැති' විරුද ප්‍රභේද නෙෆර්නෙෆරුආටන් තනි පාලකයාව සිටි සමයේ භාවිතා වන්නට ඇත.

එකම සිහසුන් නාමය අනුප්‍රාප්තික රජවරුන් දෙදෙනකු සතුව පැවතීම පිළිබඳ භව්‍ය අර්ථ නිරූපණයක් ජේම්ස් ඇලන් ඉදිරිපත් කරයි.[2] ඔහු යෝජනා කරන්නේ අක්නාටන්ට සම්බන්ධව දක්වා ඇති නිත්‍ය නිරූපණයන් විශේෂයෙන්ම 'අක්නාටන්ගේ ප්‍රිය' වැනි විරුදයන් මගින් නෙෆර්නෙෆරුආටන් ඇගේ සිහසුනේ හිමිකාරීත්වය නීත්‍යානුකූල කිරීමට උත්සාහ දරා ඇති බවයි. එමගින් ඇය තමන් අක්නාටන්ගේ තේරූ අනුප්‍රාප්තිකයා/සමරාජ්‍යාධිකාරිවරයා ලෙස නිවේදනය කරන්නට ඇත. මෙහි ව්‍යාංගාර්ථය සැලකූ විට හෙළිවන්නේ, නෙෆර්නෙෆරුආට‍න්ගේ පත්කිරීමට විරෝධතාවන් පවතින්නට ඇති බව හෝ එවන් විරෝධතා පැනනැගිය හැකි බව අපේක්ෂා කළ බවයි. ඇයට රජකුගේ භූමදානයක් ලබා නොදී ඇයගේ අවමංගල භාණ්ඩ වෙනත් රජවරුන් විසින් පැහැරගෙන තිබීමට හේතුව ද මෙය වන්නට ඇත.

ඇලන් යෝජනා කරන්නේ ස්මෙන්ඛ්කරේ විසින් අන්‍ඛ්ඛෙපෙරුරේ යන නාමය ආරූඪ කරගැනීමෙන් "අක්නාටන්ගේ "තේරූ" (/mr/) සමරාජ්‍යාධිකාරියාට එරෙහිව ස්මෙන්ඛ්-කා-රේ සිය ප්‍රකාශය නීත්‍යානුකූල කරගැනීමට උත්සාහ දරා ඇති බවයි".[2] මෙලෙසින් රාජකීය නිවසේ ඇති වූ භේදය නිසා නෙෆර්නෙෆරුආටන්ට එරෙහිව ස්මෙන්ඛ්කරේ සිහසුනට පත්කොට ඇති බව පෙනේ. මෙය විරුද නාමයන්හි ස්වභාවය විස්තර කිරීමට භාවිත වූ සරල තාර්කික මතයකි. ඇගේ අනුප්‍රාප්තික රජවරුන් විසින් සමාන පෙරනාමයන් භාවිතා කොට ඇති අතර, ඇයට රාජකීය භූමදානයක් ලබා දී නොමැත. නමුත් රතුරු හෝ සමකාලීන රජවරුන් පිළිබඳ දින නිර්ණිත සාධක නොමැති හෙයින් මෙම තර්කය අනුමානයක් වශයෙන් පවතියි.

KnownNeferneferuatenNames.jpg
අන්ඛ්ඛෙපෙරුරේ නෙෆර්නෙෆරුආටන් සඳහා පෙරනාමය (වම්පස තීරුව) සහ නාමය (දකුණුපස තීරුව) දැක්වෙන් ස්වරූපය[2][27][28][29]
මුදුවලින් හැර අන්ඛ්-එට්-ඛෙපෙරුරේ යන ස්ත්‍රීරූපි යෙදුම වෙනත් කිසිදු රාජකීය කාර්ටුෂයකින් හමුවී නොමැති බව සලකන්න. එක් අතකින් බැලූ විට, මෙරි අඛෙට්-එන්-හ්යෙස් (ඇගේ සැමියා කෙරෙහි ක්‍රියාකාරී) යන යෙදුම් එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පක්ෂි රූපාක්ෂරය මත පදනම්ව "අක්නාටන්ගේ ප්‍රිය" ලෙස කියවා තිබිණි. සිව්වන යුගල පායිරිගේ (TT139) සොහොන්ගැබෙන් හමුවූ රූපාක්ෂර ලේඛනයයි. මෙහි නාමයේ ස්ත්‍රී සංකේතයක් අන්තර්ගත බව පෙනේ. අවසානයේ නාමයේ මුලින් යෙදී ඇති පනා සලකුණු අනෙක් පස හරවා ඇති අතර, එය සෑමවිටම නෙෆර්ටිටි-නෙෆර්නෙෆරුආටන්ගේ කාර්ටුෂයෙහි දක්නට ලැබෙන්නකි.

නෙෆර්නෙෆරුආටන්ගේ අනන්‍යතාවය[සංස්කරණය]

20වන සියවස අගභාගය වන විට, මෙම යුගය පිළිබඳ විශේෂඥයින් අතර[30] නෙෆර්නෙෆරුආටන් යනු රාජ්‍ය කළ රැජිනියක බවත්, ස්මෙන්ඛ්කරේ යනු රජකු බවටත් "'සාධාරණ එකඟතාවක්'" පැවතිණි.[31] (නමුත් මහජනයා සහ අන්තර්ජාලය තුළ තවමත් මේ දෙදෙනා පිළිබඳ පැහැදිළි වැටහීමක් නැත) ශිලාස්තම්භය සහ විරුද නාමයන් පදනම් කරගනිමින් බොහෝ ඊජිප්තුවේදියෝ ඇය සමරාජ්‍යධිකාරිණියක ලෙස කටයුතු කළ බව විශ්වාස කරති. ඇතැම්හු ඇය මෙරිටාටන් රැජින බවට සාධක ගෙනහැර දක්වති. පායිරි ශිලාලේඛනය ඇගේ රාජ්‍ය වර්ෂ භාවිතයෙන් විස්තර කොට ඇති හෙයින් ඇය බොහෝවිට තනිව පාලනය ගෙනගිය බව විශ්වාස කෙරේ. නමුත් ස්මෙන්ඛ්කරේගේ රාජ්‍ය සමය පිළිබඳ මතය තවදුරටත් විවාදිත ය.

මේ වන විට ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ නෙෆර්නෙෆරුආටන්ගේ අනන්‍යතාව හෙළි කරගැනීම සඳහායි. එක් එක් විද්වතුන් මේ සඳහා විවිධ පුද්ගලයන්ගේ නම් යෝජනා කරන අතර, මේ විවාදය තවමත් සතුටුදායක ලෙස අවසන් වී නැත්තේ ය.

නෙෆර්ටිටි[සංස්කරණය]

ඊජිප්තුවේ සතුරකුට පහර දෙන නෙෆර්ටිටිගේ රුවක්; මෙහි ඇය පාරාවෝවරයකුගේ වැනි විලාසයකින් නිරූපණය කොට ඇත.

නෙෆර්නෙෆරුආටන් රජු සඳහා යෝජනා වූ මුල්කාලීන නාමයකි, නෙෆර්ටිටි. පළමුව ඇය සඳහා මේ නාමය යෝජනා කරන ලද්දේ 1973දී ජේ. ආර්. හැරිස් විසිනි.[32] 1970 දශකයේ සිට පැවත ආ මතයක් නම් නෙෆර්ටිටි රැජින, ස්මෙන්ඛ්කරේ යන පිරිමි රජුගේ නාමයෙන් වෙස්වලා ගෙන රාජ්‍ය පාලනය කළ බවයි.[33] මෙම මතය අදවන විටත් කිහිප දෙනකු විශ්වාස කරති. ඒ අතර --2001දී රීවස්[19] සහ 2004 දක්වා ඩොඩ්සන් යන පුද්ගලයන් වේ.[34]

ඇගේ නාමයේ පවතින පැහැදිළි ස්වභාවය හේතුවෙන් නෙෆර්නෙෆරුආටන්ගේ ලිංගය සනාථ කිරීමටත් ප්‍රථම, නෙෆර්ටිටි රැජිනගේ නාමය ඇය සඳහා යෝජනා වී පැවතිණි. උතුරු මාලිගයෙන් නෙෆර්නෙෆරුආටන්ගේ රජ නමාය ඇතුළත් වර්ණාලේපිත බදාම කැබලි හමු වූ බැවිනුත්, මෙය දිගු කලක සිට නෙෆර්ටිටිගේ නවාතැන වූ හෙයිනුත්, නෙෆර්ටිටි යනු නෙෆර්නෙෆරුආටන් රජු බවට වූ මතයට සාක්ෂි දරයි.[35]

නෙෆර්ටිටි රැජින ඇගේ සැමියාගේ රාජ්‍ය සමයේ පවා ප්‍රමුඛ චරිතයක් වූ අතර, ඊජිප්තුවේ සතුරන්ට දඬුවම් පැමිණවීම (දකුණුපස රූපය බලන්න) වැනි රජුගේ කටයුතු පවා ඉටුකරනු නිරූපිත ය.[36] අමර්ණ යුගයේ ඇයගේ ප්‍රමුඛත්වය සහ ඇයට හිමි වූ බලය රැජිනකට පෙර හිමිව නොතිබූ වරප්‍රසාදයක් වූ අතර, මේ හේතුවෙන් අක්නාටන්ගේ පසු සිහසුනට පත්වීමට සුදුසුම සහ දක්ෂතම වූ කාන්තාව ඇය වන්නට ඇත.[19][37][38]

පෙර සඳහන් කළ සමරාජ්‍යාධිකාරී ශිලාස්තම්භය (UC 410) එතරම් හානි වී නොතිබූයේ නම් එය මෙම ගැටලුව විසඳා ගන්නට ආධාර කරගත හැකිව තිබිණි. මෙහි නෙෆර්ටිටිගේ නාමය වෙනුවට නෙෆර්නෙෆරුආටන් යන නාමය යොදා ඇත. මෙහි ඇගේ රුව පැවතියේ නම්, නව ශිලාලේඛනයට උචිත ආකාරයට නෙෆර්ටිටිගේ රුව වෙනස් කෙරුණු ආකාරය වටහා ගත හැකිව තිබිණි. මෙහි ඇගේ සම්පූර්ණ රුවම ප්‍රතිස්ථාපනය කර තිබුණේ නම්, එමගින් අදහස් වන්නේ නෙෆර්ටිටි වෙනුවට නෙෆර්නෙෆරුආටන් රජු නැමැති අයකු පත්කළ බවයි. ඒ අනුව නෙෆර්ටිටි මිය යන්නට ඇත. ඇගේ රුවට නව කිරුළක් එක් කොට තිබූයේ නම්, එය නෙෆර්ටිටි නව නාමයක් සහ තනතුරක් ආරූඪ කරගත් බවට ප්‍රබල සාක්ෂියකි.[39] එය එසේ වී නම්, මෙහි දර්ශනය මෙරිටාටන් වැනි රාජකීය පවුලේ වෙනත් සාමාජිකයකුගේ වන්නට ඇත. රාජකීය පවුලේ නිරූපණයෙහි නෙෆර්ටිටි නාමය, නෙෆර්නෙෆරුආටන් රජ යන නාමය මගින් ප්‍රතිස්ථාපනය වී තිබීම නිසා, නව රජු නෙෆර්ටිටි බව පෙනේ‍.

නෙෆර්ටිටිට එරෙහි ප්‍රධාන තර්කය ඇතැම්විට රාජ්‍ය වර්ෂය 12න් පසු මියයන්නට ඇති බවයි. එයට හේතුව ඇයව දක්නට ලැබෙන් අවසන් නිරූපණය 12වන වර්ෂයට අයත් වීමයි. සාමාන්‍යයෙන් ශිලාලේඛන සහ කැටයම්වලින් යමකු අතුරුදන් වන්නේ නම් එහි සරලතම පැහැදිළි කිරීම එම තැනැත්තා මියගිය බවයි. මේ සඳහා පහත සාධක දක්වා ඇත:

  • ෂැබ්ටි රුවක කැබලි—අවමංගල රුවකි— මගින් ඇතැම්විට ඇය මරණයේ දී ඉසිලූ ධුර මහා රාකීය භාර්යාව වහයෙන් දක්වා ඇත. මෙම ෂැබ්ටි රුව කැබලි දෙකකින් යුක්ත වන අතර, ඒ දෙක අතරට ගැළපෙන යැයි පැවසෙන කැබැල්ලක් ද ඇත. එක් කැබැල්ලක ඇගේ නාමය වන නෙෆර්ටිටි-නෙෆර්නෙෆරුආටන් යන්නත්, අනෙකෙහි ඇ‍ගේ පදවිය වූ මහා රාජකීය භාර්යාව යන්නත දක්වා ඇත.
අක්නාටන් සඳහා වන ෂැබ්ටි රූ 200 අතුරින්,[40] නෙෆර්ටිටි සඳහා එකක් පමණක් පැවථීමෙන් ඇගේ මරණය පිළිබඳ කුඩා ඉඟයක් ලබා දෙයි. 1999 ලිපියකින් විස්තර වන්නේ මෙම කැබලි දෙක වෙනස් ෂැබ්ටි බඳුන් දෙකකට අයත් බවයි. එකක් නෙෆර්ටිටි හටත්, අනෙක් මෙරිටාටන් හටත් අයත් බවයි.[41]
  • ඇගේ වත්තෙන් හමුවූ වයින් සටහන් 13 වර්ෂයෙන් පසු දක්නට නොලැබේ.[42] පසුකාලීණ වර්ෂවල සටහන්වල සඳහන් වන්නේ රැජිනක පිළිබඳ පමණි.
  • ඇය වෙනුවෙන් නිර්මාණය වූයේ යැයි සැලකෙන සොහොන්ගැබේ බිම භාවිතයට ගෙන නොමැති බව පෙනේ. කැපුම් සලකුණු මගින් ඇගේ මිනීපෙට්ටිය පිහිටුවීමට තෝරාගත් අවසන් ස්ථානයේ වැඩ ආරම්භ කළ ආකාරය නිරූපණය වේ.[37]
  • ටුටන්ඛාමුන්ගේ සොහොන්ගැබෙහි අක්නාටන්ගේ නාමය සමග මෙරිටාටන්ගේ නාමය ප්‍රධාන රැජින වශයෙන් දක්වා තිබීමෙන් ඇය නෙෆර්ටිටිගෙන් පසු එම ධුරය ඉසිලූ බව හඟවයි. මේ බව අමර්ණ ලිපිය EA 11 මගින් පැවසෙන ඇගේ පදවිය රාජකීය නිවසේ “ස්වාමි දියණිය” වූ බවට ඉඟියකි.

කෙසේනමුත්, මෙම වාදය නිවැරදි නොවන බව පෙනී යන්නේ, අක්නාටන්ගේ 16වන වර්ෂයේත් (ඇගේ සැමියාගේ අවසාන වර්ෂයට පෙර වර්ෂය) නෙෆර්ටිටි ජීවත්ව ඇති බවට හඳුනාගෙන ඇති නිසායි.

16වන රාජ්‍ය වර්ෂයේ නෙෆර්ටිටි[සංස්කරණය]

2012 දෙසැම්බර් මස, ල්‍යුවන් පුරාවිද්‍යාත්මක ව්‍යාපාරය මගින් අමර්ණහි ඉදිකිරීම් ව්‍යාපෘතියක් පිළිබඳ සඳහන් හුනුගල් වැඩපලකින් හමු වූ ශිලාලේඛනයක් පිළිබඳ නිවේදනය කරන ලදී. මෙම ලිපිය දැඩිව හානියට පත්වී තිබූ නමුත්, උපාධි ශිෂ්‍යයකු විසින් මෙම පාඨය කියවා බැලූ අතර, මෙය අක්නාටන්ගේ දහසයවන රාජ්‍ය වර්ෂයට අයත් වූවක් බවත්, මෙහි නෙෆර්ටිටි අක්නාටගේ ප්‍රධාන භාර්යාව ලෙස දක්වා ඇති බවත් හෙළි විය.[43] එකල මෙහි සම්පූර්ණ ලේඛනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හෝ අධ්‍යයනය කිරීම සිදුනොවිණි. නමුත් ඉන් කොටස් ප්‍රකාශයට පත්කොට ඇති අතර, එහි නෙෆර්ටිටි අක්නාටන්ගේ ප්‍රධාන රැජින වශයෙන් පැහැදිළිව දක්වා ඇත. මෙය ඇය අක්නාටන්ගේ පසුකාලීන 16වන වර්ෂයේදීත් ජීවත්ව සිටි බවට සාක්ෂියකි. මෙම ශිලාලේඛනය නිශ්චිතවම අක්නාටන්ගේ රාජ්‍ය සමයේ වර්ෂය 16 III අඛෙට් දිනය 15 දිනයට අයත් යැයි කාලනිර්ණය කොට ඇති අතර, එහිම නෙෆර්ටිටි රැජින ජීවත්ව සිටි බවට ද සඳහන් ය. මෙහි තෙවන පේළියේ ඇය පිළිබඳ "මහා රාජකීය භාර්යා, ඔහුගේ ප්‍රියාදර, භූමි ද්විත්වයේ ආර්යා, නෙෆර්නෙෆරුආටන් නෙෆර්ටිටි" යනුවෙන් දැක්‍ වේ.[44] මඳක් කියවීමට අපැහැදිළි මෙම පේළි පහේ පාඨය සොයගන්නා ලද්දේ ‍ඩේර් එල්-බර්ෂාහි හුනුගල් වැඩපලකිනි.[45](මෙම ශිලාලේඛනය සොයගන්නා ලද්දේ ඩේර් එල්-බර්ෂා පෙදෙසට කෙලින්ම උතුරින් වූ, අමර්ණහි උතුරු පෙදෙස වන අබූ හිනිස්හි හුනුගල් වැඩපලකිනි[46]).

2014 ජර්නල ලිපියක මෙම ශිලාලේඛනය සම්පූර්ණයෙන්ම ප්‍රකාශයට පත්කෙරිණි. මේ නිසා අක්නාටන්ගේ පසුකාලීන රාජ්‍ය සමයේ නෙෆර්ටිටිගේ පැවැත්ම සනාථ වේ.[47] ඇගේ නාමය, ස්ත්‍රී/පුරුෂ භාවය සහ කාලයේ පිහිටීම අනුව නෙෆර්ටිටි යනු නෙෆර්නෙෆරුආටන් නැමැති රාජ්‍ය පාලිකාව බවට ප්‍රබල සාක්ෂි දරයි.[48] මෙම සාක්ෂිය අමර්ණ අනුප්‍රාප්තිය පිළිබඳ යෝජනා වී ඇති තර්කයන් කෙරරෙහි දැඩිව බලපායි. උදාහරණයක් ලෙස ඩොඩ්සන් වැනි ඊජිප්තුවේදීන් යෝජනා කරන්නේ නෙෆර්නෙෆරුආටන් වසර තුනක් හවුල්පාලනයක් ගෙනගිය බවත්, ඊළඟ වසර තුනෙහි ඇය තනිව පාලනය ගෙනගිය බවත් ය.[49] මෙම ශිලාලේඛනය මගින් ඇය වසරකට වැඩි කාලයක් හවුල් පාලනයක් ගෙනගිය බවට වූ මතයට එරෙහි කරුණු ඉදිරිපත් වේ. එයට හේතුව මෙම ශිලාලේඛනය තුළ අක්නාටන්ගේ අවසන් වර්ෂයට මඳ කලකට පෙර නෙෆර්ටිටිගේ පදවිය රැජිනක ලෙස දක්වා ඇත. අක්නාටන්ගේ 16වන වර්ෂයේ (රජුගේ අවසන් වර්ෂයට පෙර වර්ෂය) නෙෆර්ටිටිගේ සොයාගැනීම පිළිබඳ මෙසේ සඳහන් කරයි:

"....පවතින සාක්ෂි අනුව, ඇතැම්විට නෙෆර්ටිටි රැජින, අන්ඛ්(එට්)ඛෙපෙරුරේ නෙෆර්නෙෆරුආටන් නැමැති රාජකීය පදවියට පත් වූ බවට සාධක ලැබේ. ඇය අක්නාටන් සමග හවුල් පාලනයක් ගෙනගිය බවට මින් ඉඟියක් ලැබෙන්නේ නැත. කෙසේනමුත්, නමුත් මෙය අක්නාටන්ගේ 16වන වර්ෂයට පෙර සිදුවූවක් විය නොහැකියි. එයට හේතුව ඩේර් අබූ හිනිස් ලිපිය මගින් ඒ වනවිටත් නෙෆර්ටිටිගේ පදවිය රැජිනක හෙවත් [අක්නාටන්ගේ] මහා රාජකීය භාර්යාව ලෙස දක්වා තිබීමයි. මෙම සිදුවීම්වලට අනකූලව වඩාත් භව්‍ය සිදුවීම නම් නෙෆර්ටිටි ක්‍රමයෙන් සිය පූර්වප්‍රාප්තිකයාගේ පෙරනාමය වන අන්ඛ්ඛෙපෙරුරේ [ස්මෙන්ඛ්කරේ] යන්න ආරූඪ කොටගෙන එය සිය සැබෑ නාමය වන නෙෆර්නෙෆරුආටන් යන්න සමග සංයුක්ත කිරීමයි. සිය රාජ්‍ය සමය නීත්‍යානුකූල කරනු වස් ඇය සිය සැමියාට සම්බන්ධ විරුදයන් දක්වා ඇත. කාලයත් සමග ඇගේ විරුදයන් වර්ධනය විය. අක්නාටන්ගේ මරණින් පසුවත් සිය විරුදයන්ට ඔහුගේ සම්බන්ධය භාවිතා කොට ඇත. එමගින් රජකුට දිව්‍යමය ස්වරූපයක් ආරූඪ කොට ති‍බේ. කෙසේනමුත්, සිය පසුකාලීන සමයේ රැජින විසින් සිය විරුදයන් “ආටන්ගේ ප්‍රියයා” සහ “පාලකයා” ලෙස වෙන්ස කොට ගෙන ඇත....වසර 3ක් රාජ්‍ය පාලනය මෙහෙයවීමෙන් පසු, නෙෆර්ටිටි දක්නට නැත; ඇය ඇතැම්විට මියයන්නට ඇත....[අනතුරුව අටවන වියෙහි පසුවූ ටුටන්ඛාමුන් ඇගෙන් පසු සිහසුනට පත් විය]."[50]

අක්නාටන්ගේ 17වන වර්ෂයේ ඔහුගේ මරණයෙන් පසු, නෙෆර්නෙෆරුආටන් 18වන රාජවංශයේ පාරාවෝරයකු ලෙස ස්වාධීන පාලනයක් ගෙනගිය බව මේ අනුව පැහැදිළි වේ.

සන්සෙට් කල්පිතය[සංස්කරණය]

නෙෆර්නෙෆර්ආටන් යනු නෙෆර්ටිටිම බව පිළිගන්නා විද්වතුන් අතර පවා, ඇගේ රාජ්‍ය සමයේ නියම ස්වභාවය පිළිබඳ නොයකුත් අදහස් පැවතිය හැක. රීවස් සිතන්නේ නෙෆර්ටිටි රැජින ටුටන්ඛාමුන් සිහසුනට පත්වීමට පෙර මඳ කාලයක් ස්වාධීනව රාජ්‍ය පාලනය මෙහෙයවූ බවයි. එසේම හිටයිට් ලිපිවල එන දහමුන්සු ඇය බවත් ඔහු විශ්වාස කරයි. මෙය පැහැදිළි කරමින් රීවස් පවසන්නේ නෙෆර්ටිටි අතුරුදන් නොවූ බවත්, ඇය අක්නාටන්ගේ අවසන් සමයේ නොයෙකුත් ශිලාස්තම්භයන්හි දක්නට ලැබෙන බවත් ය. ෂැබ්ටි රුව පිළිබඳ ඔහු පවසන්නේ එය නෙෆර්ටිටි සිහසුනට පත්වන්නට පෙර ඇයට සමීප මෙකෙටාටන් වැනි තැනැත්තියකගේ සොහොන්ගැබෙහි සිහිවටනයක් ලෙස තැන්පත් කරන ලද්දක් බවයි.[19]

ඒඩන් ඩොඩ්සන්ගේ අමර්ණ සන්සෙට් කෘතිය කාලානුක්‍රමය සහ සිද්ධීන් අනුපිළිවෙල සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වඩාත් නූතනම කල්පිතය ලෙස සැලකෙයි. පිහිටීම සහ සම්පූර්ණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඩොඩ්සන් අදහස් කරන්නේ මෙරිරේගේ සොහොන්ගැබේ නිරූපිත ස්මෙන්ඛ්කරේගේ රුව අක්නාටන්ගේ 13/14 හෝ 14/15 යන වර්ෂයන්ට වඩා පසුකලෙකට අයත් යැයි නිර්ණය ඛළ නොහැකි බවයි.[51] මෙය සත්‍ය නම් ස්මෙන්ඛ්කරේ හට ස්වාධීන රාජ්‍ය සමයයක් පැවතී නොමැත. ඒ අනුව නෙෆර්නෙෆරුආටන් ඔහුගෙන් පසු සිහසුනට පත්වන්නට ඇත.[52] මේ අනුව, ස්මෙන්ඛ්කරේගේ රාජ්‍ය සමය වසරක් පමණ කාලයක් පැවති හවුල් පාලන සමයයක්, බවත් එය අක්නාටන්ගේ 14 හෝ 15 වර්ෂයේ පැවති බවත් යෝජනා වේ.

ස්මෙන්ඛ්කරේගෙන් පසුව, අන්ඛ්ඛෙපෙරුරේ නෙෆර්නෙෆරුආටන් යන නාමයෙන් නෙෆර්ටිටි රැජින කාලයක් හවුල් පාලනයක් ගෙන යන්නට ඇත. ඩොඩ්සන් නිගමනය කරන්නේ නෙෆර්ටිටි යනු ටුටන්ඛාටන්ගේ මව බවයි. අක්නාටන්ගේ මරණින් පසු ඇය ටුටන්ඛාටන් සඳහා සමරාජ්‍යාධිකාරී/රාජ්‍යාධිකාරී ධුරය උසුලන්නට ඇත. ඩොඩ්සන් යෝජනා කරන්නේ එම ධුරයේ දී, නෙෆර්නෙෆරුආටන් ටුටන්ඛාටන්ගේ රාජ්‍ය සමයේ මුල්කාලයේ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට මෙහෙයවූ බවත්, ඇගේ මෙම පියවර හේතුවෙන් 'ශීඝ්‍ර යතාර්ථවාදී දේශපාලන ක්‍රමයක්' ඇති වූ බවත් ය. නෙෆර්ටිටි-ටුටන්ඛාමුන් හවුල් පාලනය පිළිබඳ මතයට සහාය දැක්වීමක් වශයෙන් ඔහු, උතුරු සිනායිවලින් හමු වූ ඇගේ කාර්ටුෂය සහ ටුටන්ඛාටන්ගේ කාර්ටුෂය දරන බඳුන් මිටවල් ඉදිරිපත් කරයි.[53]

නෙෆර්නෙෆරුආටන් වෙනුවෙන් යෝජිත රාජ්‍ය වර්ෂයන්, අක්නාටන් සමග කෙටි හවුල් පාලනයක් සහ ස්වාධීන පාලනයක් හෝ ටුටන්ඛාටන් සමග තවත් හවුල් පාලන යුගයක් සඳහා ප්‍රමාණවත් නොවේ. ඩොඩ්සන් මේ සඳහා වාර්තා කරන්නේ නෙෆර්ටිටි සිය වර්ෂයන් සලකා ඇත්තේ අක්නාටන්ගේ මරණින් පසු බවයි. නව රාජධානියේ හවුල් පාලන පැවතිය ද ද්විත්ව දින නොතිබීම පිළිබඳ මර්නේන් ද ඉදිරිපත් කොට තිබූයේ මෙවැනි අදහසකි.[54] ඩොඩ්සන් සැකකරන්නේ ඇය ජ්‍යෙෂ්ඨත්වය ඉසිලුව ද, නාමිකව ටුටන්ඛාමුන්ගේ රාජ්‍ය වර්ෂ හවුලේ භාවිතා කොට ඇති බවයි.[55]

මෙම උපකල්පනයෙහි ඇතැම් කරුණු සත්‍ය යැයි පිළිගැනුණ ද, නෙෆර්ටිටි යනු ටුටන්ඛාටන්ගේ මව බවට වූ තර්කය අසත්‍ය යැයි සනාථ වී තිබේ. ඔහුගේ ග්‍රන්ථය ප්‍රකාශයට පත්කොට වර්ෂයකට පසු, සිදුකළ DNA පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ටුටන්ඛාටන්ගේ මව සහ පියා, සහෝදරයා හා ‍සහෝදරියන් වූ බවත්, ඔවුන් IIIවන අමෙන්හොටෙප් රජුගේ දරුවන් බවත් ය. ඒ අනුව නෙෆර්ටිටි ඔහුගේ මව නොවන බව සනාථ විය.[56]

මාක් ගැබෝල්ඩ් ප්‍රකාශ කරන්නේ ටුටන්ඛාටන් අමර්ණහි මාස කිහිපයකට වඩා රාජ්‍ය පාලනය නොකළ බවයි. ඔහු පවසන්නේ අක්නාටන්, නෙෆර්නෙෆරුආටන් සහ ස්මෙන්ඛ්කරේ යන රජවරුන් අමර්ණහි රජවරුන් වුවත්, ටුටන්ඛාටන් පිළිබඳ සාධක ලෙස හමුවන්නේ මුදු කිහිපයක් පමණක් බවයි. එසේම රාජකීය නිවහනේ ඔහු පිළිබඳ සාධක හමුනොවේ. කැටයම් කළ ගඩොළු, කැටයම් සහ සිතුවම් දක්නට නොමැත. ඔහුව කිසිදු පෞද්ගලික සොහොන්ගැබ්, වන්දනා ශිලා ස්තම්භ, රාජකීය නිරූපණ හෝ ලෙඛනවල ද නිරූපණය කොට නොමැත. ඒ අනුව අමර්ණ නගරයේ ටුටන්ඛාටන් රජු පිළිබඳ සාධක නොමැති තරම් ය. නමුත් ඉන් හමු වූ ඔහුගේ නාමය ඇතුළත් මුදු සහ ස්කැරබ් රූ හේතුවෙන් ඔහුගේ රාජ්‍ය සමය තුළ ද, නගරය ජනාවාසව පැවති බව වටහාගත හැක.[57] නෙෆර්නෙෆරුආටන් පිළිබඳ සාධක අමර්ණ නගරයෙන් පිටත ඉතා විරළ නිසාත්, ටුටන්ඛාටන් පිළිබඳ සාධක අමර්ණ නගරය තුළ ඉතා විරළ බැවිනුත්, මෙම හවුල් පාලනය හෝ රාජ්‍යාධිකාරීභාවය අභව්‍ය බව පෙනේ.

බුජම්වල ඇති මුද්‍රා සැලකිල්ලට ගැනීමේ දී, ටෙල් එල්-බොර්ග් භූමියේ කැනීමෙහි නියුතු පර්යේෂකයන් පිරිසක් විසින් නෙබ්ඛෙපරුරේ (ටුටන්ඛාටන්) ගේ කාර්ටුෂයන් ද්විත්වයක් හමුවූ ස්ථානයට මීටර 200ක් පමණ දුරින් කසල වළක තිබී නෙෆර්නෙෆරුආටන්ගේ කාර්ටුෂය දරන ඇම්පෝරා බඳුන් ද්විත්වයක් සොයාගන්නා ලදී. මීට අමතරව 18වන රාජවංශයේ අක්නාටන්, ආයි, ටියේ රැජින ස හොරෙම්හෙබ්ට අයත් මුද්‍රාතැබීම් සහ මුදු වැනි කුඩා වස්තූන් රාශියක් මෙම භූමියේ තිබී හමු වී තිබිණි.[58] මෙම භූමියේ කැනීම් සිදුකරන ඊජිප්තුවේදීන් තීරණය කරන්නේ: "මේ අනුව, ටෙල් එල්-බොර්ග්වලින් හමු වූ ඇම්පෝරා බඳුන්වල නම් පාදක කරගනිමින් ටුටන්ඛාමුන් සහ නෙෆර්නෙෆරුආටන් දේශපාලන වශයෙන් සම්බන්ධ කිරීම අයුක්ති සහගත බවයි."[59]

මෙරිටාටන්[සංස්කරණය]

නෙෆර්නෙෆරුආටන් යනු මෙරිටාටන්ය යන මතය වඩාත් අස්ථිර එකක් බව පෙනේ. මෙය ඊජිප්තුවේදීන්ගේ දැක්ම අනුව වෙනස් වන්නකි. අන්ඛ්ඛෙපෙරුරේගේ විරුදයන් සහ පෙරනාමයේ ඇති ස්ත්‍රීරූපී ස්වභාවය විස්තර කිරීමට සහ මැනතෝගේ විස්තරයේ එන ඔරොස්ගේ දියණිය වූ අකෙන්ඛෙරෙස් පිළිබඳ පැහැදිළි කිරීමට ඇය පිළිබඳ යෝජනා කරන ලද්දේ 1973දී රොල්ෆ් ක්‍රවුස් විසිනි.[1] ඊජිප්තුවේදීන් කිහිප දෙනකු විසින් මෙම මතය සම්පූර්ණයෙන් පිළිගත්ත ද, බොහෝ දෙනකු ස්මෙන්ඛ්කරේගේ මරණින් පසු සහ ඇතැම්විට ටුටන්ඛාටන් වෙනුවෙන් වැඩබලන ලද අන්ඛ්ඛෙපෙරුරේ රැජිනිය සඳහා මෙරිටාටන් යනු එක් යෝජිත නාමයක් පමණක් බව පිළිගනියි.[60]

මෙරිටාටන් පිළිබඳ ඉදිරිපත්ව ඇති ප්‍රධාන තර්කය ක්‍රවුස් අනුව ස්මෙන්ඛ්කරේ සමග විවාහ වීමට පෙර ඇය තාවකාලිකව අන්ඛ්-එට්-ඛෙප්රුරේ ලෙස හෝ අක්නාටන්ගේ සමරාජ්‍යාධිකාරී නෙෆර්නෙෆරුආටන් රජ ලෙස පෙනී සිට ඇත. ඇය ස්මෙන්ඛ්කරේගේ රැජින වූ බවට සාක්ෂි ඇත. ඇය පසුව රජකු ලෙස රාජ්‍ය පාලනය සිදුකළ බව අභව්‍ය යැයි සැලකේ. නමුත් ඇතැම්විට ඇය රාජ්‍ය පාලනයට අසමර්ථ වූ හෙයින් ඇයව රජ තනතුරේ සිට රජුගේ භාර්යාව යන ධුරය දක්වා පහත හෙළන්නට ඇත.[61] මේ මතවාද හේතුවෙන් ස්මෙන්ඛ්කරේ නෙෆර්නෙෆරුආටන්ට පසුව ස්ථානගත කොට ඇත. එසේවීමට නම් මෙරිරේ නිරූපණය සොහොන්ගැබේ 'රාජ සභා' දර්ශනයට වසර 5-6කට පසුව කැටයම් කළ එකක් විය යුතු වේ. එය සොහොන්ගැබේ වැඩ නවතා වසර කිහිපයකට පසුව විය යුතු ය.

මීට විරුද්ධ අදහසක් මාක් ගැබෝල්ඩි දරයි. ඔහු යෝජනා කරන්නේ මෙරිටාටන්ගේ ධුරයෙන් පහත හෙළීමට හේතුව දේශපාලන අයෝග්‍යතාවය බවයි.[62] ඔහු දකින්නේ මංජුසාව (කාටර් 001k නැමැති; අක්නාටන් සහ නෙෆර්නෙෆර්ආටන් සමග ඇගේ නාමය සඳහන් සොහොන්ගැබේ) මගින් සමරාජ්‍යාධිකාරයකු ලෙස නෙෆර්නෙෆරුආටන් යන නාමයෙන් සහ අක්නාටන්ගේ රාජකීය බිරිඳ ධුරය සමග මෙරිටාටන්ගේ උපන් නාමය සඳහන් කිරීමෙන් ඇය ඒ හා සමගාමී ධුරයක් උසුලා ඇති බවයි.[63] මීට අමතරව ඔහු විසින් යෝජනා කොට ඇත්තේ මෙරිරේ සිතුවම සිංහාසනාරූඪයකට පෙර එය අපේක්ෂාවෙන් නිර්මාණය කරන ලද්දක් බවත්, ඔහුගේ මරණයත් සමග එය ක්‍රියාවට නොනැංවුණු බවත් ය.[57]

වඩාත් සරල සහ පිළිගැනෙන මතය අනුව, බොහෝ ඊජිප්තුවේදීහු මේ නම් දෙක මගින් වෙනස් පුද්ගලයන් දෙදෙනකු නිරූපණය වේ යැයි පිළිගැනේ.[8][64] අමර්ණ යුගයේ වූ නම් වෙනස් කිරීම් සැලකූ විට ජනයා සිය නාමයට -ආටන් යන පදය එකතු කරගත් අතර, -අමුන් යන පදය ශීඝ්‍රයෙන් ඉවත් කෙරෙන්නට විය. මෙරිට්-ආටන් හට එවැනි නාමය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොවිණි. එසේම සිය සැමියා වෙනුවෙන් කටයුතු කිරීමේ දී ද්විත්ව කාර්ටුෂයක් වැනි පාරාවෝ නාමයන් ආරූඪ කරගැනීමේ අවශ්‍යතාවක් ද ඇයට නොවිණි.

කෙසේනමුත්, 2014 පර්යේෂණ පත්‍රිකාවක් අනුව අක්නාටන්ගේ 16වන වර්ෂයේත් නෙෆර්ටිටි ජීවත්ව සිටි බව සනාථ වී ඇති හෙයින්, මෙරිටාටන් කල්පිතය අභව්‍ය ආකාරයක් පෙනී යයි. ඇයට ඒ වන විටත් ජීවත්ව සිටි තැනැත්තියකගේ නෙෆර්නෙෆරුආටන් නාමය හෝ "ඇගේ සැමියා කෙරෙහි ක්‍රියාකාරී" වැනි පාරාවෝ විරුදයන් භාවිත කිරීමට අවශ්‍යතාවක් නොමැත. දෙවනුව, ඒඩන් ඩොඩ්සන් සහ පසුකාලීනව බිල් මර්නේන් යන විද්වතුන් දෙදෙනා විසින්ම අවධාරණය කර ඇත්තේ නෙෆර්නෙෆරුආටන් පාරාවෝවරිය සහ මෙරිටාටන්/මෙරි‍යේටාටන් යන දෙදෙනාම එකම තැනැත්තා නොවන බවයි. ඩොඩ්සන් මෙසේ ලියයි:

"...ඊළඟ වාදවිෂය පැහැදිළිවම ඇගේ [එනම්, නෙෆර්නෙෆරුආටන්ගේ] සම්භවය පිළිබඳවයි. තර්කයන් අනුව ඇය මුලින් නෙෆර්ටිටි (හැරිස්, සැම්සන් සහ සෙස්සන්), මෙරියේටාටන් (ක්‍රවුස් 1978; ගැබෝල්ඩි 1998) සහ වඩාත් මෑතක දී අක්නාටන්ගේ සිව්වන දියණිය වූ නෙෆර්නෙෆරුආටන්-ටැෂෙරිට් (ඇලන් 2006) යැයි යෝජනා වී ඇත. මේ අතරින්, මෙරියේටාටන්ගේ අපේක්ෂකත්වය අභව්‍ය බව පෙනී යන්නේ KV62 සොහොන්ගැබෙන් හමුවූ මංජුසා කැබැල්ල JE61500හි අක්නාටන්, නෙෆර්නෙෆරුආටන් සහ මෙරියේටාටන්ගේ නාමයන් දක්වා ඇති හෙයින් ඔවුන් තිදෙනා තිදෙනකු බව පැහැදිළි වන බැවිනි."[65][66]

මෙරිටාටන්, දඛමුන්සු ලෙස කල්පිතය[සංස්කරණය]

මෙයත් බලන්න දඛමුන්සු

නෙෆර්නෙෆරුආටන් රජු යනු මෙරිටාටන් බව වඩාත්ම විශ්වාස කරන තැනැත්තා මාක් ගැබෝල්ඩි විය හැක. මෑතක දී, ඔහු යෝජනා කළේ අක්නාටන් සිටය අවසන් කාලයේ මෙරිටාටන්ව සිය හවුල්පාලක තනතුරට උසස් කළ බවයි. ඇය අන්ඛ්ඛෙපෙරුරේ යන නාමයෙන් අරාජික රාජ්‍යාධිකාරිණියක ලෙස ඔහුගෙන් පසු සිහසුනට පත්වූවා ය. එසේම ඇය හිටයිට්වරුන් සමග සබඳතා පැවැත්වූ දඛමුන්සුහි රැජින බව ඔහු පවසයි.[Note 1] ඇගේ උපක්‍රමය සාර්ථක වන අතර, හිටයිට් කුමරකු වන සනන්සා ඊජිප්තුවට පැමිණ ඇයව විවාහ කරගෙන සිහසුනට උරුමකම් කියයි. ඔහු ස්මෙන්ඛ්කරේ යන නාමය[Note 2] සමග ඇගේ සිහාසන නාමය ආරූඪ කරගනියි. ඔහුගේ මරණින් පසු ඇය පූර්ණ පාරාවෝ අධිකාරී බලතල ලබා ගනිමින් අන්ඛ්ඛෙපෙරුරේ නෙෆර්නෙෆරුආටන් රජ යන නාමයෙන් රාජ්‍ය පාලනය කරයි. ටුටන්ඛාමුන් මේ වන විට ජීවත්ව සිටි හෙයිනුත්, ඔහු රාජකීය පෙළපතේ අයකු වීම නිසාත්, මෙරිටාටන් රැජින ඔහුගේ අනුප්‍රාප්තිය වැළැක්වීමට කටයුතු යොදන්නට ඇත.[67]

මේ ලිපිය පිළිබඳ සම්ප්‍රදායික මතය නම් මෙය ටුටන්ඛාමුන්ගේ මරණින් පසු සිදුවූවකත් බවත්, මෙහි එන රැජින අන්ඛෙසෙනමුන් රැජින බවත් ය. ඇයට ක්‍රමයෙන් "සේවකයකු" වූ ආයි සමග විවාහ වීමට සිදු වූ කරුණ සැලකිල්ලට ගනිමින් මෙම මතයට එළඹ ඇත. මිලර් පවසන්නේ මෙහි "‘සේවකයා’ යන වදන බොහෝ විට අපහාසාත්මක ස්වරූපයෙන් මිස එහි සැබෑ අරුත සලකා පැවසූවක් නොවන බවයි. මෙය බොහෝ විට ඇය හා විවාහ වීමට අපේක්ෂා කළ පුද්ගලයන් පිළිබඳ ඇගේ අපහාසයක් ලෙස සැලකෙයි." මෙහි 'සේවකයා' යන වදනෙන් සැබැවින්ම ආයි පිළිබඳ අදහස් නොවේ නම්, මෙහි පැවසෙන රැජින සඳහා පුතුන් සිටි බව නොපැවසෙන මෙරිටාටන් සහ නෙෆර්ටිටි රැජිනියන්ගේ නම් ද ‍යෝජනා කළ හැකි වේ.[68]

ස්මෙන්ඛ්කරේ/සනන්සා කල්පිතය කෙරෙහි ඊජිප්තුවේදීන්ගෙන් ලැබී ඇත්තේ මඳ සහයෝගයකි. ටුටන්ඛාමුන්ගේ පැවැත්ම හේතුවෙන් මිලර්ස් යෝජනා කරන්නේ මෙරිටාටන් හට "තහමුන්සුගේ කථාංගයේ පරිදි ක්‍රියා කිරීමට නම් ඇයට බලවත් ආධාරකරුවකුගේ (හෝ ආධරකරුවන්ගේ) අනුබලයක් ලැබිය යුතු බවයි. නමුත් මේ ආධාරකරුවා මෙවැනි භයානක කටයුත්තකට ආධාර කිරීමට තරම් සිය දිවිය අනතුරේ හෙළූයේ මන් ද ය්නන ගැටලුවකි".[69] මෙම සැලසුම සාර්ථක කර ගැනීම සඳහා, තරුණ මෙරිටාටන් සහ අනෙක් කුමන්ත්‍රණකරුවන් සාර්ථකව සුපිලුලියුමා හා ඔහුගේ දූතයින් මුලා කළ බව උපකල්පනය කොට ඇත. (මේ වනවිටත් රාජකීය උරුමකාර පුත්‍රයකු සිටියේ ය - ටුටන්ඛාමුන් - නමුත් ඒ ඇගේ පුත්‍රයා නොවේ) මෙම ලිපිය ලියන සමයේ සහ සනන්සා ඊජිප්තුවට පැමිණෙන සමයේ එය රහසක්ව තබා ගැනිණි. හිටයිට් පාර්ශ්වයෙන්, මෙම සැලසුම හෙළිවුවහොත් ඇතිවන අවදානම සුපිලුලියුමා හොඳින් දැන සිටි නමුත් ඔහු ඉන් ලැබෙන වාසිය පිළිබඳ සිතා බැලී ය. මේ හේතුවෙන් සුපිලුලියුමා සිය පුත්‍රයාගේ දිවිය මෙම සැලසුම වෙනුවෙන් අවදානමේ හෙළන්නට ඇත.[70]

දඛමුන්සු/සනන්සා සම්බන්ධය පිළිබඳ තොරතුරු මුළමණින්ම පාහේ ලැබෙන්නේ එම සිදුවීමෙන් වසර ගණනාවකට පසු ලියැවුණු හිටයිට් මූලාශ්‍රවලිනි. මිලර් පවසන පරිදි, ඒවා "ලියැවී ඇත්තේ මෙම උපායයෙහි දුක්මුසු අසසත්භාවය පිළිබඳමනා අවබෝධයකින් යුතුවයි. මුර්සුලි විසින් යම්තාක් දුරට ඉතිහාසය ප්‍රතිශෝධනය කරමින්, මෙම මුලාවේ සම්පූර්ණ වගකීම ඊජිප්තුවරුන් වෙත පැවරීමට උත්සාහ දරන බව යමෙකුට පැවසිය හැක. එමගින් සිය පියා වෙත එල්ලවන දෝෂාරෝපණ වළකාලමින්, ඔහු මවාපාන්නේ සිය පියා ඒ සියල්ල සිදුකළේ සනන්සා වෙත ඊජිප්තු සිහසුන කරා මාර්ගය පැහැදිළි කර දීමට බව පවසමිනි."[71]

නෙෆර්නෙෆරුආටන්-ටැෂෙරිට්[සංස්කරණය]

2006දී, ජේම්ස් ඇලන් විසින් මෙම සිදුවීම් සඳහා නව අර්ථ නිරූපණයක් යෝජනකා කරන ලදී.[61] ඉහත සාක්ෂි ආශ්‍රය කරගනිමින් ඔහු පවසන්නේ බොහෝ විට වර්ෂය 13න් පසු නෙෆර්ටිටි මියගිය බවයි. ඒ කාලය වන විට, අක්නාටන් සිය දියණියන්ට දාව මුණුපුරන්ට පියකු වීමට උත්සාහ දැරී ය. අමර්ණවලින් හමුවූ කැටයමක මෙරිටාටන් සහ අන්ඛෙසෙන්පාටන් ඔවුන්ගේ දියණියන් සමග නිරූපිත ය. මෙය මුලින් කියා සහ ඇගේ දියණිය නිරූපණයට යොදාගැනුණකි.[72] මෙරිටාටන්-ටැසෙරිට් සහ අන්ඛෙසෙන්පාටන්-ටැෂෙරිට් නැමැති එම දැරියන් 'රජුගේ සිරුරේ රජුගේ දියණිය, ඔහුගේ ප්‍රිය...' සහ 'රජුගේ සිරුරේ රජුගේ දියණියට උපන්, ඔහුගේ ප්‍රිය...' යන විරුදයන්ගෙන් දක්වා ඇත. ඇතැමුන් තර්ක කරන්නේ මෙමගින් පැවසෙන්නේ අක්නාටන් සිය දියණියන් භාර්යාවන්කොට ගෙන බිහිකළ දරුවන් පිළිබඳ බවයි. නමුත් ඇලන් විශ්වාස කරන්නේ මෙම පදවි නාමයන් සහ ඒවායේ බාහිර ස්වරූපය සැලකූ විට සරලව, මෙම දරුවන් එතැන හිස්තැන පිරවීමට යෙදූ 'ව්‍යාජ' නාමයන් බවයි‍.[73]

මෙරිටාටන් දියණියකට උපත දුන් විටථ අක්නාටන් ඇතැම්විට මෙකෙටාටන් දියණිය සිය භාර්යාව කරගන්නට ඇත. ඇය දරු උපතේ දී මියගිය බව රාජකීය සොහොන්ගැබ්වල නිරූපණය කොට තිබේ. මෙහි බිළිඳාගේ නාමයන් දක්වා නොමැති වුවත්, එම බිළිඳා දැරියක බව නිශ්චිතව හඳුනාගත හැක.[74] පුරුෂ උරුමකරුවකු නොවූ හෙයින්, අක්නාටන් ඊළඟට අන්ඛෙසෙන්පාටන් සිය භාර්යාව කරගන්නට ඇත. ඇය ද බිහිකළේ දැරියකි. (අක්නාටන් ඇගේ පියා බව දක්වා ඇති සටහන අනුව) ඔහුගේ ඊළඟ ලාබාලතම දියණිය වූ නෙෆර්නෙෆරුආටන්-ටැෂෙරිට් මේ වන විට බොහෝ ලාබාල දැරියකි. ඒ හෙයින්:

අනුමාන කළ හැක්කේ, පාරා‍වෝවරයාගේ නාමයේ ප්‍රධාන කොටස හැමවිටම අනුරූප වන්නේ සිහසුනට පත්වීමට පෙර ඔහු (හෝ ඇය) දැරූ නාමයටයි. දහඅටවන රාජවංශයේ සිට, පාරාවෝවරයාගේ කාර්ටුෂයන්ට විරුදයන් ඇතුළත් කෙරුණු නමුත්, සිය නාමයේ ප්‍රධාන කොටස සම්පූර්ණයෙන්ම වෙනස් කරගත් එකම පාලකයා අක්නාටන් ය. නමුත් ඔහු සිංහාසනාරූඪයට භාවිතා කළේ ඔහුගේ උපන් නාමය වූ අමෙන්හොටෙප් යන්නයි. මෙම සම්ප්‍රදායේ සාක්ෂි අනුව, සමරාජ්‍යාධිකාරිණිය සිය සිංහාසනාරූඪයට පෙර සිටම නෙෆර්නෙෆරුආටන් යන නාමය භාවිතා කළ බව සිතිය හැකි ය. ඒ අනුව මෙම රාජ්‍ය කරන රැජිනිය නෙෆර්ටිටි නොවන බව පෙනෙන්නට තිබේ. ඇය එකල එම නාමයෙන් හැඳින්වුණු අනෙක් එකම කාන්තාව වූ අක්නාටන්ගේ සිව්වන දියණිය, එනම්‍ කනිෂ්ඨ නෙෆර්නෙෆරුආටන් ය.[75]

ඇලන් විස්තර කරන්නේ ඇගේ නාමයේ 'ටැෂෙරිට්' යන යෙදුම පසුව ඉවත් කරන ලද්දේ, රජකුට එවැනි 'සුළු' පදයක් නාමයෙහි පැවතීම අයෝග්‍ය යැයි සිතීම නිසා විය හැක. නැතහොත් නෙෆර්ටිටිගේ මරණින් පසු එම කොටස ඉවත් කර ගන්නට ඇත.[75]

නෙෆර්නෙෆරුආටන්-ටැෂෙරිට්ගේ වයස ‍මෙම තර්කයට එල්ල වූ පළමු ප්‍රතිරෝධීතාවයි. අක්නාටන්ගේ මරණය වන විට ඇගේ වයස 10ක් පමණ වන්නට ඇතැයි සැලකේ.[76] නමුත් ඇලන් පවසන්නේ පළමුවරට කැටයම්වල නිරූපිත අවස්ථාවේ සිට ගණනය කරන ලද ඇතැම් දියණියන්ගේ වයස ඔවුන්ගේ සැබෑ වයසට වඩා අඩු අගයයක් ගන්නා බවයි. පළමු නිරූපිත අවස්ථාව සැලකූ විට, මෙකෙටාටෙන් උපත ලැබූයේ අක්නාටන්ගේ 4වන වර්ෂයේ යැයි සැලකීමට සිදු වේ. එසේවූයේ නම් ඇය දරුප්‍රසූතියේ දී මියයන විට ඇගේ වයස අවුරු 10ක් හෝ 11ක් විය හැක. එයට හේතුව ඇය මියගියේ අක්නාටන්ගේ 14වන වර්ෂයේ යැයි සඳහන්ව තිබීම නිසායි.[76] මෙකල දැරියන් 13වන වියේදී විවාහය සඳහා සුදුසු වූයේ යැයි පැ‍වසෙන මතය විවාදයට ලක් වී තිබිණි. (එය එසේ වුවත්, අක්නාටන් සහ ඔහුගේ දියණියන් ප්‍රවේණික ජානමය තත්ත්වයක් වූ ඇරෝමැටේස් අතිරික්ත සහලක්ෂණය නැමැති රෝගී තත්ත්වයෙන් පෙළී ඇත. මේ හේතුවෙන් පිරිමින් තුළ ගයිනකොමැස්ටියාව හෙවත් විශාල පියයුරු සහිත තත්ත්වය දක්නට ලැබිණි. කාන්තාවන්ගේ වයසට පෙර ලිංගික සංවර්ධනයක් දක්නට ලැබිණි.[77] මේ හේතුවෙන් 11 තරම් අඩු වයසේ දී ඔවුනට දරු ප්‍රසූතිය සිදු කළ හැකි විය)

ඇලන් යෝජනා කරන්නේ ඇතැම් විට මෙකෙටාටෙන් පළමුව නිරූපණය කරන අවස්ථාවේ ඇය තුන්වන වියේ පසුවන්නට ඇති බවයි. මේ හේතුවෙන් ඇය මියයන්නට ඇත්තේ බොහෝ විට 13 හෝ 14 වන වියේ දී වන්නට ඇත. ඩොඩ්සන් ද මේ බව සිය Amarna Sunset කෘතියේ එසේම අක්නාටන්ගේ රාජ්‍ය සමයේ පසුකාලයේ අන්ඛෙසෙන්පාටන් දරුවකු වැදූ බැවින්, නෙෆර්නෙෆරුආටන්-ටැෂෙරිට් සිය සොයුරියට වසරකට පසු උපන්නේ නම් අක්නාටන්ගේ රාජ්‍ය සමය අවසන් වන විට, නෙෆර්නෙෆර්ආටන්-ටැෂෙරිට්ගේ වයස 13ක් පමණ වන්නට ඇත.[78] පසුකාලීනව "ක්‍රියාකාරී..." යන්න සහිත විරුදයන් භාවිත කිරීම තුළින් ඇය පසුව ඇගේ පියාට භාර්යාවක් වන්නට තරම් ප්‍රමාණවත් වයසක පසු වූ බව පැහැදිළි වේ.

මෙම තර්කය කේන්ද්‍ර කොට ගෙන ඇත්තේ අක්නාටන්ට සිහසුනට පුත්‍රයකු ලබාගත නොහැකි වූ හෙයින්, ඔහු සිය දියණියන් භාර්යාවන් ලෙස පත්කොටගෙන මුණුපරකුට පියා වන්නට උත්සාහ දැරූ බවට වන මතයයි.[78] මෙම මුණුපුරු මිණිපිරියන් ඔහුගේ නොවී හෝ එවැන්නන් සිටියේ නොමැති නම්, ඇගේ දියණියන් සහ නෙෆර්නෙෆරුආටන්-ටැෂෙරිට් පිළිබඳවත්, ඇයව හවුල් රාජ්‍ය පාලනයට දායක කරගත් බවට වූ මතයත් අභව්‍ය බව පෙනී යයි. මුණුපුරු මිණිපිරියන් නොමැතිව ඇගේ වයස පිළිබඳ තර්කයන් ගොඩනැගීමට සාධක ද හමු නොවේ. ඇගේ වයස එම ධුරයට බාධාවක් නොවන බව පෙනී යන්නේ ටුටන්ඛාටන් ද සිහසුනට පත්වූයේ එවැනි වයසක දී වූ හෙයිනි. නමුත් 10-වියැති දැරියක් බොහෝදෙනකුට මේ ධුරයට අභව්‍ය බව පෙනේ.

මෙම වාදයේ වැදගත් කරුණු රඳා පවතින්නේ ඇගේ නාමය මතයි: ‍කෙනකු නෙෆර්නෙෆරුආටන් ධුරයට පත්වීමට සිය නාමය වෙනස් කරනු එතරම් විශ්වාස කළ නොහැකි කරුණකි. නෙෆර්ටිටි රැජින පිළිබඳ සඳහන් වර්ෂය 16ට අයත් ශිලාලේඛනය හේතුවෙන් නෙෆර්නෙෆරුආටන්-ටැෂෙරිට් මෙම පාරාවෝවරියගේ ධුරයට එතරම් ගැළපෙන්නේ නැති බව යෝජනා වී ඇත.

ස්මෙන්ඛ්කරේ සහ අමර්ණ අනුප්‍රාප්තිය[සංස්කරණය]

පුරාවිද්‍යා සාධක අනුව පැහැදිළිව හඳුනාගත හැක්කේ ස්මෙන්ඛ්කරේ නැමැත්තකු ජීවත්ව සිට ඇති බවත්, ඔහු යම් ආකාරයක පාරාවෝ බලයක් භුක්ති විඳ ඇති බවත්, ඉන් මඳ කලකට පසු ඔහු මියගොස් ඇති බවත් ය. එන් ඔබ්බ්ට නිශ්චිතවම සනාථ කළ හැකි තොරතුරු අල්ප ය. මේ හේතුවෙන් එක් වාදයක දී එක් විද්වතකු ඔහුගේ රාජ්‍ය සමය සහ පදවිය පිළිබඳ එක් මතයක් දරන විට, සෙස්සන් ඊට සහමුලින්ම වෙනස් මතයන් දැරිය හැක.

උදාහරණයක් ලෙස, ඩොඩ්සන් පවසන්නේ මෙරිරේ නිරූපණය අනුව ඔහුට 15වන වර්ෂය අවට කෙටි හවුල් පාලන සමයක් යෝජනා කළ හැකි බවයි. ගැබෝල්ඩි පවසන්නේ ස්මෙන්ඛ්කරේ වයින් සටහන අනුව, ස්මෙන්ඛ්කරේ අක්නාටන්ගෙන් පසු සිහසුනට පත් වූ බව පෙනී යන බවයි. අවසානයේ, ඇලන් මෙම වයින් සටහන භාවිත කරන්නේ නෙෆර්නෙෆර්ආටන් ඇගේ විරුද නාමයන්හි අක්නාටන් සමග දක්වා ඇති දැඩි සම්බන්ධතාව සත්‍යාපනයටයි. එසේම ඔහු ශිලා ස්තම්භ සලකා මේ දෙදෙනාම අක්නාටන්ගෙන් පසු සිහසුනට පත්ව ඇති බවත්, ඉන් එක් අයකු එදිරිවාදී රජකු බවටත් අනුමාන කරයි. ඇලන්-ඩොඩ්සන් සංයුක්තය මෙය දකින්නේ නෙෆර්නෙෆර්ආටන්ට එරෙහිව ටුටන්ඛාමුන්, අක්නාටන්ගෙන් පසු ඍජුවම සිහසුනට පත්ව ඇති බවයි. මේ යුගයේ කාලානුක්‍රමය පිළිබඳ ඊජිප්තුවේදීන් අතර නොයෙකුත් රසවත් කල්පිතයන් පවතියි.

මෑතක දී අනාවරණය කරගත් රාජ්‍ය වර්ෂය 16ට අයත් ශිලාලේඛනය අනුව, පෙනීයන්නේ නෙෆර්ටිටි ඒ වන විටත් ජීවත්ව ඇති බවත්, ඇය රැජින තනතුර ඒ වනවිටත් උසුලමින් සිටි බවත් ය. 16වන රාජ්‍ය වර්ෂයේදීත් ඇය ජීවත්ව සිටීම තුළින් ඇය නෙෆර්නෙෆරුආටන් වියහැකි බවට බොහෝ සාධක ඉදිරිපත් වී ඇත. අනෙක් අතින්, අක්නාටන්ගේ අවසන් රාජ්‍ය වර්ෂයට මඳ කලකට පෙරත් රැජින ධුරය ඉසිලූ බැවින්, අක්නාටන්ගේ අනුප්‍රාප්තිකයා බොහෝ විට ස්මෙන්ඛ්කරේ වන්නට වැඩි සම්භාවිතාවක් ඇත.

ප්‍රමාණවත් සාධක නොමැතිව ස්මෙන්ඛ්කරේගේ අනුප්‍රාප්තිකත්වය, ධුරය (සමරාජ්‍යාධිකාරී ද නැතහොත් රජු ද යන්න) සහ රාජ්‍ය සමය පිළිබඳ නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි ය. ‍සාක්ෂි මගින් පෙනී යන පරිදි, ඔහු ඉතා කෙටි කාලයක් ජීවත් වූයේ නම්, මෙහි පැහැදිළිභාවය හෙළිදරව් කරගැනීම අපහසු වනු ඇත. මෙහි ප්‍රතිඵලය ලෙස අමර්ණ අනුප්‍රාප්තිය පිළිබඳ තර්කය අන්ඛ්ඛෙපෙරුරේ-මෙරි නෙෆර්ඛෙපෙරුරේ නෙෆර්නෙෆරුආටන්-මෙරි වා එන් රේ රජුගේ අනන්‍යතාවය සොයාගැනීම මත රඳා පවතිනු ඇත.

නෙෆර්නෙෆරුආටන්ගේ අවමංගල භාණ්ඩ ටුටන්ඛාමුන්ගේ භූමදානය වෙනුවෙන් යළි භාවිතය[සංස්කරණය]

ටූටන්ඛාමූන්ගේ බොහෝ කැනපික බුජම්වල ස්ත්‍රීරූපී ලක්ෂණ දක්නට ලැබේ; බොහෝ විද්වතුන් පවසන්නේ මේවා මුලින් පාරාවෝවරියක සඳහා නිමකෙරුණු බවත්, පසුව ටුට් රජ සඳහා භාවිතයට ගැනුණු බවත් ය.[79]

නිකොලස් රීවස් අනුව, ටුටන්ඛාමුන්ගේ අවමංගල භාණ්ඩ අතුරින් 80%ක් පමණම නෙෆර්නෙෆරුආටන්ගේ මුල් අවමංගල භාණ්ඩ අතුරින් ලබාගත් ඒවායි. මේ අතර ඔහුගේ සුප්‍රකට රන් වෙස්මුහුණ, මැදි මිනීපෙට්ටිය, කැනපික බඳුන්, රන් ආලේපිත වන්දනා පනේල කිහිපයක්, ෂැබ්ටි-රූප, මංජුසා සහ අටු, රාජනීය ආභරණ ආදිය ද වේ.[80][81] 2015දී, රීවස් විසින් මෙයට සාක්ෂියක් ලෙස ටුටන්ඛාමුන්ගේ සුප්‍රකට රන් වෙස්මුහුණේ වූ පැරණි කාර්ටුෂයක් ඉදිරිපත් කරයි. මෙහි දැක්වෙන්නේ "අන්ඛ්ඛෙපෙරුරේ මෙරි-නෙෆර්ඛෙපෙරුරේ" (හෙවත් අක්නාටන්ගේ ප්‍රියාදර අන්ඛ්ඛෙපෙරුරේ) යන නාමයයි. මේ නිසා මෙම වෙස්මුහුණ මුලින් නිර්මාණය කෙරුණේ අක්නාටන්ගේ අගබිසව වූ නෙෆර්ටිටි රැජින වෙනුවෙනි. ඇය සිය සැමියාගේ මරණින් පසු සිහසුනට පත්වූ පසු අන්ඛ්ඛෙපෙරුරේ යන රාජකීය නාමය භාවිත කළා ය.[82]

මෙම තොරතුරු අනුව හැඟීයන්නේ බල අරගලයක දී නෙෆර්නෙෆරුආටන් බලයෙන් පහකළ බවයි. එහිදී ඇයට රාජකීය භූමදානයක් ලබා නොදී රැජිනක ලෙස භූමදානය කොට ඇත. නැතහොත් ටුටන්ඛාමුන් ඇගෙන් පසු සිහසුනට පත් වූ පැවින් ඔහුගේ නිලධාරීන් ඇයව වෙනත් රජකු‍‍ගේ අවමංගල භාණ්ඩ කට්ටලයක් සහිතව භූමදානය කරන්නට ඇත. බොහෝවිට මෙම භාණ්ඩ අක්නාටන්ට අයත් වූවා වන්නට ඇත.[83]

සාරාංශය[සංස්කරණය]

අන්ඛ්ඛෙපෙරුරේ නෙෆරුනෙෆරුආටන්ගේ රාජ්‍ය සමය සහ දිවිය පිළිබඳ නිශ්චිතවම සනාථ කළ හැකි තොරතුරු අත්තේ ඉතා ස්වල්පයකි. බොහෝ ඊජිප්තුවේදීහු ඇය කාන්තාවක බවත්, ඇය ස්මෙන්ඛ්කරේ නොවන වෙනත් රජකු බවත් පිළිගනිති. මේ යුගය පිළිබඳ බොහෝ විශේෂඥයින් විශ්වාස කරන්නේ අභිලේඛන සාක්ෂි අනුව ඇය අක්නාටන්ගේ රාජ්‍ය සමයේ කාලයක් හවුල් පාලනයක් ගෙගොස් ඇති බවයි.[19][38][61] ඇය ස්මෙන්ඛ්කරේට පෙර හෝ පසුව රාජ්‍ය කළේ ද යන්න ඇගේ අනන්‍යතාවය මත රඳා පවතියි.

ඇගේ 3වන රාජ්‍ය වර්ෂයට අයත් පායිරි ශිලාලේඛනය අනුව ඇය තනිව පාලනය ගෙන ගොස් ඇති බව පෙනේ. ඇගේ රාජ්‍ය සමයෙන් කවර කාලයක් හවුල් පාලනයක් ගෙනගියේ ද, තනි පාලනයක් ගෙනගියේ ද යන්න මතභේදාත්මක ය. එම සොහොන්ගැබ් ලිපියේම තීබ්ස්හි වූ අමුන් දේවස්ථානයක් පිළිබඳ විස්තර වේ. ඇතැම්විට මෙය මතාකාගාර දේවස්ථාන සංකීර්ණයක් වන්නට ඇත. මින් පෙනෙන්නේ ඇගේ රාජ්‍ය සමයේ අවසාන කාලයේ අමුන් වන්දනාවට වූ තහනම ඉවත් කළ බවත්, සම්ප්‍රදායික ආගම යළි ස්ථාපනය කළ බවත් ය.[29][38][61] ටුටන්ඛාමුන්ගේ භූමදානය සඳහා භාවිත කොට ඇති අවමංගල භාණ්ඩවලින් වැඩි ප්‍රමාණයක් ඇයට අයත්ව තිබූ බව පෙනෙන්නට ඇති බැවින්, ඇගේ අනුප්‍රාප්තිකයා විසින් ඇයට පාරාවෝවරයකුට උචිත භූමදානයක් ලබාදීම ප්‍රතික්ෂේප කොට ඇති බව පෙනේ.[29][38][61] මේ සඳහා හේතුව වාදවිවාදයන්ට හේතු වී ඇත.

නෙෆර්නෙෆරුආටන්ගේ අනුප්‍රාප්තිකයා විසින් ඇය පිළිබඳ තොරතුරු බොහෝ ප්‍රමාණයක් ඉතිහාසයෙන් මකාදමන ලදී. අනතුරුව පසුකලෙක හොරෙම්හෙබ් සහ 19වන රාජවංශයේ රජවරුන් විසින් සම්පූර්ණ අමර්ණ යුගයම පිළිබඳ තොරතුරු ඉතිහාසයෙන් අතුගා දැමූහ. මේ හේතුවෙන් සිදුවීම් පිළිබඳ නිශ්චිත තොරතුරු කිසිකලෙක සොයාගනු නොහැකි වනු ඇත. හමුවී ඇති සාධකවල ඇති අතිශය අපැහැදිළි ස්වභාවය හේතුවෙන් විවිධ තර්ක සනාථ කිරීම අපහසු වී ඇත. විවිධ ශිලාස්තම්භ ආදිය මගින් කාන්තා සමරාජ්‍යාධිකාරිණියක පිළිබඳ දැඩිව සාක්ෂි ලබාදුන්න ද, නමුත් ඒවායේ ඇගේ අනන්‍යතාවය සනාථ කරගන්නට කිසිදු සාධකයක් දක්වා නැත.

අමර්ණ යුගයේ අවසානය පිළිබඳ වසර ගණනාවක සිට නොයෙකුත් වාදවිවාද පැනනැගිණි. මෑතක දී හමු වූ 16වන වර්ෂයට අයත් නෙෆර්ටිටි රැජින පිළිබඳ සඳහන් ශිලාලේඛනය මගින්, අමර්ණ යුගය පිළිබඳ තවත් බොහෝ තොරතුරු හෙළි කරගත යුතුව ඇති බවට සනාථ වේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 ක්‍රවුස්, රොල්ෆ්. Das Ende der Amarnazeit (අමර්ණ යුගයේ අවසානය); 1978, හිල්ඩිෂයිම්; පිටු.43–47
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 2.7 2.8 ඇලන්, ජේම්ස් පී. (1994). නෙෆර්ටිටි ඇන්ඩ් ස්මෙන්ඛ්-කා-රේ. Göttinger Miszellen 141. පිටු 7–17. 
  3. එම්. ගැබෝල්ඩි, ‘අන්ඩර් අ ඩීප් බ්ලූ ස්ටැරී ස්කයි’, පී. බ්‍රෑන්ඩ් (සංස්.), "කෝසිං හිස් නේම් ටු ලිව්: ස්ටඩීස් ඉන් ඊජිප්ටියන් එපිග්‍රැෆි ඇන්ඩ් හිස්ට්‍රි ඉන් මෙමරි ඔෆ් විලියම් ජේ. මර්නේන්.", ලෙයිඩ්න්: ඊ. ජේ. බ්‍රිල් ඇකඩමික් පබ්ලිෂර්ස්, පිටු. 17-21
  4. අ සයිපෝසියම් ඔෆ් හොරෙම්හෙබ්: ජෙනරල් ඇන්ඩ් කිං ඔ ඊජිප්ට් මෙම 2011 මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාර සංදර්ශකයේ පළමු මිනිත්තු 8 බලන්න. වීඩියෝවේ සඳහන් පරිදි, මෙහි අනුක්‍රමය සහ දිනයන් "සාකච්ඡා වෙමින් පවතියි".
  5. 5.0 5.1 මැනතෝ, ද ලෝයබ් ක්ලැසිකල් ලයිබ්‍රරි; 1940, ඉංග්‍රීසි පරිවර්තනය ඩබ්. ජී. වැඩෙල්, පි 102-103
  6. ගැබෝල්ඩි, මාක්. D’Akhenaton à Tout-ânkhamon, 1998; පිටු.145-185
    ඇතැම් අන්තර්ජාල මූලාශ්‍ර අචෙන්චෙරෙස් යනු අක්නාටන් බව පවසයි.
  7. ඩි ගැරීස් ඩේවීස්, N. 1905. ද රොක් ‍ටූම්බ්ස් ඔෆ් එල් අමර්ණ, පාට් II: ද ටුම්බ්ස් ඔෆ් පැනෙහෙසි ඇන්ඩ් මෙරිරා II. ඊජිප්තුවේ පුරාවිද්‍ය සමීක්ෂණය. එෆ්. එල්. ග්‍රිෆිත්. ලන්ඩන්: ඊජිප්තු ගවේෂණ අරමුදල. බලන්න 'එල් අමර්ණ ශෛලමය සොහොන්ගැබ්හි රේඛා සිතුවම්'. නාමයන්හි ලෙප්සියස් පරිවර්තන පහළ දකුණු පස දැක්‍ වේ. එය මුලින් පිහිටියේ ඉහළ දකුණු පස ය. එතැන මෙරිටාටන්ගේ කාර්ටුෂය ද පැහැදිළිව සටහන් කොට තිබිණි.
  8. 8.0 8.1 ඇලන්, ජේම්ස් පී., "ද අමර්ණ සක්සෙෂන්", "කෝසිං හිස් නේම් ටු ලිව්: ස්ටඩීස් ඉන් ඊජිප්ටියන් එපිග්‍රැෆි ඇන්ඩ් හිස්ට්‍රි ඉන් මෙමරි ඔෆ් විලියම් ජේ. මර්නේන්", පි.2
  9. මර්නේන්, ඩබ්.; (1977) ඒන්ෂන්ට් ඊජිප්ටියන් කෝරීජන්සීස්, පිටු.213–15
  10. පෙන්ඩ්ල්බරි, ‍ජේ. ඩී. එස්. ; ද සිටි ඔෆ් අක්නාටන් (1951), කොටස III, පි.164
  11. පෙන්ඩ්ල්බරි, ජේ. ඩී. එස්. ; ද සිටි ඔෆ් අක්නාටන් (1951), කොටස III, pl lxxxvi සහ xcvii
  12. පෙට්‍රී, ඩබ්. එම්. ෆ්ලින්ඩර්ස් (1894). ටෙල් එල් අමර්ණ. පිටු pl. XV. 103–104. 
  13. රීවස් 2014, p. 511.
  14. ජේම්ස් සෙයිඩල්, ටුටන්ඛාමුන්’ස් මාස්ක්: එවිඩන්ස් ඔෆ් ඇන් ඉරේස්ඩ් නේම් පොයින්ට්ස් ටු ද ෆේට් ඔෆ් හෙරිටික් ක්වීන් නෙෆර්ටිටි, නොවැම්බර් 26, 2015, නිව්ස් කෝර්ප්
  15. මර්නේන්, ඩබ්; ටෙක්ස්ට්ස් ෆ්‍රොම් ද අමර්ණ පීරියඩ්, ඇට්ලැන්ටා: ස්කොලර් ප්‍රෙස් (1995). සටහන: ගාඩිනර්, JEA 14 (1928), පිටු. 10–11 සහ පිටු. 5–6;, රීවස් (ෆොල්ස් ප්‍රොෆට්, 2001. පි.163) සහ මර්නේන් යන සියලු දෙනා මෙහි දිනය 10වන දිනය, මාසය 3, අඛෙට් ලෙස දක්වා තිබේ. ඩොඩ්සන් (2009) මෙහි දිනය "පැහැදිළිව" 3වන දිනය, මාසය 4, අඛෙට් ලෙස දෙයි. මෙහි වෙනස් දින 23කි.
  16. රීවස්, සී. ‍නිකොලස්; අක්නාටන්, ඊජිප්ට්'ස් ෆෝල්ස් ප්‍රොෆට්; 2001. පි.164
  17. ජේ. ආර්. හැරිස්, Neferneferuaten, "Göttinger Miszellen" 4 (1973), 15-17;
    Neferneferuaten Rediviva, "Acta Orientalia" 35 (1973), 5-13;
    Neferneferuaten Regnans, "Acta Orientalia" 36 (1974), 11-21;
    Akhenaten or Nefertiti?, "Acta Orientalia" 38 (1977), 5-10.
  18. බර්ට්න්, හැරි (ඥායාරූප ශිල්පී). "ස්ටැචියුට් ඔෆ් ද කිං අපොන් අ ලෙපර්ඩ්". ටුටන්ඛාමුන්: ඇනටමි ඔෆ් ඇන් එක්ස්කැවේෂන්: ද හොවාර්ඩ් කාටර් ආකයිව්ස්. ග්‍රිෆිත් ආයතනය. සම්ප්‍රවේශය 2012-09-23. 
  19. 19.0 19.1 19.2 19.3 19.4 රීවස්, සී. නිකොලස්; අක්නාටන්, ඊජිප්ට්’ස් ෆෝල්ස් ප්‍රොෆට්; (2001) තේම්ස් ඇන්ඩ් හඩ්සන්
  20. පෙන්ඩ්ල්බරි ජේ., සැම්සන්, ජේ. ඇතුළු පිරිස; සිටි ඔෆ් අක්නාටන්, III කොටස (1951)
  21. 21.0 21.1 ඇලන්, ජේම්ස් පී. , ටූ ඕල්ටර්ඩ් ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් ද ලේට් අමර්ණ පීරියඩ්, ඊජිප්තුවේ ඇමරිකානු පර්යේෂණ මධ්‍යස්ථානයේ ජර්නලය 25 (1988); පිටු.117-121.
  22. සැබැවින්ම ක්‍රවුස්ගේ තර්කයේ එන ඇතැම් කරුණු මීට පෙර දෙවරක් යෝජනා වී තිබූ ඒවායි. බලන්න රීවස්, නිකොලස්; Orientalistische Literaturzeitung, වෙළු. 78, අං. 6 (1983)
  23. ගැබෝල්ඩි, මාක් (1998). "D’Akhenaton à Tout-ânkhamon": 147–62, 213–219. 
  24. ඇලන් (1994); ගැබෝල්ඩි (1998); ඊටන්-ක්‍රවුස් සහ ක්‍රවුස් (2001); හෝර්නන්ග් (2006); වොන් බෙකරැත් (1997); ඇලන් (2006); ක්‍රවුස් (2007); මර්නේන් (2001)
    නමුත් ඔවුන් අනුප්‍රාප්තිය, කාලානුක්‍රමය සහ නෙෆර්නෙෆරුආටන්ගේ අනන්‍යතාව පිළිබඳ දරන්නේ වෙනස්ම අදහස් ය.
  25. මර්නේන්, ඩබ්; (1977) පි.42
  26. ගැබෝල්ඩි, මාක්. D’Akhenaton à Tout-ânkhamon, 1998; පිටු.156-157; මෙය ඔසිරිස් සමග අයිසිස්ගේ සම්බන්ධයට ද ඇතුළත් වේ.
  27. ඩොඩ්සන්, ඒ; අමර්ණ සන්සෙට් (2009), උපග්‍රන්ථය 3
  28. ඇලන්, ජේම්ස් පී.; ද අමර්ණ සක්සෙෂන් (2006); P. ප්‍රභේදය (සංස්.), "කෝසිං හිස් නේම් ටු ලිව්: ස්ටඩීස් ඉන් ඊජිප්ටියන් එපිග්‍රැෆි ඇන්ඩ් හිස්ට්‍රි ඉන් මෙමරි ඔෆ් විලියම් ජේ. මර්නේන්"; මුල් කෘතියෙන් අධිලේඛිතයි
  29. 29.0 29.1 29.2 ගයිල්ස්, 2001
  30. උදා. මර්නේන්, ජේ..; ද එන්ඩ් ඔෆ් ද අමර්ණ පීරියඩ් වන්ස් අගේන්, (2001); ඇලන්, ජේ. 1998, 2006; ගැබෝල්ඩි, එම්.; Das Ende der Amarnazeit, (2001); හෝර්නන්ග්, ඊ.; ද නිව් කිංඩම් - ඒන්ෂන්ට් ඊජිප්ටියන් ක්රෝනොලොජි තුළ (2006); මිලර්, ජේ. අමර්ණ ඒජ් ක්රෝනොලොජි (2007); ඩොඩ්සන්, ඒ.; අමර්ණ සන්සෙට් (2009).
  31. මිලර්, ජේ.; අමර්ණ ඒජ් ක්රෝනොලොජි ඇන්ඩ් ද අයිඩෙන්ටිටි ඔෆ් නිභුරුරියා - ඕල්ටෝරියන්ටල් තුළ. ෆෝෂ්. 34 (2007); පි 272
  32. හැරිස්, ජේ. ආර්. නෙෆර්නෙෆරුආටන් රෙඩිවිවා; 1973 - "ඇක්ටා ඔරියන්ටලියා" 35 තුළ; පිටු. 5–13
    හැරිස්, ජේ. ආර්. Neferneferuaten Regnans; 1973 in Göttinger Miszellen 4 පිටු. 15–17
  33. සැම්සන්, ජේ.; සිටි ඔෆ් අක්නාටන් ඇන්ඩ් නෙෆර්ටිටි; ඇරිස් ඇන්ඩ් පිලිප්ස් ලිමිටඩ්, 1972; ISBN 978-0856680007
  34. ඩොඩ්සන් සහ හිල්ටන් (2004); පි 285
  35. ඩොඩ්සන්, ඒ; අමර්ණ සන්සෙට් (2009) පි. 43
  36. ගයිල්ස්, ෆ්‍රෙඩ්රික්. ජේ., ඉක්නේටන් ලෙජන්ඩ් ඇන්ඩ් හිස්ට්‍රි; 1970; ඇසෝෂියේටඩ් යුනිවර්සිටි ප්‍රෙස්; 1972 එජ; පි 59
  37. 37.0 37.1 ගයිල්ස්, එෆ්.; 1972
  38. 38.0 38.1 38.2 38.3 ඩොඩ්සන්, ඒ.; අමර්ණ සන්සෙට්, ද ඇමරිකන් යුනිවර්සිටි ඉන් කයිරෝ ප්‍රෙස්, 2009
  39. ඩොඩ්සන්, ඒ.; (2009); පි. 43
  40. මාටින්, ජී. ටී., ද රොක් ටූම්බ්ස් ඔෆ් එල්-'අමර්ණ. VII කොටස. ද රෝයල් ටූම්බ් ඇට් එල්-'අමර්ණ, 1974. ද ඔබ්ජෙක්ට්ස්. (වෙළු. I.) ලන්ඩන්: ඊජිප්තු ගවේෂණ සංගමය.
  41. බොවොට්, ජේ. -එල්. (1999). Un chaouabti pour deux reines amarniennes?. Égypte Afrique et Orient 13. පිටු 31–34. 
  42. ඇල්ඩ්‍රඩ්, සිරිල් (1988). අක්නාටන්: කිං ඔෆ් ඊජිප්ට්. තේම්ස් ඇන්ඩ් හඩ්සන්. ISBN 0-500-27621-8. 
  43. ‍ඩේර් අල්-බාර්ෂා ප්‍රොජෙක්ට් මුද්‍රණය මුදාහැරීම, දෙසැ 2012; http://www.dayralbarsha.com/node/124
  44. ඇතීනා වැන් ඩර් පෙරී, "Nofretetes (vorerst) letzte dokumentierte Erwähnung," (නෙෆර්ටිටිගේ (වර්තමාන) මෑතම ලිඛිත සාක්ෂිය) in: Im Licht von Amarna - 100 Jahre Fund der Nofretete. [Katalog zur Ausstellung Berlin, 07.12.2012 - 13.04.2013]. (දෙසැම්බර් 7, 2012 - අප්‍රේල් 13, 2013) පීටර්ස්බර්ග්, පිටු.195-197
  45. ඩේර් එල්-බර්ෂා ප්‍රොජෙක්ට් ෆියේචර්ඩ් ඉන් නිව් එක්ස්හිබිට් 'ඉම් ලිච් වොන් අමර්ණා' ඇට් ද ර්ජිප්ටිස්කස් මියුසියම් අන්ඩ් පැපිරස්සම්ලුං ඉන් බර්ලින් 12/06/2012
  46. ක්‍රිස්ටියන් බේයර්, "Ein Gott für Aegypten - Nofretete, Echnaton und der Sonnenkult von Amarna" Epoc, 04-2012. - පිටු.12-19
  47. ඇතීනා වැන් ඩර් පෙරී, ද ඉයර් 16 ග්‍රැෆිටෝ ඔෆ් අක්නාටන් ඉන් ඩේර් අබූ හිනිස්. අ කන්ට්‍රිබියුෂන් ටු ද ස්ටඩි ඔෆ් ද ලේටර් ඉයර්ස් ඔෆ් නෙෆර්ටිටි, ඊජිප්තු ඉතිහාස ජර්නලය (JEH) 7 (2014), පිටු.72-73 සහ 76-77
  48. වැන් ඩර් පෙරී, JEH 7 (2014) පිටු.82-87 සහ 96-102
  49. ඩොඩ්සන්, ඒ.; (2009) පි. 50
  50. ඒ. වැන් ඩර් පෙරී, JEH 7 (2014), පිටු.101-102
  51. Aidan Dodson, අමර්ණ සන්සෙට්: ද ලේට්-අමර්ණ සක්සෙෂන් රීවිසිටඩ් - බියොන්ඩ් ද හොරයිසන්. ස්ටඩීස් ඉන් ඊජිප්ටියන් ආට්, ආකියොලොජි ඇන්ජ් හිස්ට්‍රි ඇන්ඩ් හිස්‍ට්‍රි ඉන් ඔනර් ඔෆ් බැරී ජේ. කෙම්ප් තුළ, සංස්. එස්. ඉක්‍රම් සහ ඒ.ඩොඩ්සන්, පිටු.32-33 කයිරෝ: ශ්‍රේෂ්ඨ පුරාවස්තු කවුන්සිලය, 2009.
  52. ඩොඩ්සන්, අමර්ණ සන්සෙට් 2009, පිටු. 27-29
  53. ඩොඩ්සන්, අමර්ණ සන්සෙට් 2009, පි. 51, 45-46
  54. මර්නේන්, ඩබ්.; ඒන්ෂන්ට් ඊජිප්ට් කෝරීජන්සීස් (1977) පි. 31-32
  55. ඩොඩ්සන්, අමර්ණ සන්සෙට් 2009, පිටු.45-46
  56. JAMA. 2010 පෙබ 17; ඇන්සෙස්ට්‍රි ඇන්ඩ් පැතොලොජි ඉන් කිං ටුටන්ඛාමුන්'ස් ෆැමිලි; හවාස් ඉසෙඩ්.; ගැඩ්, වයි. එසෙඩ්.; ඉස්මයිල්, එස්.; ඛයිරාත්, ආර්.; ෆතල්ලා, ඩී.; හසන්, එන්.; අහමඩ්, ඒ.; එලයිති, එච්.; බෝල්, එම්.; ගබල්ලා, ඔ‍ෆ්.; වාසෙෆ්, එස්.; ෆාතීන්, එම්.; අමර්, එච්.; ගොස්ට්නර්, පී.; සලිම්, ඒ.; සින්ක්, ඒ.; පුෂ්, සී. එම්.; ප්‍රභවය පුරාවස්තු පිළිබඳ ශ්‍රේෂ්ට මණ්ඩලය, කයිරෝ, ඊජිප්තුව. http://jama.jamanetwork.com/article.aspx?articleid=185393
  57. 57.0 57.1 ගැබෝල්ඩි, එම්; ඒන්ෂන්ට් නියර් ඊස්ට් ෆෝරම්, දෙසැ 2007
  58. හොෆ්මයර්, වැන් ඩිජ්ක්. "නිව් ලයිට් ඔ‍න් ද අමර්ණ පීරියඩ් ෆ්‍රොම් නෝත් සිනායි". 
  59. හොෆ්මෙයර්, වැන් ඩිජ්ක්; නිව් ලයිට් ඔන් ද අමර්ණ පීරියඩ්" (2010) පිටු.201-202
  60. ජේ. ටිල්ඩෙස්ලි, ක්රෝනිකල් ඔෆ් ද ක්වීන්ස් ඔෆ් ඊජිප්ට්, 2006, තේම්ස් ඇන්ඩ් හඩ්සන්, පිටු.136-137;
    එසේම ගැබෝල්ඩි, එම්.; අන්ඩර් අ ඩීප් බ්ලූ ස්ටැරි ස්කයි, පී. බ්‍රෑන්ඩ් (සංස්.), - "කෝසිං හිස් නේම් ටු ලිව්: ස්ටඩීම් ඉන් ඊජිප්ටියන් එපිග්‍රැෆි ඇන්ඩ් හිස්ට්‍රි ඉන් මෙමරි ඔෆ් විලියම් ජේ. මර්නේන්", (2006) පිටු.17-21
  61. 61.0 61.1 61.2 61.3 61.4 ඇලන්, ජේම්ස් පී.; ද අමර්ණ ඇක්සෙෂන් (2006); in පී. බ්‍රෑන්ඩ් (සංස්.), "කෝසිං හිස් නේම් ටු ලිව්: ස්ටඩීස් ඉන් ඊජිප්ටියන් එපිග්‍රැෆි ඇන්ඩ් හිස්ට්‍රි ඉන් මෙමරි ඔෆ් විලියම් ජේ. මර්නේන්"; මුල්කෘතියෙන් අධිලේඛිතයි
  62. ගැබෝල්ඩි, මාක්. D’Akhenaton à Tout-ânkhamon, 1998; පිටු.178–183
  63. ගැබෝල්ඩි, මාක්. D’Akhenaton à Tout-ânkhamon, 1998; පිටු.187-226
  64. මර්නේන්, ඩබ්.; ද එන්ඩ් ඔෆ් ද අමර්ණ පීරියඩ් වන්ස් අගේන්, 2001
  65. ඒඩන් ඩොඩ්සන්, අමර්ණ සන්සෙට්: ද ලේට්-අමර්ණ සක්සෙෂන් රීවිසිටඩ් - බියොන්ඩ් ද හොරයිසන්. ස්ටඩීස් ඉන් ඊජිප්ටියන් ආට්, ආකියොලොජි, ඇන්ඩ් හිස්ට්‍රි ඉන් ඔනර් ඔෆ් බැරී ජේ. කෙම්ප් තුළ, සංස්. එස්. ඉක්‍රම් සහ ඒ. ‍ඩොඩ්සන්, පි.32 කයිරෝ: පුරාවස්තු පිළිබඳ ශ්‍රේෂ්ඨ මණ්ඩලය, 2009.
  66. විලියම් ජේ. මර්නේන්, ද එන්ඩ් ඔෆ් ද අමර්ණ පීරියඩ් වන්ස් අගේන්’, Orientalistische Literaturzeitung (OLZ) වෙළු. 96 (2001), පි.21
  67. මිලර්, ජේ.; අමර්ණ ඒජ් ක්රෝනොලොජි (2007) පි.275; to wit Gabolde 1998; 2001; 2002
  68. මිලර්, ජේ.; ද අමර්ණ ඒජ් ක්රෝනොලොජි (2007) පි.261
  69. මිලර්, ජේ.; ද අමර්ණ ඒජ් ක්රෝනොලොජි (2007) පි.275 n104
  70. මිලර්, ජේ.; ද අමර්ණ ඒජ් ක්රෝනොලොජි (2007) පිටු. 260-261; මිලර් විශ්වාස කරන්නේ සුපිලුලියුමා සැබැවින්ම මෙය "කෲර [සහ] දුෂ්ට" සැලසුමක් බව වටහාගෙන තිබිණි; නිසැකවම ඔහු හිටයිට් හිරු දෙවි අතර සබැඳියාව මෙන්, අමර්ණ රාජ මාලිගයේ තත්ත්වය පිළිබඳ නෙෆර්නෙෆරුආටන් ගැන දැන සිටියාටත් වඩා අඩුවෙන් දැන සිටි බව පෙනේ. පි.273 n94
  71. මිලර්, ජේ.; අමර්ණ ඒජ් ක්රෝ‍නොලොජි (2007) පි.262
  72. රෝඩර්, Amarna-Reliefs aus Hermopolis, pls. 19 (234-VI) සහ 106 (451-VIIA). එසේම ඩී.රෙඩ්ෆර්ඩ්, ස්ටඩීස් ඔන් අක්නාටන් ඇට් තීබ්ස්, II, JARCE 12 (1975), පිටු. 11–12.
  73. ඇලන්, ජේ., අමර්ණ සක්සෙෂන් (2006); පි. 9-10, p9 n. 34
  74. වැන් ඩිජ්ක්, ජැකොබස්; ද ඩෙත් ඔෆ් මෙ‍කෙටාටන් - කෝසිං හිස් නේම් ටු ලිව්: ස්ටඩීස් ඉන් ඊජිප්ටියන් එපිග්‍රැෆි ඇන්ඩ් හිස්ට්‍රි ඉන් මෙමරි ඔෆ් විලියම් ජේ. මර්නේන්; (2006) පිටු 7-8
  75. 75.0 75.1 ඇලන්; අමර්ණ සක්සෙෂන්; පි. 15
  76. 76.0 76.1 ටිල්ඩෙස්ලි, ජොයිස්. නෙෆර්ටිටි: ඊජිප්ට්'ස් සන් ක්වීන්; පෙන්ගුයින්; 1998; ISBN 0-670-86998-8
  77. අර්වින් එම්. බ්‍රේව්මන්, MD (2009). "අක්නාටන් ඇන්ඩ් ද ස්ට්‍රේන්ජ් ෆිසික්ස් ඔෆ් ඊජිප්ට්’ස් 18ත් ඩයිනාස්ටි". ඈන් ඉන්ටර්න් මෙඩ්. 150: 556–60. PMID 19380856. doi:10.7326/0003-4819-150-8-200904210-00010.  Invalid |display-authors=සහ පිරිස (help)
  78. 78.0 78.1 ඇලන්, ජේම්ස් පී.; ද අමර්ණ සක්සෙෂන් - "කෝසිං හිස් නේම් ටු ලිව්: ස්ටඩීස් ඉන් ඊජිප්ටියන් එපිග්‍රැෆි ඇන්ඩ් හිස්ට්‍රි ඉන් මෙමරි ඔෆ් විලියම් ජේ. මර්නේන්" තුළ
  79. (in en) Was King Tut's Tomb Built for a Woman?, https://www.smithsonianchannel.com/videos/was-king-tuts-tomb-built-for-a-woman/48933, ප්‍රතිෂ්ඨාපනය 2017-10-24 
  80. නිකොලස් රීවස් ටුටන්ඛාමුන්'ස් මාස්ක් රීකන්සිඩර්ඩ් BES 19 (2014), පිටු.511-522
  81. පීටර් හෙස්ලර්, ඉන්ස්පෙක්ෂන් ඔෆ් කිං ටුට්'ස් ටූම්බ් රිවීල්ස් හින්ට්ස් ඔෆ් හිඩ්න් චැම්බර්ස් නැෂනල් ජියෝග්‍රැෆික්, සැප්තැම්බර් 28, 2015
  82. නිකොලස් රීවස්, ද ගෝල්ඩ් මාස්ක් ඔ‍ෆ් ‍අන්ඛ්ඛෙපෙරුරේ නෙෆර්නෙෆරුආටන්, ජර්නල් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ටියන් ඉන්ටර්කනෙක්ෂන්ස්, වෙළු.7 අං.4, (දෙසැම්බර් 2015) පිටු.77-79; මෙම PDF ගොනුව බා ගැනීම සඳහා මෙතැන ඔබන්න
  83. නිකොලස් රීවස්,ටුටන්ඛාමුන්'ස් මාස්ක් රීකන්සිඩර්ඩ් BES 19 (2014), පිටු. 523-524

සටහන්[සංස්කරණය]

  1. මේ පිළිබඳ කෙටියෙන් විස්තර කළහොත් එක්තරා ඊජිප්තු රැජිනක තමන්ට පුතුන් නොවූ හෙයින්, තමන්ට විවාහ කරගැනීමට පුත්‍රයකු එවන මෙන් හිටයිට් සුපිලුලියුමා රජුට ලිපියක් යැවුවා ය. ඇයව විවාහ කරගැනීමෙන් ඔහුගේ පුත්‍රයාට ඊජිප්තුවේ රජු බවට පත්විය හැකිව තිබිණි. මේ පිළිබඳ විමසිලිමත් වූ හිටයිට් රජු ඇයට සිහසුනට පිරිමි උරුමකරුවකු නොමැති යන්න තහවුරු කැගැනීම පිණිස දූතයන් යැවී ය. රජු වෙත නැවත ලිපියක් යවන රැජින තමන් පුත්‍රයකු පිළිබඳ මුසා පවසන්නේ යැයි සැක කිරීම පිළිබඳ සුපිලුලියුමාට චෝදනා කරයි. ඇය තමන් "සේවකයකු" හා විවාහ වීමට අකමැති බවත් දන්වා යවයි. හිටයිට් මූලාශ්‍ර අනුව පෙනෙන ප්‍රධාන කරුණක් නම්, ඊජිප්තුව වෙත පිටත්ව මඳ කලෙකින් සනන්සා මියයාමයි. යෝජනා වී ඇත්තේ ඇගේ සැලසුම විනාශ කරවීමට සිතා යම් පිරිසක් විසින් ඔහුව ඊජිප්තු දේශසීමාවේ දී ඝාතනය කළ බවයි. ඔහු මියගිය දිනය, ස්ථානය මෙන්ම ඔහුව ඝාතනය කළ බවට ද සාක්ෂි හමුනොවන හෙයින්, ගැබෝල්ඩි විශ්වාස කරන්නේ ඔහු සිය චාරිකාව සම්පූර්ණ කළ බවත්, ඊජිප්තුවේ දී ස්මෙන්ඛ්කරේ ලෙස සිංහාසනාරූඪ කිරීමෙන් පසු ඔහු මියගිය බවයි.
    සම්ප්‍රදායික මතය නම් මෙහි සඳහන් රැජින ටුටන්ඛාමුන්ගේ වැන්දඹුව බවයි. එයට හේතුව ඇයට පුතුන් නොසිටීමත්, අනතුරුව ඇයව ඇගේ "සේවකයකු" වූ ආයිට විවාහ කරදීමත් නිසායි. රීවස් දිගු කලක සිට විශ්වාස කළේ මෙහි සඳහන් රැජින නෙෆර්ටිටි බවයි. ඇය මෙම යුගයේ අනභිබනීය රැජින වීම එයට හේතුවයි.
  2. ගැබෝල්ඩි සහ සෙස්සන් දිගු කාලයක් තිස්සේ ප්‍රකාශ කොට ඇත්තේ රේ යන දේවපාඨය සහිත ස්මෙන්ඛ්කරේ-ඩ්ජෙසර් ඛෙපෙරු යන නාමය සහ සාපේක්ෂව උසස් විරුද නාමය අනුව පෙනී යන්නේ, මෙමම නාමය උපන් නාමයකට වඩා සිහසුන් නාමයක් වන බව ය. ‍මෙවන් නම් වෙනසක් අනුව පෙණීයන්නේ ඔහු ඊජිප්තුවකු නොවන බවයි. මෙම නම් වෙනස සිදුකොට ඇත්තේ සරලව 'පූජනීය විද්‍යාමානය' යන විරුදය හෝ 'රේ' යන දේවවාදී පාඨය ආරූඪ කොට‍ගෙන වන අතර, එමගින් ආටන්වාදීන් මෙන්ම සම්ප්‍රදායික ආගමිකවාදීන්ගේ ද පිළිගැනීම ලබාගැනීම අරමුණු කෙරිණි.

වැඩිදුර කියවීමට[සංස්කරණය]

ඊජිප්තුවේදීන් අතර, ප්‍රධාන විද්වත්හු මේ පිළිබඳනොයෙකුත් අදහස් දරති. ඔවුන්ගේ අදහස් පිළිබඳ වැඩිදුර තොරතුරු ගවේෂණය සඳහා ඔවුන්ගේ කෘති පරිශීලනය කළ හැකි ය. නිකොලස් රීවස් සහ ඒඩන් ඩොඩ්සන්ගේ කෘති කිහිපයක නෙෆර්ටිටි රැජින, නෙෆර්නෙෆරුආටන් බව දක්වා ඇත. මාක් ගැබොල්ඩි සිය පත්‍රිකා කිහිපයක සහ අවම වශයෙන් එක් ග්‍රන්ථයක (ප්‍රංශ බසින්) දක්වා ඇත්තේ ඇය මෙරිටාටන් බවයි. මෙහි ඇති ජේම්ස් ඇලන්ගේ කෘති බොහෝමයක් ප්‍රධාන වශයෙන්ම නෙෆර්නෙෆර්ආටන් කාන්තාවක බවත්, ඇය ස්මෙන්ඛ්කරේ නොව වෙනත් අයකු බවත් විස්තර කරයි. ඔහුගේ පත්‍රයක් වන "The Amarna Succession" යන්න් ඔහුගේ පළමු වාදය ඉදිරිපත් කරන අතර, එමගින් නෙෆර්නෙෆරුආටන් රජුගේ අනන්‍යතාවය පෙර දැක්වූ පරිදි නෙෆර්ටිටි හෝ මෙරිටාටන් බවට තීරණය කිරීම අදාළ සාක්ෂිවල අර්ථකථන ආකාරය මත රඳා පවතින බව පැහැදිළි කරයි.

  • ඇල්ඩ්‍රඩ්, සිරිල්, Akhenaten, King of Egypt (තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 1988).
  • ඇල්ඩ්‍රඩ්, සිරිල් (1973). Akhenaten and Nefertiti. ලන්ඩන්: තේම්ස ඇන්ඩ් හඩ්සන්. 
  • ඇල්ඩ්‍රඩ්, සිරිල් (1984). The Egyptians. ලන්ඩන්: තේම්ස් ඇන්ඩ් හඩ්සන්. 
  • ඇලන්, ජේම්ස් පී. (2006). "The Amarna Succession" (PDF). Archived from the original on ජූලි 1, 2013. සම්ප්‍රවේශය 2008-06-23. 
  • ඩොඩ්සන්, ඒඩන් සහ හිල්ටන්, ඩියෑන්. The Complete Royal Families of Ancient Egypt. තේම්ස් ඇන්ඩ් හඩ්සන්. 2004. ISBN 0-500-05128-3
  • ඩොඩ්සන්, ඒඩන්. Amarna Sunset: Nefertiti, Tutankhamun, Ay, Horemheb, and the Egyptian Counter-Reformation. ද ඇමරිකන් යුනිවර්සිටි ඉන් කයිරෝ ප්‍රෙස්. 2009, ISBN 978-977-416-304-3
  • ෆ්‍රීඩ්, රිටා ඊ., යිවොන් ජේ. මාර්කොවිට්ස්, සහ සූ එච්. ඩි'ඕරියා (සංස්.) (1999). Pharaohs of the Sun: Akhenaten - Nefertiti - Tutankhamen. බුල්ෆින්ච් ප්‍රෙස්. ISBN 0-8212-2620-7. 
  • ගැබෝල්ඩි, මාක්, Under a Deep Blue Starry Sky in "Causing His Name to Live: Studies in Egyptian Epigraphy and History in Memory of William J. Murnane"; Gabolde - Starry Sky
  • ගයිල්ස්, ෆ්‍රේඩ්රික්. ජේ., Ikhnaton Legend and History (1970, ඇසොෂියේටඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 1972 එජ)
  • ගයිල්ස්, ෆ්‍රෙඩ්රික්. ජේ., The Amarna Age: Egypt (ඊජිප්තුවේදය සඳහා වූ ඕස්ට්‍රේලියානු මධ්‍යස්ථානය, 2001)
  • හොර්නං, එරික්, Akhenaten and the Religion of Light, පරිවර්තනය ඩේවිඩ් ලෝර්ටන්, කොර්නේල යුනිවර්සිටි ප්‍රෙස්, 1999, ISBN 0-8014-3658-3)
  • මිලර්, ජැරඩ්; Amarna Age Chronology and the Identity of Nibhururiya in the Light of a Newly Reconstructed Hittite Text (2007); ඕල්ටොරියන්ටල්. ෆෝෂ්. 34 (2007) 2, 252–293
  • රෙඩ්ෆෝර්ඩ්, ඩොනල්ඩ් බී., Akhenaten: The Heretic King (ප්‍රින්ස්ටන් යුනිවර්සිටි ප්‍රෙස්, 1984, ISBN 0-691-03567-9)
  • රෙඩ්ෆෝර්ඩ්, ඩොනල්ඩ් බී.; Akhenaten: The Heretic King (1984) ප්‍රින්ස්ටන් යුනිවර්සිටි ප්‍රෙස්.
  • රීවස්, සී. නිකොලස්., Akhenaten, Egypt's False Prophet (තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 2001).
  • රීවස්, සී. නිකොලස්., The Complete Tutankhamun: The King, the Tomb, the Royal Treasure. ලන්ඩන්: තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 1 නොවැම්බර් 1990, ISBN 0-500-05058-9 (ඝන කවරය)/ISBN 0-500-27810-5 (කඩදාසි බැම්ම සහිත)
  • රීවස්, නිකොලස් (2014). "Tutankhamun's Mask Reconsidered". මෙම කෘතිය තුල: ඒ. ඕපන්හයිම් සහ ඕ. ගෝලට්. The Art and Culture of Ancient Egypt. Studies in Honor of Dorothea Arnold. https://www.academia.edu/7415055/Tutankhamuns_Mask_Reconsidered_in_press_corrected_proof_. 
  • Theis, Christoffer Der Brief der Königin Daḫamunzu an den hethitischen König Šuppiluliuma I. im Lichte von Reisegeschwindigkeiten und Zeitabläufen, in: Thomas R. Kämmerer (Hrsg.): Identities and Societies in the Ancient East-Mediterranean Regions. Comparative Approaches. Henning Graf Reventlow Memorial Volume (= AAMO 1, AOAT 390/1). Münster 2011, S. 301–331
  • ටිල්ඩෙස්ලි, ජොයිස්. Nefertiti: Egypt's Sun Queen. පෙන්ගුයින්. 1998. ISBN 0-670-86998-8
  • අමර්ණ ව්‍යාපෘතිය
"https://si.wikipedia.org/w/index.php?title=නෙෆර්නෙෆරුආටන්&oldid=416424" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි