ටොලමි VI ෆිලොමේටර්

විකිපීඩියා වෙතින්
(ටොලමි VI ෆිලොමීටර් වෙතින් යළි-යොමු කරන ලදි)
ටොලමි VI ෆිලොමේටර්ගේ කාසියක්

ටොලමි VI ෆිලොමේටර් (ග්‍රීක: Πτολεμαῖος Φιλομήτωρ, Ptolemaĩos Philomḗtōr, ක්‍රි.පූ. 186–145 පමණ) යනුවෙන් හැඳන්වෙන්නේ ටොලමියානු යුගයේ ඊජිප්තු රජෙකි. ඔහු ක්‍රි.පූ. 180 සිට 145 දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවී ය.[1]

ටොලමි VI ෆිලොමේටර් ඊජිප්තු පාරාවෝවරයකු ලෙස නිරූපිත මුදුවක් (ලූවර්)

ක්‍රි.පූ. 180දී සිහසුනට පත්වන විට ටොලමිගේ වයස අවුරුදු 6ක් පමණ වූ හෙයින්, ඔහුගේ මව වූ Iවන ක්ලියෝපැට්රා සමග ඔහු හවුල් පාලනයක් ගෙනයන ලදී. ක්‍රි.පූ. 176දී ඇය මියගිය අතර, "සිය මවට සෙනෙහස දක්වන තැනැත්තා" යන අරුතැති ඔහුගේ 'ෆිලොමේටර්' යන නාමය යෙදුණේ මේ නිසා ය. මෙය φίλος (සෙනෙහස දක්වන, මිතුරු) + μήτηρ (මව) යන පද සන්ධි වී තැනුනකි. ඊළඟ වර්ෂයේ ඔහු විසින් සිය සොයුරිය වූ IIවන ක්ලියෝපැට්රාව විවාහ කරගන්නා ලදී. මෙය පාරාවෝවරුන්ගේ සම්ප්‍රදායයක් වූ අතර, ටොලමයික ග්‍රීක රජවරුන් පාරාවෝවරුන්ගේ බොහෝ පිළිවෙත් අනුගමනය කොට ඇත.[2] ඇයට දාව අවම වශයෙන් ඔහුට දරුවන් සිව්දෙනකුවත් සිටින්නට ඇත. මේ අතර: ටොලමි යුපේටර්, ටොලමි නියොස්, ක්ලියෝපැට්රා තියා සහ IIIවන ක්ලියෝපැට්රා සහ ඇතැම්විට බෙරෙනිස් ද සිටින්නට ඇත.[1]

ක්‍රි.පූ. 170දී IVවන ඇන්ටියෝකස් නැමැති සෙලියුකිඩ් රජු හයවන සිරියානු යුද්ධය ආරම්භ කළ අතර, ඔහු දෙවරක් ඊජිප්තුව ආක්‍රමණය කළේ ය.[තහවුරු කර නොමැත] ක්‍රි.පූ. 168දී ඔහු එහි රජු‍ ලෙස අභිෂේක විය. ලිවීගේ රෝමයේ ඉතිහාසය සහ එහි පදනම (XLV.12) තුළ සඳහන් වන්නේ රෝම සෙනට් සභාව,විසින් සිදුකළ නියෝගයක් අනුව ඔහු එම ප්‍රකාශය ඉල්ලා අස්කරගත් බවයි.

ක්‍රි.පූ. 169–164 කාලය තුළ, ඊජිප්තුව තුළ ටොලමි, ඔහුගේ සහෝදරි-රැජින සහ ටොලමිගේ ලාබාල සොයුරු ටොලමි VIII ෆිස්කන් යන තිදෙනාගෙන් සැදුම්ලත් ත්‍රිත්ව ආධිපත්‍යයක් පැවතිණි.[තහවුරු කර නොමැත] ක්‍රි.පූ. 164දී ඔහුගේ සොහොයුරා විසින් ඔහුව සිහසුනෙන් නෙරපන ලදී. අනතුරුව ඔහු ආධාර පතා රෝමය වෙත පලාගියේ ය. එහිදී ඔහුට කැටෝගේ ආධාර හිමි විය.[තහවුරු කර නොමැත] ඊළඟ වර්ෂයේ දී, ඇලෙක්සැන්ඩ්‍රියානුවන්ගේ මැදිහත්වීම මත ඔහුගේ තනතුරු යළි ප්‍රතිෂ්ඨාපනය කෙරිණි. නමුත් ඔහුට පාලනය ගෙනයාම තරමක් අපහසු වූ අතර, කැරැලි කිහිපයක් දරුණු ලෙස මර්දනය කිරීමට ද සිදු විය.[තහවුරු කර නොමැත]

ක්‍රි.පූ. 152දී ඔහු සිය පුත්‍රයකු වූ ටොලමි යුපේටර් සමග කෙටිකාලීන හවුල් පාලනයක් ගෙනගියේ ය. නමුත් එම වර්ෂයේම ටොලමි යුපේටර් මියගිය බව සැලකේ.[තහවුරු කර නොමැත]

ක්‍රි.පූ. 150 අවට ඔහු සිය දියණිය වූ ක්ලියෝපැට්රා තියාටොලමේයිස් අ‍කෝහි උත්සවයක දී ඇලෙක්සැන්ඩර් බැලස් හට විවාහ කර දී ඔහුව සෙලියුකිඩ් රජු ලෙස පිළිගත්තේ ය.[3] ක්‍රි.පූ. 145දී කෙසේනමුත්, ඇලෙක්සැන්ඩර් සිලිෂියාවේ කැරැල්ලක් මර්දනය කරමින් සිටින අතරතුර, VIවන ටොලමි සිරියාව ආක්‍රමණය කළේ ය. මෙය සිදුකළේ ජුදියාවේ ආරක්ෂිත මාර්ගයක් ඔස්සේ ඇලෙක්සැන්ඩර්ගේ යටත් රාජ්‍යයක් වූ ජොනතන් මැකාබී සිට ය. ඔහු සෙලියුෂියා නුවර අල්ලා ගැනීමට සමත් විය. ඔහු සිය දියණියව නැවත ඇලෙක්සැන්ඩර්ගේ සතුරකු වූ IIවන ඩිමෙට්‍රියස්හට විවාහ කරදුන්නේ ය. ඇන්ටියොක් වෙත ගිය ඔහු එහිදී ආසියාවේ රජු ලෙස කිරුළු පැළඳියේ ය. සිලිෂියාවේ සිට යළි පැමිණි ඇලෙක්සැන්ඩර්ව ටොලමි විසින් පරාජය කරන ලදී. ඇලෙක්සැන්ඩර් සිය හමුදාව සමග අරාබිය වෙත පලාගියේ ය. එහිදී ඔහුව මරාදැමිණි. මෙලෙසින් මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසු, ප්‍රථම වරට ඊජිප්තුව සහ සිරියාව යළි එක්සත් විය. කෙසේනමුත්, නොදන්නා හේතූන් මත ඉන් දින තුනකට පසු ටොලමි මියගියේ ය.[4]

පෙළපත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 ක්‍රිස් බෙනට්. "Ptolemy VI". ටින්ඩේල් හවුස්. සම්ප්‍රවේශය මැයි 22, 2013.
  2. "Pharaohs of Ancient Egypt". Ancient Egypt Online. සම්ප්‍රවේශය මැයි 22, 2013.
  3. අයි මැකාබීස් 10.48-58
  4. අයි මැකාබීස් 11.1-11.19

බාහිර සබැඳි[සංස්කරණය]

ලැකස්කර්ටියස් හි ටොලමි ෆිලොමේටර්] — (ඊ. ආර්. බෙවන්ගේ House of Ptolemyහි පරිච්ඡේදය IX, 1923)

ටොලමි VI ෆිලොමේටර්
උපත: ක්‍රි.පූ. 185 පමණ මරණය: ක්‍රි. පූ. 145
පූර්වප්‍රාප්තිකයා
ටොලමි V එපිෆේනස්
ක්ලියෝපැට්රා I
ඊජිප්තුවේ ටොලමයික රජ
ක්ලියෝපැට්රා I
ක්ලියෝපැට්රා II
ටොලමි VIII ෆිස්කන් සමග

ක්‍රි.පූ. 181–164
අනුප්‍රාප්තික
ටොලමි VIII ෆිස්කන්
පූර්වප්‍රාප්තිකයා
ටොලමි VIII ෆිස්කන්
ඊජිප්තුවේ ටොලමයික රජ
ක්ලියෝපැට්රා II
ටොලමි VIII ෆිස්කන්
‍ටොලමි VII නියොස් ෆිලොපේටර් සමග

ක්‍රි.පූ. 163–145
අනුප්‍රාප්තික
ක්ලියෝපැට්රා II
ටොලමි VII නියොස් ෆිලොපේටර්
"https://si.wikipedia.org/w/index.php?title=ටොලමි_VI_ෆිලොමේටර්&oldid=592120" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි