මහා ඇලෙක්සැන්ඩ' රජ

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
මහා ඇලෙක්සැන්ඩර්
Basileus of Macedon, Hegemon of the Hellenic League, Shahanshah of Persia, ඊජිප්තුවේ පාරාවෝ, Lord of Asia
Alexander the Great mosaic.jpg
King of Macedonia
රාජ්‍ය සමය336–323 BC
පූර්වප්‍රාප්තිකයාPhilip II
අනුප්‍රාප්තිකයාAlexander IV
පිලිප් III
ඊජිප්තුවේ පාරාවෝ
රාජ්‍ය සමය332–323 BC
පූර්වප්‍රාප්තිකයාDarius III
අනුප්‍රාප්තිකයාAlexander IV
පිලිප් III
King of Persia
රාජ්‍ය සමය330–323 BC
පූර්වප්‍රාප්තිකයාDarius III
අනුප්‍රාප්තිකයාAlexander IV
පිලිප් III
King of Asia
රාජ්‍ය සමය331–323 BC
පූර්වප්‍රාප්තිකයාNew office
අනුප්‍රාප්තිකයාAlexander IV
පිලිප් III
උපත20 or 21 July 356 BC
Pella, Macedon
මරණය10 or 11 June 323 BC (aged 32)
බැබිලන්
වල්ලභයාRoxana of Bactria
Stateira II of Persia
Parysatis II of Persia
දරුවන්Alexander IV
සම්පූර්ණ නාමය
මැසිඩෝනියාවේ තෙවන ඇලෙක්සැන්ඩර්
ග්‍රීක
  • Μέγας Ἀλέξανδροςසැකිල්ල:Cref (Mégas Aléxandros, මහා ඇලෙක්සැන්ඩර්)
  • Ἀλέξανδρος ὁ Μέγας (Aléxandros ho Mégas, මහා ඇලෙක්සැන්ඩර්)
රාජවංශයආර්ගේඩ් රාජවංශය
පියාPhilip II of Macedon
මවOlympias of Epirus
ආගමGreek polytheism
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති හෙලනිස්තික යුගයට අයත් තරුණ මහා ඇලෙක්සැන්ඩර්ගේ උර්ධව කාය පිළිමයක්

මහා ඇලෙක්සැන්ඩර්, 3 වැනි ඇලෙක්සැන්ඩර් ලෙසද හැඳින්වේ. මැසිඩෝනියාව පාලනය කළ පුරාණ ග්‍රීක රජෙකි. ඔහු යුද්ධයේ දී අනභිභවනීය මෙන්ම අති සාර්ථක රණ ශූර සෙන්පතියෙකු‍ලෙස ඉතිහාසගත වී ඇත. ඔහුගේ මරණය සිදුවන විට පුරාණ ග්‍රීසීය විසින් හඳුනාගැනුණු ලෝකයේ අති විශාල ප්‍රදේශයක් ඔහු යටත් කර ගෙන සිටියේය.

ඔහුගේ පියා වූ මැසිඩෝනියාවේ II පිලිප් රජුගේ මරණයෙන් පසු ඇලෙක්සැන්ඩර් මැසිඩෝනීයාවේ රජු බවට පත් විය. II පිලිප් රජු ග්‍රීසීය සතු ප්‍රධාන භූමියේ තිබූ නාගරික රාජ්‍යයන් (League of Corinth) මැසිඩෝනියන් පාලනය යටතේ ඵක්සත් කළේය. ඔහු දකුණු ග්‍රීක නගර රාජ්‍යයන්හි ඇතිවූ කැරළි මැඩ පවත්වා ඉන් පසු උතුරු මැසිඩෝනියාවේ අසල්වැසි පෙදෙස්වලට දරුණු ආක්‍රමණයක් ඵල්ල කොට ඵම පෙදෙස් ද යටත්කර ගත්තේය. ඵසේ කිරීමෙන් මැසිඩෝනියාවේ බලය තහවුරු කරගත් පසු නැගෙනහිර බලා ගමන් ගත්තේය. ඵහිදී ආකිමෙනිඩ් පර්සියානු අධිරාජ්‍යය යටත් කර ගත්තේය. ඔහු ඇනටෝලීයාව, සිරියාව, ටිනීෂියාව, ජුදේ, ගාසා, ඊජිප්තුව, බැක්ට්‍රියාව සහ මෙසපොතේමියාව යනාදී රටවල් ජයගෙන අවසානයේ ඔහුගේ අධිරාජ්‍යයේ සීමාව ඉන්දියාවේ පන්ජාබය දක්වා පුළුල් කළේය.

ඔහුගේ මරණයට ප්‍රථම සංග්‍රාමිකව හා වාණිජ අංශවලින් ඔහුගේ බලය අරාබි අර්ධද්වීපය දක්වා පුළුල් කිරීමේ සැලසුම් ඔහු සකස් කර තිබුණේය. ඉන් පසුව ඔහු බටහිර දෙසට හමුදාවක් (කාර්තේජ්, රෝමය සහ අයිබීරියන් අර්ධද්වීපය කරා) මෙහෙයවූයේය. ඔහු මුලින් අදහස් කර සිටියේ පෙර දිගට යාමටයි. ඵහෙත් ඔහුගේ ළමා කාලයේ ගුරුවරයා ඵය විස්තර කර තිබුණේ “ලෝකයේ අවසානය දක්වා සහ සයුරෙනුත් ඔබ්බට” ලෙසිනි.

ඇලෙක්සැන්ඩර් තම හමුදාවට විදේශිකයන් ද ඵක් කළේය. සමහර උගත්තු ඔහුට මෙම “මිශ්‍ර කිරීමේ පිළිවෙත” සම්බන්ධයෙන් ප්‍රසංශා කළේය. ඔහු තම සෙබළුන්ට විදේශීය කාන්තාවන් හා විවාහ වීමට දිරි දුන්ණේය. ඔහුද විදේශීය කුමරියන් දෙදෙනකු සරණ කර ගත්තේය.

ඇලෙක්සැන්ඩර් දොළොස් අවුරුද්දක් පුරා කළ අනවරත යුද්ධ ව්‍යපාරයකින් පසුව මිය ගියේය. මරණයට හේතුව මැලේරියාව, වසදීම, උණ සන්නිපාතය, මොළය ඉදිමීම හෝ මත්පැන්වලින් ඇතිවූ අහිතකර තත්වය යනාදී කරුණක් විය හැකිය. ඔහුගේ උරුමයන් හා විජයග්‍රහණවල ප්‍රතිඵල ඔහුගේ මරණයෙන් පසුව ද බොහෝ කාළයක් පැවතුණේය. ග්‍රීක ජනාවස තුළ ශත වර්ෂ ගණනාවක් පුරා පැතිරුණේය. මේවායින් ඇතිවූ සංස්කෘතික බලපෑම දුර බැහැර පෙදෙස්වලට ද බලපෑවේය. මෙම යුගය ‘හෙලනිස්තික යුගය’ යනුවෙන් හැඳින්වෙන අතර එහි ග්‍රීක, මැදපෙරදිග සහ ඉන්දියානු සංස්කෘතික ගුණාංග විදහා දැක්වීය. ඇලෙක්සැන්ඩර් චරිතය ග්‍රීක හා ග්‍රීක නොවන සංස්කෘතීන් තුළ පවා ඵෙතිහාසික මෙන්ම මිත්‍යා කථාවල ද ප්‍රධාන චරිතයක් විය. ඔහුගේ වික්‍රමයන් පරම්පරාගත සාහිත්‍යය ප්‍රබෝධමත් කළේය. ඵ් තුළ ඔහු දර්ශනය වන්නේ ඇචිලස් (පුරාණ ග්‍රීක වීරයෙකි-ඔහුට හානි කිරීමට අපහසුය) සම්ප්‍රදායේ පුරාණ කථාවල ඵන වීරයෙකු ලෙසිනි.


මහා ඇලෙක්සැන්ඩ' රජ
ආර්ගේඩ් රාජවංශය
උපත: ක්‍රි.පූ. 356 මරණය: ක්‍රි.පූ. 323
පූර්වප්‍රාප්තිකයා
පිලිප් II
මැසිඩෝනියාවේ රජ
ක්‍රි.පූ. 336–323
අනුප්‍රාප්තික වූයේ
පිලිප් III සහ ඇලෙක්සැන්ඩර් IV
පූර්වප්‍රාප්තිකයා
ඩේරියස් III
පර්සියාවේ මහා රජ (ෂා)
ක්‍රි.පූ. 330–323
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 332–323
පූර්වප්‍රාප්තිකයා
නැත (නව පදවිය)
ආසියාවේ රජ
ක්‍රි.පූ. 331–323
"https://si.wikipedia.org/w/index.php?title=මහා_ඇලෙක්සැන්ඩ%27_රජ&oldid=462478" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි