මෙර්නයිත්

විකිපීඩියා වෙතින්
මෙර්නයිත්
උම් එල-කා'අබ් වෙතින් හමුවූ මෙර්නයිත්ගේ සොහොන් ශිලාව
ඊජිප්තුවේ රාජ්‍යාධිකාරී
රාජ්‍ය සමයක්‍රි.පූ. 2950 පමණ[1]
සම-පාලකඩෙන්
වල්ලභයාඩ්ජෙට්
රාජවංශය1වන රාජවංශය
පියාඩ්ජෙර්

මෙර්නයිත් (මෙරිට්නයිත් සහ මෙරිට්-නයිත් ලෙස ද ලියනු ලැබේ) යනු පුරාතන ඊජිප්තුවේ පළමු රාජවංශ සමයේ විසූ බිසවක සහ රාජ්‍යාධිකාරිණියකි. ඇතැම් නිල වාර්තා අනුව ඇය ඇගේම අයිතිය අනුව ඊජිප්තුවේ පාලකයා ලෙස ද කටයුතු කරන්නට ඇත. මෙය සත්‍ය වන්නේ නම් සහ පෙර විසූ නයිත්හොටෙප් බිසව ස්වාධීන රාජ්‍යාධිකාරිණියක ද නොවේ නම්, ඇතැම්විට මෙර්නයිත් පුරාතන ඊජිප්තුවේ ප්‍රථම පාරාවෝවරිය මෙන්ම, වාර්තාගත ඉතිහාසයෙහි හමුවන පැරණිතම රාජ්‍ය පාලනය කළ රැජින ලෙස ද ඇය වර්තාගත වේ. ඇගේ පාලනය ක්‍රි.පූ. 2950 අවට කාලයේ සිදුවන්නට ඇත.[1]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 Teeter, Emily (ed.). Before the Pyramids, The Origins of Egyptian Civilization. The Oriental Institute of the University of Chicago, 2011, p. 207

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මෙර්නයිත්&oldid=608331" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි