ටූටන්ඛාමූන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
"ටුට් රජ" මෙතැනට යළියොමුවෙයි. වෙනත් භාවිතා සඳහා, ටුට් රජ (වක්‍රෝත්තිහරණය) බලන්න.

ටූටන්ඛාමූන් (/ˌttənkɑːˈmn/;[3] සමගාමීව ටූටෙන්ඛ්-, -අමෙන්,[4] -අමොන් යනුවෙන් ද හඳුන්වයි) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ 18වන රාජවංශයේ සිටි පාරාවෝවරයෙකි. (රාජ්‍ය. ක්‍රි.පූ. 1332–1323 පමණ; සම්මත කාලානුක්‍රමය අනුව) ඔහු රාජ්‍ය පාලනය කළේ ඊජිප්තු ඉතිහාසයේ නව රාජධානිය හෙවත් නව අධිරාජ්‍ය යුගය යනුවෙන් හැඳින්වුණු යුගයේ ය. ඔහුගේ තොරතුරු අනාවරණයෙන් පසුව ඔහුව කටවහරේ ටුට් රජ යනුවෙන් ප්‍රචලිත විය. ඔහුගේ මුල් නාමය "ආටන්ගේ ජීවමාන ප්‍රතිබිම්බය" යන අරුතැති ටූටන්ඛාටන් යන්නයි. නමුත් ටූටන්ඛාමුන් යන්නෙහි අරුත "අමුන්ගේ ජීවමාන ප්‍රතිබ්ම්බය" යන්නයි. රූපාක්ෂරවලින් ටූටන්ඛාමූන් යන නාමය සාමාන්‍යයෙන් ලියන ලද්දේ අමෙන්-ටුට්-අන්ඛ් ලෙසයි. එයට හේතුව එකල ලේඛන සම්ප්‍රදායයේදී ගෞරවය හැඟවීම පිණිස දිව්‍යමය නාමයක් පාඨයක මුලට යෙදීමයි.[5] අමර්ණ ලිපිවල සඳහන් නිභුරෙරෙයා රජු ටූටන්ඛාමූන් යැයි යෝජනා වී ඇත. එසේම පුරාතන ඉතිහාසඥයකු වූ මැනතෝ විසින් සඳහන් කොට ඇති වසර නවයක් රාජ්‍ය පාලනය කළේ යැයි පැවසෙන රතෝටිස් රජු ද මොහු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ පිළිබඳ ෆ්ලේවියස් ජොසෆස්ගේ මැනතෝගේ විස්තරය නැමැති සංස්කරණයේ සඳහන් වේ.[6]

1922දී හොවාඩ් කාටර් සහ ජෝජ් හර්බට්[7][8] විසින් ටූටන්ඛාමූන්ගේ නොඉඳුල් සොහොන්ගැබ අනාවරණය කරගන්නා ලදී. මෙම සොහොන්ගැබ ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් විය. මෙය පුරාතන ඊජිප්තුව පිළිබඳ මහජන උනන්දුව වැඩිකරලීමට හේතු විය. දැනට ඊජිප්තු කෞතුකාගාරයේ තබා ඇති ටූටන්ඛාමුන්ගේ වෙස්මුහුණ ජනප්‍රිය සංකේතයක් බවට පත්ව තිබේ. ඔහුගේ සොහොන්ගැබෙන් හමුවූ පුරාවස්තු ලොව පුරා ප්‍රදර්ශනය කෙරිණි. 2010 පෙබරවාරි මස DNA පරීක්ෂාවලින් සනාථ වූයේ ඔහු අක්නාටන් (KV55 මමිය) ගේ පුත්‍රයා බවයි. ඔහුගේ මව අක්නාටන්ගේ සොහොයුරියක සහ භාර්යාවක (KV35YL මමිය) වූ අතර, ඇගේ නාමය නොදනී. නමුත් ඇගේ ‍දේහය යැයි හඳුනාගත් මමියක් KV35 සොහොන්ගැබෙන් සොයාගත් අතර, එය "ලාබාල යුවතිය" යනුවෙන් හඳුන්වනු ලබයි.[9] ටූටන්ඛාමුන්ගේ සොහොන්ගැබ කැනීමට දායක වූ කිහිප දෙනකු "අද්භූත" අයුරින් මියයාම හේතුවෙන් පාරාවෝවරුන්ගේ ශාපය නැමැති මතයක් පැතිර ගියේ ය.[10]

දිවිය[සංස්කරණය කරන්න]

සොහොන්ගැබෙන් හමු වූ ළමා රජුගේ දැවමය උඩුකය රුව
අන්ඛෙසෙනමෙන්ගේ මල් භාරගන්නා ටූටන්ඛාමූන්

ටූටන්ඛාමූන් යනු යනු අක්නාටන් (මුල් නම IVවන අමෙන්හොටෙප්) රජුට දාව අක්නාටන්ගේ සොයුරියක[11] හෝ ඔහුගේ නෑනාවරියකට උපන් පුත්‍රයෙකි.[12] කුමාර අවධියේ ඔහු හැඳින්වුණේ ටූටන්ඛාටන් යන නාමයෙනි.[13] ක්‍රි.පූ. 1333දී සිහසුනට පත්වන විට ඔහුගේ වයස අවුරුදු නවයක් හෝ දහයක් වන්නට ඇත. අනතුරුව ඔහු නෙබ්ඛෙපෙරුරේ යන සිහසුන් නාමය ආරූඪ කරගත්තේ ය.[14] ඔහුගේ කිරි මව මේයා නැමැති කාන්තාවක බව සකාරාහි ඇගේ සොහොන්ගැබෙහි සඳහන් වේ.[15] ඔහුගේ ගුරුවරයා බොහෝ විට සෙනෙඩ්ජෙම් වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

රාජ්‍යත්වයට පත්වූ පසු ඔහු සිය අර්ධ-සොයුරියක වූ අන්ඛෙසෙන්පාටන්ව විවාහ කරග්තතේ ය. ඇය පසුකලෙක ඇගේ නාමය අන්ඛෙසෙනමුන් ලෙස වෙනස් කරගත්තා ය. ඔවුනට දියණියන් දෙදෙනකු විය. නමුත් ඒ දෙදෙනාම මළ දරු උපත් ය.[9] 2011දී ප්‍රකාශයට පත්කෙරුණු පරිගණකගත තීරු ප්‍රතිබිම්බකරණ අධ්‍යයන අනුව අනාවරණය වූයේ ඔහුගේ එක් දියණියක් මියගොස් ඇත්තේ ගර්භනීභාවයේ 5-6 මාසවලදී බවත්, අනෙක් දියණිය ගර්භනීභාවයේ 9වන මාසයේ පමණ බවත් ය. මෙම මමීවල සහජ අසාමාන්‍යතාවන් හෝ මරණයට නිශ්චිත හේතුවක් දක්නට ලැබුණේ නැත.[16]

රාජ්‍ය සමය[සංස්කරණය කරන්න]

ඔහුගේ වයස සලකා බලන විට, රජුට ඉතා බලවත් උපදේශකවරුන් සිටින්නට ඇත. මේ අතර සෙන්පති හොරෙම්හෙබ් (ප්‍රධාන අමාත්‍ය ආයිගේ බෑනා විය හැක. එසේම ආයිගේ අනුප්‍රාප්තිකයා ද වේ) සහ ප්‍රධාන අමාත්‍ය ආයි (ටූටන්ඛාමූන්ගෙන් පසු සිහසුනට පත්වූ) ද සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ. හොරෙම්හෙබ් සඳහන් කොට ඇත්තේ රජු විසින් තමන්ව "භූමියේ අධිපති" ලෙස පත්කර නීතිය පවත්වා ගැනීම උදෙසා ප්‍රවේණි කුමරු ලෙස නම්කළ බවයි. එසේම ලාබාල රජු කෝපගන්නා විට ඔහුව සංසිඳුවීමට ඔහුට පැවති හැකියාව ද එහි සඳහන් කොට ඇත.[17]

සිය තෙවන රාජ්‍ය වර්ෂයේ, සිය උපදේශකයන්ගේ බලපෑම මත ටූටන්ඛාමූන් විසින් සිය පියාගේ සමයේ සිදුකළ ඇතැම් වෙනස්කම් අවලංගු කරන ලදී. ඔහු ආටන් දෙවිඳු ඇදහීම අවලංගු කොට, අමුන් දෙවිඳුන් ප්‍රධාන දේවතාවා ලෙස නම්කළේ ය. අමුන් දේව වන්දනාවට වූ තහනම ඉවත් කෙරුණු අතර, එහි පූජකයන්ගේ සම්ප්‍රදායික වරප්‍රසාද යළි ලබාදෙන ලදී. රාජ්‍යයේ අගනුවර නැවත තීබ්ස් වෙත ගෙන යන ලදී. මේ හේතුවෙන් අක්ටාටන් නගරය වල්බිහි විය.[18] මෙකල අමුන් වන්දනාව සවිමත් කරමින් ඔහු සිය නාමය ටූටන්ඛාමූන් ලෙස වෙනස් කරග්තතේ ය. එහි අරුත "අමුන්ගේ ජීවමාන ප්‍රතිබිම්බය" යන්නයි.

සිය ප්‍රතිෂ්ඨාපනයේ කොටසක් ලෙස රජු නව ගොඩනැගිලි ව්‍යාපෘති සඳහා මුලපිරී ය. මේ අතර තීබ්ස්හි කාර්නැක් දෙවොලේ අමුන් දෙවිඳුට පුද කළ දේවස්ථානයක් ද වේ. බොහෝ ස්මාරක ඉදි වූ අතර, ඔහුගේ සොහොන්ගැබේ ද්වාරයේ ඇති ශිලාලේඛනයක සඳහන් වන්නේ රජු "සිය දිවිය ගෙවූයේ දෙවිවරුන්ගේ රූ ආදර්ශයට ගනිමින් බවයි". සම්ප්‍රදායික උත්සව සැමරීම යළි ආරම්භ විය. මේ අතර අපිස් ගවයා, හොරෙමැඛෙට් සහ ඔපෙට් සැමරුම් උත්සව ද විය. ඔහුගේ ප්‍රතිෂ්ඨාපන ශිලාවේ මෙසේ සඳහන් වේ:

දෙවිවරුන්ගේ සහ දෙවඟනන්ගේ දෙවොල් ... නටබුන් වී තිබිණි. ඒවායේ පූජාස්ථාන ජනශුන්‍ය වී වල්බිහි වී ගියේ ය. එහි අභයභූමි විද්‍යාමාන නොවූ අතර, අංගණයන් මාර්ග ලෙස භාවිතා විය ... දෙවිවරු මෙම භූමිය කෙරෙහි පිටපාන්නට වූහ ... කිසිවකු දෙවියන්ගේ උපදෙස් පතා යාඥා කළහොත් ඔහුට කිසිදා පිළිතුරක් නොලැබෙනු ඇත.[19]

අක්නාටන්ගේ රාජ්‍ය සමයෙන් පසු රාජ්‍යය ආර්ථිකව දුර්වල වෙමින් පැවති අතර අවුල් සහගත තත්ත්වයක පැවතිණි. සෙසු රාජ්‍ය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොසලකා හැර තිබිණි. ටූටන්ඛාමූන් එම රාජ්‍ය, විශේධයෙන්ම මිටැනිය සමග සබඳතා නැවත ප්‍රතිෂ්ඨාපනයට අපේක්ෂා කළේ ය. ඔහු ලද සාර්ථකත්වය, ඔහුගේ සො‍හොන්ගැබේ තිබී හමුවූ විවිධ රටවල්වලින් හිමි වූ ත්‍යාගවලින් පෙනේ. ඔහු සබඳතා වැඩිදියුණු කරගැනීමට උත්සාහ දැරුව ද, නුබියානුවන් සහ ආසියාතිකයන් අතර ඇති වූ සටන් පිළිබඳ තීබ්ස්හි ඔහුගේ මතකාගාර දෙවොලේ සඳහන්ව ඇත. ඔහුගේ සොහොන්ගැබේ සන්නාහ පැවති අතර, යුධ ආක්‍රමණ සඳහා උචිත හකුලන මේස ද දක්නට ලැබිණි. කෙසේනමුත් යොවුන් වියේ පසුවුවත්, ඔහුගේ කායික අසාමාන්‍යතා හේතුවෙන් ඇවිදීම පිණිස සැරයටියක් භාවිතා කිරීමට සිදු වූ බව පෙනේ. (ඔහු මිය යන විට වයස අවුරුදු 19කි) ඉතිහාසඥයන් අනුමාන කරන්නේ ඔහු පෞද්ගලිකව එම සටන්වලට සහභාගී නොවන්නට ඇති බවයි.[9][20]

සෞඛ්‍යය සහ පෙනුම[සංස්කරණය කරන්න]

සියලු ආභරණ ඉවත් කරන ලදුව, ටූටන්ඛාමූන්ගේ මමිය වර්තමානයේ රජුන්ගේ නිම්නයරජුන්ගේ නිම්නයේ ඔහුගේ KV62 සොහොන් කුටියේ තැන්පත් කොට ඇත.

ටූටන්ඛාමූන් කෘෂ සිරුරක් සහිත පුද්ලයකු වූ අතර දළ වශයෙන් 180 cm (අඩි 5 අඟල් 11) ක පමණ උසකින් යුක්ත විය.[21] ඔහුට විශාල ඉදිරි කෘන්තක දත් පිහිටා තිබූ අතර, තුත්මොසීය රාජකීය පෙළපතේ ප්‍රධාන ලක්ෂණයක් වූ පහළ හනුවේ දත් මතින් ඉහළ හනුවේ දත් පිහිටන ලක්ෂණය ද දක්නට ලැබිණි. 2007 සැප්තැම්බර් සහ 2009 ඔක්තෝබර් අතර කාලයේ, ටූටන්ඛාමූන් රජුගේ පවුල හඳුනාගැනීමේ ව්‍යාපෘතියේ දී විවිධ මමීවල මානවවිද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක සහ ප්‍රවේණි විද්‍යාත්මක අධ්‍යයන සිදුකෙරිණි. එම පර්යේෂණ මගින් හෙළිවූයේ ටූටන්ඛාමූන්ට ද "යන්තම් බෙදුණු තල්ලක්" ඇති බවයි.[22] එසේම මඳ වහයෙන් පැතිකුදය ද පැවතී ඇති බව (මෙහි දී කශේරුව සාමාන්‍ය පිහිටුමෙන් පැත්තකට නෙරා යයි) අනාවරණය විය. ටූටන්ඛාමූන්ගේ සිරුර අධ්‍යයනයේ දී පෙනී ගොස් ඇත්තේ අස්ථි පටකයේ විපන්‍යය හේතුවෙන් වම් පාදය විකෘතිව පැවතී ඇති බවයි. මෙම ආබාධය හේතුවෙන් ටූටන්ඛාමූන්ට ඇවිදීමේ දී සැරයටියක් භාවිත කරන්නට සිදු වන්නට ඇත. ඔහුගේ සොහොන්ගැබේ තිබී සැරයටි විශාල සංඛ්‍යාවක් හමුව තිබීමෙන් මෙය පැහැදිළි වේ.[23] ටූටන්ඛාමූන්ගේ මමියේ DNA පරීක්ෂාවල දී, මැලේරියා රෝගකාරක පරපෝෂිතයාගේ DNA ද සොයාගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ. මෙම රෝගය පිළිබඳ දැනට පවතින පැරණිතම ජාන විද්‍යාත්මක සාක්ෂිය මෙයයි. එහි දී මැලේරියා පරපෝෂී ප්‍රභේද එකකට වඩා හමු විය. මේ හේතුවෙන් ටූටන්ඛාමූන් බහුවිධ මැලේරියා ආසාදනයන්ගෙන් පෙළුණු බව පෙනී යයි. නැෂනල් ජියෝග්‍රැෆික් වාර්තාව අනුව, "මැලේරියාව හේතුවෙන් ටූටන්ඛාමූන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටෙන්නට ඇත. එය පාදයේ ආබාධය සුවවීමට බාධාවක් වන්නට ඇත. මේ සාධක සමග, 2005දී විද්‍යාඥයින් විසින් අනාවරණය කරගත් ආකාරයට ඔහුගේ ඌර්වස්ථියේ බිඳීම හේතුවෙන් අවසානයේ රජු මිය යන්නට ඇත."[23]

පෙළපත[සංස්කරණය කරන්න]

2008දී, පර්යේෂක කණ්ඩායමක් විසින් ටූටන්ඛාමූන් සහ ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයන්ගේ මමීකෘත ශේෂයන් ආශ්‍රයෙන් DNA පර්යේෂණයක් සිදුකරන ලදී. මෙම DNA නියැදිවල ප්‍රතිඵල අනුව අනාවරණය වූයේ ඔහුගේ පියා අක්නාටන් බවත්, ඔහුගේ මව අක්නාටන්ගේ හඳුනන බිසෝවරුන්ගෙන් අයකු නොවන බවත්, නමුත් අක්නාටන්ගේ සොයුරියන් පස්දෙනාගෙන් අයකු බවත් ය. මෙම අධ්‍යයනයේ දී භාවිතා වූ ක්‍රමවේද මතභේදයට තුඩු දී ඇත.[24][25] පර්යේෂක කණ්ඩායම වාර්තා කළේ ටූටන්ඛාමූන්ගේ පියා වූ KV55 සොහොන්ගැබෙන් හමුවූ මමියේ හිමිකරු‍, IIIවන අමෙන්හොටෙප්ගේ පුත්‍රයා වීමට 99.99%ක සම්භාවිතාවක් ඇති බවයි.[26] මෙම ලාබාල රජුගේ මව DNA පරීක්ෂණයේ දී 'ලාබාල යුවතිය' (KV35YL) යනුවෙන් හඳුන්වන මමියේ හිමිකාරිණිය බව පැහැදිළි විය. ඇගේ මමිය සොයාගැනුණේ KV35 සොහොන්ගැබේ කුටියක ටියේ රැජිනගේ මමිය අසල තිබී ය. ඇගේ DNA පරීක්ෂාවෙන් ද සනාථ වූයේ ටූටන්ඛාමූන්ගේ පියා මෙන්ම ඇය ද, IIIවන අමේනහොටෙල් සහ ටියේගේ දියණියක බවයි. මේ අනුව ටූටන්ඛාමූන්ගේ දෙමව්පියන් සොහොයුරා සහ සොයුරිය බව පැහැදිළි විය.[27] ටියේ රැජින රාජ මාලිගයේ විශාල දේශපාලන බලයක් ඉසිලූ අතර, ඇය සිය සැමියාගේ මරණින් පසු සිය පුත්‍රයාට උපදේශකවරියක ලෙස කටයුතු කළා ය. ඇතැම් ජාන විද්‍යාඥයන් මෙම සොයාගැනීම් පිළිබඳ සැකපහළ කරමින් පවසන්නේ "මෙහි විශ්ලේෂණ ක්‍රමවේද නුසුදුසු බවයි."[28]

දත්ත අසම්පූර්ණ වුවත්, අධ්‍යයනය අනුව පෙනීයන්නේ ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබේ තිබී හමුවූ එක් මමීකෘත භ්‍රෑණයක් ඔහුගේ දරුවකු විය හැකි බවයි. මේ වනතෙක් KV21 සොහොන්ගැබෙන් හමුවූ කාන්තා මමී ද්විත්වය පිළිබඳ අනාවරණය කරගෙන ඇති තොරතුරු අසම්පූර්ණ ය.[29] ඒ අතුරින් KV21A නැමැති මමිය බොහෝ විට එම ළදරුවන්ගේ මව විය හැකි බව පෙනේ. එසේ නම් ඇය ටූටන්ඛාමූන්ගේ බිසව වන අන්ඛෙසෙනමුන් වනු ඇත. ඉතිහාසය අනුව ඇය අක්නාටන්ගේ සහ නෙෆර්ටිටිගේ දියණියයි. ඒ අනුව ඇය ඇගේ සැමියාගේ අර්ධ-සොයුරිය ද වේ. මෙසේ සහාභිජනන පිළිවෙතේ ප්‍රතිඵලය ලෙස බිහිවන දරුවන්ගේ ජානමය විකෘතිතා හේතුවෙන් ඔවුනට ජීවත් වන්නට ඉඩ‍ නොලැබෙන අවස්ථා ද දක්නට ලැබේ.

මරණය[සංස්කරණය කරන්න]

ටූටන්ඛාමූන්ගේ අවසන් කාලය පිළිබඳ සඳහන් වාර්තා හමුනොවේ. ටූටන්ඛාමූන්ගේ මරණයට හේතුව කුමක් ද යන්න වාදවිෂයයක් බවට පත්ව ඇත. ප්‍රධාන අධ්‍යයන මගින් ඔහුගේ මරණයට විවිධ හේතූන් දැක්වීමට උත්සාහ දරා ඇත. හාවර්ඩ් ක්ෂුද්‍රජීව විද්‍යාඥ රැල්ෆ් මිචෙල් විසින් සොයාගන්නා ලද්දේ ඔහුගේ භූමදානය ඉක්මණින් සිදුකොට ඇති බවකි. මිචෙල් වාර්තා කළේ ටූටන්ඛාමූන්ගේ භූමදාන කුටීරයේ බිත්තිවල ඇති විසිතුරු කළ බිත්තිවල දක්නට ලැබෙන අඳුරු දුඹුරු පැහැ ලපවලට හේතුව, එහි තීන්ත වේලීමටත් පෙර දේහය භූමදාන කිරීම විය හැකි බවයි.[30]

ටූටන්ඛාමූන් ඝාතනය වූ බවට ඇති මතයන් සැකකටයුතු වුවත්, ඔහුගේ මරණය හදිසි අනතුරක් බව සාමාන්‍ය පිළිගැනීමයි. 2005දී සිදුකළ CT පරිලෝකනයක දී පෙනීගොස් ඇත්තේ, ඔහු පාදයේ සංකීර්ණ අස්ථි බිඳීමකින් පීඩා විඳ ඇති බවයි.[31] ඔහුගේ මරණයට මඳ කලකට පෙර, ඔහුගේ පාදය ආසාදනය වී ඇත. 2010දී සිදුකළ DNA විශ්ලේෂණයෙන් පෙනීගොස් ඇත්තේ ඔහුගේ සිරුර තුළ මැලේරියා රොගකාරක පැවතී ඇති බවයි. මේ හේතුවෙන් මැලේරියාව සහ කොහ්ලර්ගේ රෝගය II නිසා ඔහු මියගිය බවට විශ්වාස කෙරිණි.[32]

2010 ජූනි මස, ජර්මන් විද්‍යාඥවරුන් ප්‍රකාශ කළේ ඔහු මියගියේ දෑකැති සෛල රෝගයෙන් බවට සාක්ෂි ඇති බවයි. කෙසේනමුත්, වෙනත් විද්වත්හු මෙම සමයුග්මක දෑකැති සෛල රෝගය පිළිබඳකල්පිතය ප්‍රතික්ෂේප කළහ.[33] මේ සඳහා ඔවුන් පාදක කරගත්තේ 5වන විය ඉක්මවා සිටීමත්, අස්ථිවිපන්‍යයේ ව්‍යාප්තිය අනුව එය දෑකැති-සෛල රක්තහීනතාවට වඩා ෆ්‍රයිබර්ග්-කොහ්ලර් සහලක්ෂණයේ අවස්ථාවක් බැවිනි.[තහවුරු කරන්න] 2005දී පුරාවිද්‍යාඥයින්, විකිරණවේදීන් සහ ජාන විද්‍යාඥයින් විසින් මමියේ CT පරිලෝකන සිදු කරමින් මෙහෙයවන ලද පරීක්ෂණයෙන් පෙනී ගියේ ඔහු පෙර සිතූ පරිදි මියගොස් ඇත්තේ හිසට සිදු වූ පහර දීමකින් නොවන බවයි.[34] නව CT ප්‍රතිබිම්බ අනුව පෙනී ගොස් ඇත්තේ මෙවන් ව්‍යාභිචාර විවාහ මගින් උපත ලබන දරුවන් අතර සහජ විකෘතිතා බහුල බවයි. සහෝදර-සහෝදරි විවාහ මගින් හානිකර ජානවල ද්විත්ව පිටපත් ආවේණිගත වන හෙයින්, මෙවන් විවාහවලින් බිහිවන දරුවන් ජාන විකෘතිතාවන් පෙළෙන බව පැහැදිළි ය.[35] එසේම ඔහුට සහජ ආබාධයක් ලෙස අර්ධව බෙදුණු තල්ලක් තිබූ බවට සැක කෙරේ.[36]

ඔහුගේ අකල් මරණයට හේතු වූ සෙසු රෝග ලෙස පහත රෝග ද යෝජනා වී තිබිණි. ඒවා නම්: මාර්ෆන් සහලක්ෂණය, විල්සන්-ටර්නර් X-ප්‍රතිබද්ධ මානසික ඌන වර්ධන සහලක්ෂණය, ෆ්‍රෝහ්ලිච් සහලක්ෂණය (මේදලිංගික දුෂ්තර්පණය), ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය, ඇන්ඩ්‍රජන් අසංවේදී සහලක්ෂණය, ඇරෝමැටේස් අතිරික්ත සහලක්ෂණය සමග සංයුක්ත වූ ශරීය craniosynostosis සහලක්ෂණය, ඇන්ට්ලී-බික්ස්ලර් සහලක්ෂණය ‍හෝ එහි ප්‍රභේදයක්,[37] සහ ශංඛක කණ්ඩික අපස්මාරය වැනි රෝග තත්ත්වයි.[38]

යෙහියා ගැඩ් සහ සොමේයා ඉස්මයිල් යන කයිරෝවේ ජාතික පර්යේෂණ ආයතනයේ ඊජිප්තු පර්යේෂකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් කයිරෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අශ්රෆ් සලිම් සහ සහාර් සලීම්ගේ මෙහයවීම මත වැඩිදුර CT පරිලෝකන සිදුකරන ලදී. අන්තර්ජාතික විශේෂඥයන් තිදෙනකු මේ සඳහා උපදේශකයන් ලෙස කටයුතු කරන ලදී. මේ තිදෙනා නම්: ජර්මනියේ, ටූබින්ජන්හි එබර්හාඩ් කාල්ස් විශ්වවිද්‍යාලයේ කාස්ටන් පුෂ්; ඉතාලියේ EURAC-බොල්සානෝහි අයිස් මිනිසා සහ මමී සඳහා වූ ආයතනයේ ඇල්බට් සින්ක්;[39] සහ බොල්සානෝ මධ්‍යම රෝහලේ පෝල් ගොස්ට්නර් නම් අයයි.[40] DNA ඇඟිගි සලකුණු විශ්ලේෂණය ඇතුළු සෙසු තාක්ෂණික ක්‍රම පාදක කරගත් STR විශ්ලේෂණය මගින්, ගයිනෙකොමැස්ටියාව සහ ක්‍රේනියෝසයිනොස්ටොසිස් (උදා. ඇන්ට්ලී-බික්ස්ලර් සහලක්ෂණය) හෝ මාර්ෆන් සහලක්ෂණය පිළිබඳ උපකල්පන ප්‍රතික්ෂේප විය. නමුත් ටූටන්ඛාමූන්ගේ පවුලේ අසාමාන්‍යතාවන් ඔහු තුළ සාන්ද්‍රගත වූ බව සාක්ෂියකි. කොහ්ලර්ගේ රෝගය II වැනි ඇතැම් රෝග ලක්ෂණ ටූටන්ඛාමූන් තුළ හඳුනාගැනිණි. ඔහුගේ මරණයට තනි හේතුවක් බල නොපෑ බව පෙනේ. Plasmodium falciparum පරපෝෂිතයා සඳහා විශේෂිත STEVOR, AMA1, හෝ MSP1 ජාන සඳහා සිදුකළ ජාන පරීක්ෂාවේ දී ටූටන්ඛාමූන්ගේ මමිය ඇතුළු මමී 4ක තිබී මැලේරියා රෝග ලක්ෂණ අනාවරණය විය.[9] කෙසේනමුත්, මරණය කෙරෙහි මේවායේ දායකත්වය බෙහෙවින් මතභේදයට තුඩු දී ඇත.

පෙර සඳහන් කළ පරිදි, පර්යේෂක කණ්ඩායම විසින් ඔහුව කිහිප වරක්ම මැලේරියා රෝගකාරක පරපෝෂිතයන් මගින් ආසාදනය වී ඇති බව DNA පරීක්ෂාව මගින් අනාවරණය කරගන්නා ලදී. මැලේරියාව හේතුවෙන් රුධිර සංසරණ කම්පනයක් හෝ දේ‍හයේ මාරාන්තික ප්‍රතිශක්ති ප්‍රතිචාර ඇතිවිය හැකි ය. මේ තත්ත්වයන් මරණයට පවා හේතුවිය හැක. ටූටන්ඛාමූන් අස්ථි රෝගයකින් පීඩා විඳ ආබාධිත තත්වයට පත්ව තිබුණ ද, එය මරණයට හේතුවූවා විය නොහැක. "ඇතැම්විට ඔහු වෙනත් [සහජ ආබාධ] නිසා පීඩා විඳින්නට ඇත. අනතුරුව මැලේරියාව උග්‍ර වීමෙන් හෝ අනතුරකින් පාදය බිඳීම හේතුවෙන් දේහයට එම අපහසුතාව දරා සිටිය නොහැකි වන්නට ඇත" යනුවෙන් ඊජිප්තු ශ්‍රේෂ්ඨ පුරාවස්තු මණ්ඩලයේ සභාපති, පුරාවිද්‍යාඥ සාහි හවාස් සඳහන් කරයි.

වෛද්‍යවිද්‍යාත්මක අනාවරණ පරීක්ෂා කොට බැලීමේ දී පෙනීගියේ ඔහු මෘදු ඔටු සහ පැති කුදය, pes planus, දකුණු පාදයේ hypophalangism තත්ත්වය, වම් පාදයේ දෙවන සහ තෙවන පාදකූර්චෝපරී අස්ථිවල අස්ථි විපන්‍යය, මැලේරියාව සහ මරණයට මඳ කලකට පෙර දකුණු දණහිසෙහි සංකීර්ණ බිඳීමක් වැනි තත්ත්වයන්ගෙන් පෙළී ඇති බවයි.[41]

2013 වර්ෂයේ අගභාගයේ, ඊජිප්තුවේදියකු වූ ආචාර්ය ක්‍රිස් නෝන්ටන් සහ ක්‍රැන්ෆීල්ඩ් ආයතනයේ විද්‍යාඥයන් විසින් ටූටන්ඛාමූන්ගේ "අතථ්‍ය මරණ පරීක්ෂණයක්" සංවිධානය කරන ලදී. ඔහුගේ සිරුරේ එක් පසෙක තුවාල රටාවක් දක්නට ලැබිණි. මෝටර් රථ-අනතුරු පරීක්ෂකයන් අනතුරුව රථ අනතුරු පිළිබඳ සමාකරණයක් සකසන ලදී. නොන්ටන් නිගමනය කළේ ටූටන්ඛාමූන් මියගියේ ඔහුගේ රථය අනතුරට ලක්වීමෙන් බවයි. රථයේ කොටස් ඔහුගේ දණහිස්, පර්ශු සහ ශ්‍රෝණියට හානි සිදුකිරීමට සමත් විය. එසේම නෝන්යන් හොවාඩ් කාටර්ගේ වාර්තාවක් වූ දේහය පිළිස්සී ඇති බවට වූ වාර්තාව ද උපයෝගී කරගත්තේ ය. මානව විද්‍යාඥ ආචාර්ය. රොබට් කොනලි සහ වෝහාරික පුරාවිද්‍යාඥ ආචාර්ය මැතිව් පොන්ටිං සමග එක්ව නෝන්ටන් පැවසූයේ මිනීපෙට්ටිය තුළ මුද්‍රා තබා තිබිය දී ටූටන්ඛාමූන්ගේ දේහය පිළිස්සී ඇති බවයි. එම්බාම් තෙල් ඔක්සිජන් සමග මිශ්‍ර වීමෙන් ලිනන් සමග රසායනික් ප්‍රතිකියාවක් සිදුවන්නට ඇත. එමගින් උෂ්ණත්වය 200°Cට වඩා ඉහළ යන්නට ඇත. නොන්ටන් පවසන්නේ, "අසම්පූර්ණ මමීකරණය හේතුවෙන් භූමදානයෙන් මඳ කලකට පසුව දේහය අන්පේක්ෂිත ලෙස ස්වයංසිද්ධව පිළිස්සෙන්නට ඇති බවයි."[42][43]

2014දී පැවැත්වුණු වැඩිදුර පර්යේෂණයකින් පෙනීගියේ ඔහු මිය යන්නට ඇත්තේ රිය අනතුරකින් නොවන බවයි. පරිලෝකනයන්ගෙන් පෙනී ගියේ එකක් හැර හිස්ක‍බලේ සෙසු සියලු බිඳීම් සිදුව ඇත්තේ ඔහුගේ මරණින් පසුව බවයි. එසේම ඔහුගේ උපතේදීම ඔහුගේ පාදය අර්ධ වශයෙන් විකෘතිව පැවති බව අනාවරණය විය. මේ හේතුවේන ඔහුට ආධාරයක් නොමැතිව සිටගත් නොහැකි විය. මේ නිසා ඔහු රිය පැදවූයේ ද යන්න සැක සහිත ය. මේ මතයට ආධාර ලෙස ඔහුගේ සොහොන්ගැබේ තිබූ සැරයටි දැක්විය හැක. මේ නිසා විශ්වාස කෙරුණේ ඔහුගේ දෙමව්පියන් සොහොයුරා සහ සොහොයුරිය වීම නිසා ඇති වූ ජානමය විකෘතිතාවන්, බිඳුණු පාදය නිසා ඇති වූ සංකූලතාවන් සහ මැලේරියාව යන සියලු සාධකවල බලපෑම නිසා ඔහු මියයන්නට ඇති බවයි.[44][45]

ප්‍රතිඵලය[සංස්කරණය කරන්න]

ලුක්සෝර්හි පිහිටි ටූටන්ඛාමූන් සහ අන්ඛෙසෙනමුන්ගේ ප්‍රතිමාවක්; මෙය අමර්ණ යුගයේ පාරාවෝවරුනට එරෙහිව දියත් වූ ඩැම්නේෂියෝ මෙමොරියේ ව්‍යාපාරයේ දී හානියට පත් විය.

ටූටන්ඛාමූන්ගේ සහ ඔහුගේ නූපන් දරුවන් දෙදෙනාගේ මරණයත් සමග, තුත්මොසීය පෙළපත අවසන් විය. අමර්ණ ලිපි අනුව පෙනීයන්නේ වැන්දඹුවක් බවට පත්වූ ටූටන්ඛාමූන්ගේ බිරිඳ, Iවන සුපිලුලියුමා නැමැති හිටයිට් රජුට ලිපියක් ලියමින් ඔහුගේ පුත්‍රයකු තමන්ට විවාහ කරදෙන් මෙන් ඉල්ලා ඇති බවයි. මෙම ලිපිවල ටූටන්ඛාමූන් මියගිය ආකාරය සඳහන් නොවේ. මෙම පණිවිඩයෙහි, අන්ඛෙසෙනමුන් පවසන්නේ තමන් බියට පත්ව සිටින බවත්, තමන් තමන්ගේම ජනයාගෙන් අයකු සමග විවාහ නොවන බවයි. කෙසේනමුත්, නව බිරිඳ වෙත යාමට පෙර සුපිලුලියුමාගේ පුත්‍රයා ඝාතනය විය. ඉන් මඳ කලකට පසු ආයි ටූටන්ඛාමූන්ගේ වැන්දඹුව විවාහ කරගෙන පාරාවෝ බවට පත් විය. රටවල් දෙක අතර යුද්ධයක් ඇති වූ අතර ඉන් ඊජිප්තුව පරාජයට පත් විය.‍[46] අන්ඛෙසෙනමුන්ගේ ඉරණම නොදනී. ආයිගේ දෙවන බිරිඳ වූ ටෙයි මහා රාජකීය බිරිඳ බවට පත්වූ පසු ඇය පිළිබඳ වාර්තා හමු නොවේ. ආයිගේ මරණින් පසු ‍‍හොරෙම්හෙබ් සිහසුන පැහැරගෙන ඔහුට එරෙහිව ඩැම්නේෂියෝ මෙමොරියේ ආකාරයේ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය. ටූටන්ඛාමූන්ගේ පියා වූ අක්නාටන්, සුළු මව නෙෆර්ටිටි, එහුගේ බිරිය වූ අන්ඛෙසෙනමුන්, අර්ධ සොයුරියන් සහ සෙසු පවුලේ සාමාජිකයන් ද ඊට නතු විය. ටූටන්ඛාමූන්ට ද ඉන් ගැලවුමක් හිමි නොවිණි. එහිදී ඔහුගේ රූප සහ කාර්ටුෂයන් මකාදැමිණි. හොරෙම්හෙබ්ට දරුවන් නොසිටි අතර, ඔහු සිහසුන පරමෙසු හට පැවරී ය. පරමෙසු රැම්සෙසීය පාරාවෝ පෙළපත ආරම්භ කළේ ය.

වැදගත්කම[සංස්කරණය කරන්න]

ටූටන්ඛාමූන් පාරාවෝ හෙවත් රා දෙවියන්ගේ පුත් තනතුරට පත්වන විට ඔහුගේ වයස අවුරුදු නවයකි. ඔහු ආසන්න වශයෙන් වසර දහයක් පමණ රාජ්‍ය පාලනය සිදුකළේ ය.[47] ඓතිහාසික වශයෙන් ටූටන්ඛාමූන්ගේ සමය වැදගත් වන්නේ ඊජිප්තුව මේ සමයේ ලෝක බල ව්‍යාප්තියේ උච්චස්ථානයට ආසන්න ස්ථානයක පැතිර පැවති නිසාත්, ඔහු සිය පියා වූ අක්නාටන්ගේ විප්ලවවාදී ඒකදේවවාදී ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප කිරීමත් නිසායි.[48] දෙවනුව රජුන්ගේ නිම්නයේ තිබී කාටර් විසින් අනාවරණය කරගත් ඔහුගේ සොහොන්ගැබ එතෙක් අතගසා නොතිබූ වඩාත් සම්පූර්ණතම පුරාතන ඊජිප්තු සොහොන්ගැබ වීම නිසාවෙනි. ටූටන්ඛාමූන්ගේ රාජ්‍ය සමය ඇරඹෙන විට, ඔහු ලාබාල වියේ පසු වූ බැවින් ඔහුගේ අමාත්‍ය මෙන්ම අනුප්‍රාප්තිකයා ද වූ ආයි විසින් රාජසභාවේ වැදගත් දේශපාලන තීරණ ගැනීම සිදුකරන්නට ඇත.

එකල රජවරුන්ගේ මරණින් පසු මතකාගාර වන්දනාව හා ඒ හා සම්බන්ධ දේවස්ථාන ඔස්සේ ඔවුනට ගෞරව කිරීම සිදු විය. ටූටන්ඛාමූන් සිය රාජ්‍ය සමය තුළ දී මෙලෙස වන්දනාමානවලට ලක් විය.[49] කාර්නැක් දෙවොලෙන් හමුවූ ශිලා පුවරුවක් අමුන්-රා දෙවිඳුන්ට පුදකර තිබීමෙන්, පෙනෙන්නේ එකල පාපකර්ම වෙනුවෙන් ඔහු සමාව පුදකළ දෙවියකු ලෙස සලකා ඇති බවයි. ඔහුව වන්දනා කෙරුණු දේවස්ථාන කවා සහ නූබියාවේ ෆරාස් වැනි දුරබැහැර ප්‍රදේශවලින් ද හමු වේ. කුෂ්හි ප්‍රතිරාජයාගේ සොයුරියගේ පදවි නාමයෙහි මෙම දිව්‍යමය රජුට සම්බන්ධතාවක් දක්වා ඇත. මෙමගින් ඔහුගේ වන්දනාවෙහි වූ සර්වත්‍රභාවය පිළිබිඹු වේ.[50]

සොහොන්ගැබ[සංස්කරණය කරන්න]

වැඩිදුර තොරතුරු: KV62
භූමදාන කුටීරයේ දොරටු විවෘත කරන හොවඩ් කාටර් සහ සහායකයන් (මෙය 1923 සිදුවීම වෙනුවෙන් 1924දී කළ ප්‍රතිනිර්මාණයකි)

ටූටන්ඛාමූන්ගේ දේහය භූමදානය කළ සොහොන්ගැබ ඔහුගේ තත්ත්වයට සාපේක්ෂව කුඩා බව පෙනී යයි. ඇතැම්විට ඔහුගේ මරණය අනපේක්ෂිත ලෙස සිදුවීම එයට හේතු වන්නට ඇත. මේ වනවිට ඔහු වෙනුවෙන් ඉදකෙරෙමින් පැවති විශාල රාජකීය සොහොන්ගැබේ වැඩ අවසන් නොවීම හේතුවෙන්, ඔහුව වෙනත් අයකුගේ සොහොන්ගැබක මිහිදන් කරන්නට ඇත. මෙහි දී මරණය සහ භූමදානය අතර දින 70හි සම්ප්‍රදායය අනුගමනය කරන්නට ඇත.[51]

ටූටන්ඛාමූන්ගේ මමිය මේ වනවිට රජුන්ගේ නිම්නයේ ඔහුගේ සොහොන්ගැබ තුළ තැන්පත් කොට ඇත. 2007 නොවැම්බර් 4දින, එනම් කාටර්ගේ සොයාගැනීමෙන් වසර 85කට පසු මෙම 11 වියැති පාරාවෝවරයාගේ දේහය ලුක්සෝර්හි ඔහුගේ භූගත සොහොන්ගැබ වෙත රැගෙන යන ලදී. එහිදී ඔහුගේ ලිනන්වලින් වෙලූ මමිය රන් මිනීපෙට්ටියෙන් ඉවත්කොට, කාලගුණ තත්ත්ව පාලිත වීදුරු පෙට්ටියක් තුළ තැන්පත් කරන ලදී. මෙම වීදුරු ආවරණය යෙදූයේ සොහොන්ගැබට ඇතුළුවන සංචාරකයන් නිසා ඇති වන තෙතමනය සහ උෂ්ණත්වයෙන් මමිය වියෝජනය වන වේගය අවම කරලීමටයි.[52]

අතීතයේ ඔහුගේ සොහොන්ගැබ දෙවතාවක්වත් සොරුන්ගේ ග්‍රහණයට ලක්වන්නට ඇත. නමුත් සොරකම් කොට ඇති දෑ (ඉක්මණින් නරක්වනසුලු තෙල් සහ සුවඳ විලවුන්) සහ සොහොන්ගැබ ප්‍රතිෂ්ඨාපනය කොට ඇති ආකාරය සැලකිල්ලට ගැනීමේ දී, මෙම සොරකම් මූලික භූමදානයෙන් මාස කිහිපයක් තුළ සිදුවන්නට ඇති බව පෙනේ.

ක්‍රමයෙන්, සොහොන්ගැබ පිහිටි ස්ථානය සැඟව යන්නට වූයේ එය යාබද සොහොන්ගැබ්වල ගල්කැබලිවලින් වැසී යාම නිසායි. මේවා ගොඩගැසූ ඒවා හෝ ගංවතුරින් රැගෙන ආ ගල් කැබලි වන්නට ඇත. ඉන් වසර කිහිපයකට පසු, සොහොන්ගැබේ දොරටුව ඉදිරිපිට කම්කරු කුටි ඉදිවිණි. නමුත් මෙම ස්ථානය පිළිබඳ කිසිවකු දැනසිටියේ නැත. 20වන රාජවංශය අවසානය වන විට රජුන්ගේ නිම්නයේ භූමදාන ස්ථානවල ක්‍රමයෙන් කොටස් ගළවීම සිදු විය. නමුත් ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබ ඔවුනට හමුවී නැත. ඇතැම්විට ඒ සඳහා එම සොහොන්ගැබ අතුරුදන් වූ බවට වූ විශ්වාසය හෝ රජුගේ නාමය අමතකව යාම හේතුවන්නට ඇත.

වසර ගණනාවක සිට "පාරා‍වෝවරුන්ගේ ශාපය" (සිය අලෙවිය වැඩිකරගැනීමේ අරමුණින් මෙය පතුරුවන ලද්දේ පුවත්පත් විසිනි[53]) පිළිබඳ දූසමාන ආරංචි පැතිර ගියේ ය. මෙයට හේතුවූයේ එම සොහොන්ගැබවට ඇතුළු වූ කිහිප දෙනකු අකාලයේ මිය යාමයි. නමුත් අධ්‍යයනයකින් පෙන්වා දුන්නේ සොහොන්ගැබ සහ මිනී පෙට්ටිය විවෘත කරන විට එයට පුද්ගලයින් 58ක් දායක වූ බවත්, දශකයක් තුළ මියගියේ ඉන් අටදෙනකු පමණක් බවත් ය. සෙසු සියල්ලෝම ජීවත්ව සිටියහ. පසුකලෙක 1939දී හොවාඩ් කාටර් ලිම්ෆෝමා රෝගයෙන් මියයන විට ඔහුගේ වයස අවුරුදු 64කි.[54][55] මෙහි අවසන් සාමාජිකයා වූ ඇමරිකානු පුරාවිද්‍යාඥ ජේ. ඕ. කිනමන් 1961දී මියගියේ එම සිදුවීමෙන් වර්ෂ 39කට පසුවයි.[56]

උල්කාශ්ම සිරිය[සංස්කරණය කරන්න]

2016 ජූනි මස, වාර්තාවක් මගින් පෙන්වා දුන්නේ ටූටන්ඛාමූන් පාරාවෝවරයා සමග භූමදානය කොට තිබූ සිරිය යකඩ උල්කාශ්මයකින් සැදි බවයි. එහි ලෝහ (යකඩ, නිකල් සහ කොබෝල්ට්) අනුපාතය ඒ අසල පිහිටි ඛර්ගා ක්ෂේමභූමිය අනුව නම්කළ උල්කාශ්මයට සමානත්වයක් දැක්වී ය. මෙම සිරියේ ලෝහ එම උල්කා ප්‍රවාහයෙන් ලබාගත්තකැයි විශ්වාස කෙරේ.[57][58][59]

නෙෆර්නෙෆරුආටන්ගේ අවමංගල භාණ්ඩ ටුටන්ඛාමුන්ගේ භූමදානය වෙනුවෙන් යළි භාවිතය[සංස්කරණය කරන්න]

නිකොලස් රීවස් අනුව, ටුටන්ඛාමුන්ගේ අවමංගල භාණ්ඩ අතුරින් 80%ක් පමණම නෙෆර්නෙෆරුආටන් පාරාවෝවරියගේ මුල් අවමංගල භාණ්ඩ අතුරින් ලබාගත් ඒවායි. මේ අතර ඔහුගේ සුප්‍රකට රන් වෙස්මුහුණ, මැදි මිනීපෙට්ටිය, කැනපික බඳුන්, රන් ආලේපිත වන්දනා පනේල කිහිපයක්, ෂැබ්ටි-රූප, මංජුසා සහ අටු, රාජනීය ආභරණ ආදිය ද වේ.[60][61] 2015දී, රීවස් විසින් මෙයට සාක්ෂියක් ලෙස ටුටන්ඛාමුන්ගේ සුප්‍රකට රන් වෙස්මුහුණේ වූ පැරණි කාර්ටුෂයක් ඉදිරිපත් කරයි. මෙහි දැක්වෙන්නේ "අන්ඛ්ඛෙපෙරුරේ මෙරි-නෙෆර්ඛෙපෙරුරේ" (හෙවත් අක්නාටන්ගේ ප්‍රියාදර අන්ඛ්ඛෙපෙරුරේ) යන නාමයයි. මේ නිසා මෙම වෙස්මුහුණ මුලින් නිර්මාණය කෙරුණේ අක්නාටන්ගේ අගබිසව වූ නෙෆර්ටිටි රැජින වෙනුවෙනි. ඇය සිය සැමියාගේ මරණින් පසු සිහසුනට පත්වූ පසු අන්ඛ්ඛෙපෙරුරේ යන රාජකීය නාමය භාවිත කළා ය.[62]

මෙම තොරතුරු අනුව හැඟීයන්නේ බල අරගලයක දී නෙෆර්නෙෆරුආටන් (අක්නාටන්ගේ මරණින් පසු සිහසුනට පත් වූ නෙෆර්ටිටි විය හැකියි) බලයෙන් පහකළ බවයි. එහිදී ඇයට රාජකීය භූමදානයක් ලබා නොදී රැජිනක ලෙස භූමදානය කොට ඇත. නැතහොත් ටුටන්ඛාමුන් ඇගෙන් පසු සිහසුනට පත් වූ බැවින් ඔහුගේ නිලධාරීන් ඇයව වෙනත් රජකු‍‍ගේ අවමංගල භාණ්ඩ කට්ටලයක් සහිතව භූමදානය කරන්නට ඇත. බොහෝවිට මෙම භාණ්ඩ අක්නාටන්ට අයත් වූවා වන්නට ඇත.[63] නෙෆර්නෙෆරුආටන් රැජිනියගේ අවමංගල භාණ්ඩ ඔහුගේ සොහොන්ගැබේ පැවතීම හේතුවෙන් නෙෆර්නෙෆරුආටන්ගෙන් පසු ටූටන්ඛාමූන් සිහසුනට පත් වූ බව විශ්වාස කෙරේ.

උරුමය[සංස්කරණය කරන්න]

ටූටන්ඛාමූන්ගේ මිනීපෙට්ටියේ පාදමේ තිබී හමුවූ රන් ආලේපිත මැස්ස
ටූටන්ඛාමූන්ගේ පුද්ගල නාමය අන්තර්ගත ඔහුගේ පළඳනාවක්
කයිරෝ කෞතුකාගාරයේ තබා ඇති ටූටන්ඛාමූන්ගේ මංජුසාව

ටූටන්ඛාමූන් ලොව සුප්‍රකටම පාරාවෝවරයා වේ නම් ඒ වඩාත් සුරක්ෂිතව ඇති ඔහුගේ ‍සොහොන්ගැබ සහ ඔහුගේ රුව හා සම්බන්ධ පුරාවස්තු හේතුවෙනි. ජොන් මැන්චිප් වයිට් විසින්, කාටර්ගේ ද ඩිස්කවරි ඔෆ් ද ටූම්බ් ඔෆ් ටූටන්ඛාමූන් ග්‍රන්ථයේ 1977 සංස්කරණයේ පෙරවදනෙහි සඳහන් කරන්නේ, "ජීවමාන සමයේ අවම සැලකිල්ලට භාජනය වූ නමුත්, මරණින් මතු වඩාත් ප්‍රසිද්ධියට පත්වූ ඊජිප්තුවේ පාරාවෝවරයා" ඔහු බවයි.

ඔහුගේ සොහොන්ගැබේ තිබී කෞතුක වස්තූන් 5,398ක් පමණ හමු විය. මේ අතර, ඝන රන් මිනීපෙට්ටිය, වෙස් මුහුණ, සිහසුන්, දුනු, නෙළුම් කුසලානය, ආහාර, වයින් සහ නැවුම් ලිනන් යටඇඳුම් ද විය. හොවඩ් නාටර්ට මෙම වස්තූන් ලැයිස්තුගත කිරීමට වසර 10ක් ගත විය.[64] මෑතකාලීන විශ්ලේෂණයකින් යෝජනා වී ඇත්තේ සොහොන්ගැබෙන් සොයාගත් සිරිය (කිණිස්ස) උල්කාශ්මවලින් සැදි තලයකින් යුක්ත වූ බවයි. මෙකල ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබෙන් හමුවූ පුරාවස්තු පිළිබඳ අධ්‍යයනය මගින් මධ්‍යධරණී පෙදෙස අවට එකල පැවති ලෝහ තාක්ෂණික ක්‍රමශිල්ප හඳුනාගත හැක.[65]

මෙම සොහොන්ගැබ සොයාගැනීම 1920 දශකයේ ප්‍රමුඛ ප්‍රවෘත්ති අතුරින් එකක් විය. ටූටන්ඛාමෙන්ගේ නාමය නූතන වාක්කරණය අනුව "ටුට් රජ" යුනවේන ප්‍රකට විය. පුරාතන ඊජිප්තුව ජනප්‍රිය සංස්කෘතිය සඳහා මාතෘකා බවට පත් විය. මේ අතර ටින් පෑන් ඇලීගේ ගීත ද වේ. මෙහිදී වඩාත් ජනප්‍රිය වූයේ 1923 හැරී වොන් ටිල්සර්ගේ "Old King Tut" නිර්මාණයයි. මෙය පටිගත කිරීමට ජෝන්ස් සහ හෙයාර් මෙන්ම සොෆී ටකර් වැනි ප්‍රමුඛ ශිල්පීන් දායක විය. "ටුට් රජ" යන නාමය නිෂ්පාදන, ව්‍යාපාර මෙන්ම එක්සත් ජනපද ජනපති හර්බට් හූවර්ගේ සුරතල් සුනඛයාගේ නාමයට ද යොදාගැනිණි.

ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබේ පුරාවස්තු ලොව වඩාත් සංචාරයට ලක් වූ පුරාවස්තු ලෙස සැලකෙයි. නමුත් මේ අතුරින් වඩාත් ප්‍රකට ප්‍රදර්ශන සංචාරය 1972 සිට 1979 දක්වා පැවති ද ට්‍රෙෂර්ස් ඔෆ් ටූටන්ඛාමූන් සංචාරයයි. මෙම ප්‍රදර්ශනය පළමුවරට ඇරඹුණේ 1972 මාර්තු 30 සිට සැප්තැම්බර් 30 දක්වා ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ය. මිලියන 1.6කට අධික පිරිසක් මෙය නැරමූ අතර ඇතැමුන්ට පැය අටක් වැනි කාලයක් පෝළිම්වල රැඳී සිටීමට ද සිදු විය. මෙය එම කෞතුකාගාර ඉතිහාසයේ සුප්‍රකටම ප්‍රදර්ශනය ලෙස සැලකෙයි. මෙම ප්‍රදර්ශනය ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, ජපානය, ප්‍රංශය, කැනඩාව සහ බටහිර ජර්මනිය ඇතුළු රටවල් ගණනාවකම ප්‍රදර්ශනය කෙරිණි. මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගරය විසින් එක්සත් ජනපදයේ සංවිධානය කළ ප්‍රදර්ශනය 1976 නොවැම්බර් 17 සිට 1979 අප්‍රේල් 15 තෙක් පැවති අතර, මිලියන අටකට වැඩි පිරිසක් එය නැරඹූහ.

2004දී ටූටන්ඛාමූන්ගේ අවමංගල භාණ්ඩ ප්‍රදර්ශනයක් ටූටන්ඛාමූන්: ද ‍ගෝල්ඩ්න් හියර්ආෆ්ටර් යුනවෙන් නම්කෙරුණු අතර, මෙයට ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබේ පුරාවස්තු පනහක් සහ සෙසු 18වන රාජවංශ සොහොන්ගැබ්වලින් හමුවූ පුරාවස්තු අන්තර්ගත විය. ස්විට්සර්ලන්තයේ බාසල් නුවර ඇරඹි මෙහි දෙවන අදියර ජර්මනියේ බොන් නුවර පැවැත්විණි. මෙම යුරෝපා සංචාරක ප්‍රදර්ශනය සංවිධානය කරන ලද්දේ ජර්මන් සාමූහික ජනරජයේ කලා සහ ප්‍රදර්ශන ශාලාව, ශ්‍රේෂ්ඨ පුරාවස්තු කවුන්සිලය (SCA) සහ ඊජිප්තු කෞතුකාගාරය සමග ඇන්ටිකන්මියුසියම් බාසල් සහ සෑම්ලන්ග් ලුඩිවිග් ආයතනවල සහ‍යෝගීත්වයෙනි. බොන් ප්‍රදර්ශනය සඳහා ඩොයිෂ් ටෙලිකොම් ආයතනය විසින් අනුග්‍රහය දක්වන ලදී.[66]

2005දී ඊජිප්තුවේ ශ්‍රේෂ්ඨ පුරාවස්තු කවුන්සිලය සමග ආට්ස් ඇන්ඩ් එක්ස්හිබිෂන්ස් ඉන්ටර්නැෂල් සහ නැෂනල් ජියෝග්‍රැ‍ෆික් ආයතනවල සහයෝගීත්වයෙන් ටූටන්ඛාමූන් පුරාවස්තු සහ සෙසු 18වන රාජවංශ අවමංගල භාණ්ඩ ප්‍රදර්ශනයක් ටූටන්ඛාමූන් ඇන්ඩ් ද ගෝල්ඩන් ඒජ් ඔෆ් ද ෆේරෝස් යන තේමාව යටතේ පැවැත්විණි. මෙය ටූටන්ඛාමෙන්: ද ගෝල්ඩ්න් හියර්ආෆ්ටර් ප්‍රදර්ශනයම වෙනස්ම මුහුණුවරකින් ඉදිරිපත් කිරීමකි. මෙමගින් මිලියන තුනකට වැඩි ජනතාවක් අකාර්ෂණය කරගැනීමට අපේක්ෂා කෙරිණි.[67]

මෙම ප්‍රදර්ශනය ලොස් ඇන්ජලීස්වලින් ආරම්භ වී ෆෝට් ලෝඩර්ඩේල්, ෆ්ලොරිඩාව, චිකාගෝ සහ ෆිලඩෙල්ෆියා ප්‍රදේශ වෙත ව්‍යාප්ත විය. අනතුරුව එය 2008 අගෝස්තු මස ලන්ඩන්හි පැවැත්විණි.[68] අවසානයේ එය ඊජිප්තුව වෙත යළි පිටත් විය. එක්සත් ජනපදයේ පැවති ප්‍රදර්ශනය නැවත වරක් 2008 ඔක්තෝබර් සිට 2009 මැයි දක්වා ඩලස් කලා කෞතුකාගාරයේ පැවැත්විණි.[69] මෙම සංචාරය වෙනත් එක්සත් ජනපද නගරවල ද සංවිධානය කෙරිණි.[70] ඩලස් ප්‍රදර්ශනයෙන් පසු එය සැන් ෆ්‍රැන්සිස්කෝවේ ඩි යන්ග් කෞතුකාගාරය සහ නිව් යෝක් නගරයේ ඩිස්කවරි ටයිම්ස් චතුරස්‍ර ප්‍රදර්ශනයේ ද පැවැත්විණි.[71]

2011දී, පළමු වරට ඔස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය පැවැත්විණි. අප්‍රේල් මස එහි විවෘත කිරීමේ උත්සවය මෙල්බර්න් කෞතුකාගාරයෙහි පැවැත්විණි. 2011 දෙසැම්බර් මස එය නැවත කයිරෝව වෙත රැගෙන යන ලදී.[72]

මෙම ප්‍රදර්ශනයට ටූටන්ඛාමූන්ට පෙර දහඅටවන රාජවංශයේ රාජ්‍ය කළ හට්ෂෙප්සුට් රැජිනිය වැනි පාරාවෝවරුන්ගේ කෞතුක වස්තූන් 80ක් අන්තර්ගත විය. ඇගේ සමයේ අනුගමනය කළ වෙළඳ ප්‍රතිපත්ති හේතුවෙන් පසුකාලීනව ටූටන්ඛාමූන් වැන්නවුන්ගේ අධික වියදම්කාරී භූමදානයන්ට ධනය උපයාගත හැකිව තිබිණි. එසේම ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබට අයත් වස්තූන් 50ක් පමණ ද අන්තර්ගත විය. 1972-1979 සංචාරයේ ප්‍රදර්ශනාංගයක් වූ සුප්‍රකට රන් වෙස්මුහුණ මෙම ප්‍රදර්ශනයට ඇතුළත් නොවිණි. එයට හේතුව සංචාරයන් සඳහා යොදා ගැනීමට වෙස්මුහුණ බි‍ඳෙනසුලු වැඩි යැයි ඊජිප්තු රජය තීරණය කිරීමයි. ඒ නිසා ඉන් පසු එය සංචාරක ප්‍රදර්ශන සඳහා යොදා නොගැනිණි.[73]

ටූටන්ඛාමූන් ඇන්ඩ් ද වර්ල්ඩ් ඔෆ් ෆේරෝස්නැමැති වෙනත් ප්‍රදර්ශනයක් 2008 මාර්තු 9 සිට සැප්තැම්බර් 28 දක්වා වියානා මානව විද්‍යා කෞතුකාගාරයේ පැවැත්විණි. මෙහි අමතරව කෞතුක අංග 140ක් අන්තර්ගත විය.[74] යළි නම්කළ ටූටන්ඛාමූන්: ද ‍ගෝල්ඩන් කිං ඇන්ඩ් ද ග්‍රේට් ෆේරෝස් නැමැති ප්‍රදර්ශනය 2008 නොවැම්බර් සිට 2013 ජනවාරි 6 තෙක් එක්සත් ජනපදය සහ කැනඩාවේ ප්‍රදර්ශනය කෙරිණි.[75]

ජනප්‍රිය සංස්කෘතිය තුළ[සංස්කරණය කරන්න]

චිත්‍රපට[සංස්කරණය කරන්න]

  • We Want Our Mummy (1939) නැමැති චිත්‍රපටය තුළ රූටින්-ටූටින් කුරුමිටි රජුගේ සහ ඔහුගේ බිසව වූ හොට්සි ටොට්සිගේ සොහොන්ගැබ සොයා යන අයුරු නිරූපණය වේ.
  • Mummy's Dummies (1948) නැමැති චිත්‍රපටය තුළ ආවතේවකරුවන් තිදෙනා වංචනික වෙළෙන්දකුට හසුවී වෙනත් රූටින්ටූටින් රජකුට (වර්නන් ඩෙන්ට්) දත්කැක්කුමක් සමනය කරගැනීමට සහාය වීමට උපකාරී වේ.
  • La Reine Soleil (2007) නැමැති ෆිලිප් ලෙක්ලාර්ක්ගේ සජීවීකරණ චිත්‍රපටයේ අක්නාටන්, ටූටන්ඛාටන් (පසුව ටූටන්ඛාමූන්), අඛේසා (අන්ඛෙසෙන්පාටන්, පසුව අන්ඛෙසෙනමූන්), නෙෆර්ටිටි සහ හොරෙම්හෙබ් නිරූපණය වේ. මෙහි අක්නාටන්ගේ අසංවේදී ඒකදේවවාදයට එරෙහි අමුන් පූජකවරුන්ගේ සංකීර්ණ අරගලයක් නිරූපණය වේ.
  • Transformers (2007) චිත්‍රපටයේ ඩිසෙප්ටිකන් චරිතය වියරුවෙන් "ටූටන්ඛාමූන්" යන නාමය නිතර නිතර පවසයි.

පරිගණක ක්‍රීඩා[සංස්කරණය කරන්න]

  • Sphinx and the Cursed Mummy (2003) නැමැති වීඩියෝ ක්‍රීඩාව මගින් ටූටන්ඛාමූන් කුමරුගේ ප්‍රබන්ධ චරිතයක් නිරූණය වේ. මෙහි ඔහු නම් නොලද මායාමය චාරිත්‍රයක් හේතුවෙන් ක්ෂණිකව මමීකරණයට ලක් වේ. උපදෙස් සංග්‍රහයෙහි මමිය තරුණ , නිවට පෙනුමක් ඇති බව දක්වා ඇත.
  • ආකේඩ් ක්‍රීඩාවක් වන Tutankham (1981) ටූටන්ඛාමූන් වටා දිවෙයි.

සාහිත්‍යය[සංස්කරණය කරන්න]

  • නික් ඩ්‍රේක්ගේ [සංගීතඥයා නොවේ] නවකථාවක් වන Tutankhamun (2008) කථාව ගෙතී ඇත්තේ ටූටන්ඛාමූන් රජසමයේ ය. ඝාතන අභිරහසක් වටා ගෙතුණු මෙහි ඔහුගේ තුවාල සහ මරණය කෙරෙහි විවිධ මතයයන් ඉදිරිපත් කරයි.
  • The Lost Queen of Egypt (1937) නැමැති ලුසිල් මොරිසන්ගේ නවකථාව ටූටන්ඛාමූන්ගේ බිසව වූ අන්ඛෙසෙන්පාටන් / අන්ඛෙසෙනමූන් රැජින පිළිබඳ ගෙතුණකි. මෙහි කථාව මැද දී එකතු වන ප්‍රධාන චරිතයකි, ඔහු. මෙහි ඔහුගේ නාමය '‍ටූටන්ඛාමොන්' ලෙස උච්චාරණය කෙරේ. මෙහි ඔහුව මරාදැමුණු බව දැඩිව දක්වා ඇත.

සංගීත[සංස්කරණය කරන්න]

රූපවාහිනිය[සංස්කරණය කරන්න]

  • වික්ටර් බුවනෝ විසින් නිරූපණය කළ ‍ටුට් රජුගේ චරිතය 1966 සිට 1968 දක්වා විකාශය වූ බැට්මෑන් රූපවාහිනී කතාමාලාවේ දුෂ්ට චරිතයක් ලෙස දක්වා ඇත. මෙහි මෘදු ගුණ ඇති ඊජිප්තුවේදියකු වන විලියම් ඔමාහා මැක්එල්රෝයි කම්පනයකට මුහුණ දීමෙන් පසුව විශ්වාස කරන්නේ තමන් ටූටන්ඛාමූන්ගේ පුනරුත්පත්තියක් බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අපරාධවල නියැළෙන අතර, ඔහුට එරෙහිව බැට්මෑන් සහ රොබින් සටන් වදිති.
  • 2005 BBC රූපවාහිනී කතාමාලාවක් වූ Egypt: Rediscovering a Lost World කතාමාලාව ගෙතී ඇත්තේ ටූටන්ඛාමූන්ගේ දිවිය, මරණය සහ ඔහුගේ සොහොන්ගැබේ දෛවෝපගත සොයාගැනීමයි.
  • එක්සත් ජනපදයේ වාර්තා වැඩසටහන් මාලාවක් වූ King Tut Unwrapped තුළ මොරොක්කෝ ජාතික ගායක-නළුවකු වූ ෆයිසාල් ඔබරෝන් අසිසි විසින් ටූටන්ඛාමූන්ගේ චරිතය නිරූපණය කරයි.
  • ඩිස්කවරි කිඩ්ස් සජීවීකරණ කතාමාලාවක් වූ ටූටන්ස්ටයින් තුළ ටූටන්ඛාමූන් පාදක කරගත් ටූටන්ඛෙසෙටාමුන් හෙවත් ටූටන්ස්ටයින් යන සුරතල් නාමයෙන් හැඳින්වුණු ප්‍රබන්ධ මමියක් සහ ඔහුගේ මරණින් මතු දිවිය නිරූපණය වේ. මෙහි ඔහුව කම්මැලි 10වන වියේ පසුවූ මමි දරුවකු ලෙස දක්වා ඇත. මෙහි ඔහුට දුෂ්ට ඊජිප්තු දෙවියකු වූ සෙට්ගෙන් වාස්ගේ සෙංකෝලය නැමැති මායාමය වස්තුවක් ආරක්ෂා කරගැනීමට සිදු වේ.
  • Tut නැමැති කෙටි රූපවාහිනී කතාමාලාව ලිහිල්ව ටූටන්ඛාමූන්ගේ (නිරූපණය ඇවන් ජොගියා විසිනි) රාජ්‍ය සමය වටා ගෙතී ඇත. මෙය විකාශය ඇරඹුණේ 2015 ජූලි මස ස්පයික් නාළිකාව මගිනි.
  • ජපන් සුපිරිවීර කතාමාලාවක් වන Kamen Rider Ghost තුළ කමෙන් ධාවකයන්ට සිය බලය වැඩි කරගැනීමට ආදර්ශ වශයෙන් ගතහැකි සුප්‍රකට ඓතිහාසික චරිත 15 අතුරින් එකකි, ටූටන්ඛාමූන්. මෙහි කමෙන් ධාවක ආත්මය විසින් ටූටන්ඛාමූන්ගේ ආත්මය නිතරම යොදාගන්නේ පාරාවෝ වැනි ටූටන්ඛාමූන් දමාෂී ස්වරූපයට පරිවර්තනය වීම පිණිසයි.

නාමයන්[සංස්කරණය කරන්න]

හොරස් නාමය
G5
E1
D40
t G43 t F31 s t G43 Z3
Srxtail2.svg
𓅃𓃒𓂡𓏏𓅱𓏏𓄟𓋴𓏏𓅱𓏪𓊁
කානැඛ්ට් ටුට්මෙසුට්
ශක්තිමත් ගවයා, උපත නිසා ප්‍රීතියට පත් වන
නෙබ්ටි නාමය
G16
nfr O4
p
G43 M40 Z3 s W11
r
V28 D36
N17
N17
N21
N21

wr aH pr Z1 i mn
n
nb
r
Dr
r
A41
𓅒𓄤𓉔𓊪𓅱𓇩𓏪𓋴𓎼𓂋𓎛𓂝𓇿𓇿𓈅𓈅𓅨𓉥𓉐𓏤𓇋𓏠𓈖𓎟𓂋𓇥𓂋𓀯
නෙෆර්හෙපුසෙගෙරෙහ්ටාවි වේරාහමූන් නෙබ්ර්ඩ්ජර්
භූමි ද්විත්වය සන්සිඳුවන පරිපූර්ණ තන්ත්‍රයක් සහිත තැනැත්තා; අමූන්ගේ මාලිගයේ ශ්‍රේෂ්ඨතමයා; සියල්ලන්ගේම අධිපති[76]
රන් හොරස් නාමය
G8
U39 N28
Z2
O34 R4
t p
R8A HqA q
Y1
mAat s

Htp
t p
R8A w T
z
U39 xa
Z2
i t
f

A41
f
C2 U39 xa
Z2
Tz
z
tA
tA
m
𓅉𓍞𓈍𓏥𓊃𓊵𓏏𓊪𓊹𓊹𓊹𓋾𓈎𓏛𓁦𓋴𓊵𓏏𓊪𓊹𓊹𓊹𓅱𓍿𓊃𓍞𓈍𓏥𓇋𓏏𓆑𓀯𓆑𓁛𓍞𓈍𓏥𓋭𓊃𓇾𓇾𓅓
වෙට්ජෙස්ඛාවුසෙහෙටෙප්නෙට්ජෙරු හෙකාමාට්සෙහෙටෙප්නෙට්ජෙරු වෙට්ජෙස්ඛාවුඉටෙෆ්‍රේ වෙට්ජෙස්ඛාවුට්ජෙස්ටාවිඉම්
කිරුළු සහ දෙවියන්ගේ ප්‍රීතිය දරා සිටින තැනැත්තා; දෙවියන් ප්‍රීතියට පත්කරන සත්‍යයේ පාලකයා; සිය පියා වූ රේගේ කිරුළ පැළඳි තැනැත්තා; කිරුළු පැළඳ භූමි ද්විත්වය ඉන් බැඳතබන්නා
පුද්ගල නාමය
M23 L2
Hiero Ca1.svg
N5 L1 Z2
nb
Hiero Ca2.svg
𓇓𓆤 𓍹𓇳𓆣𓏥𓎟𓍺
නෙබ්ඛෙබෙරුරේ
රේගේ ස්වරූපයන්ට අධිපති
රේ ගේ පුත්
G39 N5
 
Hiero Ca1.svg
i mn
n
t G43 t S34 HqA iwn Sma
Hiero Ca2.svg
𓅭𓇳 𓍹𓇋𓏠𓈖𓏏𓅱𓏏𓋹𓋾𓉺𓇗𓍺
ටූටන්ඛාමූන් හෙකාඉයුනුෂෙමා
අමූන්ගේ ජීවමාන ප්‍රතිබිම්බය, ඉහළ හීලියොපොලිස්හි පාලක

සම්ප්‍රදායික වන්දනා ක්‍රමය යළි හඳුන්වා දීමේ දී, ඔහුගේ නාමය වෙනස් විය. මෙය පරිවර්තනය කෙරෙන්නේ twt-ꜥnḫ-ỉmn ḥqꜣ-ỉwnw-šmꜥ ලෙසයි. නූතන ඊජිප්තුවේදීය සම්මුතිය අනුව මෙය ටූටන්ඛාමූන් හෙකාඉයුනුෂෙමා ලෙස ලියනු ලැබේ. එහි අරුත "අමුන්ගේ ජීවමාන ප්‍රතිබිම්බය, ඉහළ හීලියොපොලිස්හි පාලක" යන්නයි. සිහසුනට පත්වීමේ දී ටූටන්ඛාමූන් විසින් පුද්ගල නාමයක් භාවිත කළේ ය. මෙය පරිවර්තනය කෙරෙන්නේ nb-ḫprw-rꜥ ලෙස වන අතර, නූතන ඊජිප්තුවේදීය සම්මුතිය අනුව එය නෙබ්ඛෙපෙරුරේ ලෙස ලියනු ලැබේ. මෙහි අරුත "රේගේ ස්වරූපයන්ට අධිපති" යන්නයි. අමර්ණ ලිපිවල දැක්වෙන නිභුරෙරෙයා යන නාමය ඇතැම්විට ඔහුගේ පුද්ගල නාමය උච්චාරණය වූ සැබෑ ස්වරූපයට ආසන්න වන්නට ඇත.

පෙළපත[සංස්කරණය කරන්න]

 
 
 
අමෙන්හොටෙප් II
 
ටියා
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
තුත්මෝස් IV
 
මුටෙම්වියා
 
 
 
 
 
 
 
යුයා
 
ට්ජුයු
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
අමෙන්හොටෙප් III
 
 
 
 
 
 
 
 
 
 
 
ටියේ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
අක්නාටන්
 
 
 
 
 
 
 
ලාබාල යුවතිය
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ටූටන්ඛාමූන්

මේවාත් බලන්න[සංස්කරණය කරන්න]

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

  1. ක්ලේටන්, Peter A. (2006). ක්රෝනිකල් ඔෆ් ද ෆේරෝස්: ද රීන්-බයි-රීන් රෙකෝඩ් ඔෆ් ද රූලර්ස් ඇන්ඩ් ද ඩයිනාස්ටීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. තේම්ස් ඇන්ඩ් හඩ්සන්. පි. 128. ISBN 0-500-28628-0. 
  2. ෆ්‍රේල් බෝයි-කිං ටුට් ඩයිඩ් ෆ්‍රොම් මැලේරියා, බ්‍රෝකන් ලෙග් පෝල් ස්කෙම් විසිනි, ඇසෝෂියේටඩ් ප්‍රෙස්. 16 පෙබරවාරි 2010. වේබැක් මැශින් මගින් Archived 27 පෙබරවාරි 2010
  3. ටූටන්ඛාමුන් ඕ ටූටන්ඛාමෙන්. කොලින්ස් ශබ්දකෝෂය. n.d. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2014. 
  4. උච්චාරණය: /ˌttənˈkɑːmɛn/. (ටූටන්ඛාමූන් ඕ ටූටන්ඛාමෙන්. කොලින්ස් ශබ්දකෝෂය. n.d. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2014. )
  5. සෝසිච්, කාල්-තියොඩෝර් (1992). හයිරොග්ලිෆ්ස් විතවුට් මිස්ට්‍රි. ඔස්ටින්: යුනිවර්සිටි ඔෆ් ටේකසාස් ප්‍රෙස්. පිටු 30–31. ISBN 978-0-292-79804-5. http://www.utexas.edu/utpress/books/zauhie.html. 
  6. වැනතෝ'ස් කිං ලිස්ට්. 
  7. ද ඊජිප්ටියන් එක්සිබිෂන් ඇට් හයික්ලෙයා කාස්ට්ල්. Archived from the original on 3 සැප්තැම්බර් 2010. සම්ප්‍රවේශය 21 ඔක්තෝබර් 2013. 
  8. හවාස්, සාහි ඒ.; ද ගෝල්ඩ්න් ඒජ් ඔෆ් ටූටන්ඛාමූන්: ඩිවයින් මයිට් ඇන්ඩ් ස්ප්ලෙන්ඩර් ඉන් ද නිව් කිංඩම්. ඇමරිකන් යුනිවර්සිටි ඉන් කයිරෝ ප්‍රෙස්, 2004.
  9. 9.0 9.1 9.2 9.3 හවාස්, සාහි (17 පෙබරවාරි 2010). "ඇන්සෙස්ට්‍රි ඇන්ඩ් පැතොලොජි ඉන් කිං ටූටන්ඛාමුන්'ස් ෆැමිලි". ඇමරිකානු වෛද්‍ය සංවිධානයේ ජර්නලය 303 (7): 638–647. doi:10.1001/jama.2010.121. PMID 20159872. http://jama.jamanetwork.com/article.aspx?articleid=185393. ප්‍රතිෂ්ඨාපනය 21 ඔක්තෝබර් 2013. 
  10. ඩිගිං අප් ට්‍රබල්: බීවෙයාර් ද කර්ස් ඔෆ් කිං ‍ටූටන්ඛාමූන්. ද ගාඩියන්. 
  11. හවාස්, සාහි (17 පෙබරවාරි 2010). "ඇන්සෙස්ට්‍රි ඇන්ඩ් පැතොලොජි ඉන් කිං ටූටන්ඛාමූන්' ෆැමිලි". ඇමරිකානු වෛද්‍ය සංවිධානයේ ජර්නලය 303 (7): 640–641. http://jama.jamanetwork.com/article.aspx?articleid=185393. ප්‍රතිෂ්ඨාපනය 21 ඔක්තෝබර් 2013. 
  12. පවල්, ඇල්වින් (12 පෙබරවාරි 2013). "අ ඩිෆරන්ට් ටේක් ඔන් ටුට්". හාවර්ඩ් ගැසට්. http://news.harvard.edu/gazette/story/2013/02/a-different-take-on-tut/?utm_source=SilverpopMailing&utm_medium=email&utm_campaign=02.12.13.xxx%2520%281%29. ප්‍රතිෂ්ඨාපනය 12 පෙබරවාරි 2013. 
  13. ජැකොබස් වැන් ඩිජ්ක්. ද ඩෙත් ඔෆ් මෙකෙටාටන් (PDF). p. 7. සම්ප්‍රවේශය 2 ඔක්තෝබර් 2008. 
  14. ක්ලාස්රූම් ටියූටෝරියල්ස්: ද මැනි නේම්ස් ඔෆ් කිං ටූටන්ඛාමූන් (pdf). මයිකල් සී. කාලෝස් කෞතුකාගාරය. සම්ප්‍රවේශය 10 ජූලි 2013. 
  15. ඊජිප්ට් අප්ඩේට්: රෙයාර් ටූම්බ් මේ හැව් බීන් ඩිස්ට්‍රෝයිඩ්. සයන්ස් මැග්. සම්ප්‍රවේශය 1 නොවැම්බර් 2013. 
  16. හවාස්, සාහි සහ සලීම්, සහාර් එන්. "මමීෆයිඩ් ඩෝටර්ස් ඔෆ් කිං ටූටන්ඛාමූන්: ආකියොලොජිකල් ඇන්ඩ් සීටී ස්ටඩීස්." ද ඇමරිකන් ජර්නල් ඔෆ් රොන්ට්ජනොලොජි 2011. වෙළු. 197, අං. 5, පිටු. W829–836.
  17. බූත්; පි. 86–87
  18. එරික් හෝර්නන්ග්, අක්නාටන් ඇන්ඩ් ද රිලිජන් ඔෆ් ලයිට්, පරිවර්තනය ඩේවිඩ් ලෝර්ටන්, ඉතකා, නිව් යෝක්: කෝර්නෙල් යුනිවර්සිටි ප්‍රෙස්, 2001, ISBN 0-8014-8725-0.
  19. හාට්, ජෝජ් (1990). ඊජිප්ටියන් මිත්ස්. යුනිවර්සිටි ඔෆ් ටෙක්සාස් ප්‍රෙස්. පි. 47. ISBN 0-292-72076-9. 
  20. බූත්; පිටු. 129–130
  21. "රේඩියෝලොජිස්ට්ස් අටෙම්ට් ටු සෝල්ව් මිස්ට්‍රි ඔෆ් ටුට්'ස් ඩෙමයිස්" - ScienceDaily.com තුළිනි.
  22. හැන්ඩ්වර්ක්, බ්‍රයන් (8 මාර්තු 2005). "කිං ටුට් නොට් මර්ඩර්ඩ් වයලන්ට්ලි, සීටී ස්කෑන්ස් ෂෝ". නැෂනල් ජියෝග්‍රැෆික් නිව්ස්. p. 2. http://news.nationalgeographic.com/news/2005/03/0308_050308_kingtutmurder.html. ප්‍රතිෂ්ඨාපනය 21 ඔක්තෝබර් 2013. 
  23. 23.0 23.1 කිං ටුට් වෝස් ඩිසේබ්ල්ඩ්, මැලේරියල්, ඇන්ඩ් ඉන්බ්‍රෙඩ්, DNA ෂෝස්. nationalgeographic.com. 
  24. නේචර් 472, 404-406 (2011); මාර්ගස්ථ ප්‍රකාශනය 27 අප්‍රේල් 2011; සැබෑ සබැඳය
  25. NewScientist.com; ජනවාරි 2011; රෝයල් රම්පස් ඕවර් කිං ටූටන්ඛාමූන්'ස් ඇන්සෙස්ට්‍රි
  26. කිං ටුට්'ස් ෆැමිලි සීක්‍රට්ස්. නැෂනල් ජියෝග්‍රැෆික්. සැප්තැම්බර් 2010. සම්ප්‍රවේශය 11 ඔක්තෝබර් 2010. 
  27. කිං ටුට්'ස් ෆැමිලි සීක්‍රට්ස්. නැෂනල් ජියෝග්‍රැෆික්. සැප්තැම්බර් 2010. සම්ප්‍රවේශය 11 ඔක්තෝබර් 2010. 
  28. DNA එක්ස්පර්ට්ස් ඩිසැග්‍රී ඕවර් ටූටන්ඛාමුන්'ස් ඇන්සෙස්ට්‍රි. පුරාවිද්‍යා පුවත් සේවය. 22 ජනවාරි 2011. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2011. 
  29. කිං ටුට්'ස් ෆැමිලි සීක්‍රට්ස්. නැෂනල් ජියෝග්‍රැෆික්. සැප්තැම්බර් 2010. සම්ප්‍රවේශය 11 ඔක්තෝබර් 2010. 
  30. වෝස් කිං ටුට් බරීඩ් ඉන් අ හරි?. History.com. 
  31. හවාස්, සාහි. Tutankhamon, segreti di famiglia. නැෂනල් ජියෝග්‍රැෆික්. සම්ප්‍රවේශය 2 ජූනි 2013. 
  32. රොබට්ස්, මිචෙල් (16 පෙබරවාරි 2010). "'මැලේරියා' කිල්ඩ් කිං ටූටන්ඛාමූන්". BBC නිව්ස්. http://news.bbc.co.uk/1/hi/health/8516425.stm. ප්‍රතිෂ්ඨාපනය 12 මාර්තු 2010. 
  33. පේස්, ජේ. එෆ්. (දෙසැම්බර් 2010). "ටූටන්ඛාමූන් ඇන්ඩ් සික්ල්-සෙල් ඇනීමියා". බුල් සොක් පැතොල් එක්සොට් 103 (5, අංක 5): 346–347. doi:10.1007/s13149-010-0095-3. PMID 20972847. http://link.springer.com/article/10.1007%2Fs13149-010-0095-3. ප්‍රතිෂ්ඨාපනය 21 ඔක්තෝබර් 2013. (සාරාංශය)
  34. කිං ටුට්' ෆැමිලි සීක්‍රට්ස්. නැෂනල් ජියෝග්‍රැෆික්. සැප්තැම්බර් 2010. සම්ප්‍රවේශය 21 ඔක්තෝබර් 2013. 
  35. බේට්ස්, ක්ලෙයාර් (20 පෙබරවාරි 2010). "අන්මාස්ක්ඩ්: ද රියල් ෆේසස් ඔෆ් ද ක්‍රිප්ල්ඩ් කිං ටූටන්ඛාමූන් (හූ වෝක්ඩ් විත් අ ක්‍රේන්) ඇන්ඩ් හිස් ඉන්සෙස්ට්‍යුවස් පේරන්ට්ස්". ඩේලි මේල් (ලන්ඩන්). http://www.dailymail.co.uk/sciencetech/article-1251731/King-Tutankhamuns-incestuous-family-revealed.html. 
  36. කිං ටුට්'ස් ෆැමිලි සීක්‍රට්ස්. නැෂනල් ජියෝග්‍රැෆික්. සැප්තැම්බර් 2010. සම්ප්‍රවේශය 11 ඔක්තෝබර් 2010. 
  37. මර්කල්, එච්. (17 පෙබරවාරි 2010). "කිං ටූටන්ඛාමූන්, මොඩර්න් මෙඩිකල් සයන්ස්, ඇන්ඩ් ද එක්ස්පෑන්ඩිං බවුන්ඩ්‍රීස් ඔෆ් හිස්ටොරිකල් ඉන්ක්වයරි". JAMA 303 (7): 667–668. doi:10.1001/jama.2010.153. http://jama.ama-assn.org/content/303/7/667.extract. ප්‍රතිෂ්ඨාපනය 21 ඔක්තෝබර් 2013. 
  38. රොසන්බෝම්, මැතිව් (14 සැප්තැම්බර් 2012). "මිස්ට්‍රි ඔෆ් කිං ටුට්'ස් ඩෙත් සෝල්ව්ඩ්?". ABC නිව්ස්. http://abcnews.go.com/blogs/health/2012/09/14/mystery-of-king-tuts-death-solved/. ප්‍රතිෂ්ඨාපනය 21 ඔක්තෝබර් 2013. 
  39. EURAC රිසර්ච් – රිසර්ච් – ඉන්ස්ටිටියුට්ස් – ඉන්ස්ටිටියුට් ෆෝ මමීස් ඇන්ඩ් ද අයිස්මෑන්. Eurac.edu. සම්ප්‍රවේශය 11 ඔක්තෝබර් 2010. 
  40. කිං ටුට්'ස් ෆැමිලි සීක්‍රට්ස්. නැෂනල් ජියෝග්‍රැෆික්. සැප්තැම්බර් 2010. සම්ප්‍රවේශය 11 ඔක්තෝබර් 2010. 
  41. හුසේන්, කේස්; මායටින්, එකැට්‍රිනා; නර්ලිච්, ඇන්ඩ්‍රියාස් ‍ජී. (2013). "පේලියෝපැතොලොජි ඔෆ් ද ජුවනයිල් ෆේරෝ ටූටන්ඛාමූන්—90ත් ඇනිවර්සරි ඔෆ් ඩිස්කවරි". වර්චෝව්ස ආර්කිව් 463 (3): 475–479. doi:10.1007/s00428-013-1441-1. http://link.springer.com/article/10.1007/s00428-013-1441-1. 
  42. ඕවන්, ජොනතන් (3 නොවැම්බර් 2013). "සෝල්ව්ඩ්: ද මිස්ට්‍රි ඔෆ් කිං ටූටන්ඛාමූන්'ස් ඩෙත්". ද ඉන්ඩිපෙන්ඩන්ට්. http://www.independent.co.uk/news/science/solved-the-mystery-of-king-tutankhamuns-death-8919262.html. ප්‍රතිෂ්ඨාපනය 3 නොවැම්බර් 2013. 
  43. ජෝසෆ්, ක්ලෝඩියා; වෙබ්, සෑම් (2 නොවැම්බර් 2013). "මමී-ෆ්‍රයිඩ්! ටූටන්ඛාමූන්'ස් බොඩි ස්පොන්ටේනස්ලි කම්බස්ටඩ් ඉන්සයිඩ් හිස් කොෆින් ෆලොවිං බොච්ඩ් එම්බාමිං ජොබ් ආෆ්ටර් හී ඩයිඩ් ඉන් ස්පීඩිං චැරියට් ඇක්සිඩන්ට්". ද ඩේලි මේල්. http://www.dailymail.co.uk/sciencetech/article-2485675/Mummy-fried-Tutankhamuns-body-spontaneously-combusted-INSIDE-coffin-following-botched-embalming-job-died-speeding-chariot-accident.html. ප්‍රතිෂ්ඨාපනය 3 නොවැම්බර් 2013. 
  44. ජෝසෆ්, ක්ලෝඩියා; වෙබ්, සෑම් (20 ඔක්තෝබර් 2014). "කිං ටූටන්ඛාමූන් ඩිඩ් නොට් ඩයි ඉන් චැරියට් ක්‍රෑෂ්, වර්චුවල් ඔටොප්සි රිවීල්ස්". ද ඉන්ඩිපෙන්ඩන්ට්. http://www.independent.co.uk/news/science/king-tutankhamun-did-not-die-in-chariot-crash-virtual-autopsy-reveals-9806586.html. ප්‍රතිෂ්ඨාපනය 26 ඔක්තෝබර් 2014. 
  45. ජෝසෆ්, ක්ලෝඩියා; වෙබ්, සෑම් (25 ඔක්තෝබර් 2014). "ටූටන්ඛාමූන් ඩයිඩ් ඔෆ් ඉල්නස්, නොට් ෆ්‍රොම් චැරියට් රේසිං". රෂියා ටුඩේ. http://rt.com/news/199328-tutankhamun-pharaoh-egypt-death/. ප්‍රතිෂ්ඨාපනය 26 ඔක්තෝබර් 2014. 
  46. කයිරෝ විශ්වවිදයාලයේ ජී. ඒ. ගබල්ලා සමග සම්මුඛ සාකච්ඡාව. "ද හිටයිට්ස්: අ සිවිලයිසේෂන් දැට් චේන්ජ්ඩ් ද වර්ල්ඩ්" සිනෙමා එපොච් විසිනි 2004. අධ්‍යක්ෂණය ටෝගාල ඔර්නෙක් විසිනි. වාර්තා වැඩසටහන.
  47. රෙඩ්ෆෝර්ඩ්, ඩොනල්ඩ් බී., PhD; මැකෝලි, මැරිසා. හව් වර් ද ඊජිප්ටියන් පිරමිඩ්ස් බිල්ට්?. රිසර්ච් (ද පෙන්මිල්වේනියා ස්ටේට් යුනිවර්සිටි). සම්ප්‍රවේශය 11 දෙසැම්බර් 2012. 
  48. ඕඩි ග්‍රොස් ඩි බෙලර්, ටූටන්ඛාමූන්, ප්‍රස්තාවනාව අලි මහර් සයිඩ් විසිනි, මොලියේ, ISBN 2-84790-210-4
  49. ඔක්ස්ෆර්ඩ් ගයිඩ්: එසෙන්ෂල් ගයිඩ් ටු ඊජිප්ටියන් මිතොලොජි, සංස්කාරක ඩොනල්ඩ් බී. රෙඩ්ෆෝර්ඩ්, පි. 85, බර්ක්ලේ, ISBN 0-425-19096-X
  50. ද බෝයි බිහයින්ඩ් ද මාස්ක්, චාලට් බූත්, පි. 120, වන්වර්ල්ඩ්, 2007, ISBN 978-1-85168-544-8
  51. "ද ගෝල්ඩන් ඒජ් ඔෆ් ටූටන්ඛාමූන්: ඩිවයින් මයිට් ඇන්ඩ් ස්‍ප්ලෙන්ඩර් ඉන් ද නිව් කිංඩම්", සාහි හවාස්, පි. 61, ඇමරිකන් යුනිවර්සිටි ඉන් කයිරෝ ප්‍රෙස්, 2004, ISBN 977-424-836-8
  52. මයිකල් මැකාර්ති (5 ඔක්තෝබර් 2007). "3,000 ඉයර්ස් ඕල්ඩ්: ද ෆේස් ඔෆ් ටූටන්ඛාටන්". ද ඉන්ඩිපෙන්ඩන්ට් (ලන්ඩන්). http://news.independent.co.uk/sci_tech/article3129650.ece. 
  53. හැන්කී, ජූලි (2007). අ පැෂන් ෆෝ ඊජිප්ට්: ආතර් වෙයිගෝල්, ටූටන්ඛාමූන් ඇන්ඩ් ද 'කර්ස් ඔෆ් ද ෆේරෝස්'. ටෝරිස් පාර්ක් ‍පේපර්බැක්ස්. පිටු 3–5. ISBN 978-1-84511-435-0. 
  54. ඩේවිඩ් වී. වර්නන්; ස්කෙප්ටිකල් – අ හෑන්ඩ්බුක් ඔෆ් ස්‍යුඩෝසයන්ස් ඇන්ඩ් ද පැරානෝමල් තුළ, සංස්. ඩොනල්ඩ් ලේකොක්, ඩේවිඩ් වර්නන්, කොලින් ග්‍රෝව්ස්, සයිමන් බ්‍රවුන්, ඉමේජ්ක්‍රාෆ්ට්, කැන්බරා, 1989, ISBN 0-7316-5794-2, පි. 25.
  55. ඊජිප්ට්: ද මමී ‍කර්ස් ඔෆ් ‍ටූටන්ඛාමූන් - ටුවර් ඊජිප්ට්
  56. "ඩෙත් ‍ක්ලේම්ස නෝටඩ් බිබ්ලිකල් ආකියොලොජිස්ට්", ලෝඩි නිව්ස්-සෙන්ටිනල්, 8 සැප්තැම්බර් 1961, සම්ප්‍රවේෂණය 9 මැයි 2014 [1]
  57. කිං ටූටන්ඛාමූන් බරීඩ් විත් ඩැගර් මේඩ් ඔෆ් ස්පේස් අයන්, ස්ටඩි ෆයින්ඩ්ස්, ABC නිව්ස් ඔන්ලයින්, 2 ජූනි 2016
  58. කොමෙලි, ඩැනියලා; ඩි ඔරේසියෝ, මැසිමෝ; ෆොල්කෝ, ලුයිජි, ඇතුළු පිරිස (2016). "ද මීටියොරිටික් ඔරිජින් ඔෆ් ටූටන්ඛාමූන්'ස් අයන් ඩැගර් බ්ලේඩ්". මීටියොරිටික්ස් ඇන්ඩ් ප්ලැනටරි සයන්ස් (විලී ඔන්ලයින්). doi:10.1111/maps.12664. Bibcode2016M&PS..tmp..331C. "අර්ලි වීව් (මුද්‍රිත සංස්කරණය අන්තඃකරණයට පෙර මෙම වාර්තාවේ මාර්ගස්ථ වාර්තාව ප්‍රකාශයට පත්කෙරිණි)".
  59. වොල්ෂ්, ඩික්ලැන් (2 ජූනි 2016). "කිං ටුට්’ස් ඩැගර් මේඩ් ඔෆ් ‘අයන් ෆ්‍රොම් ද ස්කයි,’ රිසර්චර්ස් සේ". ද නිව් යෝක් ටයිම්ස් (NYC: ද නිව් යෝක් ටයිම්ස් සමාගම). http://www.nytimes.com/2016/06/03/world/middleeast/king-tuts-dagger-made-of-iron-from-the-sky-researchers-say.html. "...මෙම තලයේ යකඩ, නිකල් සහ කොබෝල්ට් සංයුතිය ආසන්න වශයෙන් උතුරු ඊජිප්තුවට පතිත වූ උල්කාවේ සංයුතියට සමාන වේ. ප්‍රතිඵලය “අනුව ප්‍රබලව පෙනෙන්නේ එයට පාරභෞමික සම්භවයක් ඇති බවයි..." 
  60. නිකොලස් රීවස් ටුටන්ඛාමුන්'ස් මාස්ක් රීකන්සිඩර්ඩ් BES 19 (2014), පිටු.511-522
  61. පීටර් හෙස්ලර්, ඉන්ස්පෙක්ෂන් ඔෆ් කිං ටුට්'ස් ටූම්බ් රිවීල්ස් හින්ට්ස් ඔෆ් හිඩ්න් චැම්බර්ස් නැෂනල් ජියෝග්‍රැෆික්, සැප්තැම්බර් 28, 2015
  62. නිකොලස් රීවස්, ද ගෝල්ඩ් මාස්ක් ඔ‍ෆ් ‍අන්ඛ්ඛෙපෙරුරේ නෙෆර්නෙෆරුආටන්, ජර්නල් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ටියන් ඉන්ටර්කනෙක්ෂන්ස්, වෙළු.7 අං.4, (දෙසැම්බර් 2015) පිටු.77-79; මෙම PDF ගොනුව බා ගැනීම සඳහා මෙතැන ඔබන්න
  63. නිකොලස් රීවස්,ටුටන්ඛාමුන්'ස් මාස්ක් රීකන්සිඩර්ඩ් BES 19 (2014), පිටු. 523-524
  64. විලියම්ස්, ඒ. ආර්.; 24, නොවැම්බරයේ ප්‍රකාශිත නැෂනල් ජියෝග්‍රැෆික්. කිං ටුට්: ද ටීන් හූස් ඩෙත් රොක්ඩ් ඊජිප්ට්. නැෂනල් ජියෝග්‍රැෆික් නිව්ස්. සම්ප්‍රවේශය 2015-11-26. 
  65. ඩැගර් ඉන් ටූටන්ඛාමූන්'ස් ටූම්බ් වෝස් මේඩ් විත් අයන් ෆ්‍රොම් අ මීටියෝරයිට් ද ගාඩියන්
  66. අන්ඩර් ටුට්'ස් ‍ස්පෙල්. අල්-අහ්රම් වීක්ලි. ජූලි 16, 2004. සම්ප්‍රවේශය 18 ජූලි 2009. 
  67. කිං ටුට් එක්ස්හිබිෂන්. ටූටන්ඛාමූන් ඇන්ඩ් ද ගෝල්ඩ්න් ඒජ් ඔෆ් ද ෆේරෝස්. ට්‍රෙෂර්ස් ෆ්‍රොම් ද වැලී ඔෆ් ද කිංස්. ආට්ස් ඇන්ඩ් එක්ස්හිබිෂන්ස් ඉන්ටර්නැෂනල්. Archived from the original on 2 දෙසැම්බර් 2005. සම්ප්‍රවේශය 5 අගෝස්තු 2006. 
  68. රිටර්න් ඔෆ් ද කිං (ටයිම්ස් ඔන්ලයින්) වේබැක් මැශින් මගින් Archived 9 අගෝස්තු 2011
  69. ඩලස් කලා කෞතුකාගාර වෙබ්අඩවිය. Dallasmuseumofart.org. සම්ප්‍රවේශය 18 ජූලි 2009. 
  70. ඇසෝෂියේටඩ් ප්‍රෙස්, "ටුට් එක්ස්හිබිෂන් රිටර්න් ටු යූඑස් නෙක්ස්ට් ඉයර්" වේබැක් මැශින් මගින් Archived 26 ඔක්තෝබර් 2007
  71. ටූටන්ඛාමූන් ඇන්ඩ් ද ගෝල්ඩ්න් ඒජ් ඔෆ් ද ෆේරෝස්: කිං ටුට් රිටර්න් ටු සැන් ෆ්‍රැන්සිස්කෝ, ජූන් 27, 2009 – මාච් 28, 2010. Famsf.org. Archived from the original on 20 ජනවාරි 2009. සම්ප්‍රවේශය 18 ජූලි 2009. 
  72. මෙල්බර්න් මියුසියම්'ස් ටූටන්ඛාමූන් ඇන්ඩ් ද ගෝල්ඩ්න් ඒජ් ඔෆ් ද ෆේරෝ'ස් නිල වෙබ්අඩවිය වේබැක් මැශින් මගින් Archived 1 මාර්තු 2015
  73. ජෙනී බූත් (6 ජනවාරි 2005). "CT ස්කෑන් මෙ සෝල්ව් ටූටන්ඛාමූන් ඩෙත් රිඩ්ල්". ද ටයිම්ස් (ලන්ඩන්). http://www.timesonline.co.uk/tol/news/world/article409075.ece?token=null&offset=12. 
  74. කුන්ස්ට්හිස්ටොරිස්කස් මියුසියම් වියානා වේබැක් මැශින් මගින් Archived 21 සැප්තැම්බර් 2008
  75. ෆෙයාවෙල් ටු ටුට් ඇන්ඩ් ඊජිප්ට්'ස් ට්‍රෙෂර්ස්. Pacificsciencecenter.org. Archived from the original on 4 ජූලි 2014. 
  76. ඩිජිටල් ඊජිප්ට් ෆෝ යුනිවර්සිටීස්: ටූටන්ඛාමූන්. යුනිවර්සිටි කොලේජ් ලන්ඩන්. 22 ජූනි 2003. සම්ප්‍රවේශය 5 අගෝස්තු 2006. 

වැඩිදුර කියවීමට[සංස්කරණය කරන්න]

  • ඇන්ඩ්‍රිට්සස්, ජෝන්. Social Studies of Ancient Egypt: Tutankhamun. ඔස්ට්‍රේලියාව 2006.
  • බූත්, චාලට්. The Boy Behind the Mask, වන්වර්ල්ඩ්, ISBN 978-1-85168-544-8.
  • බ්‍රයර්, බොබ්. The Murder of Tutankhamun: A True Story. පට්නම් ඇඩල්ට්, 13 අප්‍රේල් 1998, ISBN 0-425-16689-9 (කඩදාසි බැම්ම සහිත)/ISBN 0-399-14383-1 (ඝන කවරය)/ISBN 0-613-28967-6 (පාසල් සහ පුස්තකාල බැඳුම).
  • කාටර්, හොවාර්ඩ් සහ ආතර් සී. මේස්, The Discovery of the Tomb of Tutankhamun. කූරියර් ඩෝවර් ප්‍රකාශන, 1 ජූනි 1977, ISBN 0-486-23500-9 සොහොන්ගැබේ අනාවරණය සහ විවෘත කිරීම පිළිබඳ වගකිව යුතු පුරාවිද්‍යාඥයා විසින්ම ලියන ලද අර්ධ-ජනප්‍රිය වාර්තාව.
  • ඩෙස්රොචස්-නෝබල්කෝට්, ක්‍රිස්ටියෑන්. සර්වත් ඔකාෂා (ප්‍රස්තාවනාව), Tutankhamun: Life and Death of a Pharaoh. නිව් යෝක්: නිව් යෝක් ග්‍රැෆික් සමාජය, 1963, ISBN 0-8212-0151-4 (1976 යළි මුද්‍රණය, ඝන කවරය) /ISBN 0-14-011665-6 (1990 යළි මුද්‍රණය, කඩදාසි බැම්ම සහිත).
  • එඩ්වර්ඩ්ස්, අයි. ඊ. එස්., Treasures of Tutankhamun. නිව් යෝක්: මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය, 1976, ISBN 0-345-27349-4 (කඩදාසි බැම්ම සහිත)/ISBN 0-670-72723-7 (ඝන කවරය).
  • ශ්‍රේෂ්ඨ ඊජිප්තු පුරාවස්තු කවුන්සිලය, The Mummy of Tutankhamun: The CT Scan Report, Ancient Egypt තුළ මුද්‍රිත, ජූනි/ජූලි 2005.
  • හාග්, මයිකල්. The Rough Guide to Tutankhamun: The King: The Treasure: The Dynasty. ලන්ඩන් 2005. ISBN 1-84353-554-8.
  • හෝවිං, තෝමස්. The Search for Tutankhamun: The Untold Story of Adventure and Intrigue Surrounding the Greatest Modern archeological find. නිව් යෝක්: සයිම්න ඇන්ඩ් ෂස්ටර්, 15 ඔක්තෝබර් 1978, ISBN 0-671-24305-5 (ඝන කවරය සහිත)/ISBN 0-8154-1186-3 (කඩදාසි බැම්ම සහිත) මෙම ග්‍රන්ථයේ සොහොන්ගැබ අනාවරණය සහ කැනීම පිළිබඳරසවත් කථා ගණනාවක් අන්තර්ගත වේ.
  • ජේම්ස්, ටී. ජී. එච්. Tutankhamun. නිව් යෝක්: ෆ්‍රීඩ්මන්/ෆෙයාෆැක්ස්, 1 සැප්තැම්බර් 2000, ISBN 1-58663-032-6 (ඝන කවරය සහිත) මෙය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ හිටපු ඊජිප්තු පුරාවස්තු භාරකරු විසින් සකසන ලද විශාල ආකෘතියේ වෙළුමකි. මෙහි ටූටන්ඛාමූන්ගේ අවමංගල භාණ්ඩ සහ අදාළ වෙනත් වස්තූන්ගේ වර්ණ පින්තූරවලින් සමන්විත ය.
  • න්‍යුබර්ට්, ඔටෝ. Tutankhamun and the Valley of the Kings. ලන්ඩන්: ග්‍රැනඩා පබ්ලිෂිං ලිමිටඩ්, 1972, ISBN 0-583-12141-1 (කඩදාසි බැම්ම සහිත) සොහොන්ගැබේ අනාවරණය පිළිබඳ ඍජු වාර්තාවකි.
  • රීවස්, සී. ‍නිකොලස්. The Complete Tutankhamun: The King, the Tomb, the Royal Treasure. ලන්ඩන්: තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 1 නොවැම්බර් 1990, ISBN 0-500-05058-9 (ඝන කවරය සහිත)/ISBN 0-500-27810-5 (කඩදාසි බැම්ම සහිත) මෙමගින් ඔහුගේ සොහොන්ගැබේ අන්තර්ගතය සම්පූර්නයෙන් ආවරණය කරයි.
  • රොසි, රෙන්සෝ. Tutankhamun. සින්චිනැටි (ඔහියෝ) 2007 ISBN 978-0-7153-2763-0, වර්ඛ සිතුවම් සහිත ය.

බාහිර සබැඳි[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=ටූටන්ඛාමූන්&oldid=387980" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි